සයිප්‍රස්

සයිප්‍රස් නිල වශයෙන් හඳුන්වන්නේ සයිප්‍රස් සමුහාණ්ඩුව යන නමිනි. නැගෙනහිර මධ්‍යධරණීය, දකුණු තුර්කිය, බටහිර සිරියාව හා ලෙබනන් අතර පවතින සයිප්‍රසය යුරේසියානු දුපත් රටකි. එය මධ්‍යධරණී මුහුදෙහි පිහිටි 3 වැනි විශාලතම දුපත වන අතර සංචාරකයින් අතර ජනප්‍රිය ස්ථානයකි. එහි ඉහල ආර්ථිකයක් හා ඉහල මානව සංවර්ධනයක් ඇත. සයිප්‍රස් සමුහාණ්ඩු‍ව ‍පොදු රාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙක් වන අතර, 2004 මැයි 01 දා යුරෝපානු සංගමය හා සම්බන්ධ වීම තෙක්ම එම තත්ත්වයේ පැවතුණි. 1974 දී අභ්‍යන්තර ජන ගැටුම් හේතුවෙන් අවුරුදු 11 කට පසු හා ග්‍රීක සයිප්‍රියානු ජාතිකයන් තුර්කිය සමඟ එක්ව රාජ්‍යය ආක්‍රමණය කොට රටෙහි උතුරු ප්‍රදේශය තමනට යටත් කර ගත්හ. මෙම අභ්‍යන්තර ගැටුම් හා තුර්කි ආක්‍රමණයෙන් සයිප්‍රියානුවන් දහස් ගණනක් අනාථ වු අතර තුර්කි සයිප්‍රියන් දේශපාලන සම්මුතියක් ගොඩනගන ලදී. මෙම සිද්ධීන් හා දැනට පවතින දේශපාලන තත්වය වර්තමානයේ ඇති ආරවුල වලට හේතූන්ය.

Flag of Cyprus
ජාතික ගීය "නිදහසේ දේවස්තෝත්‍ර ගීතිකාව"
             සිතියම
Cyprus in its region (de-facto)
අගනුවර සහ විශාලම නගරය නිකෝසියා
උතුරු අක්ෂාංශ 35°08' නැගෙනහිර දේෂාංශ 33°28′
රාජ්‍ය භාෂාව ග්‍රීක සහ ටර්කිෂ්
ජාතීන් 77% ග්‍රීක, 18% ටර්කිෂ්, 5% වෙනත් (2001)
රාජ්‍යය ජනාධිපති සමුහාණ්ඩුව
ජනාධිපති ඩිමිට්‍රිස් ක්‍රිස්ටොෆියස්
නිදහස එක්සත් රාජ්‍යයේ සිට
සුරිච් සහ ලන්ඩන් අතර ගිවිසුම 19 පෙබරවාරි 1959
EU රාජ්‍යයට පැමිණීම 1 මැයි 2004
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 9,215, වර්ග සැතපුම් 3,572
            ජනගහනය
2010 තක්සේරුව 801,851
2001 ජන සංඛ්‍යාකය 8,032,926
ඝනත්වය වර්ග කිලෝමීටර 117, වර්ග සැතපුම් 221
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 22.721
සාමාන්‍ය ඩොලර් 29,853
දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 24,922
සාමාන්‍ය ඩොලර් 32,745
ගිනි (2006) 29 (පහළ)
මානව සංවර්ධන දර්ශකය (HDI) (2007) 0.914(ඉතා ඉහළ)
මුදල් යුරෝ(EUR)
මං තීරුව වම
අන්තර්ජාල TLD .cy
දුරකථන සංකේත 357
ඉන්දුනීසියාව

නිල වශයෙන් ඉන්දුනීසියා ජනරජය ලෙසද හැඳින්වෙන ඉන්දුනීසියාව පිහිටා ඇත්තේ ගිනිකොණ දිග ආසියාව හා ඕෂේනියාවේ (පැසිපික් සාගරය අවට කලාපය ) ය. ඉන්දුනීසියාවට අයත් දූපත් සංඛ්‍යාව 17508 ක් වෙයි. මිලියන 230 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව ලෝකයේ හතරවැනි අධික ජනගහනයක් වෙසෙන රට වේ. එසේම විශාලතම සංඛ්‍යාවක් මුස්ලිම් ජනතාවක් වෙසෙන්නේ ද මෙරටෙහිය. ඡන්දයෙන් තෝරාපත් කරගනු ලබන ව්‍යවස්ථාදායකයක් සහ ජනාධිපතිවරයෙක් ද සිටින ඉන්දුනීසියාව, සමුහාණ්ඩුවක් වේ. ජාතික අගනගරය වනුයේ ජකර්තා නුවරයි. මෙම රට පැපුවා නිව් ගිනියා, නැගෙනහිර තිමෝරය හා මැලේසියාව සමඟින් ස්වකීය දේශ සීමාවන් හවුලේ පරිහරණය කරයි. අවශේෂ අසල්වැසි රටවල් අතරට සිංගප්පූරුව, පිලිපීනය, ඕස්ට්‍රේලියාව, අන්දමන් හා නිකෝබාර් දූපත් හි ඉන්දියානු පාලන ප්‍රදේශද අයත් වේ.

යටත් පිරිසෙයින් දාහත්වන සියවසේ සිට ඉන්දුනීසියානු දූපත් සමූහය වැදගත් වෙළඳ කලාපයක් බවට පත්ව තිබුණේය. මුලින් ශ්‍රී විජය ද, අනතුරුව 'මාජපහිත්‍රාඩඩ්' (Majapahittraded) ද, චීනය සහ ඉන්දියාව සමඟ ද වෙළඳ සබඳතා පැවැත්වුහ. මුල් ශතවර්ෂයන්හි සිට දේශීය පාලකයෝ, සංස්කෘතික, ආගමික හා දේශපාලනික කේෂ්ත්‍රයන්හිලා ඉන්දියානු ආදර්ශක හා අකෘතීන් තෝරා ගත්හ. එහෙයින් එංගලන්ත සභාවට අයත් (church of England) හා හින්දු සහ බෞද්ධ රාජධානි සශ්‍රීක විය. ඉන්දුනීසියාවේ ස්වාභාවික සම්පත් වෙත ඇදී ආ විදේශ බලවතුන්ගේ ආභාශය නිසා ඉන්දුනීසියානු ඉතිහාසයට බලපෑමක් ඇතිවිය. මුස්ලිම් වෙළෙන්දෝ ඉස්ලාම් ධර්මය රැගෙන ආහ. දේශ ගවේෂණ සමයෙහි දී 'සයිප්‍රස්' දූපත් හි ද, මලුකුහි ද (Maluku) වෙළඳ ඒකාධිකාරය පවත්වාගෙන යනු පිණිස යුරෝපීය බලවත්තු එකිනෙකා සමඟ දබර කර ගත්හ. සියවස් තුනහමාරක ඕලන්ද යටත් විජිත වාදයෙන් ඉක්බිති, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඉන්දුනීසියාව ස්වකීය රටට නිදහස ලබා ගැනීමට සමත් විය. ස්වාභාවික ව්‍යසන, දූෂණ, බෙදුම් වාදය, ප්‍රජාතන්ත්‍රිකරණ ක්‍රියාවලිය, ඉක්මන් ආර්ථික වෙනස්කම් සිදුකළ කාල පරිච්ඡේදයන්, යනාදිය වෙතින් පැන නැංගා වූ අභියෝග හේතු කොට ගෙන, ඉන්දුනීසියාව නිදහසින් පසු අවුල් සහගත තත්ත්වයකට බඳුන් වුයේය.

ඉන්දුනීසියාවට අයත් දූපත් හි අසමාන ජන වර්ග, භාෂාමය හා ආගමික කණ්ඩායම් වෙති. ‍විශාලම ජනවර්ගය වූ ජාවානුවැසියෝ දේශපාලනමය වශයෙන් බලවත් ජන කණ්ඩායමයි. ජාතික භාෂාව, ජනවාර්ගික අසමානකම්, බහුතර මුස්ලිම් ප්‍රජාව තුළ ආගමික බහුත්වවාදය, අධිරාජ්‍යවාදය හා ඊට එරෙහි කැරලි ගැසීම් පිළිබඳව ඉතිහාසය යනාදියෙන් විදහා දැක්වෙන්නා වූ අනන්‍යතාවන් ඉන්දුනීසියාව විසින් වර්ධනය කර තිබේ. ඉන්දුනීසියාවේ ජාතික ආදර්ශ පාඨය වන 'බිනේකා තුන්ගල් කා' (unity in Diversity' )ව්‍යාංගාර්ථ අනුව 'Many yet one' යන පාඨය “ඊට හැඩගස්වන අසමානතා” යන්න පැහැදිලි කරයි. විශාල ජනගහනයක් සිටියද, අසීමිත ජන සංඛ්‍යාවක් වාසය කරන ප්‍රදේශ තිබුණද, ලොව දෙවන ඉහළම ජෛව විවිධත්වයට උරුම කියන්නා වූ ඉන්දුනීසියාවේ ඊට සහාය වන්නා වූ ජනශුන්‍ය හා වල්බිහිව පවතින ප්‍රදේශ රාශියක්ද තිබේ. මෙම රට ස්වාභාවික සම්පත් වලින් අනූනව වුව ද, නූතන ඉන්දුනීසියාවේ දරිද්‍රතාවය පුළුල් ලෙස පැතිර යමින් රැදී තිබේ.

ඊශ්‍රායලය

ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුග‍යේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්‍රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්‍රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.

යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්‍රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත.

පාර්ලිමේන්තු ක්‍රමය හා සර්වජන ඡන්ද ක්‍රමය ද ඇතුලත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය සහිත ඊශ්‍රායලය සංවර්ධිත රටකි. අග්‍රාමාත්‍යවරයා රජයේ නායකයා වන අතර 'නෙසට්' ( Knesset) නම් වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය, ඊශ්‍රායල‍යේ ව්‍යවස්ථාදායකය වෙයි.

'නාමික දළ දේශිය නිෂ්පාදිතය' මත පදනම් වූ ආර්ථිකය, 2008 වසරේ දී වාර්තා වූයේ ලොව 41 වන විශාලතම ආර්ථිකය ලෙසිනි. එක්සත් ජාතීන්ගේ 'මානව සංවර්ධන දර්ශකයේ' මැදපෙරදිග රටවල් අතර ඉහලම මට්ටම වාර්තා වන්නේ ඊශ්‍රායලයෙනි. වැඩිම ජිව්‍ය කාලය වාර්තා වන රටවල් අතරින් ද, ඊශ්‍රායලය එකකි. ප්‍රධාන මුල්‍ය මධ්‍යස්ථානය 'ටෙල් අවීව්' වන අතර, ජාත්‍යන්තර වශයෙන් නොපිළිගත් නමුත් ඊශ්‍රායලයේ අගනගරය වන්නේ 'ජෙරුසෙලමය'.

උතුරු සයිප්‍රසය

උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි.

දිවයින, ග්‍රීසිය වෙතට අත්පත් කරගැනීමේ වෑයමක් ලෙස 1974 දී සිදු වූ කුමන්ත්‍රණයක්, සයිප්‍රසය වෙත තුර්කි ආක්‍රමණයක් සිදු වීමට මග පාදන ලදී. මේ නිසා බොහෝ ග්‍රීක-සයිප්‍රස වැසියන් උතුරින් නෙරපාහැරීම, දකුණින් තුර්කි-සයිප්‍රස වැසියන් සම්ප්‍රාප්ත වීම සහ 1983 දී උතුරෙහි ස්වාධීනත්වය පිළිබඳ ඒකපාර්ශ්විකව ප්‍රකාශයට තුඩුදෙමින් දිවයින කොටස්වලට බෙදීයාම වැනි සිදුවීම් ප්‍රතිඵල විය. අන්තර්ජාතික පිළිගැනීම ඉතා මඳ බැවින් උතුරු සයිප්‍රසය ආර්ථික, දේශපාලනික සහ හමුදාමය සහාය සඳහා තුර්කිය මත විශාල වශයෙන් යැපේ.සයිප්‍රස අර්බුදයට විසඳුමක් සෙවීමට දරණ ලද වෑයම් අසාර්ථක වී ඇත. තුර්කි හමුදාව උතුරු සයිප්‍රසය තුළ විශාල බලයක් හිමිකරගෙන සිටී. එහි පැවැත්ම TRNC රජය විසින් අනුමත කර සහයෝගය ලබාදෙන නමුත් සයිප්‍රස ජනරජය සහ අන්තර්ජාතික ප්‍රජාව විසින් එය බලෙන් අත්පත් කර ගැනීමක් ලෙස සළකනු ලබන අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලීන් කිහිපයකදීම එහි පැවැත්ම හෙළාදකිනු ලැබ ඇත.

විවිධ ආභාෂයන්ගෙන් පෝෂණය වූ සංස්කෘතිකමය උරුමයක් සහ සේවා අංශයේ ආධිපත්‍යයට නතු වූ ආර්ථිකයක් සහිත උතුරු සයිප්‍රසය, අර්ධ-ජනාධිපති, ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වේ. 2000 සහ 2010 කාල වකවානු වලදී, 2000 කාලයේදී පැවතියාට වඩා තෙගුණයක ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයක් සමඟ ආර්ථිකය වර්ධනය වී ඇති නමුත් සයිප්‍රස් ජනරජය විසින් උතුරු සයිප්‍රසයේ වරායයන් නිළ වශයෙන් වසා දැමීම නිසා පැවැත්වෙන අන්තර්ජාතික සම්බාධකයක් මගින් එය රඳවාගෙන සිටිනු ලබයි. පැහැදිලිව වෙනස් දේශීය භාෂාවක් භාවිතයේ තිබුණ ද නිළ භාෂාව වන්නේ තුර්කි භාෂාවයි. ආගමික ආකල්ප, මධ්‍යස්ථ හා ලෞකික වන අතර ජනගහණයෙන් අති මහත් බහුතරය සුන්නි මුස්ලිම්වරුන් වෙයි.

ඒකීය රාජ්‍ය

ඒකීය රාජ්‍යයක් යනු, අත්‍යන්තයෙහිදී මධ්‍යම රජය උත්තරීතර වන්නාවූ සහ මධ්‍යම රජය විසින් පවරා දීමට අභිමත බලයන් පමණක් ඕනෑම පරිපාලන කොට්ඨාශයක් (උප-ජාතික ඒකක) විසින් ක්‍රියාත්මක කරනු ලබන්නාවූ පරිදී එක් බලාධිකාරියක් විසින් පාලනය කෙරෙන රාජ්‍යයකි.

ග්‍රීක භාෂාව

ග්‍රීක (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈɣlosa] "ග්‍රීක භාෂාව) යනු ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ නිදහස් ශාඛාවකි. දක්ෂිණ බෝල්කන්, එජියන් දූපත්, බටහිර සුළු ආසියාව සහ සයිප්‍රස් ජාතිකයන්ගේ ජන්ම භාෂාව වෙයි. සියවස් 34 කට අධික ලිඛිත වාර්තා සහිත මෙම භාෂාව, ඉන්දු - යුරෝපීය භාෂා අතුරින් දීර්ඝතම දත්තගත ඉතිහාසයක් සහිත භාෂාව වෙයි. ග්‍රීක හෝඩිය පදනම් කරගෙන එහි ලිවීමේ ක්‍රමය සකස් වී ඇත. ලයිනියර් B සහ සිප්රියෝට් අක්ෂර මාලාව වැනි වෙනත් පද්ධතීන් ද ඊට පෙර භාවිත වී තිබිණි. ෆිනීෂියානු අක්ෂර මාලාව මගින් ග්‍රීක හෝඩිය වැඩි දියුණු වූ අතර ලතින්, සිරිලික්, කොප්ටික් සහ වෙනත් බොහෝ ලිවීමේ ක්‍රමයන්ද ඇසුරු කර ඇත.

යුරෝපා ඉතිහාසයෙහි ග්‍රීක භාෂාවට අද්විතීය ස්ථානයක් හිමිවෙයි. බටහිර සභ්‍යත්වය සහ ක්‍රිස්තියානිත්වයෙහි වර්ධනයට එහි ආභාෂය බෙහෙවින් ලැබුණි. ග්‍රීක සාහිත්‍යය ඉලියඩ් සහ ඔඩිසි වැනි මහා වීර කාව්‍යයන්ගෙන් සමන්විත වෙයි. බටහිර දර්ශන විද්‍යාව, ප්ලේටෝනික සංවාද මෙන්ම ඇරිස්ටෝටල්ගේ ක්‍රියාකාරකම් වලදී පදනම් භාෂාව වුයේ ද ග්‍රීක භාෂාවයි. කතෝලික බයිබලයේ නව තෙස්තමේන්තුව ලියැවුනේ කොයිනේ ග්‍රීක භාෂාවෙනි. ලතින් පාඨ ග්‍රන්ථ සහ රෝමානු ලෝකය සමඟ එකතුව ග්‍රීක පාඨ ග්‍රන්ථ සහ පුරාතන ග්‍රීක සමාජය අධ්‍යයනය, සම්භාව්‍ය සභ්‍යත්වයෙන් සමන්විත වෙයි.

පුරාතන සම්භාව්‍යත්වය තුලදී, මධ්‍යධරණී ලෝකයෙහි පුළුල්වම ව්‍යාප්ත වූ භාෂා ව්‍යවහාරය වූයේ ග්‍රීක භාෂාවයි. එමෙන්ම එය බයිසැන්තියම් අධිරාජ්‍යයේ නිල භාෂාව බවට ද පත් විය. ග්‍රීසියෙහි සහ සයිප්‍රසයෙහි නිල භාෂාව වන නවීන ග්‍රීක භාෂාව, යුරෝපා සංගමයේ නිල භාෂා 23න් එකකි. මෙම භාෂාව ග්‍රීසියෙහි, සයිප්‍රසයෙහි, ඇල්බේනියාවේ බොහෝ ප්‍රදේශයන්හි සහ ග්‍රීක ඩයස්පොරාවෙහි අඩු තරමින් මිලියන 13ක් වූ ජනතාවක් විසින් අද භාවිත කරනු ලබයි.

ග්‍රීක සහ ලතින් භාෂා අන්තර්ජාතික විද්‍යා වාග් මාලාවෙහි අතිප්‍රමුඛ මුලාශ්‍රයෝ වෙති.

ජාතික නිදහස් දින ලැයිස්තුව

නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් හමුදාමය අධිවාසයක් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.

ඩොමීනියන් රාජ්‍යය

ඩොමීනියන් රාජ්‍යයන් යනු, 19වන සියවසෙහි අවසන් භාගයෙහි සිට, නාමික වශයෙන් කිරීටය යටතේ පැවති සහ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලය සැදූ, ස්වතන්ත්‍ර දේශපාලන තන්ත්‍රයන් වූහ. ඒවා අතර, කැනඩාව, ඕස්ට්‍රේලියාව, පකිස්තානය, ඉන්දියාව, ලංකාව (ශ්‍රී ලංකාව), නවසීලන්තය, නිව්ෆවුන්ඩ්ලන්ඩ්, දකුණු අප්‍රිකාව සහ, අයර්ලන්ත නිදහස් රාජ්‍යය වූහ. 1926බැල්ෆෝර් ප්‍රකාශනය වෙතින් ඩොමීනියන් රාජ්‍යයන් පිළිගනුලැබුනේ "බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුල ස්වතන්ත්‍ර ප්‍රජාවන්" ලෙසින් වන අතර, ඉන්පසු දශකයන් තුලදී, ඩොමීනියානු රාජ්‍යයන්, එක්සත් රාජධානිය වෙතින් පූර්ණ ස්වෛරී විය. ජාතීන්ගේ පොදු රාජ්‍ය මණ්ඩලය තුල ස්වෛරී ව්‍යවස්ථාදායක රාජාණ්ඩු බවට පත්වී, පූර්ණ ස්වෛරීත්වයට පෙර පැවති රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය, ස්වීය රාජ පෙළපත සහ රාජ උරුමක්‍රමය ලෙසින් පවත්වාගෙන ගියේ නම්, වසර 1953 ට පසුව ඒවා, පොදු රාජ්‍ය මණ්ඩල අධිකාර ක්ෂේත්‍රයන් ලෙසින් හැඳින්විණි.

කිසියම් බල ප්‍රදේශයක් හැඳින්වීමට, පෙරදී "ඩොමීනියන් රාජ්‍යය" යන පදය භාවිතය, 16වන සියවස තරම් ඈත අතීතයට විහිදෙන අතර, 1535 සිට 1800 පමණ දක්වා, වේල්සය විස්තර කිරීමට සමහරවිට භාවිතා කෙරිණි.

නේ ස්ලාම්ස් ෆ්මගුස්තා FC

නේ සලාමිස් ෆමගුස්තා FC හෝ නේ සල්මිනා ෆමගුස්තා FC (Nea Salamis Famagusta FC or Nea Salamina Famagusta FC) (Greek: Νέα Σαλαμίνα Αμμοχώστου) යනු සයිප්‍රස් රටේ අමොචොස්ටොස් (නොහොත් ෆ්මගුස්තා යන ආදරණීය නමින් හදුන්වන) ප්‍රදේශයේ පිහිටි වෘත්තීය පාපන්දු සමාජයකි. එය 1974 සිට එය අනාථ සංගමයක්ව පවතින්නේ තුර්කි ආක්‍රමණය හේතුවෙන්, සයිප්‍රස් දිවයිනේ උතුරු කොටසේ තුර්කීන් පදිංචිවීම නිසාය. දැනට මෙම සංගමය ලුමාකා හි තාවකාලිකව පිහිටුවා ඇත.

නේ සලමිනා ගේ වඩාත්ම වාර්ථාගත ජයග්‍රහණ වන්නේ 1990 දී සයිප්‍රස් කුසලාණ සහ සයිප්‍රස් පලිහ (විශේෂ කුසලාණ) දිනාගැනීමයි. එය සයිප්‍රස් ප්‍රථම අංශයෙන් ලැබූ ඉහලතම සමත්කම වන්නේ තෙවන ස්ථානයයි. එහි පලමු පස් අවුරුදු (1948-1953) කාළයේදී, සයිප්‍රස් ආදුනික පාපන්දු ෆෙඩරේෂනයේ ශූරතාව සදහා සහභාගීවිය. සංගමය 1953 දී සයිප්‍රස් පාපන්දු සංගමයට (CFA) සම්බන්ධවී, නිරතුරුවම සංගම් ශූරතාවයන්ට හා කුසලාන් ජයග්‍රහණ සදහා තරගකරණ ලදී. එය සයිප්‍රස් පළමු කොටසේ තරගවාර 50 කටත් අධික ප්‍රමාණයකට ක්‍රීඩා කර ඇති අතර, එම කොටසේ හත්වන ස්ථානය ට ශ්‍රේණිගතවිය.

මෙම කණ්ඩායම පළමු වතාවට යුරෝපීය කුසලාන ජයග්‍රාහීකුසලාන සදහා 1990 දී යුරෝපීය තරගාවලියට සහභාගීවී, 1995 , 1997 සහ 2000 දී UEFA Intertoto කුසලාන සදහා සහභාගීවිය. 1948 දී පිහිටවූ මෙම කණ්ඩායම, නේ සල්මිනා ෆමගුස්තා ක්‍රීඩා සමාජයේ කොටසක් වන අතර, මව් සංගමෙය පාපන්දු ක්‍රීඩකයන් ගෙන් ද සමන්විතය.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය

නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) යනු ලොව බල කඳවුරු සමග රූපාත්මකව තදින් බැඳීම හෝ එරෙහි වීම හෝ නොවීම හා තම රටේ සුබ සිද්ධියට අදාලව නිදහස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම වෙනුවෙන් පිහිටුවා ගත්, ස්වාධීන රාජ්‍යයන් සමූහයක එකමුතුවකි. 2012 වසර වන විට සංවිධානය සතුව සාමාජික රාජ්‍යයන් 120 දෙනෙකු සහ නිරික්ෂක රාජ්‍යයන් 17 ක් විය.නොබැඳි ජාතීන්ගේ සංවිධානය 1961 වසරේ බෙල්ග්‍රේඩ් හීදී නිල වශයෙන් පිහිටුවා ගන්නා ලදී. සංවිධානය පිහිටුවීම සඳහා ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍ය, ජවහර්ලාල් නේරු; ඉන්දුනීසියාවේ ප්‍රථම ජනපති, සුකර්ණෝ; ඊජිප්තුවේ දෙවන ජනපති, Gamal Abdel Nasser; ඝානාවේ ප්‍රථම ජනපති ක්වාමේ න්කෘමාහ්; සහ යුගෝස්ලෝවියාවේ ජනපති, Josip Broz Tito යන නායකයින් මගපෙන්වූ බව සඳහන් වෙයි. දෙවන ලෝක යුද්ධය අවසන්ව සීතල යුද්ධය ඇරඹීමත් සමග සෝවියට් දේශය සහ ඇමරිකාව ලෝකයේ බල කඳවුරු දෙකක් වශයෙන් නැගී සිටීමත්, ඔවුන් විසින් ලොව අනෙකුත් නව නිදහස් ජාතීන් සිය කඳවුරු වෙත හරවා ගැනීමට උත්සාහ දැරීම නිසාත්, ඉන් එකදු බල කඳවුරකටවත් ගැති නොවී තම රටේ සුබ සිද්ධියට අදාලව ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට තුන්වන ලෝකයේ ජාතීන්ට උවමනා වූ අතර, ඒ වෙනුවෙන් සකසා ගත් ස්වාධීන ප්‍රතිපත්ති අනුගමනය කිරීම, නොබැඳි පිළිවෙත නම් වේ.

වර්ථමානයේ ලෝකයේ රාජ්‍යයන් 120 ක් සාමාජිකත්වය හිමිකරගෙන ඇති නොබැඳි ජාතීන්ගේ සංවිධානයට, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගෙන් තුනෙන් දෙකක් අයත්වන අතර, එය ලෝක ජනගහණයෙන් 55% ක් පමණ නියෝජනය කරයි. සංවිධානයේ සාමාජිකත්වය ලබාදීමේදී අදාල රාජ්‍යය සංවර්ධනය වෙමින් පවතින හෝ තුන්වන ලෝකයට අයත් කොටසක්ද යන්න මූලික වශයෙන් සලකා බලනු ලැබේ.

පුරාතන ලෝකය - පුරාතන ග්‍රීසිය

පුරාතන ග්‍රීසිය යනු ක්‍රිස්තියානි ආගමේ නැගී සිටීම තෙක් සහස්‍රකයකට ආසන්න කාලයක් පැවති ග්‍රීක ඉතිහාසයේ යම් කාල පරිච්ඡේදයකි බොහොමයක් ඉතිහාසඥයින් එය සලකනු ලබන්නේ බටහිර ශිෂ්ටාචාරයට පදනම් වූ සංස්කෘතිය ලෙසය. ග්‍රීක සංස්කෘතිය රෝමානු අධිරාජ්‍යයේ බලවත් බලපෑමක් වූ අතර එමගින් එය යුරෝපයේ බොහොමයක් කොටස් කරා රැගෙන ගියේය.

පුරාතන ග්‍රීකයන්ගේ ශිෂ්ටාචාරය නූතන ලෝකයේ භාෂාව , දේශපාලනය , අධ්‍යාපන පද්ධතිය , දර්ශනය, විද්‍යාව , කලාව හා වාස්තු විද්‍යාව මත අධික බලපෑමක් එල්ල කර ඇත. තවද එය බටහිර යුරෝපයේ පුනරුදයට අනුබල දුන් අතර නැවත 18 හා 19 වන සියවස් වල යුරෝපානු හා ඇමරිකානු නව සම්භාව්‍යය පුනරුදය අතරතුරදී නැවත නැගී සිට ඇත.

පුරාතන ග්‍රීසිය යන වදන යොදා ගැනෙන්නේ පුරාණික කාලයේදී ග්‍රීක භාෂාව කතා කළ ලෝකය විස්තර කිරීමටය. එමගින් හැඳින් වෙන්නේ නූතන ග්‍රීසියේ භූ විද්‍යාත්මක ප්‍රදේශය පමණක් නොවන අතර එයට පෞරාණික කාලයේදී ග්‍රීකයන් විසින් ස්ථාපනය කළ හෙළනික සංස්කෘතික ප්‍රදේශයන් වන සයිප්‍රස් හා ඊජියානු දූපත් , ඇනටෝලියාහි ඊජියානු වෙරළ තීරය (එවකට අයෝනියාව ලෙස හැඳින් වූ) සිසිලිය හා දකුණු දිග ඉතාලිය ( මැග්නා ග්‍රැෂියා ලෙස හැඳින් වූ ) හා කොල්කිස් , ඉලිරියා , ත්‍රේස් , ඊජිප්තුව , සිනෙරයිකා , දකුණු දිග ගෝල් දේශය, අයිබීරියානු වෙනුසියුලාවේ නැගෙනහිර හා ඊසාන දිග ප්‍රදේශ , අයිබීරියාව හා ටවුරිකාවෙහි වෙරළවල තිබූ විසිරුණු ග්‍රීක ජනාවාස ඇතුළත් වේ.

එහි 12 වන සියවසේ පැවතීම අතරතුරදී රෝමාණු ශිෂ්ටාචාරය රාජාණ්ඩුවක සිට රදල සමූහාණ්ඩුවකටද එතැන් සිට සුවිසල් අධිරාජ්‍යයකටද වර්ධනය වීය. එය ආක්‍රමණ කිරීම් හා සටන් හරහා බටහිර යුරෝපය හා මධ්‍යධරණී මුහුද වටකර සිටින මුළු ප්‍රදේශයම තම යටතට ගත්තේය. කෙසේ නමුත් රෝමාණු අධිරාජ්‍යයේ බිඳ වැටීම සඳහා කරුණු කිහිපයක් හේතු විය. හිස්පේනියාව,ගෝල් දේශය හා ඉතාලිය ඇතුළත් අධිරාජ්‍යයේ බ‍ටහිර කොටස පස්වන සියවසේදී ස්වාධීන රාජධානි බවට තිබුණු අතර කොන්ස්තන්තිනෝපලයේ සිට පාලනය කළ නැගෙනහිර අධිරාජ්‍යය කි පූ 476 න් පසුව බයිසන්ටයින් අධිරාජ්‍යය ලෙස හැඳින්වුණි. මෙය රෝමයේ බිඳ වැටීම සඳහා වූ සාම්ප්‍රදායිකව පිළිගන්නා දිනය විය.

අතීත ග්‍රීක ශිෂ්ඨාචාරය තුළ සම්මත වශයෙන් ගත්කල ආරම්භයක් හෝ අවසානයක් පිළිබඳ දින සටහනක් නොමැත. ග්‍රීක ශිෂ්ඨාචාරය ලෙස පොදුවේ හඳුන්වන්නේ රෝමය යටත් කර ගැනීමට පෙර කාලයයි. එය ඉතිහාසඥයින් පවසන අන්දමට එහි නිවැරදිම කාලයයි.

පොදු රාජ්‍ය මණ්ඩලය

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍යනායක සමුළුව

පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස

දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි.(බ්‍රිතාන්‍ය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ"සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය| තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.

මමිය

මමියක් යනු, හිතාමතා හෝ අහම්බෙන් හෝ රසායනයන්, අධික ශීතල, ඉතා අඩු ආර්ද්‍රතාවය හෝ, වාතය නොමැති වීම වෙතට නිරාවරණය වීමෙන්, එහි සම සහ ඉන්ද්‍රියයන් සංරක්ෂණය වීම නිසා, සිසිල් සහ වියලි තත්ත්වයන් යටතේ තැබුවහොත් තවදුරටත් ක්ෂය නොවන, මරණයට පත්වූ මනුෂ්‍යයෙකු හෝ සත්ත්වයෙකු වෙයි. මිනිසුන්ගේ හා අනෙකුත් සතුන්ගේ මමීන්,අසමාන්‍ය තත්ත්ව හරහා ස්වාභාවික සංරක්ෂණයේ හෝ මරණ සුරක්ෂා කිරීම සදහා වු සංස්කෘතිකමය මානව කෘති වල ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් හමුවී ඇත.

මවුවරුන්ගේ දිනය

මවුවරුන්ගේ දිනය යනු, මවුවරුන් සහ මාතෘත්වයටද, මාතෘමය බැඳීම් වලටද සහ, සමාජය කෙරෙහි මවුවරුන්ගේ බලපෑමටද ගරු කිරීමට පැවැත්වෙන වාණිජ උත්සවයකි. ලොව බොහෝ ප්‍රදේශ වල මෙම උත්සවය විවිධ දිනයන්හී පැවැත්වෙන අතර, බහුල ලෙසින් මාර්තු හෝ මැයි මාසයන්හී පැවැත්වෙයි. පියවරුන්ට ගරුකිරීමට පැවැත්වෙන් මෙවැනි උත්සවයක් වන පියවරුන්ගේ දිනය මෙයින් අනුපූරණය කෙරෙයි.

මවුවරුන්ගේ දිනය පැවැත්වීම එක්සත් ජනපදයෙහි ඇරඹුනේ 20වන සියවසෙහි මුල් අවදියෙහිය; මවුවරුන් සහ මාතෘත්වය අරභයා වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා පැවැති, සිබලේ සඳහා ග්‍රීක ඇදහීම, ඉලාරියා නම් රෝමානු උත්සවය හෝ, ක්‍රිස්තියානි මාතෘත්ව ඉරිදා දිනය වැනි බොහෝ උත්සව වලට මෙහි සම්බන්ධයක් නොමැත.

මානව සංවර්ධන දර්ශකය

මානව සංවර්‍ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාව, අධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.

මෙම දර්‍ශකය මානව සංවර්ධන ප්‍රවේශය මත පදනම් වී ඇත. උල් හක්ට අනුව මෙහි රාමුව වන්නේ මිනිසුන්ට කැමති දේ "වීමට" හා "කිරීමට" ඇති හැකියාව යි. උදාහරණ ලෙස ---වීම්: නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම; කිරීම්: රැකියා, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, ප්‍රජා දිවියට සහභාගී වීම. තවත් ප්‍රධාන කරුණක් වන්නේ තෝරා ගැනීමට ඇති නිදහස යි; යමෙක් ස්වේච්ඡාවෙන් නිරාහාර ව සිටීම (උපවාසය) යමෙක් හට අහර මිලදී ගැනීමට නො හැකි ව නිරාහාර ව සිටීමෙන් ඉතා වෙනස් තත්ත්වයකි.

යුරෝනිව්ස්

යුරෝනිව්ස් යනු යුරෝපය පදනම් කරගත්, භාෂා කිහිපයකින් සිය විකාශන කටයුතු මෙහෙයවන රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවකි. 1993 ආරම්භ කල මෙම නාලිකාවේ ප්‍රධාන මූලස්ථානය ප්‍රංශයේ Lyon-Écully හී පිහිටුවා තිබෙයි. යුරෝපියානු කලාපයේ දෘෂ්ඨිකෝණයන්ට අනුරූප වන ලෙස මෙහි විකාශනයන් සිදු කෙරේ. මෙම නාලිකාව යුරෝපා කොමිසමේ (European Commission) ප්‍රචාරණ මාධ්‍යයක්, ලෙස ක්‍රියා කරන බවට චෝදනාද එල්ල වෙයි.

ලෝකයේ රටවල්

ඇෆ්ගනිස්තානය

ඇල්බේනියාව

ඇල්ජීරියාව

සැකිල්ල:AND

ඇන්ගෝලාව

සැකිල්ල:ANT

ආර්ජන්ටිනාව

ආර්මේනියාව

ඇරුබා

ඇමරිකානු සැමෝවා

ඕස්ට්‍රේලියාව

ඔස්ට්‍රියාව

අසර්බයිජාන්

බහාමාස් [14]

බංග්ලාදේශය [15]

සැකිල්ල:BAR [16]

බුරුන්ඩි [17]

බෙල්ජියම [18]

බෙනින් [19]

බර්මියුඩා [20]

භූතානය [21]

බොස්නියා සහ හර්සගෝවිනා [22]

බෙලීස් [23]

බෙලාරූස් [24]

බොලිවියාව [25]

බොට්ස්වානා [26]

Brazil [27]

බෲනයි [28]

සැකිල්ල:BRU [29]

බල්ගේරියාව

බර්කිනා ෆාසෝ

මධ්‍යම අප්‍රිකානු ජනරජය [32]

කාම්බෝජය [33]

කැනඩාව [34]

කේමන් දූපත් [35]

කොන්ගෝ ජනරජය [36]

චැඩ් [37]

චිලි [38]

China [39]

කෝට් ඩවාර් [40]

කැමරූන් [41]

කොන්ගෝ ප්‍රජාතාන්ත්‍රීක ජනරජය [42]

කුක් දිවයින් [43]

කොලොම්බියාව [44]

කොමරොස් [45]

කේප් වර්ඩ් [46]

කොස්ටා රිකා [47]

ක්‍රොඒෂියා [48]

කියුබාව [49]

සයිප්‍රස් [50]

චෙක් ජනරජය

ඩෙන්මාර්කය [52]

ජිබුටි [53]

ඩොමිනිකා [54]

ඩොමිනිකන් ජනරජය

ඉක්වදෝරය

ඊජිප්තුව [57]

එරිට්‍රියා [58]

එල් සැල්වදෝරය [59]

ස්පාඤ්ඤය [60]

එස්ටෝනියා [61]

ඉතියෝපියාව [62]

ෆිජී [63]

ෆින්ලන්තය [64]

ප්‍රංශය [65]

මයික්‍රොනීසියා ගිවිසුම් ජනපද

ගැබෝන් [67]

ගැම්බියාව [68]

එක්සත් රාජධානිය [69]

ගිනි-බිසව් [70]

ජෝර්ජියාව [71]

නිරක්‍ෂීය ගිනි රාජ්‍යය [72]

ජර්මනිය [73]

ඝානාව [74]

ග්‍රීසිය [75]

ග්‍රෙනාඩා [76]

ගෞතමාලාව [77]

ගිනි [78]

ගුවාම් [79]

ගයනා

හෙයිටි [81]

හොංකොං [82]

හොන්ඩූරස් [83]

හන්ගේරියාව

ඉන්දුනීසියාව [85]

ඉන්දියාව [86]

ඉරානය [87]

අයර්ලන්තය [88]

ඉරාකය [89]

අයිස්ලන්තය [90]

ඊශ්‍රායෙලය [91]

එ.ජ. වර්ජින් දිවයින් [92]

ඉතාලිය [93]

බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්

ජැමෙයිකාව [95]

ජෝර්දානය [96]

ජපානය

කසකස්තානය [98]

කෙන්යාව [99]

කියර්ගිස්තානය [100]

කිරිබතී [101]

දකුණු කොරියාව [102]

සවුදි අරාබියාව [103]

කුවේටය

ලාඕසය [105]

ලැට්වියාව [106]

ලිබියාව [107]

ලයිබීරියාව [108]

ශාන්ත ලුසියා [109]

ලෙසොතෝව [110]

ලෙබනනය [111]

ලෙයිච්ටෙන්ස්ටෙයින් [112]

ලිතුවේනියාව [113]

ලක්සම්බර්ග්

මැඩගස්කරය [115]

මොරොක්කෝව [116]

මලයාසියාව [117]

මලාවි [118]

මෝල්ඩෝවා [119]

මාලදිවයින [120]

මෙක්සිකෝව [121]

මොන්ගෝලියාව [122]

මාෂල් දිවයින් [123]

සැකිල්ල:රටේ දත්ත මැසඩෝනියා [124]

සැකිල්ල:MLI [125]

සැකිල්ල:MLT [126]

සැකිල්ල:MNE [127]

සැකිල්ල:MON [128]

සැකිල්ල:MOZ [129]

සැකිල්ල:MRI [130]

සැකිල්ල:MTN [131]

බුරුමය

සැකිල්ල:NAM [133]

නිකරගුවා [134]

නෙදර්ලන්තය [135]

නේපාලය [136]

සැකිල්ල:NGR [137]

සැකිල්ල:NIG [138]

සැකිල්ල:NOR [139]

සැකිල්ල:NRU [140]

සැකිල්ල:NZL

සැකිල්ල:OMA

පකිස්තානය [143]

සැකිල්ල:PAN [144]

සැකිල්ල:PAR [145]

සැකිල්ල:PER [146]

Philippines [147]

පලස්තීනය [148]

සැකිල්ල:PLW [149]

සැකිල්ල:PNG [150]

පෝලන්තය [151]

සැකිල්ල:POR [152]

සැකිල්ල:PRK [153]

සැකිල්ල:PUR

සැකිල්ල:QAT

රුමේනියාව [156]

දකුණු අප්‍රිකාව [157]

රුසියාව [158]

සැකිල්ල:RWA

සැකිල්ල:SAM [160]

සැකිල්ල:SEN [161]

සැකිල්ල:SEY [162]

සැකිල්ල:SIN [163]

සැකිල්ල:SKN [164]

සැකිල්ල:SLE [165]

සැකිල්ල:SLO [166]

සැන් මරිනෝ [167]

සැකිල්ල:SOL [168]

සෝමාලියාව [169]

සර්බියාව [170]

ශ්‍රී ලංකාව [171]

සැකිල්ල:STP [172]

සැකිල්ල:SUD [173]

ස්විට්සර්ලන්තය [174]

සුරිනාමය [175]

ස්ලොවැකියාව [176]

ස්වීඩනය [177]

ස්වාසිලන්තය [178]

සිරියාව

ටැන්සානියාව [180]

සැකිල්ල:TGA [181]

තායිලන්තය [182]

ටජිකිස්තානය [183]

ටර්ක්මෙනිස්තානය [184]

සැකිල්ල:TLS [185]

ටොගෝ [186]

චීන තායිපේ [187]

ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ [188]

ටියුනීසියාව [189]

තුර්කිය [190]

ටුවාලු

එක්සත් අරාබි එමිරේට්ස් [192]

උගන්ඩාව [193]

යුක්‍රේනය [194]

සැකිල්ල:URU [195]

United States [196]

උස්බෙකිස්තානය

සැකිල්ල:VAN [198]

වෙනිසුයෙලාව [199]

වියට්නාමය [200]

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්

යේමනය

සැම්බියාව [203]

සිම්බාබ්වේ

ස්වභාවික වෘක්‍ෂලතා

ස්වභාවික වෘක්‍ෂලතා යනුවෙන් හඳුන්වනුයේ මිනිසාගේ බලපෑමෙන් තොරව ඉබේ වැඩෙන ශාක හා පැළෑටියි. නමුඳු ලෝකයේ විශාල කොටසක් සම්බන්ධයෙන් ස්භාවික වෘක්‍ෂලතා යන වචනය භාවිත කළ නොහැකි වේ. එයට හේතුව මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසාවෙන් මුලින් තිබූ ශාක ආවරණය නොමැති වීමයි.පොළව මත ඇති අනේක විධ ශාක සංගම් වල ස්භාවය රඳා පවතින්නේ නොයෙක් දේශගුණික අංග සහ නොයෙක් සාධක වල අන්‍යෝන්‍ය ප්‍රතික්‍රියාව නිසයි. මෙම දේශගුණික අංග නම් තාපය, ආලෝකය, සුළඟ, ආර්ද්‍රතාව, වර්ෂණය,ආදියයි. අනෙක් සාධක අතර ප්‍රධාන වන්නේ භූ විෂමතාවය හා පස් ආවරණයයි. මෙම සාධක යම් කිසි ශාක සංගමයක විශේෂ ලක්‍ෂණද අනෙක් ඵ්වායින් වෙන් වී පෙනෙන ස්වරූපයක්ද ඇති කරයි. මෙම ශාක සංගම් වලට වෘක්‍ෂලතා ප්‍රදේශ යැයි කියමු.

ෆැමගුස්ටා දිස්ත්‍රික්කය

ෆැමගුස්ටා දිස්ත්‍රික්කය යනු සයිප්‍රසයේ දිස්ත්‍රික්ක හයෙන් එකකි. එහි ප්‍රධාන නගරය වන ෆැමගුස්ටා දිවයිනේ වඩාත් වැදගත්ම වරාය වේ. ෆැමගුස්ටා නගරය වර්ථමානයේ උතුරු සයිප්‍රස තුර්කි ජනරජය යටතේ පාලනය වන අතර උතුරු සයිප්‍රසයේ ගැස්මේනියා දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ලෙස ක්‍රියා කරයි.

දිවයිනේ කොටසක් පාලනය කරන සයිප්‍රස ජනරජයෙන් දිස්ත්‍රික්කයේ පරිපාලනය ගිලිහී යන ලදි. දිවයිනේ මෙමෙ කොටසේ ජනගහනය(2001) 37,738 පමණ වේ.සැකිල්ල:Update-inline

1974 ආක්‍රමණයෙන් පසු දිස්ත්‍රික්කයෙන් වැඩි ප්‍රමාණයක් තුර්කි පාලනය යටතේ පවතී. එතැන් සිට කාපාස් පෙන්සුලාද ඇතුළුව උතුරු නැගෙන්හිර කොටස ඉස්කෙලෙ දිස්ත්‍රික්කය ලෙස වෙනම පරිපාලනය වේ. එහෙත් එය සයිප්‍රස් ජනරජය විසින් හෝ එක්සත් ජාතීන් විසින් පිළි නොගනී.

ෆැමගුස්ටා බොක්කේ දකුණු කෙළවරේ පිහිටා ඇති කාපෝ ග්‍රේකෝ (ඉතාලියානු; ග්‍රීක්: Κάβο Γκρέκο "ග්‍රීක තුඩුව") ලෙසද හඳුන්වන ග්‍රෙකෝ තුඩුව, දිස්ත්‍රික්කයේ ගිණිකොන දිග කොටසේ ඇත. එහි ඇති සොබා සෞන්දර්ය නිසා නිරන්තර සංචාරක ආකර්ෂණයට ලක්වේ. එය ආරක්ෂාකළ ස්වභාවික උද්‍යානයකි. ප්‍රාදේශීය විශ්වාසයන්ට අනුව අයියා නාපා මුහුදු රාක්ෂයාගේ නිවස ලෙස සැලකෙන මෙම තුඩුවේ ඇති දඹයකට නගින අයෙකුට සයුරේ විස්මිත දසුනක් නැරඹිය හැක.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.