ලෝකඩ යුගය

යම් සංස්කෘතියක ලෝකඩ යුගය යනු එම සංස්කෘතියෙහි වඩාත් ප්‍රගත ලෝහ කර්මාන්ත භාණ්ඩ (අඩුම වශයෙන් ක්‍රමවත් බවින් සහ පැතිරීම අතින්) සඳහා ලෝකඩ භාවිතා කල යුගයයි. මෙය එක්කෝ තඹ සහටින් ලෝහයන්, ලෝපස් වලින් දේශීය විරුවනය කිරීම මත හෝ, නැතහොත් වෙනත් තැනෙක නිෂ්පාදන අඩවියකින් ලෝකඩ ගණුදෙනු කිරීම මත හෝ පදනම් වන්නට ඇත. සියල්ලම එසේ නොවුනද, බොහෝමයක් ලෝකඩ යුග සංස්කෘතීන්, ප්‍රාග්-ඉතිහාස යුගය තුලදී සමෘද්ධියට පත්ව ඇත.

Pu with openwork interlaced dragons design
අතුරු වියමන් යෙදු ලෝකඩ බඳුනක්

මුල්කාලීන ලෝකඩ යුගය

සුමේරියන්වරු

මොවුන් මෙසපොතේමියාව ආශ්‍රිතව ජීවත් වූහ. එබැවින් ලෝකයේ පැරණිතම ශිෂ්ටාඨාචාරයට හිමිකම් කියති. හයවැනි ශතවර්ෂයේ සිට සිව්වැනි ශතවර්ෂය දක්වා බැලිලෝනියාවේ නැගිටීම වනතෙක් මෙම සුමේරියන් ශිෂ්ටාචාරය පැවතිණි.

එලාම්

වර්තමාන ඉරානයේ පිහිටීමට නිරිත දිගින් වූ පහත්බිම්වල එලාම්වරු වාසය කළහ. ක්‍රි.පු. 3200 දී අන්ශාන් (Aබිය්බ) ප්‍රදේශය කේන්ද්‍රකොටගත් රාජධානි කීපයක් පැවතී ඇත. ක්‍රි.ව 2000 පමණ වන විට රාජධානිය කැසෙස්ථාන් පහත්බිම් කරා සේන්දු වූ අතර ඉන්පසුව සූසා ප්‍රදේශය කේන්ද්‍රකොට ගෙන රාජධානියේ ව්‍යාප්ත සිදුවිය. මෙම ශිෂ්ටාචාරය සුමේරියන් ශිෂ්ටාචාරයට සමකාලීනව පැවති බවට සාධක ඇත.

ඊජිප්තුව

පැරණි ඊජිප්තු රාජධානිය ක්‍රි.පූ 3000 දී පමණ ආරම්භ විය. මුල් කාලයේදී රාජධානිය තුළ වැඩි සාමකාමී බවක් නොපැවතුණු බව ඉතිහාසඥයන් පෙන්වා දෙති. මෙකල රාජධානියේ අගනුවර ලෙස සඳහන් වනුයේ මෙම්පීස්ය.මෙම රාජධානිය වර්තමානයේ වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ පාරවෝවරු විසින් තනන ලද පිරමීඩ හේතුවෙනි.

ඇමොරයිට්ස්වරු

මොවුහු ක්‍රි.පු. 2400 දී පමණ වර්තමාන සිරියාව ලෙස හඳුන්වන භූමියට බටහිර දිශාවෙන් ජීවත් වූ ගෝත්‍රික ජන කොට්ඨාශයකි.

චීනය

Gefuding Gui
ෂැන්ග් අධිරාජයෙන් සොයා ගැනුණු මිට දෙකේ ලෝකඩ බඳුනක්

චීනය තුළ ලෝකඩ යුගය පැවතුණු කාලසීමාව තවමත් ඉතිහාසඥයින් විසින් නිවැරදිව හඳුනාගෙන නැත. ලෝකඩ යුගයේදී යුරෝපයේ ඇතිවූ විශේෂ වෙනස්කමක් වූයේ ගල් ආයුධ වෙනුවට ලෝකඩවලින් ආයුධ නිපදවීමයි. නමුත් මුල් කාලයේ පටන්ම චීනයේ යකඩ උණු කිරීමේ තාක්ෂණය පැවති නිසා, චීනය තුළ ලෝකඩ යුගය ආරම්භ වූ කාල සීමාවක් නිර්ණය කිරීම අපහසුය.ඒ පිළිබඳව ඇති එක් මතයක් වනුයේ චීන ලෝකඩ යුගය ක්‍රි.පු. 2000-771 අතර අවධියේ එර්ලිටෝ සමයේදී පැවතුණු බවයි. එමෙන්ම චීනය මෙම ලෝකඩ තාක්ෂණය මෙසපොටේමියාවෙන් ලබාගන්නට ඇති බවටද ඇතැම් ඉතිහාසඥයෝ මත පළකරති.

ක්‍රි.ව 6 වැනි ශතවර්ෂයේදී පමණ චීනය යකඩ සොයා ගැනු ලැබුවත් විවිධ උපකරණ තැනීමේදී මෙම යකඩ බහුලව භාවිතා කර නොමැත. කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් සතුව යකඩ උණුකිරීමේ තාක්ෂණය තිබූ බවට සාක්ෂි ඇත. ඔවුහු එකල ලෝකඩ වලින් නිර්මාණය කළ මෙවලම් වලින් බහුතරයක් ගේදොර කටයුතුවලදී ප්‍රයෝජනයට ගන්නා දෑය.

අරාබි ලෝකඩ යුගය

‘‘‘ මුල්කාලීන සංක්‍රමණ

NabateensRoutes
ප්‍රාග්-ඉස්ලාමික ආරාබියේ නැබටියන් වෙළෙඳ මාර්ග

දැනට සොයාගෙන ඇති කරුණු අනුව අරාබි ඉතිහාසයේ මුල්ම අවධියේ වැඩිපුරම සඳහන්වී ඇත්තේ සංක්‍රමණිකයන් පිළිබඳවය. ක්‍රි.පු. 3000 දී පමණ මෙම ජනයා අරාබි අර්ධද්වීපයේ සිට මෙසපොතේමියාවට සංක්‍රමණය වූ බවත් සඳහන් වේ. ඉතිහාසඥයින්ගේ මතය නම් පසුකාලීනව බැබිලෝනියානුවන් හා ඇසිරියන්වරු මොවුන්ගෙන් විකාශනය වූ බවය. තවද එම කාලයේම අරාබි දේශයෙන් ඉවතට සංක්‍රමණය වූ තව පිරිසක් ඇමොරයිට්ස් හා කැනායිට්ස්වරුන් ලෙස පසුකාලීනව විකාශනය වූහ.

මාගාන්

මගාන් යනු එම කාලයේදී සුමේරියන්වරු හා වෙළෙඳ ගනුදෙනු කළ පිරිසකි. මෙම කාලයේදීම (දහවෙනි ශතවර්ෂයේදී) ඇඩයිඩ්ස් ගෝත්‍රිකයින් අරාබි අර්ධද්වීපයේ දකුණින් රාජධානියක් පිහිටුවා ගනිමින් බලවත්ව ගොඩනැගුණහ.

තාවුද්

මෙම නමින් හැඳින්වෙන්නේ මුල් යුගයේ වාසය කළ ආදි අරාබිවාසීන්ය. පුරාවිද්‍යා පර්යේෂණ වලදී මොවුන් එකල නිර්මාණය කල ශෛලමය නිර්මාණ හමුවී ඇත. ඒ යේමනයෙන් සහ මධ්‍ය අරාබි දේශයෙනි.

මහා බ්‍රිතාන්‍යය

මහා බි්‍රතාන්‍ය තුල ලෝකඩ යුගය පැවතුනු බවට සඳහන් වන්නේ ක්‍රි.ව 2100-700 අතරය. නන් දෙසින් පැමිණි සංක්‍රමිණකයින්ගෙන් එකල මහා බි්‍රතානයේ ජනගහණය වඩාත් සමන්විත විය. සොහොන්බිම් වලින් හමුවූ ආදි වැසියන්ගේ මල සිරුරු හා සම්බන්ධව සිදුකළ විද්‍යාත්මක පරික්ෂණවලට අනුව වර්තමාන ස්ටිස්ටර්ලන්තයට අයත් ප්‍රදේශවලින් මෙම සංක්‍රමණිකයන් මහා බි්‍රතාන්‍යයට සංක්‍රමණය වූ බව පැහැදිලි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිශ්‍ර සංස්කෘතියක් බිහිවූ අතර සංක්‍රමණිකයන් එකල පැවති සමාජ රටාවලට මනාව අනුගත වූ නිසා සාමකාමී වාතාවරණයක් පැවතිණි.

ලෝකඩ යුගයේදී ඇතිවූ කාලගුණික විපර්යාසයක් නිසා ජනතාව කඳු ආශ්‍රිත පහත් මිටියාවත් වලට එක්වූහ. එමනිසා ආර්ථීක වශයන් වර්ධනයක් සිදුවූවද වනාන්තර විනාශය ද බහුලව සිදුවිය. ටින් හා තඹ ලෝහ නිස්සාරණය ආර්ථීක වර්ධනයට මහත් රුකුලක් විණි. ගෝත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කල සමාජය කල්යත්ම වඩාත් සංකීර්ණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයෙකු මියගිය විට එතෙක් පැවති සමූහ වළදැමීම වෙනුවට තනිව වළදැමීම සමාජමය වෙනස්කම් ද ඇතිවිණි.

ඉතිහාසය

ප්‍රාග් ඓතිහාස්ක යුගයෙන් පසු අතීතය පිළිබඳව (විශේෂයෙන්ම මිනිසාට අදාලව) මතකය, දැණුම සහ ඒ පිළිබඳ අධ්‍යනය ඉතිහාසය නම්වේ.

පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිය අය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසිදඩීස් යන ග්‍රීක ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදී.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය යනු ඉන්දු ගං නිම්නයේ වැජඹුන ඓතිහාසික ශිෂ්ටාචාරයක්. එය වර්තමාන පකිස්ථානයේ සින්ද් ප්ර දේශයේ සිට බටහිර බලාචිස්ටන් පලාතටත්, ඊසාන දිගින් සහ බටහිරින් ඉන්දියාවටද මායිම් . ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නශ්ටාවශේෂ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ හා ඉරානයේ දකින්න පුළුවන. මෙම ශිෂ්ටාචාරයේ පරිනත කොටස හරප්පන් ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි. මෙහි පළමු නගරයේ කැණීම් පටන් ගත්තාට පසු හරප්පා කැණීම් 1900 සිට සිදුවූ අතර වර්තමාන වැදගත් සොයා ගැනීම් 1999දී සිදුකෙරුණි. මෙම ශිෂ්ඨාචාරය ඉන්දු ගඟ හක්රා ශීෂ්ඨාචාරය හා ඉන්දු සරස්වතී ශිෂ්ඨාචාරය යනුවෙන්ද හඳුන්වයි. එසේ හඳින්වීමට හේතු වී ඇත්තේ සෘග් වේදයේ සරස්වතී නදිය යනුවෙන් සඳහන් වන නිසා විය හැක. නමුත් මෙය භූගෝලත්මකව හා වාග් විද්‍යාත්මක තර්කයට හේතු වෙයි.

ඊජිප්තුවෙහි පළමුවන රාජවංශය

පුරාතන ඊජිප්තුවේ පළමුවන රාජවංශය (හෙවත් රාජවංශය I) යටතට අයත් වන්නේ එක්සත් ඊජිප්තුවක් තුළ පාලනය ගෙන ගිය ඊජිප්තු රජවරුන්ගේ පළමුවන මාලාවයි. මෙය නාමර් රජු විසින් සිදුකළේ යැයි පැවසෙන ඉහළ සහ පහළ ඊජිප්තුව ඒකාබද්ධ කිරීමෙන් වහාම පසුව ඇරඹුණු යුගයයි. එසේම මෙය තිනිස් වටා බලය සංකේන්දුගත වූ මුල්කාලීන රාජවංශ යුගයේ ආරම්භය සනිටුහන් කරයි.

මෙම යුගයේ කාලසීමාව විද්වතුන් අතර වාදවිවාදවලට හේතු වී ඇත. මෙය දිවෙන්නේ මුල්කාලීන ලෝකඩ යුගය හරහා වන අතර, මෙය ක්‍රි.පූ. 34වන හා 30වන සියවස් අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි ඇස්තමේන්තුගත කොට ඇත. 2013දී සිදුකළ විකිරණශීලී කාබන් දින අධ්‍යයනයක් අනුව, පළමු රාජවංශයේ ආරම්භය - හොර්-අහාගේ සිංහාසනාරූඪය - ක්‍රි.පූ. 3100ට ආසන්න (3218–3035, මෙය 95%ක විශ්වාසයකින් යුතු ය) සමයක සිදු වූයේ යැයි සැලකේ.

කොරියානු කලාව

කොරියානු කලාවන් අතරට චාරුලේඛන ශිල්පය, සංගීතය, චිත කලාව සහ කුඹල් කර්මාන්ත සම්ප්‍රදායයන් අයත් වේ. මෙහි දී ස්වාභාවික ස්වරූපයන්, මතුපිට අලංකරණය සහ තද වර්ණ හෝ නාද රටා වැනි අංග බහුලව භාවිතා කෙරේ.

චීන චාරිත්‍ර ලෝකඩ භාණ්ඩ

චීන ලෝකඩ යුගයේ ‍ශේෂව ඇති භාණ්ඩ අතුරින් අගනාම අංගයන් ලෙස චාරිත්‍ර ලෝකඩ භාණ්ඩ සලකනු ලැබේ. ෂෑං රාජවංශ සමයේ දී චීනය පුරාතන ලෝකයේ වඩාත්ම නිපුණ ලෝකඩ-කර්මාන්තයකින් යුත් ශිෂ්ටාචාරයක් බවට පත් විය. ජනයා ලෝහ උණු කොට, දියකොට සහ වාත්තු කොට ආහාර පිසින බඳුන්, උපකරණ, ආයුධ සහ වෙනත් ගෘහභාණ්ඩ නිර්මාණය කළහ. පුරාතන ලෝකඩ භාණ්ඩවල ආරක්ෂාවට දැව මත ලාකඩ ආලේප කිරීම තුළින් පුරාතන චීන ජනයා කෙතරම් හොඳින් මෙම භාණ්ඩ සංරක්ෂණය කළේ දැයි නූතන පුරාවිද්‍යාඥයෝ විස්මයට පත් වෙති. ක්‍රි.පූ. 1650 පමණ සිට මෙම අලංකාර භාණ්ඩ රාජකීයයන්ගේ සහ වංශවතුන්ගේ සොහොන්ගැබ්වල සොහොන් භාණ්ඩ ලෙස තැන්පත් කොට ඇත. මේවා විශාල ප්‍රමාණයෙන් සොහොන්ගැබ්වල තැන්පත් කෙරුණු අතර, වරක් තනි සොහොන්ගැබක කැනීම්වලින් ලෝකඩ භාණ්ඩ 200කට අධික සංඛ්‍යාවක් වාර්තා විය. මෙම භාණ්ඩ තනි තනි පුද්ගලයන්ගේ පවුලේ දේවස්ථාන සහ උත්සව ශාලාවන්හි සිය මුතුන් මිත්තන්ට ආහාර සහ පාන වර්ග පූජා කිරීමේ චාරිත්‍ර සඳහා නිර්මාණය වී ඇත. නැතහොත් ජීවත් වන මෙන්ම මියගිය සාමාජිකයන් සඳහා පැවැත්වූ භෝජන සංග්‍රහවල දී මේවා භාවිතා වන්නට ඇත; මුල්කාලීන ලිඛිත වාර්තා තුළ මේ පිළිබඳ සඳහන් වේ. හිමිකරුගේ මරණයේ දී. මෙම භාණ්ජ ඔහුගේ සොහොන්ගැබේ තැන්පත් කෙරිණි. එමගින් ඒවා ඔහුට ඊළඟ දිවියේ දී භාවිතයට ගතහැකි වේ යැයි අපේක්ෂා කෙරිණි. සොහොන් භාණ්ඩ ලෙසම විශේෂයෙන් තැනවූ භාණ්ඩ ද හමුවේ.චාරිත්‍ර භාණ්ඩ සාමාන්‍ය භෝජන හෝ පානමය කටයුතු සඳහා භාවිතා නොවී ය; මේ සඳහා වටිනා ලෝහවලින් තැනූ වඩා අලංකෘත භාණ්ඩ ප්‍රභේද භාවිතා විය. මේස බඳුන්වලට අමතරව, ආයුධ සහ ඇතැම් භාණ්ඩ විශේෂ චාරිත්‍ර කටයුතු සඳහා නිර්මාණය විය. වෙනත් චාරිත්‍රමය භාණ්ඩ අතරට සියල්ලටම වඩා වටිනා යැයි සැලකුණු ජේඩ්වලින් තැනූ ආයුධ ආදිය ද අයත් වේ. ‍ක්‍රි.පූ. 4,500 පමණ සිට මේවා චාරිත්‍ර භාණ්ඩ සහ ආයුධ තැනීමට භාවිතා විය.අවම වශයෙන්, ලෝකඩ නිෂ්පාදන පාලකයාගේ පාලනය යටතේ වත් පවතින්නට ඇත. ඔහු සිය පැහැදීමේ සංකේතයක් ලෙස වංශවතුනට සකස් නොකළ ලෝහ ලබා දී තිබේ.

චීනයේ ඉතිහාසය-ලෝකඩ යුගය

සැන්ෂින්ඩුයි , වූ චෙන් හා අර්ලිටෝ වැනි පුරාවිද්‍යාත්මක ස්ථාන චීනයේ ලෝකඩ යුගයේ ශිෂ්ටාචාර සඳහා සාක්ෂි සපයයි. මුල්ම ලෝකඩ පිහිය සොයාගනු ලැබුවේ ගන්ෂු හා ක්වින්හායි පළාතේ මජියායෝ හිදී වන අතර එය කි පූ 3000 දක්වා දින ගත වී තිබුණි.

තඹ යුගය

කැල්කොලිනික් (ග්‍රීක කැල්කෝස් + ලිතස් තඹ ගල) වකවානුව හෝ තඹ යුගය නියෝලිතික වකවානුව (ඊ‍නියෝලිතික්, නියෝලිතික් ‍) ලෙසද හඳුන්වයි. මේ ගල් මෙවලම් භාවිතයත් සමඟ මුල් ‍ලෝහ මෙවලම් භාවිතා වුණු මිනිස් ශිෂ්ටාචාරයේ සංවර්ධන අවධිය වෙයි.

සාම්ප්‍රදායික තුන්යුග ක්‍රමයට බැහැරින් වෙනස්වන එකක් වූ මෙම වකවානුව, නවශිලා සහ ලෝකඩ යුගය අතර කාල වකවානුවට අයත් වෙයි. එම කාලයේ දී තඹ ලෝහය පුළුල් ලෙස ප්‍රයෝජනයට නොගත්තද ඉතා ඉක්මනින් ටින් සමඟ කලවම් කිරීමේ වෑයම ආරම්භ විය. කැල්කෝශිලා ශිෂ්ටාචාර සහ එම කාල වකවානුන් වෙන් වෙන් ව පැහැදිලිව වටහා ගැනීම අපහසු යි.

ලෝහ විද්‍යාවේ පහළ වීම මුලින්ම සශ්‍රීක චන්ද්‍රවංකයේදී සිදුවිය. එය ක්‍රිස්තු පූර්ව 4 වන සියවසේ ලෝකඩ ‍යුගයේ ආරම්භයට හේතු වුණි. පොදු යුගයේ එනම් ක්‍රි.පූ.7 වැනි ශත වර්ෂයට පෙර කොළොම්බියානු මෙසෝ ඇමරිකා‍ ආකරයෙන් සොයාගත් තොරතුරු අනුව එකල ද ලෝහ විද්‍යාවේ නිදහස් හා සීමිත සොයාගැනීමක් පැවතුණි. එය කෙසේ වෙතත් පුරාවිද්‍යාඥයෝ කැල්කෝශිලා අවධියට එහා අවධි පිළිබදව පර්යේෂණවලට නොගියහ.

යුරෝපීයානු පුරා විද්‍යා සාහිත්‍ය සාමාන්‍යයෙන් කැල්කෝශිලා භාවිතය මඟඅරින (ඔවුන් තඹ යුගයට වඩා කැමැත්තක් දක්වයි) අතරතුර මැදපෙරදිග පුරාවිද්‍යාඥයින් එය ස්ථිර ව භාවිතා කළහ. මැද පෙරදිග සහ යුරෝපයේ තඹ යුගය, ක්‍රිස්තු පූර්ව පස්වන සහශ්‍රයේ අවසාන භාගයේ ආරම්භ වූ අතර, මුලික ලෝකඩ යුගය ආරම්භ වීමට සහශ්‍රයකට පෙර අවසන් විය. යුරෝපියානු තඹ යුගයේ සිට යුරෝපියානු ලෝකඩ යුගයට සංක්‍රමණය වීම ක්‍රිස්තු පූර්ව 4 වන සහශ්‍රයේ අග භාගයේ සිට 3 වන සහශ්‍රයේ අගභාගය අතර සහශ්‍රයක් තුල සිදුවිය.

පාර්පොලට අනුව ඉන්දු ශිෂ්ටාචාරය, දකුණු ටර්ක්වෙනිස්තානය සහ උතුරු ඉරානය අතර ක්‍රිස්තු පූර්ව 4300, 3200 කාලය තුළ එනම් කැල්කෝශිලා වකවානුවේ කුඹල් කර්මාන්ත සමානකම් දක්නට තිබේ.

දකුණු ආසියානු ගල් යුගය

දකුණු ආසියානු ගල් යුගය වෙතින් ආවරණය කරන විෂය පථය වන්නේ, දකුණු ආසියාවෙහි පුරාශිලා, මධ්‍යශිලා සහ නවශිලා යුගයන් වෙති. දකුණු ආසියාවේ විසූ අතිශයින් පුරාතන සහ ව්‍යවච්ඡේදක වශයෙන් නූතන හෝමෝ සේපියන්වරු පිළිබඳ සාක්ෂි ශ්‍රී ලංකාවෙහි බටදොඹලෙන සහ බෙලිලෙන යන් තැන්හී ලෙන් අඩවි වෙතින් හමුවී ඇත. වර්තමානයෙහි බටහිර පකිස්තානයෙහි පවතින මේර්ගාහී, නවශිලා යුගය ඇරඹී ඇත්තේ කිපූයු 7000 දී පමණ වන අතර ක්‍රිපූයු 3300 එනම් ලෝකඩ යුගයේ පළමු ඇරඹුම වන තුරු පැවතී ඇත. දකුණු ඉන්දියාවෙහි මධ්‍යශිලා යුගය ක්‍රිපූයු 3000 වන තුරු පැවති අතර, නවශිලා යුගය ක්‍රිපූයු 1400 වන තුරු පැවතී, එයින් පසුව සංක්‍රාන්ති මහාශිලා යුගයක් පැවතියේ ලෝකඩ යුගය බෙහෙවින් මග හරිමිනි. උතුරු සහ දකුණු ඉන්දියාවෙහි යකඩ යුගය දළ වශයෙන් එක්වරම පාහේ ක්‍රිපූයු 1200 සිට 1000 දක්වා පමණ කාලයේදී ඇරඹුණි (පේන්ටඩ් ග්‍රේ වෙයාර් සංස්කෘතිය, හල්ලූර්).

ප්‍රාග්ඓතිහාසික කොරියාව

ප්‍රාග්ඓතිහාසික කොරියාව යනු ලිඛිත වාර්තා නොපවතින කොරියානු අර්ධද්වීපයේ මානව ජනාවාස පැවති යුගයයි. කෙසේනමුත්, එය කොරියානු ඉතිහාසය පිළිබඳ දැවැන්තම අංශය වන අතර පුරාවිද්‍යාව, භූ විද්‍යාව, සහ පාෂාණිධාතු විද්‍යාව පිළිබඳ විද්වතුන් විසින් හදාරනු ලබන ප්‍රධාන අධ්‍යයන අංගය ද වේ.

පූර්ව යුගය

පූර්ව යුගය

නවශිලා යුගයේ ජනාවාසවල සලකුණු ආමේනියානු උස් බිමේ දැක ගතහැකිය.

ප්‍රදේශයේ පූර්ව ඓතිහාසික සංස්කෘතියේ ආදිතමයා වනුයේ , දළ වශයෙන් ක්‍රි.පූ: 6000 – 4000 අතර පැවති මධ්‍යම ට්‍රාන්ස්කොකෝසස් පළාතේ ෂුලාවේරි- ෂෝමු සංස්කෘතිව බව කාබන් කාල නිර්න ක්‍රමයෙන් සොයා ගෙන ඇත.

ලෝකඩ යුගය

මුල් ලෝකඩ යුගය වන්නේ ක්‍රි.පූ: 4000 – 2200 ත් අතර තිබූ කුරා අරාක්සස් සංස්කාතියකි. පසුව එය ක්‍රි.පූ: 22000 – 1500 දක්වා ට්‍රියේලිට් සංස්කෘතිය බවට පත් විය.

ක්‍රි.පූ : 1500-1200 අතරදී හයාසා - අසී ආමේනියානු උස්බිමේ බටහිර භාගයේ පැතිරුණු අතර හිට්ටි අධිරාජ්‍ය සමග නිරන්තර ගැටුම් ඇති විය. ක්‍රි.පූ: 1200 – 800 දී ආමේනියාවලින් වැඩි කොටසක් , රාජධානි අතර ඇති වූ සන්ධානයක් යටතේ එක්ත් විය. එම ස්‍න්ධානය අෂ්‍රියන් මූලාශ්‍රවල සඳහන් වන්නේ නයිරි ලෙසය (අෂ්‍රියන් හි “ ලෑන්ඩ් ඔෆ් රිවර්ස්”).

යකඩ යුගය

සර්දුරිස් II යුගයේ උරාර්තු , ක්‍රි.පූ: 743 දී

ආමේනියානු උස්බිමේ කෝකසස් හා ප්‍රාචීර ඒෂියා මයිනර් තුළ වූ උරාර්තු රාජධානිය ක්‍රි.පූ: 9 වන ශතවර්ෂය සහ ක්‍රි.පූ: 585 අතර කාලයේදී සමෘධියෙන් වැජඹුණි. උරාර්තු රාජධානියේ ආරම්භකයා වු අරාම් ආමේනියානු උස් බිමේ වු සියළු රාජ්‍ය එක්සේසත් කළ අතර උරාර්තියානු රජවරුන්ගේ සාම්ප්‍රදායික තේමාව වන “රජවරුන්ගේත් රජ” යන විරුදාවලිය තමාටම පිරිනමා ගන්නා ලදී. උරාර්තියවරු තම ආධිපත්‍ය ටාරොන් හා වස්පුරකන් පුරාම පිහිට වූහ. උරාර්තුහි ප්‍රධාන තරඟකරුවා වුයේ නියෝ - අෂ්‍රියන් අධිරාජ්‍යයාය.

සර්දුරි I ගේ රාජ්‍ය කාලය අතරතුර (ක්‍රි.පු. 834 – 828) උරාර්තුව ශක්තිමත් සහ සංවිධානය වු ජාතියක් වු අතර අසැල්වැසි ගෝත්‍ර වලින් බදු අය කිරීමට නීති පැනවීමටද සිදුවුණි. සර්දුරි විසින් තුෂ්පා නගරය (වර්තමානයේ වෑන්) උරාර්තු හි අගනගරය බවට පත් කරන ලදී. ඔහුගේ පුත්‍ර ඉෂ්පුයිනිස් පසු කාලයේ ටයි‍ග්‍රනෝසෙර්ටා ලෙස හැදින්වෙන ප්‍රදේශය පැරද වීමෙන් හා උරුමියාව පුළුල් කිරීමෙන් තම රාජ්‍යයේ මායිම වැඩි කළේය. මීනුවස් (ක්‍රි.පු 810 – 785), උරාර්තියානු ප්‍රාන්තය අරරාතියන් ප්‍රදේශය දෙසට (උතුරට) පුළුල් කළේය. ඔහු මෙසපොටේනියානු කීලකාකාර ශුද්ධ ලියවිලි 90 කට වැඩි අගිෂ්තිස් I , හිටීස් වලින් ලටකියා පරදවා බයිබ්ලොස්, ෆිනිෂියා දක්වා බලය පතුරුවා ක්‍රි.පු. 782 දී යුධ සිරකරුවන් 6600 ක් යොදවමින් “ඉරිබුනි” ගොඩ නැංවුයේය.

මීඩ්ස් ක්‍රි. පු. 612 දී ආෂ්‍රියාව ආක්‍රමණය කර උරාර්තියානු අගනගරය වු වෑන් ක්‍රි.පු. 585 දී භාරගත් අතර එයින් පසු උරාර්තු ආධිපත්‍ය නිමාවිය.

මහාවංශය

මහාවංශය යනු ලක්දිව මහා විහාර ඉතිහාසය ප්‍රධානකොට රජරට රාජධානියේ ඉතිහාසය පිළිබඳව මහා විහාරික මහානාම හිමි වසින් පාලි භාෂාවෙන් ලියනලද, ඓතිහාසික කාව්‍යයකි.

රාජාවලිය

රාජාවලිය යනු ශ්‍රී ලංකාවේ පුරාතන වංශකථා ලේඛනයකි. මෙහි විජය රජුගේ සිට IIවන විමලධර්මසූරිය දක්වා රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත්ව තිබේ. සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව රචිත එකම වංශකථාව මෙයයි.

ලෝකඩ යුගය- යුරෝපය

ලෝකඩ යුගය- යුරෝපය

මධ්‍යම යුරෝපය

මධ්‍යයම යුරෝපය තුල ලෝකඩ යුගය පැවතියේ ක්‍රිපූ (1800-1600) කාලසීමාවේදීය. මීට සාක්ෂි ලෙස එම කාලයේදී ඉදිකෙරුණු සොහොන්කොත් වලින් ලෝකඩ භාණ්ඩ හමුවී ඇත.

උතුරු යුරෝපය

උතුරු යුරෝපයේ ජර්මනිය, ඩෙන්මාර්කය, ස්විඩනය හා රෝමය වැනි රටවලින් එකල ලෝකඩ වලින් නිමැවුනු කලාත්මක නිර්මාණ සොයාගෙන ඇත. සමහර භාෂා විශාරදයින් පවසන ආකාරයට ඡරදඑද- ෂබාද ෑමරදචැ්බ භාෂාව ක්‍රි.ව 2000 දී මෙම ප්‍රදේශවල භාවිතයට පැමිණ ඇති අතර පසුකාලීනව වර්තමාන ජර්මානු භාෂාවල විකාශනය පිණිස ද ඉවහල් වී ඇත.

ලෝකඩ යුගය - චීනය

ලෝකඩ යුගය - චීනය

චීනය තුල ලෝකඩ යුගය පැවතුනු කාලසීමාව තවමත් ඉතිහාසඥයින් විසින් නිවැරදිව හදුනාගෙන ඇත. යුරෝපයේ ලෝකඩ යුගයේදී සිදුවූ විශේෂ වෙනස්කමක් වූයේ එකල පැවති ගල් ආයුධ සියල්ලක්ම පාහේ ලෝකඩ වලින් නිපදවීමයි. නමුත් චීනයේ මුල් කාලයේදීම යකඩ උණු කිරීමේ තාක්ෂණය පැවති නිසා, චීනය තුළ ලෝකඩ යුගය ආරම්භ වූ කාල සීමාව නිර්ණය කිරීමට අපහසුය. තවත් මතයක් වනුයේ චීන ලෝකඩ යුගයේ පැවැත්ම ක්‍රි.ව 2000-771 අතර කාලයේ එර්ලිටෝ (ෑරකසඑද) සමයේදී සිදුවුනු බවයි. එමෙන්ම චිනය මෙම ලෝකඩ තාක්ෂණය මෙසපොටේමියාවෙන් ලබාගන්නට ඇතැයි ද ඇතැම් ඉතිහාසඥයෝ මත පලකරති.

ක්‍රි.ව 6 වන ශතවර්ෂයේදී පමණ චීනය යකඩ සොයා ගැනු ලැබුවත් එය නිර්මාණ සඳහා බහුලව භාවිතා කර නොමැත. කෙසේ වෙතත් ඒ වන විටත් ඔවුන් සතුව යකඩ උණුකිරීමේ තාක්ෂණය තිබූ බවට සාක්ෂි ඇත. ඔවුන් එකල ලෝකඩ වලින් නිර්මාණය කල බොහොමයක් භාණ්ඩ ගෘහස්ථ ප්‍රයෝජනය සඳහා වූ මෙවලම්ය.

සුමෙයාර්

සුමෙයාර් යනු, කැල්කෝශිලා සහ මුල් ලෝකඩ යුගය තුලදී, දකුණු මෙසපොටේමියාවේ, වර්තමාන දකුණු ඉරාකයේ සහ කුවේටයේ, පැවති පුරාතන ශිෂ්ටාදාරයක් සහ ඓතිහාසික භූමි ප්‍රදේශයකි. ප්‍රදේශයේ පැරණිතම ලේඛන ක්‍රම ක්‍රිපූ 3500 පමණ ඉක්මවා නොගියද, සුමේරියානු භාෂාව කථා කල හෝ එසේ නොකල හෝ සෙමිටික්-නොවන ජන කොටසක් විසින්, ක්‍රිපූ 5500 සහ 4000 පමණ අතර කාලයේ, සුමෙයාර් පෙදෙස මුලින්ම ස්ථීර වශයෙන් ජනාවාස වූබව නූතන ඉතිහාසඥයින් විසින් (නගර වල, ගංගා වල, මූලික වෘත්තීන්ගේ ආදියෙහි නම් අනුව සාක්ෂ්‍ය ඉදිරිපත් කරමින්) යෝජනා කෙරෙයි.මෙම අනුමානය කෙරෙන, ප්‍රාග්‍-ඓතිහාසික ජනයා දැන් හැඳින්වෙන්නේ "ප්‍රාක්-යුප්‍රේටියානුවෝ" හෝ "උබේඩියානුවෝ" ලෙසින් වන අතර, උතුරු මෙසපොටේමියාවේ (ඇසිරියාවේ) සමර්රා සංස්කෘතිය වෙතින් විකාශනය වූ බවට අනුමාන වශයෙන් සැලකෙයි . කෘෂිකර්මය සඳහා ගොහොරු බිම් වල දිය බස්වමින්, වෙළෙඳාම ප්‍රවර්ධනය කරමින් සහ, වීවීම, හම් කර්මාන්තය, ලෝහ කර්මාන්තය, මේසන් වැඩ සහ කුඹල් කර්මාන්තය ඇතුළු කර්මාන්ත පිහිටුවමින්, සු‍මෙයාර් ප්‍රදේශයේ ශිෂ්ටාචාරය ඇතිකරලීමේ පළමු බලවේගය වූයේ උබේඩියානුවෝ වූහ. කෙසේවෙතත්, පියා්ටර් මිකෝලෝස්කි සහ ගර්ඩ් සිටයිනර් වැනි සමහරක් ප්‍රාඥයෝ, ප්‍රාක්-යුප්‍රේටියානු භාෂාවක් හෝ එක් උපස්තර භාෂාවක් පැවැති බව දක්වන අදහස හා විසංවාද කරති. ඔවුන් සහ අනෙකුන් විසින් යෝජනා කර සිටිනුයේ, සුමේරියානු භාෂාව මුලින්ම කතා කරනු ලැබුවේ, ගොහොරු බිම්හී සහ නැගෙනහිර අරාබියානු සමුද්‍රාශිත භූමි ප්‍රදේශයේ ජීවත්වූ දඩයක්කාර සහ ධීවර ජනතාව විසින් බවත්, ඔවුන් අරාබියානු ද්විමුඛ සංස්කෘතියෙහි කොටසක් වූ බවත්ය. විශ්වසනීය ඓතිහාසික වාර්තා එළිදැක්වුනේ මින් බොහෝ කලකට පසුවය; එන්මෙන්බරාජ්සිට (ක්‍රිපූ 26වන සියවස පමණ) පෙරාතුව දින දැක්වෙන එවන් කිසිදු සාක්ෂ්‍යයක් සු‍මෙයාර් පිළිබඳ නොමැත.

හරප්පා

හරප්පා (උර්දු: ہڑپہ,හින්දි: हड़प्पा) යනු ඊසානදිග පකිස්තානයේ, පන්ජාබ්හි, සාහිවාල්ට කිමි 35ක් (සැතපුම් 22ක්) පමණ නිරිත දිගට වන්නට පිහිටි නගරයකි .

නූතන නගරය, රාවි නදියේ පැරණි පෙතට කිට්ටුවෙන් හා පුරාතන කොටුබැම්මෙන් සුරැකුණු සහ සුසානභූමි එච් සංස්කෘතිය හා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් වූ නගරයක නෂ්ඨාවශේෂ අසබඩ පිහිටයි.

පුරාතන නගරය ක්‍රිපූ 3300දී සිට පමණ සි‍ට ක්‍රිපු 1600 දක්වා පැවැති බවද වැසියන් 40,000 පමණ ගණනක් විසූ බවද —එකල සුවිශාල ලෙස සැලකුණු බවද පෙනේ. හරප්පා සංස්කෘතියේ බලපෑම වර්තමාන පකිස්තානයේ සීමාවලින් ඔබ්බට විහිදුනද, එහි කේන්ද්‍රස්ථාන සින්ද් හා පන්ජාබ් වූහ.2005දී මෙම භූමිභාගය තුල විනෝද උද්‍යානයක් සඳහාවූ ‍ මතභේදකාරී යෝජනාක්‍රමයක් අත්හැරදැමීමට ඉදිකිරීමෙහි නිරතවූවන් හට සිදුවූයේ ඉදිකිරීම් ක්‍රියාවලියේ මුල් අවදියෙහිදී පුරාවිද්‍යාත්මක මානවකෘති පොළොවෙන් මතු වීම නිසාය. ප්‍රසිද්ධ පකිස්තානු පුරාවිද්‍යාඥ අහමද් හසාන් දානි විසින් සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදු කල අභියාචනයක් නිසා මෙම වැඩබිම ප්‍රතිසංස්කරණයට ලක් කෙරිනි.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.