2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි දී අප්‍රේල් 4 සිට අප්‍රේල් 15 දක්වා පැවැත්වෙන බහු-ක්‍රීඩා උළෙලකි. පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහිදී තරග වැදීමට නියමිතය. ඔස්ට්‍රේලියාව මෙම ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය දරනු ලබන්නේ පස් වන වරටය. බීච් වොලිබෝල් සහ කාන්තා සත්සාමාජික රග්බි පළමු වරට ක්‍රීඩා උළෙලට එක්වී ඇති අතර බාස්කට් බෝල් ක්‍රීඩාවද නැවත ක්‍රීඩා උළෙලට ඇතුළත් කර ඇත.

2019 ඉන්දියානු තාප තරංගය

2019 මැයි මාසයෙහි පටන්, ඉන්දියාව වෙත දැඩි තාප තරංග බලපෑමට ලක් වීමට පටන් ගෙන තිබුණි. ඉන්දියාවෙහි වාර්තාගත ඉතිහාසයෙහි උණුසුම් සහගතම සහ දිගුතම තාප තරංග මේවා වෙයි. චූරු, රාජස්තාන්හී උච්චතම උෂ්ණත්වය වාර්තාවූ අතර, එය 50.8 °C (123.4 °F) දක්වා ඉහළ නගිමින්, ඉන්දියාව සඳහා ඉහළ උෂ්ණත්ව වාර්තාවක් බිහි කලේය.

2019 ඉන්දු–පාකිස්තානු අවුල

2019 ඉන්දු–පාකිස්තානු අවුල යනු මතභේදකාරී කාශ්මීර ප්‍රදේශයෙහි සහ එහි අසල්වැසි පළාත් තුල දැනට සිදුවෙමින් පවතින හමුදාමය අර්බුදයකි. ජම්මු සහ කාශ්මීරය වෙතින් පැමිණි සටන්කාමියෙකු විසින් සිදුකල මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමකින්, 2019 පෙබරවාරි 14 දිනදී, ඉන්දියානු මධ්‍යම උප-සේවා පොලිස් බලකායෙහි සාමාජීකයන් 40 දෙනෙකු මිය යෑමෙහි සිද්ධිය මත මූලික වශයෙන් පදනම්ව මෙම අවුල ඇරඹී ඇත. පකිස්තානයෙහි-පදනම්ව සිටින ජයීෂ්-ඊ-මොහම්මද් නමැති සටන්කාමී සංවිධානය විසින් මෙම ප්‍රහාරයෙහි වගකීම භාරගන්නා ලදි. පකිස්තානු රජය විසින් ප්‍රහාරය හෙලා දුටු අතර, එය හා කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කලේය. මෙයට ප්‍රතිචාරයක් වශයෙන්, ඉන්දියානු ගුවන් හමුදාව විසින් පෙබරවාරි 26 දිනදී කාශ්මීරයෙහි පාලන රේඛාව (එල්ඕසී) ඔබ්බෙහි ගුවන් ප්‍රහාර එල්ල කරන ලද අතර, 1971 ඉන්දු-පාකිස්තානු යුද්ධයට අනතුරුව සිදුවූ පළමුවන එවන් ගුවන් ප්‍රහාර විය. ඉන්දියානු රජය ප්‍රකාශ කලේ එය විසින් ත්‍රස්තවාදී පුහුණු කඳවුරක් ඉලක්ක කොට ප්‍රහාර සිදු කල බවත් එය විසින් සටන්කාමීන් කිහිප දෙනෙකු මරා දැමුණු බවත්ය. ඉලක්ක ගත ප්‍රදේශයෙහි දේශිය නිවැසියන් විසින් සහ පකිස්තානු හමුදාවන් විසින් මෙම හිමිකම් පෑම ප්‍රතික්ෂේප කල අතර, එය විසින් කියාපෑවේ ආපාතිකයන් කිසිවෙක් නොමැති අතර යටිතල ව්‍යුහයන් වෙතට කිසිදු හානියක් සිදු නොවූ බවයි.පෙබරවාරි 26 සහ 27 දින වලදී, ඉන්දියාව සහ පකිස්තානය විසින් එල්ඕසී හරහා වෙඩි හුවමාරු කර ගත්හ. සුළු සටන් වලදී ඉන්දියානු සොල්දාදුවන් දහ දෙනෙකු තුවාල ලදහ. ෂෙල් වෙඩි ප්‍රහාර වලින් පාකිස්තානු සිවිල් වැසියන් සතර දෙනෙකු මිය ගියහ.පෙබරවාරි 27 දිනදී, පාකිස්තානය විසින් ඉන්දියානු-පරිපාලනය යටතේ පවතින කාශ්මීරය තුල ගුවන් ප්‍රහාර එල්ල කල අතර කිසිදු ආපාතිකයන් ‌හෝ හානියක් හෝ එයින් සිදු නොවීය. පාකිස්තානය කියා සිටියේ පාකිස්තානු ගුවන් අවකාශය තුලදී ඉන්දියානු ජෙට් යානා දෙකක් බිම හෙලූ අතර ගුවන් නියමුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවයි. ඉන්දියාව පැවසුවේ මිග්-21 යානා එකක් පමණක් අහිමි වූ බවත් එහි නියමුවා වහා නිදහස් කල යුතු බවත්ය. පාකිස්තානු ඒෆ්-16 යානාවක් බිම හෙලූ බවට ඉන්දියාව විසින් හිමිකම් පෑ නමුදු, පාකිස්තානය විසින් එය නිෂ්ප්‍රභා කෙරිණි. එක් ඉන්දියානු නියමුවෙක්, අභිනන්දන් වර්තනාන්, පමණක් අත්අඩංගුවෙහි පසුවන බව පාකිස්තානය විසින් පසුව පැහැදිලි කර සිටි අතර, පසුව එනම් මාර්තු 1 දිනදී ඔහු නිදහස් කෙරිණි.

ඕස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව පෘථිවියේ දකුණු අර්ධගෝලයේ පිහිටි රටකි. මෙය ඕස්ට්‍රේලියානු මහාද්වීපයේ ප්‍රධාන බිම් කොටසින් ද, ටැස්මේනියා දූපතෙන් ද, ඉන්දියන් සහ පැසිෆික් සාගරවල පිහිටි කුඩා දූපත් රාශියකින් ද යුක්ත වෙයි. මෙය ඕෂනියා කලාපයේ විශාලතම රට මෙන්ම භූමි ප්‍රමාණය අතින් ලොකයේ හයවැනි විශාලකම රටයි. මෙය ඕස්ට්‍රේලියාවට උතුරින් පිහිටි ඉන්දුනීසියාව, නැගෙනහිර ටිමෝරය සහ පැපුවා නව ගිනියාව ද, ඊසානදිගින් පිහිටි සොලමන් දූපත්, වනාටු සහ නව කැලඩෝනියාව ද, නිරිතදිගින් පිහිටි නවසීලන්තය ද ඕස්ට්‍රේලියාවේ අසල්වැසියන් වෙයි.

මයිකල් බොන්ඩ්

තෝමස් මයිකල් බොන්ඩ් CBE (13 ජනවාරි 1926 – 27 ජූනි 2017) යනු බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකි. ඔහු වඩාත් පසිඳු වූයේ, අපිනාමික චරිතය විදහාදැක්වෙන පැඩිංටන් බෙයාර් කථාමාලාව ලිවීම වෙනුවෙනි. මිලියන 35 කට වැඩි පැඩිංටන් පොත් සංඛ්‍යාවක් ලොව පුරා අලෙවි වී ඇති අතර ඒවායේ හමුවන චරිත චිත්‍රපට හා රූපවාහිනියෙහි විදහාදක්වා ඇත. ඔහුගේ පළමුවන පොත ප්‍රකාශයට පත් කෙරුණේ 1958 වසරෙහිදී වන අතර, අවසන් පොත 2017 දී එළිදැක්වෙමින් වසර 59 ක කාලපරාසයක් සනිටුහන් කෙරිණි. 2015 වසරෙහිදී රැජිණගේ උපන්දින සම්මාන පිරිනැමීමෙහිදී, බොන්ඩ් වෙත කමාන්ඩර් ඔෆ් දි ඕඩර් ඔෆ් ද බ්‍රිටිෂ් එම්පයර් ප්‍රදානය කෙරිණි.

රක්කා සටන (2017)

රක්කා සටන යනු, රක්කා නගරයෙහි වන ඉරාකයේ සහ ලෙවන්තයේ ඉස්ලාමීය රාජ්‍යය (අයිඑස්අයිඑල්) තත්ත්වාකාර අගනගරයට එරෙහිව සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකායන් (එස්ඩීඑෆ්) විසින් දියත් කෙරුණු රක්කා මෙහෙයුමෙහි පස්වන සහ අවසාන අදියරයි. 2017 ජූනි 6 දිනදී ඇරඹුනු මෙම සටන වෙත, එජ-පෙරටු සන්ධානය විසින් සහය ලබා දෙන්නේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සහ භූමි සේනා කණ්ඩායම් යෙදවීම තුලිනි. එස්ඩීඑෆ් විසින් මෙම මෙහෙයුමට "මහා සටන" ලෙසින් නම් තැබිණි.

වෙන භාෂාවකින් කියවන්න