දකුණු දිශාව

පෘථිවයට අදාලව සම්මත ප්‍රධාන දිශා හතරෙන් එකකි. උතුරට විරුද්ධ දිශාව වේ.

අත්පන්දු

වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ක්‍රමයයි. මෙම පතිත කරවීම සිදු කරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි.වොලිබෝල් නීතිරීති මාලාව බොහෝ දුරට විහිදී යන අතර සාමාන්‍යයෙන් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ පෙර පරිදි ප්‍රතිවාදී පිළේ පිටියට පන්දුව පතිත කිරීමෙනි. මෙය ප්‍රතිවාදියා දුර්වල කිරීමකි.

ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.

උත්තරේස්වර ශිව දේවාලය

උත්තරේස්වර ශිව දේවාලය යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියාවේ ඔරිස්සාහි භුබනේස්වර්හි පිහිටි 12වන සියවසට අයත් ශිව දෙවියන්ට කැපකළ හින්දු දේවාලයකි.

කවුඩුල්ල ජාතික උද්‍යානය

මුළු භුම් ප්‍රමාණයෙන් 2/3 ක් මුළුමනින්ම පාහේ වසරේ මාස කිහිපයක් ජලයෙන් වටවී පවතින ශ්‍රී ලංකාවේ එකම ජාතික උද්‍යානය ලෙස කවුඩුල්ල ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. උද්‍යානය මෙම නමින් හැඳින්වීමට මූලික හේතුව වූයේ කවුඩුල්ල ජලාශය අගනා කුරුළු සම්පතක හිමිකාරීත්වය පිළිබඳ සුවිශේෂත්වයක් ලබන හෙයිනි. එසේම අලි, කිඔුලන් ඇතුළු සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයයි.

කවුඩුල්ල ජාතික උද්‍යානය ආශ්‍රිත දැකුම්කළු කවුඩුල්ල ජලාශය රටේ කෘෂිකර්මය පදනම් කරගත් සංස්කෘතික සම්ප්‍රදාය සහ එහි ස්වාභාවික සම්පත් එකට සම්මිශ්‍රණය වු ශ්‍රී ලංකාවේ ජලාශ්‍රිත ශිෂ්ටාචාරයෙහි ගෞරවනීය අංගයකි. අක්කර අඩි 104,000 ධාරිතාවයකින් යුතු කවුඩුල්ල ජලාශය ක්‍රි.ව 3 වන සියවසේදී ඉදිකරනු ලැබූ කීර්තිමත් මහසෙන් රජුගේ සොහොයුරියක් විසින් ඉදිකර ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වේ.

විශාල සහ පුළුල්ව පැතිරුණ ජල පෝෂක ප්‍රදේශයක් මෙම ජලාශය සතුවන අතර සැලකිය යුතු අලි ගහණයක් සහ සාරවත් ජෛව විවිධත්වයක පැවැත්මට උපකාරී වේ. කවුඩුල්ල ජාතික උද්‍යානය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සිංහල පත්තුවේ මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අයත්ය. උතුරු දකුණු දිශාව ඔස්සේ විහිදී ඇති මීටර් 60-500 උසකින් යුතු කඳු පන්තිය උද්‍යානයේ බටහිර මායිමට යාබදව පිහිටා ඇත. කවුඩුල්ල ජලාශය සහ කටුපඳුරු සහිත ලඳු කැලෑව උද්‍යානයේ නැගෙනහිර දෙසට විහිදී ඇති අතර යෝධ ඇළ දකුණු මායිමේ සිට අතුරු මායිම දක්වා ගලා ගෙස් කන්තලෙන ඔබ්බට ගමන් අරඔයි. උද්‍යානයට 1500 mm -2000 mm වාර්ෂික වර්ෂාපතනයක් ලැබෙන අතර වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නොවැම්බර් සිට පෙබරවාරි දක්වා ඇදහැලෙන ඊසාන දිග මෝසමෙනි. මේ නිසා අප්‍රේල් සිට ඔක්තෝම්බර දත්වා වියළි තාලගුණයත් පවති.

කවුඩුල්ල ජාතික උද්‍යානය පිහිටා ඇත්තේ වියළි කාලාපයේ අලි විශාල රංචු වශයෙන් ඵත්රැස්වන වියළි කාලාපයේ හදවත බඳු වු අලින්ගේ වාසභුමියේය. මේ නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම අලි ඇතුන් දැකබලා ගැනිමට හැකි ශ්‍රී ලංකාවේ අගනා ස්වභාවික වාසස්ථාන අතරින් ඵකක් වේ. ආහාර හා ඡලය පැවතිම නිසා කවුඩුල්ල ජාතික උද්‍යානය වසර පුරාම ව්ශේෂයෙන්ම ව්යළි කාලයේ අලි ඇතුන්ගේ වාසයට මනා පරිසරයක් උදාතර දේ.

නානාවිද තෘණ ව්ශේෂ වලින් යුතු වු ද, තෙත් සමයේ මල්බර වන සාරවත් තුරුලතා, ගෝනා, තිත් මුවා, මීමින්නා සහ වල්ඌරා වැනි ශාක භක්‍ෂක සතුන් බොහොමයනට අනර්ඝ වාසස්ථාන සහ ආහාර සපයා දේ. එසේම දිවියන් සහ වලසුන් වැනි දුර්ලභ සතුන් මෙම උද්‍යානය තුළ දැකගත හැකිය.

කවුඩුල්ල ජාතික උද්‍යානයේ කිඹුලන් පහසුවෙන් දැකබලා ගත හැකි මෙම කලාපයේ පිහිටි වැදගත් ස්ථානයකි. උද්‍යානය තුළ ඒ හරහා ගමන් කරන පෞරාණික ඇළ මාර්ගයක් සහ කුඩා දූපත් සමූහයකින් යුතු අගනා දියපාරවල් කීපයක් පැවතීම තුළින් කවුඩුල්ල ජලාශය සහ ඊට යාබද තෙත් බිම් තුළ මනා ආකර්ශනයක් දැකගත හැකිය. මන්ද යත් විවිධත්වයෙන් අනූන දේශීය හා විදේශීය පක්‍ෂි විශේෂ රාශියක් ඒ වෙත ඇදී ඒමයි. ඒ අතර දියකාවා,අළු කොකා,ලතුවැකියා සහ ආසියානු විවර තුඩුවා පහසුවෙන් දැකගත හැකිය.

උද්‍යානයේ පවතින ශාක ප්‍රජාව වියළි සදාහරිත වනාන්තර වලට අයත් වේ. කුඹුක්, පළු, වීර, මයිල සහ මාදම් වැනි ශාක දැකගත හැකිය.ඇළ මාර්ග සහ දිය පාරවල් දෙපස ඉවුරු නිල්වන් පරිණත ගංගා ආශ්‍රිත වනාන්තර පෝෂණය කරයි.

හෙක්ටහාර 6900 න් යුතු කවුඩුල්ල ජාතික උද්‍යානය කළමනාකරණය කරනු ලබන්නේ වනඡිවි සංරක්ෂණ දෙපාර්තමෙන්තුව මගිනි. ඵය 2002 අප්‍රේල් මස 01 වන දින ජාතික උද්‍යානයක් ලෙස නම්කර ඇති අතර වර්තමාතයේ ශ්‍රි ලංකාවේ රක්ෂිත ප්‍රදේශ ඡාලයට අයත් වැදගත් ප්‍රදේශයකි. එහි ඡෛව විවිධත්වය සහ ඡල විද්‍යාත්මක ලක්ෂණ සංරක්ෂණයේ මුලික අභිප්‍රාය විය. සත්ත්ව සහ ශාක සංරක්‍ෂණය පනත යටතේ උද්‍යානය නම් කර ඇත.

දකුණ

ඔබට අවැසි පිලිය තෝරාගන්න

දකුණු දිශාව

දකුණු පැත්ත

ද්‍රෞපදි රථ

ද්‍රෞපදී රථ යනුවෙන් හැඳින්වෙන්නේ මහාබලිපුරම් හෙවත් අතීතයේ මාමල්ලපුරම් යනුවෙන් හැඳින්වුණු ස්ථානයේ පිහිටි පංච රථ සංකීර්ණයට අයත් එක් ස්මාරකයකි. මෙය බෙංගාල බොක්කේ කොරමැන්ඩල් වෙරළ තීරයේ පිහිටි අතර එය ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ කාංචීපුරම් දිස්ත්‍රික්කයට අයත් ය. මෙය ඒකශෛලමය ඉන්දියානු ගෘහනිර්මාණ ශිල්පයට මනා නිදසුනකි. පසුකාලීන 7වන සියවසට අයත් මෙය පල්ලව රාජධානියේ Iවන මහේන්ද්‍රවර්මන් සහ ඔහුගේ පුත් Iවන නරසිංහවර්මන් (ක්‍රි.ව. 630–680; මාමල්ලන් ලෙස ද හැඳින්වේ) රජවරුන්ගේ සමයේ ඉදිවන්නට ඇතැයි සැලකේ. සම්පූර්ණ ස්මාරක සංකීර්ණයම ඉන්දියාවේ පුරාවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ (ASI) අනුග්‍රහය යටතේ පවතින අතර, 1984දී මෙය ඇතුළත්, මහාබලිපුරම් ස්මාරක සමූහය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙස නම්කෙරිණි.රථයකට සමාන අයුරින් මෙය තනි, දිගු ග්‍රැනයිට් පාෂාණයකින් නෙළා ඇත. ඇතැම් අවස්ථාවල මෙය දේවාලයක් ලෙස වරදවා හැඳින්වුණ ද, මෙම ව්‍යූහයේ වැඩ කටයුතු අවසන් කොට නොමැති හෙයින් එය අභිෂේක කොට නැත. එයට හේතුව මෙහි වැඩ කටයුතු අවසන් වීමට පෙර Iවන නරසිංහවර්මන් මිය යාමයි. මෙම ව්‍යූහය සුප්‍රකට මහාභාරත වීර කාව්‍යයේ එන පංච පාණ්ඩවයන්ගේ පොදු භාර්යාව වූ ද්‍රෞපදීගේ නාමය ඇසුරින් හැඳින්වූව ද, මෙහි නාමකරණය පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉතිහාසයෙන් හමු නොවේ. මෙම අවසන් නොකළ ව්‍යූහය දුර්ගා දෙවඟනට පුදකොට ඇත.

වොලිබෝල්

වොලිබෝල් යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් ක්‍රීඩා තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ක්‍රමයයි. මෙම පතිත කරවීම සිදු කරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි. වොලිබෝල් නීතිරීති මාලාව බොහෝ දුරට විහිදී යන අතර සාමාන්‍යයෙන් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ පෙර පරිදි ප්‍රතිවාදී පිළේ පිටියට පන්දුව පතිත කිරීමෙනි. මෙය ප්‍රතිවාදියා දුර්වල කිරීමකි.

ශ්‍රී ලංකාවේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.