1492

1492 වසර (MCDXCII) යනු, ජූලියානු දින දසුන පරිදී ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු අවුරුද්ද පෙන්වනු ඇත) විය.

සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය
සියවස්: 14 වන සියවස – 15 වන සියවස – 16 වන සියවස
දශක: 1460ගණන්  1470ගණන්  1480ගණන්  – 1490ගණන් –  1500ගණන්  1510ගණන්  1520ගණන්
වසර: 1489 1490 1491 – 1492 – 1493 1494 1495
Columbus Taking Possession
ඔක්තොම්බර් 12 1492 – කොලොම්බස් විසින් ස්පාඤ්ඤය වෙනුවෙන් ඇමරිකාවන් සොයා ගනියි. නූතන යුගයෙහි ආරම්භය.
1495

ක්‍රිස්තු වර්ෂ 1495 (MCDXCV)

Before 1582, with Julian Value: 1495 is

9 days difference.

1776

1776 වසර යනු (MDCCLXXVI) ග්‍රෙගෝරියානු දිනදසුන ප්‍රකාර සඳුදා දිනයකින් ඇරඹුනු අධික අවුරුද්දක් (සම්පූර්ණ දිනදසුනේ බැඳිය දැක්වෙනු ඇත) සහ දින-11 ක් මන්දගාමි ජූලියානු දිනදසුන ප්‍රකාර සිකුරාදා දිනයකින් ඇරඹුනු අධික අවුරුද්දක් විය.

අටවන ඉනසන්ට් පාප්වහන්සේ

අටවන ඉනසන්ට් පාප්වහන්සේ (ලතින්: Innocentius PP. VIII, ඉතාලි: Innocenzo VIII; 1432 – 25 ජූලි 1492), උපතේදී ජිවානි බැටිස්ටා සයිබො (හෝ සිබො), යනු 1484 අගෝස්තු 29 දින සිට 1492 දී වූ ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.

අමෙරිකා එක්සත් ජනපදයේ ඉතිහාසය

අමෙරිකා එක්සත් ජනපදය උතුරු අමෙරිකා මහාද්වීපයේ මධ්‍යයට වන්නට උතුරු දෙසින් කැනඩාවට හා දකුණින් එක්සත් මෙක්සිකානු රාජ්‍යයට ද මායිම්ව පිහිටා ඇත. එය නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයෙන්ද බටහිර දෙසට පැසිපික් නොහොත් ශාන්තිකර සාගරයෙන්ද මායිම් වී ඇත. ඒ හැරුණු විට පැසිෆික් සාගරයේ පිහිටි හවායි ඇතුලු දූපත් රාශියක් ද මහාද්වීපයේ වයඹ දිග පෙදෙස් යුකොන් වලට ඉහලින් ඇලස්කාවද ඇතුලු තවත් බොහෝ ප්‍රදේශ ඊට ඇතුළත් වන්නේය.

එක්සත් ජනපදය නමින් දැන් ව්‍යවහාර කරන මේ රාජ්‍යයෙහි පළමු පදිංචි කරුවෝ අවුරුදු 15000 කට පෙර සිට අවුරුදු දහස් ගණනක් තිස්සේ බීරිං ගොඩබිම් තීරුව හරහා ඇලස්කාවට පැමිණ ඇත්තාහ. එක්සත් ජනපදයේ මේ වර්ගයේ ජනාවාස ඇතිවීමේ ඉතිහාසය අවුරුදු 14000 කටත් වඩා පැරණි බවට ප්‍රබල සාක්ෂි තිබේ.

ස්පාඤ්ඤය වෙනුවෙන් 1492 දී නාවික ගමනා ගමන කටයුතු කළ නාවිකයෙකු වූ ක්‍රිස්ටෝපර් කොළම්බස්ගේ ප්‍රථම මුහුදු ගමණින් පසුව. මෙම ප්‍රදේශ වල ජනපද බිහි කළ යුරෝපීයන් හා සැසඳීමේදි පෙර කී ආදී කාලීන මුල් ජනාවාස ගැන තොරතුරු ලැබෙන්නේ ඉතා අල්ප වශයෙනි. එක්සත් ජනපද භූමියට නැගෙනහිර පෙදෙසින් පැමිණි මුල් තැනැත්තන් ලෙස දැනට ලිඛිත සාක්ෂි වලින් පෙන්නුම් කරන්නේ කොළම්බස් හා ඔහුගේ පිරිසයි. ඒ 1493 දී සිදු වූ ඔවුන්ගේ දෙවැනි මුහුදු ගමනේදි පුවර්ටොරිකෝ වෙත ගොඩබැසීමත් සමගිනි. ඇතැම් සාක්ෂි වලින් එක්සත් ජනපද හැටියට මුලින් පැමිනි තැනැත්තා ලෙස 1497 දී නව එංගලන්තයට (New England) පැමිනි ජෝන් කැබොට් (John Cabot) ගේ නම සඳහන් වන නමුදු 1513 දී ෆ්ලොරිඩාවට පැමිනි ජුවාන් පොන්සෙ ඩි ලියොන් (Juan Ponce de Leon) නැමැත්තා වර්තමාන එක්සත් ජනපදය යයි හැඳින්වෙන භූමියට පැමිණි පළමු යුරෝපීය ජාතිකයා ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබේ.

නිදහස් ප්‍රකාශය (Declaration of independence) නිකුත් කරමින් එක්සත් ජනපදය 1770 වර්ෂ වලදි අමරිකානු විප්ලවීය යුද්ධයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් පන්නා දැමූහ. 1783 පැරිස් ප්‍රඥප්තිය මගින් එය නිදහස් රාජ්‍යයක් ලෙස පිළින්නා ලදි. ආරම්භයේදි එක්සත් ජනපදය, ජනපද 13 කින් සමන්විත වූ අතර බ්‍රිතාන්‍ය ජනපද යටතේ තිබුණු භූමි ප්‍රදේශ ඒ අයුරින්ම ඒවාට අයිති වුනේය. 19 වන ශත වර්ෂයේදි එක්සත් ජනපදය නැගෙනහිර සිට බටහිර නැතහොත් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා භූමීය අත්පත් කර ගන්නේය යන "මැනිෆෙස්ට් නියමයේ" විශ්වාසය මත එක්සත් ජනපද භූමියේ බටහිර ව්‍යාප්තිය පටන් ගැනුනේය. 1912 වන විට ඇරිසෝනා ප්‍රාන්තය එකතු වීමත් සමග එහි ඉලක්කය මුදුන්පත් විය. පිටත පිහිටි ඇලස්කාව සහ හවායි දිවයින් එකතු කරන ලද්දේ 1959 දීය.

මෙම කාලය තුලදි එක්සත් ජනපද ව්‍යවස්ථාවේ දහතුන් වෙනි සංශෝධන මගින් 1865 දී වහල් සේවය අවලංගු කිරීම සහ 1864 (1964) සිවිල් අයිතිවාසිකම් පනත් මගින් ප්‍රසිද්ධ ස්ථාන වල වර්ණය අනුව වෙනස් කම් දැක්වීම නතර කිරීම වැනි සමාජ ප්‍රගමන ක්‍රියාකාරිත්වයන් සිදු විය.

එක්සත් ජනපදය සඳහා ආර්ථික වර්ධන කාලයක් ප්‍රගතිශිලි යුගයේදී ආරම්භ විය. කෙසේ වුවද කලු අඟහරුවාදා (1929 ඔක්තෝබර් 29) මහා අවපාතයකට මග පෑදුවේය. එහි ප්‍රථිපලය වූයේ ආර්ථිකය පසු බැසීම සහ විරැකියාව ඉහල යෑමයි. අනතුරුව එක්සත් ජනපද රජය අවපාතය නිසා පීඩාවට පත් ජන කොටස් ඉලක්ක කර ගනිමින් ප්‍රතිසංස්කරණ වැඩ සටහන් කීපයක් නිව් ඩීල් (New Deal) නමින් පිහිටු විය. සීතල යුද්ධය ආරම්භ වන විට එක්සත් ජනපද ආර්ථිකය වර්ධනය කෙතරම් වීද යත් එය ලෝකයේ සුපිරි බල‍වතෙකු බවට පත් විය. රොනල්ඩ් රේගන් ගේ පාලනය යටතේ 1980 දශකයේ වැඩි කොටසක් සැපයුම් - පැති ආර්ථිකයන් ක්‍රියාත්මක කරන ලදි. (Supply - side economics) බදු අඩු කිරීම මගින් රජයේ ආදායම වැඩි කර ගැනීම එහි අරමුණ විය. විශේෂයෙන් 2001 සැප්තැම්බර් 11 දින ප්‍රහාරයෙන් පසුව ආර්ථිකයේ විශාල පසු බැසීමක් ඇති විය. ත්‍රස්ථවාදි ක්‍රියා වලට ප්‍රතිචාර දැක්වීම වශයෙන් ජනාධිපති ජෝර්ජ්.ඩබ්.බුෂ් ඇෆ්ගනිස්ථානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේය. මෙයින් සැප්තැම්බර් 11 ප්‍රහාරයට වගකිව යුතු අල්කයිඩා ත්‍රස්ථවාදි ජාලය හඳුනා ගන්නා ලදි. පසුව ජෝර්ජ්.ඩබ්.බුෂ් ඉරාකයට එරෙහිවද යුද්ධයක් ඇරඹුවේය. අනාගතයේ එක්සත් ජනපදය සහ මිත්‍ර රටවල් වල මහා විනාශයක් කිරීමේ අදහසින් එක් රැස් කල ආයුධ ඉරාකයේ තිබේ යැයි අනුමාන කිරිම ඊට හේතුව විය.

එක්සත් ජනපදය

ඇමෙරිකා එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමෙරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරු මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් (වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.

අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් ඇමෙරිකානු විප්ලවීය අරගලය ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි. 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී ඇමෙරිකන් සිවිල් යුද්ධය පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.

ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්‍රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 15.1 ක් විය. එහි ප්‍රතිශ්‍රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්‍රමුඛත්වය ගන්නකි.

ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ දේශාටන

පූර්ව නූතන යුගයෙහිදී, කොලම්බස්ගේ දේශාටන විසින් ඇමරිකානු මහාද්වීපයන් වෙත යුරෝපියානු දේශ ගවේෂණය සහ ඒවායේ ජනාවාසකරණය දියත් කිරීමට දායකත්වය සැපයූ බැවින්, ලෝක ඉතිහාසයෙහි ඉමහත් සුවිශේෂ සිද්ධියක් වෙයි.

ක්‍රිස්ටෝෆර් කොළොම්බස්

ක්‍රිස්ටෝපර් කොලම්බස් (1451 ඔක්තෝබර් සහ නොවැම්බර් - 1506 මැයි 20) නාවිකයෙකු, ජනපද පිහිටු වන්නෙකු සහ දේශ ගවේෂකයෙකු වන අතර ඔහු ඇමරිකාවෙහි ස්පාඤ්ඤ ජනපද පිහිටු වන ලදී. යුරෝපයෙන් ඇමෙරිකාවට ලඟා වු මුල්ම පුද්ගලයා කොලොම්බස් නොවුණ ද (Leif Ericsson විසින් පුරෝගාමිත්වය සපයමින් වයිකින් වරුන් මීට වසර කිහිපයකට ප්‍රථම කැනඩාවට ලඟාවූහ.) ඔහු විවාහා වී සිටියේ ෆිලිපා මොනිස් නම් ප්‍රභූ කාන්තාවක් සමගයි. ඔහුගේ නාවුක ගමනින් පසුව පොදු යුරෝපීය ප්‍රජාව සඳහා මෙකි ප්‍රදේශයන්හි අවධානය යොමු වු අතර නව ලෝකයෙහි යුරෝපීය සංස්කෘතිය සාර්ථකව ස්ථාපිත කිරීමට හැකියාව ලැබුණි. ඓතිහාසික වාර්තාවන්ට අනුව ‍කොලම්බස් ජිනෝවාහි උපත ලද්දකු බවට ප්‍රකාශයට පත් කෙරුණද ඒ සඳහා වෙනත් සුළු මතිමතාන්තරද පවතී. ක්‍රිස්ටෝපර් කොලම්බස් යන නම ලතින් භාෂාවෙන් වු ක්‍රිස්ටෝපරස් කොලොම්බස් යන්න ඉංග්‍රීසි භාෂාවට හරවන ලද්දකි. නූතන ඉතාලි භාෂාවෙන් ඔහුගේ නම ක්‍රිටොපරෝ කලම්බෝ ලෙසද, පෘතුගිසි භාෂාවෙන් ක්‍රිස්ටෝවෝ කලම්බෝ ලෙසද, ස්පාඤ්ඤ භාෂාවෙන් ක්‍රිටෝබල් කොලෝන් ලෙසද හැඳින්වෙයි.

අත්ලාන්තික් සාගරය හරහා කොලොම්බස් විසින් සිදු කල නාවුක ගමන මගින් බටහිර අර්ධ ගෝලය ගවේශණයට සහ ජනපද පිහිටු වීමට යුරෝපීය ප්‍රජාව විසින් සිදු කරන ලද ප්‍රයත්නයෙහි ආරම්භය ඇති වුණි. 1492 දී ඔහු විසින් සිදු කල මුල්ම නාවුක ගමන සඳහා ඉතිහාසයෙහි විශාල වැදගත්කමක් ලැබුණද ඔහු විසින් 1498 දී සිදු කරන ලද තුන් වන නාවුක ගමන වන තුරු සත්‍ය වශයෙන්ම ඇමෙරිකානු ප්‍රධාන ගොඩ බිමට ලඟා වී නොතිබුණි. ඒ වෙනුවට ඔහු බහමාස් හි දූපතක් වෙත ගොඩ බට අතර එය සැල්වදෝර් ලෙස නම් කළේය. ඔහු මෙම සොයා ගැනීම සිදු කළේ ඉන්දියාව වෙතට මුහුදු මාර්ගයක් සොයා ගැනීමට කල චාරිකවේදී වන නිසා එම දූපත් වල වු දේශීය වැසියන් හට ඉන්දියන් වරුන් යැයි නම් කරන ලදී. එසේ වුවත් ඇමෙරිකාවට ලඟා වු මුල්ම යුරෝපීය ගවේෂකයා ඔහු නොවන අතර 1492 ට ප්‍රථමයෙන් අත්ලන්තික් සාගරය හරහා ඇමෙරිකාවට යුරෝපයෙන් සම්බන්ධතා පැවති බවට සාක්ෂි ඇත. කෙසේ නමුත් කොලොම්බස්ගේ නාවික ගමනින් පසුව වෙළද මාර්ග සහජනපද පිහිටුවීම මගින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට උත්සාහ දරණ සංවර්ධනය වෙමින් පවතින ජාතීන් අතර අධිරාජ්යි වාදය සහ ආර්ථිකමය වශයෙන් තරඟයක් ඇති වුණි. පුර්ව කොලොම්බස් යුගය යන්න කොලොම්බස්ගේ ආගමනයට සහ යුරෝපීය බලපෑමට ප්‍රථමව ඇමරිකාවේ විසු මිනිසුන් සහ සංස්කෘතිය පිළිබඳව විග්‍රහ කිරීමට යොදා ගන්නා ලදී.

1492 දී සිදු වු කොලොම්බස්ගේ නාවුක ගමනෙහි සංවත්සරය (කොලොම්බස් දිනය) ඇමරිකාවෙහි සහ ස්පාඤ්ඤයෙහි ඔක්තෝබර් 21 වන දා සමරනු ලබයි.

ක්‍රිස්තියානි ආගමේ ඉතිහාසය

ක්‍රිස්තියානියේ ඉතිහාසය යන්නට කිතුනු දහමේ සහ පල්ලියේ ඉතිහාසය යේසුස් වහන්සේ, උන්වහන්සේ ගේ අනුගාමිකයෝ හැත්තෑ දෙනා හා අපෝස්තුලූවරු දොලොස් දෙනා ගේ කාලයේ සිට වර්තමානය දක්වා අයත් වේ. ක්‍රිස්තියානිය යනු යේසුස් වහන්සේගේ අනාවරණ මත බිහිවූ ඒකදේව වාදී ආගමකි. බොහෝ කිතුනු නිකායන් හි පල්ලිය යන්න යේසුස් වහන්සේ මනුෂ්යා වර්ගයා ගේ ගැලවීම සඳහා පිහිටුවනු ලැබූ සංවිධානය යන්න සලකයි. මෙම අර්ථය ඇතැම් විට මහා පල්ලිය (හයි චර්ච්) යන වදන වර නංවයි. මින් වෙනස්ව කුඩා පල්ලිය (ලෝ චර්ච්) යන්න යේසුස් වහන්සේ සහ අනුගාමිකයා අතර පෞද්ගලික සම්බන්ධයක් නිරූපණය කරයි.

කිතුනු දහම පළමුවන සියවසේ යෙරුසලමේ දී යුදෙව්වන් කේන්ද්රමකොටගෙන ඇතිවූ නමුත් සීඝරහයියෙන් රෝම අධිරාජ්ය පුරා ව්‍යාප්ත වී පසුව ආර්මේනියාව, ඉතියෝපියාව, ජෝර්ජියාව, අසිරියාව, ඉරානය, ඉන්දියාව හා චීනය වැනි ඉන් පිටත රටවල් කරාද පැතිරුණි. මුලින් බැහැර කළද කරඝර මයෙන් එය ආර්මේනියාවේ රාජ්යං ආගම බවට 301 දී හෝ 314 දීත්, ඉතියෝපියාවේ රාජ්යර ආගම බවට 325 දීත්, ජෝර්ජියාවේ රාජ්යී ආගම බවට 337 දීත්, ඉන්පසු රෝම අධිරාජ්යෝයේ රාජ්යහ ආගම බවට 380 දීත් පත්විය. දේශ ගවේෂණ යුගයේ දී එය ලොව පුරා ව්‍යාප්ත වී ලොව විශාලතම ආගම බවට පත්විය.

ඉතිහාසය පුරා මෙම ආගම විවිධ විභේදනයන්ට හා සෙෙද්ධාන්තික මතවාදයන් ට බඳුන් වු අතර විවිධ නිකායන්ට බෙදී ගියේය. මින් විශාලතම නිකාය දෙක වන්නේ රෝමානු කතෝලක පල්ලිය හා පෙරදිග ඕතඩොක්ස් පල්ලිය යි. නමුත් ඔරියන්ටල් ඕතඩොක්ස් වැනි පෙරදිග නිකායන් ද, ප්රො තෙස්තන්ත පල්ලිය සහ වෙනත් නිකායන් ද කිතුනු සමාජයෙන් විශාල පර්න තිශතයක් නිරූපණය කරති.

තුත්මෝස් II

තුත්මෝස් II (ඇතැම්විට IIවන තුත්මොසිස්, තොත්මෙස් හෝ ටුත්මොසිස් ලෙස ද හඳුන්වයි. අරුත තොත් නිසා උපන්, ඔහුගේ රාජ්‍යසමය තුළ ඩ්ජ්හුටිමෝස් ලෙස උච්චාරණය කොට ඇත) යනු ඊජිප්තුවේ දහඅටවන රාජවංශයේ සිව්වන පාරාවෝවරයා යි. ඔහු සිය රාජ්‍ය සමය තුළ දී, කුඩා ස්මාරක කිහිපයක් ඉදිකළ අතර, සුළු යුධ ව්‍යාපාර දෙකක්වත් ආරම්භ කරන්නට ඇත. ඔහුට සිය රාජ්‍ය සමය තුළ කළ හැකි වූයේ කාර්යයන් ස්වල්පයක් පමණි. ඔහුගේ බිසව වූ හට්ෂෙප්සුට් ඔහුට බෙහෙවින් උපකාර වන්නට ඇත. ඔහුගේ රාජ්‍ය සමය ලෙස සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 1493 සිට 1479 දක්වා කාලය සැලකේ. IIවන තුත්මෝස්ගේ දේහය ඩේර් එල්-බහ්රිහි හට්ෂෙප්සුට් මතකාගාර දේවස්ථානයට ඉහළින් පිහිටි ස්ථානයකින් සොයාගන්නා ලද අතර, එය දැනට කයිරෝහි ඊජිප්තු කෞතුකාගාරයේ තබා ඇත.

පරිසර විද්‍යාව

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාඥයෙකු වන අර්නස්ට් හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තර කර නොමැත. මෙ විෂයට අදාළ පළමු වැදගත් ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිද විද්‍යාඥයෙකු වන Eugenius warming විසිනි. එබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ එතුමාවය.

පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.

බොහෝ පාරිසරික ගැටළු මිනිසාගේ ක්‍රියකරකම් හා සම්බන්ධවන බැවින් ආර්ථික විද්‍යාව නීතිය හා සමජ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම නිරන්තරයෙන් පරිසර විද්‍යාවේදී යොදාගැනේ.

පාරිසරික විද්‍යාව දේශගුණ විපර්යාස, සංරක්ෂණය, ජෛව විව්ධත්වය, ජලයේ ගුණාත්මකබව, භූගත ජල දූෂනය, පස දූෂණය වීම , ස්වභාවික සම්පත් භාවිතා කිරීම, කසළ කළමණාකරනය, තිරසාර සංවර්ධණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ආදී ගැටළු ගණනවක් ආවරණය කරයි.

විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත

පාරාවෝවරුන්ගේ ලැයිස්තුව

මෙම ලිපියේ අන්තර්ගත වන්නේ පුරාතන ඊජිප්තුවේ පාරාවෝ ලැයිස්තුවයි. මෙමගින්, ක්‍රි.පූ. 3100ට පෙර කාලයේ මුල්කාලීන රාජවංශික යුගයේ සිට ක්‍රි.පූ. 30දී ඔගස්ටස් සීසර් විසින් ඊජිප්තුව රෝමයේ පළාතක් ලෙස ඈඳාගැනුණු ටොලමියානු රාජවංශයේ අවසානය දක්වා කාලපරිච්ඡේදය ආවරණය වේ.

මෙහි ලබා දී ඇත්තේ දිනයන් ආසන්න වශයෙන් බව සලකන්න. පහත දැක්වෙන පාරාවෝවරුන්‍ගේ ලැයිස්තුව පුරාතන ඊජිප්තුවේ සම්මුතික කාලානුක්‍රමය අනුව ප්‍රධාන වශයෙන්ම ඊජිප්තු පුරාවිද්‍යාව පිළිබඳ පෙට්‍රී කෞතුකාගාරය විසින් සම්පාදනය කළ විශ්වවිද්‍යාල සඳහා ඩිජිටල් ඊජිප්තුව නැමැති දත්ත සමුදාය මත පදනම්ව ගොඩනැගූවකි. නමුත් වෙනත් විකල්ප දිනයන් හා ඒවායේ ප්‍රාමාණිකයන් වෙනම දක්වා ඇත.

බහමාස්

බහාමාස් නමින් නිල වශයෙන් හඳුන්වන බහාමාස් පොදු රාජ්‍යය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 299 කින් යුත් රටකි. එය පිහිටා ඇත්තේ ඊසාන දෙසින් කැරිබියන් මුහුදින්ද අත්ලාන්තික් සාගරයේ උතුරින් කියුබාව, හිස්පැනියෝලාව, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුදත්, වයඹ දෙසින් ටර්ක්ස් හා නැයිකොස් දුපත් හා ගිනිකොනින් ඇමෙරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව)ත් ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකය සොයාගත් කොලොම්බස්ගේ ප්‍රථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤ ජාතිකයින් බහාමාස් දුපත් තම ජනපදයක් බවට පත් කොට නොගත්හ. ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන්ව වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්ම්‍යුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය මිනිස් ජනාවාස බවට පත්විය. 1718 දී බහාමාස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මුහුදු ‍කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ එරට වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙළෙඳාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ තහනම් වූ අතර බොහෝ අප්‍රිකානු රාජකීය නාවික හමුදාව නෞකාවල වහල් සේවයේ යොදවා සිටි අප්‍රිකානුවන් ගලවාගත් අතර ඔවුන් 19 වැනි ශතවර්ෂයේ දී බහාමාස්හි පදිංචිකරවන ලදි. වහල් වෙළෙඳාම 1834 දී අවලංගු කළ අතර බහාමාස් තුළ වර්තමානයේ සිටිනා ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙළෙඳාමෙන් නිදහස් වූ අයයි.

යුරෝපා ඉතිහාසය

යුරෝපා මහද්වීපයේ මිනිස් වාසය ඇරඹීමේ සිට අද දක්වා කාලය යුරෝපා ඉතිහාසයට අයිති කාලවකවානුවයි. හොමෝසේපියන්වරු පිළිබද තොරතුරු හමුවන්නේ ක්‍රි.පූ. 35,000 දීය. මේ පිළිබදව හෝමරගේ ඉලියඩ් හි සදහන් වේ. රෝමානු ජනරජ රාජ්‍ය බිහිවනුයේ ක්‍රි.පූ. 509 දීය. ක්‍රිස්තියානි ආගම එහි ආගමනය වුයේ ක්‍රි.පු. 4 වැනි ශතවර්ෂයේ දීය. ජස්ටීයන් I (527 – 565) නම් අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තියානි ආගම ඉතා ක්‍රමානුකූලව අධිරාජ්‍යයා පුරා ප්‍රචලිත කරන ලදි. මෙකල යුරෝපයේ ප්‍රධාන පංචවිධ නගර වුයේ රෝමය, කොන්ස්තන්තිනෝපලය ඇන්ටියෝක්, ජෙරුසෙලම හා ඇලෙක්සැන්ඩ්‍රියාවයි. වසංගත හමුවේ අධිරාජ්‍ය නැගෙනහිරට හා බටහිරට ගෙන යන ලදි. අදුරු යුගය තුළ බටහිර යුරෝපය හිස්විය. නැගෙනහිර යුරෝපයේ ප්‍රධානතම අධිරාජ්‍ය වුයේ බයිසැන්තීනයයි.

රදල සමාජ ක්‍රමය බිදවැටුණි. කොස්තන්තිනෝපලය ක්‍රි.ව. 1453 දි බිද වැටුණු අතර නව ලෝකය 1492 දී සොයා ගන්නා ලදි. පුනරුදයත් සමග ප්‍රොතෙස්තන්ත්‍ර ක්‍රමය ඇතිවුයේ ජර්මන් ජාතික මාටින් ලුතර්ගේ ආගමනයත් සමගයි. වසර 30 ක යුද්ධය, වෙස්ට්ෆැලියාවේ ගිවිසුම හා ග්ලෝරියස් විප්ලවය තුළින් නව යුගයක එළිදැල්විණ.

කාර්මික විප්ලවයත් සමඟ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය බෙදිණි. ඇමෙරිකාවේ ඇතිවූ යටත් විජිත විප්ලවයත් සමග දේශපාලන වෙනස්කම් රැසක් යුරෝපයේ සිදුවිණි. මිනිසුන් නිදහස වෙනුවෙන් පෙළගැසුණි. ප්‍රංශ නායක නැපෝලියන් බොනපාට් විසින් යටත් කර ගන්නා ලද යුරෝපා මහද්වීපයේ සමාජ සැකිල්ල සම්පූර්ණ වෙනස් කම් වලට බඳුන් කරන ලදි.ඔහු විසින් කුඩා දේපළ හිමියන්ටද ඡන්ද අයිතිය දෙන ලදි.

වසර ලැයිස්තුව

මෙයද බලන්න: මාතෘකාව අනුව වසර ලැයිස්තුව එක් එක් වර්ෂ පිටු, මෙම පිටුව විසින් සූචිකරණය කෙරෙයි .

හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ

හයවන ඇලෙක්සැන්ඩර් පාප්වහන්සේ (ලතින්: Alexander PP. VI, ඉතාලි: Alessandro VI, හෝ ඇලෙක්සැන්ඩර් සෙක්ස්ටස්), උපතේදී නම රොඩ්රීක් ලෑන්සොල් ඉ ඩි බොර්හා (කැස්ටීලියානු ස්පාඤ්ඤ: රොඩ්රීගො ලෑන්සොල්; 1 ජනවාරි 1431, ෂාටිවා, වැලෙන්සියා රාජධානිය – 18 අගෝස්තු 1503, රෝමය, පාප්වහන්සේගේ රාජ්‍යය) යනු 1492 අගෝස්තු 11 දින සිට 1503 දී ඔහුගේ මරණය දක්වා කතෝලික සභාවේ නායකයා විය.

හෙයිටි

හයිටි ඉංග්‍රිසි: Haiti (/ˈheɪti/ (listen); ප්‍රංශ: Haïti [a.iti]; හයිටියානු (ක්‍රියෝල්) Creole: Ayiti [ajiti]), නිල වශයෙන් හයිටි ජනරජය (ප්‍රංශ: République d'Haïti; හයිටියානු (ක්‍රියෝල්): Repiblik Ayiti) සහ කලින් හයිටි ලෙස හැඳින්වුණු රට,කැරිබියන් මුහුදෙහි, ඇන්ටිලස් දූපත් සමූහයෙහි, කියුබාවට නැගෙණහිරින් වූ හිස්පැනියෝලා දිවයිනෙහි පිහිටිය කි. එය ඩොමිනිකානු ජනරජය සමග සම-අයිතියට හිමිකම් කියන, දූපතේ බස්නාහිරින් අටෙන් තුනක් අත් කර ගනී. ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 27,750 ( ව.සැ. 10,714) ක් හා ආසන්න ඇස්තමේන්තු අනුව, මිලියන 10.8ක ජනගහනයක් වෙසෙන හයිටිය, කැරිබියානු ප්‍රජාවේ (CARICOM) ඉහළම ජනාකීර්ණත්වය හිමි රට මෙන් ම, සමස්තයක් වශයෙන් කැරිබියානු කළාපයේ දෙවැනි-වැඩිම ජනාකීර්ත්වණය හිමි රට ද වෙයි.

මෙම ප්‍රදේශය මුළින් ම ජනාවාස කරන ලද්දේ, ස්වදේශික Taíno https://en.wikipedia.org/wiki/Ta%C3%ADno_people ජනතාව විසිනි. අත්ලාන්තික් සාගරය තරණය කරමින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කළ සිය පළමු මුහුදු ගමනේ දී 1492 දෙසැම්බර් 05 දින ස්පාඥ්ඥය දිවයිනට ගොඩ බැස්සේ ය. කොළොම්බස් හයිටියට පළමු වර ගොඩ බසින ලද අවස්ථාවේ ඔහු සිතූයේ ඔහු ඉන්දියාව හෝ චීනය සොයා ගත් බවයි. 1492 නත්තල් දින, වර්තමානයේ ලිමොනේඩ් https://en.wikipedia.org/wiki/Limonade ලෙස හඳුන්වන උතුරු ප්‍රදේශය වටා කොළොම්බස්ගේ ප්‍රධානත්වයෙන් යුතු සාන්ත මරියා නෞකාව යාත්‍රා කළේ ය. පසුව ක්‍රමයෙන් යාත්‍රාවෙන් බේරා ගත හැකි දේ යොදා ගෙන, නෞකාව විනාශ වූ දිනට පසු ව, ඇමරිකාවේ පළමු ජනාවාසය, ලා නෙවිඩැඩ් https://en.wikipedia.org/wiki/La_Navidad නමින් ඉදි කිරීමට සිය පිරිසට නියෝග කළේ ය.

https://en.wikipedia.org/wiki/File:Haiti_(orthographic_projection).svg

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/04/Haiti_-_Location_Map_%282013%29_-_HTI_-_UNOCHA.svg/250px-Haiti_-_Location_Map_%282013%29_-_HTI_-_UNOCHA.svg.png

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/79/Antilhas_-_Peri%C3%B2de_coloniau_v%C3%A8rs_1790.png/220px-Antilhas_-_Peri%C3%B2de_coloniau_v%C3%A8rs_1790.png

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.