වාග් විද්‍යාව

වාග් විද්‍යාව යනු භාෂාව පිළිබද විද්‍යාත්මක අධ්‍යයනයයි. සාමාන්‍ය (හෝ න්‍යායාත්මක) වාග් විද්‍යාව තුළ භාෂාවේ සංයුතිය (ව්‍යාකරණය) සහ අර්ථය (ශබ්චාර්, විද්‍යාව) වැනි උප ක්ෂේත්‍ර කිහිපයක් අන්තර්ගත ව්‍යාකරණ අධ්‍යයනය කුල රූප විද්‍යාව (වචන නිර්මාණය සහ වෙනස්විම්) සහ පද ගැලපුම (වාක්‍ය ඛණ්ඩයන් සහ වාක්‍ය ලෙස වචන එකතුවන ආකාරය නිශ්චය කරනු ලබන රීතින් ඇතුලත් වේ). මෙම ක්ෂේත්‍රයේ අනෙකුත් කොටස් වනුයේ ශබ්ද ක්‍රම සහ සාරාංශ ශබ්ද ඒකක අධ්‍යනය කරන ශබ්ද විද්‍යාව සහ කථන ශබ්ද ඒකක අධ්‍යනය කරන ශබ්ද විද්‍යාව සහ කථන ශබ්දයන්හි අඩංගු මුලික ලක්ෂණ (ඇමතුම්) භාෂා නොවන ශබ්දයන් සහ ඒවා නිපැයන්නේ සහ තේරුම් ගන්නේ කෙසේද යන්න පිලිබද අධ්‍යයනය කිරිමයි.

වාග් විද්‍යාව භාෂාවක් සංසන්දනය කරන අතර, සංසන්දනාත්මක වාග් විද්‍යාව(භාෂාවෙහි විශ්ව ගුණාංගයන් සොයා ගැනිමට සහ ඒවායේ මුලාරම්භය හා සංවර්ධනයට හේතු දැක්විම) සදහා ඒවායේ ඉතිහාසය ගවේෂණය කරයි. ව්‍යවහාරික වාග් විද්‍යාව මගින් විදේශ භාෂා ඉගැන්විම , කථන චිකිත්සාව, පරිවර්තනය සහ කථන ව්‍යාධිවේදය යනාදි අංශයන්හි වාග් විද්‍යව න්‍යයායන් භාවිතයේ යෙදවේ. මෙම විෂය අධ්‍යයනය කරන්නෙක් වාග් විද්‍යඥ‍යෙක් ලෙස හැදින්වේ.

වාග් විද්‍යාත්මක විමර්ශනය විශාල ලෙස වෙනත් විශේෂඥතාවයන් දරන්නන් විසින් සිදු කල හැකිය. රස් රයිමර් විසින් කර ඇති පහත ප්‍රකාශයෙන් දැක්වෙන පරිදි ඒ සියළු දෙන අතර එකමුතු එකතාවයක් නොතිබිය හැකිය.

"ශාස්ත්‍රිය විෂයයන් අතරින් වාග් විද්‍යාව යනු ඉතාමත් උණුසුම් ලෙස වාද විවාද කරන ලද විෂයක් වෙයි. එය භාෂා විද්‍යාඥයන්ගේ ලබාගත හැකි ඕනෑම ලේ ප්‍රමාණයක් සමග, කවීන්ගේ දේව ධර්මයන්ගේ, දර්ශනවදි‍න්ගේ, වාග් විද්‍යාඥයින්ගේ, මානසික විද්‍යායින්ගේ, ජිව විද්‍යාඥයින්ගේ, මානව විද්‍යාඥයින්ගේ සහ ස්නායු විද්‍යාඥයින්ගේ ලේ වලින් තෙත් වී ඇත.-Russ Rymer Annals of Science, " A silent Childhood The new York , April 13, 1992 P. 48

සටහන්

මිනිස් භාෂා පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනය, වාග් විද්‍යාව ලෙස හඳුන්වනු ලබයි. වාග්විද්‍යාව

භාෂාව මිනිස් වර්ගයා විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම උපකරණය භාෂාවයි. මිනිසා උරුම කරගත් මහඟු දායාදය ද වන භාෂාව ඔහු විසින් සිදු කරනු ලබන සමස්ත කාර්ය ක්‍ෂේත‍්‍රය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකය ද වෙයි. මිනිස් ජීවිතයේ හදවත ද භාෂාවයි. (Language is at the heat of human life)මිත‍්‍ර සන්ධාන ගොඩනැගීම, මනාව පවුල හා සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, සම්බන්ධතා ගොඩ නැගීම, ආගමික දේශපාලනික විශ්වාස, අදහස් ආදිය දැරීම වැනි සුවහසක් කාර්ය මිනිසා විසින් සිදු කරනු ලබනුයේ භාෂාව මගිනි. ඇතැම් භාෂාත්මක නොවන කාර්ය සේ සැලකෙන ආහාර පාන සකස් කිරීම, ලිංගික කාර්ය, වාදනය වැනි කාර්ය ද භාෂාත්මක පදනම මත සිදු වෙයි. මේ නිසා භාෂාවෙන් තොර පුද්ගල කි‍්‍රයාකාරීත්වයක් අපේක්ෂා කිරීම දුෂ්කර ය.

‘‘භාෂා’’ යන්න කථා කිරීම යන අර්ථය සහිත භාෂ්’ ධාතුව හෙවත් කි‍්‍රයා මූලයෙන් උපන් කෘදන්ත රූපයකි. කථා කිරීම භාෂාවේ ප‍්‍රාථමික කාර්යය වන අතර ලේඛනය ද්විතීයක හා කෘති‍්‍රම වූයේ වෙයි. ලේඛනය හා භාෂණය භාෂාව ඉදිරිපත් වන ක‍්‍රම දෙකයි. ස්වභාෂකයකු (Native speaker) (සිය භාෂාව භාවිත කරනුයේ අවිඤ්ඤාණකව ය. එනම් භාෂකයා තමා භාෂාවක් දන්නා බව දන්නේ නමුදු දන්නේ කුමක් දැයි නොදනී. එනිසා භාෂාව යනු කුමක් ද? යන ප‍්‍රශ්නයට පරිපූර්ණ උත්තරයක් දීමට භාෂකයා අසමත් වෙයි. මේ හේතුව නිසා භාෂාව යනු කුමක් දැයි අධ්‍යයනය කිරීමේ කුතූහලය පෙර සිට පැවතිණි. නූතන විද්‍යාත්මක ශික්‍ෂණයන්ගේ දියුණුවත් සමග එම කුහුල කිසියම් විද්‍යාත්මක දත්ත හා ක‍්‍රමවේද ඔස්සේ අධ්‍යයනය කිරීමට පෙළඹිණි. එහි ප‍්‍රතිඵලය වාග්විද්‍යාවයි.

වාග්විද්‍යාව වාග්විද්‍යා යනු භාෂාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය යි. (Linguistics is the Scientific study of Langauge) 19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. විද්‍යාත්මක අධ්‍යයන ක්‍ෂේත‍්‍රයක් ලෙස දුරාතීතයකට උරුමකම් නොකීවද භාෂා අධ්‍යයනය සියවස් විසි තිස් ගණනක් ඉතිහාසයකට උරුමකම් කියයි. එම සාම්ප‍්‍රදායික භාෂා අධ්‍යයනයෙන් නූතන වාග්විද්‍යාව වෙනස් වනුයේ විද්‍යාත්මක දත්ත පදනම් කර විදුහුරු හා සත්‍යේක්‍ෂණය මත පදනම් වූ අධ්‍යයන ක්‍ෂේත‍්‍රයක් වන හෙයිනි. එනම් නූතන වාග්විද්‍යාව භාෂාව අධ්‍යයනය කරනුයේ විග‍්‍රහාත්මක ස්වරූපයකට වන අතර සාම්ප‍්‍රදායික භාෂා අධ්‍යයනය උපදේශාත්මක ස්වරූපයට අනුගත වෙයි. භාෂාව මෙසේ භාවිත කළ යුතුය, යන්න සාම්ප‍්‍රදායික ව්‍යාකරණයෙන් ඉගැන්වෙන අතර භාෂාව මෙසේ භාවිත කරන්නේය, යන්න වාග්විද්‍යාවෙන් ඉගැන්වෙයි.


වාග්විද්‍යාත්මක භාෂා අධ්‍යයනය ෆර්දිනාන්ද් දී සොසුය්යෝ නම් ස්විස් ජාතික වාග්විද්‍යාඥයා සඳහන් කළ පරිදි භාෂාවේ සංස්ථිතිය ද විද්‍යාත්මක ක‍්‍රමයකට අධ්‍යයනය කළ හැකිය. යොසුය්යෝගේ පටන් සංස්ථිතික වාග්වේදීන් භාෂාවේ සංස්ථිතිය අධ්‍යයනය කරන ලදි. වාග්විද්‍යාත්මක භාෂා අධ්‍යයනයේ දී භාෂාව ශබ්ද විද්‍යාව, ශබ්දීම විචාරය, වාක්‍ය විචාරය, අර්ථ විචාරය, ප‍්‍රකරණාර්ථ විචාරය යන ක්‍ෂේත‍්‍ර ඔස්සේ භාෂා ශබ්ද (Phonetic), අර්ථ භේදයට තුඩු දෙන ශබ්ද, ශබ්දිම (Phoneme), පදිම (Mopheme), පද (word)" වාගාලප (utterance) අර්ථ (Meaning) වශයෙන් අධ්‍යයනය කෙරෙයි. මෙසේ භාෂාව විග‍්‍රහ කිරීම විග‍්‍රහාත්මක වාග්විද්‍යා (descriptive linguistics) ලෙස හැඳින්වෙයි.

ශබ්ද විචාරයේ දී (Phonology) භාෂා ශබ්ද පිළිබඳව මූලිකවම අධ්‍යයනය කෙරෙයි. එම ශබ්ද එකතුවෙන් ගොඩනැගෙන පද පිළිබඳ පදිම විචාරයේ (Morphology) අධ්‍යයනය කෙරේ. පද එකතුව පාද (Phrases) නිපදවීම ඒ ඇසුරින් වාක්‍යාංශ (Clauses) හා වාක්‍ය (Sentences) නිර්මාණය වාක්‍ය විචාරයේ (Syntax) අධ්‍යයන කෙරෙයි. භාෂා අර්ථය අර්ථ විචාරයේ (Semantics) අධ්‍යයන ක්‍ෂේත‍්‍රයයි. ප‍්‍රකරණ විචාරය (Pragmatics) තුළින් භෂා පාඨය හා අවස්ථාව අර්ථවත් වීම යන්න අධ්‍යයනය කෙරේ. විශේෂයෙන්ම සංස්ථිතික වාග්විද්‍යාවේ දී භාෂාවකට අනන්‍ය ලක්ෂණ හෙවත් පරාමිතීන් (Parameters) හා සමස්ත භාෂාවන්ට පොදු වූ (Universal) ලක්ෂණ අධ්‍යයනය කිරීම සිදුවෙයි.

වාග්විද්‍යාවේ විෂය ක්‍ෂේත‍්‍රය ඉහත දැක් වූ පරිදි ප‍්‍රස්තුත භාෂාවක සංස්ථිතිය අධ්‍යයනය කිරීම පමණක් වාග්විද්‍යාව නොවෙයි. භාෂාව සමස්ත මිනිස් කි‍්‍රයාකාරීත්වය කෙරෙහි සම්බන්ධ වන හෙයින් එහි අධ්‍යයන ක්‍ෂේත‍්‍ර ද අධ්‍යාපනය, මානව විද්‍යාව. ඉතිහාසය, සමාජ විද්‍යාව, භාෂා ඉගැන්වීම, මනෝ විද්‍යාව, දර්ශනය, පරිගණක විද්‍යාව, න්‍යුරෝන විද්‍යාව, කෘති‍්‍රම බුද්ධිය ආදි විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ විස්තෘතියට පත්ව ඇත. එනිසා වාග්විද්‍යාවේ අධ්‍යයන ක්‍ෂේත‍්‍රය ද වඩාත් පැතිරුණු ස්වරූපයක් දක්වන අතර වාග්විද්‍යාවේ අධ්‍යයන ක්‍ෂේත‍්‍ර දැක්වීම ද පහසු නොවේ.

ඓතිහාසික වාග්විද්‍යාව භාෂාව ආරම්භය, වර්ධනය, භාෂා පවුල් පිළිබඳව හා කිසියම් ප‍්‍රස්තුත භාෂාවක ඉතිහාසය අධ්‍යයන කිරීම ඓතිහාසික වාග්විද්‍යාව (historical Lingaistics) ලෙස සැලකෙන අතර භාෂා අධ්‍යයනයේ වඩාත් ප‍්‍රකට වූයේ ද එයයි.


සමාජ වාග්විද්‍යාව භාෂාව හා සමාජය අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවකි. මිනිසා සමාජයේ විවිධ අවස්ථා තුළ භාෂාවේ විවිධ ස්වරූප භාවිත කරයි. ඒ ඒ ප‍්‍රදේශ අනුව භාවිත කරන භාෂා ස්වරූප ද වෙනස් වෙයි. මෙසේ සමාජමය ප‍්‍රකරණය තුළ භාෂාවේ භාවිතය අධ්‍යයනය කිරීම සමාජ වාග්විද්‍යාව (sociolinguistics) ලෙස හැඳින්වෙයි.

මනෝ වාග්විද්‍යාව භාෂා උත්පාදනය, සංජානනය, අවබෝධය යන කි‍්‍රයාවලිය පුද්ගල මනස හා සම්බන්ධ වෙයි. භාෂාවේ උක්ත කි‍්‍රයාවලියේ දී මනෝමය පදනම පිළිබඳ අධ්‍යයනය කිරීම මනෝ වාග්විද්‍යාව (Psycholinguistics) ලෙස හැඳින්වෙයි.

සංකථන විචාරය භාෂණයේ හෝ ලේඛනයේ යෙදෙන වාක්‍ය සාකච්ඡුා. සම්මුඛ පරීක්ෂණ, පරිච්ෙඡ්ද ආදි වශයෙන් විශාල ඒකක සකස් කිරීම පිළිබඳ කරනු ලබන අධ්‍යයනය සංකථන විචාරය (Discourse Analysis) නමින් හැඳින්වෙයි.

ව්‍යවහාරික වාග්විද්‍යාව වාග්විද්‍යාවේ සාකච්ඡුාවට ලක් කෙරෙන ෙසෙද්ධාන්තික කරුණු ව්‍යාවහාර භාෂාව තුළ භාවිතා කිරීම ව්‍යවහාරික වාග්විද්‍යාව (Applied Linguistics) නම් වෙයි. මෙහිදී භාෂා ඉගැන්වීම, ජාතික භාෂා ප‍්‍රතිපත්තිය, භාෂා පරිවර්තනය, භාෂා සැලසුම්කරණය ආදි කාර්ය අධ්‍යයනය කෙරෙයි.

පරිගණක වාග්විද්‍යාව ස්වභාවික භාෂාවන් පිළිබඳ (පරිගණක භාෂාවන්ට වඩා - ජාවා* අධ්‍යයනය කිරීම පරිගණක වාග්විද්‍යාව (Computational Linguistics) නම් වෙයි. මෙහිදී මිනිසා ස්වාභාවික භාෂාවන් භාවිතා කිරීම මෙන්ම මිනිස් භාෂාව පිළිබ`ද ස්වයංකී‍්‍රය පරිවර්තනය(Automatic translation), කෘති‍්‍රම භාෂණය (Artificial Speech) ස්වයංකී‍්‍රය හඳුනා ගැනීම (Automatic Recognition) ආදිය මෙහිදී සිදු කෙරෙයි.

රීති විචාරය භාෂාව පිළිබඳ අධ්‍යයනය සාහිත්‍ය විචාරය හා සම්බන්ධ කෙරෙන ක්‍ෂේත‍්‍රය රීති විචාරය (Stylistics) නම් වේ. එහිදී කිසියම් සාහිත්‍යමය කෘතියක භාෂා භාවිතයේ නැගෙන විවිධ අර්ථ පිළිබඳව හා ක‍්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කිරීම සිදු කෙරෙයි. එසේම කිසියම් භාෂකයකු හෝ රචකයකු පාඨකයා හෝ ශ‍්‍රාවකයා කෙරෙහි පදනම්ව භාෂාව භාවිත කිරීම අධ්‍යයනය කෙරෙයි.

න්‍යුරෝන වාග්විද්‍යාව භාෂාවක් භාවිත කිරීමේ දී සිදු වන මොළයේ කි‍්‍රයාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම න්‍යුරෝන වාග්විද්‍යාව ලෙස හැඳින්වේ. මෙහිදී මිනිස් මොළයේ සංයුතිය සන්නිවේදන, ව්‍යාකරණ කි‍්‍රයාවලීන් කෙරෙහි කි‍්‍රයාත්මක වන ආකාරය අධ්‍යයනය කෙරේ.

මීට අමතරව භාෂා ආබාධ හා සායනය පිළිබඳ කරනු ලබන සායනික වාග්විද්‍යාව(Clinical Linguistics)" පුද්ගලයා තුළ භාෂා ශක්‍යතාව පිළිබඳ අධ්‍යයනය කරන ප‍්‍රවර්ධක වාග්විද්‍යාව(Developmental Linguistics)" අධිකරණ කාර්යයන්හි දී භාෂාව භාවිත කිරීම පිළිබඳව කෙරෙන අධිකරණ විෂයක වාග්විද්‍යාව(Forensic Linguistics)" වැනි අධ්‍යයන ක්‍ෂේත‍්‍ර මෙන්ම උපභාෂා විචාරය, ශබ්දකෝෂකරණය, මානවවිෂයක වාග්විද්‍යාව වැනි ක්‍ෂේත‍්‍ර ගණනාවක් වාග්විද්‍යාවේ දී අධ්‍යයන කෙරේ. භාෂණ චිකිත්සාව (Speech therapy) වැනි ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කෙරේ.

මේ අනුව දශක කිහිපයක ඉතිහාසයකට උරුමකම් කියන නූතන වාග්විද්‍යාව අද්‍යතන විද්‍යාත්මක ලෝකයේ දියුණු විෂයක් ක්‍ෂේත‍්‍රයක් ලෙස අතිශය ව්‍යාප්තියට පත්ව ඇත.


කුරුපිට අස්සජිතිස්ස හිමි


වාග්විද්‍යා පර්ෂදය. වාග්විද්‍යා අධ්‍යයනාංශය. කැලණිය විශ්වවිද්‍යාලය.  

අප්‍රිකාවේ ඉතිහාසය

හෝමෝ සැපියානුවන් නැගෙනහිර අප්‍රිකාවෙහි පළමු පහලවීම පෙන්නුම් කිරීමත් සමග ඇරඹෙන අප්‍රිකාවේ ඉතිහාසය, වර්තමානය දක්වා පැවතඑන්නේ ප්‍රකීර්ණක සහ දේශපාලනමය ලෙසින් ප්‍රවර්ධනය වෙමින් පවතින ජාතික රාජ්‍යයන් මාලාවක ඇටවුමක් ලෙසිනි.

උප-සහරානු අප්‍රිකාවෙහි විශාල කොටස් වලදී මුහුණදීමට සිදුව ඇති ලිඛිත මූලාශ්‍රයන්හී දුර්ලභත්වය හේතුවෙන් අප්‍රිකානු අධ්‍යයන ක්ෂේත්‍රයෙහි පර්යේෂකයන්හට අප්‍රිකාවේ ඉතිහාසය යන්න මහත් අභියෝගයක් බවට පත්ව ඇත. වාචික ඉතිහාසය ලේඛන ගතකිරීම, ඓතිහාසික වාග් විද්‍යාව, පුරා විද්‍යාව සහ ප්‍රවේණි විද්‍යාව වැනි ශාස්ත්‍රීය ශිල්පක්‍රම ඉතා වැදගත් වී ඇත.

කථන සහ භාෂා ව්‍යාධිවේදය

කථන හා වියාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජායනය හඩෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සදහා පුනරුප්තාපනය හා නිවැරැදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධිවිද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකි රෝගීන්ගේ හඩ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලිමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සාව මගින් ප්‍රතිකාර ලබාදේ.

සන්නිවේදනය සදහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගැලීමේ ක්‍රියාවලිය ආශ්‍රත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සදහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සදහා ශ්‍රව්‍ය දෘෂ්‍යක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සදහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ.

භාෂා චිකිත්සකවරුන් ගිලිමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සදහාද පුහුණු වී ඇත.

මෙය,

කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද

එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද

ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද

නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ.මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කොරේ.

මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගි තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වු වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛයා උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සදහා මෙහිදි ප්‍රතිකාර කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන්ද කථනය හා සම්බන්ධ රෝග තත්ත්ව සදහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිලිබදව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩිවීම සහ ගැස්ට්‍රයිස්ට් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලිමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගතවේ.

කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව

කථන හා ව්‍යාධි විද්‍යාව යනු පුද්ගලයෙකුගේ කථනය, භාෂාව, සංජානනය, හඬෙහි ඇතිවන ආබාධ, ගිලීමේ අපහසුතා සහ ඒවා සඳහා පුනරුත්ථාපනය හා නිවැරදි කිරීම් ප්‍රතිකාර ලබාදෙන ක්‍රමවේදයකි. කථනය හා භාෂා ව්‍යාධි විද්‍යාඥයින් හෝ කථන හා භාෂා චිකිත්සකවරුන් විසින් මෙකී රෝගීන්ගේ හඬ ඉපදවීම, කථනය වැඩිදියුණු කිරීම, ගිලීමේ අපහසුතා සහ භාෂා අවශ්‍යතා පාසල් වලදී, රෝහල් වලදී සහ වෙනත් ස්ථාන වලදී කථන චිකිත්සක ක්‍රම මගින් ප්‍රතිකාර ලබාදේ.

සන්නිවේදනය සඳහා කථනය (උච්චාරණය, කටහඩ හැසිරවීම, වේගය, තීව්‍රතාවය,) (ධ්වනි විද්‍යාව, ශබ්ද අධ්‍යයන විද්‍යාව, රූපකාරය, ක්‍රියාකාරක පද සම්බන්ධය, අර්ථ විචාරය, උපයෝගි බස සම්බන්ධ වාග් විද්‍යාව) කථන හා ව්‍යවහාරික භාෂාව, (ලිවීමේදි හා කියවීමේදි භාවිතා වන) සහ මුහුණෙන් වන හැගීම් ප්‍රකාශ කිරීම් හා ඉරියව් අන්තර්ගත වේ. මුඛයේ ස්වරාලයේ සහ ග්‍රසනිකාවට අයත් ගිලීමේ ක්‍රියාවලිය ආශ්‍රිත රෝග කථන චිකිත්සාව යටතේ ප්‍රතිකාර කරනු ලැබේ. රෝගයේ තීව්‍රතාවය හා ස්වභාවය අනුව ඒ සඳහා ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ශාරීරික සුවතා ව්‍යායාම, නිරතුරුවම සිදුකරන පුහුණු වීම්, සන්නිවේදනය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්‍රම භාවිතා කිරීම වැනි ඒවා වේ. කථන චිකිත්සාව සඳහා සංඥා භාෂාව හා පින්තූර මගින් සංකේත ක්‍රම භාවිතා කිරීම සිදුවේ.

භාෂා චිකිත්සකවරුන් ගිලීමේ ඇති අපහසුතාවන් සදහා ප්‍රතිකාර කිරීම සඳහා ද පුහුණු වී ඇත.

මෙය,

කථන හා භාෂා ව්‍යාධි විද්‍යාව (SLP) ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේද,

එක්සත් රාජධානියේ, අයර්ලන්තන් හා දකුණු අප්‍රිකාවේ කථන හා භාෂා චිකිත්සාව ලෙසද,

ඕස්ට්‍රේලියාවේ කථන ව්‍යාධි විද්‍යාව ලෙසද,

නවසිලන්තයේ කථන භාෂා චිකිත්සාව ලෙසද හැදින්වේ.මීට අමතරව වෙනත් ආකාර වලින් ද මෙය විස්තර කෙරේ.

මෙය කථනය ඇති කරන්නා වු අවයව වල ඇති වන රෝගී තත්වයන් කෙරෙහි ප්‍රතිකාර ලබාදෙන්නා වූ වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යනයකි. කථන අවයව වන්නේ මුඛය, උගුර, ස්වර තන්තු හා පෙනහළුය. ස්වර තන්තු වල හා ස්වරාලයේ ඇති පිළිකා ස්වර තන්තු වල අක්‍රමිකතා සහ කථනය ඇති කරන අවයව වල කථන පාලනයෙහි අක්‍රමිකතා සඳහා මෙහිදි ප්‍රතිකාර කෙරේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය වෛද්‍යවරුන් ද කථනය හා සම්බන්ධ රෝග තත්ව සඳහා පුහුණු කොට ඇත. මෙම කථන චිකිත්සාව වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් උපක්ෂේත්‍රයකි. මෙම කථන චිකිත්සකවරුන් කථන අපහසුතා සහ ගිලීමේ අපහසුතා පිළිබඳව ප්‍රතිකාර කරති. මෙමගින් ස්වරාලයේ අක්‍රමිකතා උගුර බැරැන්ඩි වීම සහ ගැස්ට්‍රයිටිස් රෝගය හා සම්බන්ධ ආහාර උගුරට ඒම හදුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම සිදු කෙරේ. මෙම කථන චිකිත්සකවරුන් මගින් ප්‍රතිකාර ලබන රෝගීන් අතරට කථන ආබාධ ඇති කුඩා ළමුන්, ස්වරාල සැත්කම් කරන ලද රෝගීන්, ගිලීමේ අපහසුතා ඇති රෝගීන් සහ ස්වරාල අබාධ ඇත්තවුන් අන්තර්ගත වේ.

අතීතයේ ගොත ගැසීම මානසික ආබාධයක් ලෙස සැලකුවද දැන් එම මතය ඉවත්කර ඇත.

ක්‍රමසූචක සංඛ්‍යාව (වාග් විද්‍යාව)

වාග් විද්‍යාවෙහි, ක්‍රමසූචක සංඛ්‍යා (හෝ ක්‍රමසූචක සංඛ්‍යාංක) යනු, අනුක්‍රමික පිළිවෙලක ස්ථානය හෝ අනුස්ථිතිය හෝ නිරූපණය කෙරෙන වචන වෙයි; ප්‍රමාණය, වැදගත් බව, කාලානුරූපය, ආදිය අනුව (නිද., "‌තෙවන", "තෘතියික") මෙම පිළිවෙල සකස් වනවා විය හැකිය.

කෘත්‍රීම බුද්ධිය

කෘතිම බුද්ධිය යනු:-

යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යා‍ක්ෂේත්‍රය හැදින්වීමට ද යෙදෙන පදයකි.

කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්‍රමුඛ පෙලේ ග්‍රන්ථයන් කෘතිම බුද්ධිය යනු බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්‍යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙස අර්ථ දැක්වෙයි. මෙහිදී බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම වන පරිදි ක්‍රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි. කෘතිම බුද්ධිය වෙත ලඟාවීම යනු බුද්ධිමත් බවෙහි මූලික හරය තුළ ක්‍රියාකරණ අමූර්ත බුද්ධිමත් නියෝජිතයන් නිර්මාණය කිරීම ලෙස හැදින්විය හැක. කෘතිම බුද්ධිය හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ ජෝන් මැකාති එය අර්ථ දක්වනුයේ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය ලෙස හැදින්වීය. ජෝන් මැකාති විසින් මෙම පදය හදුන්වාදෙන ලද්දේ 1956 වසරේදි වේ.

පර්යේෂකයන් යන්ත්‍ර වලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතරට හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගැනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම සහ චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. සාමාන්‍ය මට්ටමේ බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් නොහැකිව ඇත. මෙවැනි ප්‍රබල මට්ටමේ කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘතිම බුද්ධිය හා සම්බන්ධ පර්යේෂණයන්ගේ දිගු කාලීන අරමුණ වෙයි.

කෘතීම බුද්ධි පර්යේෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිතා වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර්යේෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, ප්‍රශස්තිකරණය සහ තර්කනය ආදිය අයත් වෙයි. කෘතිම බුද්ධි පර්යේෂණ රොබෝවරු, පාලක පද්ධතීන්, කාල සටහන් සකස්කිරීම්, දත්ත කැණීම, මනා සංවිධානය, කටහඬ හදුනාගැනීම සහ මුහුණු හදුනාගැනීම ආදි විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. මෙම ක්ෂේත්‍ර සදහා විවිධ නම් යෝජනා වී ඇති අතර ඒවා අතරට පරිගණක කරණ බුද්ධිය, සංස්ලේශී බුද්ධිය, බුද්ධිමත් පද්ධතීන් හෝ පරිගණකමය සහේතුකතාව යනාදිය අයත් වෙයි.

පරිගණක විද්‍යාව

පරිගණක විද්‍යාව යනු තොරතුරු සහ පරිගණනය පිළිබඳ ක්‍රමානුකූල අධ්‍යයනයකි. පරිගණන පද්ධති හා ක්‍රම ශිල්ප, සැලසුම් ක්‍රම ශිල්ප, ඇල්ගොරිතම් (පියවර ක්‍රම‍වේද) සහ සංකල්ප පරීක්ෂා කිරී‍මේ ක්‍රම, විද්යාත්මක පරිගණනය, විශ්ලේෂණ හා තහවුරු කිරීමේ ක්‍රම ශිල්ප යන විෂය කොටස් මෙයට ඇතුළත් වෙයි.

පරිගණක විද්‍යාව (හෝ සංඛ්‍යාන විද්‍යාව) යනු තොරතුරු හා පරිගණකකරණයේ සෛද්ධාන්තික පදනම හා ඒවා ක්‍රියාවෙහි යෙදවීම හා පරිගණක පද්ධතිවල යෙදුම් පිළිබඳ අධ්‍යයනයයි. පරිගණක විද්‍යාවේ උප ඒකක බොහොමයක් ඇත. සමහරක්, විශේෂිත ප්‍රතිඵලවල පරිගණනය මතුකර දක්වන අතර , (පරිගණක චිත්‍රන වැනි) අනෙක් ඒවා පරිගණක ගැටලුවල ගුණවලට අදාළ වේ. (පරිගණක සංකීර්ණතා සිද්ධාන්තය , Computational Complexity theory වැනි දේ) තවමත් සමහරක් ඒවා පරිගණක සම්බන්ධ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග පිළිබඳ අවධානය යොමු කරයි. උදාහරණ ලෙස ක්‍රමලේඛ භාෂා සිද්ධාන්තය , පරිගණක විස්තර කිරීමට ප්‍රවේශවීම පිළිබඳ අධ්‍යයනය කරන අතර පරිගණක ක්‍රමලේඛ මගින් පරිගණක ගැටලු විසදීම සඳහා විශේෂිත ක්‍රමලේඛ භාෂා යෙදවීම සිදු කරනු ලැබේ. තවත් උප - අංශයක් වන්නේ මිනිස් - පරිගණක අන්තර් ක්‍රියාකාරිත්වයයි. එමගින් පරිගණක හා පරිගණනය ප්‍රයෝජනවත්, භාවිතා කළ හැකි හා විශ්වීයව මිනිසාට භාවිතා කළ හැකි පරිදි කොටස් කිරීම ගැන අවධානය යොමු කර ඇත.

භාෂාව

භාෂාව යනු සන්නිවේදන ක්‍රමයකි. මානව භාෂණ හා කථන භාෂා සංකේත සහ එම සංකේත හසුරුවන ව්‍යාකරණය ඇතුළත් පද්ධතිය ලෙස විස්තර කළ හැකි ය. එම නිසා භාෂාව වනාහි පුද්ගලයකුගේ කථන ඉන්ද්රිය උපකාර කොට ශබ්දය මුදාහැරීමත් එය විවිධාකාර ලෙස අනුයෝජනය කිරීමත්ය. මිනිසා සොයා ගෙන ඇති ප්‍රබලම උපකරණය භාෂාව යි.

ප්‍රථම ලිඛිත භාෂා ක්‍රමය වුයේ නීලංකාරයයි. නමුත් කථාකරන භාෂාව ලිවිම ඇරඹිමට අඩු වශයෙන් අවුරුදු දසදහස් ගණනක් ගත වු බව විශ්වාස කෙරේ.

භාෂාවක් යනු දෘශ්‍ය ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය සන්නිවේදන සංකේතයන් හා ඒවා මෙහෙයවිම සදහා යොදාත් රීතින්ය. එවැනි ක්‍රමයක් සාමාන්‍ය සංසිද්ධියක් ලෙස යොදා ගැනිමද, භාෂාවක් යනුවෙන් හැදින්විය හැකි. භාෂාව විශේෂිත මිනිස් සංනිවේදන මාධ්‍යයක් ලෙස ‍සැලකේ. සතුන් විසින් සැලකිය යුතුලෙස සංකීර්ණ වු සංනිවේදන ක්‍රම භාවිතා කළද ඒවා කිසිවක් වාග් විද්‍යාඥයින් විසින් භාෂාව නිර්වචනය කිරිමට යොදා ගන්නා සියළු ගුණයන් අඩංගු වන බවත් දැනගන්නට නැත.

මානව විද්‍යාත්මක වාග් විද්‍යාව

මානව විද්‍යාත්මක වාග් විද්‍යාව වූකලි භාෂාව සහ සංස්කෘතිය අතර සම්බන්ධතාවය සහ මානව ජීව විද්‍යාව¸ ඥානනය සහ භාෂාව අතර වන සම්බන්ධතාවය පිලිබඳව වන අධ්‍යනයකි. මෙය මිනිසා භාවිතා කරන භාෂාව මත පිහිටා මිනිසාව අධ්‍යනය කිරීමේ අධ්‍යනයන් ඇතුලත් වන මානව විද්‍යාවේ ශාඛාවක් වන භාෂාත්මක මානව විද්‍යාවේ ක්ෂේත‍්‍රය සමඟ විශාල වශයෙන් අතිපිහිතව පවතී.

කවුරුන් කුමන නමකින් හැඳින්වුවද ද්‍රෂ්‍ය සංජානනය (විශේෂයෙන්ම වර්ණ) පිලිබඳ අධ්‍යනයන් සහ ජීවකලාපීය ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි අතිමහත් බලපෑමක් ඇතිකළ ක්ෂේත‍්‍රය වන්නේ මෙයයි. මේ දෙකම වටාපිටාවේ සංජානනයන් හේතුකොටගෙන භාෂාවේ ඇතිවන වෙනස්කම් පිලිබඳව අවධානය යොමකරයි.

සමාජවිද්‍යාව සහ මිනිසාගේ ස්ව-සංවිධානය සම්බන්ධයෙන් ප‍්‍රතිමානයන් සාම්ප‍්‍රදායික භාෂාත්මක මානව විද්‍යාවද සතුවෙයි. උදාහරණයක් ලෙස තපස් රකින තැනැත්තන් පිලිබඳවන අධ්‍යනයක් පෙන්වාදී ඇත්තේ ඔවුන්ගේ භාෂාවේ යොදාගන්නා එකිනෙකට වෙනස් වචන 6 ක්ම ඉංගී‍්‍රසියට පරිවර්ථනය කළහැක්කේ ‘අපි’ යනුවෙන් වන බවයි. ඉන් පෙනීයන්නේ ඉංගී‍්‍රසීන්ට වඩා ඔවුන් තුල වන්නාවූ සහයෝගය, ඒකමතිකත්වය සහ සාමූහික තීරණ ගැනීමේ ස්වභාවය යැයි අර්ථ දැක්වනු ලැබිය හැක. මානව විද්‍යාත්ම්ක වාග් විද්‍යාව මෙම වෙනස්කම් අධ්‍යනය කරන අතර ඒවා ජීවන ක‍්‍රමයන් වෙත ආරෝපණය කරයි.

මානව විද්‍යාත්මක වාග් විද්‍යාව-විෂය මාලාව

විධිමත් අධ්‍යාපනයේදී විෂය මාලාව යනුවෙන් හැඳින්වෙන්නේ පාසැලක හෝ විශ්ව විද්‍යාලයක ඉගෙනීම සඳහා නිර්දේශිත පාඨමාලාවන් එකතුවක් හා ඒවායේ අන්තර්ගතයයි. අදහසක් ලෙස ගත්කළ විෂය මාලාව යන්න කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේදී සිය කි‍්‍රයාවන් හා අත්දැකීම් මඟින් ලබන අධ්‍යාපනය දැක්වීම සඳහා ලතින් භාෂාවේ යෙදෙන race course යන යෙදුමින් නිරුක්තිය ලබා ඇත.

ඵෙතිහාසික සංකල්පය

මෙම විෂය සම්බන්ධයෙන් ප‍්‍රකාශයට පත්වූ ප‍්‍රඵම පාඨ ග‍්‍රන්ථය වන 1918 දී ප‍්‍රකාශයට පත්වූ The Curriculum හි ජෝන් ෆ්රැන්ක්ලීන් බොබිට් දක්වා සිටින්නේ විෂය මාලාව පිලිබඳ අදහස race course යන ලතින් යෙදුම දක්වා දිවයන බවත් සමාජය තුල සාර්ථකත්වය ලැබීම සඳහා කුඩා දරුවන් වැඩිහිටියන් බවට පත්වීමේදී සිය කි‍්‍රයාවන් හා අත්දැකීම් මඟින් ලබන අධ්‍යාපනය දැක්වීම සඳහා ලතින් භාෂාවේ එය යෙදී ඇති බවත්ය. තවද පාසැල තුල හා පිටත සිදුවන්නාවූ විධිමත් කි‍්‍රයාවන් හා අත්දැකීම් මෙන්ම පාසැල තුලදී ලබන්නාවූ සැලසුම් කරනු නොලැබු මෙහෙයවනු නොලැබූ අත්දැකීම්ද මෙම විෂය මාලාව යන්න තුලට අන්තර්ගත වෙයි. සමාජයේ වැඩිහිටි තැනැත්තන් නිර්මාණය කිරීම සඳහා අරමුණු සහගතව හා වුවමනාවෙන්ම ලබාදෙනු ලබන අත්දැකීම්ද මීට ඇතුලත් වෙයි.

බොබිට්ට අනුව විෂය මාලාව යනු සමාජ මෙහෙයවීම් බිමකි. ඔහුගේ සංස්කෘතික උපකල්පනයන් හා සමාජ අර්ථනිරූපනයන්ට අනුව ඔහුගේ විෂය මාලා සූත‍්‍රකරණයේ ප‍්‍රධාන ලක්‍ෂණ දෙකක් පවතී. (1) සමාජයේ වැඩිහිටි සාමාජිකයින් තුල පැවතිය යුතු ගුණාංගයන් යැයි විශේෂඥයින් කල්පනා කරන ගුණාංගයන් මත පදනම්ව විෂය මාලා සැකසීම සඳහා වඩාත් සුදුසු තැනැත්තන් වන්නේ විද්‍යාත්මක විශේෂඥයින්ය (2) කුඩා දරුවකු ඔහු හෝ ඇය වැඩිහිටියකු බවට පත්වීමේදී ලැබිය යුතු අත්දැකීම් ලෙස විෂයමාලාව අර්ථ දක්වනු ලැබිය යුතුය

එනම් ඔහුට අනුව යමකු විසින් සිදුකරන කි‍්‍රයාවන් හා ලබන අත්දැකීම් ඇතුලත් ස්ථිතික යථාර්ථයකට වඩා වඩා විෂය මාලාව යනු පරමාදර්ශයකි.

වර්තමාන අදහස් බොබිට්ගේ මතයන් ප‍්‍රතික්ෂේප කරන නමුත් විෂය මාලාව යනු මිනිසා නැමැති සත්වයා මනුෂ්‍යයකු බවට පත්කරන්නාවූ අත්දැකීම් බව පිලිගනී. විෂය මාලාවන් ඔස්සේ පුද්ගල නිර්මාණය පුද්ගලික තලයේදී මෙන්ම කණ්ඩායම් තලය එනම් සංස්කෘතීන් හා සමාජයන් යොදාගනිමින්ද අධ්‍යනය කරනු ලබයි.

මුල්වරට එය බොබිට්ගේ අර්ථ දැක්වීම තුලින් ඉදිරිපත් වුවද විෂය මාලාව යනු හැඩගස්වන ලද අත්දැකීම් බව ජෝන් ඩිවේ විසින්ද පවසා ඇත. මේ දෙදෙනාගේම විෂය මාලාව පිලිබඳ තේරුම් ගැනීම වර්තමානයට වඩා වෙනස් වූවක් වුවද විෂය මාලාව පිලිබඳ තේරුම්කිරීමේදී ලේඛතයින් හා පර්යේෂකයින් ඔවුන්ගේ අදහස් වැදගත්කොට සලකති.

මානව විද්‍යාව

මානව විද්‍යාව මානව වර්ගයා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනය වෙයි.

විෂය ක්ෂේත්‍රයක් ලෙසින් මානව විද්‍යාව මුලින්ම අර්ථදැක්වුනු එක්සත් ජනපදයෙහි, ක්ෂේත්‍රය සාම්ප්‍රදායික ලෙසින් උප-ක්ෂේත්‍ර සතරකට බෙදෙයි: සංස්කෘතික මානව විද්‍යාව, පුරා විද්‍යාව, වාග්විද්‍යාත්මක මානව විද්‍යාව, සහ ජීවවිද්‍යාත්මක මානව විද්‍යාව.

මුඛ්‍ය සංඛ්‍යාව (වාග් විද්‍යාව)

වාග් විද්‍යාවෙහිදී, සහ වඩාත් නිරවද්‍ය ලෙසින් පැවසුවහොත් සාම්ප්‍රදායික ව්‍යාකරණයෙහිදී, මුඛ්‍ය සංඛ්‍යාවක් හෝ මුඛ්‍ය සංඛ්‍යාංකයක් (‍හෝ මුඛ්‍යයක් පමණක් ලෙසින්) යනු, එක, දෙක, තුන වැනි සිංහල වචන මෙන්ම, නිදසුනක් වශයෙන් තුන්සිය හතලිස් දෙක වැනි සංයුක්ත වචනද ගණනයන් ලෙසින් දැක්වීම සඳහා භාවිතා කෙරෙන ව්‍යාකරණ අංගයකි.

රුසියාවේ විද්‍යාව හා තාක්ෂණය

රුසියාව තුළ විද්‍යාව හා තාක්ෂණය අවබෝධන යුගයේ පටන් වේගයෙන් සංවර්ධනය විය. ඉගෙනුම් හා නව සොයාගැනීම් වල දේශීය සම්ප්‍රදාය ශක්තිමත් කරමින්, මහා පීටර් විසින් රුසියානු විද්‍යා ඇකඩමිය හා ශාන්ත පීටර්ස්බර්ග් රාජ්‍ය විශ්ව විද්‍යාලය මෙන්ම මහාප්‍රාඥයයෙකු වූ මිහායිල් ලොමොනොසෝව් විසින් මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය පිහිටුවන ලදී.

19 වන සහ 20 වන සියවස් තුල රටෙහි විශිෂ්ට විද්‍යාඥයන් විශාල පිරිසක් බිහිවිය, ඔවුන් විසින් භෞතික විද්‍යාව, තාරකා විද්‍යාව, ගණිතය, පරිගණක විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භූ විද්‍යාව සහ භූගෝල විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන්ට වැදගත් දායකත්වයන් සපයන ලදී. රුසියානු නව නිපැයුම්කරුවන් සහ ඉංජිනේරුවන් විදුලි ඉංජිනේරු විද්‍යාව, නාවික යාත්‍රා නිපදවීම, ගුවන්යානා නිපදවීම, අවි ආයුධ නිපදවීම, සන්නිවේදන කටයුතු, තොරතුරු තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය සහ අභ්‍යවකාශ තාක්ෂණය වැනි ක්ෂේත්‍රයන්වල කැපීපෙනෙන දස්කම් දක්වා ඇත.

මෑතක දී, 1990 ගණන් වල සිදුවූ අර්බුදය විද්‍යාව හා තාක්ෂණය සඳහා රාජ්‍ය සහයෝගය උග්‍ර ලෙස අඩු කිරීමට හේතු විය. බුද්ධිගලන සංක්‍රමණයන් මගින් බොහෝ රුසියානු විද්‍යාඥයන් හා විශ්ව විද්‍යාල උපාධිධාරීන් යුරෝපයට හෝ එක්සත් ජනපදයට සංක්‍රමණය විය. 2000 ගණන් වල නව ආර්ථික උත්පාත රැල්ල මත තත්ත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින්, එරට ආණ්ඩුව නවීකරණය හා නව සොයාගැනීම් දිරිගැන්වීම ඉලක්ක කර ව්‍යාපාරයක් ආරම්භ කර ඇත. රටේ තාක්ෂණික සංවර්ධනය සඳහා වන වත්මන් ප්‍රමුඛතාවන්ට බලශක්ති කාර්යක්ෂමතාව, තොරතුරු තාක්ෂණය (පොදු නිෂ්පාදන සහ අභ්‍යවකාශ තාක්ෂණය සමඟ ඒකාබද්ධ නිෂ්පාදන දෙකම ඇතුළුව), න්‍යෂ්ටික බලශක්තිය හා ඖෂධ ඇතුළත් වේ.

ව්‍යාකරණ

ව්‍යාකරණ හෙවත් වියරන

වේද

දැනුම යන තේරුම සඳහා සංස්කෘති භාෂාවේ භාවිතා වන්නේ “වේද” යන වචනයයි. එමෙන්ම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්‍රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්‍රන්ථ වේ. එසේම ‍මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ වේ.

සම්ප්‍රදායික හින්දු විශ්වාසය අනුව වේදය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේවා සෘජුව ම ලැබී ඇති දේව වාක්‍යයක් වේ. එම නිසා ඒවා ' අසන ලද පරිදි ' යන තේරුම ඇති ස්‍රෘති (sruthi) යනුවෙන් හඳුන්වනු ලබයි. වේද මන්ත්‍ර නැතිනම් සූත්‍ර හින්දු සුත්‍ර, ආගමික කටයුතු සහ අනෙකුත් සුභ අවස්ථාවන් හීදි ගායනා කරනු ලැබේ. විවිධ වර්ගයේ වේද ග්‍රන්ථ ඒකාබද්ධ කොට චතුර් මහා සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇත. මේවායින් තුනක් ඇති පුරාණ පුද පුජා නැතහොත් යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේ.

1. සෘග් වේදය - ප්‍රධාන පූජක ගායනා කරන ලද භක්ති ගීත

2. සෘජු වේදය - පාලක පූජක විසින් ගායනා කළ සුත්‍ර

3. සාම වේදය - සංගායනා කරන පූජක විසින් ගායනා කළ සූත්‍ර

හතරවෙනි වේදය ආතර්ව වේදය වේ. මෙය විජ්ජා වසුං සහ ප්‍රවකිෂිවේ කාර්ය්‍ය සඳහා භාවිතා කරනු ලබන මන්ත්‍ර විශේෂයක එකතුවකි.

ඉන්දියාව තුළ බිහිවු විවිධ දර්ශක කණ්ඩායම් සහ නිකා‍යන් 'වේදය' පිළිබඳ විවිධ අදහස් දරයි. තමන්ගේ දාර්ශණික මතවාද වල පදනම නැතිනම් බලය වේදය ලෙස පිළිගන්නා දුර්ගනයන් සම්මුතික දාර්ශණික නිකායන් ලෙස සැළකේ. වේදාන්තය මෙන්ම විමුක්තිය පිළිබඳ ඉගැන්වීම් ඇතුලත් බුද්ධාගම හෝ ජෛනාගම දේව ප්‍රකාශිතයින් ලෙස නොසැලකේ. උසස් තලයේ මනුෂ්‍ය ප්‍රඥයින් ලෙස සැලකෙන මනුෂ්‍යයන් විසින් ඉදිරිපත් කර ඇති නිසා මෙම ආගම් දෙකෙහි ඉගැන්වීම් දිව්‍යමය සම්මුතියක් ලෙස නොසැළකේ. මෙම ආගමික ඉගැන්වීම් පිළිගත් සම්මුතියෙන් බාහිර ආගමික විශ්වාසයක් ලෙස සැලකේ. බෞද්ධාගම, ජෛනාගම මෙන්ම ශිව ආගමද වේද ග්‍රන්ථවලින් ඉදිරිපත් කෙරෙන සම්මුතියක් බලයක් ලෙස පිළිනොගනී.

වේදාංග (Vedamga)

වේදාංග (Vedamga)

සම්ප්‍රධායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධ සැකසුන ශිල්පිය විෂයන් හයක් ඇත. මේවා වේදාංග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේද්‍රාංග නිර්වචනය කරන්නේ ‍ මෙසේය.

නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථය දැක්විම සහ අත්සව අවස්ථාවන් හිදි උචිත ලෙස මන්ත්‍ර ගයනා කිරිමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ"

වේද යුගයේ අවසානයේ දසිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශ යද දක්නට ලැබේ.

වේදාංග විෂය සය මෙලෙස දැක්වියහැකිය

ශබ්ද /වාග් විද්‍යාව

කාව්‍ය චන්දස්

ව්‍යාකරණ

නිරැක්තිය

ජ්‍යෙතිෂ්‍ය

ඇදහිලි වත් පිළිවෙත්

කල්ප

සංගීත ඉතිහාසය

J. පීටර් බර්ක්හෝල්ඩර්, ඩොනල්ඩ් J. ග්රවුඩ් හා ක්ලවුඩි V. පැලිස්කා විසින් රචනා කරන ලද බටහිර සංගීත ඉතිහාසය ග්‍රන්ථයේ 7 වන සංස්කරණය උතුරු ඇමරිකාවේ සංගීත ඉතිහාසයේ ඉගැන්වීමට යොදා ගන්නා ජනප්‍රිය ග්‍රන්ථ අතරින් එකකි.

සංගීත ඉතිහාස ක්ෂේත්‍රය (සමහරක් විට ඓතිහාසික සංගීතවේදය ලෙස හඳුන්වන) සංගීතයවේදය වන පුළුල් විෂය පථයේ අතිශය විවිධත්වයකින් යුත් උප ක්ෂේත්‍රයක් වන අතර එමඟින් කාලයක් පුරාවට සිදු වූ සංගීතයේ සංයුතිය, රඟ දැක්වීම, පිළිගැනීම හා විවේචන පිළිබඳ අධ්යයනය කරයි. උදාහරණ ලෙස සංගීතය පිළිබඳ ඓතිහාසික අධ්‍යයනය , රචකයාගේ ජීවිතය හා කාර්ය, රටා හා වර්ගවල දියුණු වීම් (Baroque Concertos වැනි) , යම් විශේෂිත මනුෂ්‍ය කණ්ඩායමක් උදෙසා සංගීතයේ සමාජමය යෙදීම් හෝ යම් නිශ්චිත ස්ථානයක දී හා වේලාවක දී රඟ දැක්වීමේ ආකාර (ජොහෑන් සෙබස්තියන් බාෂ්ගේ Choir In Leipzig රඟ දැක්වීමේ බලකාය වැනි) සමඟ සලකනු ලැබේ.

සිද්ධාන්තවල දී සංගීත ඉතිහාසයේ ඕනෑම වර්ගයක හෝ ඕනෑම ආකාරයක සංගීතයක ඉතිහාසය අධ්‍යයනය කිරීමට පරිශීලනය වේ. (ඉන්දියානු සංගීත ඉතිහාසය හෝ රොක් සංගීත ඉතිහාසය) ක්‍රියාවට යෙදවීමේ දී මෙම පර්යේෂණ මාතෘකා ඒවා මානව චිත්‍රකව පදනම් වී තිබුණත් නොතිබුණත් මානව සංගීත විද්‍යාවේ හෝ සංස්කෘතික අධ්‍යයනවල කොටසක් ලෙස සැමවිටම වර්ග කරනු ලැබේ.

සංගීත ඉතිහාසයේ ක්‍රමවලට ප්‍රභව අධ්යනය (Esp. අත්පිටපත් අධ්යයනය), පුරා ශිල්පය, වාග් විද්‍යාව (විශේෂයෙන් පාට පිළිබඳ විවේචන), රටා විවේචනය, ඉතිහාස විද්‍යාව (ඓතිහාසික ක්‍රම තෝරා ගැනීම), සංගීතමය විශ්ලේෂණය හා චිත්‍රක විද්‍යාව ඇතුළත් වේ. මෙම අරමුණු තවදුරටත් වැඩි දියුණු කිරීමට සංගීත විශ්ලේෂණය යොදා ගැනීම බොහෝ විට සංගීත ඉතිහාසයේ කොටසක් වන නමුත් ශුද්ධ විශ්ලේෂණය හෝ සංගීත විශ්ලේෂණය සඳහා නව මෙවලම් නිපදවීම සංගීත සිද්ධාන්ත ක්ෂේත්‍රයෙහි පවතී. (මෙම ක්‍රම පිළිබඳ සවිස්තර විස්තරයක් සඳහා සංගීත ඉතිහාසයේ පර්යේෂණ යන කොටස බලන්න.)

සංගීත ඉතිහාසඥයන්ගේ සමහරක් බුද්ධිමය නිෂ්පාදනවලට සංගීතමය කාර්යයන්වල සංස්කරණ, රචකයන්ගේ හා අනිකුත් සංගීතඥයන්ගේ චරිතාපදාන, වචන හා සංගීතය අතර සබැඳියාව පිළිබඳ අධ්‍යයන හා සමාජයේ සංගීතයෙහි ස්ථානය පිළිබඳ අධ්‍යයන ඇතුළත් වේ.

සමාජ වාග් විද්‍යාව

සමාජ වාග් විද්‍යාව යනු සංස්කෘතික ප්‍රතිමාන, අපේක්ෂා සහ සන්දර්භය ඇතුළු සමාජයේ ඕනෑම එක් අංශයක් හෝ සියළුම අංශයන් භාෂාව යොදාගන්නා ආකාරය කෙරෙහි ඇතිකරන බලපෑම අධයයනය කිරීමයි. සමාජ වාග් විද්‍යාව ප්‍රායෝගිකත්වය සමඟ කිසියම් ප්‍රමාණයකට උපරිපතනය වෙයි.

එහි ජනවර්ගය, ආගම, තරාතිරම, ස්ත්‍රී පුරුෂ භාවය, අධ්‍යාපන මට්ටම, වයස ආදි සමාජ විචල්‍යයන් අනුව විවිධ වූ කණ්ඩායම් අතර භාෂාව යොදා ගන්නා අන්දම ද එම නීති රීති නිර්මාණය හා ඒවාට අනුගත වීම මත සමාජ පන්තීන් හෝ සමාජ ආර්ථික පන්තිවලට පුද්ගලයන් වර්ගීකරණය කරන්නේ කෙසේ ද යන්න ගැනද අධ්‍යයනය කරයි. තැනින් තැනට භාෂාව යොදා ගැනීමේ වෙනස්කම් දක්නට ඇති නිසා භාෂාවේ ව්‍යවහාර සමාජ පන්තීන් අනුව ද වෙනස් වේ. සමාජ වාග් විද්‍යාඥයින් අධ්‍යයනය කරනුයේ මෙම සමාජ විශේෂිත භාෂාවන්ය.

භාෂාවේ සමාජයීය පැතිකඩ නුතන අර්ථයෙන් ප්‍රථමයෙන් අධ්‍යයනය කරන ලද්දේ වර්ෂ 1930 ගණන් වල ඉන්දියානු හා ජපන් වාග් විද්‍යාඥයන් විසින් හා මුල් 1900 වර්ෂයන්හිදී ස්විට්සර්ලන්තයේ ගෝචාට් ද විසිනි. නමුත් සැලකිය යුතු කාලයක් ගත වෙන තෙක් ඒ කිසිවෙක් කෙරෙහි බටහිර ලෝකයේ අවධානය යොමු නොවීය. අනෙක් අතට භාෂා වෙනස්වීමේ සමාජ අභිප්‍රේරණය පිළිබඳව අධයයනයට පදනම වුයේ 19 වැනි සියවසේ පසුභාගයේ ඇති වු රැලි ආකෘතියයි. බටහිර ලෝකයේ සමාජ වාග් විද්‍යාඥයින් ප‍්‍රථමයෙන් දිස් වුයේ වර්ෂ 1960 ගණන් වලදී වු අතර ඒ සදහා මඟ පෙන්වන්නන් වුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විලියම් ලැබෝවි සහ එක්සත් රාජධානියේ බැසිල් බර්න්ස්ටයින්ය.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.