නවීන විද්‍යාව

විශ්වය පිළිබඳ පරික්‍ෂාකර බැලිය හැකි, විස්තර කිිරීම් සහ අනාවැකි පලකල හැකි ආකාරයේ වන්නාවූ දැණුම බිහිකරණ සහ සංවිධිත කරණ සහ ක්‍රමවත් කර්තව්‍යය නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව නම්වේ. විද්‍යාව යනු භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හා තාරකා විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර වල එකතුවකි.

නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි.

විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම්,

  • ඔප්පු කරනලද විද්‍යාව
  • උපකල්පන විද්‍යාව

විද්‍යාත්මක උපකරන උපයෝගි කරගෙන පරියේෂණ මගින් ඔප්පුකරගත් දෑ පලමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමටද හැක, අසත්‍ය වීමටද හැක. උදාහරණයක් මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පුකල දෙයකි එය පලමු වර්ගයට අයත්වේ. මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පුකල දෙයක් නොවේ විශ්වයේ බිහිවීම පිලිබදව පැවසීමේදී. ආරම්භයේ නෙබියුලා “Nebulae” යයි පවසන ආකාරයේ පැවතී වස්තුව පිපිරීම නිසා තරු බිහිවු බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවු බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවු බවත්, පවසන ලදී. පසුව මෙය සම්පුර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්යයා ඇති නොවු බවත් සුර්යයාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහා අනිකුත් ග්‍රහ වස්තුන් සියල්ල එකවිට ඇතිවු බව පවසන ලදී. මෑතක් වනතුරු පැවසුවේ ″විශ්වය සදාකල් පැවතුනු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය″ මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැදින්විය. පසුව එය ප්‍රතික්‍ෂේප කොට මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කරන ලදී. මේ වනතුරු මෙම වාදයන් ඔප්පුකොට නැත. මේවා උපකල්පනයන් පමණි. මෙය දෙවනි වර්ගයට අයත්වේ.

The Scientific Universe
විශ්වයේ පරිමාණයන් විද්‍යාවේ ශාඛා වලට අනුරූපණය කර ඇති අන්දම.

විද්‍යාවේ ඉතිහාසය

විද්‍යාව යන යෙදුම

Science යන ඉංග්‍රීසි වචනයේ සිංහල පරිවර්තනය ලෙස ක්‍රි.ව. 1850 පමන සිට සිංහල වචනය ලෙස නවීන විද්‍යාව යන්න යොදා ගැනිනි. පසුව ක්‍රමයෙන් නවීන යන්න යෙදීම අඩුවිය. විද්‍යව හෙවත් විජ්ජා යන්නට බුදු දහමේ සහ නිවැරදි සිංහල තේරුම එයින් විකෘති විය. Science යන වචන‍යේ නිවැරදි පරිවර්තනය වේද විය යුතුව තිබුනු බව සමහර වියතුන්‍ සඳහන් කරයි. ‍මෙම ගැටළුව නිරාකරණය පිණිස සයන්ස් හෝ බටහිර-විද්‍යාව යන යෙදුම් මෙහි භාවිතා කෙරේ.

විද්‍යාත්මක ක්‍රමය

විද්‍යාත්මක ක්‍රමය (හෙවත් නවීන විද්‍යාත්මක ක්‍රමය) යනු පවතින දැනුමක් නිවැරදි කිරීම, පවතින දැනුම ඒකාබද්ධ කිරීම හෝ නව දැනුම නිර්මාණය කිරීම පිණිස යම් සංසිද්ධියක් විමර්ෂණය කිරීම පිණිස යොදාගන්නා නවීන විද්‍යාත්මක ශිල්පක්‍රම වල එකතුවයි.[1] ගැටළුව හොඳින් සොයා බලලා නිසි පදනමක් ඇතිව, තාර්කිකව පිළිතුරක් ලබාගන්න ක්‍රමයකි. බොහොමයක් විද්‍යාත්මක පරීක්ෂණ වලට භාවිතා කරනු ලබන්නේ මේ ක්‍රමයයි.[2][3] විද්‍යාත්මක ක්‍රමය යම් ගැටළුවක් තාර්කිකව විසඳා ගැනීමටත් නිරවද්‍යතාවයෙන් ඉහළ පිළිතුරු ලබාගැනීමටත් ඉතා හොඳ දර්ශකයකි. ගැටළුව විසඳා ගැනීමේදී අනුගමනය කල යුතු ක්‍රියා මාර්ග විද්‍යාත්මක ක්‍රමය මගින් පියවරින් පියවර සපයනු ලැබේ.

විද්‍යාවේ දර්ශනය

Bose Einstein condensate
Velocity-distribution data of a gas of rubidium atoms, confirming the discovery of a new phase of matter, the Bose–Einstein condensate.

විද්‍යාත්මක ප්‍රජාව

ක්ෂේත්‍ර

Meissner effect p1390048
The Meissner effect causes a magnet to levitate above a superconductor

ආයතන

Académie des Sciences 1671
Louis XIV visiting the Académie des sciences in 1671.

ආශ්‍රිත

  1. Goldhaber & Nieto 2010
  2. "[4] Rules for the study of natural philosophy", Newton transl 1999, pp. 794–6, after Book 3, The System of the World.
  3. Oxford English Dictionary – entry for scientific.

ආශ්‍රිත ලිපි

බාහිර සබැඳි

1501

1501 වසර (MDI) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1502

වසර 1502 (MDII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, සෙනසුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1503

වසර 1503 (MDIII) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

1504

1504 වසර (MDIV) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර, සඳුදා දිනයකින් ඇරඹෙන අධික අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය.

ඇරෝමැටිකතාව

කාබනික රසායන විද්‍යාවෙහි, ඇරෝමැටිකතාව යන පදය භාවිතා කරනු ලබන්නේ, එම පරමාණු ගොන්නම වෙනත් ජ්‍යාමිතික හෝ සම්බන්ධතා ආකාරයකට සකස් කලේ නම් එවැන්නක ස්ථායිතාවයට වඩා වැඩි ස්ථායිතාවයක් ලබා දෙන්නාවූ සම්ප්‍රයුක්තතා බන්ධන වළයක්ද සහිත චක්‍රීය (වළලු-හැඩැති), තලයාකාර (පැතැලි) අණුවක් සඳහාය. ඇරෝමැටික අණු ඉතාමත් ස්ථායි වන අතර, අනෙකුත් ද්‍රව්‍ය හා සමගින් ප්‍රතික්‍රියා කිරීම සඳහා පහසුවෙන් විඛණ්ඩනය නොවෙයි. ඇරෝමැටික නොවන කාබනික සංයෝග වර්ගීකරණය කෙරෙන්නේ ඇලිපැටික සංයෝග ලෙසිනි—ඒවා ඇලිචක්‍රීය විය හැකි මුත්, විශේෂ ස්ථායිතාවය (අව ප්‍රතික්‍රියතාව) දක්වන්නේ ඇරෝමැටික වළයන් පමණි.

ඇරෝමැටික සංයෝගයන් අතුරින් බහුලතමයක් බෙන්සින් ( පෙට්‍රෝලියම් සහ එහි ආසූතයන් තුල බහුල ලෙසින් හමුවන ඇරෝමැටික හයිඩ්‍රෝකාබනයකි) වල ව්‍යුත්පන්න වන බැවින්, ඇතැම්විට අරෝමැටික යන පදය වෙතින් අනුපචාරාත්මක ලෙසින් හැඳින්වෙන්නේ බෙන්සින් ව්‍යුත්පන්න වන අතර ආදිතම අර්ථදැක්වීම වෙතින්ද එසේ අදහස්ව ඇත. කෙසේවෙතත්, බෙන්සින්-නොවන ඇරෝමැටික සංයෝග බොහොමයක් පවතියි. ජීවීන් තුල, නිදසුනක් වශයෙන්, වඩාත් බහුල ඇරෝමැටික වළයන් වන්නේ ආර්එන්ඒ සහ ඩීඑන්ඒ සඳහා වන ද්විත්ව-වළයාකාර පාදකයන් වෙති. ඇරෝමැටික් ක්‍රියාකාරී කාණ්ඩයක් හෝ වෙනත් ආදේශකයක් හැඳින්වෙන්නේ ඇරිල් කාණ්ඩයක් ලෙසිනි.

ග්‍රහයෝ

තාරකාශාස්ත්‍රයන්හීදී අහසේ තාරකා වලට සාපේක්ෂව චලනය වන්නාවූ (ගමන් කරන්නාවූ) වස්තූ සහ ගණිතමය ලක්ෂයන් ග්‍රහ හෙවත් ග්‍රහයෝ යන නාමයෙන් හැඳින්වේ.

ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය

ඉන්දියවේ සහ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික තාරකාශාස්ත්‍රය ජ්‍යෝතිෂ්ශාස්ත්‍රය හෙවත් ජ්‍යෝතිෂය නමිවේ.

ජෛව රසායන විද්‍යාව

ජෛව රසායන විද්‍යාව යනු ජීවින්ගේ සිරුර තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියා පිළිබදව සිදුකරන අධ්‍යයනයයි. මෙහිදී ප්‍රෝටීන, කාබෝහයිට්‍රේට, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල සහ වෙනත් ජෛව අණු වැනි සෛලීය ද්‍රව්‍යවල ව්‍යුහය හා කෘත්‍ය පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. රසායනික ජීව විද්‍යාව (Biochemistry) මගින් ජෛව රසායනික විද්‍යාවේ ඇති වන යම් යම් ගැටළුවලට රසායනික සංස්ලේෂණය මගින් විසදුම් ලබාදේ.

විවිධ ආකාරයේ ජෛව අණු විශාල ප්‍රමාණයක් තිබුණද ඒවායින් බොහෝමයක් සංකීර්ණ විශාල බහු අවයවික අණු වන අතර (Polymers) මේවා සෑදි ඇත්තේ ඒ හා සමාන පුනරාවර්ථනය වන ඒක අවයවික කුඩා උප ඒකක මගිනි. (Monomers) ඉහත සදහන් කළ බහු අවයවික ජෛව අණු සදහා විවිධ ආකාරයේ උප ඒකක වර්ග ඇත. උදාහරණයක් ලෙස ප්‍රෝටීන යනු ඇමයිනෝ අම්ල 20 ක් ‍හෝ වැඩි ප්‍රමාණයකින් සෑදි ඇති බහු අවයවිකයකි. ජෛව රසායනික විද්‍යාවේදී ප්‍රෝටීන වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණාංගයන් පිළිබදව අධ්‍යයනය කරනු ලබයි. උදාහරණයක් ලෙස එන්සයිම මගින් උත්ප්‍රේරණය වන ප්‍රතික්‍රියා පිළිබදව මෙහිදී අධ්‍යයනය කරයි.

සෛල පර්වෘත්තියෙහි සහ අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනික විද්‍යාව පිළිබද වඩාත් පුළුල් ලෙස විග්‍රහ කර ඇත. ජෛව රසායනික විද්‍යාවේ වෙනත් ක්ෂේත්‍රයන් වනුයේ ඩී.එන්.ඒ සහ ආර්.එන්.ඒ වැනි ජාන කේත , ප්‍රෝටීන් සංස්ලේෂණය, සෛල පටලවල පරිවහණය සහ සංඥ‍ා ගමනා ගමනය පිළිබදව කරන අධ්‍යයනයන්ය.

ජෛව රසායන විද්‍යාව (ග්‍රීක භාෂාවෙන් βίος, bios, ‘ජීවිතය’ හා ඊජිප්තුව භාෂාවෙන් kēme , ‘පෘථිවිය’) යනු සජීවී පටකවල රසායනික ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමයි. ප්‍රෝටීන , කාබොහයිඩ්‍රේට් , ලිපිඩ , න්‍යෂ්ටික අම්ල හා අනෙකුත් ජෛව අණු වැනි සෛලික අංගවල ක්‍රියාකාරිත්වය හා ව්‍යුහය පිළිබදව කටයුතු කරයි. ජෛව රසායනය තුළින් නැගෙන බොහෝ ප්‍රශ්නවලට රසායනික විශ්ලේෂණ තුළින් දියුණු කරන ලද මෙවලම් භාවිතයෙන් පිළිතුරු සැපයීමට රසායනික ජිව විද්‍යාව උත්සාහ දරයි.

විවිධ ජෛව අණු විශාල සංඛ්‍යාවක් තිබුණ ද බොහොමයක් එක සමාන පුනරාවර්තී උප ඒකක (ඒක අවයවක ලෙස හදුන්වන) විශාල සංඛ්‍යාවක එකතුවෙන් ඇතිවන විශාල හා සංකීර්ණ අණු වෙයි. (බහු අවයවක ලෙස හදුන්වන) සෑම බහු අවයවක ජෛව අණු කණ්ඩායමකටම වෙනස් උප කොටස් කාණ්ඩ ඇත. උදාහරණ ලෙස ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල 20 ක් දක්වා හෝ ඊට වැඩි ප්‍රමාණයකින් සෑදී ඇති බහු අවයවයකි. ජෛව රසායනය ප්‍රෝටීන් වැනි වැදගත් ජෛව අණුවල රසායනික ගුණ අධ්‍යයනය කරයි. විශේෂයෙන් එන්සයිමීය උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවල රසායනය.

සෛල පරිවෘත්තීය හා අන්තරාසර්ග පද්ධතියෙහි ජෛව රසායනය පුළුල් ලෙස විස්තර කර ඇත. ජෛව රසායනයේ අනෙකුත් අංශවලට ප්‍ර‍ෙව්ණි කේත (DNA , RNA) , ප්‍රෝටීන් සංස්ලේෂණය , සෛල පටල ප්‍රවාහනය හා සංඥා සම්ප්‍රේෂණය ඇතුළත් වේ.

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ භෞමික ජෛව විද්‍යාව පිළිබදව පමණි. කාබන් සහ ජලය පදනම් කරගත් දැනට පවතින සියලු ජීවී ප්‍රභේද පැවැත එන්නේ එකම පොදු පූර්වජයාගෙන් නිසා ඒවාට පවතිනුයේ සමාන ජෛව රසායනයි. වෙනස් ජෛව අණුවල අත්පුරුව වැනි මූලිකවම පදනමක් නොමැති දේවලට පවා එය එසේමය. විකල්ප ජෛව රසායනයක් පැවතීම හෝ එහි ප්‍රායෝගික බව නොදන්නා කරුණකි.

තාරකාශාස්ත්‍ර සහ නවීන විද්‍යාව

තාරකාශාස්ත්‍ර යනු තාරකා විද්‍යාත්මක සංසිද්ධි සහ සිදුවීම් සමඟ සබැඳි මානව විශ්වාස විශාල ප්‍රමාණයක එකතුවකින් සමන්විත විෂයකි. නමුත් සවිස්තරව ලෝකය විස්තර කිරීමට දක්වන නොහැකියාව හේතුවෙන් නවීන විද්‍යාත්මක ප්‍රජාව විසින් තාරකාශාස්ත්‍ර ප්‍රතික්ෂේප කරනු ලබයි. තාරකාශාස්ත්‍ර පිලිබඳ නවීන විද්‍යාත්මක පරීක්ෂණ ගණනාවක් මේ වන විටත් පවත්වා ඇති අතර තාරකාශාස්ත්‍රනුකූල සම්ප්‍රදායන් මගින් විස්තර කරනු ලබන විෂය කරුණුවල සත්‍යතාව ඔප්පු කල හැකි සාක්ෂි කිසිවක් එමගින් සොයාගෙන නොමැත.

තාරකාශාස්ත්‍ර ඉදිරිපත් කරනු ලබන අනාවැකියක අසත්‍ය බව යම් හෙයකින් ඔප්පු වූ කල එය ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රයේ අසත්‍යතාව ඔප්පුවීමකි. මේ පිලිබඳ සිදුකර ඇති පරීක්ෂණ වලින් වඩාත් ප්‍රසිද්ධ පරීක්ෂණයක් වන්නේ ෂෝන් කාල්සන් විසින් ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥයින්ගෙන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත කමිටුවක් සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණයයි. එම පරීක්ෂණයෙන් නිගමනය වුයේ සූති ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රය මගින් කියනු ලබන අනාවැකි අහඹු ඒවා බවයි. ජ්‍යෝජිතිශ්ශාස්ත්‍රඥ සහ මනෝවිද්‍යාඥ මිෂෙල් ගෞක්ලින් විසින් යමෙකුගේ උපන්දිනය ගැන අනාවැකි පලකල හැකි සංඛ්‍යාමය දත්ත අඟහරුගේ බලපෑම් උපයෝගී කරගෙන සොයාගනු ලැබුවද වැඩි දුර අධ්‍යනයන් සඳහා එම දත්ත භාවිතා කළ නොහැකි විය.

තාරකාශාස්ත්‍ර එහි අධ්‍යනයන් තුල කාර්යසාධකත්වය ඔප්පු කර නොමැති අතර නවීන විද්‍යාත්මක වලංගු බවක් ද නොමැති බැවින් එය නවීන විද්‍යාවට අනුකුල නොවන විද්‍යාවක් ලෙස සලකනු ලබයි.

නවීන විද්‍යාව විසින් පිලිනොගන්නා මත සහ ව්‍යවහාර

නවීන විද්‍යාව විසින් පිලිනොගන්නා මත සහ ව්‍යවහාර ලෙස සලකනු ලබන්නේ නවීන විද්‍යාව විසින් පිලිගත් ක්‍රමවේදයන් අනුගත නොවන, ඔප්පු කිරීම සඳහා සාදක ප්‍රමාණවත් නොවන, විශ්වාසනීය ලෙස පරීක්‍ෂාකල නොහැකි හෝ නවීන විද්‍යාවේ තත්‍වයට නොගැලපෙන මත සහ ව්‍යවහාරවේ.

නවීන විද්‍යාවට අනුකූල නොවන දැණුම සහ ශිල්ප

ලොව පවතින සමහරක් දැණුම සම්භාරයන්, ශිල්ප ක්‍රමයන් විශ්වාස සහ ව්‍යවහාරයන් පහත සඳහන් හේතුවලින් එකක්ක හෝ කිහිපයක් නිසා නවීන විද්‍යාවට අනුකූල නොවන ලෙස සැලකේ.

නවීන විද්‍යාත්මක ක්‍රමයට අනුගත නොවීම

lacks supporting evidence or plausibility

විශ්වාසනීය ලෙස පරික්‍ෂනයට බඳුන්කල නොහැකිවීම

වෙනත් හේතු නිසා නවීන විද්‍යාත්මක තත්වය නොමැතිවීම.[1]

නාඩිශාස්ත්‍රය

තමිල්නාඩුවේ සහ කේරලයේ පවතින ජ්‍යෝතිෂ්ශාස්ත්‍රයේ උප ශාඛාව නාඩිශාස්ත්‍රය නම්වේ.

මේෂ රාශිය

මේෂ (♈) /ˈɛəriːz/ ("බැටළුවා"යන තේරුම ඇති, ඉංග්‍රීසි: Aries) යනු ආකාශ දේශාංශවල පළමු අංශක 30 නියෝජනය කරන, රාශි චක්‍රයේ ඇති පළමු රාශියයි.(0°≤ λ <30º). නිවර්තන රාශි චක්‍රය යටතේ සූර්යයා සෑම වසරකම මාර්තු 21 සහ අප්‍රේල් 21 අතර මෙම රාශිය ඔස්සේ ගමන් කරයි. මෙම කාල සීමාව සත්‍ය වශයෙන්ම සූර්ය හිජ්රි දින දර්ශනයේ පළමු මාසයයි (ෆාර්වර්ඩින්). තාරකා විද්‍යා රාශි චක්‍රය යටතේ, සූර්යයා අප්‍රේල් 15 වන ඩා සිට මැයි 15 දක්වා මේෂ රාශියේ ගමන් කරයි (ආසන්න වශයෙන්). බැටළුවාගේ සංකේතය රන්වන් ලොම් මත පදනම් වේ.සූර්යයා මාර්තු 21 දින මේෂ රාෂියට පැමිනෙන බව තාරකා විද්‍යානුකූලව සදහන් වුවද විවිධ ජොතිෂ්‍යමත අනුව සූර්‍යයා මේෂ රාෂියට පැමෙිනෙන දින වකවානු වෙනස් වේ.කෙසේ වෙතත් තාරකා විද්‍යානුකූලව සූර්‍යයාට පෘථිවිය වටා එක් වටයක් යාමට ගතවන කාලය දින 365.25 නිසා එක් වසරක සිට අනෙක් වසරට යද්දී පැය 6 පසුබැස්මක් සිදුවේ.යලිත් අධික අවුරුද්දක් පැමිනීමත් සමග මෙම වෙනස අඩුවේ.1900 දී සූර්‍යයා මේෂ රාෂියට පිවිසියේ මාර්තු මස 20 දිනයි..

විද්‍යාව, වේදය සහ බටහිර විද්‍යාව

මෙම වචන භාවිතය පිලිබද සම්මුතියක් ඇතිකරගැනීමට සලකාබැලිය හැකි කරුණු ස්වල්පයක් මෙසේ ඉදිරිපත් කරමු.

විද්‍යාව (වක්‍රෝත්තිහරණය)

ඔබට අවශ්‍ය ලිපිය තෝරාගන්න

අාසියාතික භාෂා වලින් විද්‍යා ලෙස භාවිතාවන වචනයේ තේරුම විද්‍යාව බලන්න.

බෞද්ධ සංකල්පමය විග්‍රහය සඳහා විද්‍යාව (බෞද්ධ සංකල්පය) බලන්න.

සයන්ස් යන වදනේ සිංහල පරිවර්ථනය සඳහා නවීන විද්‍යාව බලන්න.

විද්‍යා යන අන්වර්ථ නාමයේ තේරුම සඳහා සරස්වතී බලන්න.

විශ්වවේදය

විශ්වයේ ආරම්භයක් ඇත්නම් එය කෙබඳුද, විශ්වය කෙසේ පරිනාමය වීද යන්න සහ විශ්වයේ අනාගතය කෙබඳු විය හැකිද යන්න සම්බන්ධ නවීන විද්‍යාව විශ්වවේදය නම්වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.