නායයෑම්

නාය යෑම යනු විශාල ප්‍රදේශයක පොළොව සෙලවීමේ භූගෝලීය සංසිද්ධියයි. එයින් ගිලාබැසීම ,ගල් වැටීම, සහ කඳු කොටස් ගැලවීයාම සිදුවිය හැක.මෙය බොහෝදුරට කඳුකර ප්‍රදේශවල සහ වෙරළ ආශ්‍රිතව සිදුවිය හැකිය. මෙම ක්‍රියාවලියට ප්‍රධාන ලෙස බලපාන්නේ ගුරුත්වාකර්ෂණයයි. එසේ වුවත් නායයෑම් වලට බලපාන තවත් සාධක රාශියක් ඇත.දැන් බොහෝමයක් නායයෑම් ඇතිවන්නේ මිනිස් ක්‍රියාකාරකම්වල බලපෑමෙන්ය. නාය යෑම භූමි කොටසේ ස්ථායිතාව මත රදා පවතී ,මෙම ස්ථායි -අස්ථායිතාවයට මිනිසාගේ ක්‍රියා සහ තවත් සාධක බලපායි

මිනිසාට හානි කරන උපද්‍රව අතරින් නායයෑම් ප්‍රධාන තැනක් ගනී. පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකා‍වේ අති ප්‍රබල මට්ටමේ නායයෑම් කිහිපයක් ම සිදුවිය.මහාමාර්ග,දුම්රිය,රෝහල්,පාසල් ඇතුළු යටිතල පහසුකම් රැසක් ද මිනිස් ජීවිත වලට අමතරව විනාශයට පත් විය.අද වන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රීක්ක 25න් 10 ක් ම නායයෑමේ තර්ජනයට මුහුන පා සිටියි. නායයෑම සඳහා භෞතික සාධක ‍සේම මානව සාධක ද බලපාන අතර අද වන විට මිනිසාගේ අක්‍රමවත් ක්‍රියාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස නායයෑම් උග්‍ර වී ඇත.නාය යාමක් යනු කුමක්ද?එහි ප්‍රති විපාක මොනවාද? ඉන් මිදෙන්නේ කෙසේද යන්න පිළිබඳව මිනිසා දැනුවත් කළ යුතුව ඇත.මේ සඳහා පහත ප්‍රධාන කරුනු ඔස්සේ අවධානය යොමු කරනු ලැබේ.

නාය යාමක් යනු කුමක්ද? නායයෑම ආශ්‍රිත ක්‍රියාවලිය නායයෑම් වර්ග නායයෑම් කෙරෙහි බලපාන සාධක නායයෑමක් ඇති වීමට පෙර ඇතිවිය හැකි ලක්ෂණ නායයෑම් වලින් සිදුවන හානි නායයෑම් වළක්වා ගැනීමට අපට කළ හැකි දේ

මේ සම්බන්ධව ඉදිරිපත් වී ඇති නිර්වචන 02ක් පහත දැක් වේ.

"නායයෑමක් යනු,ගුරුත්ව බලය හේතුකොටගෙන බෑවුමක පස,පාෂාණ,ගස් ගල් වැනි ද්‍රව්‍යයන් පහතට හා පිටතට පරිවහනය වීමයි."

-ඵ්.කේ.ලොබෙක්-

"උස් ස්ථානයක සිට පහත් ස්ථානයක් දක්වා බෑවුම දිගේ ගුරුත්ව බලය නිසා මැටි, රොන් මඩ,වැලි,බොරළු,විශාල ගල්වලින් සමන්විත ගලා යාමකි."

-මහාචාර්ය කපිල දහනායක-

නායයෑම්4
නායයෑම්1
නායයෑම්2
නායයෑම්3

කඳු බෑවුමක් මුලින් නිර්මාණය වී‍‍මේදී ඵහි මතුපිට සකස් වී ඇත්තේ මව් පාෂාණ වලිනි.කාලයක් ගත වීමත් සමඟ භෞතික,රසායනික සහ ‍ ඓන්ද්‍රිය (ජීව විද්‍යාත්මක) ජීරණ ක්‍රියාවලියට මව් පාෂාණ නතු වීම නිසා ජීරණයට ලක් වේ.එම දිරාපත් වූ ශේෂ කොටස් කඳු බෑවුම මත තට්ටුවක් ලෙස තැන්පත් වේ.ඊට යටින් පිහිටා ඇත්තේ ජීරණයට ලක් නොවූ මව් පාෂාණයයි.තද වැසි ඇති වන විට මෙම ජීරණාවශේෂ තට්ටුව උරා ගන්නා ජල ප්‍රමාණය අධික වීම නිසා අවසානයේ ජීරණාවශේෂ තට්ටුව ජලයෙන් සංතෘප්ත වී එහි බර වැඩි වේ.එමෙන් ම භූ ගත ජල ප්‍රමාණය,මව් පාෂාණය සහ ජීරණාවශේෂ තට්ටුව අතර තිබෙන ඉඩ තුලින් ගලා යෑමට පටන් ගැනීම නිසා ස්තර දෙක අතර ඒකාබද්ධතාවය බිඳ වැටේ.අවසානයේ ගුරුත්ව බලය හේතුවෙන් කඳු බෑවුමේ තැන්පත් වූ ජීරණාවශේෂ තට්ටුව පහළට රූරා යයි.මෙය විද්‍යාත්මකව ස්කන්ධ අවගමනය (MASS MOVEMENT) ලෙස ද හඳුන්වනු ලැබේ.

නායයෑම් වර්ග

මෙය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කල හැකිය.

  1. භෞතික සාධක
  2. මානව සාධක


භෞතික සාධක

  • භූමියේ අනුක්‍රමනය හෙවත් තීව්‍රතාවය

භූමි ප්‍රදේශයක් ප්‍රධාන කොටස් පහකින් සමන්විතය.තැනිතලා,මද බෑවුම්,මධ්‍යස්ත බෑවුම්,දල බෑවුම්,ඉතා මද දල බෑවුම් වශයෙනි.ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයට අනුව බෑවුම් අංශක15-40 අතර බෑවුම් ප්‍රදේශවල ශ්‍රි ලංකාවේ නායයෑම් ඇති වේ.ඵ් අතරින් 20-30 අතර ප්‍රදේශවල වැඩියෙන් නාය යන බව දක්වයි.

  • කඳු බෑවුමේ භූ විද්‍යාත්මක ලක්ෂණ

කඳු බෑවුමක ඉරිතැලීම්,විභේද කුස්තුර,ආදී සාධක නායයෑම සඳහා හේතු වේ.වශේෂයෙන් ම මොහොර බෑවුම්වල පාදයෙහි පිහිටා ඇති බෑවුම් නිර්මාණය වී ඇත්තේ ඊට ඉහළින් පිහිටා ඇති පාෂාණ ජීරණයෙන් ඉතිරි වූ කොටස් ආශ්‍රයෙනි.මේවා හොඳින් ඒකාබද්ධ වී නොමඅති අතර,ස්ථාවර නොවේ.අධික වර්ෂාපතනයක් ඇති අවස්ථාවල මෙම බෑවුම් කොටස සංතෘප්ත වී නායයෑම් ඇති කරයි.

  • කඳු බෑවුමේ වෘක්ෂලතාවරණය

වෘක්ෂලතා ආවරණයක් සහිත ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන විට වැහි බිංදු ශාක මතට වැටී ක්‍රමයෙන් බිමට පතිත වේ.ඉවිට පාංශු ඛාදනය පාලනය වේ.

  • වර්ෂාපතනයේ ප්‍රමාණය හා තීව්‍රතාවය

අධික තීව්‍රතාවයක් සහිත වර්ෂාපතනයක් දිගු කාලයක් තිස්සේ ලැබුනහොත් එය නායයෑම් කෙරෙහි බලපෑමක් ඇති කරයි.අධික වර්ෂාපතනයක් ලැබීම නිසා කඳු බෑවුමේ ජීරණාවශේෂ අධි සංතෘප්ත (Over Saturation)බවට පත් වේ. එය නායයෑමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමකි.

  • භූමි කම්පා ඇති වීම

භූමිකම්පාවක් නිසා ඇතිවන කම්පන තරංග පෘෂ්ඨය මතුපිට ගමන් කිරීම නිසා අදාල ප්‍රදේශයේ බෑවුම් ප්‍රදේශ ද චලනයට ලක් වේ.එවැනි අවස්ථාවක කඳු බෑවුමේ පවතින පාෂාණ කොටස් ගැලවී ක්ෂණිකව පහළට කඩා වැටිය හැකිය.

මානව සාධක

  • වනාන්තර විනාශය

ජන සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වීම සමග ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා වනාන්තර විනාශ කරන ලදී.ශාක වල මුල් මගින් පස් බැඳ තබා ගනී.එයින් එහි භෞතික තත්වය හා යාන්ත්‍රික ශක්තිය වැඩි වේ.එහෙත් වන විනාශය නිසා පසේ බෑවුම් වල ස්ථායිතාවය අඩු වී පස් අස්ථායි වේ.එවිට වැස්ස ආ විට මෙම පස් ස්තර ගැලවී යාමට ලොකු හැකියාවක් ලැබේ.දළ බෑවුම්වල දුම්කොළ වගාව මෙන්ම අවිධිමත් තේ වගාවත් නායයෑමට හේතු වේ.

  • අක්‍රමවත් ඉදි කිරීම්

මිනිසුන් තමන්ට නිවාස තැනීමට භූමිය හිඟ වූ නිසා කඳුකර ප්‍රදේශවල නිවාස හදන ලදී.අංශක90 බෑවුම කපා නිවාස හැදීම නිසා නායයෑම බහුලය.

  • භූමිය මතුපිට ජලය ගලා යාමට බාධා ඇති වීම

ක්‍රමානුකූලව සකසා ඇති ජල ප්‍රවාහන පද්ධතියක් ඇත්නම් ජලය ගලා යාම ක්‍රමවත් වේ.

  • කෘතීම පිපිරවීම් ඇති කිරීම

කළුගල් වැඩපලවල ඩයිනමයිට් යොදා පිපිරවීම් කරයි.එමගින් ඇති කරන කම්පනය භූමිකම්පාවකින් සිදුවන ක්‍රියාවලියට සමානය.ජීරණාවශේෂ තට්ටුව පිපිරීම නිසා සෙලවීමකට ලක් විය හැකිය.ජීරණාවශේෂ තට්ටු අතර ඒකාබද්ධතාවය නැති වීම නාය යාමට හේතු වේ.

  • අවිධිමත් වගා ක්‍රම හා අනුචිත වගාවන්

මේ නිසා ජලය ගලායාමට බාධා ඇති වේ.අතීතයේ සිට කඳුකරයේ වගාවන් සඳහා යොදා ගත්තේ හෙල්මළු වගා ක්‍රමයයි.නමුත් අද දුම්කොළ,එළවළු ආදී වගාවන් වලදී මේ ක්‍රමය යොදා නොගනී.මෙය ජලය බැස යාමට බාධාවක් වන අතර මේ නිසා පාංශු ඛාදනය බහුලය.

  • පැරණි නාය බිම් භාවිතයට ගැනීම

එක් අවස්ථාවකදී නාය ගිය ප්‍රදේශයක් නැවත නාය යාමට ඇති ප්‍රවණතාවය වැඩිය. උදා-2003 වර්ෂයේ පුද්ගලයන් 60ක් පමණ මිය ගිය රත්නපුර ඇලපාත ප්‍රදේශයේ නායයෑම.

  • අවිධිමත් වන වගාව

නායයෑම් බහුල ප්‍රදේශ වල දේශීය ශාක වෙනුවට විදේශීය ශාක වගා කිරීම. උදා-පයිනස් වගාව

මූලික ලක්ෂණ කිහිපයකි.

  • කඳු බෑවුම් ප්‍රදේශවල පැලුම් ඇතිවීම හා ඒවා ක්‍රමයෙන් පුළුල් වෙමින් ගැඹුරු වීම.
  • කලින් තිබූ ජල උල්පත් සිඳී යාම හා පෙර ජල උල්පත් නොතිබූ තැන් වලින් හිටි හැටියේ ජල උල්පත් මතු වීම.
  • කඳු බෑවුමේ ඇති ගස්,දුරකතන කණු,විදුලි කණු,කඳු බෑවුමේ පහළ ප්‍රදේශයට ඇලවීම.
  • මොහොර බෑවුමක පස් තට්ටුව මත සරුවට වැඩුණු පොල්,පුවක් වැනි ශාක ක්ෂණිකව මැරී යාම.
  • ස්ථීර ගොඩනැගිලි පුපුරා යාම.
  • ස්වාභාවික දිය උල්පත් වලින් පිටවන ජලය මඩ සහිත වීම.
  • ආපදාවට ලක් වන ප්‍රදේශයේ කාලයක් තිස්සේ අධික ලෙස ඇද හැලෙන වර්ෂාපතනය.
  • ආපදාවට ලක් වන ප්‍රදේශවල තිබෙන බෑවුම,මාර්ගවල,ගොඩනැගිලිවල,නිවාසවල බිත්තිවල හෝ ඉදිකිරීම්වල හදිසියේ පැලීම් ඇති වීම.
  • බෑවුම් වල ගිලා බැසීම්,ඉලිප්පීම්,හදිසියේ ජලය මතු වීම.
  • ගංඟා ආශ්‍රිත ප්‍රදේශවල සතුන්ගේ හා පක්ෂීන්ගේ අසාමාන්‍යය අස්වාභාවික හැසිරීම.

ජීවිත හානි

මෙය ප්‍රබලම හානියයි.මානව සම්පත රටේ ආර්ථිකයට ඉතා වැදගත් වේ.එබැවින් මෙලෙස මියයෑම ආර්ථිකයට බලපායි.

නිවාස හානිය

cෆ්ග්ෆ්ග්ෆ්ග්ෆ්ග්මෙය පුද්ගලයාට ආර්ථික වශයෙන් ද මානසික වශයෙන් ද බලපායි.

දිස්ත්‍රීක්කය වර්ෂය ස්ථානය සිදු වූ ජීවිත හානි නිවාස හානි
කෑගල්ල 1947 කඩුගන්නාව 40 15
1957 පහල කඩුගන්නාව 05 15
1981 යටියන්තොට 02 20
1981 අරණායක(බෙරවල) නොදනී 30
1983 මාවනැල්ල 02 03
1985 වරකාපොල 10 03
2016 අරණායක 150 ක් පමණ නොදනී
නුවර එළිය 1970 වලපනේ 19 නොදනී
1973 වලපනේ 13 නොදනී
1983 හෝර්ටන් බ්‍රිජ් 05 නොදනී
1986 මතුරට-කැටපලාන 13 නොදනී
රත්නපුර 1979 කුරුවිට 05 10
1982 පැල්මඩුල්ල 08 15
1982 පතුල්පාන 09 නොදනී
1984 ඇඹිලිපිටිය නොදනී 21
1984 කුරුවිට නොදනී 40
1985 ඇහැලියගොඩ නොදනී 46
2003 ඇලපාත 75 නොදනී
2003 පලාවෙල 60 40
මාතලේ 1982 පිටකන්ද 23 නො‍දනී
කළුතර 1984 බුලත්සිංහල 42 නොදනී
මහනුවර 1985 නාවලපිටිය 04 10

භූමි හානිය

  • භූමියේ ගුණාත්මක බවට හානි සිදු කරයි
  • පුද්ගලයන් සතු ඉඩකඩම් අහිමි වීමෙන් භූමියට හානි සිදු කරයි

ගංවතුර හා නායයෑම් නිසා සිදු වූ හානිය

2003 වර්ෂය

විපත්තිය සංඛ්‍යාව
තම ජීවිකාවට තර්ජනය එල්ල වූ පවුල් 73,000
තම භූමි අහිමි වූ පවුල් 3381
හානියට ලක් වූ කුඹුරු බිම් (හෙක්ටයාර) 12,000
හානියට ලක් වූ කුඩා තේ වතු(හෙක්ටයාර) 7595
හානියට ලක් වූ කුඩා වැව් 69
හානියට ලක් වූ අමුණු ප්‍රමාණය 675
විනාශයට ලක් වූ පාසල් 106274

වගා හානිය

විපතේ ස්වභාවය සිදු වූ හානිය රුපියල් සිදු වූ හානිය ඇ.ඩොලර්
කෘෂි ක්ෂේත්‍රය තුළ ඇස්තමේන්තුගත අලාභහානිය 38,000,000 400,000
තේ වගා ක්ෂේත්‍රය තුළ ඇස්තමෙන්තුගත අලාභහානිය 86,400,000 900,000
ප්‍රධාන වාරි ක්ෂේත්‍රය තුළ 106,147,000 1,105,700
කුඩා වාරි සහ ජල සංරචක ක්ෂේත්‍රය තුළ 768,000,000 800,000
පාසැල් වැඩි දියුණුව සඳහා වන පිරිවැය 133,008,000 1,385,500
පාසැල් වලට අවශ්‍ය උපකරණ ලබා දීම සඳහා වන පිරිවැය 96,000,000 1,000,000
එකතුව 586,355,200 5,591,200

පරිසරයට හා සතුන්ට සිදුවන හානි

01.U.S. Geological Survay දත්තවලට අනුව 1999 දෙසැම්බර් මස වෙනිසියුලාවේ සිදු වූ නායයෑම් වලින් සිදු වූ මරණ සංඛ්‍යාව 30,000ක් තරම් විශාල විය.

02. u.s. Geological Survay දත්ත වලට අනුව 21 වන ශත වර්ෂ‍යේ ඉතා විශාල නායයෑම් 02 ක් වාර්තා විය. ඒවා නම් 1980 දී ශාන්ත හේලන්ස් (වොෂින්ටන්) සිදු වූ නායයෑම ඉන් එකකි. මෙම නායයෑම මගින් දළ වශයෙන් ප්‍රමාණයෙන් ඝණ සැතපුම් 1.7 ක් තරම් විශාල පාෂාණ හා මඩ තට්ටුවක් පහතට කඩා වැටුණි.අනෙක් විශාල නායයෑම වන්නේ 1911 දී ටජිකිස්තාන්හි සිදු වූ නායයෑමයි.

-ශ්‍රී ලංකාවේ නුවරඑළිය,බදුල්ල,රත්නපුරය,කෑගල්ල,මාතලේ,කළුතර,මහනුවර,ගාල්ල,මාතර,හම්බන්තොට නායයෑමේ තර්ජනයට මුහුන පා ඇති දිස්ත්‍රීක්ක වේ. -එය ශ්‍රී ලංකාවේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 20%ක් පමණ වේ.

-අරණායක එළගපිටිය කන්දේ සිදු වුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් ඇති වු නාය යාම් අතුරින් විශාලතම ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍නායයෑමයි.

-දැනට ඇති වාර්තා වලට අනුව මෙම ශතවර්ෂය ආරම්භයේ එනම් මුල් දශක හය තුළ විශාල නායයෑම් 6 ක් සිදු වූ අතර ඊට පසුව 1981-1986 දක්වා වර්ෂ 06 තුළ විශාල පරිමාණ නායයෑම් 4ක් සිදු වී ඇත. 1989 ජූලි මාසයේදී තවත් විශාල ප්‍රමාණයේ නායයෑමක් ඇති විය.ඊට පසුව සෑම වසරකදී ම විශාල ප්‍රමාණයේ නායයෑම් වාර්තා වේ.

  • නායයෑම් වලට අවධානමක් ඇති කඳු බෑවුම් වල මිනිස් කටයුතු පාලනය කළ යුතුය.ඒ යටතේ අක්‍රමවත් ඉදි කිරීම් සිදු කිරීම,වගා කටයුතු කිරිම වැනි දෑ පාලනය කළ යුතුය.
  • පොළොව මතුපිට ජලය රඳා නොසිට පහසුවෙන් බැස යාම පිණිස කාණු පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.මෙම කාණු ප්‍රධාන ඇළ මාර්ගයට සම්බන්ධ වන සේ සමෝච්ඡ රේඛාවන් ඔස්සේ කැපිය යුතුය.
  • කඳු බෑවුම ආශ්‍රිතව කරන වගාවන් වලදී ජලය නිසි ලෙස බැස යන ආකාරයට සැකසීම.
  • පැරණි නායයෑම් බිම් හඳුනා‍ගෙන එම බිම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට සිතියම් නිර්මාණය කිරීම.
  • නායයෑම් වලට ලක් වූ ප්‍රදේශවල පාංශු ස්තරය ආරක්ෂා කිරීම සඳහා ගස් වැල් රොපණය කිරීම.
  • බෑවුම මත ජීරණාවශේෂ තට්ටුවේ ඒකාබද්ධතාවය ඇති කිරීම සඳහා දේශීය ශාක සමෝච්ඡ වැටි ලෙස වැවීම.
  • නායයෑම් පූර්ව ලක්ෂණ හඳුනාගෙන පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රියා පටිපාටියක් රට තුළ ස්ථාපිත කිරීම.
  • නායයෑමේ දී පහතට ලිස්සා යන බිමෙහි හිස ඉවත් කර (මුදුනු කපා)භූමියේ බර අඩු කිරීම සහ මනා ජලවහන රටාවක් ඇති කිරීම.මෙහිදී ජලය නිසි ආකාරයෙන් බැස යන ආකාරයට කානු පද්ධතියක් ස්ථාපිත කළ යුතුය.
  • නායයෑම් වලට ගොදුරු විය හැකි ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විකල්ප නිවාස හා ඉඩම් ලබා දීම.
  • වන විනාශය අවම කිරීම.
Landslide animation San Matteo County
Computer simulation of a "slump" නාය යෑමක් in San Mateo County, California (USA) in January 1997

කඳුකර ප්‍රදේශ ආරක්ෂා කිරීමට නම්,

ක්‍රමවත් ඉඩම් ප්‍රතිපත්තියක් යටතේ--------------------

-පාංශු සංරක්ෂණයට ක්‍රමෝපායන් හඳුන්වා දීම.

-කඳුකර බිම්වලට උචිත භූමි පරිභෝගයක් ස්ථාපිත කිරීම.

-සැලසුම් සහගත නොවන ඉදි කිරීම් නතර කිරීම.

-පරිසරයට වන හානිය අවම කර ගනිමින් සංවර්ධන සැලසුම් ඉදිරිපත් කිරීම.

-ජනතාවගේ දැනුම මට්ටම වර්ධනය.

-නවීන තාක්ෂණික ක්‍රියා මාර්ග අනුගමනය කිරීම.

2013 යාන් භූමිකම්පාව

සිචුවාන් යාන් භූමිකම්පාව සිදුවූයේ, 2013 අප්‍රේල් 20 දිනදී බීජිං වේලාවෙන් (UTC+8) 08:02 වේලාවටය. අපිකේන්ද්‍රය පිහිටා තිබුනේ චෙන්ඩූ වෙතින් 116 කිමී පමණ ඈතින් පිහිටි චීනයේ, සිචුවාන්හී, යාන්හී, ලූෂං ප්‍රාන්තය අසබඩය. භූමිකම්පාවේ විශාලත්වය, චීන භූමිකම්පා දත්ත කේන්ද්‍රය විසින් Ms 7.0 ලෙසින්ද, USGS විසින් Mw 6.6 ලෙසින්ද, EMSC විසින් Mw 6.6 ලෙසින්ද සහ JMA විසින් Mj 6.9 ගණනය කර තිබුණි.

2016 අරණායක නායයාම

ක්‍රි.ව. 2016 මැයි 17 වන දින ශ්‍රී ලංකාවේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් අරණායක සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 144 දෙනෙක් (මැයි 19 වන විට) අතුරුදන් විය.

අප්‍රේල් 2011 ෆුකුෂිමා භූ චලනය

2011 අප්‍රේල් 11වන සඳුදින ජපාන සම්මත වේලාවෙන් 17:16 ට (සමායෝජිත විශ්ව වේලාවෙන් 08:16 ට) ජපානයේ ෆුකුෂිමා, හමදොරි කලාපයේ

මෙම භූ චලනය හටගත්තේ ඒකක 7.1 ක විශාලත්වයකින්යුතුවය. බටහිර ඉවාකි ප්‍රදේශයට කි.මි. 36 පමණ දුරින් රට අභ්‍යන්තරයට වන්න පොලව මට්ටම්න් කි.මි. 13 පමණ ගැඹුරින් අන්තර් භූකාරක තල සෙලවීම නිසා ඇති වූ පසුකම්පන තත්වය හේතුවෙන් මෙය හටගන්නා ලදී. මේ හේතුවෙන් ප්‍රදේශය පුරාවට පැතිරී ගිය තදබල සෙලවීම් තත්වයක් හටගැනුනි. මෙය එම වසරේ මාර්තු 11 දින ඇතිවූ ටෝහොකු භූ චලනයට පසුව ඇතිවූ ප්‍රභලතම පසු කම්පනය ලෙසද සැලකිය හැකිය.

සාමාන්‍ය විභේදන ආකාරයේ (එක් භූ තලයක් මත අනික පහලට ලිස්සායාම) භූ චලනයක් මත හටගත් මෙම තත්වය හේතුවෙන් යාබද කඳුකර ප්‍රදේශ වල නායයෑම් ගණනාවක් සිදුවිය. භූ චලනයෙන් අනතුරුව නිවාස 220,000 කට පමණ විදුලිය විසන්ධි වූ අතර ගිනිගැනීම් කීපයක්ද වාර්තාවිය. බලධාරීන් විසින් සුනාමි අනතුරු තත්වයක් ප්‍රකාශ කලද පැහැදිලිව දැකියහැකි තරම් රළ තරංග වැඩිවීමක් නොවිණි. කම්පනය නිසා ගොඩනැගිලිවලට සුළු අලාභ හානි සිදුවුණු අතර පුද්ගල මරණ හතරක් සහ තුවාල වීම් දහයක් පමණ වාර්තාවිය.

ඒ.එන්.එස්. කුලසිංහ

අරුමාදුර නන්දසේන සිල්වා කුලසිංහ (උපත​:1919 ඔක්. 26) ශ්‍රී ලාංකික සිවිල්, යාන්ත්‍රික​, විදුලි හා නාවික ඉංජිනේරුවරයෙකි. ඔහු විසින් පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලද​ ගන්නා ලද කුලසිංහ පෙරසවි කොන්ක්‍රීට් තාක්‍ෂණය නිසා, කොන්ක්‍රීට් කුලසිංහ යන අන්වර්ථ නාමයෙන් වඩාත් වඩාත් ප්‍රකට විය​.

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, සම්බුද්ධ ජයන්ති චෛත්‍යය​, කොත්මලේ මහවැලි මහා සෑය හා කළුතර බෝධිය චෛත්‍යය මොහුගේ ඉදි කිරීම් අතර කැපී පෙනෙන නිර්මාණ ය.

කොළඹ ග්‍රහලෝකාගාරය හෝ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය හෝ පොල්ගොල්ල වේල්ල හෝ එකවරක් පමණක් නොව කිහිපවරක් දකින්නකු තුල වුවද විස්මයක් හටගනු නො අනුමානයි.එහි නිර්මාතෘවරයා වන්නේ ආචාර්ය ඒ.එස්.එන්. කුලසිංහ මහතාය.ශ්‍රි ලංකාවේ කොන්ක්‍රීට් විශ්වකර්මයා ලෙස හැඳින්වෙන ඔහු චෛත්‍යය,තට්‍ටු නිවාස,ආයතන,ගොඩනැගිලි,වරාය,පාලම් යනාදී වශයෙන් ඉදිකිරීම් ගණනාවක නිර්මාතෘවරයා වේ.බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවත නිදහස ලැබූ රාජ්‍යන් අතරින් ශ්‍රී ලංකාව 1948න් පසු බුද්ධිමත් දක්ෂ විද්‍යාඥයන් කිහිපදෙනෙකුම බිහිකල අතර ආචාර්ය කුලසිංහ මහතා ද ඔවුන් අතර එක් අයකු බව ආතර් සී. ක්ලාක් මහතා වරක් පවසා සිටියා.

1919 දී ජාඇළ උදම්විට උපන් ඒ.(අරුමාදුර) එන්.(නන්දසේන) එස්.(සිල්වා) කුලසිංහ අධ්‍යාපනය ලැබුවේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා කොටහේන ශාන්ත බෙනඩික් විදුහල හා කොළඹ තාක්ෂණික විද්‍යාලයෙනි.ඔහු රාජ්‍ය ඉංජිනේරු සංස්තාවේ නිර්මාතෘ හා ප්‍රථම සභාපති වන අතර ශ්‍රී ලංකා ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයද (NERD) ආරම්භ කරන ලද්දේ ඔහු විසිනි.විවිධ අවදීන්හි විවිධ ආයතනවල නිලතල දැරූ කුලසිංහ මහතා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සම්මාන ගරු බුහුමන් බොහෝමයක් ලබා ඇත.1979 දී මොර‍ටුව විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධිය පිරිනමන ලදී.පෙරසවි තාක්ශණය (Pre-Cast Concrete) හඳුන්වාදීමේ පුරෝගාමියා වන්නේ ආචාර්ය කුලසිංහ මහතාය.ඒ අනුව ඔහු ඉදිකිරීම් ‍රැසක් කර තිබෙනවා.වරක් ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයෙක් නිවාස ඉදිකිරීම් සඳහා අඩු වියදම් තාක්ෂණික උපදෙස් ගැනීමට මැලේසියාවට ගොස් තිබෙනවා.එහිදී මැලේසියානු නිවාස හා ඉදිකිරීම් ඇමතිවරයා පවසා ඇත්තේ මෙවැන්නකි;"අපද නිවාස ඉදිකිරීම් කටයුතු වලදී තාක්ෂණික උපදෙස් ගත්තේ ඔබේ රටින්.(ඒ කියන්නේ කුලසිංහ නමැති දක්ෂ ඉංජිනේරුවරයාගෙන්)එහෙම අය ඔබ රටේ සිටිද්දී ඔබලා ඇයි එන්නේ අපෙන් උපදෙස් ගන්න" යනුවෙනි.කුලසිංහයන් මැලේසියාවේ පමණක් නොව ඉන්දුනීසියාව,සිංගප්පූරුව,පිලිපීනය,තායිලන්තය වැනි රටවලද උපදේශක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇත.

පෙරසවි තක්ෂණය ඇතුළු විවිධ තාක්ෂණික විධික්‍රම 25ක් පමණ කුලසිංහයන් සොයාගෙන තිබෙන බව පැවසෙනවා.කොළඹ වරායේ සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍යය,මාලිගාවත්ත මහල් නිවාස පිහිටි තැන 1960 ගණන්වල තිබුනේ විශාල මඩ වගුරකි."කුලසිංහට පුළුවන්ද ඔය මඩ වගුරේ ගෙවල් හදන්න." ආර්. ප්‍රේමදාස මහතා දිනක් කුලසිංහගෙන් අසා ඇත."හා හොඳයි." ඒ කුලසිංහගේ පිළිතුරයි.එම මඩ වගුරේ තට්‍ටු හතරේ ගෙවල් හැදුවේ එලෙසිනි.ඉන්පසු නාරාහේන්පිට මහල් නිවාසත් ඔහු යටතේ ඉදි කෙරුණා.කුලසිංහයන්ගෙන් සිදුවු මහානාර්ඝ සේවයක් වන්නේ වසර 30කින් ඉදිකිරීමට යෝජිතව තිබූ මහවැලි ව්‍යාපෘතිය වසර 6කින් නිම කිරීමයි.කඩිනම් මහවැලි ව්‍යාපෘතිය යටතේ වු නළ මාර්ග හා විදුළිබල මධ්‍යස්තාන ඇතුළුව වික්ටෝරියා,කොත්මලේ,මාදුරු ඔය,රන්දෙණිගල,රන්ටැඹේ ජලාශ ඉදිකිරීම් කටයුතු අධීක්ෂණය කලේ කුලසිංහයන් විසිනි.එකල නායයෑම් වලට හේතුව මහවැලි කඩිනම් කිරීම බව ඇතැමුන් චෝදනා කරද්දී කුලසිංහ මහතා තර්කානුකූලව පෙන්වා දුන්නේ ඊට හේතුව වන්නේ කැපීමෙන් සිදුවන පස සෝදායාම බවයි.ධීවර වරාය ගණනාවකම නිර්මාතෘ වන කුලසිංහ මහතා හම්බන්තොට වරාය ගැන කලකට ඉහතදී දැක්වූ ආකල්ප මොනතරම් සාධනීයදැයි ඔහුගේ පහත ප්‍රකාශයෙන් සාක්ෂාත් වනවා."හම්බන්තොට වරායක් හැදුවොත් ලංකාවට විශාල ආදායමක් එනවා.ඒක මහවැලියටත් වඩා විශාල ව්‍යාපෘතියක් වෙනවා.මුළු වැඩේම අපිටම කරන්න පුළුවන්;පිටරට උදව් නැතිව." මිරිස්ස,තංගල්ල,යාපනය,බේරුවල ධීවර වරායන් කුලසිංහයන්ගේ නිර්මාණ වේ.තාර ඇතිරූ මහාමර්ග වෙනුවට කොන්ක්‍රීට් දැමීම,දුම්රිය මාර්ගවල දැව සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර දැමීම,පූට්‍ටු පාලම් ඉදිකිරීම් කුලසිංහයන්ගේ අධීක්ෂණය යටතේ සිදු වූ තවත් වැදගත් ක්‍රියාකාරකම් වේ.

දුම්රිය මාර්ගවලට කොන්ක්‍රීට් සිල්පර දැමීමෙන් 25% ක පමණ මුදලක් ඉතිරි කරගත හැකි බවත් ඔහු පෙන්වා දුන්නා.දේශීය ඉංජිනේරුවන්ගේ ශිල්පීය හැකියාව කෙරෙහි කුලසිංහයන් සියයට සීයක් විස්වාසය තැබුවා.විදේශීය උපදෙස් ගැන ඔහු ඒතරම් තැකීමක් කළේ නැහැ.ඔහු ඇතැම් අවස්ථාවලදී විදේශීය ඉංජිනේරුවන් සමග ගැ‍ටුණු බවක්ද සඳහන් වෙනවා.ඊට හොඳම නිදර්ශනයක් තමයි මාදුරු ඔය ජලාශයේ ඉදිකිරීම්.මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පැවතියදී ඉහළින් ලැබුණු නියෝගයකින් කියැවුණේ ඉදිකිරීම් වහාම නවතා දමන ලෙසයි.එයට හේතුව වූයේ කැනඩාවෙන් ඉංජිනේරු කණ්ඩායමක් පැමිණීමයි.මෙයින් වියදම සිවු ගුණයක් වන බවත් කිසියම් ප්‍රමාදයක් සිදුවන බවත් කුලසිංහයන් පෙන්වා දුන් නමුත් වගකිව යුත්තන් ඒ පිළිබඳ තැකීමක් කලේ නැත.

මිලියන 650 කින් නිමකරන්නට සැලසුම්කර තිබූ මෙම ජලාශය විදේශ ආධාර යටතේ ඉදිකිරීම සඳහා මිලියන 2800 වැයකිරීමට සිදුවීම,එපමණක් නොවේ දේශීය සැලසුම්වල මෙගාවොට් 6ක විදුලි බලාගාරයක් ද ඇතුලත් විය.එහෙත් කැනඩා සැලසුම්වල එවැන්නක් තිබුනේ නැත.එම ඉන් ලැබෙන වාසියද ලංකාවට අහිමි විය.එහි ප්‍රතිඵලය වූයේ මාදුරු ඔය ජලාශයේ ජලය අපතේ යාමයි.

භූ චලනය - භූචලන හා එහි ප්‍රතිඵල

1755 - ලිස්බන් නගරයේ වු භූචලනයයි.

1906 - සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර භූ චලනය

1964 - ඇන්කෝරා ඇලෙක්සිකාහි භූ චලනය

1985 - මැක්සිකෝ සිටි හි භූ චලනය සහ එහි සිදුවු ව්‍යසනය

1988 - ආමේනියාහි භූ චලනය

1989 - ලෝමා ප්‍රියෝටා හි භූ චලනය

1994 - නිරිත දිග වැටියෙහි සිදුවු භූ චලනය

1995 - කෝබේ හි භූ චලනය

2004 - වෙළසුඉ හි භූ චලනය

භූචලන

පෘථිවි කබොල සෙලවීම භූචලන නම්වේ. ප්‍රභල භූචලනයන් භූමිකම්පා නමින් හැඳින්වේ.

මීරියබැද්ද නායයාම 2014

2014 ඔක්තෝම්බර් 29 වන දින ශ්‍රී ලංකාවේ බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ලේ සිදුවූ නායයාමෙන්, පුද්ගලයෝ 36 දෙනෙකු පමණ මරණයට පත්විය.

වැසි සමය

බොහෝ දේශගුණික කලාප වලට සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය පතිත වන සමය වැසි සමය, මෝසම් සමය හෝ වර්ෂා සහිත සමය ලෙස හැදින්වේ.මෙම සමය සමාන්‍යයෙන් මාසයක් හෝ මාස කිහිපයක් පුරාවට පවතී.සංචාරක අධිකාරීන් විසින් හරිත සමය ලෙසද එය හදුන්වනු ලැබේ.නිවර්තන සහ උපනිවර්තන කලාප හරහා මෙම වර්ෂා සහිත කලාප විසිරී විහිදී පවතී.kroppen දේශගුණික වර්ගීකරණය යටතේ අර්ථ දක්වා ඇති පරිදි නිවර්තන දේශගුණික කලාප සදහා සාමන්‍ය වර්ෂාපතනය මි.මි 60 ක් වන මාසයක්, වර්ෂා සහිත මාසයක් ලෙස හැදින්වේ.වෙනත් ආකාරයකින් නම් සැවානා දේශගුණික කලාප සහ මෝසම් කලාප, මධ්‍යධරණී දේශගුණික කලාප වල තෙත් ශීත ඍතුවක් සහ වියළි ගිම්හාන ඍතුවක් පවතී.නිවර්තන වර්ෂා වනාන්තර වල සාමාන්‍යව විහිදී පවත්නා වර්ෂාපතනයක් සහිත නිසා, එවායේ විශේෂ වියළි සමයක් හෝ තෙත් සමයක් නොපවතී.උෂ්ණ සමය මැද දී වර්ෂාපතනයේ පැවතීමත් දැකිය හැක.

උෂ්ණ ඍතුවේදි හෝ ගිම්හාන ඍතුවේදි වැසි පවතින විට උදෑසන අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ප්‍රධාන වශයෙන්ම වැසි පතිත වීම සිදුවේ.වර්ෂා කාලයේදී වාතයේ ගුණාත්මක බව වැඩි දියුණු වීම,ජලයේ ගුණාත්මක බව වැඩි වීම සහ ගහකොල සාරවත් ලෙස වැඩීමක් සිදු වන අතර වර්ෂා සමය අවසන් වන විට ඉහල බෝග අස්වැන්නක් ලැබීමද සිදුවේ.අධික වර්ෂාව හේතුවෙන් ගංගා පිටාර ගැලීමක්, සමහර සතුන් උස් බිම් වලට පසු බැසීමක්, සිදුවන අතර මේ සමය තුලදී පාංශු සාරවත් හීනවීම සහ පාංශු ඛාදනයද සුලභව දැකිය හැක.වැසි සමය සහ ඉහල උෂ්ණත්වය එකට පවත්නා ප්‍රදේශ වල මැලේරියා රෝගී තත්වයද ව්‍යාප්ත වේ.අධික වර්ෂාපතනය සදහා සතුන් අනුවර්තනය වන අතර ඔවුන් විශේෂ යැපීමේ උපක්‍රම ඒ සදහා භාවිතා කරයි.

ශ්‍රි ලංකා සිවිල් ආරක්ෂක බලකාය

ශ්‍රි ලංකා සිවිල් ආරක්ෂක බලකාය (සිවිල් ආරක්ෂක බලකාය,ආරම්භයේදි ජාතික නිවාස ආරක්ෂක බලකාය ලෙසද හදුන්වයි ) යනු යුධහමුදා බලඇණිවලට සමාන බලකායකි.එය ශ්‍රි ලංකා පොලිසියට සහකාරකයක් ලෙස කටයුතු කරයි.එය සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව මගින් පාලනය කරයි.

1985 අංක 40 දරණ හමුදා පනත යටතේ ජාතික නිවාස ආරක්ෂක බලකායට අදාල ක්‍රියාකාරකම් පිහිටුවන ලදී. දේශිය පොලිස් විධානය යටතේ දේශිය ග්‍රාම ආරක්ෂකයන් පැමිනෙන ලදි.ඔවුහු සියල්ලම එල්ටීටීඊ ප්‍රහාරයනගෙන් සිවිල් ජනතාව ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ උපන් නගරවල හා ගම්වල යොදවන ලද ස්වේච්චා සේවකයන්ය. සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව පිහිටුවීමත් සමග ග්‍රාම ආරක්ෂකයන් , සිවිල් ආරක්ෂක බලකාය ලෙස නැවත පත් කරන ලද අතර ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පථය යටතේ පැමිනෙන ලදී . ශ්‍රි ලංකා යුධහමුදාවේ ස්වේච්චා

සංචිත බලඇණියක් වන ශ්‍රි ලංකා ජාතික ආරක්ෂනය මගින් බලය පැහැදිලි වේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වත්මන් අධ්‍යක්ෂක ජනරාල් මහතා චන්ද්‍රරත්න පල්ලේගම ( MA, BSc (Hons), PgD, JP (All-Island), FCPM, MAAT (SL) ) වේ.

ශ්‍රී ලංකාව තුළ වන විනාශය

වන විනාශය යනු ශ්‍රී ලංකාව තුළ පවතින වඩාත් බරපතල පාරිසරික ගැටලු වලින් එකකි.වර්ෂ 1920 දී,දිවයින සතුව පැවති වන වැස්ම 49% ක් වූ අතර වර්ෂ 2005 වන විට එය ආසන්න වශයෙන් 20% ක් දක්වා පහත වැටී ඇත. වර්ෂ 1990 -2000 අතර කාල පරාසයේදී මධ්‍යන්‍ය අගයක් ලෙස වසරකට හෙක්ටයාර 26800 බැගින් වන ගහනය අඩු වී ඇත.මේ අනුව සාමාන්‍ය වාර්ශික වන විනාශ සීඝ්‍රතාව 1.14% ක් පමණ වේ. වර්ෂ 2000 – 2005 අතර කාල සීමාව තුල මෙම සීඝ්‍රතාව වසරකට 1.43% කින් වැඩි වී ඇත. කෙසේ වුවත් පාරිසරික ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්ති සහ නීති වල දීර්ඝ ඉතිහාසය හමුවේ සංරක්ෂණ මිනුම් වලට අනුව 1990 වසරේ සිට ප්‍රාථමික වන වැස්මේ වනනාශන සීඝ්‍රතාව 35% කින් පමණ අඩුවී ඇත. ශ්‍රී ලංකාවේ දකුණුදිග කඳුකර කලාපයේ පවතින ස්වාභාවික පරිසර ආරක්ෂාව නිසා එහි වනනාශනය, උතුරුදිග කඳුකර කලාපයට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමක නැත.

ශ්‍රී ලංකාවේ ස‍්වභාවික විපත්

ශ්‍රී ලංකාව කුණාටු, සුනාමි, ගං වතුර සහ නායයෑම් ස්වභාවික විපත් ලෙස අත්විඳින රටකි.

හැටන්

හැටන් නගරය (කඳුකරයේ සාම නගරය) ශ්‍රී ලංකාවේ අයත්වන්නේ මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක 3න් සුන්දරතම දිස්ත්‍රික්කයක් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. එහි නුවරඑළිය නගරය හැරුණු විට දෙවන ප්‍රධානතම නගරය වන්නේ හැටන් නගරයයි. සුන්දර කඳුකර පෙදෙසක පිහිටා ඇති ‍‍මෙම ප්‍රදේශය, සානුවක පිහිටා ඇති අතර, එය හැටන් සානුව ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම නුවරඑළිය-මස්කෙලිය ඡන්ද කොට්ඨාශයටත් අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, හැටන් දික්ඔය නගර සභා පාලන සීමාවටත් අයත්වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.