විශ්‍‍වකෝෂ‍ය‍

විශ්‍‍වකෝෂ‍යක් (අක්ෂර වින්‍යාසයේදී encyclopedia හෝ encyclopædia) යනු

Translation arrow Si
Brockhaus Lexikon
Brockhaus Enzyklopädie in 1902
Urad dal

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

අප රටේ විශේෂයෙන්ම උතුරු මැද හා උතුරු පළාත්වල ජනප්‍රිය රනිල බෝගයකි. එය අඩු ජල ප්‍රමාණයක් යටතේ සාර්ථකව වගා කළ හැකිය. අසල්වැසි ඉන්දියාව සමග නිපදවිය හැකි බෝග කිහිපයෙන් උඳු ද එක් බෝගයක් වේ.

අක්නාටන්

අක්නාටන් (/ˌækəˈnɑːtən/; එක්නේටන්, අක්නේටන්,ඉක්නේටන්,සහ ඛුඑනාටන්;ලෙස ද හඳුන්වයි; අරුත "ආටන් වෙනුවෙන් ක්‍රියාකාරී") හෙවත් සිය පස්වන රාජ්‍ය වර්ෂයට පෙර අමෙන්හොටෙප් IV (ඇතැම්විට ග්‍රීක ස්වරූපයෙන් අමෙනෝෆිස් IV ලෙස ද දක්වයි, අරුත: අමුන් සතුටට පත් කළ) ලෙස හැඳින්වෙන්නේ පුරාතන ඊජිප්තුවේ 18වන රාජවංශයේ පාරාවෝවරයෙකි. ඔහු විසින් වසර 17ක් රාජ්‍යය පාලනය කොට ඇති අතර, ඇතැම්විට ක්‍රි.පූ. 1336 හෝ 1334දී මියගොස් ඇත. ඔහු වඩාත් ප්‍රසිද්ධ වී ඇත්තේ සම්පදායික ඊජිප්තු බහුදේවවාදය බැහැරකොට ආටන් ඇදහීම වටා කේන්ද්‍රගත වූ ආගමික සංකල්පයක් හඳුන්වා දීම නිසාවෙනි. මෙය ඇතැම් අවස්ථාවල දී, සමේශ්වරවාදයක් හෝ අර්ධ-ඒකදේවවාදී ආගමික සංකල්පයක් ලෙස සැලකේ. පැරණි ශිලාලේඛනවල ආටන්ව හිරු ලෙස හඳුන්වා තාරකා සමග සසඳා ඇත. නමුත් පසුකාලීන නිල භාෂාව අනුව ආටන් යනු දෙවිකෙනකු ලෙස පැවසීම තහනම් කොට ඇති අතර, ඔහුට සාමාන්‍ය දෙවිකෙනකුට වඩා උසස් “සූර්ය දේවතාවා” නම් තත්ත්වයක් ලබා දී ඇත.

අක්නාටන් සම්ප්‍රදායික ඊජිප්තු ආගමට නැවතුම තබන්නට උත්සාහ ගත්ත ද, අවසානය වනතුරුත් එය අනුමත වූයේ නැත. ඔහුගේ මරණින් පසු, සම්ප්‍රදායික ආගම යළි ස්ථාපනය කෙරිණි. වසර දොළහකට පමණ පසු 18වන රාජවංශයේ අනුප්‍රාප්තියට පැහැදිළි අයිතියක් නොතිබූ පාලකයින් විසින් නව රාජවංශයක් පිහිටුවූ අතර, ඔවුන් විසින් අක්නාටන් සහ ඔහුගෙන් පසු බලයට පත් වූ පාලකයින් නින්දාවට ලක් කොට ඇත. ඔවුන් සිය ලේඛන වාර්තා ආදියෙහි අක්නාටන් හඳුන්වා ඇත්තේ "සතුරා" හෝ "එම අපරාධකරු" වැනි වදන්වලිනි.ආටන් දෙවිඳුන් වෙනුවෙන් අක්නාටන් විසින් අමර්ණ ප්‍රදේශයේ ඉදිකළ අක්ටාටන් නගරය 19වන සියවසේ දී සොයාගන්නා තෙක්ම ඔහු පිළිබඳ තොරතුරු ඉතිහාසයෙන් සැඟවී තිබිණි. ෆ්ලින්ඩර්ස් පෙට්‍රී විසින් අමර්ණ නගරයේ සිදුකළ මුල්කාලීන කැනීම් හේතුවෙන් මේ ගුප්ත පාරාවෝවරයා පිළිබඳ විද්වතුන් තුළ වූ උනන්දුව වැඩි විය. 1907දී එඩ්වඩ් ආර්. අයිර්ටන් විසින් පොළොවෙන් යට වී තිබූ KV55 සොහොන්ගැබෙන් මමියක් සොයාගත් අතර, එය අක්නාටන්ගේ වියහැකි යැයි විශ්වාස කෙරිණි. එහි DNA විශ්ලේෂණය අනුව පෙනී ගියේ KV55 සොහොන්ගැබේ භූමදානය කොට ඇති පුද්ගලයා ටුටන්ඛාමුන් රජුගේ පියා බවයි. නමුත් එය සැබැවින්ම අක්නාටන්ගේ ද යන්න ගැටලු සහගත ය.අක්නාටන් සහ ඔහුගේ රැජින වූ නෙෆර්ටිටි පිළිබඳ පවසන විට ඔහු සහ ටුටන්ඛාමුන් අතර ඇති සම්බන්ධය ද අමතක කළ නොහැකි ය. (ටුටන්ඛාමුන්ගේ මව නෙෆර්ටිටි නොවේ. ටුටන්ඛාමුන්ගේ මව, පුරාවිද්‍යාඥයින් විසින් “ලාබාල යුවතිය” ලෙස හඳුන්වන මමිය අයත් තැනැන්තියයි.) එසේම ඔවුන් විසින් හඳුන්වා දුන් විශිෂ්ට කලා සම්ප්‍රදාය මෙන්ම ඔහු ස්ථාපනයට උත්සාහ ගත් ආගම ද ඔහුගේ සුවිශේෂී බවට හේතු වී ඇත.

ඉංග්‍රීසි විකිපීඩියාව

ඉංග්‍රීසි විකිපීඩියාව යනු නිදහස් විකිපීඩියා විශ්වකෝෂයේ ඉංග්රීසි භාෂා සංස්කරණයයි. 2001 ජනවාරි 15 වන දින ආරම්භ කරන ලද එය විකිපීඩියා විශ්වකෝෂයේ පළමුවන සංස්කරණය වන අතර, 2019 අප්‍රේල් මස වන විට එය ලිපි වැඩිම ප්‍රමාණයක් ඇති සංස්කරණය වේ. 2019 ජූනි වන විට සියලු විකිපීඩියා සංස්කරණ වල ලිපි සැලකු විට එයින් 12% ක් ඉංග්‍රීසි භාෂා සංස්කරණයට අයත් වේ. 2015 නොවැම්බර් 1 දිනදී එය ලිපි මිලියන 5 සීමාව ඉක්මවිය. 2019 ජූනි 6 වැනි දින වන විට එහි ලිපි 5,870,446 ක් අන්තර් ගතව ඇත. 2015 ඔක්තෝබර් මාසයේදී ඉංග්රීසි විකිපීඩියාවේ ලිපි එකතුව සම්පීඩිත කල විට ප්‍රමාණය ගිගාබයිට් 11.5 ක් විය.

ඔලිම්පික්

ඔලිම්පික් යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ. වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔලිම්පික් උළෙලක් වසර හතර‍කට වරක් පැවැත්වෙන පරිදි ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ථනය වෙමින් පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා වූ ආරම්භක කාලයේ දී පුරාතන ඔලිම්පික් ක්‍රීඩා ග්‍රීසියේ ඔලිම්පියාහි දී පැවැත්විණ. ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ පියරේ ද කුබ(ර්)ටීන් නම් වංශාධිපතියා විසින් 1894 වර්ෂයේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) පිහිටවනු ලැබීය. ඔලිම්පික් ප්‍රඥප්තියෙන් පනවා ඇති ව්‍යුහයට සහ ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එතැන් පටන් අද දක්වා ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වාගෙන ඒමට කටයුතු කරයි.

20 වන සහ 21 වන සියවස තුළ ඔලිම්පික් පදනමෙහි සිදු වූ විකාශනයන් ඔලිම්පික් උළෙල සඳයා ද නොයෙක් ආකාරයෙන් බලපෑවේ ය. හිම ක්‍රීඩා සහ ශීත කාලයට ඔබින ක්‍රීඩාවන් වෙනුවෙන් ශීත ඍතු ඔලිම්පික් උළෙල ඇරඹීම, ශාරීරික ආබාධයන්ගෙන් පෙලෙන්නවුන් සඳහා පැරාලිම්පික් තරගාවලිය හඳුන්වාදීම සහ නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෞවන ඔලිම්පික් ක්‍රීඩා හඳුන්වාදීම එලෙස සිදු වූ වෙනස්කම් අතර වේ. කාලයත් සමග සිදුවන ආර්ථික, දේශපාලනික සහ තාක්ෂනික යථාර්ථයන්ට අනුගත ව අනුවර්තනය වීමට 20වන සියවසේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට සිදු විය. කුබර්ටීන්ගේ සංකල්පයකට අනුව හුදෙක් විනෝදාස්වාදයට පමණක් හෝ විවේකය ගත කිරීම සඳහා ක්‍රීඩා කරන්නවුන් වෙනුවෙන් අරඹන ලද ඔලිම්පික් උළෙල, පසුකාලයේ දී වෘත්තීමය ක්‍රීඩකයන්ට පමණක් සහභාගී විය හැකි පරිදි සැකසුනේ ඒ අනුව ය. ක්‍රමයෙන් වර්ධනය වන්නට වූ ජන සන්නිවේදන මාධ්‍යයන්ගේ අවශ්‍යතාව, ක්‍රීඩාවට ඒකාබද්ධ ප්‍රතිඥාතෘත්වයක් අවශ්‍ය වීමට සහ ක්‍රීඩාව වාණීජ්‍යකරණයට ලක්වීමට හේතු විය .1916, 1940, සහ 1944 වසර වලට නියමිත ව තිබූ ඔලිම්පික් උළෙලවල් ලෝක යුද්ධයන් නිසා අවලංගු විය. 1980 සහ 1984 වසරවල සීතල යුද්ධය පැවති හෙයින් ඇතැම් රටවල් ක්‍රීඩා උළෙල වර්ජනය කළ අතර ඒ නිසාවෙන් ම තරගකරුවන්ගේ සහභාගීත්වය ද අඩු විය.

අන්තර්ජාතික ක්‍රීඩා සම්මේලන (IF), ජාතික ඔලිම්පික් කමිටු (NOC), සහ එක් එක් වසරවල ඔලිම්පික් උළෙලවල සංවිධායක කමිටුවලින් ඔලිම්පික් ව්‍යාපාරය සමන්විත වේ. එක් එක් ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා සත්කාරක නගර තෝරා ගැනීම, තීරණ ගැනීමේ බලතල සහිත අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමකි. ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූල වන පරිදි ඔලිම්පික් උළෙල සංවිධානය කිරීමේත් ප්‍රතිපාදන යෙදවීමේත් වගකීම එක් එක් උළෙලේ සත්කාරක නගරය විසින් දැරිය යුතු ය. උළෙල පුරා තරගවැදීමට නියමිත ක්‍රීඩා පෙළගැස්ම ද ඇතුලත් වන වැඩසටහන සම්පාදනය කිරීම, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරනු ලබයි. ඔලිම්පික් ධජය සහ ඔලිම්පික් පහන මෙන් ම සමාරම්භක සහ සමාප්ති උත්සව ද මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධ සංකේත වේ. විවිධ ක්‍රීඩා 33 ක ක්‍රීඩා අංග 400කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ග්‍රීෂ්ම සහ ශීත ඍතු ඔලිම්පික් උළෙලවලදී තරගකරුවෝ 13000කට වැඩි පිරිසක් තරගවදිති. එක් එක් තරග අංගයේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන හිමි කර ගන්නා තරගකරුවන් වෙත පිළිවෙලින් රන්, රිදී, ලෝකඩ වශයෙන් පදක්කම් පිරිනැමේ.

ලොව සෑම රටක්ම පාහේ මෙම උළෙලට සහභාගී වන තැන දක්වා වර්තමානය වන විට ඔලිම්පික් උළෙල දියුණු වී ඇත. එම වර්ධනය නිසාවෙන් ම ඔලිම්පික් වර්ජන, තහනම් උත්තේජක භාවිතයන්, නිළධාරීන්ගේ අල්ලස් ගැනීමේ සිද්ධි සහ ත්‍රස්තවාදී ක්‍රියා වැනි අභියෝගයන්ට ද මෙම උළෙල නිරතුරු ව මුහුණදෙයි. සෑම දෙවසරකට ම වරක්, අප්‍රකට ක්‍රීඩකයන් වෙත ජාතික මට්ටමෙන් මෙන්ම ඇතැම් විට අන්තර්ජාතික මට්ටමෙන් ද කීර්තියක් අත් කර දීමට ඔලිම්පික් උළෙල ත් ඒ හා බැඳුණු ජනමාධ්‍ය ආවරණය ත් සමත් වෙයි. එමෙන් ම සත්කාරක රටට සහ නගරයට තමන්ගේ සුවිශේෂතා ලෝකය හමුවේ පෙන්වීමට ද ඔලිම්පික් උළෙල අවස්ථාවක් සලසා දෙයි.

කොරියාවේ ගෝජොං

‍ගෝජොං (හංගුල්: 고종; හන්ජා: 高宗; RR: ගෝජොං; MR: කෝජොං) හෙවත් ග්වංමු අධිරාජයා (හංගුල්: 광무제; හන්ජා: 光武帝; RR: ග්වංමුජේ; MR: ක්වංමුජේ; 8 සැප්තැම්බර් 1852 – 21 ජනවාරි 1919) යනු කොරියානු ජොසොන් රාජවංශයේ විසිහයවන රජු වන අතර, ඔහු එහි අවසාන අධිරාජයාට පෙර අධිරාජයා වේ.

කොරියාවේ රජවරුන්ගේ නම් ලැයිස්තුව

මෙය රාජවංශ අනුපිළිවෙලට සැකසූ කොරියාවේ රජවරුන්ගේ ලැයිස්තුවකි. මෙහි නම් රෝමානුකරණය කර ඇත්තේ දකුණු කොරියානු ප්‍රතිශෝධිත රෝමානුකරණය අනුව ය. මැකූන්-රයිෂවර් රෝමානුකරණය ද ඇතැම් රජවරුන් පිළිබද තොරතුරු ඇතුළත් ලිපිවල දැකිය හැකි ය.

ජිමී වේල්ස්

ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි.

විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.

එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.

ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.

අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.

එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.

ජෝසුන්හි සොන්ජෝ රජ

සොංජෝ රජු (26 නොවැම්බර් 1552 – 16 මාර්තු 1608) යනු 1567 සිට 1608 දක්වා කොරියාව පාලනය කළ රජකෙනෙකි. ඔහු ජොසොන් රාජවංශයේ දාහතරවන රජු ලෙස සැලකෙයි. ඔහු ප්‍රකට වූයේ කොන්ෆියුසියානුවාදය දිරිමත් කිරීම සහ ආරම්භක රාජ්‍ය සමයේ රාජ්‍ය සබඳතා ප්‍රකෘතිමත් කරගැනීම හේතුවෙනි. පසුකාලීන සමයේ ඔහුගේ දේශපාලන අදක්ෂභාවය හේතුවෙන් දේශපාලන අරගල සහ ජපන් ආක්‍රමණ පැනනැගිණි.

තොරතුරු තාක්‍ෂණය

තොරතුරු තාක්ෂණ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

සංචාලනයට යන්න සෙවීම සඳහා පනින්න

තොරතුරු හෝ ඩිජිටල් තාක්ෂණය සමඟ පටලවා නොගත යුතුය.

"තොරතුරු තාක්ෂණය" මෙහි නැවත හරවා යවයි. වෙනත් භාවිත සඳහා, තොරතුරු තාක්ෂණය (වක්‍රෝත්තිහරණය) බලන්න.

"ඉන්ෆොටෙක්" මෙහි නැවත හරවා යවයි. ඉන්දියානු සමාගම සඳහා, ඉන්ෆොටෙක් එන්ටර්ප්‍රයිසස් බලන්න.

තොරතුරු විද්‍යාව

පොදු අංශ

තොරතුරු ප්‍රවේශය

තොරතුරු ගෘහ නිර්මාණ ශිල්පය

තොරතුරු කළමනාකරණය

තොරතුරු ලබා ගැනීම

තොරතුරු සෙවීම

තොරතුරු සමාජය

දැනුම සංවිධානය

ඔන්ටෝලොජි

තොරතුරු දර්ශනය

විද්‍යා හා තාක්ෂණ අධ්‍යයන

වර්ගීකරණය

අදාළ ක්ෂේත්‍ර සහ උප ක්ෂේත්‍ර

ග්‍රන්ථ නාමාවලිය

වර්ගීකරණය

වාරණය

වර්ගීකරණය

පරිගණක දත්ත ගබඩා කිරීම

සංස්කෘතික අධ්‍යයන

දත්ත ආකෘති නිර්මාණය

තොරතුරු

තොරතුරු තාක්ෂණ

බුද්ධිමය නිදහස

බුද්ධිමය දේපළ

පුස්තකාල හා තොරතුරු විද්‍යාව

මතකය

සංරක්ෂණය

පෞද්ගලිකත්වය

ක්වොන්ටම් තොරතුරු විද්‍යාව

පුස්තකාලය- logo.svg පුස්තකාලය සහ තොරතුරු විද්‍යා ද්වාරය

vte

තොරතුරු තාක්‍ෂණය (තොරතුරු තාක්ෂණය) යනු බොහෝ විට ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සන්දර්භය තුළ දත්ත ගබඩා කිරීම, ලබා ගැනීම, සම්ප්‍රේෂණය කිරීම සහ හැසිරවීම සඳහා පරිගණක භාවිතා කිරීමයි. [1] හෝ තොරතුරු. තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයේ (ICT) උප කුලකයක් ලෙස තොරතුරු තාක්ෂණය සැලකේ. තොරතුරු තාක්‍ෂණ පද්ධතියක් (තොරතුරු තාක්‍ෂණ පද්ධතිය) යනු සාමාන්‍යයෙන් තොරතුරු පද්ධතියක්, සන්නිවේදන පද්ධතියක් හෝ වඩාත් නිශ්චිතවම කිවහොත් පරිගණක පද්ධතියක් - සියලු දෘඩාංග, මෘදුකාංග සහ පර්යන්ත උපකරණ ඇතුළුව - සීමිත පරිශීලකයින් පිරිසක් විසින් මෙහෙයවනු ලැබේ.

ක්‍රි.පූ 3000 දී පමණ මෙසපොතේමියාවේ සුමේරියානුවන් ලිවීම දියුණු කළ දා සිට මිනිසුන් තොරතුරු ගබඩා කිරීම, ලබා ගැනීම, හැසිරවීම සහ සන්නිවේදනය කරමින් සිටියි. [3] නමුත් තොරතුරු තාක්‍ෂණය එහි නවීන අර්ථයෙන් පළමුවෙන්ම පළ වූයේ 1958 දී හාවඩ් ව්‍යාපාර සමාලෝචනයේ පළ වූ ලිපියක ය; කතුවරුන් වන හැරල්ඩ් ජේ. ලෙවිට් සහ තෝමස් එල්. විස්ලර් අදහස් දක්වමින් "නව තාක්‍ෂණයට තවමත් ස්ථාපිත නමක් නොමැත. අපි එය තොරතුරු තාක්‍ෂණය (තොරතුරු තාක්ෂණ) ලෙස හඳුන්වමු." ඒවායේ අර්ථ දැක්වීම කාණ්ඩ තුනකින් සමන්විත වේ: සැකසීමේ ක්‍රමවේදයන්, තීරණ ගැනීමේදී සංඛ්‍යානමය හා ගණිතමය ක්‍රම භාවිතා කිරීම සහ පරිගණක වැඩසටහන් හරහා ඉහළ පෙළේ චින්තනය අනුකරණය කිරීම. [4]

මෙම පදය පරිගණක සහ පරිගණක ජාල සඳහා සමාන පදයක් ලෙස බහුලව භාවිතා වන නමුත් රූපවාහිනිය සහ දුරකථන වැනි වෙනත් තොරතුරු බෙදා හැරීමේ තාක්ෂණයන් ද එයට ඇතුළත් වේ. පරිගණක දෘඩාංග, මෘදුකාංග, ඉලෙක්ට්‍රොනික, අර්ධ සන්නායක, අන්තර්ජාල, ටෙලිකොම් උපකරණ සහ ඊ-වාණිජ්‍යය ඇතුළු ආර්ථිකයක් තුළ නිෂ්පාදන හෝ සේවා කිහිපයක් තොරතුරු තාක්ෂණය සමඟ සම්බන්ධ වේ. [5] [අ]

සේවයේ යොදවා ඇති ගබඩා හා සැකසුම් තාක්ෂණයන් මත පදනම්ව, තොරතුරු තාක්ෂණ සංවර්ධනයේ විවිධ අවස්ථා හතරක් වෙන්කර හඳුනාගත හැකිය: පූර්ව යාන්ත්‍රික (ක්‍රි.පූ. 3000 - ක්‍රි.ව. 1450), යාන්ත්‍රික (1450–1840), විද්‍යුත් යාන්ත්‍රික (1840-1940) සහ ඉලෙක්ට්‍රොනික (1940) - නියෝජනය). [3] මෙම ලිපිය වඩාත් මෑත කාල පරිච්ඡේදය (ඉලෙක්ට්‍රොනික) කෙරෙහි අවධානය යොමු කරයි.

අන්තර්ගතය

1 පරිගණක තාක්ෂණයේ ඉතිහාසය

2 ඉලෙක්ට්‍රොනික දත්ත සැකසීම

2.1 දත්ත ගබඩා කිරීම

2.1.1 දත්ත සමුදායන්

2.2 දත්ත ලබා ගැනීම

2.3 දත්ත සම්ප්‍රේෂණය

2.4 දත්ත හැසිරවීම

3 ඉදිරිදර්ශන

3.1 අධ්‍යයන ඉදිරිදර්ශනය

3.2 වාණිජ හා රැකියා ඉදිරිදර්ශනය

3.3 සදාචාරාත්මක ඉදිරිදර්ශන

4 ද බලන්න

5 යොමුව

5.1 සටහන්

5.2 උපුටා දැක්වීම්

5.3 ග්‍රන්ථ නාමාවලිය

වැඩිදුර කියවීම

7 බාහිර සබැඳි

පරිගණක තාක්ෂණයේ ඉතිහාසය

මියුනිච් හි ඩොයිෂ් කෞතුකාගාරයේ සූස් Z3 අනුරුව ප්‍රදර්ශනය කෙරේ. Zuse Z3 යනු පළමු වැඩසටහන්ගත කළ හැකි පරිගණකයයි.

ප්‍රධාන ලිපිය: පරිගණක දෘඩාංග ඉතිහාසය

වසර දහස් ගණනක් තිස්සේ ගණනය කිරීම සඳහා උපාංග භාවිතා කර ඇත, බොහෝ විට මුලදී එය ඇලවූ දණ්ඩක ස්වරූපයෙන් විය හැකිය. ක්‍රි.පූ. පළමු ශතවර්ෂයේ ආරම්භයේ සිට පැවත එන ඇන්ටිකිතෙරා යාන්ත්‍රණය සාමාන්‍යයෙන් පැරණිතම යාන්ත්‍රික ඇනලොග් පරිගණකය සහ පැරණිතම සන්නද්ධ යාන්ත්‍රණය ලෙස සැලකේ. [8] 16 වන ශතවර්ෂය වන තුරුම යුරෝපයේ සැසඳිය හැකි උපකරණ බිහි නොවූ අතර මූලික ගණිතමය මෙහෙයුම් හතර සිදු කළ හැකි පළමු යාන්ත්‍රික කැල්කියුලේටරය 1645 වන තෙක්ම වර්ධනය නොවීය.

විද්‍යුත් පරිගණක, රිලේ හෝ වෑල්ව භාවිතා කරමින් 1940 දශකයේ මුල් භාගයේ දී දර්ශනය වීමට පටන් ගත්තේය. 1941 දී නිම කරන ලද විද්‍යුත් යාන්ත්‍රික සූස් Z3 ලොව ප්‍රථම වැඩසටහන්ගත කළ හැකි පරිගණකය වන අතර නවීන ප්‍රමිතීන්ට අනුව සම්පූර්ණ පරිගණක යන්ත්‍රයක් ලෙස සැලකිය හැකි පළමු යන්ත්‍රවලින් එකකි. දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානු පණිවිඩ විකේතනය කිරීම සඳහා සංවර්ධනය කරන ලද කොලොසස් පළමු විද්‍යුත් ඩිජිටල් පරිගණකය විය. එය ක්‍රමලේඛගත කළ හැකි වුවද එය පොදු කාර්යයක් නොවූ අතර එය නිර්මාණය කර ඇත්තේ එක් කාර්යයක් පමණක් ඉටු කිරීම සඳහා ය. එහි වැඩසටහන මතකයේ ගබඩා කිරීමේ හැකියාව ද එයට නොතිබුණි; අභ්‍යන්තර රැහැන් වෙනස් කිරීම සඳහා ප්ලග් සහ ස්විච භාවිතා කරමින් වැඩසටහන්කරණය සිදු කරන ලදී. හඳුනාගත හැකි නවීන ඉලෙක්ට්‍රොනික ඩිජිටල් ගබඩා කළ පරිගණක පරිගණකය මැන්චෙස්ටර් බේබි ය. එහි පළමු වැඩසටහන 1948 ජුනි 21 දින ක්‍රියාත්මක විය.

1940 දශකයේ අගභාගයේදී බෙල් රසායනාගාරයේ ට්‍රාන්සිස්ටර සංවර්ධනය කිරීම මඟින් විදුලි පරිභෝජනය බෙහෙවින් අඩු කරමින් නව පරපුරේ පරිගණක නිර්මාණය කිරීමට ඉඩ ලබා දෙන ලදී. පළමු වාණිජමය වශයෙන් ගබඩා කළ වැඩසටහන් පරිගණකය වන ෆෙරැන්ටි මාර්ක් I හි වෑල්ව 4050 ක් අඩංගු විය

මුං

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

හැදින්වීම අප රටේ ජනප්‍රිය කෙටි කාලීන රන්ල බෝගයකි. බීජ වල 24% පමණ ප්‍රෝටීන් අඩංගුය. එයට අමතරව එහි වැදගත් ඛණිජ ලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගුය. ඒනිසා මුං, පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාරක් ලෙස සැලකේ.

දේශගුණික අවශ්‍යතා කරල් මෝරන සහ අස්වනු නෙලන අවධියේදී වියළි කාළගුණික තත්ත්වයක් තිබිය යුතුය. නමුත් වගාව ආරම්භයේ සිට මල් හට ගැනීම දක්වා මනා පාංශූ තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හෝතු වේ. අප රටේ පහතරට වියළි හා අතර මැද කලාප වල මුං බෝගය සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.

කෘමි පාලනය

බෝංච් මැස්සා හා කරල් විදින දළඹුවන් නිසා වගාවට හානි ඇතිවිය හැකිය. විශේෂයෙන් යල් කන්නයේ ප්‍රමාදවී වගා කළ විට බෝංච් මැස්සාගේ හානිය දරුණු වේ. කෘමි හානි දරුණු මට්ටමක පවතී නම් නිර්දේශිත කෘමිනාශකයක් වගාවට යොදන්න.

විකි

විකියක් යනු, විකි නම් මෘදුකාංගය භාවිතා කරගෙන නිර්මාණය කරණු ලබන වෙබ් අඩවියකි. මෙමගින් වෙබ් බ්‍රවුසරය තුළ ඉතා පහසුවෙන් WYSIWYG පෙළ සකසුවක හෝ මාර්ක්අප් භාෂාවක් උපයෝගී කරගෙන වෙබ් පිටු තැනීම, සංස්කරණය කිරීමේ හැකියාව සහ පිටු අතර සබැඳිමේ හැකියාවක් ඇත.විකි බොහෝ විට භාවිතා කරනුයේ සහයෝගීව වෙබ් අඩවි නිර්මාණය කිරීමට සහ ප්‍රජා වෙබ් අඩවි බලාත්මක කිරීමටය.විකිපීඩියා විශ්වකෝෂය යනු එවැනි සහයෝගීව නිර්මාණය වන වඩාත්ම ප්‍රචලිත විකියක්ය.තවද ව්‍යාපාරමය කටයුතු වලදී දැනුම් කළමණාකරණ පද්ධතියක් (knowledge management systems) ලෙසත් ඉන්ට්‍රානෙට් (intranet) පහසුකමක් ලෙසද විකී භාවිතා කරයි.විකි මෘදුකාංගයේ ප්‍රථම නිමැවුම් කරුව වන්නේ වර්ඩ් කනින්හම් (Ward Cunningham) නැමැත්තාය.

විකිපීඩියා

විකිපීඩියා (/En-uk-Wikipedia.oggˌwɪkɪˈpiːdi.ə/ or /en-us-Wikipedia.oggˌwɪkiˈpiːdi.ə/ WIK-i-PEE-dee-ə) යනු විවිධ භාෂා වලින් ලියැවුණු, අන්තර්ජාලය පාදක කරගත් නිදහස් විශ්වකෝෂයකි. ස්වෙච්ඡා රචකයින්ගේ සහ-සහයෝගයෙන් යුතුව, වෙනත් ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් හරහා සංස්කරණය කළ හැකි පරිදි විකිපීඩියා ලිපි ලියවේ. 2001 ඡනචාරි 15 දින මෙම විශ්වකෝෂය ආරම්හ කළේ විශේෂඥයන් විසින් සකසන Nupediaව ඌන පූර්ණය කිරීමටයී. මෙය පවත්වාගෙන යන්නේ ලාහ-නොපතන ආයතනයක් වන විකිමීඩියා පදනම මගිනි. අන්තර්ජාතික භාෂාවක් වන ඉංග්‍රීසි භාෂාවෙන් සැකසුනු ලිපි 3,800,000 පමණ ඇතුළුව, සිංහල මෙන්ම තවත් විවිධ භාෂා ගණනකින් සැදුම්ලත් ලිපි 5,000,000 ත් වඩා විකිපීඩියාවෙහි අන්තර්ගතය. ආරම්භයෙහි පටන්ම එහි ජනප්‍රියතාවයෙහි, [1] ස්ථාවර වර්ධනයක් රඳවාගත් විකිපීඩියාව එම සාර්ථකත්වය තවත් සහෝදර ව්‍යාපෘති ගණනාවක් දියත් කිරිම දක්වා ව්‍යාප්ත කළේය

විකිපීඩියාව විවේචනාත්මකවත්, නිදහස් අන්තර්ගතය හා නිදහස් ස්වභාවය නිසා තවත් විටක ප්‍රශංසාත්මකවත්, ජනමාධ්‍ය හා විද්වත් ප්‍රජාව විසින් නිතර ම පාහේ සඳහන් කරනු ලැබේ. විකිපීඩියාව සංස්කාරකවරුන්ට මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට අනුබල දෙනු ලැබේ. එහි දී කිසිවක් පරමාර්ථ සත්‍යය වශයෙන් හුවා නො දක්වා, යථා දර්ශනයන් වශයෙන් පිළිගනු ලබන සියල්ල සාරාංශ ගත කෙරෙනු ලැබේ. නමුත් විකිපීඩියාව මූලාශ සඳහනක් වශයෙන් භාවිත කිරීම විවාදාසම්පන්න ය​. කවර හෙයින් ද යත්, එය ඕනෑ ම අයෙකුට සංස්කරණය කළ හැකි නිසා, කඩාකප්පල්කාරී ක්‍රියා, සාවද්‍ය තොරතුරු, අසංගත බව​, නිවරද්‍යතාවය ඔප්පු නො කළ මත වාද යනාදිය ඇතුළත් විය හැකි වන බැවිනි.

භාෂා 200 කට අධික ප්‍රමාණයකින් විකිපීඩියා සංස්කරණ පවතී. එයින් සංස්කරණ 100 ක් පමණ ක්‍රියාකාරී ඒවා ය​. ලිපි 50,000 කට වඩා පවතින සංස්කරණයන් ගණන එකොළසකි. (එම සංස්කරණයන්: ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ​, ජපන්, පෝලන්ත​, ඉතාලි, ස්වීඩන්, ලන්දේසි, පෘතුගීසි, ස්පාඤ්ඤ හා චීන ය​.)

විකිපීඩියා කිව් .ආර් කෝඩ්

විකිපීඩියා විශ්වකෝෂය ලොව විශාලතම මාර්ගගත (Online) විශ්වකෝෂය වේ. යම් තැනක් හෝ ස්මාරකයක් පිළිබඳ තොරතුරු බලා ගන්නට ඕනෑ නම් විකිපීඩියා වෙබ් අඩවියට ගොස් පිවිස සොයා බැලීම කළ යුතුය. එහෙත් එය එසැනින් කල හැක්කක් නොවේ. දැන් එම අපහසුව මග හරවමින් යන එන ඕනෑ තැනක තිබෙන විශේෂ ස්ථානායක, ගොඩනැගිල්ලක, ඕනෑම තැනක විස්තර එසැනින් කියවන්නට කිව් .ආර් .කෝඩ් යොදා ගන්නට විකිපීඩියා කටයුතුවල යෙදෙමින් පවතී. යම් තැනක තිබෙන කිව් .ආර් .කෝඩ් එකක් කිව් .ආර් .කෝඩ් ස්කෑනරයක් මගින් ස්කෑන් කල විට ඊට අදාළ විකිපීඩියා වෙබ් පිටුව විවෘත වේ. පෙනුම අතින් ගත්කල මෙම කිව් .ආර් .කෝඩ් එකක් සුදු පාට පසු බිමක කලුපාටින් සටහන් කල තිත් රටාවකි .මෙම තිත් රටාව හරි හතරැස් ප්‍රදේශ‍යක හෙවත් සමචතුරස්‍රාකාර පිහිටුවා තිබේ .මෙම තිත් රටාවෙන් පණිවුඩයක් නිරුපණය කෙරේ. එනම් එය මොඩියුලයකි. බිත්තියක ,බිල්බෝඩ් එකක හෝ වෙනත් දැන්වීම් පුවරුවක කිව් .ආර් .කෝඩ් ඇද තබන විට මෙම මොඩියුලය ඉතා විශාල වෙයි. එහෙත් ඒවා කියවන විට ඉමේජය අවශ්‍ය පරිදි කුඩා වේ. බිත්තිය මත තබන කිව් .ආර් .කෝඩ් එක ජංගම දුරකථනය හරහා ඡායාරූප ගත කොට එහි කියවෙන තොරතුරු වලින් අදාළ වෙබ් අඩවියට පිවිසිය හැකි බව දනිමු. කිව් .ආර් .කෝඩ් වල තවත් විශේෂ ලක්ෂණය වන්නේ තොරතුරු ඉක්මනින් කියවිය හැකි වීමයි කිව්.ආර් හෙවත් Quick response යන නමහි තේරුම එයයි. කිව් .ආර් .කෝඩ් තාක්ෂණය යොදා ගැනීම ගැන විකිපීඩියා ආයතනය පරීක්ෂණ කිරීම ඇරඹුවේ බ්‍රිතාන්‍ය දුපතක් වන ගිබ්‍රල්ටාවෙනි. වසර 50000 කට එපිට කාලයේ මානවයන් විසු ලෙන් සමුහයක් මේ දුපතේ තිබේ. එය ලොව ප්‍රකට සංචාරක පුරවරයකි. මෙහි තිබෙන ආදීවාසී විසු ලෙන් 200 කට වැඩි ගණනකගේ විස්තර කීමට ඒවායේ කිව් .ආර්.කෝඩ් සවිකොට තිබේ මෙමගින් විස්තර හොදින් දැන ගන්නට පුළුවන. සංචාරක මග පෙන්වන්නෙක් වෙනත් මුලාශ්‍ර වත් එවිට ඕනෑ වන්නේ නැත. මෙය ගැන විකිපීඩියා ප්‍රධානින් පැවසුවේ තමන්ට ඇත්තේ එකම අරමුණක් බවත් එනම් මාර්ගගත (Online) විශ්වකෝෂය නිර්මාර්ගගත (Offline) විශ්වකෝෂයක් බවට පත්කර ලෝකයට සම්බන්ධ කිරීම පමණක් බවය. කිව්.ආර්. කෝඩ් යනු ඒ සදහා ඇති පහසුම ක්‍රමය බව ඔවුන් වැඩිදුරටත් පවසා සිටියෝය.

විකිපීඩියා පරිපාලකවරු

විකිපීඩියා නම් අන්තර්ජාල විශ්වකෝෂය තුල, පරිපාලක ධූරය සඳහා සාර්ථක ඉල්ලීමකින් අනතුරුව, විශ්වාසදායක පරිශීලකයන් පරිපාලකයන් ලෙසින් පත් කල හැකිව ඇත. සිංහල විකිපීඩියාවෙහි පරිපාලකවරුන් 3 සංඛ්‍යාවක් සිටිති (සැප්තැම්බර් 2019 වන විට). අනෙකුත් සංස්කාරකවරුන් හා සසඳන විට, පරිපාලකවරුන්ට අමතර තාක්ෂණික වරප්‍රසාද තිබේ.

විකිපීඩියාවෙහි පරිපාලකයෙක් වීම යන්න බොහෝ විට නිරූපණය කෙරෙන්නේ "පිසදමනය දීම [හෝ ගැනීම]" ලෙසින් වන අතර, එය වෙනත් තැන්හීද එලෙසින්ම භාවිතා වන ප්‍රකාශයකි. 2006 වසරෙහිදී ද නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, විකිපීඩියාව තුල එකල සිටි 1,000 පමණ පරිපාලකවරු , "භූගෝලීය වශයෙන් ප්‍රකීර්ණක" බවයි.

විශ්වකෝෂය

විශ්වකෝෂයක් යනු ලෝකයේ නොයෙකුත් විෂය පිළිබඳ හෝ එක් විෂයක් පිළිබඳ හෝ දැනුම් සම්භාරයහි පරිපූර්ණ සාරාංශයක් රැගත් සංග්‍රහයක් හෙවත් විමර්ශන කෘති විශේෂයකි. විශ්වකෝෂ ලිපි හෝ සංලේඛ ආකාරයෙන් සකස් කර ඇති අතර මාතෘකා අනුව අකාරාදී පිළිවෙළට පෙළගස්වා ඇත. බොහෝවිට විශ්වකෝෂ ලිපි ශබ්දකෝෂ ලිපිවලට වඩා දීර්ඝ සහ විස්තරාත්මක ඒවා වෙයි. පොදු වශයෙන් බලන විට ශබ්දකෝෂයක් යම්කිසි වචනයක් පිළිබද ව වාග්විද්‍යාත්මක තොරතුරු දැක්වෙන අතර විශ්වකෝෂ ලිපියක් තුළ යම් විෂයක් තුළ මාතෘකාවට අදාළ වන සිද්ධි වාචක තොරතුරු ඉදිරිපත් කෙරෙයි.

විශ්වකෝෂයන් වසර දෙදහසකට ආසන්න සමයක සිට පැවත එන අතර පැරණිම කෘතිය වන්නේ අද පවා දක්නට ඇති ප්ලීනි දි එල්ඩර් විසින් ක්‍රි. ව. 77 දී සිට රචනා කරන ලද සහ ඔහුගේ මරණය සිදු වූ ක්‍රි. ව. 79 වන විට සම්පූර්ණයෙන් සංශෝධනය වී නොතිබුණු Naturalis Historia ය. නූතන විශ්වකෝෂයන් පැන නැගුණේ 17වැනි සියවසේ දී පමණ රචනා වූ ශබ්දකෝෂයන් වෙතිනි.

සම්ගුංන්‍යුසා

සම්ගුක් යුසා (කොරියානු උච්චාරණය: [sʰamɡuŋ njusʰa]) හෙවත් තුන් රාජධානිවල සිහිවටන යනුවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ තුන් රාජධානි (ගොගුර්යෝ, බෙක්ජේ සහ සිල්ලා) සහ තුන් රාජධානි යුගයට පෙර සහ පසු පැවති යුගයන් සහ රාජ්‍ය පිළිබඳජනප්‍රවාද, ජනකථා සහ ඓතිහාසික වාර්තා ඇතුළත් එකතුවකි. පළමු කොරියානු ජාතිය ලෙස ගෝජොසොන් ස්ථාපනය වූ අයුරු පැවසෙන දන්ගුන් පුරාවෘත්තය ඇතුළත් පැරණිතම විද්‍යාමාන වාර්තාව වේ.

සමාන ගතිගුණ ඇති මූලද්‍රව්‍ය කාණ්ඩයන්හි සාමුහික නම්

සමාන ගතිගුණ ඇති මූලද්‍රව්‍ය කාණ්ඩයන්හි සාමුහික නම් යනු රසායනික මුලද්‍රව්‍යයන් වර්ගීකරණය සඳහා නාමකරණය විස්තර කිරීමට අයියූපීඒසී (ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යාඥයින්ගේ අන්තර් ජාතික සංගමය) විසින් යොදා ගන්නා පදයයි.අයියූපීඒසී විසින් අනුමත කෙරුණු නම් පහත දැක්වේ :

ක්ෂාර ලෝහ- කාණ්ඩ 1 හි ලෝහයන්: Li, Na, K, Rb, Cs, Fr.

ක්ෂාරීය පාංශු ලෝහ - කාණ්ඩ 2 හි ලෝහයන්: Be, Mg, Ca, Sr, Ba, Ra.

පෙනික්ටෝජන - 15 කාණ්ඩයේ මූලද්‍රව්‍ය: N, P, As, Sb, Bi.

කැල්කෝජන - 16 කාණ්ඩයේ මූලද්‍රව්‍ය: O, S, Se, Te, Po.

හැලජන - 17 කාණ්ඩයේ මූලද්‍රව්‍ය: F, Cl, Br, I, At.

උච්ච වායු - 18 කාණ්ඩයේ මූලද්‍රව්‍ය: He, Ne, Ar, Kr, Xe, Rn, Uuo

ලැන්තනොයිඩ - 57-71 මූලද්‍රව්‍ය: La, Ce, Pr, Nd, Pm, Sm, Eu, Gd, Tb, Dy, Ho, Er, Tm, Yb, Lu.

ඇක්ටිනයිඩ - 89-103 මූලද්‍රව්‍ය: Ac, Th, Pa, U, Np, Pu, Am, Cm, Bk, Cf, Es, Fm, Md, No, Lr.

විරල පාංශු මූලද්‍රව්‍ය - Sc, Y, සහ ලැන්තනිඩයන්.

ආන්තරික ලෝහ - කාණ්ඩ 3 සිට 11 දක්වා මූලද්‍රව්‍යයන්.විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය විසින් තම ආවර්තිතා වගු - සහ රසායනික මූලදුව්‍ය -අනුසාර ලිපි වලදී පහත දෙමුහුම් ක්‍රමය භාවිතා කෙරෙයි:

ක්ෂාර ලෝහ, ක්ෂාර පාංශු ලෝහ, හැලජනල උච්ච වායු, ලැන්තනොයිඩ, ඇක්ටිනයිඩ සහ ආන්තරික ලෝහයන් සඳහා අයියූපීඒසී ක්‍රමය අනුගමනය කෙරේ.

විරල පාංශු මූලද්‍රව්‍යයන්, පෙනික්ටෝජනයන් සහ කැල්කෝජනයන් භාවිතා නොවේ.

ඉතිරි මූලද්‍රව්‍යයන් කාණ්ඩ කෙරෙනුයේ:

'අනෙකුත් ලෝහයන්' - වෙනයම් අයුරකින් වර්තීකරණය නොවූ ලෝහයන්: Al, Ga, In, Sn, Tl, Pb, Bi

ලෝහාලෝහයන් - B, Si, Ge, As, Sb, Te, Po

'වෙනත් අලෝහයන්' - වෙනයම් අයුරකින් වර්තීකරණය නොවූ අලෝහයන්: - C, N, O, P, S, Se, Hමූලද්‍රව්‍ය කාණ්ඩයන් සඳහා වෙනත් බොහෝ නම් සාමාන්‍ය භාවිතයෙහි පවතින අතර, තව බොහෝමයක් ඉතිහාසය පුරා භාවිතා කර ඇත. නිදසුන් සමහරක් වන්නේ:

ප්ලැටිනම් කාණ්ඩය - Ru, Rh, Pd, Os, Ir, Pt.

උච්ච ලෝහ - සාමාන්‍යයෙන් විඛාදනයට ප්‍රතිරෝධයක් දක්වන ලෝහ කාණ්ඩ විවිධ ආකාරයෙන් අර්ථ දක්වා ඇත. සාමාන්‍යයෙන් අයත් වන්නේ Ag, Au, සහ ප්ලැටිනම් කාණඩයෙහි ලෝහයන්ය.

කාසි ලෝහයන් - Cu, Ag, Au.

බැර ලෝහයන් - ඒවා‍යේ ඝනත්වය, පරමාණුක ක්‍රමාංකය, හෝ විෂ බව පදනම් කරගෙන විවිද ආකාරයෙන් අර්ථදක්වා ඇති ලෝහ කාණ්ඩයන්.

නිසග ලෝහයන් - සොබාදහමෙහි පරිශුද්ධ ආකාරයෙන් පවතින ලෝහ, උච්ච ලෝහ සමග Sn සහ Pb වැනි අනෙකුත් ලෝහ ඇතුළත්ය.

පශ්චාත්-ආන්තරික ලෝහයයන්- ආන්තරික මූලද්‍රව්‍ය තුනට දකුණෙන් පිහිටි, සම්පූර්ණයෙන් පිරුණු d-උපකවච සහිත ලෝහ: Zn, Ga, Cd, In, Sn, Hg, Tl, Pb, Bi

දුර්වල ලෝහ - p කාණ්ඩයෙහි ලෝහ හැඳින්වීමට සමහර විට භාවිතා කෙරේ: Al, Ga, In, Tl, Sn, Pb, Bi.

පාංශු ලෝහ - පැරැණි ඓතිහාසික පදය, සාමාන්‍යයෙන් 3 සහ 13 කාණ්ඩයෙහි ලෝහ හැඳින්වීමට භාවිතා වෙන නමුත්, සමහරවිට බෙරිලියම් සහ ක්‍රෝමියම් වැනි අනෙකක්ද ඇතුළත් කෙරේ.

පාරයුරේනියම් මුලද්‍රව්‍යයන් - පරමාණුක ක්‍රමාංකය 92 ට වැඩි මූලද්‍රව්‍ය.

පාරඇක්ටිනයිඩ මූලද්‍රව්‍යයන් - ඇක්ටිනයිඩ් වලට පසු මූලද්‍රව්‍යයන් (පරමාණුක ක්‍රමාංකය 103 ට වඩා වැඩි).

පාරප්ලූටෝනියම් මූලද්‍රව්‍යයන් - පරමාණුක ක්‍රමාංකය 94 ට වඩා වැඩි මූලද්‍රව්‍යයන්.

සුළු ඇක්ටිනයිඩයන් - U සහ Pu හැර, න්‍යෂ්ටික ඉන්ධනයන්හි හමු වන ඇක්ටිනයිඩ: Np, Am, Cm.

සුපිරිඇක්ටිනයිඩයන් - ආවර්තිතා වගුවෙහි අනාවැකි පල කෙරුණු "g ගොනුව" ඇතුළත්, මූලද්‍රව්‍යයන් 121 සිට 153 දක්වා උපකල්පිත ශ්‍රේණිය.

බැර පරමාණුව - හයිඩ්‍රජන් හා හීලියම් හැර අනෙකුත් මූලද්‍රව්‍යයන් හැඳින්වීමට, සංඛ්‍යාත්මක රසායන විද්‍යාවෙහිදී භාවිතා වන පදය.මෙම කර්තව්‍යය සඳහා ඕනෑම ආවර්තිතා වගු කාණ්ඩයක් වුවද භාවිතා කල හැක. සමහරවිට, කාණ්ඩ 14 මූලද්‍රව්‍යය අයුරින්, කාණ්ඩ අංකය භාවිතා වන අතර, සමහරවිට, කාබන් කාණ්ඩය හෝ කාබන් පවුල අයුරින්, කාණ්ඩයෙහි පළමු මූලද්‍රව්‍යයෙහි නම භාවිතා වේ.

සිංහල විශ්වකෝෂය

http://www.encyclopedia.gov.lk මගින් සිංහල විශ්වකෝෂයේ වෙබ් අඩවියට පිවිසිය හැකිය.

විශ්වකෝෂය යනු සෑම ක්ෂේත‍්‍රයක් ම නියෝජනය කරන විශ්ව දැනුම විෂය ප‍්‍රාමාණික විද්වතුන් විසින් ලියනු ලැබූ පර්යේෂණාත්මක ශාස්ත‍්‍රීය ලිපි අනුසාරයෙන් ක‍්‍රමානුකූල සැලැස්මකට අනුව ලේඛන ගත කරන ලද කෝෂ ග‍්‍රන්ථ විශේෂයකි. නොවේ නම් විශ්ව ඥානය විශද කරමින් විෂය ප‍්‍රාමානික විශේෂඥයන් විසින් ලියනු ලබන ලිපි ඇතුළත් ග‍්‍රන්ථ විශේෂයකි.

යම් කරුණක් පිළිබඳ කවුරුන් ද? කුමක් ද? කවදා ද? කෙසේ ද? කොහේ ද? මන්ද? යනුවෙන් නැගෙන ප‍්‍රශ්නවලට අදාළ තොරතුරු විශ්වකෝෂ ලිපියකින් දැනගත හැකිය.

විශ්වකෝෂය අතීතයේ ග‍්‍රන්ථ වශයෙන් සම්පාදනය වුව ද වර්තමානයේ පරිගණක මෘදුකාංග, සංයුක්ත තැටි හෝ වෙබ් අඩවි වශයෙන් නවීන තාක්ෂණානුකූලව එළිදැක්වේ.

එකල දැනුම සහ තොරතුරු එක් තැනක එක් රැස්ව නොපැවතුණු නිසා ඒවා එක් රැස් කොට ඉදිරිපත් කිරීම අරමුණු කරගෙන විශ්වකෝෂය නිර්මාණය කරන්නට ඇත.

ග‍්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල්ගේ ආදි කර්තෘත්වයෙන් ඇරඹුණු විශ්වකෝෂය, අද ලෝකයේ මෙන් ම විශ්ව තොරතුරු සන්නිවේදනය කෙරෙන දැනුම් සයුරක් බවට පත් ව ඇත. ලෝක විශ්වකෝෂ අතර බි‍්‍රතාන්‍ය විශ්වකෝෂය, ඇමෙරිකානු විශ්වකෝෂය, වෙම්බර් විශ්වකෝෂය, කොලියර්ස් විශ්වකෝෂය, කැඩිලැස් විශ්වකෝෂය වඩාත් ප‍්‍රකට මෙන් ම වැදගත් විශ්වකෝෂ වේ.

2500 බුද්ධ ජයන්තිය නිමිති කරගෙන පිහිටුවනු ලැබූ ලංකා බෞද්ධ මණ්ඩලය යටතේ සිංහල විශ්වකෝෂ කාරක සභාවට විශ්වකෝෂ සම්පාදන කාර්යය පවරනු ලැබීය. මෙම කාරක සභාවේ සභාපති සහ සිංහල විශ්වකෝෂයේ ප‍්‍රධාන කර්තෘ ධූරය සඳහා මහාචාර්ය ඞී. ඊ. හෙට්ටිආරච්චි මහතා පත් කළේය. ඒ අනුව 1955 මැයි මස 03 වන දින සිංහල විශ්වකෝෂ කාර්යාලය කොළඹ රොස්මිඞ් පෙදෙෙසේ අංක 109 දරන ස්ථානයේ දී විවෘත කරනු ලැබීය. 1956 දී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇරඹීමෙන් පසු එය යටතේ විශ්වකෝෂ කාරක සභාව පවත්වා ගෙන යන ලදි. විශ්වකෝෂය සඳහා අංග සම්පූර්ණ පුස්තකාලයක අඩුව මතු ව ආ බැවින් 1956 ජනවාරි 01 දින සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිල්ලකට ගෙන යනු ලැබීය.

මහාචාර්ය හෙට්ටිආරච්චි මහතාගෙන් පසුව අචාර්ය හරිශ්චන්ද්‍ර විජේතුංග, මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස හා මහාචාර්ය මැන්දිස් රෝහණධීර යන මහත්වරු ප‍්‍රධාන කර්තෘ ලෙස සේවය කළහ. වර්තමානයේ ප‍්‍රධාන කර්තෘ ලෙස සේවය කරන්නේ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ මහතායි.

මේ වන විට සිංහල විශ්වකෝෂය අන්තර්ජාලගත කොට ඇත. එහි වෙබ් අඩවිය වන්නේ http://www.encyclopedia.gov.lk යන්නයි. ලෝකයේ බොහෝ රටවල මේ වන විට විශ්වකෝෂ අන්තර්ජාලයට මුදා හරිමින් පවතී. මෙය ලෝක ප‍්‍රවණතාවක් ලෙස ද සැලකීමට පුළුවන. තොරතුරු තාක්ෂණය ප‍්‍රචලිත වීම හේතු කොට ගෙන මෙය යුගයේ අවශ්‍යතාවක් බවට පත් ව ඇත. බි‍්‍රතාන්‍ය විශ්වකෝෂය මෑතක් වන තුරු මුද්‍රිත පොතක් වශයෙන් පැවතුන ද 2010 වසරේ සිට අන්තර්ජාලගත කොට ඇත. පාඨක ප‍්‍රජාව අභිභවමින් තාක්ෂණය පරිහරණය කරන පිරිස් දිනෙන් දින ව්‍යාප්ත වෙමින් පවත්නා නිසා, සිංහල විශ්වකෝෂය ද අන්තර්ජාලයට ප‍්‍රවිෂ්ට කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. මේ සඳහා සිංහල විශ්වකෝෂය සමඟ අත්වැල් බැඳ ගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යායතනයයි (UCSC - University of Colombo School of Computing)

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.