සංස්කෘතිය

සංස්කෘතිය

AltamiraBison
අල්තමීරා ගුහාවේ සිතුවම් කරඇති බයිසන් ගවෙයක් ගේ සිතුවමක්

සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි.

නිර්වචන

විවිධ විද්වතුන් සංස්කෘතිය තමන්ගේ මත පදනම් කරගෙන නිර්වචනය කර ඇත. මුල්ම නිර්වචනය ඉදිරිපත් කරන ලද්දේ 1861 දී ප්‍රාථමික සංස්කෘතිය නමින් කෘතියක් ලියූ බ්‍රිතාන්‍ය මානව විද්‍යාඥ ඊ.බී.ටයිලර් (E.B.Tylor)ය. ජර්මන් වචනයක් වන කුල්ටූර් (Kultur) යන පදය උපුටා දක්වමින් ඔහු සංස්කෘතිය අපට හඳුන්වා දුන්නේය. ඔහුට අනුව සංස්කෘතිය යනු “සමාජයේ සමාජිකයෙක් වශයෙන් මිනිසා විසින් අගය කරන්නාවූත් පරිණතවූත් දැනුම, විශ්වාසය, කලා, සදාචාර ධර්‍මයන්, නීතිය, සිරිත හා අනෙකුත් සියළුම හැකියාවන්වල සංකීර්ණ සමස්තය සංස්කෘතියයි. පරිණතවූත්

පසුකාලීන සමාජ හා මානව විද්‍යාඥයන් විසින් මෙම නිර්වචනයට තවතවත් අංග එකතුකොට ඇත්තේය. සංස්කෘතිය යන සංකල්පය සමාජ සංවිධානය හා සම්බන්ධ කරගනිමින් මලිනොවුස්කි හා ප්‍රාන්ස් ‍බෝආස් නම් මානව විද්‍යාඥයන් පැහැදිලි කර ඇත. මලිනොවුස්කි ප්‍රකාශ කළ පරිදි සංස්කෘතිය ශිල්පීය ක්‍රම, භාණ්ඩ තාක්ෂණික ක්‍රියාවලීන්, අදහස්, පුරුදු සහ ඇගයීම්වලින් සංයුක්ත වී ඇති බව කියවේ. ඔහු වැඩිදුරටත් පවසනුයේ මෙම සියළුම අංග ලක්ෂණ අන්තර් සම්බන්ධ වී ඇති අතර සමස්ත ජීවන රටාවේ ස්වරූපයක් එමගින් ගොඩ නංවන බවයි. එසේම මලිනොවුස්කි අවධාරණය කරන පරිදි පුද්ගලයාගේ ජීව මනෝ ප්‍රේරණයන් සංතෘප්තිමත් කිරීමේදී මෙම සංස්කෘතික අවශ්‍යතා ඉතා වැදගත් වේ. “ප්‍රාන්ස් බෝආස්” සංස්කෘතිය ගැන අවධාරණය කරමින් එය කෘත්‍යාමත්මක හා සංවිධානාත්මක සමස්තයක් ලෙස හඳුන්වා දෙයි. මලිනොවුස්කිට පසුව බොහෝ මානව විද්‍යාඥයන් සංස්කෘතියේ කෘත්‍යාත්මක අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම අවබෝධ කර ගෙන ඇත.

මාග්‍රට් මීඩ්, ඒ.ඇල්.ක්‍රෝබර්, රූත් බෙනඩික්ට් සංස්කෘතිය සමාජයීය විද්‍යාවන්වල මධ්‍යගත සංකල්පය ලෙස හඳුන්වා දී ඇත. 1940 දී රැල්ෆ් ලින්ටන් සංස්කෘතිය හඳුන්වා දුන්නේ සමාජයේ සාමාජිකයන් විසින් පවරනු ලබන බෙදා හදා ගනුලබන ඉගෙනගත් හැසිරීම් රටාව ලෙසයි.ක්‍රෝබර්(Krober) සහ ක්ලක්හෝන් (Kluckhorn) සංස්කෘතිය නිර්වචනය කරන්නේ මිනිස් චර්යාවේ ප්‍රකට හා අප්‍රකට රටාවන් සංකේත මගින් ව්‍යාප්ත කරන මානව සමූහවල සුවිශේෂ සාධනයක් ලෙස ගොඩ නැගුණ ක්‍රියාවලියක් ලෙසයි. 1963 දී ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය පිළිබඳ නිර්වචන සියගණනක් සොයා ගන්නා ලදි. ඔවුන්ට අනුව සංස්කෘතිය චර්යාවන්ගේ ගවේෂණයක් හෝ චර්යාවක් නොව එහි සමස්ත සංයුක්තියයි. සංස්කෘතියේ කොටසක් ලෙස චර්යාවේ ප්‍රමිතීන් හා ධර්මතා අඩංගු වේ. අනෙක් කොටස චර්යාවේ තෝරාගත් මාර්ග හා සංකල්පවේදයක් ලෙස ඔවුහු පෙන්වා දෙති. ක්‍රෝබර් සහ ක්ලක්හෝන් සංස්කෘතිය ප්‍රවර්ග හතරක් ඔස්සේ පැහැදිලි කරයි.

  1. විස්තරාත්මක නිර්වචනය
  2. ඓතිහාසික නිර්වචනය
  3. ප්‍රතිමානාත්මක නිර්වචනය
  4. මනෝ විද්‍යාත්මක නිර්වචනය

සංස්කෘතිය පිළිබඳ ව්‍යවහාරය 19 වන සියවසේ මානව විද්‍යඥයන් උපයෝගී කරගත්තත් එය සමාජ ශාස්ත්‍රවල ප්‍රබල බලපෑමක් බවට පත්වූයේ 20 වන සියවසේදීය. ගුඩ් ඉනෆ් (Good Enough) නම් මානව විද්‍යාඥයා සංස්කෘතියේ වෙනත් අර්ථ දෙකක් හඳුනා ගත්තේය. පළමු අර්ථයෙන් හඳුන්වන්නේ ප්‍රජාවක් තුළ ජීවන රටාවයි. එයින් අර්ථවත් කරන්නේ භෞතික හා සමාජයීය ක්‍රියා පිළිවෙලත් සමඟ ගොඩ නැගෙන ක්‍රමානුකූල බවයි. දෙවන අර්ථයෙන් අදහස් කරන්නේ දැනුම විශ්වාස මගින් ජනතාව එකිනෙක ආකාරයට අත්දැකීම් හා සංජානනයන් මගින් ඒ ඒ තත්වයන් මත සංස්කෘතික රටාව ගොඩ නැගෙන බවයි.

සංස්කෘතිය පිළිබඳ ඇති පොදු එකඟතාවයක් නම් එය ඉගෙනගත් හැසිරීමක් බවයි. ස්වාභාවික හා සමාජ තත්වය තුළ මිනිසා අනුවර්තනය කිරීමේ හැකියාව සංස්කෘතිය තුළින් ගොඩනැගී ඇත. භෞතික ලක්‍ෂණ, චර්යා රටා හා සංස්ථා එයට අනුබද්ධිත වී ඇත. සංස්කෘතියේ වාහකයක් ලෙස කටයුතු කරනුයේ භාෂාවයි. පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යනු ලබන අදහස් ව්‍යාප්ත කරන්නේ භාෂාව මගිනි. එය ජනකානු ගති ලක්‍ෂණ මෙන් උරුමයෙන් එන දෙයක් නොවේ. චර්යාරටාව හා සමස්ත දැනුම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට ගෙනයන්නේද භාෂාව මධ්‍යගත කොට ගෙනයි. එසේම සංස්කෘතිය ඒ අනුව වෙනස්වීමකට මෙන්ම වර්ධනයකටද මුල පුරයි.

සංස්කෘතියේ මුලිකාංග

සංස්කෘතිය යනු ක්‍රියවලියකි.එනම් සංස්කෘතිය තුළ මුලිකාංග කිහිපයක් ඒකාබද්ධ වී පවතී.ඕනෑම සංස්කෘතියක් මුලිකාංග වලින් සමන්විතය.එවැනි මුලිකාංග කිහිපයකි

භෞතික සංස්කෘතිය

සංස්කෘතිය අධයනයේදී මූලික වශයෙන් කොටස් 02 කට බෙදෙයි ඒ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතියයි භෞතික සංස්කෘතියට මිනිසා විසින් නිර්මාණය කරන ලද සියළ හෞතික වස්තූන් අදාල වෙයි සංස්කෘතියට අයත් භෞතිකව ග්‍රහනය කරහැකි සියල්ලම මීට අයත්ය අදුම් පැළදුම් යාන වාහන ගේ දොර ගෘහ උපකරණ නොයෙත් වෘත්තීන් සදහා භාවිත කරණ උපකරණ ඇතුලු සියළ භෞතික වස්තු භෞතික සංස්කෘතියට අයත්ය

අභෞතික සංස්කෘතිය

සංස්කෘතිය තුල පවතින සියළ භෞතික නොවන සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය මෙයට භාෂාව අදහස් ආකල්ප චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි විශ්වාස ආදී සංස්කෘතිය තුල පවතින භෞතිකව ග්‍රහණය කරගත නොහැකි සියල්ල අභෞතික සංස්කෘතියට අයත්ය අභෞතික සංස්කෘතිය තේරුම් ගැනීමට අදහස් ප්‍රතිමාන සාරධර්ම යන කාරණා පිළිබද අවබෝධය වැදගත්ය

අදහස්

අදහස් යනු අප සිතන දේය සමාජවල ස්වභාවය අනුව අදහස් විවිධ වෙයි උදාහරණ ලෙස ප්‍රථමික සමාජවල ජන කතා ජන ගායනා ජන කවි ප්‍රස්ථා පිරුළ ජනප්‍රවාද ආදී මුඛ පරම්පරාගත අදහස් බහුලය නූතන සංකීර්ණ සමාජවල තාක්ෂණ දියුණුව අධායපනික දියුණුව සමග මිනිසාගේ අදහස් සංකීර්ණ ස්වභාවයක් ගනී එසේම නූතන සමාජයේ අදහස් පතුරුවා හැරීම ඉතා වේගයෙන් සිදුකල හැක සරල ප්‍රාථවික සමාජ වලට වඩා නූතන සංකීර්ණ සමාජයන්හි අදහස් අතර විෂමතාවය ඉතා ඉහලය ඇතමෙකුට චාරිත්‍රයක් වන දෙයත් තවකෙකු මිතයාවක් ලෙස දකී

ප්‍රතිමාන

සමාජයක ජීවත්වන මිනිසුන් විසින් කලයුතු හා නොකල යුතු මොනවාද යන්න ප්‍රතිමාන හෙවත් ධර්මතා මගින් සමාජයට උගන්වයි ධර්මතා සමාජය විසින් පිළිගැනීම මත යුක්තියට අනුකූලකරණයට ලක්වේ ධර්මතා ආරක්ෂා කිරීමෙන් සිතේ සතුට ප්‍රසංශා තෑගි ලැබෙන අතර ධර්මතා බිදීමෙන් අසහනය දුක අපකීර්තිය හා දඩුවම් ලැබේ ප්‍රතිමාන හෙවත් ධර්මතා සෑම සමාජයකම දක්නට ලැබේ.ප්‍රතිමාන සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි. උදාරණ ලෙස බටහිර සමාජයේ අඩනිරුවත්ව කාන්තාවක් සිටීම වරදක් නොවේ එසේ සිටීම නිසා සමාජයේ මිනිසුන්ගේ අපවාදයට හෝ දඩුවමකට යටත් නොවේ එහෙත් මැදපෙරදිග එසේ සිටිය හොත් සමාජ අපවාද පමණක් නොව දඩුවම්ද ලැබේ. සමාජයෙන් ගර්හාවට ලක්වේ. එපමණක් නොවේ ඒවා පිළිපැදීම අනිවාර්ය කරුණක් බවට පත්ව ඇත්තේ පරම්පරාවෙන් පරම්පරාවට අද දක්වා විකාශනය වී ඇති පුද්ගල සිතුවිලි හා ඔවුන්ගේ විශ්වාසයන් අප කළ යුතුය යන සාමාජයේ නිතීයක් වේ.
ප්‍රතිමාන ප්‍රධාන කොටස් තුනකට බෙදේ ඒවා නම් ජන චර්යා ගණාචාර හා නීතිය

ජන චර්යායනු සුදුසු යැයි සම්මත එහෙත් බලනොකරන ලෝක සම්මත චාරිත්‍රයන්ය ජන චර්යා කඩකිරීම නිසා දඩුවමකට යටත් නොවේ උදාහරණයක් ලෙස සිංහල අළත් අවුරුද්දේ නොනගත වෙලාවේ ආහාර අනුභවය ආහාර පිසීම මෙන්ම සියළ වැඩ අතහැර ආගමික වතාවත් කිරීම ගත හැක එහෙත් එය කඩ කළැයි කියා දඩුවමක් හෝ අපවාදයක් ඇති නොවේ ආහාර ගැනීමට පෙර අත් සේදීම වැසිකිළි භාවිතයෙන් පසු අත සේදීම උදෑසන නැගිට කට සේදීම ආදියද ජන චර්යාවනට උදාහරණ වෙයි සංස්කෘතියෙන් සංස්කෘතියට ජන චර්යා වෙනස් වෙයි බටහිර ජාතීන් කෑමට පෙර අත නොසෝදන අතර හැදි ගෑරුප්පු භාවිතයෙන් ආහාර ගනී ඈත පෙරදිග වාසීන්ද එසේ කුඩා කූරු විශේෂයකින් ආහාර ගනී

ජනචර්යා වලට වඩා බලවත් ෙලස ගණාචාර දක්වයි ගණාචාර බිදීමෙන් දඩුවමක් නොලැබුනද අවවාද දීම් බැනවැදීම් රවා බැලීම් ඔපාදූප කටකතා පැතිරීම් ආදිය සිදුවේ ඇතැම් විට ගණචර්යා හා ගණාචාර නිශ්චිතව හදුනාගත නොහැක ගණාචාරයකට උදාහරණයක් ලෙස සභාවක් මැද අවිනීතව හැසිරීම එහිදී සමාජයෙන් ඔහුට අනුම බැනුම් අවලාද අසන්නට සිදුවේ

නීති කැඩීම නිසා ඍජුවම දඩුවම් වලට භාජනය වීම සිදුවේ ගණාචාර ජනාචාර හා නීති සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙයි කෙසේ වෙතත් නීති නම් බොහෝ සංස්කෘතීන්වල වෙනසක් පැහැදිලිව නොපෙනේ උදාහරණ ලෙස මිනීමැරුම් සොරකම් ස්ත්‍රී දූශන සෑම සමාජයකම පාහේ නීති ලෙස ක්‍රීයාත්මක වෙයි

සෞඛ්‍යය

සෞඛ්‍ය පිළිබද සංස්කෘන්ද දක්නට ඇත. ව්‍යාපාර , පාසල් හා අනෙකුත් සියලුම සංවිධාන සංස්කෘනතීන් තුළ දක්නට ලැබේ. සේවකයාගේ හැසිරීම් , එහි නිෂ්පාදනය, කාර්යක්ෂම බව , වර්ධනය මේ සදහා බලපායි. සේවකයාට හෝ ශිෂ්‍යයන්ට සමානව හා සාධාරණය සැලකීම, ගෞරවය මෙහි සංවිධානයක පවතින සෞඛ්‍යයමය කරුණු වේ.

මහා සංස්කෘතිය

මහා සංස්කෘතිය යනුවෙන් හදුන්වනු ලබන්නේ යම් භුගෝල සීමාවක් තුල සිටින සිටින විවිධ ජනකණ්ඩායම් ගෙන් සමන්විත පුලුල් සමාජයකි උදාහරණ ලෙස ශ්‍රී ලංකීය සංස්කෘතිය දැක්විය හැකිය මහා සංස්කෘතිය තුල විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන විවිධ කුලයන්ට අයත් විවිධ ජන කණ්ඩායම් එකම පොදු සංස්කෘතියක් අනුගමනය කරමින් එකට ජිවත් වෙයි මහා සංස්කෘතිය ජාතික සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි.

උප සංස්කෘතිය

උප සංස්කෘතිය යනු මහා සමාජයට අයත් එත් ඔවුනට ආවේණික සංස්කෘතියක් ගොඩනගාගත් ජන සමූහයකටයි මෙ කුලකයක් තුල පවතින උපකුලකයට සමානය උප සංස්කෘතිය යනු මහා සංස්කෘතිය් කුඩා අංගයක් බව ඩන්කන් මිචෙල් දක්වයි උප සංස්කෘතියක් තුල මහා සංස්කෘතියට අයත් උපාංග වලට අමතරව ඔවුනට ආවේණික උපාංග පවතී උප සංස්කෘතීන් එහි සැලැස්ම මත කොටස් කිහිපයකට බෙදා දැක්විය හැක

  1. ප්‍රාදේශිය උපසංස්කෘතිය
  2. ජනවාර්ගික උපසංස්කෘතිය
  3. ග්‍රාමීය උපසංස්කෘතිය
  4. නාගරික උපසංස්කෘතිය
  5. වෘත්තීමය උපසංස්කෘතිය
  6. ආගමික උපසංස්කෘතිය
උප සංස්කෘතිය
උප සංස්කෘතියක් යනු මහා සංස්කෘතිය නම්වූ කුලතය තුල අන්තර්ගත උප කුලකයක් ලෙස දැක්විය හැක.

ප්‍රාදේශිය උප සංස්කෘතියකට උදාහරණ ලෙස නාගරික මුඩුක්කු උපසංස්කෘතිය ගත හැක මෙයට සමාන උපසංස්කෘතීන් බොහෝ ඌන සංවර්ධිත රටවල අගනගරය කේන්ද්‍රතරගනිමින් බිහිවී ඇති ආකාරය දක්නට ලෑබේ මොවුන්ට ආවෙණික භාෂාවක් දක්නට ලැබේ මහාසමාජයේ භාවිතකරන භාෂාවම තරමක් වෙනස් ස්වරෑපයකින් භාවිත කරනු දක්නට ලැබේ එසේම වෙනත් භාෂාවකට අයත් වචන ඔවුන්ට ආවේණින ස්වරූපයකින් භාවිත නරයි උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ නාගරික මුඩුක්කු උපසංස්කෘතිය ගත හොත් මහා සමාජයේ භාවිත භාෂාවේ වදන්ම ඔවුන්ට ආවේණික අරුත් දීහට යොදාගනී කචල් වලිය සුද්ද කරනව රිම් එකෙන් යනව ආදිය ගතහැක මීට අමතරව විදේශ භාෂාවලින් ගත් වචන ලෙස බොසා ජිල්මාට් එරියාඑක මෑන්ස් ආදි වචන ගතහැක

වෘත්තීමය උපසංස්කෘතිකන්ට උදාහරණලෙස ගොවියන් පතල් කරුවන් කම්කරුවන් ත්‍රිරොදරථ රියදුරන් ආදී ඔනෑම වෘත්තියක්වටා උපසංස්කෘතියක් ගොඩනැගී ඇති අයුරු දැකගත හැක ගොවියන් කමතේදී ගොවි උපකරණවලට මහාසමාජයේ භාවිත භාෂාවට අනුකූලනොවන විවිධ නම් භාවිත කරයි බැත යතුර අම්බරුවා ඇදී විශේෂිත වචන යොදා ගනී

ආගමික උපසංස්කෘතීන්ට උදාහරණ ලෙස ලංකාවේ ආගමික උපභාෂාවක් දැකිය හැක වළදනව සැතපෙනව දොහොනකරනව වඩිනව ආදී අවෙණික භාෂා භාවිතයක් පවතී උප සංස්කෘතියකට ආවේණික භාෂාවක් මෙන්ම ඹවුන්ට ආවේණික අදහස් ප්‍රතිමාන සාරධර්ම හා ආවේණික අභෞතික සංස්කෘතියක් දක්නට ලැබේ.

සංස්කෘතික ලැග්ම

සංස්කෘතික ලැග්ම යනුවෙන් අදහස් කරන්නේ භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය වෙනස් වීමේ වේගය අසමබරවීමයි එනම් භෞතික සංස්කෘතිය වෙනස් වන වේගයට සාපේක්ෂව අභෞතික සංස්කෘතිය වෙනස් නොවීමයි උදාහරණ ලෙස ලෝකය කොතරම් දියුණු වුවද තවමත් ඇතැම් ආකල්ප ගතානුගතික වීමයි බටහිර වෛද්‍ය කුමය කොතරම් දියුණු වුවද තවමත් ඇමුන් ප්‍රතිකාර සදහා නූල් බැදීම දෙහි කැපීම වැනි ශාන්තිකර්ම අනුගමනය කරයි දෙවියන්ට භාරවෙයි තොවිල් පවිල් සිදුකරයි වරදක් වූවිට නීතිය හමුවට යාම මෙන්ම මිරිස් ඇඹරීම පොල්ගැසීම ආදිය සිදුකරයි විශේෂෙයන් පෙරදිග රටවල පැහැදිළිව සංස්කෘතික ලැග්ම දක්නට ලැබේ අපරදිග වාසීන්පවා ඇතැම්විට මෙම සාම්ප්‍රධායි අදහස් තවම ගරුකරයි මෙසේ සාම්ප්‍රධායෙන් බැහැරවීම ඉතා හෙමෙන් සිදුවීම සංස්කෘතික ලැග්ම ලෙස සළකයි.

සංස්කෘතික විසරණය

සංස්කෘතික විසරණය
සංස්කෘතික විසරණය යනු එක් සංස්කෘතියක අඩංගු සංස්කෘතිකාංගයක් තවත් සංස්කෘතියකට ව්‍යාප්තවීමයි

සංස්කෘතික විසරණය යනු එක් සංස්කෘතියක දක්නට ලැබුන ලක්ෂණයක් තවත් සංස්කෘතියක් වෙත ගලා යාමයි උදාහරණ ලෙස ආසියාතික රටවලට ගවුම් සාය කලිසම් කෝට් ටයි බැනියම් ආදි ඇදුම් රොම ල්න්දේසි නීතිය නෛතික විවාහ ක්‍රමය ඉංග්‍රිසි ඇතුලු බටහිර ශාෂාවන්හි චවන පෙරදිග භාෂාවන්ට එකතුවීම මත්පැන් හා දම්පානය අතට අතදීම වැනි ආචාර ක්‍රම වික්ටොරියානු සදාචාරය බටහිරින් පෙරදිගට ලැබිනි(විසරණයවිය)බටහිර ශාෂාවලද පෙරදිග භාෂාවලින් විසරණයවූ තත්බව හා තත්සම වචන දක්නට ලැබේ විවිධ ආගස් පෙහෛාමයක් සංස්කෘතියකින් තවත් සංස්කෘතියකට විසරණය විය බටහිර අධිරජ්‍යවාදයත් සමග සියලුම යටත් විජිතවලට බටහිර සංස්කෘතික ලක්ෂණ විසරණයවූ අයුරු පැහැදිලිව දක්නට ලැබේ මේ ආකාරයට සෑම සංස්කෘතියකම දක්නට ලැපෙන ලක්ෂණ බොහෝමයක් ඔවුන්ගේ සංස්කෘතිය තුලම සම්භවය වූ ලක්ෂණ නොව විසරණය වූ ලක්ෂණබව පෙනීයයි වෙඩි බෙහෙත් සොයාගත්තේ චීන ජාතිකයන් විසිනි ඹවුන්ගෙන් ග්‍රීක ජාතිකයන්ටත් පසුව බටහිර ජාතීන්ටත් ඔවුන්ගේ පෙරදිග ජාතීන්ටත් ලැබුනි අප පානය කරන කෝපිවල ජන්ම භුමිය ඉතියොපියාවයි ඹවුන්ගෙන් අරාබි ජාතිකයන්ටත් අරාබි වෙළදුන්ගෙන් බටහිරට ජාතීන්ටත් බටහිර ජාතීන්ගෙන් අදුණු ආසියාතිකයන්ටත් ලැබිණ තේ පානය මුලින්ම සොයාගත්තේ චීන ජාතිකයන් විසිනි අර්තාපල් තක්කාලි බොන්චිවල නිජබිම ඇමරිකාවයි රබර්වල නිජබිම බ්‍රසීලයයි ලොව ඔනෑම සංස්කෘතියක් සංස්කෘතික විසරණයේ බපෑමට යටත්වේ එසේ විසරණයට ලක් නොවූ කිසිම සංස්කෘතියක් මිහිමත නැත.

මානව කේන්ද්‍රණවාදය

තමන්ගේ සංස්කෘතිය උසස් බවත් ඊට සාපේක්ෂව අනෙකුත් සංස්කෘතින් පහත් බවටත් මානවයා තුල ඇතිවන ආකල්පය මානව කේන්ද්‍රණ වාදය යනුවෙන් හදුන්වයි.බොහෝ පුද්ගලයන් තමා නියොජනය කරන සංස්කෘතිය උසස්බවත් ඊට සාපෙක්ෂව අනෙකුත් සංස්කෘතීන් පහත් බවත් සළකයි.තමා නියෝජනය කරන සංස්කෘතිය තුල හෙලා දකින යමක් තවත් සංස්කෘතියක සාමන්‍ය දෙයක් විය හැක.උදාහරණ ලෙස ශ්‍රී ලාජකීය සිංහල සංස්කෘතිය තුල සර්පයින් ආහාර ලෙස නොගනී එහෙත් බොහෝ ඈත පෙරදිග රටවල සර්පයන් ආහාරයට ගනී.හින්දු ජනයා ගවමස් පිළිකුල් කරන අතර බටහිර හා අරාබි රටවල ජනයා ගවමස් ආහාරයට ගනී.මෙසේ විවිධ සංස්කෘතීන්වල ඔවුන්ට ආවේණික ආහාර භාවිත කඑයි.එසේම ආහාර ගන්නා පිළිවෙළද වෙනස්ය.දකුණු ආසියාතික ජනයා ආහාර ගැනීමට තම දෑත යොදා ගනිද්දී බටහිර ජාතීන් හැදි ගෑරුප්පු යොදා ගනී.ඔවුන් දෑතින් ආහාර ගැනීම පිළිකුල් කරති.ඇදුම් පැළදුම් ගැනද එසේය විවිධ සංස්කෘතීන්ට අනුව ඔවුන්ට ආවේණික ඇදුම් පවතී.මේ ආකාරයෙන් සෑම සංස්කෘතික අංගයක්ස සංස්කෘතියෙන් ස‘ස්කෘතියට වෙනස්ය ඒ අනුව මානව හා සමාජ විද්‍යාව තුල මානව කේන්ද්‍රණවාදී අදහස් ප්‍රතික්ෂේප කරයි.විශේෂයෙන් මේ පිළිබද මත ප්‍රකාශකල වියතුන් අතර ප්‍රකට මානව විද්‍යාඥයෙකුවූ බී.මැලිනොවුස්කි ප්‍රධානය.

ප්‍රතිසංස්කෘතිය

ප්‍රතිසංස්කෘතිය එක්තරා අතකින් උපසංස්කෘතියක්ද වෙයි මෙය විරෝධී සංස්කෘතිය යනුවෙන්ද හදුන්වයි මෙහිදී මහාසංස්කෘතියේ අඩංගු අංග ප්‍රතික්ෂේප කරමින් අලුත් හරයක් ඇතිකර ගැනීමට උස්සාහ දරයි ප්‍රතිසංස්කෘතිය හැමවිටම මහාසංස්කෘතියට විරුද්ධව ගොඩනැගේ.මහා සංස්කෘතිය තුල දක්නට ලැබෙන සංස්කෘතික අංග ප්‍රතික්ෂේප කිරීම හෝ එම අංග ඔවුන්ට අවශ්‍ය පරිධි සංෂෝධනය කරගෙන ඔවුන්ට ආවේණික උප සංස්කෘතියක් ගොඩනගා ගැනීම ප්‍රතිසංස්කෘතිය හෙවත් විරෝධී සංස්කෘතිය තුල සිදුවේග

මෙවන් ප්‍රතිසංස්කෘතීන්ට උදාහරණ ලෙස බාලාපචාරී ළමුන් කණ්ඩායම්ˌපාතාල කල්ලි දැක්විය හැක.ඇතැම් උප සංස්කෘතීන් විරෝධී සංස්කෘතීන් ලෙස ගොඩනැගෙන අවස්ථා ඇත.මෙවන් විරෝධී සංස්කෘතීන්ට අතීත උදාහරණ ලෙස ලංකාවේ උඩරට පහතරට වශයෙන් අධිරාජ්‍ය යුගයේ පැවති බෙදීම දැක්විය හැක.එකළ උඩරට ජනයා සිතුවේ පහතරට ජනයා වේගයෙන් බටහිර සිරිත් විරිත් බටහිර ඇඳුම් බටහිර ආහාරපාන රටා හුරුවීම ප්‍රතිසංස්කෘතියක් ලෙසය.පහතරට ජනයා බුදු දහම වෙනුවට කතොලික හා ක්‍රිස්තියානි ආගම් ඇදහීමටත්.ගවුම් යාය හැට්ට කලිසම් ආදී බටහිර ඇඳුම් ආයිතම් වලට හුරුවීමත් ගවමස් ආදී මස් මාංශ ආහාරයට හුරුවීමත් මධ්‍යසාර දුම්වැටි භාවිතයට හුරුවීමත් එකළ ලංකික මහා සමාජය ප්‍රතික්ෂේපකළ අංගයන්විය.ඇමරිකාවේ හිපි සංස්කෘතිය තවත් උදාහරණයකි.ඇමරිකානු මහා සමාජයේ සංස්කෘති අංග බැහැර කරමින් තරුණ පරපුර තු ගොඩනැගුන මෙම ප්‍රති සංස්කෘතිය ඔවුන්ට අවේණික සංස්කෘතියක් ගොඩනගා ගත්හ.මේ අනුව හිපි තරුණයක් නිල් ඩෙනිම් කලිසම් භාවිත කිරීමටˌවෙස් ගැන්වීම් ක්‍රම අධිකව භාවිතයˌකථන තහංචි නොසලකා හැරීමˌනිදහස් ආලය එනම් විවාහයකින් තොරව ස්ත්‍රී පුරුෂ සංවාසය නිදහස්ව පැවැත්වීමˌසැහැල්ලු ජීවිත ගතකිරීමˌනිර්ආගමික බවˌසම්ප්‍රධායට නොව තාර්කික බවට පමණක් මුල්තැනදීම ආදී දැකිවිය හැක.[1]

විවෘත සංස්කෘතිය

යම් සංස්කෘතියක බාහිර වශයෙන් දැකියහැකි කොටස විවෘත සංස්කෘතියයි මේ නිසා විවෘත සංස්කෘතිය තේරුම් ගැනීමට හැකිය

  • තත්වය හා කාර්යභාරය
  • ධර්මතා හෙවත් ප්‍රතිමාන
  • සමාජ සංස්තා

යන අංගයන් දෙස බැලීමෙන් විවෘත චර්යාවන් අවබෝධ කරගත හැක.

ආවෘත සංස්කෘතිය

ආවෘත සංස්කෘතිය යනු යම් සංස්කෘතියක බාහිරට නොපෙනෙන සැගවුන කොටසයි අදහස් විශ්වාස පුරුෂාර්ථ ආකල්ප ඇතැම් සංස්කෘතියක සැගවුන තත්වයකි ඒවා ඍජුව හදුනාගත නොහැක.සිංහල සංස්කෘතිය උදාහරණයට ගතහොත් කුල භේදය වර්තමානයේ ආවෘත සංකල්පයක් ලෙස පවතී.වර්තමාන සිංහල සමාජයතුල විවාහය වැනි අවස්තාවලදී මෙම කුල භේදය අනුව විවාහ තීරණය වීම තවමත් සිදුවේ.මෙයාකාරයෙන් යම් සංස්කෘතියක් දෙස විමසා බැලීමේදී පිට සංස්කෘතියකට අයත් පුද්ගලයන්ට එකවර වෙනත් සංස්කෘතියක් තුල මෙම සංස්කෘතිකාංගය ඇතැයි හදුනාගත නොහැකි යැයි හැගෙන සංස්කෘතික අංග ආවෘත සංස්කෘතිකාංග ලෙස දැක්විය හැක.

සංස්කෘතික සාපේක්ෂතාව

යම් සංස්කෘතියක් නිර්මානය වීම කෙරේ විවිධ සාධක බලපානු ලබයි එවා නම්

  • කාලගුණික හා දේශගුණික සාධක
  • රටක භූගෝලීය සාධක
  • එෙතිහාසික සංසිද්ධි
  • ස්වභාවික ව්‍යසන
  • අර්ථ ක්‍රමයේ ස්වරූපය
  • ආගමික මතවාද

මේ සියල්ල සැලකිල්ලට ගෙන මානවකෙන්ද්‍රනවාදී දෘෂ්ටියතින් තොරව යම් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට සාපේක්ෂව අධ්‍යනය කිරීම සංස්කෘතික සාපේක්ෂතාවය යනුවෙන් හදුන්වයි.

කාලගුණික හා දේශගුණික සාධක

Indig2
ඔස්ට්‍රේලියානු ආදිවාසීන් (1770)
Namibie Himba 0716a
නැම්බියාෙව් හිම්බා ජාතික තරුණියත්

කාලගුණික හා දේශගුණික සධක යන්ට සාපේක්ෂව සංස්කෘතිය හැඩ ගැසෙන ආකාරය ගැන අධ්‍යනය කිරීම ඉතා වැදගත්ය විවිධ සංස්කෘතීන්හි එකිනෙකට ෙවනස්කම් ඇතිවීම කෙරේ බලපාන ප්‍රධාන සාධකයකි කාලගුණ හා දේශගුණික සාධක මෙම සාධත මත සංස්කෘතියක අංග හැඩ ගැසෙයි මේ අතර අභෞතික සංස්කෘතියට අයත් ආහාර ඇදුම් නිවාස උපකරණ ආදිය විශේෂය උදාහරණ ලෙස ඔස්ට්‍රේලියාවේ කන්තාර ආශ්‍රිතව හා ඝණ වනාන්තර තුල දිවි ගෙවූ ස්දේශික ආදිවාසී ජනයා පූර්න වශයෙන්ම නග්නව විසීය සමකාසන්න උෂ්ණ දේශගුණයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල ජනය ඇදුම් භාවිත කරන්නේ අඩුවෙනි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයට බොහෝවිට උඩුකය නග්නව තබාගනී.[2] වික්ටොරියානු සංස්කෘතිය දකුණු ආසියාවට පැමිනණෙන්නට පෙර දකුණු ආසියාතික රටවල පුරුෂයන් මෙන්ම ස්ත්‍රීන්ද උඩුකය නග්නව සිටිබව පැරණි මූලාශ්‍රවල දැක්වේ.[3] අධික ශිත දේශගුණයක් බවතින උත්තරාර්ධ ගොලයේ වෙසෙන එක්ස්කිබෝවරු සත්ව ලොමින් කළ වස්ත්‍රයකින් සිරුර වසෙන සේ ඇදුම් අදිති ඍතු භේදය පවතින යුරෝපීය රටවල මිනිසුන් ශිත කාලයට මුලු සිරුරම වැසෙන සේ අදින අතර ග්‍රීෂ්ම ඍතුවේදී අඩනිරුවත් ඇදුම් අදිති නිරන්තරයෙන් ඍතු විපර්යාසයන්ට ලක්වන ඈත පෙරදිග රටවල්ද මෙසේය නිරන්තරයෙන් වැලි කුණාටු ඇතිවන අරාබි රටවල ජනයා මුලු සිරුරම වැසෙන සේ ඇදුම් අදිති මෙම අදුම් භාවිතයට ප්‍රධාන හේතුව දේශගුණික හා කාලගුණික හේතූන්ය ආහාර සංස්කෘතියද දේෂගුණික හේතුමත තීරණය වනු දක්නට ලැබේ උත්තරාර්ධ ගෝලයේ හිමෙන් වැසුන පරිසරයේ ජීවත්වන එක්කිමෝවරුන්ගේ ප්‍රධාන ආහාරය මාළුය ගොවිතැන් හොදින් කළහැකි දේශගුනික තත්වයක් පවතින දකුණු ආසියාතික රටවල ප්‍රධාන ආහාරය බත්ය තිරිගු හොදින් වැවෙන ප්‍රදේශවල ප්‍රධාන ආහාරය පාන්ය හිමෙන් වැසුන උත්තරාර්ධ ගොලයේ වෙසෙන එස්කිමෝ වරුන්ගේ නිවාස උෂ්ණත්වය රැදෙන සේ සැකසූ ඉග්ලූ නිවාසයි සමකාසන්න ප්‍රදේශවල ජනයා සිසිලස ආරක්ෂාවනසේ පිදුරු පොල්අතු අදීයෙන් සෙවිලිකළ නිිවාසය ඇදහිලි විශ්වාස අභිචාර ආදියද දේශගුණික හේතුමත සැකසේ එක්ස්කිමෝ ජනයා ගේ ඇදහිලි විශ්වාස තුල මසුන් මැරීම හා සතුන් දඩයම සාධාරණීකරනය කර ඇත ශරීඑය වැසෙන සේ වස්ත්‍ර භාවිතය සදාචාරාත්මක ලක්ෂණයක් ලෙස සලකයි එසේ නොවන අය සංස්කෘතික විරොධී චර්යාවන් ලෙස සලකා එසේ කරනවුන් අවමානයට පත් කරයි හින්දු කෝවිලකට ඇතුලුවන පුරුෂයෙකු උඩුකය නග්නව සිටියුතු බව කියතත් කතොලික හෝ මුස්ළිම් පල්ලියක එසේ නොවේ හින්දු ආගම දකුණු ආසියාවේ බිහිවූ අතර කතොලික හා මුස්ළිම් ආගම් යුරෝපය ඇසුරු කරගෙන බිහිවිය සමකාසන්න ප්‍රදේශයක උඩුකය නග්නව තබා ගැනීමට හැකිවුවද හිම මිදෙන යුරෝපයේ හෝ වැලිකුණාටු සහිත අරාබියේ එසේ සිටීම අපහසුය මේ ආකාරයට විවිධ සංස්කෘතීන් හි වෙනස්කම් ඇතිවීමට දේශගුණික සාධක බලපානුලබයි.

භූගෝලීය සාධක

යම් සංස්කෘතියක් හැඩගැසීමෙහිලා භුගෝලීය පිහිටීම් ඉතා වදගත්වෙයි වෙරළාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනයා බොහෝවිට මුහුද ඇහුරුකරගත් සංස්කෘතියකව අයත්වෙයි බොහොවිට ආහාර සපයාගැනීම මුහුද ඇසුරෙන් සිදුකරයි මසුන් මැරීම වැනි වෘත්තීන් සාධාරණීකරනය කරන ඇදහිලි විශ්වාස පවතී උදාහරණ ලෙස ලංකාවේ වෙරළ තීරයේ වෙසෙන දීවර ප්‍රජාවගේ ආගම මසුන් මැරීම ප්‍රතික්ෂේපකරන බුදු දහම නොව එය සාධාරණීකරනය වන කතොලික දහමයි මාලදිවයින් ජනයාගේ ප්‍රධාන ආගම ඉස්ලාම් ධර්මයයි ප්‍රධාන ආර්ථිකය ධිවර කර්මාන්තය හා සංචාරක කර්මාන්තයයි වෙරළාසන්න ප්‍රෙද්ශවල ජනයා ගේ සංස්කෘතිය ඒ අනුව භුගොලීය පිහිටීම අනුව වෙනස්වේ එසේ සංස්කෘතික සාජප්ක්ෂතාව කෙරේ භුගෝලීය පිහිටීම ප්‍රධානවෙයි.

ඓතිහාසික සංසිද්ධි

යම් රටක ඉතිහාසය තුල අද්දැක ඇති විශේෂ සිදුවීම් සංස්කෘතියක් හැඩගැසීම කෙරෙහි බලපානු ලබයි.යුරෝපා ඉතිහාසය දෙස බැලීමේ දී කුරුස යුද්ධය ප්‍රංශ විප්ලවය ප්‍රොතෙස්තන්තකරණය කාර්මීකරණය ආදී කේන්ද්‍රිය සාධක මගින් යුරෝපා සමාජයේ සංස්කෘතිය වෙනස් වීමකට භාජනය විය.දැඩි ආගමික මතවාද හා වික්ටෝරියානු සදාචාරය වෙනුවට යථානුභත සමාජයකට පරිණාමය වීමට ඉහත කී ඓතිහාසික සාධක බලපෑවේය.පෙරදිග රාජ්‍යයන්හි පැවති වැඩවසම් රාජාණ්ඩු ක්‍රමය බිදවැටී ධනවාදී ආර්ථික ක්‍රමයත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයත් පෙරදිග සමාජයන්හි මුල්බැස ගැනීමට හා වික්ටෝරියානු සදාචාරය පෙරදිග මුල්බැස ගැනීමට බටහිර අධිරාජ්‍යකරණය හේතුවිය.සන්නිවේදන විප්ලවය නිසා සංස්කෘතික විසරණය වෙගවත්විය.කාර්මීකරණයේ ඇතිවූ දියුණුවත් සමග මැදපෙරදිග පැවති වෙළද ආර්ථිකය වෙනුවට ඛනිජ තෙල් නිසා ස්වංපෝෂිත ආර්ථිකයක් ඇතිවිය.

ස්වභාවික ව්‍යසන

සාමාන්‍යෙයන් රටක ඇතිවන ස්වභාවිත විපත් ද සංස්කෘතිය හැඩගැසීම කෙරේ බලපායි.නිරන්තර භුමිකම්පා වලට හසුවන ජපානයේ නිවාස තනන්නේ භුමි කම්පාවලට ඔරොත්තු දෙන අයුරිනි.නිරන්තර වැලි කුණාටු ඇතිවන අරාබියේ ශරීරය හොදින් ආවරණයවන ඇදුම් අදිති.නායයාම් ඇතිවල ප්‍රදේශවල වෙසෙන ජනයා නිවාස තනාගැනීමේ දී භූමියේ පිහිටීම අනුගමනය කරමින් නිවාස තනාගනී.

සංස්කෘතික කම්පනය

සංස්කෘතික සම්පනය යනු එක් සංස්කෘතියක සමාජානුයෝජනය ලැබූ පුද්ගලයෙකු ඊට වඩා වෙනස් සංස්කෘතික ව්‍යුහයක් සහිත සමාජයකට ගියවිට එම පුද්ගලයාට තමාට නුහුරු සංස්කෘතිය තුල අද්දකින සිදුවීම් ඇසුරින් මානසිකව කම්පනයකට අපහසුතාවයකට පත්වීමයි.උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික සිංහල සංස්කෘතිය තුල හැදුනු වැඩුනු පුද්ගලයෙකු චීනයට ගියහොත් චීන ජාතිකයන් ආහාරයට ගන්නා බටර් යොදා බැදූ කෘබි සතුන් ආහාරයට ලැබිය හැක.මැලේසියාව වැනි රටකදී සර්පයන් ගෙන් සැදූ සුප් ලැබිය හැත අරාබියේදී නම් ඔටුමස් බැටළු මස් වැනි සිංහල සංස්කෘතිය තුල කොහෙත්ම ආහාරයට නොගන්නා දේ ලැබීමට පුළුවන.එසේම ලාංකික ගැමි සමාජයක හැදුනු වැඩුනු කාන්තාවකට බටහිර රටකට ගියවිට අඩ නිරුවතින් මුහුදු වෙරළක හෝ පිහිනුම් තටාකයක නෑමට සිදුවිය හැක.පුරුෂයෙකුටද එසේ අඩ නිරුවත් කාන්තාවන්ද ගැවසෙන මුහුදු වෙරළ වැනි ස්ථානවල අඩ නිරුවත්ව නෑමට සිදුවනු ඇත.මෙයාකාරයට තමා කොහෙත්ම මීට පෙර සමායොජනයවූ සංස්කෘතික ව්‍යුහයට බොහෝ වෙනස් ගුණාංග සහිත සමාජයකදී පුද්ගලයන් දැඩි කම්පනයකට පත්වේ.මාහා සංස්කෘතීන් සම්බන්දව පමනක් නොව උප සංස්කෘතීන් සමබන්දවද මෙසේය.

සංස්කෘතික සරිය

මෙම සංකල්පය ක්ලාර්ක් වයිලස්(1870-1947) සමාජ මානව විද්‍යාඥයා විසින් හදුන්වා දෙනලදී.මෙමගින් ඔහු සංස්කෘතික විසරණය සිදුවන ආකාරය පෙන්වා දෙයි.එනම් එක්තරා භූගෝලීය ප්‍රදේශයක පවතින සමානතා මත ඒ ආශ්‍රිත සංස්කෘතීන්වල පොදු සංස්කෘතිකාංග විසරණයවී ඇතිබවයි.මේ සංස්කෘතිකාංග අතර ජීවිකා වෘත්තිය ආහාර වැනි අංගවල සමානකම් දක්නට ලැබේ.මෙය සංස්කෘතික සරිය නමින් හදුන්වයි.උදාහරණ ලෙස උතුරු පැසිෆික් වෙරළ ආසන්න ප්‍රදේශවල ජීවත්වන ජනයා ගේ ප්‍රධාන ජීවිකා වෘත්තිය සැමන් මසුන් මැරීමයි.අැමසන් හා කැරිබියන් දූපත් වාසීන්ගේ ප්‍රධාන ජීවනෝපාය මංඤොක්කා වගාවයි.දකුණු ආසියා රටවල ප්‍රධාන ආහාරය බත්ය.මෙයාකාරයෙන් එක්තරා භූගෝලිය සීමාවක් තුල ජීවත්වන විවිධ සංස්කෘතීන්වලට අයත් සමාජ අතර සංස්කෘතිකාංගයන්ගේ සමානතාවයක් දක්නට ලැබේ.

සංස්කෘතික සමෝධානය

සංස්කෘතික සමෝධානය හෙවත් සංස්කෘතික අනුකලනය යනු සම් සමාජයක විවිධ සංස්කෘතීන්වලට අයත් සංස්කෘතීන් අතර සමානතා මෙන්ම වෙනස්කම් දැක්වුවද කුමන ආකාරයෙන් හෝ ඒවා සමස්ථය හා බැඳී පැවතීමයි.උදාහරණ ලෙස පෙරදිග පැවති විවිධ සංස්කෘතීන් අතර කොපමන විෂමතා පැවතියද සමස්ථයක් ලෙස පැවති සමානකම් නිසා සංස්කෘතික ගැටුමක් බවට පරිවර්තනය නොවී විවිධ සංස්කෘතීන්වලට අයත් ජනයා සහයෝගයෙන් විසීය.පෙරදිග පැවති සංස්කෘතික අනුකලනයට බලපෑ සාධක කිහිපයක් සමාජ විද්‍යාඥයන් මෙසේ දක්වයි.

  • දුව්‍යාත්මක සෞන්දර්‍යාත්මක හා ආධ්‍යාත්මික අංශවල පැවති සමානතා
  • ස්වාභාවික පරිසරය සමග පැවති බැඳීම
  • ලෞකිකත්වයට වඩා ආධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි නැඹුරුව
  • නාගරීකරණයට උනන්දුවක් නොදැක්වීම
  • චින්තනය හා බුද්ධිවාදයට මුල්තැනදීම

සංස්කෘතිය හා සමාජය

සමාජයක් යනු යම් නිශ්චිත ප්‍රදේශයක ජීවත්වන ජන වර්ගයක් හෝ කිහිපයක් පොදු සංස්කෘතියක් හා දේශපාලන ස්වාධීනත්වයක් සහිතව වාසය කිරීම හා අන්තර්ප්‍රජනන ක්‍රියාවලියක් පැවතීම යනුවෙන් සරලව අර්තකතනය කලහැකිය.මානව හා සමාජ විද්‍යාඥයන් මෙවන් සමාජ 03 දක්වයි.එනම්

  1. ප්‍රාථමික සමාජ
  2. ගැමි සමාජ
  3. නාගරික හා සංකීර්ණ සමාජ

මෙම සෑම සමාජයකටම පාහේ ඔවුන්ට අනන්‍ය සංස්කෘතියක් පවතී.

සංස්කෘතිය හා ශිෂ්ටාචාරය

මානව විද්‍යාඥයන් මුල් යුගයේදී සංස්කෘතිය හා ශිෂ්ටාචාරය සමාන කොට සැලකූබව පෙනේ කොස් වෙතත් පසුව මාවන හා සමාජ විද්‍යාඥයන් සංස්කෘතිය හා ශිෂ්ටාචාරය යනු එකක් නොව වෙනස් සංකල්ප දෙකක් බව තේරුම් ගත්හ.ඒ අනුව සෑම ශිෂ්ටාචාරයකටම සංස්තෘතියක් ඇති අතර ශිෂ්ටාචාරගත නොවූ සමාජයකටද සංස්කෘතියක් ඇත.ශිෂ්ටාචාරය පිළිබද බටහිර නිර්වචනය අතීතයේ දී මානවකේන්ද්‍රණවාදීවිය.ඔවුන් බටහිර නොවන සියලු සංස්කෘතීන් ශිෂ්ටාචාරගත නොවූ සංස්කෘති ලෙස අර්තකතනය කළහ.

සංස්කෘතිය හා පෞරුෂය

පෞරුෂය පිළිබද විවිධ නිර්වචන පවතී.පෞරුෂය යනු පුද්ගලයෙකු තමන් අවට පරිසරයට අනුකූලව හැඩගැසීම තීරනය කරන්නාවූ මනෝ කායිත පද්ධතීන්ගේ ගතික සංවිධානයයිˈයනුවෙන් ජී.ඩබ්ලිව් ඔල්පෝට්(1879-1967) පවසයි.තවත් සරලව ගතහොත් පුද්ගලයෙකු ගේ හැසිරීම අන් අයට පෙනෙන ආකාරය පෞරුෂය ලෙස අර්ත ගන්වයි.යම් පුද්ගලයෙකුගේ චර්‍යා පද්ධතිය තීරණය වීමට ඔහු සමාජානුයෝජනය ලබන සංස්කෘතිය ඍජුවම බලපායි.ඇතැම් පුද්ගලයින් අසවලාට පෞරුෂයක් ඇත.අසවලාට පෞරුෂයක් නැත ආදී වශයෙන් පුද්ගල බද්ධ සාධකමත පෞරුෂය වැරදි අයුරින් තේරුම්ගෙන ඇති අයුරු දක්නට ලැබේ.එහෙත් මානෝවිද්‍යාඥයන්ට අනුව සෑම පුද්ගලයෙකුටම පෞරුෂයක් ඇත.පෞරුෂය යනු සංකල්පීය නිර්මිතයකි.

පුද්ගලයාගේ පෞරුෂය සමාජයෙන් සමාජයට වෙනස් වෙයි.පුද්ගලයා සමාජානුයෝජනය ලබන සංස්කෘතිය අනුව ඔහුගේ පෞරුෂය ගොඩනැගෙයි.ප්‍රකට මානව විද්‍යාඥවරියක්වන මාග්‍රට් මීඩ් විසින් නිව්ගිනියාවේ මුණ්ඩුගුමාර් හා ඇරපේශ් ගෝත්‍රිනයන් ඇසුරින් සිදුකරන ලද පරීක්ෂණය මේයට හොද උදාහරණයකි.එකම වනාන්තරයක් තුල සමාන ගූගෝලීය පිහිටීමක් ඇති පරිසරයක සිටිමින් එහෙත් සංස්කෘතිකමය වශයෙන් වෙනස් සංස්කෘතීන්හි සමාජානුයෝජනය වීම මත එකිනෙකට වෙනස් පෞරුෂ ලක්ෂණ පෙන්වීම මෙහිදී දක්නට ලැබේ.මුණ්ඩුගුමාර් ගෝත්‍රිකයන් ඉතා කලහකාරී ආක්‍රමණශ්‍රීලී අකාරුණික පුද්ගලයන්වූ අතර ඇරපේශ් ගෝත්‍රිකයන් ඉතා සාමකාමී කරුණාබර පිරිසක්විය.මුණ්ඩුගුමාන් ගෝත්‍රික මවුවරු තම දරුවන්ට කිරිදුන්නේ තමාට කැමති මොහොතක මිද දරුවාට අවශ්‍ය අවස්තාවල නොවීය.මුණ්ඩුගුමාර් ළදරුවන් කුසගින්නේ දැඩිවේලාවක් සිටීහ.ඔවුන්ට තම මවගෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ ආදරය නිසි අයුරින් නොලැබීය.කුඩා අවදියේ සිටම තම දෙමාපියන්ගේ කෘෘර දණ්ඩනයන්ට භාජනයවීමට සිදුවිය.ඔවුන්ට සැමවිටම තම වැඩිහිටියන්ගේ කලකෝලාහල අද්දකින්නට ලැබේ.එහෙත් මීට සපුරා වෙනස් ලක්ෂණ ඇරපේශ් ගෝත්‍රික වැඩිහිටියන් අනුගමනය කළහ.ඔවුන් තම දරුවන්ට ආදරයෙන් සැළකීය.

සංස්කෘතික ගැටුම්

එකම සමාජයක සංස්කෘතීන් කිහිපයක් නියොජනය කරන ජනවර්ගයන් ඇතිවිට සංස්කෘතික නොගැලපීම් මුල්කරගෙන ගැටුම් ඇතිවේ.උදාහරණ ලෙස ඉන්දීය සමාජයේ හින්දු භක්තිකයන් ගේ පූජනීය සත්වයෙකුවූ ගවයා එම සමාජයේම සිටින මුස්ළිම් බැතිමතුන් තම ආහාරය සදහා මරාදමයි.මෙහදී මෙම කරුණ මුල්කරගෙන හින්දු භක්තිකයන් තුල මුස්ළිම්වරුන් කෙරේ ද්වේශයක් හටගනී.එසේම නේපාලයේ හා ශ්‍රී ලංකාව වැනි රටවල හින්දු හා බෞද්ධයන් අතර ගැටුම් ඇතියන්නේ බිලිපූජා මුල්කරගෙනය.හින්දූන් මස් පිණිස සතුන් මරා නොදැම්මද බිලිපූජා සදහා මහා පරිමානයෙන් ගවයන් එළුවන් ආදී සතුන් මරාදමයි.අවිහිංසාවාදී ඉගෙනුමක් අදහන බෞද්ධයන් මෙය දැඩිලෙස විවේචනය කරති.බටහිර රටවල ප්‍රොතෙස්තන්ද ආචාර දර්ම හදුන්වාදීමත් විද්‍යාෙව් දියුණුවත් නිසා සාම්ප්‍රධායිත ආගමික සංකල්පයන් අතහැර දමමින් ජීවත්වන කතොලික හා ක්‍රිස්තියානි ජනයාත් තවමත් දැඩිලෙස ආගමික මතයන්හි එල්බගෙන සිටින මුස්ළිම්වරුන් අතරද සංස්කෘතිකමය ගැටුම් ඇතිවේ.කතොලික ක්‍රිස්තියානි බැතිමතුන් තම අභිමතය පරිදි ඇඳුම් භාවිත කරද්දී මුස්ළිම්වරු තවමත් තම සාම්ප්‍රධායික ඇඳුම්ම භාවිත කරයි.

වික්ටොරියානු සංස්කෘතිය

Mid-1840s Dress
වික්ටොරියානු සංස්කෘතික යුගයේ බටහිර යුරෝපා සමාජවල කාන්තාවන්ගේ ඇඳුම්

වික්ටොරියානු සංස්කෘතිය යනු බටහිර යුරෝපා රටවල 20 සියවසයට පෙර පැවති සංස්කෘතියයි.මෙකල යුරෝපා සමාජයේ පාලන බලය හිමිකරගෙන තිබුනේ රදළයන් හා පූජකවරුන් විසිනි.විශේෂයෙන් මෙකල ආගමික සංස්තාව ඉතා ප්‍රබල තත්වයක් ඉසිලීය.මෙහිදී පාලකයා තොරාගනු ලබන්නේ දෙවියන් වහන්සේ විසින් බවත්.රජු දෙවියන්ගේ නියොජිතයා දෙවියන් වහන්සේ ගේ කැමැත්ත අනුව පුරවැසියා රජුට යටතිවිය යුතු බවත් වික්ටොරියානු සංස්කෘතිය තුල ඉගැන්වීය.මීට අමතරම මහජනයාගේ සෑම ක්‍රියාවකටම පාගේ අසීමිතව ආගමික සංස්තාවේ බලපෑම් පැවතිණ.මිනිසාගේ ජීව විද්‍යාත්මක ආශයන් දැඩිව අසීමිත ලෙස ශික්ෂණය කිරීමට ආගමික සංස්තාව මැදිනත්විය.විශේෂයෙන් ලිංගික ආශයන් සදහා දැඩි තහංචි වික්ටොරියානු සංස්කෘතිය තුල දක්නට ලැබිණ.එක විවාහ පමණක් සිදුකිරීම.සෑම විවාහයක්ම දෙවියන් ඉදිරියේ එනම් පල්ලියතුල සිදුකිරීම.දෙවියන් විසින් එක්කල දෙදෙනකු දේව කැමැත්ත අනුව දෙවියන් විසින් වෙන්කරන තුරු එනම් මරණය දක්වාම එකට සිටීම.කාන්තාවන්ගේ ඇඳුම් හොදින් ශරීරය වැසෙක පරිදි අඳීම ආදිය විය.එකල බටහිර යුරෝගීය කාන්තාවන්ගේ ප්‍රධාන අඳුම වූයේ ගවුමයි.එය බිම ගෑවෙන තරම් දිගකින් හා මහත කොළරයකින් සමන්විත විය.බොහෝවිට කාන්තාවන් හිස් පළදනාවත් පැළදීය.පුරුෂයන්ගේ අඳුම දිග කලිසමක් හා අත් දිග හෝ කොට කමිසයක්විය.වර්තමානයේ මෙන් නොව ශරීරය හොදින් ආවරණය වන සේ මෙම ඇඳුම් ඇදීමට වික්ටොරියානු සංස්කෘතිය තුල ඉගැන්වීය.කෙසේ වෙතත් මෙම සංස්කෘතිකාංග බටහිර ජාතීන් විසින් පෙරදිගට හඳුන්වා දුන්නේ ඔවුන් ශිෂ්ට සමපන්න බවත් අනෙකුත් බටහිර නොවන ජාතීන් අශිෂ්ට බවත් පවසමින් මානවකේන්ද්‍රණවාදී දෘෂ්ටිකෝණයක පිහිටාය.පෙරදිග ජාතීන් ද වික්ටොරියානු සංස්කෘතියට අවනත කරගැනීමට විවිධ උපක්‍රම යෙදීය.කෙසේ වෙතත් මෙම වික්ටොරියානු සංස්කෘතිය 20 වන සියවසයෙන් පසු බටහිර සමාජයෙන් අභාවයට ගිය අතර පෙරදිග රටවල එය මුල්බැස ගත්හ.

දුගීභාවයේ සංස්කෘතිය

දුගී භවයනු සමාජයක ජීවත්වන පුද්ගලයන්ද තම දෛනික ජීවිතයේ මූලික අවශ්‍යතා පවා හරිහැටි සපුරා ගැනමට නොහැකිවීම යැයි සරලව දැක්විය හැකිය.මෙම දුගීබව පාදක කරගිමින් එයට අනුගතව නිර්මානය වන සංස්කෘතිය දුගීභවේ සංස්කෘතිය ලෙස හදුන්වයි.ඔස්කා ලුවිස් නම්වූ සමාජ මානව විද්‍යාඥයා විසින් ලතින් ඇමරිකානු රටවල දුගී භාවයෙන් පෙළෙන සංස්කෘතීන් අධ්‍යනයට ලක් කරමින් මෙම සංකල්පය ඉදිරිපත් කරන ලදී.මෙලෙස දුගී භාවයෙන් පෙළෙන සමාජවල ජීවත්වන පුද්ගලයන් කාලයක් තිස්සේ මෙයට අනුගතවීම හේතු කොටගෙන එය ඔවුන්ට ආවේණික සංස්කෘතියක් සේ සළකමින් එය තුලම ඇලී ගැලී සිටිමින් එයින් මිදීමට උස්සාහ නොගනිමින් ජීවත්වෙයි.වැඩිහිටි සාමාජිකයන් තම බාල පරම්පරාවද එම සංස්කෘතියටම අනුගත කරනවා විනා එම තත්වයෙන් ගොඩ ඒමට උවුන් දිරිමත් නොකරයි.ඇතැම් රාජ්‍යයන් විසින් මෙසේ දුගීබවෙන් පෙළන පුද්ගලයන් එයින් මුදා ගැනීමට නොයෙක් උස්සාහ කළද එවන් උස්සාහයන් බොහෝමයක් මෙම දුගී බවේ සංස්කෘතියට අනුගතවීම හේතුවෙන් නිෂ්පල කාරනා බවට පත්විය.උදාහරණ ලෙස මොවුන්ට නිවාස ලබාදුන්විට ඔවුන් ඒවා තවත් අයට විකුණා ඒවා නැවත තමා සිටින මුඩුක්කු වෙතයයි.ආහාර සළාක දුන්විට ඒවාද විකුණා අනවශ්‍ය කටයුතුවල යොදවයි.ස්වයං රැකියා කිරීමට ණය ලබාදුන් විට එය එදිනෙදා කටයුතු සදහා වියදම් කර ණය ගෙවාගැනීමට නොහැකිත තවත් කරදරයේ වැටෙයි.මේ ආකාරයට මෙවන් දුගී බවේ සංස්කෘතියට ඇදවැටුනු සමාජයක් නිසි සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයකින් තොරව සිදු කරන බොහෝ සංවර්ධන ක්‍රියාදාමයන් අසාර්තක වෙයි.

සංස්කෘතිය හා සංවර්ධනය

රටක් සංවර්ධනය කිරීමේදී ඇති ප්‍රබල බාධකයක් වන්නේ සංස්කෘතියයි.සංස්කෘතිය බොහෝවිට සංවර්ධනයට එරෙහිව නැගී සිටීයි.එමනිසා සාම්ප්‍රධායික සංස්කෘතීන් අනුගමනය කරන රජ්‍යයන් දියුණු වෙමින් පවතින රාජ්‍යයන් ලෙසත් ආගම හා සංස්කෘතික බැමි ලිහා විද්‍යාව තුලින් ලෝකය දුටු රජ්‍යයන් දියුණු රටවල් බවටත් පරිවර්තනය වී පවතී.ව්‍යවාහාරික සමාජ විද්‍යාඥයන් විසින් සංවර්ධනයට එරෙහිව නැගී සිටින සංස්කෘතික බාධක කිහිපයන් පෙන්වාදෙයි.

මිත්‍යා විශ්වාස

සංස්කෘතිය හා කාන්තාව

Burning of a Widow
වැන්දඹු ස්ත්‍රියක් ඇගේ සැමියා දැවෙන දරසෑයට දමා මරාදැමීම දැක්වෙන සිතුවමක්ග

බොහෝ සාම්ප්‍රධායික සංස්කෘතීන් තුල කාන්තාවට හිමිවන්නේ ඉතා අවාසනාවන්ත තත්වයකි.බොහෝ සංස්කෘතීන් මගින් ස්ත්‍රීන්ගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංගනය වන ආකාරය දක්නට ලැබේ.ඇතැම් සංස්කෘතීන්වල ගැහැණු දරුවකුගේ උපත අවාසනාවන්ත සිදුවීමක් ලෙස සලකා ළදරු අවධියේදීම මරා දමයි.උදාහරණ ලෙස යනොමාමෝ වැනි ප්‍රාථමික සමාජවල මෙන්ම ඉන්දියාව අරාබි රටවල් දැක්විය හැත.විශේෂයෙන් හින්දු හා ඉස්ලාම් ආගම් අදහන සංස්කෘතීන්වල කාන්තාවන්ගේ සමාජ තත්වය ඉතා ඛෙදජනකය.ඔවුන්ට ආගමික සමාජීය නිදහස අහිමිවී ඇත.ස්වාධීන තීරණ ගැනීමට අවසර නැත.

ලිංග ඡෙදනයˌකන්‍යාභාවයˌසතිපූජාවˌළමා විවාහˌදෑවැද්ද ගැහැණු දරුවන් ළදරුවියේදී මරා දැමීම වැනි සංස්කෘතිකාංග මගින් දැඩි පීඩනයකට කාන්තාවන් පත්වෙයි.ලිංග ඡේදනයේදී කාන්තාවන්ගේ ලිංගික අවයවයන්හි සංවේදී කොටස් එනම් යෝනි තොල් හා භගමනිය කපාදැමීම සිදුවේ එයින් කාන්තාවන්ට දැඩි කායික හා මානසික පීඩාවන් ඇතිවේ.මෙම සංස්කෘතිකාංගය ඇතැම් රටවල නීතිය මගින් තහනම් කර ඇත.කෙසේ වෙතත් සාම්ප්‍රධායික සමාජවල මෙය තවමත් ක්‍රියාත්මකවේ‍ෙ.කන්‍යාභාවය නම් සංස්කෘතිකාංගය මගින් විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම කාන්තාවන්ට පමණක් තහංචි කෙරේ.ප්‍රථම ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීම මගින් කන්‍යාභාවය නිගමනය කරයි.මෙහි විද්‍යාත්මක පදනමක් නැතිබව කායික විද්‍යාඥයන් පවසයි.ඇතැම් කාන්තාවන්ට උපතින්ම කන්‍යාපටලය පිහිටා නොමැති බවත් ඇතම් හදිසි අනතුරු හා ශල්‍යකර්ම නිසාද කන්‍යාපටලය බිදීයාහැකිබවත්.ස්වං වින්දනයේදී යෝනිමාර්ගයට ඇතැම් ද්‍රව්‍ය අතුළුකිරීමේදීද කන්‍යාපටලය බිදීයාහැකිබවත් වෛද්‍යවරුන් පවසයි.කෙසේ වෙතත් ඇතුම් සංස්කෘතීන්තුල කන්‍යාභාවයට ඉහළ වටිනාකමක් ලබාදී ඇත.බොහෝ රටවල පවතින නීතීන් අනුව විවාහයට පෙර ස්ත්‍රියක් කන්‍යාවියකවී සිටීම අනිවාර්‍ය නැත.එය දික්කසාදයට හේතුවක් ලෙස දැක්විය නොහැකිය.සතිපූජාව යනු විශේෂයෙන් ඉන්දියානු කලාපයේ දක්නට ලැබෙන සංස්කෘතිකාංගයකි.මෙහිදී විවාහක ස්ත්‍රියක් තම සැමියා මියගියපසු ඔහු දැවෙන දරසෑයට පැන සියදිවිනසාගත යුතුය.ස්ත්‍රිය එයට කැමතිවීම හෝ අකමැතිවීම අදාල නොවේ.ඇය ගිලිමැලයට පැනීම ප්‍රතික්ෂේප කලහොත් අවට සිටින පුද්ගලයන් ඇයව බලහත්කාරයෙන් ගිනිමැලයටදමා පුළුස්සා මරාදමයි.මෙම සත්පූජාව සිදුකිරීම ඇතැම් අවස්ථාවලදී අනිවාර්‍ය නැත.උදාහරණ ලෙස යුධ සෙබළෙකු යුධ භූමියේදී ජීවිතය පූජාකලහොත් ඔහුගේ භාර්‍යයාවට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවේ.තවද ළදරු වයසේදී මහළු පුරුෂයෙකු හා විවාහවන දැරියකටද තම පුරුෂයා මියගියවිට සතිපූජාව සිදුකිරීම අනිවාර්‍ය නොවේ.ඔවුන්ට නැවත විවාහයක් සිදුකරගැනීම තහනම අතර මුළු ජීවිත කාලයම දේව දාසියක් ලෙස වෘත සමාදන්වීමට සිදුවේ.සතිපූජාව වෛෂ්‍යා ස්ත්‍රීන්ට අදාල නොවේ.ළමා විවාහ මුස්ළිම් හා හින්දු අන්තවාදී සංස්කෘතීන්වල බහුලව ක්‍රියාත්මකවෙයි.මෙහිදී කුඩා දැරියකට මහළු පුරුෂයෙකු විවාහ කරදීම හා කුඩා දරුවන් දෙදෙනකු විවාහකරදීම සිදුවේ.මේ සදහා ආගමික සංකල්ප දුප්පත්කම කන්‍යාභාවය දෑවැද්ද වැනි ඍජුවම බලපානබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.දෑවැද්ද සංකල්පය දකුණු ආසියානු හා යුරෝපීය සමාජවල පවතින සංකල්පයකි.සංවර්ධනය වෙමින් පවතින රටවල මෙය ප්‍රබල සංස්කෘතික බාධකයක් ලෙස පවතී.දෑවැද්ද සදහා වත්කම් නැති කාන්තාවන් අවිවාහකව සිටීමට හා විවාහයෙන් පසු දෑවැද්ද පිළිබද ප්‍රශ්න නිසා කාන්තාවන්ට හිංසා කිරීම හා මරාදැමීමටද ඇතැම් සංස්කෘතීන්වල සිදුවේ.ගැහැණු දරුවන් ළදරුවියේ දී මරා දැමීම ඇතැම් ප්‍රාථමික සමාජවල හා ඇතැමු දියුණුවෙමින් පවතින රටවල සිදුවේ.ඇතැම් අවස්ථාවල ළදැරියක් ඉපදුනවිට ඇයට කිරීදීම ප්‍රතික්ෂෙපකිරීම මගින් එසේත් නැතිනම් අමානුෂික ලෙස මරණයට පත්කිරීම සිදුවේ.තවත් ඇතැම් රටවල ගැහැණු ළදරුවන් කලල අවස්තාවේදීම ගබ්සාව මගින් නූපන් බිළිදියන් මරාදමයි.

මූලාශ්‍ර

  • කුමාර හේමන්ත (2013) සමාජ විද්‍යාව මූලික සංකල්ප න්‍යාය හා ක්‍රමවේදය විජේසූරිය ග්‍රන්ත කේන්ද්‍රය
  • රත්නපාල නන්දසේන (1995) මානව විද්‍යාව ආරිය ප්‍රකාශකයෝ වරකාපොල

යොමුව

  1. https://en.wikipedia.org/wiki/Hippie#Love_and_sex
  2. https://en.wikipedia.org/wiki/Himba_people
  3. http://www.lankalibrary.com/cul/rodi.htm
12 වන සියවස

මෙයද බලන්න: 12වන සියවසෙහි පුනරුදය කාලයෙහි ගතවීම නිරූපණය කෙරෙන විධියක් ලෙසින් සැලකූ කල, 12වන සියවස යනු, පොදු යුගයෙහි ජූලියානු දින දසුන ප්‍රකාර, 1101 සිට 1200 දක්වා කාල සීමාව වෙයි. යුරෝපියානු සංස්කෘතිය පිළිබඳ ඉතිහාසයෙහිදී, ඉහළ මධ්‍යතන යුගයන්හී කොටසක් ලෙසින් මෙම කාල සීමාව සැලකෙන අතර, සමහරවිට ශිෂ්ටර්ෂ්‍යානුවන්ගේ යුගය ලෙසින්ද හැඳින්වෙයි.

ඉන්දියාවේ සම්භාව්‍ය නැටුම් ශෛලීන්

ඉන්දියානු සම්භාව්‍ය නර්තනය යනු භරත මුනි (ක්‍රිපූ 400) සමයෙහි නාට්‍ය ශාස්ත්‍ර දක්වා දිවෙන සිද්ධාන්තයන් සහිත පූජනීය හින්දු සංගීතමය රංග ශෛලීන් වන නාට්‍යහී ගැබ්ව ඇත්තාවූ විවිධ කලා ආකෘතීන් හැඳින්වෙන සාපේක්ෂ වශයෙන් නවීන සමූහන පදයකි.

ඌව පළාත

ඌව පළාත ශ්‍රී ලංකාවේ පළාත් 9න් එකකි. සුන්දර පළාතක් වන අතර එය වෙල්ලස්ස යන නමින්ද හැදින්වේ. ශ්‍රී ලංකාවේ දෙවන අඩුම ජනගහනය සහිත වන්නේ ඌව පළාතය එය 1,259,900 ( වර්ෂ 2012 ) පමණ ‍වේ.

නැගෙනහිර දකුණ හා මධ්‍යම පළාත් වලට මායිම්ව ඇත. බදුල්ල දිස්ත්‍රික්කය හා මොණරාගල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක දෙකකින් සමන්විත ඌව පළාතේ අගනුවර බදුල්ල නගරය වේ. සංචාරක ආකර්ශණය සහිත ස්ථාන කිහිපයක්ම ඌව පළාත සතු වන අතර දුන්හිඳ ඇල්ල, දියලුම ඇල්ල, රාවණා ඇල්ල, යාල ජාතික වන උද්‍යානය

හා ගල්ඔය ජාතික වන උද්‍යානය මින් ප්‍රධාන තැනක් ගනියි. මහවැලි ගඟ, මැණික් ගඟ, සේනානායක සමුද්‍රය හා මාදුරු ඔය ජලාශය ප්‍රධාන ජල මූලාශ්‍ර වේ.

ඍග් වේද

ඍග් වේදය යනු දෙවියන් උදෙසා කැප කළ වේද සංස්කෘත ගීතිකා අඩංගු පුරාණ ඉන්දීය පුණ්‍ය ග්‍රන්ථයකි.එය හින්දු ආගමේ වේද ලෙස හැඳින්වෙන ආගමික කෘති සතර අතරින් එක් කෘතියක් ලෙස සැලකේ. ඊට ලොව පුරා හින්දු බැතිමතුන් ඉතා ගරු කොට සලකති. එහි අඩංගු පද්‍ය කන්නලව් , ආගමික අවස්ථා සහ වෙනත් සුබ අවස්ථාවලදී ගායනා කරනු ලැබේ. මෙය දැනට ලොව පැරණිම ආගමික ග්‍රන්ථ අතර වේ.

තවද එය , ඉන්දු - යුරෝපියානු භාෂාවලින් ලියවුණු පැරණි ග්‍රන්ථ අතුරින් එකකි. වාග් විද්‍යාත්මක සාක්ෂිවලට අනුව ඍග්වේදය නිර්මාණය වී තිබෙන්නේ මහා ගංගාවන් සතක් ගලා බසින සප්ත සින්දු ප්‍රදේශයේ (වර්තමානයේ පංජාබ් දේශය) ය. අදාල කාල වකවානුව ක්‍රි.ව 1500 – 1000 (පූර්ව වේද යුගය ) ය. එහි පූර්ව ඉරාන අවෙස්ටා සමග ශක්තිමත් වාග් විද්‍යාත්මක හා සංස්කෘතික සමානකම් දක්නට ලැබේ. පුර්ව ඉරාන අවෙස්ටා ආරම්භ වූයේ ප්‍රාග් - ඉන්දු - ඉරාන කාල වලදී වන අතර ඇන්ඩ්‍රොනෝවෝ සංස්කෘතිය සමග බද්ධ වී ඇත.

එක්සත් ජනපදය

ඇමෙරිකා එක්සත් ජනපදය නොහොත් එක්සත් ජනපදය මෙන් ම, US නමින් ද, USA නමින් ද ඇමෙරිකාව නමින්ද හැඳින්වෙන්නේ ප්‍රාන්ත පනහකින් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කයකින් සමන්විත වූ ෆෙඩරල් ව්‍යවස්ථාදායක ජනරජයකි. මෙහි බහුතර භූමිය පිහිටා ඇත්තේ උතුරු මැද ඇමරිකාවේය, එහි ප්‍රත්‍යාසන්න ප්‍රාන්ත 48 ක් සහ අගනුවර දිස්ත්‍රික්කය වන වොෂිංන්ටන් ඩී.සී. ද පිහිටා ඇත්තේ පැසිෆික් සහ අත්ලාන්තික් සාගර අතර ය. උතුරු මායිමේ පිහිටන්නේ කැනඩාව ය. දකුණු මායිමේ පිහිටන්නේ මෙක්සිකෝව ය. ඇලස්කා ප්‍රාන්තය වයඹින් පිහිටා ඇති අතර එහි නැගෙනහිර මායිම් වෙන්නේ කැනඩාවෙනි. එය බටහිරින් මායිම් වෙන්නේ බේරින් සානුව එපිටින් පිහිටන රුසියාවයි. හවායි ප්‍රාන්තය පැසිෆික් සාගරය මධ්‍යයේ පිහිටි ‍කොදෙව් දූපත් සමූහයකින් සෑදෙන්නකි. මෙම රටට කැරිබියන් හා පැසිෆික්හි භෞමික ප්‍රදේශයන් කිහිපයක් අයිති වෙයි. වර්ග සැතපුම් මිලියන 3.79 ක් (වර්ග කිලෝමීටර් මිලියන 9.83) යුතු මෙම රටෙහි ජනගහනය මිලියන 314 කට වඩා අධික ය. රටට අයත් සම්පූර්ණ ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේ දී එය ජනගහණයෙන් හා භූමි ප්‍රමාණයෙන් යන දෙකින් ම ලොව තුන්වන හෝ හතරවන විශාලතම රට වෙයි. ලෝකයේ විවිධ රටවල් වලින් විශාල සංඛ්‍යාවක් සංක්‍රමණිකයන් පැමිණීම හේතුවෙන් ලෝකයේ වඩාත් ම විවිධ වූ ජනවාර්ගික නියෝජනයෙන් යුක්ත හා බහුසංස්කෘතික වූ රටක් වෙයි.

අද ඇමෙරිකාව යැයි සැලකෙන මහා භූමි ප්‍රමාණයට වසර 15,000 කට පමණ පෙර ආසියාවෙන් පේලියෝඉන්දියානුවන් සංක්‍රමණය වූවා යැයි සැලකේ. ස්වදේශී ඇමෙරිකන් ජනගහණය ඔවුන් වෙතින් පැවත එන්නන් සේ සැලකෙන අතර ක්‍රමයෙන් ජනගහණය අඩු වී යන්නේ පළමුව යුරෝපීයයන් ගේ පැමිණීමත් සමඟ ඔවුන් හා සබඳතා පැවැත්වීමේ දී බෝවෙන ලෙඩ රෝග වැළඳීමත් අනතුරුව ඒ තත්වය යුරෝපීය යටත්විජිත පටන් ගැනීමේ දී වැඩියෙන් පැතිර යාමත් නිසා ය. අත්ලාන්තික වෙරළබඩ පළාත් හි වූ බ්‍රිතාන්‍යය යටත්විජිත උපනිවේෂ දහතුනකින් ඇමෙරිකාව මුලින් සෑදෙන ලදි. 1776 ජූලි 04 වැනිදා මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ උපනිවේෂ නියෝජිතයන් විසින් නිදහස් ප්‍රකාශනයක් නිකුත් කරන ලද්දහ. එයින් කියා සිටියේ ඔවුනට ස්වෛරීභාවයට සහ ස්වාධීන රාජ්‍යයක් පිහිටුවන්නට අයිතියක් ඇතැයි කියාය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පරාජය කරමින් විප්ලවිය ප්‍රාන්ත විසින් ඇමෙරිකානු විප්ලවීය අරගලය ජයගන්නට සමත් වූහ. එය යටත්විජිතයක් ස්වාධීනත්වය දිනාගත් ප්‍රථම සාර්ථක යුද්ධයයි. වර්තමාන ඇමෙරිකන් එක්සත් ජනපද ව්‍යවස්ථාව පිහිටුවා ගන්නේ 1787 සැප්තැම්බර් 17 වැනිදා ය. එහි අපරානුමත කිරීම් ඊ ළඟ වසරේ දී සිද්ධ වෙන්නේ සියළු ප්‍රාන්ත එකතු වෙමින් ඒකීය ජනරජයක් හා ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක් නිර්මාණයෙනි. ව්‍යවස්ථා ප්‍රතිසංශෝධන දහයකින් මූලික සිවිල් අයිතීන් හා නිදහස තහවුරු කරන අයිතීන්ගේ ව්‍යවස්ථා කෙටුම් පනත අපරානුමතය සිදු වෙන්නේ 1791 දී ය.19 වන ශත වර්ෂය පුරා එක්සත් ජනපදය රට ව්‍යාප්ත කරන සීඝ්‍ර මෙහෙයුමක් උතුරු ඇමෙරිකාව තුල පටන් ගනියි. එයින් ස්වදේශී ගෝත්‍රික ජනතාවට පදිංචි වී හිටි තැන් අහිමි වූහ. 1803 දී ප්‍රංශයෙන් ලුයිසියානා භෞමික ප්‍රදේශය මිල දී ගන්නා ලදි. 1845 දී ටෙක්සාස් ජනරජය ඈඳා ගන්නා ලදි. එයින් ඇරඹුනු යුද්ධයෙන් මෙක්සිකෝවෙන් බාගයක් පමණ අල්ලා ගන්නට හැකිවිය. 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිල දී ගන්නා ලදි. මුල් කාලීන භෞමික ව්‍යාප්ත මෙහෙයුම් නිසා වහල් අයිතිය හිමි කෘෂිකාර්මික දකුණු පළාත් අතරත් වහල් සේවයෙන් නිදහස්-භූමියෙන් යුතු කාර්මික උතුරු පළාත් අතර ත් සුවිශේෂී අරගල ඇති වී ඇමෙරිකන් සිවිල් යුද්ධය පටන් ගන්නට හේතු සාධක විය. උතුරේ ජයග්‍රහණය නැවතත් රට එක්සත් කරන ලදි. එක්සත් ජනපදයේ සියළු ම ප්‍රාන්ත වල වහල් සේවයට මිනිසුන් යෙදවීම එයින් අවසන් බව නීතිගත කෙරෙන ඇමෙරිකන් ව්‍යවස්ථාවේ දහතුන් වැනි ප්‍රතිසංශෝධනය අපරානුමත කරන්නට යුද ජයග්‍රහණයෙන් පසු හැකිවුණි. මිටියාවත් ඉන්දියන් යුද්ධ නිසා ඉතිරි වී සිටි ගෝත්‍රිකයන් සංරක්ෂක භූමි වලට ඇතුල් කරන ලදි. කොංග්‍රසයේ අභියෝජනාවක් මඟින් හවායි ජනරජය ඈඳා ගන්නා ලදි. ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය අවසන් කරමින් පුවෙර්තො රීකෝ සහ ගුවාම් උත්ත්‍යක්ත ප්‍රදේශයන් බවට පත්විය. 19 වැනි ශ. ව. අවසානයේ දී එහි ජාතික ආර්ථික ලෝකයේ විශාලතම වූවයි.

ස්පාඤ්ඤ-ඇමෙරිකන් යුද්ධය සහ පළමුවැනි ලෝක යුද්ධය රට ගෝලීය හමුදා බලයෙන් යුතු වූවක් බව තහවුරු කරන ලදි. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු පරමාණු අවි ඇති ප්‍රථම රට එක්සත් ජනපදය වෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබයි. සීතල යුද්ධය අවසානය සහ සෝවියට් යුනියනය විසුරුවා හැරීමත් සමඟ එක්සත් ජනපදය සුපිරි බලයෙන් වූ එකම රට වෙයි. එක්සත් ජනපදයේ ආර්ථිකය ලොව විශාලතම ජාතික ආර්ථිකයයි. 2011 දී එහි දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 15.1 ක් විය. එහි ප්‍රතිශ්‍රීර්ෂ ආදායම ලෝකයේ හය වැනි ඉහළ ස්ථානය ගනියි. ගෝලීය හමුදා වැයෙන් 41% ක් වියදම් දරන්නේ මේ රටයි. එසේම එය ලෝකයේ ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික යනාදියේ ප්‍රමුඛත්වය ගන්නකි.

එක්සත් රාජධානිය

කට වහරේ එක්සත් රාජධානිය හැදින්වෙන මහා බ්‍රිතාන්‍ය හා උතුරු අයර්ලන්ත එක්සත් රාජධානිය යනු යුරෝපයට අයත් මහා බ්‍රිතාන්‍ය දූපත හා අයර්ලන්ත දූපතේ උතුරු කොටස ආවරණය කෙරෙන රටකි. මෙයට එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා උතුරු අයර්ලන්තය යන රටවල් ද මෑන් දූපත් හා චැනල් දූපත් ද අයත් වේ. අගනුවර: ලන්ඩනය. රජ බස: ඉංග්‍රීසි. ව.කි.මි. 244,129ක් තරම් මෙම රටෙහි 1991 වසරේ දී ජනයා 55,700,000ක් විසූහ.

රාජ්‍ය පාලනය සිදුවන්නේ ලන්ඩන් නගරය කේන්ද්‍ර කරගත් පාර්ලිමේන්තු පද්ධතියක් මගින් වන නමුත් පිළිවෙලින් උතුරු අයර්ලන්තයේ, වේල්සයේ සහ ස්කොට්ලන්තයේ අගනගර වන බෙල්ෆාස්ට්, කාර්ඩිෆ් සහ එඩින්බර්ග් යන නගර සඳහා ද බලය විමධ්‍යගත කර තිබේ. ලොව විශාලතම අධිරාජ්‍යය යැයි සැලකෙන බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ උච්චතම අවස්ථාව වන 1922 දී පෘථිවි භූමියෙන් හතරෙන් එකක් පමණ එයට අයිතිව තිබූ අතර මෙයින් 14ක් පමණ දැනට ද ඉතිරිව පවතී. මෙම යටත්විජිතවල භාෂාව, සංස්කෘතිය සහ නීති පද්ධතිය යන අංශවලට බ්‍රිතාන්‍ය ආභාෂය බලපා ඇත.

එක්සත් රාජධානිය සංවර්ධිත රටක් වන අතර එය දළ ‍ජාතික නිෂ්පාදිතය අතින් ලොව හයවැනියට විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි. මෙය ලොව මුලින්ම කාර්මීකරණය වූ රට මෙන් ම 19 ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මුල් භාගයේදී ලොව අංක එකේ බලවතා ලෙසද විරුදාවලි ලබා තිබුණි. නමුත් ලෝක යුද්ධ දෙකේ දී සිදුවූ අලාභ හානි සහ 20 වැනි සියවස අගභාගයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය කඩාවැටීමත් සමග එක්සත් රාජධානියේ ගෝලීය බලපෑම අඩු විය.

එක්සත් රාජධානිය වයඹ යුරොපානු මහද්වීපයේ පිහිටි රාජකීය රාජ්‍යකි. මෙය රාජ්‍යයක් වන අතර මහා බ්‍රිතාන්‍ය, ඊසාන අයර්ලන්තය සහ කුඩා දූපත් බොහොමයක් අඩංගුය. උතුරැ අයර්ලන්තය බ්‍රිතාන්‍යය හා සම්බන්ධ එකම මායිම් කරැවා වේ. බ්‍රිතාන්‍ය අත්ලාන්තික් සාගරය, උතුරැ මුහුද ඉංග්‍රීසි ඕඩය සහ අයිරිශ් මුහුදෙන් වටවී ඇ. විශාලතම දූපත වන මහා බ්‍රිතාන්‍ය චැනල් උමග මගින් ප්‍රංශය හා යාවේ. මහා බ්‍රිතාන්‍ය ව්‍යවද්ථාදායක රාජධානිය ක්වන අතර ඒකාබද්ධ රාජ්‍යයන් 04 ක් වන එංගලන්තය උතුරැ අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්ස් අඩංගුය. පාර්ලිමේන්තු පද්ධතියකින් ‍පාලනය වන මෙරට ආණ්ඩුපක්ෂය ලන්ඩනයේ පිහිටා ඇත. බ්‍රිතාන්‍යට විදේශ රාජ්‍යයන් 14 ක් අවශ්‍ය වේ. 1922 ලෝකයේ භූමි ප්‍රමාණයෙන් කාලයක් බ්‍රිතාන්‍ය රාජධානියට අයත් විය. වර්ථමානයේ දී බ්‍රිතාන්‍ය බලපෑම එම රටවල භාෂාව, සංස්කෘතිය හා නීති පද්ධතිය තුල දක්නට ඇත. බ්‍රිතාන්‍ය ආර්තිකය GDP සාමාන්‍ය අනුව ලොව 06 වෙනි විශාලතම ආර්ථිකයයි. එය ලොව කාර්මීකරණය වූ පළමු රටයි. මෙරට පිළිගත් න්‍යෂ්ටික බලය ඇති රාජ්‍යයක් වන අතර මෙහි සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය එක්සත් ජාතීන්ගේ රාජක්ෂක පොදු රාජ්‍ය මණ්ඩලය G8, G 20 නේටෝ ‍OECD සහ ලෝක ආර්ථික සංගමයයි.

කැනේඩියානු දෙමළ කොංග්‍රසය

කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC) යනු කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකික දමිළ ඩයස්පෝරාව විසින් පිහිටුවා ගත් ලාභ-නොලබන සංවිධානයකි. එම සංවිධානය 2000 වසරේ ඔක්තෝම්බරයේදී නිර්මාණය කර ගැණිනි.

වර්ථමාන කැනඩාව අති විශාල දෙමළ ජනතාවක් සඳහා නිවස්නය වන අතර ඊට, 1980 සහ 1990 අතර කාලයේ ශ්‍රී ලංකාව තුල හටගත් කලු ජූලිය හේතුවෙන් සහ, ත්‍රස්තවාදී කටයුතු නිසා සරණාගතභාවයෙන් එරටට පළාගිය දහස්ගණනක් වූ ලාංකික දෙමළ ප්‍රජාවක්ද ඇතුලත්ය.

කොළඹ

කොළඹ යනු ශ්‍රී ලංකාවේ විශාල ම

නගරය මෙන්ම වාණීජ අගනගරයයි. පරිපාලන අගනගරය වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කොළඹට තදාසන්නව පිහිටා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රස්ථානය කොළඹ වේ. කොළඹ නගර සීමාව තුළ 752,993 ජනගහනයක් වාසය කරයි.

ජොසොන්

ජොසොන් රාජධානිය (හංගුල්:대조선국; හන්ජා:大朝鮮國), සාහිත්‍යමය "මහා ජොසොන් රාජ්‍යය"; එලෙසම චොසොන්, චොසුන්, චෝසුන්) යනු කොරියානු රාජධානියක් වන අතර එය යි සොංග්යේ විසින් පිහිටුවන ලදී. එය 1392 ජූලි සිට 1897 ඔක්තෝම්බර් දක්වා සියවස් පහක කාලයක් පමණ පැවතියේ ය.. 1897ඔක්තෝම්බර් මස දී එය නිල වශයෙන් කොරියානු අධිරාජ්‍යය ලෙස නම්කරන ලදී. එය බිහි වූයේ අතීතයේ ගෝර්යෝ යනුවෙන් හැඳින් වූ නූතන කේසොං නගරය බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙසයි. අතීතයෙන් පසු කොරියාව නැවත නම් කළ අතර අගනගරය නැවත නූතන සෝල් වෙතට ගෙනයන ලදී. මෙම රාජධානියේ උතුරු සීමාව යාලු සිට ටුමෙන් ගඟ යන ස්වභාවික සීමාවන් දක්වා ව්‍යාප්ත වූයේ ජුර්චෙන්වරුන්ගේ පරාජයත් සමගයි. කොරියාවේ අවසාන රාජවංශය වූයේ ජොසොන් රාජවංශයයි.

එහි සමයේ, ජෝසුන් රාජ්‍යය කොරියානු සංස්කෘතිය තුළ චීන කොන්ෆියුසියානු පරමාදර්ශයන් සහ දර්ශනයන්හට වැඩීමට ඉඩ සැලසී ය. නව කොන්ෆියුසියානුවාදය නව රාජවංශයේ දර්ශනය ලෙස ස්ථාපනය කෙරිණි. බුදුදහම අධෛර්යයට ලක් කෙරුණු අතර ඇතැම් අවස්ථාවල බුදුදහමට රාජවංශයේ පීඩාවන්ට ලක්වීමටද සිදු විය. මෙම ජෝසුන් ඒකාබද්ධ පාලනය නූතන කොරියාව කෙරෙහි මඟපෑදූ අතර එහිදී සම්භාව්‍ය කොරියානු සංස්කෘතිය, වෙළඳාම, විද්‍යාව, සාහිත්‍යය, සහ තාක්ෂණය උච්චත්වයට පත් විය. කෙසේවුවත් 16වන සියවසේ අගභාගයේ සහ 17වන සියවසේ මුල්භාගය වන විට රාජංවශය තදබල ලෙස දුර්වල වන්නට විය. ඒ සදහා ජපානයේ කොරියානු ආක්‍රමණය (1592-98), 1636දී කොරියානු අර්ධද්වීපය පුරා සිදු වූ පළමු සහ ‍දෙවන මැංචු ආක්‍රමණ මේ සදහා බලපෑවේ ය. මේ හේතුවෙන් රාජ්‍යයට දැඩි හුදකලා ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සිදු වූ අතර රාජ්‍යය "තවුසන්ගේ රාජධානිය" ලෙස ප්‍රකට වූයේ ඒ හේතුවෙනි. මැංචූරියාවේ ආක්‍රමණ අවසන් වූ පසුව ජොසොන් රාජ්‍යය වසර 200ක පමණ නිදහස් කාලපරිච්ඡේදයක් ගතකළේ ය.

කෙසේවුවත් හුදකලා කාලපරිච්ඡේදය තුළ රාජ්‍යය බලය අතින් ආඩ්‍යත්වයට පත් වන්නට වුවත් 18වන සියවස වන විට එය පරිහානි ලක්ෂණ පෙන්වන්නට විය. මෙකල අභ්‍යන්තර ආරවුල්, බල අරගල, අන්තර්ජාතික පීඩනය සහ කැරලි හමුවේ 19වන සියවස වන විට ජොසොන් රාජවංශය ශීඝු ලෙස පරිහානියට පත්වන්නට විය.

ජොසොන් රාජවංශය නූතන කොරියාව; නූතන කොරියානු සංස්කෘතිය, චාරිත්‍ර, සම්මතයන්, සහ සමාජයීය අනන්‍යතාවන් කෙරෙහි සුවිශේෂී බලපෑමක් ඇති කළ අතර එය නූතන කොරියානු භාෂාව හැඩගැස්වීමෙහි ලා ඉමහත් කාර්යභාරයක් ඉටු කළේ ය.

පානදුර

පානදුර යනු ශ්‍රී ලංකාවේ බටහිර වෙරළ තීරයේ කොළඹට දකුණින් කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි.

පුරාතන මිසරය

පුරාතන මිසරය (පුරාතන ඊජිප්තුව) යනු නයිල් ග‍ඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.

බංගලාදේශය

බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

බංග්ලාදේශය

බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබා‍දෙයි.

වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්‍රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්‍රජාතන්ත්‍රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි.

භූතානය

භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.

භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්‍රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය.

මහනුවර

මහනුවර (දෙමළ: கண்டி kaṇṭi, උච්චාරණය [ˈkaɳɖi], ඉංග්‍රීසි: Kandy) හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි.

වර්තමානයේ ශ්‍රී දළදා මාලිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර වලින් එකකි. මෙය මහනුවර, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

යාපනය

යාපනය (Jaffna, දෙමළ: யாழ்ப்பாணம்) යනු ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ ප්‍රධාන නග‍රයයි. දිවයිනේ උතුරු කෙළවරෙහි පිහිටි යාපන අර්ධද්වීපයෙහි නිරිතදිග වෙරළබඩට වන්නට පිහිටා ඇති මෙම නග‍රය, 100,000කට වැඩි ජනසංඛ්‍යාවක් විසූ නුව‍රක් වූවද, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය නම් ත්‍රස්තවාදී සංවිධානයේ කටයුතු හේතුවෙන් වඩා අඩු ජන සංඛ්‍යාවක් සිටින නුව‍රක් වී තිබේ.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka /sriːˈlɑːŋkə,_ʔˈlæŋkə/ or /ʃriːʔ/;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග්-එෙතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon /sɪˈlɒnˌ seɪʔˌ siːʔ/) ලෙස හඳුන්වනු ලැබිණි. කෙසේනමුදු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමත් සමග තීරණාත්මක අයුරින් නිමාවට පත්වූ තිස් අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් පලුදුවීමට ලක්විය.බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික සහ ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කෙරුම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය හා ජනරජ රාජ්‍යයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දිවයිනේ විශාලතම සහ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ නගරෝපාන්තයකි.

ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (මාලදිවයින සමග) අතුරින් එකක්ද වේ.

ශ්‍රී ලංකාවේ පළාත්

ශ්‍රී ලංකාවේ පළාත් (ඉංග්‍රීසි: Province; දෙමළ: மாகாணம்) නවයක් ඇත. 19වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුනද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13වන ව්‍යවස්ථා සංශෝධනය වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් නීති ක්‍රියාත්මක කිරීමෙහි දේශපාලනමය හා පරිපාලනමය බලතල ඒවා සතුව නොපැවතිනි

ශිව

ශිව ( /ˈʃivə/ ; සංස්කෘත : शिव, Śiva) හින්දු ආගමේ එක් ප්‍රධාන දෙවිවරුන් ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ඔහු ශ්‍රේෂ්ඨතම දෙවියන් ලෙස හැඳින්වේෙ.

බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. ශෛව සම්ප්‍රදායට අනුව ශිව විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. ශක්ති වාදය නම් වූ හින්දු ආගමික සම්ප්‍රදායේ දී, ආදිපරාශක්ති නම් වූ දේවතාවිය හෝ දේවි ශ්‍රේෂ්ඨ ලෙස විස්තර කර ඇති නමුත් ශිව දෙවියන් ගෞරවයට පාත්‍ර වී ඇත.

ශෛව ආගමට අනුව, ශිව විශ්වයේ උසස්ම, සීමාරහිත වන, නොවෙනස් වන බ්‍රහ්ම සහ විශ්වයේ පරම ආත්මය වේ. ශිව දෙවියන්ගේ කරුණාවන්ත කම මෙන්ම භයානක කම ගැන ද බොහොමයක් කතාන්දර තිබේ. ගුණවත් අංශ ගැන සැලකීමේදී, ඔහු සර්වඥාන ලෙස විස්තර කර ඇත. යෝගි වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ කාර්තිකේය වේ. ඔහුගේ දරුණු පැතිවලින් ඔහු නිරන්තරයෙන්ම දුෂ්ටාත්මයන් දුරු කරයි. ශිව යනු යෝගා, භාවනාව සහ කලාව යන දේවල් වලට අධිපති දෙවියා ලෙස සලකනු ලබන නිසා අධියෝගී ශිව ලෙස ද හඳුන්වයි.

ශිව දෙවියන්ගේ ගෙළ වටා නාගයෙකු සිටින අතර අඩ සඳ හිසේ පළඳී, ශුද්ධ වූ ගංගා නම් ගඟ ඔහුගේ හිස කෙස් අතරින් ආරම්භ වේ. තුන්වන ඇසක් ඔහුගේ නළල මත පිහිටා ඇත. ත්‍රිශුලය ඔහුගේ ආයුධය වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.