1018

වසර 1018 (MXVIII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

සහශ්‍රවර්ෂය: 2 වන සහශ්‍රවර්ෂය
සියවස්: 10 වන සියවස11 වන සියවස12 වන සියවස
දශක: 980ගණන්  990ගණන්  1000ගණන්  – 1010ගණන් –  1020ගණන්  1030ගණන්  1040ගණන්
වසර: 1015 1016 101710181019 1020 1021
1015

වසර 1015 (MXV) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1016

වසර 1016 (MXVI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1017

වසර 1017 (MXVII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, අඟහරුවාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1019

වසර 1019 (MXIX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1020

වසර 1020 (MXX) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1021

වසර 1021 (MXXI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

කිලිනොච්චිය

කිලිනොච්චිය යනු, ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයයි. ප්‍රාදේශීය සභාවක් මගින් පාලනය වේ.

ගොනු තරම

ගොනු ප්‍රමාණය measures the size of a computer file. Typically it is measured in bytes with a prefix. The actual amount of disk space consumed by the file depends on the file system.

Some common file size units are:

1 KiB = 1,024 bytes1 MiB = 1,048,576 bytes1 GiB = 1,073,741,824 bytes1 TiB = 1,099,511,627,776 bytes

ගොර්යෝ

ගොර්යෝ, හෙවත් කොර්යෝ (හංගුල්:고려;හන්ජා:高麗; කොරියානු උච්චාරණය: [koɾjʌ]; 918–1392), යනු 918දී තේජෝ රජු විසින් ස්ථාපනය කරන ලද කොරියානු රාජධානියකි. මෙම රාජධානිය නූතන "කොරියාව" යන වදනේ සම්භවය වන්නට ඇතැයි සැලකේ. එය 936දී පසුකාලීන තුන් රාජධානි එක්සත් කළ අතර 1392දී ජොසොන් රාජවංශයේ ආරම්භකයා විසින් මෙම රාජවංශය අවසන් කරන තෙක්ම එය එය කොරියානු අර්ධද්වීපයේ වැඩි කොටසක් පාලනය කළේ ය. ගොර්යෝ රාජ්‍යය කොරියාවේ දේශසීමා ඊසානදිගින් නූතන වොන්සන් දක්වාත් (936–943), අනතුරුව යාලු ගඟ (993) දක්වාත් සහ අවසානයේ මුළු කොරියානු අර්ධද්වීපයම (1374) දක්වා පුළුල් කළේ ය.

මෙම යුගයේ වඩාත් වැදගත්ම නිර්මාණයන් දෙකක් ලෙස සෙලඩොන් කුඹල් කර්මාන්තය සහ ත්‍රිපිටක කොරියානා නැමැති බෞද්ධ ත්‍රිපිටකය 80,000කට අධික ලී අච්චු ප්‍රමාණයක කැටයම් කොට හේඉන්සා විහාරයේ තැන්පත් කිරීම (අදටත් සුරක්ෂිතව පවතී) දැක්විය හැක. 1234දී ගොර්යෝවේ ජනයා විසින් සත්‍ය පොත් මුද්‍රණයට උපකාරී වූ පළමු ලෝහ චලන මුද්‍රණ ක්‍රමය නිපදවන ලදී නිරුපද්‍රිතව පවත්නා පැරණිතම ලෝහ චලන කුමයේ ග්‍රන්ථය වන ජික්ජි යන්න 1377දී මුද්‍රණය විය.668දී, සිල්ලා රාජ්‍යය ටෑං චීනය සමග ඇති කරගත් සම්මුතියක් අනුව, බෙක්ජේ සහ ගොගුර්යෝ රාජ්‍ය ආක්‍රමණය කළේ ය. නමුත් 9වන සියවසේ අගභාගය වන විට එය ක්‍රමයෙන් දුර්වල වූ අතර එහි පාලකයින් බලවත් වංශවතුන් විසින් පීඩනයට ලක්කරන ලදී. නොයෙකුත් මංකොල්ලකරුවන් සහ අපරාධකරුවන් විසින් කෝලාහල ඇතිකළ අතර, 900දී ජොල්ලා පෙදෙසේ සිල්ලා පාලනයට එරෙහිව පසුකාලීන බෙක්ජේ නැමැති රාජ්‍යයක් ප්‍රකාශයට පත්කොට ග්යොන් හ්වොන් විසින් කැරැල්ලක් දියත්කරන ලදී. ඉන් වසරකට පසු ගුං යේ නැමැත්තකු විසින් උතුරු පෙදෙසේ තේබොං නැමැති රාජ්‍යයක් නම්කොට කැරැලි ඇතිකරන්නට විය. ප්‍රාදේශික වංශාධිපතියකුගේ පුත්‍රයකු වූ වං ගොන්, තේබොං රාජ්‍යයේ සෙන්පතියකු ලෙස සේවය කළේ ය.

918දී වං ගොන් විසින් කැරැලි අතිකොට ගුං යේව ඝාතනය කිරීමෙන් පසු තේබොං රාජ්‍යය බිඳවැටිණි. අනතුරුව එම වර්ෂයේම ජූනි මස ඔහු ගොර්යෝහි තේජෝ ලෙස සිහසුනට පත් විය. ගොර්යෝව සහ පසුකාලීන බෙක්ජේ රාජ්‍යය විසින් සිල්ලා රාජ්‍යය යටත් කරගත් අතර, 935දී එය ගොර්යෝ රාජ්‍යයට යටත් විය. 936දී, පසුකාලීන බෙක්ජේ රාජ්‍යය ද ගොර්යෝවට යටත් විය. මෙලෙසින් ගොර්යෝව කොරියාව තුළ අඛණ්ඩ රාජවංශයක් ලෙසින් ඉදිරි වසර 474 තුළ වැජඹෙන්නට විය. නමුත් 1170 සිට 1270 දක්වා රජය පාලනය කරන ලද්දේ යුධ නායකයින් විසිනි.

13වන සියවස අගභාගය පමණ වන විට, මොංගෝලියානුවන් සහ ඔවුන්ගේ යුවාන් රාජවංශය හේතුවෙන් ගොර්යෝව බලය අතින් පරිහානියට පත්වන්නට විය. 14වන සියවසේ මැද කාලයේ ගොංමින් රජු විසින් සිය රාජධානිය යුවාන් පාලනයෙන් නිදහස් කරගත්ත ද, 1392දී යි සොංග්යේ සෙන්පතියා විසින් මෙහෙයවූ කුමන්ත්‍රණයකින් ගොන්ග්යැං රජුව නෙරපා දැමිණි. අනතුරුව යි සොංග්යේ ජොසොන්හි තේජෝ ලෙසින් සිහසුනට පත් විය. 1394දී ගොන්ග්යැං රජුව ඝාතනය කරන ලදී.

ඝනත්වය

ද්‍රව්‍යයක ස්කන්ධ ඝනත්වය හෝ ඝනත්වය අර්ථ දක්වා ඇත්තේ එම ද්‍රව්‍යයේ ඒකක පරිමාවකට ඇති ස්කන්ධය යනුවෙනි. ඝනත්වය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන සංකේතය වනුයේ ρ (ග්‍රීක හෝඩියේ රෝ අක්ෂරය) ය. සමහර අවස්ථාවල දී (උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් සහ ගෑස් කර්මාන්තයේ දී) ද්‍රව්‍යයේ ඒකක පරිමාවක බර ලෙස ද ඝනත්වය අර්ථ දක්වනු ලැබේ. ;(එනමුත්, ඒකක පරිමාවක බර යන්න නිවැරදි ව හඳුන්වන්නේ විශිෂ්ට බර යනුවෙනි.) විවිධ ද්‍රව්‍යවලට සාමාන්‍යයෙන් ඇත්තේ විවිධ ඝනත්වයන් ය. එබැවින්, උත්ප්ලාවකතාව, සංශුද්ධ කිරීම සහ ඇසුරුම්කරණය යන සංකල්ප සැලකීමේ දී ඝනත්වය වැදගත් සාධකයක් වේ. සම්මත උෂ්ණත්ව හා පීඩන තත්ත්ව යටතේ දී වැඩිම ඝනත්වයක් ඇති ද්‍රව්‍යය ඔස්මියම් වේ.

එකිනෙක මිශ්‍ර නොවන තරල දෙකක් සැලකීමේ දී ඝනත්වය අඩු තරලය ඝනත්වය වැඩි තරලය මත පාවේ. ඝනත්වය අඩු ඝන ද්‍රව්‍යය, ඝනත්වය වැඩි තරල මත පාවෙන බව ද, මෙම සංකල්පය ම තව දුරටත් විස්තීරණය කිරීමෙන් කිව හැක. කිසියම් වස්තුවක සාමාන්‍ය ඝනත්වය (දිය ඉමට යටින් ඇති වාතය ඇතුලත් ව) , ජලයේ ඝනත්වය (1.0 gmL-1)ට වඩා අඩු නම් එය ජලයේ පාවෙන අතර එහි ඝනත්වය ජලයේ ඝනත්වයට වඩා වැඩි නම් එය ජලයේ ගිලෙයි.

විශිෂ්ට ගුරුත්වය හෝ සාපේක්ෂ ඝනත්වය යනු ඝනත්වය, ඒකක රහිත රාශියක් ලෙස දැක්වීමට යොදා ගන්නා රාශීන් ය. මෙහිදී ජලය හෝ වාතය/වායුවක් වැනි සම්මත ද්‍රව්‍යයක ඝනත්වයෙහි ගුණාකාරයක් ලෙස විශිෂ්ට ගුරුත්වය ප්‍රකාශ කරනු ලැබේ. (උදාහරණයක් ලෙස, විශිෂ්ට ගුරුත්වය 1 ට වඩා අඩු ය යන්නෙන් අදහස් වන්නේ එම ද්‍රව්‍යය ජලයේ පාවෙන බව යි.)

ද්‍රව්‍යයක ස්කන්ධ ඝනත්වය උෂ්ණත්වය හා පීඩනය සමග විචලනය වේ. (එම විචලනය සාමාන්‍යයෙන් ඝන හා ද්‍රව සඳහා කුඩා වන අතර වායු සඳහා ඊට වඩා වැඩි වේ.) වස්තුවක් මත ක්‍රියා කරන පීඩනය වැඩිවත් ම එහි පරිමාව අඩු වන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඝනත්වය වැඩි වේ. ද්‍රව්‍යයක උෂ්ණත්වය වැඩි වත්ම එහි ගරිමාව වැඩි වීම නිසා ඝනත්වය අඩු වේ. රත් වූ තරලයක ඝනත්වය අඩු නිසා, බොහෝ පදාර්ථවල තරලයට යටින් රත් කරන විට තාපය පහළ සිට ඉහළට සංවහනය වීම සිදු වේ.

තාප ගති විද්‍යාව බහුල ව භාවිත වන විශිෂ්ට පරිමාව යනුවෙන් අදහස් වන්නේ කිසියම් ද්‍රව්‍යයක ඝනත්වයෙහි පරස්පරය යි. ඝනත්වය ඝටනා ගුණයකි. එනම්, ද්‍රව්‍යයේ ප්‍රමාණය වැඩි වත් ම එහි ස්කන්ධය වැඩි වූව ද එහි ඝනත්වය වෙනස් නොවේ.

ජූල් (SI ඒකකය)

ජූලය' (කුඩාකුරු වලින් ලියැවෙන කල, උසුරුවනුයේ /ˈdʒuːl/ හෝ/ˈdʒaʊl/) (සංකේතය: J) තාපය, විද්‍යුතය ශක්තිය සහ යාන්ත්‍රික ක්‍රියාව මැනීමේ SI ඒකකය වේ.

එය ඉංග්‍රීසි ජාතික ජේම්ස් ප්‍රෙස්කොට් ජූල් නමැති භෞතික විද්‍යාඥයා වෙනුවෙන් නම් කරන ලදී.

තුත්තනාගම්

තුත්තනාගම් යනු ලෝහමය මූලද්‍රව්‍යයකි.

ප්‍රභාසංශ්ලේෂණය

ප්‍රභාසංශ්ලේෂණය යනු, ආලෝකය ඇතිවිට කාබන් ඩයොක්සයිඩ් හා ජලය උපයෝගී කරගෙන ප්‍රකාශ ස‍්වයංපෝෂී ජීවීන්ට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය කරගැනීමේ පරිවෘත්තීය ක්‍රියාවලිය යි. කාබන් චක්‍රයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ජීවක්‍රියාවක් සඳහා භාවිතාවන එක ම අවස්ථාව මෙය වේ. එබැවින් ඔක්සිජන්:කාබන්ඩයොක්සයිඩ් අනුපාතය නියතව තබා ගැනීම සඳහා ප්‍රභාසංශ්ලේෂණය අත්‍යාවශ්‍ය වේ.

ලක්දිව රාජාවලිය

මහාවංශයට අනුව

පලමු රාජධානිය ස්ථාපිත කරන ලද්දේ ක්‍රි.පූ. 435දී විජය කුමරුන් විසින් තම්බපණ්ණි රාජධානිය පිහිටුවීමත් සමගයි. එය ක්‍රි.ව. 1815 මහනුවර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ අවසන් විය. මෙහි දැක්වෙන්නේ සිංහල රාජධානියේ අනුප්‍රාප්තික රාජධානිවල රාජ්‍ය කළ රජවරුන්ගේ ලැයිස්තුවකි. මෙම ලැයිස්තුව දීපවංසය, මහාවංසය, චූලවංසය සහ රාජාවලිය වැනි දිවයිනේ වංශකථාවල සඳහන් සම්ප්‍රදායික සිංහලේ රාජාවලිය පාදක කොටගෙන නිර්මාණය කොට ඇත. මෙය සිංහල ජාතික රජවරුන් ලැයිස්තුවක් නොවේ. සිංහල රාජාණ්ඩුව පාලනය කළ සියලු සිංහල සහ විදෙස් පාලකයින් කාලානුක්‍රමය අනුව මෙහි පෙළගස්වා ඇත.

වසර ලැයිස්තුව

මෙයද බලන්න: මාතෘකාව අනුව වසර ලැයිස්තුව එක් එක් වර්ෂ පිටු, මෙම පිටුව විසින් සූචිකරණය කෙරෙයි .

වොඩ්කා

වොඩ්කා (ඉංග්‍රීසි: Vodka, රුසියානු: водка, Ukrainian: горілка, සැකිල්ල:Lang-pl) යනු පැසවන ලද ධාන්‍ය හෝ අර්තාපල් වලින් නිපදවන අසවනයකල මද්‍යසාර පානයකි.

ස්‍රැති (සංගීතය)

The shruti (Sanskrit "thing heard", "sound"; also written as śruti) is the smallest interval of the tuning system in Indian classical music.

හිරු

සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු ‍අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහයන් ලෝක, ග්‍රහක, ධූමකේතු සහ දුවිලි ) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. ඊට ප්‍රධාන වශයෙන් දායක වන්නේ ප්‍රභාසංස‍්ලේෂණ ක්‍රියාවලියයි. ‍එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කැරෙයි.

සූර්යයා ගේ මතු පිට සංයුතිය හයිඩ්‍රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ.

සුර්යයාට ඇත්තේ G2V ලෙස හැදින්‍වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන කල සූර්යයා දිස්වන්නේ කහ පැහැයෙනි.

එහි වර්ණාවලිය සතුව අයනීකරණය වු සහ උදාසීන ලෝහ රේඛා මෙන්ම ඉතා දුර්වල හයිඩ්‍රජන් රේඛාද වේ. වර්ණාවලි පන්තියේ V යන්නෙන් අදහස් වන්නේ බොහෝ තාරකා මෙන්ම සුර්යයාද ප්‍රධාන අනුක්‍රමයේ තරුවක් බවයි. එනම්, එමගින් ශක්තිය නිපදවන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි හා හීලියම් න්‍යෂ්ටි විලයනයෙනි. අපගේ ගැලැක්සියේ G2 පන්තියේ තාරකා මිලියන 100 කට අධික සංඛ්‍යාවක් තිබේ. කුඩා සහ සාපේක්ෂව වැදගත් නොවන තරුවක් ලෙස සැලකණු සූර්යයා ගැලැක්සියේ ඇති තාරකා (රතු කුරැමිට්ටන්) 85% කටත් වඩා දීප්තිමත් බවක්පෙන්වයි.

ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයා‍ට ඇති දුර ආලෝක වර්ෂ 26,000 ක් පමණ වන අතර සූර්යයා එය වටා කක්ෂගත වේ. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක් ආලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් වේ) ගමන් කරයි. දැනට සොයා ගෙන ඇති කරුණු අනුව මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ ප්‍රස්ථාව ඇත.

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් 4 වැනිටය වැඩිම තාරකාව සූර්යයා වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.