1994

ක්‍රිස්තු වර්ෂ 1994 (MCMXCIV) නම් ග්‍රෙගෝරියානු දින දසුනේ, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 1994 වන වසර, 2 වන සහශ්‍රවර්ෂය තුල 994 වන වසර, 20 වන සියවස තුල 94 වන වසර, සහ 1990ගණන් දශකයෙහි 5 වන වසර ලෙසිනි. . 1994 වසර එක්සත් ජාතීන් විසින් නම් කරන ලද්දේ " පවුල පිලිබඳ ජාක්‍යන්තර වසර " ලෙසින් සහ "ක්‍රීඩාව සහ ඔලිම්පික් පරමාදර්ශය පිලිබඳ ජාත්‍යන්තර වසර" ලෙසිනි.

මෙම වසරෙහි අගෝස්තු මාසයේදී, බෝල්ටික් රාජ්‍යයන් වෙත වූ අවසන් රුසියානු හමුදා ඉවත් කරගන්නා ලදි.

සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය
සියවස්: 19 වන සියවස20 වන සියවස21 වන සියවස
දශක: 1960ගණන්  1970ගණන්  1980ගණන්  – 1990ගණන් –  2000ගණන්  2010ගණන්  2020ගණන්
වසර: 1991 1992 199319941995 1996 1997
1990 දශකයේ සිංහල චිත්‍රපට ලැයිස්තුව

1990 දශකයේ ශ්‍රී ලංකාවේ තිරගත වු චිත්‍රපට නාමාවලිය පහතින් දැක්වේ.

එක්සත් ජාතික පක්‍ෂය

යු.එන්.පී. හෝ එ.ජා.ප. ලෙස බොහෝවිට හැඳින්වෙන එක්සත් ජාතික පක්ෂය ඉංග්‍රීසි: United National Party (ශබ්ද නැගීම යුනයිටඩ් නැෂනල් පාටි ), දෙමළ: ஐக்கிய தேசியக் கட்சி (ශබ්ද නැගීම ඓක්කීය දේසීය කච්චි ), ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂය කි . රනිල් වික්‍රමසිංහ ගේ නායකත්වය යටතේ මෙම පක්ෂය දැනට ශ්‍රී ලංකා රජයේ ප්‍රධාන කොටස්කරුවා ලෙසද අග්‍රාමාත්‍ය ධූරය හිමි පක්ෂය ලෙසද ක්‍රියාකරයි. දකුණට බර, ව්‍යාපාරිකයනට හිතැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන පක්ෂයක් ලෙස එ. ජා. ප. සැලකේ.

2004 අප්‍රේල් 2 දින පැවැත්වූ, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායකය සඳහා වූ අවසන් මැතිවරණ‍යෙහි දී, මහජන ඡන්දයෙන් 37.8% හා පාර්ලිමේන්තුවේ ආසන 225 අතුරින් 82 ක් දිනා ගැනීමට සමත් වූ එක්සත් ජාතික පෙරමුණ හි ප්‍රමුඛ කොටස් කරු වූයේ එ. ජා. ප. යයි. ඡන්දයෙන් 45.60% ක් දිනා ගත් වාමාංශයට බර පක්ෂ එකමුතුවක් වන එක්සත් ජනතා නිදහස් සන්ධානය ට පමණක් එය දෙවැනි විය . ඉහතදී 2001 දෙසැම්බර සිට 2004 අප්‍රේල් දක්වා, එයට ආසන 109 ක් හිමි ව තිබියදී, රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙහි හොබවා තබමින් පාර්ලිමේන්තුවෙහි බහුතතරය භුක්ති විඳීමට එ. ජා. පෙරමුණ ට හැකි විය. මින් ඉහතදී 1947 සිට 1956 දක්වාද, 1965 සිට 1970 දක්වා සහ 1977 සිට 1994 දක්වාද අනතුරුව 2015 ජනවාරි 8 සිට මේ දක්වාද, ආණ්ඩු පක්ෂය ලෙස හෝ ආණ්ඩු පක්ෂ එකමුතුවක කොටස් කරුවෙකු ලෙස හෝ රාජ්‍ය පාලනය සිදුකිරීමට එ. ජා. ප. සමත් වී ඇත. (ඉහතදී ලංකාව ලෙස හැඳින්වුනු) ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ගතවූ වසර 59 අතුරින් මුළුමනින් වසර 33 ක කාලයක් තුල රට පාලනය කිරීමට එ. ජා. ප. යට වරම් ලැබී ඇත. 1978 දී ස්ථාපිත විධායක ජනාධිපතිධූරය 1994 දක්වා හැසිරවීමටද එ. ජා. ප. යට හැකි විය.

වර්ෂ 2015 ජනවාරි 08 වනදා පැවති ජනාධිපතිවරණයෙන් එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එ.ජා.ප.යේ පූර්ණ සහය ලබාදුන් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා සමත් වීමත් සමග මැතිවරණ ප්‍රකාශය අනුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා තෙවන වතාවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අග්‍රාමාත්‍ය ධූරයට පත්කෙරිණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ට වඩා මධ්‍යස්ථමතධාරි ලෙස පෙනුනද එ. ජා. ප. නව-ලිබරල් වාදී හා වෙ‍ෙළඳ පොළ විසින් මෙහෙයවෙන ආර්ථිකයකට බොහෝ ඇළුම් කරන ප්‍රජාතාන්න්‍රික සමාජවාදී පක්ෂයකි[තහවුරු කරන්න]. සංසන්දනාත්මකව බලන කල එ. ජා. ප. ය දක්ෂිණාංශයට බර වන අතර ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍ර සංගමය හි සාමාජිකත්වය දරයි.

කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය

කොළඹ මැතිවරණ දිස්ත්‍රික්කය යනු ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ශ්‍රී ලංකාවේ සැදුණු බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතුරින් එකකි. බස්නාහිර පළාතේ පිහිටි කොළඹ පරිපාලන දිස්ත්‍රික්කය හා සමග මෙම මැතිවරණ දිස්ත්‍රික්කය සමීපවර්තී වෙයි. වර්තමානයෙහිදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරුන් 225 අතුරින් 19 දෙනෙකු මෙම දිස්ත්‍රික්කය විසින් තෝරා පත් කරනු ලබන අතර 2010 දී එහි ලියාපදිංචි ඡන්දදායකයන් 1,521,854 සිටියහ.

ගාමිණි දිසානායක

ගාමිණි දිසානායක ( ලයනල් ගාමිණි දිසානායක ) ( දෙමළ:காமினி திஸாநாயக்க , ඉංග්‍රීසි:Lionel Gamini Dissanayake ) ( 1942 මාර්තු 20 – 1994 ඔක්තෝබර් 24 ) යනු ශ්‍රී ලංකාවේ සිටි කෘතහස්ත දේශපාලනඥයෙක් වන අතර එමෙන්ම එතුමා හිටපු ජනාධිපති අපේක්ෂකු සහ ශ්‍රී ලංකා පාර්ලිමෙන්තුවේ විපක්ෂ නායකයෙකුද වේ.

ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා

ගෝපාලස්වාමි මහේන්ද්‍රරාජා (1956 – 28 දෙසැම්බර් 1994), නොහොත් මහත්තයා යනු දෙමළ ඊළාම් විමුක්ති කොටි ත්‍රස්ත සංවිධානයේ හිටපු නායකයෙකි. ඔහු ඉන්දියාවේ රෝ (RAW) ඔත්තු සේවය වෙත, රහස් තොරතුරු ලබාදීම සම්බන්ධව වැරදිකරුවෙකු වූ නිසා, එල්ටීටීඊ සංවිධානය අතින් ඝාතනයට ලක්විය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ( උපත 1945 ජූනි 29 ) ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති සහ හතර වන විධායක ජනාධිපති ( 1994 නොවැම්බර 12 - 2005 නොවැම්බර 19 ) වූවාය. 2005 අග වන තුරුම ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම කාන්තා ජනාධිපති විය.

1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.

1974 දී ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකාවක් බවට පත්වූවාය. 1972-1976 දක්වා කාලයේදී ඇය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කලාය. 1976-1979 දක්වා කාලයේදී ඇය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කලාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර දමන ලද ඇය තම සැමියා වන විජය කුමාරතුංගගේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරි ලෙස වැඩකටයුතු කලාය. තම සැමියාව ඝාතනයට ලක්වු පසුව ඇය එක්සත් රාජධානියට ගොස් UNU-WIDER (එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය-ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනය) සංවිධානයේ 1991 දක්වා කටයුතු කලාය.

1993 දී ඇය බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිණිය ලෙස පත්වූවාය. 1994 අගෝස්තු 9 දින ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු රජයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇය ජය ගත් අතර එය වසර 17 ක එක්සත් ජාතික පක්ෂ පාල‍නයේ නිමාව විය.

ඇගේ පාලන කාලය තුල ඇය එවකට පැවති ජනවාර්ගික ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ කලාය. පළමුව සාකච්ඡා මාර්ගයෙන් දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කලාය. මෙම නිසා වරක් ඇයව (1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති) මහජන රැස්වීමකදී කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කලේය. එහිදි ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධභාවයට පත්විය. පසුව පැවති (දෙසැම්බර් 21 දින) මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා පරදවමින් නැවත වරක් ජය ගැනිමට ඇයට හැකිවිය.

2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේ සිටින අතරතුර විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය.

2002 පෙබරවාරි මස වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කරන ලදි. කොටි ත්‍රස්තවාදින්ට ඕනෑවට වඩා නිදහස ලබාදී ඇති බව විශ්වාස කල කුමාරතුංග මැතිණිය 2002 නොවැම්බර් 4 දින පාර්ලිමේන්තුව අත්හිටවා විසුරුවා හැරියාය.

2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරයත් ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවාය.

සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කොටි ත්‍රස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ 2005 දී රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේය. කුමාරතුංග පාලනය 2005 නොවැම්බර් මස අවසන් වු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්විය.

දකුණු අප්‍රිකාව

දකුණු අප්‍රිකානු සමූහාණ්ඩුව අප්‍රිකාවේ දකුණේ පිහිටා ඇත. වර්ග කි.මි. 2798 (වර්ග සැතපුම් 1739) වන මෙය අත්ලාන්තික් හා ඉන්දියානු සාගරයේ වෙරළ තී‍රය ‍වේ. උතුරට නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, හා නැගෙනහිරට මොසැම්බික් හා ස්වාසිලන්තය හා නිදහස් ‍රාජ්‍යයන් ලෙස ලොසෝනොයිස් දකුණු අප්‍රිකානු දේශ සීමාවෙන් වට වි ඇත.

අවුරුදු ලක්ෂයකට පෙර නවීන මානවයෝ මෙහි ජීවත් වූහ. අවුරුදු 1000 ට පෙර වෙනත් අප්‍රිකානු කොටස් වලින් පැමිණි ජනයා මෙහි වූහ. 04 සහ 05 වන ශතවර්ෂවල බන්ධු භාෂා හදාරන්නවුන් දකුණට ව්‍යාප්ත විය. 1652 කේපිස් මාවත සොයාගැනීමෙන් ශතවර්ෂ භාගයකට පසු ඕලන්ද නැගෙනහිර ඉන්දියානුවන් කේප්ටවුන් සොයාගත් අතර 1806 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත් විය. 1820 යුරෝපානු ජනාවාස ව්‍යාප්ත වූ අතර බෝයස් සහ බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් උතුරු හා නැගෙනහිර ජීවත් විය. දියමන්ති සහ රත්තරන් සොයා ගැනීමත් සමඟ 19 වන ශතවර්ෂයේ ඇග්ලෝ බෝයර් යුද්ධය ආරම්භ විය. මෙයට හේතු වුයේ බෝයවරුන් සහ බ්‍රිතාන්‍යයන් දකුණු අප්‍රිකානු ඛනිජ සම්පත්වල පාලනය උදෙසාය. මෙයින් බ්‍රිතාන්‍ය ජයගත් අතර 1910 සීමිත නිදහසක් ලැබුණු අතර සමහර ව්‍යවස්ථාවන් වන ස්වදේශ පනත 1979 තුළින් ස්වදේශිය ජනයාගේ භූමිය තහවුරු විය. රාජ්‍ය ජාතියට සම්බන්ධ පංති 02 ක් වන සුදු සහ කළු වර්ණ වශයෙන් වෙන් කරන ලදි. 1961 දකුණු අප්‍රිකාව සමූහාණ්ඩුවක් විය. 1990 දකුණු අප්‍රිකා රාජ්‍ය විවේචනාත්මක නීති සඳහා සාකච්ඡා කළ අතර 1994 ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පැවතුණි. ඉන්පසු එය පොදු රාජ්‍ය මණ්ඩලයට ඇතුලත් විය. මෙම රට තුල විවිධ වූ සංස්කෘත භාෂාවන් තිබේ. ව්‍යවස්ථාවන් මඟින් භාෂා 11 ක් පිළිගෙන ඇත. මෙහි ජනවාර්ගික වශයෙන් යුරෝපියානු, ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් විශාල පිරිසක් ඇත. 79.5% ක් කළු ජාතිකයන් ය. ජනගහනයෙන් 4 න් 1ක් පමණ රැකියා විරහිතය. දවසක ආදායම වන්නේ ඇමරිකානු ඩොලර් 125 කි. මෙම රට අප්‍රිකානු සංගමයේ නිර්මාතෘ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ සහ NEPAD ආරම්භක සාමාජිකයන් හා පොදු රාජ්‍ය මණ්ඩලය ඇන්ටාක්ටික් ගිවිසුම 77 කණ්ඩායම, දකුණු අත්ලාන්තික් සාම සහයෝගිතා කලාපය, දකුණු අප්‍රිකානු සහයෝගිතා පදනමේ සාමාජිකයෙකි.

නාලන්දා විද්‍යාලය, කොළඹ

නාලන්දා විද්‍යාලය, (ඉංග්‍රීසි: Nalanda College, Colombo) ශ්‍රී ලංකා‍‍වේ කොළඹහි පිහිටා ඇති අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන රාජ්‍ය පාසලකි. මෙම පාසල බෞද්ධ පසුබිමක් සහිත පාසලකි.

මහින්ද රාජපක්ෂ

පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ (මහින්ද රාජපක්ෂ), පා.ම. (උපත 18 නොවැම්බර් 1945) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක් වන අතර ශ්‍රී ලංකාවෙහි හයවන ජනාධිපතිවරයා ලෙසින් 2005 නොවැම්බර 19 දින සිට 2015 ජනවාරි 9 දින දක්වා තනතුරු දරා ඇත. වෘත්තියෙන් නීතිඥයෙක් වන රාජපක්ෂ මහතා පළමුවෙන් ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවට තේරී පත්වුනේ 1970 වසරෙහිදී වන අතර, 2004 අප්‍රේල් 6 දින සිට 2005 ජනාධිපතිවරණයෙහිදී ඔහුගේ ජයග්‍රහණය දක්වා අග්‍රාමාත්‍ය තනතුර හෙබවීය. ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19 දිනදීය. දෙවන ධූර කාලය සඳහා ඔහු යළි-තේරී පත්වුණේ 2010 ජනවාරි 27 දිනදීය. තෙවන ධූර කාලයද සඳහා ප්‍රයත්නය දරමින් ඔහු ඉදිරිපත්වූ 2015 ජනාධිපතිවරණයෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් පරාජය ලැබ 2015 ජනවාරි 9 දිනදී තනතුරෙන් බැහැර විය.තනතුර හැර ගොස් මාස කිහිපයකට පසුව, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට රාජපක්ෂ මහතා විසින් ගත් උත්සාහය අසාර්ථක වූයේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත් වීමත් හා සමගිනි. ඔහු කෙසේවෙතත්, කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් තේරී පත් විය.

මෛත්‍රීපාල සිරිසේන

පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන හෙවත් මෛත්‍රීපාල සිරිසේන

(ඉංග්‍රීසි: Maithripala Sirisena) (උපත 1951 සැප්තැම්බර් 3) ශ්‍රී ලංකාවේ දේශපාලඥයෙකු වන අතර ශ්‍රී ලංකාවේ හත්වන හා වත්මන් ජනාධිපති වරයා ද වෙයි. ඔහු බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ යාගොඩ දි උපත ලැබුව ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උතුරු මැද පළාතෙන් වන අතර එම පළාතෙන් පත් වූ පළමු ජනාධිපතිවරයා ද ඔහු ය. ඔහු 1989 දී දේශපාලනයට පිවිස 1994 සිට අමාත්‍යංශ කිහිපයක් ද දරා තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද සෞඛ්‍යය අමාත්‍යවරයා ධූරය ද 2014 නොවැම්බර් මස විපක්ෂ සන්ධානයේ "පොදු අපේක්ෂක" ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා ඔහුගේ අපේක්ෂකත්වය නිවේදනය කරන තෙක් දරන ලදී.

රනිල් වික්‍රමසිංහ

රනිල් වික්‍රමසිංහ ( උපත 1949 මාර්තු 24 ) යනු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා යි. ඔහු 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබේ. 2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ පත් කරනු ලැබීය. පස් වතාවක් ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන් කටයුතු කරනු ඇතී.

ලක්ෂ්මන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාභිමාන්‍ය ලක්ෂ්මන් කදිරගාමර් (දෙමළ: லக்ஷமன் கதிர்காமர்; 1932 අප්‍රේල් 12 - 12 අගෝස්තු 2005) යනු ශ්‍රී ලාංකික දෙමළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු, දේශපාලනඥයකු හා නීතිඥයෙකු විය. ඔහු 1994 සිට 2001 දක්වා සහ නැවත වරක් 2004 අප්‍රේල් සිට 2005 අගෝස්තු මස ඔහු ඝාතනය දක්වා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කරන ලදී.

වසර ලැයිස්තුව

මෙයද බලන්න: මාතෘකාව අනුව වසර ලැයිස්තුව එක් එක් වර්ෂ පිටු, මෙම පිටුව විසින් සූචිකරණය කෙරෙයි .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ආරම්භය: 1951 සැප්තැම්බර් 2) ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයකි. එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු මෙමෙ පක්ෂය පිහිටුවා ගන්නා ලදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දුන්නේ 1952 වසරේ ය. එහිදී එම පක්ෂයට ආසන 9 ක් දිනා ගත හැකි වූ අතර, බණ්ඩාරනායක මහතා විපක්ෂ නායක තනතුරට පත් වූයේ ය.

සිරිමාවෝ බණ්ඩාරනායක

ගරු සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක (මැතිනිය ලෙස සාමාන්‍යයෙන් හඳුන්වයි) ( 1916 අප්‍රේල් 17 - 2000 ඔක්තෝම්බර් 10) නවීන ලෝකයේ ආණ්ඩුවක ප්‍රධානියාවූ ප්‍රථම කාන්තාවයි. ශ්‍රි ලංකාවේ තෙවරක් අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය. අග්‍රාමාත්‍ය සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ වු ඇය ශ්‍රි ලංකාවේ තුන්වන විධායක ජනාධිපති පදවියට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මවයි. දේශපානඥ අනුර බණ්ඩාරනායක සහ සමාජ සේවිකාවක් වන සුනේත්‍රා බණ්ඩාරනායක ඇයගේ අනෙක් දරු දෙපළයි.

සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්ද

මෙය, ජනවාරි 1 දින සෙනසුරාදා දිනයකින් ඇරඹෙන ඕනෑම සාමාන්‍ය අවුරුද්දක් (ඩොමිනිකල් අකුර B) සඳහා, දින දසුන වෙයි. නිදසුන්: ග්‍රෙගෝරියානු අවුරුදු 1994, 2005, 2011 සහ 2022

හෝ ජූලියානු අවුරුදු 1905 සහ 1911 (පහළ වගු බලන්න). සතිය 1 ට පෙර ISO සතිය සඳහා ප්‍රශ්නාර්ථ ලකුණ යොදා ඇත්තේ, පෙර වසර අධික අවුරුද්දක්ද නැත්ද යන වක්‍රෝත්තිය මත පදනම් කරගෙනය. එය එසේ නම් එස සතිය 53 වැන්න වන අතර, සාමාන්‍ය අවුරුද්දක් වූයේ නම් එය 52 වන සතිය වෙයි.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.