ජපානය

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.

ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.

Japan- ජපානය

日本国
Nippon-koku or Nihon-koku
Imperial Seal of Japan
Imperial Seal
ජාතික ගීය: 
Kimigayo
(君が代)
Government Seal of Japan
Seal of the Office of the Prime Minister and the Government of Japan

五七桐 (Go-Shichi no Kiri)
Location of Japan
අගනුවර
සහ විශාලතම නගරය
ටෝකියෝ (de facto)
35°41′N 139°46′E / 35.683°N 139.767°E
නිල භාෂාව(න්)None[1]
පිළිගත් ප්‍රාදේශීය භාෂාවන්Aynu itak, Ryukyuan languages, Eastern Japanese, Western Japanese, and several other Japanese dialects
National languageJapanese
ජනවාර්ගික කණ්ඩායම්
98.5% Japanese, 0.5% Korean, 0.4% Chinese, 0.6% other[2]
ජාති නාම(ය)Japanese
රජයUnitary parliamentary democracy and constitutional monarchy
• අධිජරාජයා
නරුහිතෝ
• අගමැති
ෂින්සෝ අබෙ
ව්‍යවස්ථාදායකයDiet
House of Councillors
House of Representatives
Formation
• National Foundation Day
11 February 660 BC[3]
• Meiji Constitution
29 November 1890
• Current constitution
3 May 1947
• Treaty ofSan Francisco

28 April 1952
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
377,944 km2 (145,925 sq mi)[4] (62nd)
• ජලය (%)
0.8
ජනගහණය
• 2011 ඇස්තමේන්තුව
127,799,000[5] (10th)
• 2010 ජන සංගණනය
128,056,026[6]
• ඝණත්වය
337.1/km2 (873.1/sq mi) (36th)
දදේනි (ක්‍රශසා)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$4.440 trillion[7] (4th)
• ඒක පුද්ගල
$34,739[7] (25th)
දදේනි (නාමික)2011 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$5.869 trillion[7] (3rd)
• ඒක පුද්ගල
$45,920[7] (18th)
Gini (2011)37.9[8]
මධ්‍යම · 76th
මාසද (2017) 0.909[9]
ඉතා ඉහළ · 19th
ව්‍යවහාර මුදලYen (¥) / En ( or ) (JPY)
වේලා කලාපයUTC+9 (JST)
• ගිම්හාන (DST)
UTC+9 (not observed)
දින ආකෘතිyyyy-mm-dd
yyyy年m月d日
Era yy年m月d日 (CE−1988)
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය81
ISO 3166 codeJP
අන්තර්ජාල TLD.jp
ජපානයේ සිතියම
ජපානය

ඉතිහාසය

ජපන් ඉතිහාසය දෙස විමසීමේදී ඒ පිලිබඳව සඳහන් වන කෘති 2 ක් හමුවේ. එනම් යසුමරෝ විසින් ලියන ලද "කොජිකි" සහ ජොකෝ- නෝ- ෂෝජි විසින් හා ඉනිපසි - නෝ- ගෝතෝ විසින් ලියන ලද "නිහොන්ෂෝකි" වංශ කථාය. මෙම මූලාශ්‍ර වලට අනුව ජපානය දේව නිර්මිතයකි. ජපන් ජනාවාස අවුරුදු 10,000 ට වඩා පැරණි බව පුරා විද්‍යාත්මකව තහවුරු කර ඇත.

ක්‍රි. ව. 4 වන සියවසේදී ජපානය යමතෝ ගෝත්‍රය යටතේ ප්‍රථම වරට ජාතියක් වශයෙන් ඒකාබද්ධ වී ඇත. යපතෝ ගෝත්‍රයට අයත් ජිම්මු අධිරාජ්‍යයා යටතේ නව රාජධානියක් බිහි විය. ඒ තෝමෝ වැඩවසම් පරපුරකි. 7 වන සියවසේ දී නරා යුගයේදී කෝතොකු අධිරාජ්‍යයා යටතේ රදළ ක්‍රමය අහෝසි කර රාජ්‍යයට හා ආණ්ඩුවට වග කියන ආණ්ඩුකාරවරුන් පත් කෙරිණි. 8 වන ශත වර්ෂය වන විට රාජ්‍ය මූලික සංකල්පය බිදී ගොස් රදළ බලය ඉස්මතු විය. (1193 - 1333) කුමකුරා යුගය, (1333 - 1392) නන් බොකුචෝ යුගය, (1392 - 1973) මුරෝමචි යුගය , (1467 - 1568) සෙන් ගොකු යුගය, (1573 -1603) අසුචි මොමායා යුගය සහ (1603 - 1867) එදෝ යන යුගයන් 6 ක් පුරා රදළයන් බලය පවත්වාගෙන ගොස් ඇත. තොකුගවා පාලන සමය වැදගත් වන්නේ බටහිර ලෝකයට පාර වසා දැමූ කාලයක් ලෙසිනි. ජපානයේ නූතන යුගය ලෙස (1868 -1912) මෙයිජි යුගයෙන් ආරම්භ වෙයි. රදළ බලය බිඳ හැර නැවත අධිරාජ්‍ය බලය ස්ථාපිත වූ මෙය ජපානයේ නව ශිෂ්ටාචාරයක් ආරම්භ කළේය. එනම් දේශපාලන, ආර්ථික, සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික යන අංශ වලින් ජපානය ලෝකයට විවෘත කිරීමෙනි. ජපන් මෙයිජි යුගය තුළ දැමූ අඩිතාලම ඔස්සේ "තයිසෝ" ((1912-1926) සහ "ෂෝවා" (1912-1989) යුගයන්වලින් ජපානය ඉදිරියට ගමන් කරද්දී 02 වන ලෝක සංග්‍රාමයට මුහුණ දුන් ජපානය ලැබූ පරාජය තුළින් ම ජයග්‍රහණය සොයා ගොස් අද පෙරදිග ලෝකයේ දියුණු රටක් බවට පත්ව සිටියි.

ස්වභාව ධර්මය පදනම් කොට ගෙන බිහිවුණු "ෂින්තො" ධර්මය ජපන් ජනතාවගේ මුල් ම ආගමයි. දේව විශ්වාසය මත පදනම් වූ මෙයට ක්‍රි. ව. 593-572 දී කොරියාවේ සිට පැමිණි බුදු දහම මිත්‍රශීලී වීමෙන් පොදු ජන ඇදහිල්ලක් ලෙස, බුදු දහම ස්ථාපිත විය. නිකාය කීපයකින් සමන්විත වූ බුදු දහමත්, ක්‍රිස්තියානි ආගමත්, සීමිත ඉස්ලාම් භක්තිකයන් ප්‍රමාණයකුත් ජපානයේ දක්නට ලැබේ.

ඉපැරණි හා සම්භාවනීය ජපානය

තුන්වැනි සියවසේ මැද භාගයේ සිට ක්‍රි.වර්ෂ 7810 දක්වා ජපානයේ ප්‍රධාන පාලන බලය වූයේ යමෝටෝ රාජ්‍ය තන්ත්‍රයයි. කොෆුන් සමය (තෙවැනි සියවස මැද සිට හයවැනි සියවස දක්වා) යතුරු සිදුරු හැඩය ගත් බොහෝ සොහොන් කොත් නිර්මාණය කළ සමයක් ලෙස හැදින්වේ. අසුකා සමයේදී (6 වැනි සියවස මැද සිට ක‍්‍රි.ව 710 දක්වා) ප්‍රධාන නගරය නාරා ද්‍රෝණියෙහි දකුණුතම කොටස වු අසුකා වෙත ගෙන යන ලදි. යායෝයි සමය සහ කොෆුන් අසුතා සමය අතර ප්‍රධාන වෙනස නම් ක්‍රියාශිලි නොවු කෘෂිකාර්මික සංස්කෘතියකින් කොරියන් අර්ධද්වීපය හරහා පැමිණි වඩා දියුණු හා යුධකාමි සංස්කෘතියක් දක්වා වූ වර්ධනයයි. කොගුන් අසුතා සමයේ යුදවාදි පාගමනයන් වෙනුවට මධ්‍යතන අධිරාජ්‍යවාදි රාජ්‍ය ක්‍රමය, සෞන්දර්ය විද්‍යාව සහ ආගම හඳුන්වා දුන් තාරා සමයේ ටාන්ග් රජ පෙළපතෙහි චින බලපෑම් වලින් මෙය විතැන් කරනු ලැබිණි.

කොෆුන් සමය

kofun ක්‍රි.ව 250 දී පමණ අරඹන කෝග‍්‍රන් සමයට එම නම ලැබුනේ ඒ කාලයේ දක්නට ලැබුණු විශාල භූමිදාන ගොඩනැගිලි ආශ්‍රයෙනි. කොෆුන් සමයේදී බලවත් කුලයන් වටා ගොඩනැගුණු ශක්තිමත් යුදමය රාජ්‍යයන් පිහිටුවිම ද 3 වැනි සියවසේ සිට 7 වැනි සියවස දක්වා යමාටෝ හා කවාචි පළාත්වල මධ්‍යගත වූ බලවත් ජපන් අධිරාජ්‍ය පෙළපතෙහි ආරම්භය වු යමාටෝ රාජ්‍ය සංස්ථාව පිහිටුවිම ද දක්නට ලැබිණි. යමාටෝ රාජ්‍ය සංස්ථාව අනෙක් කුළයන් යටපත් කරමින් සහ කෘෂිකාර්මික ඉඩම් අත්පත් කර ගනිමින් ජපානයේ බටහිර කොටසෙහි දැඩි බලයක් පවත්වා ගත්තේය. ජපානය 5 වැනි සියවසේ දී අධිරාජ්‍යවාදි චීනයට පඩුරු යැවිම ආරම්භ කළේය. චීන ඓතිහාසික වාර්තාවන්ට අනුව එම රාජ්‍ය සංස්ථාව ‘වා’ :අ් යනුවෙන් හැදින්වුනු අතර එහි සිටි රජුන් පස් දෙනෙක් ගැන සදහන්ය. චීන ආකෘතිය පදනම් කරගෙන ඔවුහු මධ්‍යගත පාලනයක් හා අධිරාජ්‍ය උසාවි ක්‍රමයක් ගොඩනැගු අතර එහි සමාජ වෘත්තිය කණ්ඩායම් අනුව සංවිධානය කළේය.

මේ කාලය මැද දී 4 වැනි සියවස අවසානයේ කොරියාවේ රාජධානි තුන හා ජපානය අතර කිට්ටු සම්බන්ධතාවයක් ආරම්භ විය. ග්වැන්ග්ගෙටෝ ස්ටිල්ට අනුව 4 වැනි සියවසේ පසු භාගයේත් 5 වැනි සියවසේ මුල් භාගයේත් ජපානය විශාල යුධ හමුදාවන් ද සමග කොරියන් අර්ධද්විපයෙහි ක්‍රියාත්මකව සහභාගිත්වය දැක්විය. ලියු සොන්ග් රාජ පරම්පරාවේ සොන්ග්ගේ ප්‍රස්තුතයට අනුව ලියු සොන්ග් අධිරාජයා තමාගේ ගැත්තෙක් ලෙස සැලකු යමාමොටෝ හි රජුට සිල්ලා හා ගයා රාජ්‍ය සන්ධානයේ යුදමය පරමාධිපත්‍ය තනතුර විධිමත් ලෙස ප්‍රදානය කරන ලදි. බේක්ජේ සහ සිල්ලා යුදමය සහාය තහවුරු කිරිම සදහා තම කුමරුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ‘වා’ වෙත යවන ලදැයි ‘සම්ගුත් සාගි’ (රාජධානි තුනේ වංශ කථා) වාර්තා කළේය. බේක්ජේහි අසන් රජු ක්‍රි.ව 397 දි සිය පුතා වු ජෙඑන්ජි යැවු අතර සිල්ලා හි සිල්සෙඔන්ග් රජු ක්‍රි,ව 402 දී සිය පුතා යැවීය.

අධ්‍යාපනය

වැඩවසම් යුගයේ සිට ජපන් ජනතාව අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙන අතර එහි විෂශේෂ දියුණුවක් සටහන් වන්නේ මෙයිජි යුගයේ දී ය. මෝරි අරි නෝරි අධ්‍යාපන අමාත්‍යවරයා පාසැල් අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දී ඇත. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ එතරම් උනන්දුවක් නැති ඔවූහු තම මව් බස අභිමානයෙන් සලකති.

භාෂා

ජපන් භාෂාව ලිවීම සඳහා අක්ෂර මාලා 3 ක් ඇත. කන්ජි, හිරගනා සහ කතකනා එම අක්ෂර මාලාවන් වෙයි. දැනට හමුවන පැරණිම සාහිත්‍ය ලේඛන ලෙස "කොජිකි" හා "නිහෝන් ෂෝකි" හැඳින්වෙන අතර පිරිපුන් සාහිත්‍ය කෘතීන් 8 වන සියවසේදී හමුවේ. ලෝක සාහිත්‍යයෙන් ජපන් සාහිත්‍යට පමණක් ආවේණික වූවක් ලෙස හයිකු කවි හැඳින්විය හැකිය. ජපන් ප්‍රාථමික නාට්‍ය කීපයක් පිළිබඳ පුවත් අසන්නට ලැබෙන අතර 14 වන සියවසේ දී " නෝ" නාට්‍ය සම්ප්‍රදායත්, 17 වන සියවසේදී කබුකි හා බුන්රුකු සම්ප්‍රදායනුත් අරඹා ඇත. දෙවන ලෝක යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වූ ජපානයේ නිෂ්පාදන හා සේවා ශීඝ්‍ර නවීකරණයකින් සහ ඉහළ තාක්ෂණයකින් දියුණු කෙරිණි. මේ අනුව 20 සිය වස ආරම්භ වන විට කාර්මික අංශය සංවර්ධනය කරමින් ආසියාවේ නවීකරණය වූ රාජ්‍යය බවට පත් විය. 11 වන ලෙක සංග්‍රාමයට පැටලී මුළුමනින්ම ආරථිකය විනාශ කර ගත් ජපානය 1970 වන විට ශීඝ්‍ර ආර්ථික වෘද්ධියක් ළඟා කර ගනිමින් ලෝකයේ ප්‍රධාන රටවලින් එකක් බවට පත් විය. මෙම ශීඝ්‍ර ආර්ථික වර්ධනය ජපන් භූගෝලීය පිහිටීම, ජපන් ජාතිකයන්ට අයත් ගුණාංග සහ ජපන් ආර්ථික වටපිටාව මත ගොඩ නැගී ඇත.

පාලනය

Regions and Prefectures of Japan 2

වත්මන් ජපන් පාලනය සිදුවන්නේ ක්‍රි. ව. 1947 හඳුන්වාදුන් ව්‍යවස්ථාවට අනුවයි. මේ ව්‍යවස්ථාවට අනුව සියළු බලතල හිමිව තිබුණු අධිරාජ්‍යයා ජපන් ජාතියේ සංකේතය බවට පත් කෙරිණි. එය හිරෝහිතෝ අධිරාජ්‍යයාගේ සිට සිදුවිය. ඒ අනුව අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලයට විධායක බලතල හිමි විය. සියළු ව්‍යවස්ථානුකූල පියවර පිළිබඳ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය. ප්‍රාන්ත 47 න් යුත් පළාත් පාලනයක් යටතේ බහු පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් පමණක් හමුදා පොලිස් බල ඇණියක් පිහිටුවා ගෙන ඇත. 11 වන ලෝක යුද්ධයට පසු ඇමරිකාවේ අණසකට යටත්වුණු ජපානය 1952 අප්‍රේල් 28 සාම ගිවිසුමක් මඟින් පූර්ණ නිදහස ලබා ඇත.

වැදගත් ස්ථාන

ජාතික පුෂ්පය
ජපානයේ ජාතික පුෂ්පය

ජපානයේ වැදගත් ස්ථාන ලෙස ‍ෆූජි කඳු වැටිය, ටෝකියෝව, හිරෝෂිමා සහ නාගසාකි හැඳින්විය හැකිය. අඩි 12,388 උස වූ ෆූජි කඳු වැටිය කේතු ආකාරයක් උසුලයි. ටෝකි‍‍යෝව වර්තමාන අගනුවරයි. එය ප්‍රධාන කාර්මික නගරය වන අතර අහස සිඹි‍න ගොඩනැගිලිවලින් යුක්ත වේ. මානව ඉතාහාසයේ සනිටුවහන් වූ අතිශය ඛේදජනක සිඳුවීම වූ ඇමරිකානුවන් විසින් පරමාණු බෝම්බ හෙළා සිදු කරන ලද මිනිස් ඝාතනය හිරෝෂිමා - නාගසාකි නගරයන්හි සටහන් වී ඇත.

ස්භාවික සුන්දරත්වය අතින් ලොකයේ ප්‍රමුඛතම ස්ථානයක් රඳවා ගන්නා අතර කපුරු මලට සිමිවන්නේ වැදගත් ස්ථානයකි. "ක්‍රිසැන්තියම්" ලෙස හැඳි‍න්වෙන කපුරු මල ජපානයේ ජාතික පුෂ්පයයි. පිරිසිදු බව, කාර්යක්ෂමතාව, මත ලෝකයේ ඉහළම ස්ථානයක වැජඹෙන ජපානය, ශ්‍රී ලංකාවට දක්වන්නේ අපූරු ලෙන්ගතුකමකි.

ආශ්‍රිත ග්‍රන්ථ

  • දිසානායක, සුජීව - රට රට වතගොත-දකුණු සහ නැගෙනහිර ආසියාව, එස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ- 2003
  • නමකුරා, තකෆුසා - පශ්චාත් යුධ කාලීන ජපන් ආර්ථිකය, සී. ස. කරුණාරත්න සහ පුත්‍රයෝ, 647 කොළඹ- 2003
  • විතානගේ, සිරිසේන - හිරු දෙවගනගේ දේශය, "සමීර" බත්තරමුල්ල-2003

මේ අඩවිත් බලන්න

ආශ්‍රිත

  1. "法制執務コラム集「法律と国語・日本語」" (in Japanese). Legislative Bureau of the House of Councillors. Retrieved 19 January 2009.CS1 maint: unrecognized language (link)
  2. "CIA Factbook: Japan". Cia.gov. Retrieved November 9, 2011.
  3. According to legend, Japan was founded on this date by Emperor Jimmu, the country's first emperor.
  4. "Japan Statistical Yearbook 2010" (PDF). Statistics Bureau. p. 17. Retrieved 15 January 2011.
  5. "Official Japan Statistics Bureau estimate". Statistics Bureau. Retrieved 1 October 2011.
  6. "Preliminary Counts of the Population and Households". Statistics Bureau. Retrieved 25 February 2011.
  7. 7.0 7.1 7.2 7.3 "Japan". International Monetary Fund. Retrieved 19 April 2012.
  8. "World Factbook: Gini Index". CIA]. Retrieved May 11, 2011.
  9. "2018 Human Development Report" (PDF). United Nations Development Programme. 2017. Retrieved March 23, 2017.
ආසියාව

ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය

.

ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.

කොරියානු අධිරාජ්‍යය

මෙම පිටුව කොරියානු අධිරාජ්‍යය පිළිබඳ විශ්ලේෂණාත්මක විස්තරයකි. මෙම යුගයේ සිදුවීම්වල කාලරේඛාවක් සඳහා, ග්වංමු ප්‍රතිසංස්කරණයේ කාලරේඛාව බලන්න.කොරියානු අධිරාජ්‍යය (කොරියානු: 대한제국; හන්ජා: 大韓帝國; දේහන් ජේගුක්; කොරියානු උච්චාරණය: [tɛ.ɦan.dʑe.ɡuk̚]; සාහිත්‍යමය "මහා කොරියානු අධිරාජ්‍යය") ප්‍රකාශයට පත්කරන ලද්දේ 1897 ඔක්තෝබර් මස, 1894 සිට 1895 තෙක් පැවති දොංහක් ගොවි විප්ලවය සහ රට ආගාධයකට ඇද දැමූ 1894-1896 කාලයේ පැවති ගැබෝ ප්‍රතිසංස්කරණ හේතුවෙනි. 1910 අගෝස්තු මස ජපානය විසින් කොරියාව ඈඳාගන්නා තෙක්ම කොරියානු අධිරාජ්‍යය පැවතිණි.

ගෝජොං අධිරාජයාගේ සමයේ යුධ, ආර්ථික, ඉඩම් ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය සහ නොයෙකුත් කර්මාන්ත අර්ධ වශයෙන් බටහිරකරණයට ලක් විය. ග්වංමු ප්‍රතිසංස්කරණ ඔස්සේ කොරියාවේ සිදුවූ බටහිරකරණය සහ කාර්මීකරණය පිළිබඳ ජපානය දැඩිව විමසිලිමත් විය. ජපානයේ නේවාසික-ජනරාල්වරයා වූ ඉටෝ හිරොබුමිගේ ඝාතනයෙන් පසු, කොරියානු අධිරාජ්‍යය ඈඳා ගැනීමට ජපානය තීරණය කළේ ය.

කොරියාවේ ඉතිහාසය

කොරියානු අර්ධද්වීපයේ පහළ පේලියොලිතික යුගය දළ වශයෙන් වසර මිලියන බාගයකට ප්‍රථම ඇරඹෙන්නට ඇතැයි සැලකේ. කොරියාවෙන් හමුවන පැරණිතම කුඹල් නිර්මාණ ක්‍රි.පූ. 8000 අවට කාලනිර්ණය කර ඇත. එහි නියෝලිතික යුගය ක්‍රි.පූ. 6000න් පසුව ඇරඹුණු අතර අනතුරුව ක්‍රි.පූ. 800දී ලෝකඩ යුගයත්, සහ යකඩ යුගය ක්‍රි.පූ. 400 අවටත් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ.

සම්ගුක් යුසා මූලාශ්‍රයේ සඳහන් පුරාවෘත්ත කථා අනුව, ගෝජොසොන් (පැරණි ජොසොන්) රාජධානිය ක්‍රි.පූ. 2333දී උතුරු කොරියාවේ සහ මැංචූරියාවේ පිහිටුවන ලද්දකි. ගිජා ජොසොන් රාජධානිය ක්‍රි.පූ. 12වන සියවසේ ඇරඹුණු බවට සැලකෙන අතර එහි පැවැත්ම පිළිබඳ අදටත් වාද විවාද පවතී. ගෝජොසොන් පිළිබඳ ලිඛිත ඓතිහාසික මූලාශ්‍ර හමුවන්නේ ක්‍රි.පූ. 7වන සියවසේ මුල් භාගයේ ය.ක්‍රි.පූ. 3වන සියවසේ දී දකුණුදිග කොරියාවේ ජින් රාජ්‍යය ආරම්භ විය. ක්‍රි.පූ. 2වන සියවසේදී, ගිජා ජොසොන් ප්‍රතිස්ථාපනය කරමින් විමන් ජොසොන් රාජධානිය ඇරඹුණු අතර එය එම සියවසේ අගභාගයේ දී, හන් චීනය විසින් එය අයත් කරගන්නා ලදී. මෙය ගෝජොසොන්හි බිඳවැටීමට හේතු වූ අතර මෙය පසුකාලීන යකඩ යුගය පුරා විහිදි සතුරු රාජ්‍ය වූ, ප්‍රාක්–තුන් රාජධානි යුගය ඇරඹීමට හේතු විය.

1වන සියවසේ සිට ගොගුර්යෝ, බෙක්ජේ, සහ සිල්ලා යන රාජ්‍ය අර්ධද්වීපය සහ මැංචූරියාවේ බලය සියතට ගෙන තුන් රාජධානි (ක්‍රි.පූ. 57 – ක්‍රි.ව. 668) ලෙස වර්ධනය වූ අතර පසුව 676දී සිල්ලාව විසින් එය එක්සත් කරන තෙක්ම පැවතිණි. 698දී, ගොගුර්යෝහි පැරණි භූමිභාගයේ දේ ජෝ-යොං විසින් බල්හේ රාජ්‍යය ස්ථාපනය කරන ලදී. මෙය උතුරු දකුණු රාජ්‍ය යුගයේ (698–926) ආරම්භය ලෙස සැලකෙයි. 9වන සිය‍වසේ දී, සිල්ලාව පසුකාලීන තුන් රාජධානිවලට (892–936) කැඩීගියේ ය. මෙම යුගය අවසන් කරමින් වං ගොන් විසින් රාජ්‍ය එක්සත් කර ගෝර්යෝ රාජවංශය ආරම්භ කරන ලදී. මේ අතර, ඛිටන් ලියාඕ රාජවංශය විසින් ආක්‍රමණය කිරීම නිසා බල්හේ රාජ්‍යය බිඳවැටුණු අතර එහි අවසන් කිරුළහිමි කුමරු ඇතුළු අවතැන්වූවෝ ගෝර්යෝව වෙත සංක්‍රමණය වූහ. එහිදී කිරුළහිමි කුමරුන් උණුසුම්ව පිළිගැනුණු අතර වං ගොන් විසින් ඔහුව සිය පවුලට එකතු කරගන්නා ලදී. මෙලෙසින් ගොගුර්යෝහි අනුප්‍රාප්තික රාජධානි දෙකක් එක්සත් විය. ගෝර්යෝ යුගයේ දී, නීති ප්‍රතිසම්පාදනය කෙරුණු අතර, සංස්කෘතිය බුදුදහමින් ස්වයංපෝෂිත විය. කෙසේනමුත්, 13වන සියවසේ මොංගෝලියානු ආක්‍රමණ නිසා එය යුවාන් රාජ්‍යයේ ගැත්තකු බවට පත් විය. මෙය 14වන සියවසේ මැද කාලයේ යුවාන් රාජවංශය බිඳවැටෙන තෙක්ම පැවතිණි.

1388දී සිදු කළ කුමන්ත්‍රණයකින් පසු 1392දී, යි සොං-ග්යේ විසින් ජොසොන් රාජවංශය (1392–1910) ආරම්භ කරන ලදී. මහා සේජොං රජු (1418–1450) විසින් විවිධ පරිපාලන, සමාජයීය, සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකරන ලදී. ඔහු විසින් රාජවංශයේ මුල් කාලයේ රාජකීය අධිකාරය ස්ථාපනය කළ අතර කොරියානු වර්ණමාලාව වූ හංගුල් ප්‍රචලිත කරවන ලදී.

සියවස් දෙකකට ආසන්න සතුටුදායක කාලපරිච්ඡේදයකින් පසු, ජොසොන් රාජවංශයට 1592න් ඇරඹී 1637 තෙක් පැවති ජපන් සහ මැංචු ආක්‍රමණවලට මුහුණ දීමට සිදු විය. ජපන් ආක්‍රමණ සමයේ චීනයේ යුධ සහාය රාජ්‍යයට බෙහෙවින් වැදගත් විය. නමුත් මිං මෙන්ම ජොසොන් රාජ්‍ය ද පරාජයට පත් කළ මැංචුවරු මුළු චීනයේම සිය ආධිපත්‍යය පතුරුවා ක්විං රාජවංශය ස්ථාපනය කළහ. මේ හේතුව නිසා ජොසොන් රාජ්‍යය ක්‍රමක්‍රමයෙන් හුදකලා සහ ව්‍යාකූල තත්ත්වයට පත් විය. 19වන සියවසේ මැද භාගය වන විට රාජ්‍යය නූතනකරණය වීමට අකමැති වීම සහ යුරෝපීය බලය නිසා චීනය පිරිහීම හේතුවෙන් කොරියාව විදේශීය බලඅධිකාරයයන්ගේ අවධානයට යොමු විය. ජපානය විසින් චීනය පරාජය කිරීමෙන් පසු කෙටි කාලයක් නිදහස භුක්ති විඳීමට සහ ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රාජ්‍යයට හැකි විය. මෙය කොරියානු අධිරාජ්‍යය (1897–1910) ලෙස හඳුන්වයි. කෙසේනමුත් කෙටිකලකින්ම මෙම රාජ්‍යය රුසියාව විසින් අභිබවනය කළ අතර, ජපානය රුසියාව පරාජය කිරීමෙන් පසු ඔවුන් විසින් කොරියාවට ආරක්ෂිත රාජ්‍ය ගිවිසුමක් අත්සන් කරන ලෙස බලකෙරුණු අතර 1910දී ජපානය විසින් කොරියානු අධිරාජ්‍යය ඈඳාගන්නා ලදී. එවිට ගිවිසුම් සියල්ල අවලංගු තත්ත්වයට පත් විය.1919 පුළුල්ව ව්‍යාප්ත වූ යුධනොවන මාර්තු 1 ව්‍යාපාරය මගින් කොරියානු ප්‍රතිරෝධය නිරූපණය විය. අනතුරුව පිටුවහල් කළ කොරියානු සමූහාණ්ඩුවේ ප්‍රාදේශීය රජයේ සහාය ලබා ඇති වූ ප්‍රතිරෝධී ව්‍යාපාර අසල්වාසී මැංචූරියාව, චීනය සහ සයිබීරියාවේ ක්‍රියාකාරී විය. මෙම පිටුවහල් කරන ලද සංවිධානවල පුද්ගලයන් කොරියාවේ දෙවන ලෝක යුද්ධයේ දී වැදගත් කාර්යභාරයක් ඉටුකළේ ය.

1945දී ජපානයේ පරාජයෙන් පසු, රාජ්‍යය සෝවියට්වරුන්ගේ ආරක්ෂාව ලද උතුරු ප්‍රදේශය සහ ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදයේ ආරක්ෂාව ලද දකුණු ප්‍රදේශය ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදිනි. 1948දී තනි රාජ්‍යයක් ගොඩනැගීමට දෙපාර්ශ්වය අකමැති වීම නිසා, මෙම ප්‍රදේශ නූතන උතුරු කොරියාව සහ දකුණු කොරියාව බවට පත් විය. කොරියානු අර්ධද්වීපය 38වන සමාන්තරානිකයේ දී බෙදා: දකුණු කොටස එක්සත් ජනපදයේ සහ බටහිර යුරෝපයේ සහාය ලබා "කොරියානු සමූහාණ්ඩුව" ද, උතුරු කොටස සොවියට් රුසියාවේ සහ සමාජවාදී මහජන චීන සමූහාණ්ඩුවේ සහාය ලබා "ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු සමූහාණ්ඩුව" ද පිහිටුවන ලදී. 1950දී ස්ටාලින් සහ කිම් ඉල්-සුං විසින් කොමියුනිස්ට් පාලනය යටතේ රට නැවත එක්සත් කිරීමේ අරමුණින් කොරියානු යුද්ධය දියත් කරන ලදී. විශාල ජීවිත සහ දේපල හානියකින් පසු, 1953දී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරිණි. නමුත් සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණු නිසා රටවල් දෙකම නිල වශයෙන් යුද්ධයේ පැවතිණි. 1991දී මෙම රාජ්‍ය දෙකම එක්සත් ජාතීන්ට අතුළත් කෙරිණි.

යුද්ධයෙන් පසු රටවල් දෙකම හමුදා පාලනයක් යටතේ පැවතිය ද, දකුණු කොරියාව ක්‍රම‍යෙන් ලිහිල් වූ අතර 1987 සිට, එම රට සතුව තරගකාරී මැතිවරණ ක්‍රමයක් පැවතිණි. දකුණු කොරියානු ආර්ථිකය සමෘද්ධිමත් වූ අතර බටහිර යුරෝපය, ජපානය සහ එක්සත් ජනපදය මෙන් එය ද පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් ලෙස සැලකෙයි.

උතුරු කොරියාව යුධමය කොමියුනිස්ට් ආඥාදායක පාලන ක්‍රමයක් ගෙනගිය අතර, කිම් පවුලේ සාමාජිකයන් අතර රටේ නායකත්වය හුවමාරු වූ නිසා මෙය තරමක රාජාණ්ඩු පාලන ස්වභාවයක් ගත්තේ ය. පුද්ගලාභිවාදනය පැවතුණු අතර රටේ නායකයාට යම් තරමක දිව්‍යමය ස්වභාවයක් ආරූඪ කෙරිණි. ආර්ථිකව, උතුරු කොරියාව විදේශ ආධාර මත දැඩිව යැපුණු අතර සෝවියට් සංග‍මයේ බිඳවැටීමෙන් පසු එහි ආර්ථිකය සීමාකාරී තත්ත්වයට පත්ව ඇත.

කොරියාවේ ගෝජොං

‍ගෝජොං (හංගුල්: 고종; හන්ජා: 高宗; RR: ගෝජොං; MR: කෝජොං) හෙවත් ග්වංමු අධිරාජයා (හංගුල්: 광무제; හන්ජා: 光武帝; RR: ග්වංමුජේ; MR: ක්වංමුජේ; 8 සැප්තැම්බර් 1852 – 21 ජනවාරි 1919) යනු කොරියානු ජොසොන් රාජවංශයේ විසිහයවන රජු වන අතර, ඔහු එහි අවසාන අධිරාජයාට පෙර අධිරාජයා වේ.

කොරියාවේ සුන්ජොං

යුංහුයි අධිරාජ සුන්ජොං (හංගුල්: 융희제; හන්ජා: 隆熙帝; RR: යුංහුයිජේ; MR: යුංහූයිජේ; 25 මාර්තු 1874 – 24 අ‍ප්‍රේල් 1926), යනු කොරියානු අධිරාජ්‍යයේ දෙවන මෙන්ම අවසාන අධිරාජයා වේ. 1907 සිට 1910 දක්වා කොරියාව පාලනය කළ මොහු යි රාජවංශයේ අවසාන පාලකයාද විය.

චීනය

පොදු වශයෙන් චීනය ලෙසින් හැඳින්වෙන චීන මහජන සමූහාණ්ඩුව යනු, බිලියන1.3 ට වැඩි ජනතාවක් වෙසෙන, ලොව වඩාත්ම ජනාකීර්ණ රාජ්‍යය වෙයි. නැගෙනහිර ආසියාවෙහි පිහිටි චීනය, චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරනු ලබන තනි-පක්ෂ රාජ්‍යයකි. චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පළාත් 22 ක් මතද , ස්වතන්ත්‍ර ප්‍රදේශයන් පහක් මතද, සෘජු ලෙසින් පරිපාලිත මහ නගර සභා ප්‍රදේශයන් සතරක් (බෙයිජිං, ටියාංජිං, ෂැංහයි, සහ චොංකිං) මතද, අතිශයින් ස්වතන්ත්‍ර විශේෂ පරිපාලන ප්‍රදේශයන් දෙකක් – හොං කොං සහ මැකාවු – මතද සිය අධිපත්‍යය පතුරවයි. එහි අගනගරය බෙයිජිං වෙයි.වර්ග කි.මී. මිලියන 9.6ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත චීනය සම්පූර්ණ වර්ගප්‍රමාණය අතින් ලොව තුන්වැනි හෝ හතරවැනි තැන ද ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව දෙවැනි තැන ද ගනියි.

චීනයේ විවිධ භූ ලක්ෂණ දක්නට ලැබේ. මොන්ගෝලියාවට සහ රුසියානු සයිබීරියාවට ආසන්න වියළි උතුරුකරයේ තෘණභූමි සහ ගෝබි සහ තක්ලමකන් වැනි කාන්තාර ද, වියට්නාමයට,ලාඕසයට සහ බුරුමයට ආසන්න තෙත් දකුණුකරයේ අර්ධ නිවර්තන වනාන්තර ද දැකිය හැකිය. චීනයේ ස්වභාවික දේශසීමා ලකුණු කරන හිමාලයෙන් සහ ටියන් ෂාන් කඳු පංතිවලින් සැදි රටේ බටහිර ප්‍රදේශය විෂම, උස් ප්‍රදේශයකි. එහෙත් කි.මී. 14,500ක මුහුදු වෙරළකින් යුක්ත චීනයේ නැගෙනහිර ප්‍රදේශය පහත් භූමියක් වෙයි. මෙම මුහුදු වෙරළ ගිනිකොණදිගින් දකුණු චීන මුහුදෙන් ද නැගෙනහිරින් නැගෙනහිර චීන මුහුදින් ද සීමාවී ඇති අතර තායිවානය, කොරියාව සහ ජපානය මින් ඔබ්බෙන් පිහිටයි.

ලොව පැරැණිතම ශිෂ්ඨාචාරයක් වූ චීන ශිෂ්ඨාචාරය උතුරු චීන තැන්න හරහා ගලා බසින කහ ගඟෙන් පෝෂණය විය. වසර 6000කට වැඩි කාලයක් තිස්සේ චීන දේශපාලන ක්‍රමය පදනම් වූයේ පාරම්පරික රාජාණ්ඩු ක්‍රමයක් (රාජ වංශ) මගිනි. මේ අතරින් පළමුවැන්න ක්‍රිපූ 2000 පමණ තිබූ සියා රාජ වංශය (Xia) වුවද චීනය මුලින්ම එක්සේසත් කළේ ක්‍රිපූ 221 දී කින් රාජ වංශය (Qin) විසිනි. අවසාන රාජ වංශය වූ කිං රාජ වංශය (Qing) 1911 දී සමාප්ත වූයේ කුඕමින්ටැං හෙවත් චීන ජාතික පක්ෂය විසින් චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් පසුවයි. රට කුඕමින්ටැං සහ කොමියුනිස්ට් යනුවෙන් දේශපාලන කඳවුරු දෙකකට බෙදීම නිසා 20 වැනි සියවස මුල් භාගයේ චීනය අසමගියෙන් සහ සිවිල් යුද්ධවලින් පිරී පැවතිණි. 1949 දී මෙම ගැටුම් අවසන් වූයේ කොමියුනිස්ට් පෙරමුණ සිවිල් යුද්ධයෙන් ජයගෙන චීනයේ ප්‍රධාන භූමි ප්‍රදේශයේ මහජන චීන සමූහාණ්ඩුව පිහිටවීමෙන් අනතුරුවයි. කුඕමින්ටැං පෙරමුණ විසින් තම චීන සමූහාණ්ඩුවේ අගනුවර තායිවානයේ තායිපේ නුවර පිහිටවා ගනු ලැබූ අතර දැනට එය මගින් පාලනය වන්නේ තායිවානය, කින්මෙන්, මට්සු සහ තවත් කුඩා දූපත් කිහිපයක් පමණි. එතැන් සිට තායිවානයේ ස්වාධීනත්වය සහ දේශපාලන තත්වය පිළිබඳව මහජන චීන සමූහාණ්ඩුව හා චීන සමූහාණ්ඩුව අතර දේශපාලන ආරවුල් ගහණ විය.

චීනය ශිෂ්ඨාචාරයේ උප්පත්ති ස්ථාන අතරින් එකකි.

ජපාන-ශ්‍රී ලංකා සබඳතා

ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹෙන්නේ 1952 වර්ෂයේදී යී.

ශ්‍රී ලංකාව තුල ජපාන තානාපති කාර්යාලය කොළඹත්, ජපානය තුල ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ටෝකියෝ වලත් පිහිටුවා තිබෙයි.2012 වසරේදී, ජපාන - ශ්‍රී ලංකා සම්බන්ධතාවයට වසර 60 ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේදී, සමරු උත්සවයක් සහ සමරු කාසියක් එලි දැක්වුනි.2005 දී බීබීසී ලෝක සේවය විසින් සිදු කල සමීක්ෂණයකදී, 50% වූ ශ්‍රී ලාංකිකයින් ජපානය පිළිබඳ යහපත් ආකල්ප දැරූ අතර, 4% ප්‍රමාණයක් පමණක් විරුද්ධ මත දැරූහ.

ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්

පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ජාත්‍යන්තර රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.

ටෝකියෝ

ටෝකියෝ (東京, Tōkyō?, "නැගෙනහිර අගනුවර") (ජපන්: [toːkjoː], ඉංග්‍රීසි/ˈtoʊki.oʊ/), නිල වශයෙන් ටෝකියෝ පුරවරය (東京都, Tōkyō-to?), යනු ජපානයේ ඇති ප්‍රාන්ත 47 කින් එකකි. ජපානයෙහි ප්‍රධාන දුපත වන හොංෂු දුපතේ නැගෙනහිර පෙදෙසට වන්ව එය පිහිටා ඇති අතර, ඊසු දූපත් සහ ඔගසවාරා දූපත් එයට අයත් වේ. ටෝකියෝ පුරවර නගරය 1943 දි නිර්මාණය වුයේ ටෝකියෝ ප්‍රාන්තය (ටෝකියෝ-ෆූ) සහ ටෝකියෝ නගරය ඒකාබද්ධ කිරීමෙනි. ටෝකියෝ පුරවර රජය විසින්, එක් එකක් වෙනම නගරයක් ලෙසින් පාලනය වන ටෝකියෝහි විශේෂ කොට්ඨාශ විසි-තුනක් පාලනය කෙරෙන අතර, මෙයට පෙරදී ටෝකියෝ නගරය ලෙස පැවැති ප්‍රදේශය මෙන්ම ප්‍රාන්තයෙහි බටහිර පසට වන්නට පිහිටි මහ නගර 39 ක් ද සහ පිටතින් පිහිටි දිවයින් සමූහ දෙකක්ද අයත් වේ. පුරවර ටෝකියෝව, ජපානයෙහි අගනගරය සහ විශාලතම පුරවර ප්‍රදේශය වෙයි.

විශේෂ නගරයන්හි ජනගහය මිලියන 8 ක් ඉක්මවා ඇති අතර සමුහයක් ලෙස ගත් කල මිලියන 12 ක් වේ.ටෝකියෝ යනු විශාල පිරිසක් ජිවත් වන නරගයක් වන අතර එය මිලියන 35 ත් 39 ත් අතර වව අතර ලෝකයේ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රරස්ථානය ලෙස හදුන්වන්නේ 2008 දි DPD හි අගය ට්රිලියන US$ 1.479 ක් වු හෙයිනි.

දකුණු කොරියාව

දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය ‍කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ‍ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි.

දෙවන ලෝක යුද්ධය

ක්‍රි.ව. 1939 සැප්තැම්බර් මස සිට ක්‍රි.ව. 1945 අගෝස්තු දක්වා පුරා වසර හයක් පුරා පැවැතුණු මෙය ප්‍රථමයෙන් යුරෝපා රටවල ඇතිවී පසුව ක්‍රි.ව. 1941 නොවැම්බර් මස 07 දින ජපානය සහභාගී වීමත් සමඟ ලෝක මහා සංග්‍රාමයක් බවට පත්විණි. මෙය දැනට ලෝකයේ ඇතිවූ භයානක ම යුද්ධයයි. මෙය WWII ලෙස ද සංක්‍ෂිප්තව හඳුන්වනු ලබයි.

නිකී සීඑන්බීසී

නිකී සීඑන්බීසී යනු ජපානයට අයත් ව්‍යාපාරික ප්‍රවෘත්ති නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය CNBC Asia, Nihon Keizai Shimbun සහ TV Tokyo යන සමාගම් සතු වෙයි.

CNBC Asia සහ Nihon Keizai Shimbun යන සමාගම් වල ගිවිසීම මත, 1990 වසරේදී දියත් කල නිකී සැටලයිට් නිව්ස් සහ 1997 දී දියත් කල ඒෂියා බිස්නස් නිව්ස් නාලිකා එකතු කොට, 1998 වසරේදී නිකී සීඑන්බීසී නාලිකාව බිහි කරන ලදී.

බුදු දහම

බුදු දහම යනු විශ්ව දහමකි.එය කිසිම ආගමකට හෝ ජාතියකට හෝ පමණක් අයත් නොවන මුලු විශ්වයටම පොදු වූ දහමකි.අප ජීවත් වෙන මේ මහා භද්‍ර කල්පයේ මෙම උතුම් දහම් රත්නය සතර වන වරට විශ්වයට හෙළි කල බුදු රජාණන්වහන්සේ අප මහා ගෞතම සම්බුදු පියාණන් වේ.(සියලු බුදු රජාණන්වහන්සේලා දේශනා කරනන්නේ එකම ධර්මය බුදු දහම වන අතර එක් බුදු රජාණන්වහන්සේ නමක් පහළ වූ කාලය හා තවත් බුදු රජාණන්වහන්සේ නමක් පහළ වන කාලය අතර කාල පරතරය අවුරුදු වලින් මැනිය නොහැකි තරම් දීර්ඝය.) බුදු දහමේ මූලික ඉගැන්වීම චතුරාර්‍ය සත්‍ය වේ.

කෙසේනමු පුද්ගලයා මුහුණදෙන දුක හා එයට පුද්ගලයාගේ ඇති වගකීමත්(බැඳීමත්) එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්‍යතාව හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබියහැකි ප්‍රත්‍යක්ෂයක් බවත් ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ගයත් පෙන්වාදීම බුදුදහමේ පණිවිඩයයි.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළින් කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඉතාම දුක් සහිත බවත් අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. එසේ අනතුරු හැඟවීමෙන් නොනවතින බුදු හිමියන් මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර පැවැත්මට හේතුවත්, එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. එසේ නතර කිරීම පිණිස ඇති වැඩ පිළිවෙලද පරිපූර්ණ ආකාරයට ඉදිරිපත් කරයි.

෴ බුදුවරු, බෝසත්වරු, දෙවිවරු කියන්නේ කාටද? ඇත්තම ඇත්ත හරියටම දැනගන්න කියවන්න "බුදු දහමේ සැඟවුණු තතු" ෴

(ඉහත ග්‍රන්ථය කියවීම සඳහා මෙම ලින්ක් එක ක්ලික් කරන්න 👉 https://drive.google.com/file/d/1vNJjz9XHAuq87p6SiuPVjGKH5S0HAbfb/view?usp=drivesdk)

බෙක්ජේ

බෙක්ජේ හෙවත් පෙක්චේ (හංගුල්: 백제; හන්ජා: 百濟; RR: පෙක්ජේ, කොරියානු උච්චාරණය: [pɛktɕ͈e]) (ක්‍රි.පූ. 18 – ක්‍රි.ව. 660) යුනවෙන් හැඳින්වෙන්නේ කොරියාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා තිබූ රාජධානියකි. මෙම රාජධානිය සමග ගොගුර්යෝ සහ සිල්ලා රාජධානි එක්ව ගත් කල කොරියාවේ තුන් රාජධානි ලෙස හඳුන්වයි.

බෙක්ජේ රාජ්‍යය පිහිටුවන ලද්දේ ඔන්ජෝ විසින් විර්යේසොං (වර්තමාන දකුණු ‍සෝල්) ප්‍රදේශයේ ය. ඔන්ජෝ යනු ගොගුර්යෝවේ ආදිකර්තෘ වන ජුමොං සහ සෝ සෝ-නෝගේ තෙවන පුත්‍රයායි. ගොගුර්යෝ රාජ්‍යය මෙන්ම බෙක්ජේ රාජ්‍යය ද, ගෝජොසොන්හි බිඳවැටීමෙන් පසු වර්තමාන මැංචූරියාවට අයත් ප්‍රදේශයේ බිහිවූ බුයෝ රාජ්‍යයේ අනුප්‍රාප්තික රාජ්‍යයක් ලෙස සැලකේ.

තුන් රාජධානි සිය ආධිපත්‍යය කොරියානු අර්ධද්වීපය පුරා ව්‍යාප්ත කිරීමට උත්සාහ ගන්නා සමයේ බෙක්ජේ රාජ්‍යය, ගොගුර්යෝ සහ සිල්ලා රාජ්‍ය සමග සටන්වැදුණේ ය. 4වන සියවසේ උච්චස්ථානයට පත් බෙක්ජේ රාජ්‍යය ඒ වනවිට බටහිර කොරියානු අර්ධද්වීපයේ විශාල පෙදෙසක් පාලනය කළේ ය. මෙය ප්යොංග්යෑං තෙක් උතුරට විහිදුණු අතර, ලියාඕෂි වැනි චීනයට අයත් බිම් ද එය සතු විය. නමුත් මෙම අදහස මතභේදාත්මක ය. චීනය සහ ජපානය සමග වෙළඳ සහ දේශපාලන සබඳතා පැවැත්වූ බෙක්ජේ රාජ්‍යය කලාපයේ සාගර බලය අතින් ද ප්‍රමුඛස්ථානයක් හිමි කරගත්තේ ය.

බෙක්ජේ රාජ්‍යය සතුව සුවිසල් නාවික ආධිපත්‍යයක් පැවතිණි. එහි නාවික ශක්තිය හේතුවෙන් බෙක්ජේ රාජ්‍යය නැගෙනහිර ආසියාවේ ෆීනීෂියාව බවට පත් විය. මෙය නැගෙනහිර ආසියාව පුරා බුදු දහම ව්‍යාප්ත කරලීමට අතිශයින් වැදගත් වූ අතර, මහාද්වීපික සංස්කෘතිය ජපානය වෙත හඳුන්වා දීමට ද එය උපකාරී විය.660දී මෙම රාජ්‍යය සිල්ලා සහ චීන ටෑං රාජවංශ හමුදා සන්ධානයක් මගින් යටත් කරගත් අතර, පසුව එය එක්සත් සිල්ලාවට ඈඳාගැනිණි.

මිං රාජවංශය

කෙටි ජීවිත කාලයකින් යුතු යුවාන් රාජ පරම්පරාවේ පාලන කාලය පුරාවටම පොදු ජනතාව අතර පිටස්තර ජාතියකට අයත් පුද්ගලයන් යටතේ පාලනය වීමට එරෙහිව දැඩි විරුද්ධත්වයක් පැවති අතර මෙහි අවසාන ප්‍රතිඵලය වුයේ ස‍මාන්‍ය ජනතාව කැරලි ගැසීම ආරම්භ කිරීමයි. අවසානයේදී මොන්ගෝලියානු පාලකයින් නැවත ස්ටෙප්ස් තණ බිම් වෙත පළවා හැරුනු අතර ඒ වෙනුවට මින්ග් රාජ පරම්පරාව 1368 වසරේදී ආරම්භ කෙරුණි.

ක්‍රමයෙන් නාගරිකරණය ඉහළ යෑම සහ ජනගහනය වැඩි වීම සිදු වු අතර ජනගහනය අතර ශ්‍රම විභාජනය වඩාත් සංකිර්ණ තත්ත්වයට පත් වෙයි. එමෙන්ම විශාල නාගරික කේන්ද්‍රස්ථාන වු නැන්ජින්ග් සහ බීජින්ග් පෞද්ගලික ව්‍යාපාර වල දියුණුව සදහා ද දායක විය. මේ අතරින් විශේෂිත වන්නේ කඩදාසි, සිල්ක්, කපු සහ මැටිඅ භාණ්ඩ සම්බන්ධයෙන් විශේෂණය වු කුඩා පරිමාණ කර්මාන්තයන්ගේ වර්ධනයයි.කෙසේ නමුත් රටපුරා වඩාත් බහුලව දැකගත හැකි වූයේ සාපේක්ෂව කුඩා නාගරික මධ්‍යස්ථාන වූ අතර ඒවා අවට වෙළඳසැල් කේන්ද්‍රගත වී තිබුණි. නගරාශ්‍රීත වෙළඳසැල් තුළ ප්‍රධාන වශයෙන් ආහාර ද්‍රව්‍යය වෙළඳාම සිදු වූ අතර ඒ හැරුණු විට තෙල් සහ අල්පෙනෙත්ති ආදී ප්‍රයෝජනවත් නිෂ්පාදන ස්වල්පයක්ද අලෙවි කෙරුණි.

මේවන විට ප්‍රචලිත වෙමින් පැවති නව කන්ෆියුසියස් වාදයෙහි අන්තර්ගත වූ විදේශිකයන් නුරුස්නා ස්වභාවය සහ ස්වයං නිරීක්ෂණ ගුණාංග කෙසේ වෙතත් මින්ග් රාජ පරම්පරාව යටතේ චීනය හුදෙකලා තත්වයට පත් නොවීය. විදේශීය වෙළඳාම සහ බාහිර ලෝකය සමග පැවති සම්බන්ධතා මෙම කාලය තුළදී විශාල ලෙස ඉහළ ගියේය. මෙසේ වෙළඳාම සම්බන්ධ වූ රටවල් අතුරින් ජපානය විශේෂ වේ. චීන වෙළෙන්දන් ඉන්දියන් සාගරයේ සියළු ප්‍රදේශ ආවරණය කළ අතර ෂෙන්ග් හි (මොහුගේ මුල් නම මා සන්බාවෝ නම් විය). ගේ චාරිකාවන් ඔස්සේ ඔවුහු නැගෙනහිර අප්‍රිකාව වෙත ද ළඟා විය.

යි ගෘහය

යි ගෘහය, හෙවත් කොරියානු අධිරාජ්‍ය ගෘහය හෙවත් ජොන්ජු යි වංශය යනුවෙන් හඳන්වන්නේ ජොසොන් සහ කොරියානු අධිරාජ්‍යයේ රාජකීය ගෘහයයි. මෙය ජොසොන්හි ආදිකර්තෘ වන යි සොං-ග්යේ හෙවත් මරණාපරව තේජෝ ("උසස්ම ආදිතමයා") රජුගෙන් පැවතෙන්නකි. කොරියානු අධිරාජ්‍යයේ (1897-1910) අධිරාජ්‍ය පවුල ඇතුළුව ඔහුගෙන් පැවතෙන සියල්ලන් ජොන්ජු යි වංශයට අයත් යැයි සැලකේ.

1910 ජපන්-කොරියා ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය ජපන් අධිරාජ්‍යයට ඈඳාගැනීමත් සමග, යි වංශයේ ඇතැම් සාමාජිකයන් ජපන් අධිරාජ්‍ය ගෘහය වෙත ඇතුළත් කරගැනුණු අතර 1947 වන තෙක්ම ඔවුන් ජපන් රජයේ රදළ පිරිසක් ලෙස සැලකිණි. ජපන් ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු, රාජකීයයන් ලෙස ඔවුන්ගේ තත්ත්වය කිසිදු රටක් විසින් පිළිනොගැණිනි. කෙසේනමුත්, දකුණු කොරියානු මාධ්‍ය වරින්වර ඔවුන් කෙරෙහි උනන්දු වන්නට විය. මෙය සිදු වූයේ 2005 ජූලි මස රාජකීය නිවසේ හිටපු ප්‍රධානී යි ගුගේ අවමංගල්‍යයත් සමගයි.

වර්තමානය වන විට, අපේක්ෂකයන් තිදෙනකු සිහසුනට උරුමකම් කියති. යි ගෘහයේ සාමාජිකයන්ගේ තීරණය අනුව උයි කුමරුගේ නවවන පුත්‍රයාගේ පුත් යි වොන්, මරණාපරව ගුගේ හදාගත් පුත්‍රයා‍ ලෙස නම්කොට ගෘහයේ නාමික ප්‍රධානියා ලෙස පත් කිරීමට තීරණය කරන ලදී. 2006දී ඇතැම් සාමාජිකයන් විසින් ඔහුගේ නැන්දණිය සහ උයි කුමරුගේ දෙවන වැඩිමහල් දියණිය වූ යි හේ-වොන් අධිරාජිනිය ලෙස නම්කරන ලදී. උයි කුමරුගේ තවත් පුත්‍රයකු වූ අධිරාජ්‍ය ප්‍රතිෂ්ඨාපන නිදහස් සංවිධානයක නායකයකු වන යි සොක් ද උරුමකරුවකු ලෙස සැලකෙයි. මෙම වංශයේ තවත් උරුමකරුවකු එක්සත් ජනපදය වෙත සංක්‍රමණය වී කැලිෆෝනියාවේ අර්වින් කොලීජියට ඇතුළත් වී සිටින බව පැවසෙයි.

රුසියාව

රුසියානු සමූහාණ්ඩුව උතුරු යුරෝපියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝක‍යේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ‍ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්‍රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්‍රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය.

ලෝක බෞද්ධ කෞතුකාගාරය

ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය ලොව පළමු ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය වේ. එය මහනුවර ජාතික කෞතුකාගාරය‎ සහ ශ්‍රී දළදා මාළිගාව ආසන්නයේ පිහිටුවා තිබේ.කෞතුකාගාරය තුල ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, පකිස්ථාය, ජපානය, චීනය, කොරියාව, ඉනිදුනීසියාව, තායිලන්තය,. මියන්මාරය, ලාඕසය, වියට්නාමය, කාම්බෝජය, මලයාසියාව, භූතානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් වලට අදාල කෞතුක වස්තූන් දැකගත හැකි වේ.

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යනු ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා හඳුන්වන නාමය වේ. වර්ථමාන ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ, නොබැදි විදේශ ප්‍රතිපත්තියයි.

සීතල යුද්ධය අවසාන වීමත් සමග, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමග, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙළඹුණි. ඒ අනූව ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, එක්සත් ජනපදය, චීනය, පාකිස්තානය, ජපානය, මලයාසියාව, දකුණු කොරියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමග වර්ථමාන ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. මීට අමතරව ආසියාන් (ASEAN), අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය වැනි සංවිධාන සමගද කිට්ටු සහයෝගීතාවයක්, ශ්‍රී ලංකාව පවත්වා ගෙන යයි.

වර්ථමානයේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ සංවිධාන සමගද, බහුපාර්ශ්වීය සම්බන්ධතා ගොඩනගා ගෙන තිබේ. උදාහරණ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) සමග ශ්‍රී ලංකාව ගණුදෙණු කිරීම දැක්විය හැක. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාර්ක්), ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ කොළඹ ක්‍රමය යන ලෝකයේ විවිධ සංවිධාන සහ සංගමයන් තුලද, ශ්‍රී ලංකාව සාමාජිකයෙකු වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.