යුරෝපා සංගමය

වෙළද සංගම් යනු

යුරෝපා සංගම් ව්‍යවස්ථාව

යුරෝපා සංගම් ව්‍යවස්ථාව යුරෝපා සංගමයේ සාමාජික රටවල ක්‍රියාත්මක වන අසහාය නීතියයි. යුරෝපා සංගම් නීතිය එහි සාමාජික රටවල නීති පද්ධතිය කෙරෙහි සෘජු බලපෑමක් ඇති අතර සමහර ක්ෂේත්‍ර වල දී විශේෂයෙන් ම ආර්ථික සහ සමාජ ප්‍රතිපත්ති, ජාතික නීතිය අභිබවා කටයුතු කරනු ලබයි. යුරෝපා සංගමය ෆෙඩරල් රාජ්‍යයක් හෝ අන්තර් රාජ්‍යය සංවිධානයක් වත් නොවේ. එය සාමාජික රටවල අන්‍යෝන්‍ය සමාජීය සහ අර්ථික ප්‍රතිලාභ සඳහා ජාත්‍යන්තර නීතියේ නව නීතිමය සැකැස්මක් වේ. එය සමහර විටක දී ජාතියේ සීමාවන් ඉක්මවා යන නීතියක් ලෙස හදුන්වනු ලබයි. පසුගිය අවුරුදු 56 තුළ යුරෝපා සංගම් නීතිය ක්‍රමයෙන් පරිණාමය වී ඇත. පැරිස් ගිවිසුම 1956 දී අත්සන් කල විට එ මඟින් යුරෝපා ගල්අඟුරු සහ වානේ ප්‍රජාව ස්ථාපිත කරන ලද අතර ඊට එකඟ වූයේ රටවල් 6 ක් පමණි. වසර 5 කට පසුව එම රටවල් 6 විසින් ම යුරෝපා ආර්ථික ප්‍රජාව පිහිටුවන ලදී. වර්ෂ 2007 වන විට සාමාජික රාජ්‍යයන් 27 ක මිලියන 500 ක ජනගහනයක් යටත් වන අතර එය ලොව නව නීති පද්ධතීන් ගණනාවක් ආවරණය කරනු ලැබූ නීතීන්ගෙන් එකක් බවට පත්ව ඇත. යුරෝපා සංගම් නීතිය ස්තම්භ තුනකින් යුත් වන ව්‍යුහයකින් සමන්විත වේ. වඩා වැදගත් වන පළමු ස්තම්භය ආර්ථික සහ සමාජීය අයිතිවාසිකම් සහ යුරෝපා ආයතන පිගිටුවන අකාරය පිලිබඳව අවධානය යොමු කරනු ලබයි. මෙය 1957 රෝමයේ දී අත්සන් කරන ලද යුරෝපා ප්‍රජා ගිවිසුමේ සඳහන් වන අතර පසුකාලීනව සාමාජික රටවල් අතර ඇති කරගත් වෙනත් ගිවිසුම් මඟින් සංශෝධනනයට ලක් විය. 1992 දී මාස්ට්‍රිච්ට් හී දි අත්සන් තබන ලද යුරෝපා සංගම් ගිවිසුම මඟින් දෙවන සහ තුන්වන ස්තම්භයන් පිහිටුවන ලදී. දෙවන ස්තම්භය මඟින් යුරෝපා සංගමයේ පොදු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ අවධානය යොමු කරන අතර තුන්වන ස්තම්භය මඟින් අපරාධ සම්බන්ධ පොලිස් සහ අධිකරණ සහයෝගීතාවන් පිළිබඳ අවධානය යොමු කරනු ලබයි.

සාමාජික රටවල්...

*ඔස්ට්‍රියාව *ෆින්ලන්තය *ලැට්වියාව *බෙල්ජියම *ප්‍රංශය *ලිතුවේනියාව *බල්ගේරියාව *ජර්මනිය *ලක්සම්බර්ග් *සයිප්‍රසය *ග්‍රීසිය *මෝල්ටා *චෙක් ජනරජය *හංගේරියාව *නෙදර්ලන්තය *ඩෙන්මාර්කය *අයර්ලන්තය *පෝලන්තය *එස්තෝනියාව *ඉතාලිය *පෘතුගාලය *රුමේනියාව *ස්ලෝවැකියාව *ස්ලෝවීනියාව *ස්පාඤ්ඤය *ස්වීඩනය

1996 දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය

දෙහිවල දුම්රිය බෝම්බ ප්‍රහාරය 1996 වසරේ ජුලි 24 වැනි දිනදී, දෙමළ කොටි ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද්දකි.

අසර්බයිජාන්

අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි.

ඉංග්‍රීසි භාෂාව

ඉංග්‍රීසි භාෂාව යනු එංගලන්තයත් ගිණිකොනදිග ස්කොට්ලන්තයත් මුල්කොට ගෙන, අන්ග්ලෝ-සැක්සන් යුගයේ ගොඩනැගුණු භාෂාවකි. 18 වන සියවස තුළ එක්සත් රාජධානිය අත් කරගත් ආර්ථිකමය, විද්‍යාත්මක, දේශපාලනික, සංස්කෘතිකමය හා යුධමය දියුණුව හේතු කොට ගෙනත්, 20 වන සියවස තුළ ඇමෙරිකා එක්සත් ජනපදය අත් කරගත් එවැනිම ආකාරයේ දියුණුව හේතු කොටගෙනත් එය නූතනයේ ජාත්‍යන්තර බසක් බවට පත් වී තිබේ. එමෙන්ම, ලෝක ව්‍යාපාරික කටයුතු, විද්‍යාත්මක කටයුතු ආදියේදී ප්‍රධාන භාෂාව වශයෙන් ගැනෙනුයේ ඉංග්‍රීසි භාෂාවයි. යුරෝපා සංගමය තුළ දෙවන බසක් ලෙසත්, සම්මත භාෂාවක් ලෙසත් භාවිත වන එය පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලත්, ලොව පුරා සංවිධාන බොහොමයකත් නිළ භාෂාව ලෙස භාවිතයට ගැනේ.

එස්ටෝනියා–ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ එස්ටෝනියාව අංශ ගණනාවකින් සිය සම්බන්ධතා පවත්වා ගෙන යයි. ශ්‍රී ලංකාව එස්ටෝනියාවේ ටුලින් (Tullinn) හී පිහිටුවා තිබෙන සිය කොන්සල් කාර්යාලය හරහා එස්ටෝනියාව සමග ගණුදෙනු කරයි. එස්ටෝනියාවද 2001 පෙබරවාරි 24 දින දී ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කොන්සල් කාර්යාලයක් විවෘත කරන ලදී. 2004 වසරේදී එස්ටෝනියාව යුරෝපා සංගමයට ප්‍රවේශ වීම නිසා, ශ්‍රී ලංකාව සමග තුබූ එස්ටෝනියානු සම්බන්ධතා තව දුරටත් පුළුල් විය. ඊට හේතුව වූවේ, යුරෝපා සංගමය යනු ශ්‍රී ලංකාවට සිටිනා එක් විශාලතම වෙළඳ හවුල්කරුවෙකු වීමයි.

ගාසා තීරය - බටහිර ඉවුර

ෆාටා - හමාස් දෙපාර්ශවය අතර 2006 දී ඇති වූ අර්බුද 2007 වසරේ මැද දක්වා කිනම් අයුරකින් හෝ දික් ගැහෙමින් තිබුනේය. ෆාටා - සහ හමාස් යන ප්‍රධාන පලස්තීන සංවිධාන දෙක අතර පලස්තීනයේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා තරඟයක් පැවතුනේය. මෙම සටන් අතරින් බොහොමයක් පැවතුනේ ගාසා තීරයෙහිය. මෙම ප්‍රදේශ 2007 ජුනි මාසයේදි හමාස්වරුන් විසින් භාර ගත් ප්‍රදේශයකි. ෆාටා සංවිධානයට එක්සත් ජනපද අනුග්‍රහය ලැබුණු අතර පලස්තීනයේ පැවති නිදහස් ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණය ජයගත් නමුත් එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරො‍්පා සංගමය විසින් හමාස් සංවිධානය දක්නා ලද්දේ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසිනි.

ජර්මනිය

ජර්මනියේ නිල නාමය වනුයේ ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව යන්නයි. මෙය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාර්කය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් ‍පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්‍රංශය, ලක්සමිබර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 35,7021 ක් (වර්ග සැතපුම් 137,847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.

ක්‍රි.ව. 100 පෙරාතුව ජර්මේනියාව නම් වූ ප්‍රදේශයෙහි ජර්මානු ගති ලක්ෂණ ඇති ‍බොහෝ ජනයා වාසය කර ඇති බැව් දැනගන්නට ලැබී ඇතිවා පමණක් නොව, ලේඛනවලින් ඒ බව ඔප්පු කර ද තිබේ. 10 වන ශත වර්ෂය ආරම්භයේ දී, ජර්මන් සන්තක ප්‍ර‍දේශ සියල්ලෙන් ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ මධ්‍ය‍ කොට්ඨාශය සැකසිණි. මෙය වර්ෂ 1806 දක්වා වූ දිගු කාලයක් පුරා පැවති‍යේ ය. 16 වන ශතවර්ෂය තුළදී උතුරු ජර්මනිය 'ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවාදී’ නිකායේ මධ්‍යස්ථානය බවට පත් විය. 1871 පැවති ප්‍රංශ - ප්‍රසියන් යුද්ධය මධ්‍යයේ ජර්මනිය නූතන ජාතික රාජ්‍යයක් වශයෙන් එක්සත් කරන ලදි. 1949 දී දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ජර්මනිය වෙනම රාජ්‍ය දෙකක් ලෙස, එනම් නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය යනුවෙන් බෙදා වෙන් කරන ලදි. බර්ලින් සහ සාර් යනුවෙන් තවදුරටත් මිත්‍ර පාක්ෂික රටවල් රුදී සිටි ආකාරය මත දේශපාලනමය විශේෂ තත්ත්වයන් සහිත කොටස් දෙකකට බෙදන ලදි.

වර්ෂ 1990 දී ජර්මනි‍ය නැවත ඒකාබද්ධ කරන ලදි. 1957 දී පිහිටුවන ලද 'යුරෝපීය ප්‍රජාව' නමින් වූ සංවිධානයේ ජර්මනිය ද ආරම්භක සාමාජිකයෙක් වුයේය. මෙම සංවිධානය 1993 දී 'යුරෝපා සංගමය ' බවට පත්විය. ජර්මනිය 'ෂෙනගන්' කලාපයේ කොටස්කරුවකු වන අතර, 1999 දී යුරෝ (euro) නමින් හඳුන්වන යුරෝපා මුදල් භාවිතය පිළිගත්තේය.

ජර්මනිය ජනපද දහසකින් සෑදුනු ෆෙඩරල් පාර්ලිමේන්තු සමූහාණ්ඩුවකි. මෙහි අගනුවර ද, විශාලතම නගරයද බර්ලින් පුරවරය වන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ 8 කණ්ඩායම (G8), කණ්ඩායම (G20), ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (O E C D) සහ ලෝක වෙළඳ සංවිධානය යන(W TO) ජාත්‍යන්තර සංවිධානයන් හි ජර්මනිය ද සාමාජිකත්වය උසුලයි. ජර්මනියේ දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සලකා බැලූ විට එරට සතුව ඇත්තේ ලොව සිව්වන ස්ථානය ‍ගන්නා ප්‍රබල ආර්ථිකයක් බැව් පෙනි යයි. ඒ හැර එරට සතු 'මිලදී ගැනීමේ හැකියාවේ අනුපාතය' ( Parchasing Power Parity) අනුව බැලූ විට එය පස්වන ස්ථානයේ පසුවේ. ජර්මනිය දෙවන විශාලතම භාණ්ඩ අපනයනකරුවා ද, තුන්වන විශාලතම ආනයනකරුවා ද වන්නේය. සංවර්ධන ආධාර සඳහා මුදල් පිරිනමන ලෝකයේ රටවල් අතුරින් ස්වකීය වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන්කරන අරමුදල ලෝකයේ දෙවන විශාලතම අරමුදල් ප්‍රමාණය වේ.එමෙන්ම ජර්මනියේ යුධ හමුදාව සඳහා කෙරෙන වියදම අනෙක් රටවල් අතර හයවන ස්ථානය ගනී.

ජර්මනිය උසස් ජීවන මට්ටමක් වර්ධනය කරගෙන තිබේ. තවද පරිපූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. යුරෝපිය කටයුතු පිළිබඳව ප්‍රධාන තැනක් හිමිව සිටින ජර්මනිය, ගෝලීය මට්ටමින් සමීප සබඳතා රාශියක් පවත්වාගෙන යයි. ජර්මනිය පිළිගනු ලබන්නේ විවිධ කේෂේත්‍රයන්හිලා විද්‍යාත්මක හා තාක්ෂණික නායකයා ලෙසය.

ජාත්‍යන්තර සංවිධාන

ජාත්‍යන්තර සාමාජිකත්වය, වපසරිය හෝ පෙනී සිටීම සහිත ඕනෑම සංවිධානයක් ජාත්‍යන්තර සංවිධානයක් වේ. කෙසේ වුවත්, එය සාමාන්‍යයෙන් භාවිත වන්නේ අන්තර් ආණ්ඩු සංවිධාන සඳහා ය. එනම්, එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, යුරෝපා කවුන්සිලය හෝ ලෝක වෙළඳ සංවිධානයයි. ඒවායේ සාමාජිකත්වය දරන්නේ ස්වාධීන රාජ්‍යයන් ය. මේවා නිශ්චිත අරමුණක් සඳහා ගොඩ නංවන ලද අතර, පොදු යහපත අරමුණු කරගත් ඒවා වේ.

පෞද්ගලිකව නිර්මාණය කරන ලද රාජ්‍ය නොවන සංවිධානවලටද ජාත්‍යන්තර වපසරියක් පවතින නමුත්, මෙම ලිපියෙහි ජාත්‍යන්තර සංවිධාන ලෙස හඳුන්වන්නේ අන්තර් ආණ්ඩු සංවිධානය වේ. රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය පිළිබඳ ගැටළුවලට වඩා ගෝලීය කරුණු පිළිබඳ මැදිහත් වන්නේ පෞද්ගලික මට්මමිනි.

දළ දේශීය නිෂ්පාදනයෙන් සංවර්ධනය

උතුරු ඇමරිකාව ලෝකයේ වඩාත්ම මන්දගාමී මර්ධනයක් සහිත මහාද්වීපය වුව ද ස්ථායී වර්ධනයක් පෙන්වයි. වේගවත් ආර්ථික වර්ධනයක් ඇත්තේ කැරිබීයානු දූපත්වලය.

දකුණු ඇමරිකාව තුළ ඇත්තේ වේගයෙන් ඉහල පහල යන වර්ධනයකි. වේගවත් හැඟීමක් හෝ බැසීමකම පසුව මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරයි. බ්‍රසීලයේ මෙය වඩාත්ම හොඳින් දක්නට ලැබේ. කෙසේ වුවත් වර්ධනය ස්ථාවර වෙමින් පවතී. සමස්ත මහාද්වීපයම වර්ධනය වෙයි.

වේගවත්ම වර්ධනය මෙන්ම ඉතාම මන්දගාමී වර්ධනයක් අපගමනයන් සියල්ල අප්‍රිකාවේ දක්නට හැක. ලෝකයේ තෙවැනි වේගවත්ම වර්ධනය ඇති රට බවට ඇන්ගෝලාව පත් කරනු ලැබුවේ තෙල් නිධි විසිනි. සිම්බාබ්වේ ලෝකයේ වඩාත්ම මන්දගාමී වර්ධනය පෙන්වන රටයි. අප්‍රිකාවේ තෙල් නිධි මඟින්, රටවල් කිහිපයක් තම අසල්වැසි රටවල් අභිබවා ගිය “ධනවත් ප්‍රදේශය” බිහිකර ඇත. ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනය පෙන්වන රටවල් 10 න් 03ක්ම හියුගෝ අප්‍රිකාවේය. අතීතයේ දී සමහර රටවල් ලොව වේගවත්ම වර්ධනය පෙන්නුම් කළ රටවල් විය. තෙල් සංචිත නිසා සමකය ආසන්නයේ රටක් වූ ගිනියාව 2004 දී 75% ක වර්ධනයක් පෙන්වීය.

යුරෝපයේ ඇත්තේ වඩාත්ම ස්ථායී ආර්ථික වර්ධනයන්ගෙන් එකකි. සෝවියට් දේශයේ බිඳ වැටීමෙන් පසු 1990 ගණන්වල මුළු මහත් නැ‍ඟෙනහිර යුරෝපය පුරාම ආර්ථික අපගමනයක් සහිත කාලවකවානුවක් විය. දෙදහස් ගණන් වන විට එය යථා තත්වයට පත් වෙමින් තිබුණි. එම ප්‍රදේශය මේ වන විට වර්ධනය අත්දකිමින් සිටියි. විශේෂයෙන්ම මෑත කාලීනව යුරෝපා සංගමය හා එක් වූ රටවල මෙම තත්වය දැකිය හැක.

යුරෝපය ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනය සහිත මහාද්වීපවලින් එකකි. බොහෝ රටවල් මධ්‍යස්ථ වේගයකින් වර්ධනය වන නමුදු බොහෝ කුඩා රටවල් 7% වඩා වැඩි වර්ධන වේගයක් ලබා ගනිමින් ආසන්න රටවලට වඩා අසාමාන්‍ය වේගයකින් වර්ධනය වෙයි. ලෝකයේ වෙග්වත්ම ආර්ථික වර්ධනය ඇති රටවල් 10 අතරින් පළමුවැනිනා සිටින්නේ යුරෝපයේය.

විසිවන සියවසේ දී සමස්ත ආසියාවම වඩාත් වැඩි වර්ධනයක් සහිත ප්‍රදේශය විය. කෙසේ වුවත් 21 වැනි ශතවර්ෂයේ දී චීනය සියල්ල අභිබවා සිටින්නීය. එහෙත් යම් යම් වර්ධනීය ස්ථාන නැ‍ඟෙනහිර ආසියාවෙන් හා දකුණු ආසියාවෙන් මතුවීමට පටන්ගෙන තිබේ. විශේෂයෙන්ම ඉහල වර්ධනයක් පෙන්නුම් කරයි. වඩාත්ම වැඩි වර්ධනයක් ඇති රටවල් 10 අතුරින් 03ක් සෘජුවම ආසියාතික රටවල් වන අතර තවත් රටවල් 03ක් වක්‍රව හෝ අර්ධ වශයෙන් ආසියානු රටවල්ය.

මේ අතර ඕසීනියාව මධ්‍යස්ථ වර්ධනයක් පෙන්නුම් කරයි. ඕසිනියාහි අසාමාන්‍ය වර්ධනය පෙන්නුම් කරන එකම ප්‍රදේශය “වනාවටු” ප්‍රදේශයයි.

සමහර රටවල් ඒවායේ ඇති යුද්ධය තත්ව හා අත්‍යුද්ගමනය හේතුවෙන් සෘණාත්මක වර්ධනයක් පෙන්වයි. පලස්තීනීය රාජ්‍යයක් , සිම්බාබ්වේ සහ චැඩ් වැනි රටවල් වේ.

ප්‍රංශය

ප්‍රංශයේ නිල නාමය ප්‍රංශ ජනරජය යන්නය. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්‍රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්‍යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි ‍දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.

භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්‍රංශයයි. එසේම, රුසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්‍රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්‍රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතු‍‍කොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරැ ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින.

ප්‍රංශය, අධි සංවර්ධිත රටවලින් එකකි. නාමික දළ ජාතික නිෂ්පාදිතය අනුව, පස්වන තැන ගන්නා ප්‍රබල ආර්ථික ප්‍රංශය සතු වේ. මිලදී ගැනිමේ හැකියාවේ සමානතාවය සලකා බැලූ විට ඊට සතවන ස්ථානය අයත් වේ. ප්‍රංශය, උසස් ජිවන තත්ත්වයන් ද ඉහල මට්ටමක පවතින පොදු අධ්‍යාපන ක්‍රමයන් ද භුක්ති විඳී. එය ඉතා පුළුල් ලෙස ගෝලීයකරණය වූ ජාතීන් ගෙන් එකකි. 2009 වසරේ දී විශිෂ්ට ජාත්‍යන්තර කීර්තිය ලබාගත් රටවල් අතුරින් දෙවන ස්ථානය ප්‍රංශය සතුකරගෙන තිබේ. ලොව හොදම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමය ලෙස, ප්‍රංශ සෞඛ්‍ය සේවය වර්ගිකරණය කර ඇති අතර, වැඩිම ජිව්‍ය කාලය භුක්ති විදින රටවල් අතරින් ප්‍රංශය එකක් වේ.

ඉතා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන ලොව එකම රට ප්‍රංශයයි. වාර්ෂික විදේශ සංචාරක සම්ප්‍රාප්තිය මිලියන 82 ක් වෙයි. ප්‍රංශය යුරෝපා සංගමය ආරම්භ කළ සාමාජික රටවලින් එකක් වේ. එය එක්සත් ජාතීන්ගේ රටවලින් එකක් වේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් ද ආරම්භක සාමාජිකයෙක් වන්නේ ය. තවද ප්‍රංශ කථා කරන්නන්ගේ හවුල (Francophonie) 8 කණ්ඩායම (G 8) 20 කණ්ඩායම ( G 20), නේටෝ (NATO), ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සදහා වූ සංවිධානය (OECD), ජාත්‍යන්තර වෙළද සංවිධානය (WTO), සහ ලතින් සංගමය (Latin Union), යනාදී සංවිධානයන් හි සාමාජිකත්වය දරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය නිත්‍ය නියෝජිතයින් පස් දෙනාගෙන් ප්‍රංශය කෙනෙකි. ලොව සතුව පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සලකා බැලීමේ දී තෙවන විශාලතම අවි සංඛ්‍යාව හිමිව තිබෙන්නේ ‍ ප්‍රංශ රජ්‍යයටයි. තවද, න්‍යෂ්ටික බලාගාර වැඩිම ප්‍රමාණය ඇත්තේ ද ප්‍රංශයේය.

බලශක්ති සංරක්‍ෂණය

බලශක්ති සංරක්ෂණය යනු බලශක්ති පරිභෝඡනය අඩු කිරීමට දරන ක්‍රියාමාර්ග වේ. බලශක්ති සංරක්ෂණය කරගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග නම්;

කාර්යක්ෂම බලශක්තින් භාවිතය වැඩි කිරීම.

බලශක්ති පරිභෝඡනය හා බලශක්ති හානිය අවම කර ගැනීම.

සාම්ප්‍රදායක ශක්ති ප්‍රභව පරිභෝජනය අඩු කිරීම.බලශක්ති සංරක්ෂණය මගින් ආර්ථික සංවර්ධනය ඇති කිරීම, පරිසර තත්ත්ව ඉහළ නැංවීම, ඡාතික ආරක්ෂාව, පුද්ගල ආරක්ෂාව හා මිනිස් සැප පහසුකමි වැඩි දියුණු කිරීම සිදු කර ගත හැක. බලශක්ති පරිභෝජනයේ ඍජු පාරිභෝගිකයන් වන පුද්ගලයන් හා සංවිධාන විසින් බලශක්ති සංරක්ෂණයට දායක වීම මගින් බලශක්තීන් සඳහා වැයවන පිරිවැය අඩුකිරීමට හා ආර්ථික සංවර්ධනය ඇති කිරීමට හැකි වේ. කාර්මික හා වෙළඳ පරිශීලකයන්ටද කාර්යක්ෂම බලශක්ති භාවිතය වැඩි කිරීමෙන් උපරිම ප්‍රතිලාභ ලබා ගත හැක.

බල්ගේරියාව

බුල්ගේරියාව /bʌlˈɡɛəriə/ නිල වශයෙන් බුල්ගේරියන් සමුහාණ්ඩුව නමින් හඳුන්වන අතර එය ගිනිකොන යුරෝපයේ බෝල්කන් හි පිහිටි රටකි. බිම් ප්‍රමාණය වර්ග කි.මි. 110,994 වන අතර රුමේනියාව හා ග්‍රීසිය හැරුණු කොට ගිනිකොන යුරෝපයේ පිහිටි තුන්වන විශාලතම රටයි. විශාල කදු මුදුන් සමුහයකින් භූමියව සමන්විත වන අතර වඩා අවධානය යොමුවන්නේ ස්ටාරා ප්ලනිනා (බෝල්කන්), රොඩෝපි කන්ද හා බෝල්කන් රාජ්‍යයේ පිහිටි උස් වූ ශිඛරය සහිත ඊලාරේන්ජ් කන්දත්ය. මුසාලා කන්ද මෙයින් වෙන්ව පවතී. උතුරේ පිහිටි දනුබියන් බිම හා උතුරෙන් පිහිටි ඉහළ ක්‍රාසියන් බිමත් බුල්ගේරියාවේ පහළ කොටසත් සරුසාරම බිම් ප්‍රදේශවේ. කි.මි. 378 ක වපසටියක් සහිත කළු මුහුදු තීරයෙන් රටෙහි සම්පූර්ණ නැගෙනහිර වෙරළ තීරයම ආවරණය කරයි.

බ්‍රෙක්සිට්

Brexit (එය "එක්සත් රාජධානිය" සහ "පිටවීම" යන ඉංග්‍රීසි වචන බැඳියකි) යනු, යුරෝපා සංගමය(EU) වෙතින් එක්සත් රාජධානිය(UK) ඉවත්ව යාමයි. 2016 ජූනි 23 වන දින පැවැත්වූ ජනමත විචාරණයකිදි, යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ඡන්දය දුන් ප්‍රමාණය සියයට 51.9 කි. යුරෝපා සංගමය පිළිබඳ ගිවිසුමේ 50 වන වගන්තියට අනුකුලව, වසර දෙකක ක්‍රියාවලියක් ආරම්භ කර අතර මාර්තු 29 වන දින එක්සත් රාජධානියෙන් ඉවත්වීමත් සමඟ අවසන් වීමට නියමිතව තිබුණි. 2019. එම කාල සීමාව 2019 ඔක්තෝබර් 31 දක්වා දීර්ඝ කර ඇත.

මැසිඩෝනියා ජනරජය

මැසිඩෝනියාව (/ˌmæsɪˈdoʊniə/ mas-i-DOH-nee-ə; සැකිල්ල:Lang-mk, tr. Makedonija, සැකිල්ල:IPA-mk), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: Република Македонија , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.

යුරෝපය

යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත. එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.

යුරෝපයේ දේශපාලනය

යුරෝපයේ දේශපාලනය මහද්වීපය තුළ නිරන්තරව ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන දේශපාලනයක් ඇත. විවිධ හේතු කාරණා නිසා වෙනත් මහාද්වීපවලට වඩා ඈතට දිවුණු බොහෝ විස්තරාත්මක දේ ඒ සතුයි. ඒ කරුණු වලට කලාපයේ ජාතික රාජ්‍යවල දීර්ඝ ඉතිහාසය මෙන්ම යුරෝපා රටවල් අතර වර්තමානයේ ඇති වන දේශපාලනික එකමුතුභාවය පිළිබඳ නැඹුරුව ද අයත්ය.

වර්තමාන යුරෝපා දේශපාලනය පිළිබඳව අවබෝධ කර ගැනීම යුරෝපා මහද්වීපයේ පසුගිය ඓතිහාසික සිදුවීම් දිහා සලකා බැලීමෙන් කළ හැක. එමඟින් වර්තමාන යුරෝපීය දේශපාලන නිර්මාණය භූගෝලයීය ආර්ථිකය හා සංස්කෘතිය හේතු වී බලපා ඇත.

වර්තමානයේ යුරෝපා දේශපාලනය යුරෝපා සංගමය මඟින් බල පවත්වාගෙන යයි. නැ‍ඟෙනහිර යුරෝපයේ අයෝමය තිරය කඩා වැටී කොමියුනිස්ට් රාජ්‍යයන් බිඳ වැටීමේ සිට මෙම ක්‍රමය ක්‍රියාත්මක විනි. ශීත යුද්ධය නිමා වීමත් සමඟ නැ‍ඟෙහිර යුරෝපයේ සාමාජික රාජ්‍ය 27 කගෙන් යුරෝපා සංග‍මයේ පාර්ලිමේන්තුවට සාමාජිකයන් තෝරා පත් කර ගෙන එය ව්‍යාප්ත වෙමින් පවතී.

යුරෝපා දිනය

යුරෝපා දිනය යුරෝපයේ දී වාර්ෂික ව සැමරෙන සාමයේ හා එක්සත් භාවයේ සැමරුමකි. වෙනස් දින දෙකක් තුළ යුරෝපා දිනය සැමරේ: යුරෝපා කවුන්සිලය විසින් මැයි 5 , යුරෝපා සංගමය විසින් මැයි 9. යුරෝපා සංගමය විසින් මෙම දිනය ශූමන් දිනය ලෙස ද හැඳින්වෙයි, ඒ ප්‍රංශ විදේශ ඇමති රොබට් ශූමන් මහතාගේ ඓතිහාසික ප්‍රකාශනය අනුස්මරණය කරමිනි.

යුරෝපියානු සංගමය

යුරෝපියානු සංගමය (EU) යනු, ප්‍රාථමික වශයෙන් යුරෝපයෙහි පවතින සාමාජික රාජ්‍යයන් 28 ක් වෙතින් සමන්විත දේශපාලනික-ආර්ථික සංගමයකි.

ව්‍යවස්ථාදායකය

ව්‍යවස්ථාදායකය යනු නිති සකස්කරීමට වෙනස් කිරීමට සහ සම්මත කිරීමට බලය ඇති සාකච්ඡා කිරීම සදහා වූ නියෝජිත සහාවකි.

ව්‍යවස්ථාදායකයන්ට විවිධ නම් ඇත. සුලබව යෙදෙන්නේ පාර්ලිමේන්තුව, කොංග්‍රසය වැනි වදන්ය. ව්‍යවස්ථාදායකයේ ප්‍රධාන කාර්ය වන්නේ නිති සෑදීම සහ වෙනස් කිරීමය. පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක ව්‍යවස්ථාදායකය උත්තරීතර වන අතර එය මගින් විධායකය පත් කෙරේ. ජනපති ක්‍රමයකදී ව්‍යවස්ථාදායකය යනු විධායකයට සමාන හා ඉන් පරායත්තව බල සහිත ආයතනයකි. නීති සම්මත කිරීමට අමතරව බදු එකතු කිරීමට, අය වැය සහ අනෙක් මූල්‍යයනත් සම්බන්දයෙන් ද ව්‍යවස්ථාදායකයට බලය ඇත.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.