ගෝවා

ඵල ආහාරයට ගනු ‍ලැබේ. ශීත දේශගුණය ප්‍රිය කිරීම නිසා උඩරට එලවළුවක් ලෙස හැදින්වේ.

ගෝවා
Cabbage and cross section on white
ගෝවා සහ එහි හරස් කඩක්
Details
විශේෂයBrassica oleracea
වගා ප්‍රභේද කාණ්ඩයCapitata Group
සම්භවයMediterranean, 1st century
වගා ප්‍රභේද කාණ්ඩ සාමාජීකයෝ

White cabbage (capitata var. alba L.)
Red Cabbage (var. capitata f. rubra)


Savoy cabbage (capitata var. sabauda L.)
ආහාර පරිරක්ෂණය

ආහාර පරිරක්ෂණය යනු ආහාර ආහාර නරක් වීමට (තත්ත්වය, භෝජ්‍යතාව හෝ පෝෂණ අගය අඩු වීම) හේතුවන හෝ නරක් වීම වේගවත් කරන ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය විශාල වශයෙන් අඩු කිරීමට හෝ නවතාලීමට යොදා ගනු ලබන ක්‍රියාවලියකි. නමුත් ආහාර පරිරක්ෂණය සහ ඒවාට විශේෂිත වූ ගුණාංග එකතු කිරීම සඳහා විෂ රහිත බැක්ටීරියා, යීස්ට් හෝ දිලීර භාවිත කරන ඇතැම් අවස්ථාද ඇත. යමක් ආහාරයක් ලෙස පරිරක්ෂණය කිරීමේදී එහි පෝෂ්‍යදායී වටිනාකම, මතුපිට පෙනුම සහ රසය ඇති කිරීම සහ පවත්වා ගැනීම වැදගත්වේ. මෙය සංස්කෘතිය මත රඳා පවතී. එක් සංස්කෘතියක ජනයාට සුදුසු වන ආහාරයක් තවත් සංස්කෘතියකට නුසුදුසු විය හැකිය.

සාමාන්‍යයන් ආහාර පරිරක්ෂණය යොදා ගන්නේ මුඩු බවට හේතු වන ලිපිඩ ඔක්සිකරණය ප්‍රමාද කිරීමට මෙන්ම බැක්ටීරියා, දිලීර සහ අනෙකුත් ක්ෂුද්‍ර ජීවින්ගේ වැඩීම නවතලීමටයි. එමෙන්ම ඇපල් ගෙඩියක් කැපූ පසු සිදුවන එන්සයිමීය ප්‍රතික්‍රියා වැනි ක්‍රියාවලදී සිදුවන වර්ණ වෙනස්වීම් සහ ස්වභාවික නරක් වීම් නිශේධනය කරන ක්‍රියාවලියක්ද මෙයට ඇතුලත් වේ. ඇතැම් පරිරක්ෂණ ක්‍රම වලදී ප්‍රතිකාරයෙන් පසු ක්ෂුද්‍ර ජීවීන් නිසා නැවත නරක් වීම වැළක්වීම සඳහා ආහාරය සීල් කිරීම අවශ්‍ය වේ. වියලීම, දිගු කාලීනව විශේෂයක් නොමැතිව ආහාරය අසුරා තැබීම අනෙකුත් ක්‍රමෝපායන් වේ.

මෙම ක්‍රියාවලි සඳහා අදාළ වන පොදුවේ භාවිත වන ක්‍රම අතරට වියලීම, විසිරි වියලීම, හිමායන වියලීම, හිමායනය, රික්තක ඇසිරීම, ටින් කිරීම, පැණිවල දැමීම, සීනි ස්ඵටිකීකරණය, ආහාර ප්‍රකිරණය සහ පරිරක්ෂක ද්‍රව්‍ය හෝ කාබන් ඩයොක්සයිඩ් වැනි නිෂ්ක්‍රීය වායු එකතු කිරීම වැනි ක්‍රම ඇතුලත් වේ. අච්චාරු දැමීම, ලුණු දැමීම, දුම් ගැසීම, පැණිවල හෝ මද්‍යසාර වල දැමීම, සීනි ස්ඵටිකීකරණය සහ පදම් කිරීම වැනි අනෙකුත් ක්‍රම ආහාර පරිරක්ෂණය සඳහාම පමණක් නොව රස එකතු කිරීම සඳහා ද උපකාර වේ.

ඉන්දියාවෙහි දේශපාලනමය සමෝධානය

1947 වසරෙහිදී ඉන්දියානු නිදහස ලැබුනු වකවානුව වත්ම, බල ප්‍රදේශ යුගලයකට ඉන්දියාව බෙදී තිබුණු අතර, පළමුවැන්න වූයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ පාලනය වූ බල ප්‍රදේශ වන අතර,දෙවැන්න වූයේ කිරීටය විසින් එය වෙත ආධිපත්වය දැක්වූ මුත්, එහි පාරම්පරික පාලකයන්ගේ පාලනය යටතේ පැවැති බල ප්‍රදේශ වෙති. මෙයට අමතරව, ප්‍රංශය සහ පෘතුගාලය විසින් පාලනය කෙරුණු යටත්විජිත පරිවෘතයන් කිහිපයක්ද වූහ. මෙම බල ප්‍රදේශයන්හී දේශපාලනමය සමෝධානය, ඉන්දියානු ජාතික කොංග්‍රසය විසින් ප්‍රකාශිත පරමාර්ථයක් වූ අතර, ඊළඟ දශකය තුලදී මෙය සාක්ෂාත් කර ගැනුමට ඉන්දියාවෙහි රජය යුහුසුළු විය. සාධකයන් කිහිපයක සංකලනයක් උපයෝගී කරගනිමින්, සර්ඩාර් වල්ලබ්භායි පටේල් සහ වි. පී. මෙනන් විසින් විවිධ කුමාර රාජ්‍යයන්ගේ පාලකයන් වෙත ඉන්දියාවට එකතු වීමේ ධනාත්මක ආදිනව ඒත්තු ගන්වන ලදි. මෙම රාජ්‍ය්‍යන් ඈඳා ගැනුම සාක්ෂාත් කර ගැනුමෙන් පසුව, ඔවුන් මීලඟට ක්‍රියාත්මක වූයේ, පියවරෙන් පියවර මධ්‍යම රජයෙහි බලාධිකාරිය මෙම රාජ්‍යයන් මෙත බලපවත්වමින් සහ පතුරවාලමින් ඒවායේ පරිපාලනය වෙනස් කර ලීමට වන අතර, 1956 වසර වන විට, පෙරදී බ්‍රිතාන්‍ය ඉන්දියාවෙහි කොටස් වශයෙන් පැවති සහ කුමාර රාජ්‍යයන්හී කොටස් වශයෙන් පැවති බල ප්‍රදේශ අතර පැවතියේ කුඩා වෙනස්කම් පමණි. මෙයට සමගාමීව, ඉන්දියානු රජය විසින්, රාජ්‍ය තාන්ත්‍රික සහ හමුදාමය ක්‍රමවේදයන්ගේ සංකලනයක් අනුගමනය කරමින්, ඉතිරි යටත්විජිත පරිවෘතයන් වෙත තත්වාකාර සහ නීති ප්‍රකාර අධිකාරය බල පවත්වා ගනිමින්, ඒවාද ඉන්දියාව වෙත සමෝධානය කර ගැනුණි.

කුමාර රාජ්‍යයන්ගෙන් අති බහුතරයක් මෙම ක්‍රියාවලිය නිසා සාර්ථක ලෙසින් ඉන්දියාව හා සමෝධානය වුවද, රාජ්‍යයන් කිහිපයක් අරභයා එය එතරම් සාර්ථක නොවූ අතර, සක්‍රීය බෙදුම්වාදී ව්‍යාපාර පවත්නා ජම්මු සහ කාශ්මීරය, ත්‍රීපුර සහ මනිපූර්, විශේෂිත වශයෙන් සඳහන් කල හැක.

කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව

කාර්මික ක්ෂුද්‍ර ජීව විද්‍යාව හෙවත් ක්ෂුද්‍ර ජීවී ජෛව තාක්ෂණය ආහාර නිෂ්පාදනයේ දී හෝ කාර්මික නිෂ්පාදනයේ දී ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතය පිළිබඳ අධ්‍යයනයකි. ආහාර නිෂ්පාදනයේ දී (මිනිස් හෝ සත්ව ආහාර) ක්ෂුද්‍ර ජීවීන්ගේ භාවිතය බොහෝ විට ආහාර ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ එක් අංශයක් ලෙස සලකනු ලබයි. කාර්මික ක්‍රියාවලීන් වලදී උපයෝගී කර ගන්නා ක්ෂුද්‍ර ජීවීන් ස්වාභාවික ලෙස එකලා කරගත් ‍(වෙන්කො ගත්), විද්‍යාගාරයේ දී තෝරා ගත් වාසිදායක විකෘති සහිත හෝ ජානමය වෙනස් වීම් කර සාදාගත් ජීවීන්ය.

කෘමිනාශක මඟින් පරිසරයට සිදු කරන බලපෑම

කෘමිනාශක භාවිතය මඟින් පරිසරය වෙත ඉලක්කගත නොවූ බලපෑම් සිදු විය හැක.

විසිර විදීම මඟින් ක්ෂේත්‍රයට යොදනු ලබන කෘමිනාශකවලින් 98%ක් ද වල් නාශකවලින් 95%ක් ද ඒවායේ ඉලක්කගත ජීවී විශේෂය වෙත ළඟා වීම වෙනුවට වෙනත් ජීවී විශේෂ, වාතය, ජලය, අවසාදන සහ ආහාර වෙත එක් වීම සිදු වන බව සොයා ගෙන ඇත. කෘමිනාශක ඒවායේ නිෂ්පාදන ස්ථානයන්හි දී සහ ගබඩා ටැංකිවලින් පරිසරයට මුදා හැරෙන විට, ඒවා කෘෂිකාර්මික බිම්වලින් ඉවතට ගලා යන විට, ඉවත හෙළු විට, වාතයට විසිරවීම කළ විට සහ ඇල්ගී විනාශ කිරීම සඳහා ජලයට විදීම සිදු කළ විට යන අවස්ථාවන්හි දී පස සහ ජලය දූෂණය කරයි. ඉලක්කගත ප්‍රදේශයෙන් පිටතට කිසියම් කෘමිනාශකයක් සංක්‍රමණය වීම සඳහා එහි රසායනික ගුණ බලපායි. ඒවා වනුයේ අදාල රසායනිකය පස සමඟ බැඳීමට දක්වන හැකියාව, එහි වාෂ්ප පීඩනය, එහි ජල ද්‍රාව්‍යතාවය සහ කාලයත් සමඟ ස්වභාවිකව බිඳ වැටීමට අදාල සංයෝගය දක්වන ප්‍රතිරෝධීතාව යනාදියයි. මේ හැරුණු විට කෘමි නාශක යොදන ලද පසෙහි වයනය, එහි ජලය රඳවා ගැනීමේ හැකියාව, එහි අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය යන සාධක ද කෘමිනාශක පැතිරීයාම කෙරෙහි බලපායි.

ඇතැම් කෘමිනාශක ගෝලීය උණුසුම් වීමට සහ ඕසෝන් ස්ථරය හායනයට ද බලපායි.

ගෝවා (ප්‍රාන්තය)

ගෝවා යනු වර්ග ප්‍රමාණය අනුව ඉන්දියාවේ කුඩාම ප්‍රාන්තය සහ ජනගහණය අනුව සතරවැනි කුඩා ප්‍රාන්තය වෙයි.

ගෝවා (වක්‍රෝත්තිහරණය)

ගෝවා යන්නෙන් පහත දෑ අදහස් විය හැක.

‍ගෝවා නමැති එළවළු වර්ගය

ගෝවා නමැති ඉන්දියානු ප්‍රාන්තය

ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනය

කෘමි කර්මාන්තයේ දී කෘමීන් ජිව විද්‍යාත්මක පාලනය යනු විලෝපිකතාව, පරපෝෂිතතාව, ශාක භක්ෂකතාව හෝ අනෙකුත් ස්වාභාවික යාන්ත්‍රණ මත රඳා පවතින පලිබෝධ (කෘමීන්, වේයන්,වල් පැල හා ශාක රෝග ඇතුළුව) පාලන ක්‍රමයකි. එය සංගෘහිත පලිබෝධ කළමනාකරණය (IPM) වැඩසටහනක වැදගත් අවයවයක් විය හැක.

ටයුන්ඥ (1531 – 1752)

ටයුන්ඥ (1531 – 1752)

15 වන ශතවර්ෂයේ අගභාගයේ දී නිතරම ෂාන් ගේ බලවත් ක්ෂණික පහරදීම් වලට ලක්ව තිබූ අවා රාජධානියෙන් ටයුන් ගු සහ ප්‍රෝම් යන කොටස් 16 වන ශතවර්ෂයේ මුල් භාගයේ දී බිදී ගියේය. 1527 දී මොන්හයින් ෂාන් විසින් අවා හි රාජ්‍ය බලය තමා නතු කර ගැනීමෙන් පසුව බොහෝ බුරැම ජාතිකයින්ගේ ලේ හැලීම් වලින් පසු නිරිත දිග රජු වූ බොහෝ මින්ගින්යොෝගේ මයුන්ගු නගරය බුරැම පාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත් විය.

මයින්ගු රාජධානියේ අලුතින් පාලකයා බවට පත් වූ ටැබින්ෂ්වෙට්ටි රජු 1539 වර්ෂයේ දී බොහෝ බලවත් පැවති පෙගු රාජධානියක් 1546 දී අරකන් හා 1548 දී සියම් යන රාජධානි ඔහුගේ පාලනය යටතට ගැනීමට ඔහු අපොහොසත් විය. යුරෝපීය වෙළදුන් ගේ පැමිණිමත් සමග බුරැමය නැවතත් ඉතා වැදගත් වෙළද මධ්‍යස්ථානයක් බවට පත්වූ අතර මැබින්ෂ්වෙට්ටි ඔහුගේ අගනගරය ආර්ථිකමය වශයෙන් ඉහල වටිනාකමක් ඇති පෙගු වෙත ගෙන ගිය ලදි.

බයින්නවුන්ගෙේරජු බුරැම ඉතිහාසයේ විශාලතම අධිරාජ්‍යයා වීමට කටයුතු කරන ලදි. එහි දී ඔහු ආවා 1555 දීත්, ෂාන් ජනපදය 1557 දීත්, ලාන් නා (මියැව්ග් මායි) 1558 දී ත්, මනිපූර් 1559 දී ත්, අවුත්තය (සියම්) 1564, 1569) දීත්, ලාන් ෂ්‍යාන්ග් (ලාඕඩ්) (1574 ) දී ත් තමාගේ පාලනයට නතු කරගත් අතරම එහි ප්‍රතිඵලයක් වශයෙන් ගිණිකොන දිග ආසියාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශ වලින් වැඩි ප්‍රමාණයක් ඔහුගේ පාලනයට යටත් විය. 1581 දී බයින්නවුන්ග් මියයාමත් සමග ඔහුගේ අතිවිශාල අධිරාජය බිදී ගියේ ය. 1584 දී සියම, නිදහස ප්‍රකාශයට පත් කල අතර 1605 දක්වා බුරැමය සමග යුධ වදින ලදි. සියම, ලාන්, ෂ්‍යාන්ග් සහ මනිපුර් තුල 1593 සිට මයුන්ගු හි ආධිපත්‍යය නැති වී ගියේ ය. බුරැමට, සියම සමග තිබෙන එදිරිවාදිකම් ප්‍රයෝජනය ට ගෙන අරකනීස් බලකායන් පෘතුගීසි කුලී හේවායන්‍ගේ උදව් ලබාගෙන 1599 දී පෙගු නතුකරගන්නා ලදි. ප්‍රධාන කුලී හේවායා වූ ෆිලිස් දි බ්‍රිටෝ ඉ නිකෝට් 1603 දී කාන්ලයින් හි පෘතුගීසි ආධිපත්‍ය යටතේ ගෝවා නැවතත් පිහිටුවන ලදි. එයින් රට අවුල් වියවුල් විය.

බයින්නවුන්ගේ වැඩිමහල් පුත් වූ අනව්ක්පෙට්ලුන් ‍රජු 1613 දී පෘතුගීසි පරාජය කොට මනා කලමණාකාරීත්වයකින් යුතු කුඩා රාජධානියක් නැවත පිහිටවූ අතර එය ආවා කේන්ද්‍ර කොටගත් උත්තර බුරැමය පහත බුරැමය, ශාන් ජනපදය, හා ලාන් නා ප්‍රදේශය වට කොට ගත් එකක් විය. ඔහුගේ සහෝදරයා වූ කලුන් රජු යුද්ධයෙන් හෙම්බත් වූ රටක් ගොඩනගන ලදි. 1665 දී බර්මා විසින් ලාන් හා නහි රාජ්‍ය බලය ලබාගැනීමට සියම විසින් ගත් උත්සාහය පරාජය කරන ලදි. 17 ත් වන සියවස ආරම්භයේ දී රාජධානිය ක්‍රමානූකූලව බිදවැටුනි. 1730 න් පසු ඉහල චයින්ඕවින් මිටියාවත මැනිපියුරින් කොට්ඨාශයේ වරාර්ෂික ක්ෂණික බලවත් පහරදීම් වලට ලක්ව පැවැතුනි. ඩරාවැඩ්ඩි මිටියා‍වතේ පහත ප්‍රදේශයේ වාසය කල මොන්ස් කොට්‍ඨාශය විසින් 1740 දී පාලන බලය ට විරැද්ධව විවෘත ප්‍රතිරෝධයක් දියත් කරන ලදි. 1747 දී නව හත්තාවඩ්ඩි රාජධානිය පෙග්‍ර මුලිකකරගෙන පිහිටුවන ලදි. මයුන්ගු රාජධානිය අවසානයට පත්කර 1752 දී හන්තාවඩ්ඩි විසින් ආවා යටත් කර ගන්නා ලදි.

තවාන් පාලනය

==හැඳින්වීම==තක්කාලි වගා කරන අයුුරු

තවානක් යනු ක්ෂේත‍්‍රයේ යම් ස්ථානයක බීඡ හෝ ශාක කොටස් රෝපනය කළ වැවීමට සූදුසූ තරමී විශාල වන තෙක් ඒවා ආරක්ෂාකර

තබා ගන්නා ස්ථානයකි කුඩා පැළ වර්ෂාපතනය, උෂ්නත්වය, ඡලහිගය,වැනි සාධක නිසා විනාශ විය හැකි බැවින් එම අහිතකර තත්වයන්ගෙන් ආරක්ෂා කිරීමට තවත් ඉවහල් වෙයි.

නිරෝගී ආහාර රටාව

නොකා ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙන තරමට අපිට කෑමෙන් වන ලෙඩ, වේලක් ඉව්වාම අනෙක් වේලට උයන්න හොඳ මොනවද කියල අහස පොළව ගැටලන්න කල්පනා කරන්න වෙලා. සමහරු කියනවා අපිට කන්න වෙලා තියෙන්නෙ වස විස කියලා. ඒකමද හේතුව අපි ලෙඩ වෙන්න, මේක වළක්ව ගන්න ක්‍රමයක් නැද්ද? අද අපි කතා කරන්නෙ කොහොමද ඊළඟ කෑම වේල සැලසුම් කරන්නෙ කියලා.

සිංහල වෙදකමේ සාරය තමයි අපි උගුරෙන් පල්ලෙහාට ගන්නා දෙයින් අපිව නිරෝගී කිරීම. ඒ කියන්නේ කෑම බීමෙන් නිරෝගී කිරීම තමයි අභ්‍යන්තර දර්ශනය.

ආහාරය තවත් එක කෂාය වර්ගයක් කියලා හිතන්නකෝ. එතනින්ම ප්‍රශ්නය විසඳෙනවා!

ගෙදරක අම්මා සකස් කරන ආහාරය සරලව කොටස් දෙකකට බෙදන්න පුළුවනි. ඒ තමයි කැඳ සහ බත්. කැඳ ගැන හෙට කතා කරන්න තියලා අද බත් ගැන කතා කරමු. බත් කියන්නේ මෙතන බෝජනය, බොජුන් ආයෙමත් කොටස් පහකට බෙදෙනවා. ඒ බත්, කොමු (ධාන්‍ය වර්ග පිටි කර හදන කෑම), අත්සුණු (හාල් පිටි කර හදන කෑම), මාළු (එළවළු ව්‍යංජන) සහ මස් (ගොඩ මස් සහ මත්ස්‍ය ආහාර) ඒ කියන කසාය සීට්ටු වර්ග පහ. අපිට එක් වේලකට මේ කියන ඒවායින් එකක් හරි දෙකක් නැත්නම් කීපයක් සමහර විට පහම හදා ගන්න වෙනවා.

උදේ කෑම වේල සඳහා බත් නැත්නම් තිරිඟු, කුරක්කන්, මෙනේරි, යව (බාර්ලි), හාල් වැනි ධාන්‍ය පිටි වලින් හැදූ ආහාරයක් ගැනීමයි පුරුද්ද. මේ මොන කෑමක් ගත්තත් එයින් අරමුණු දෙකක් ඉටුකර ගන්න අපේක්ෂා කළා අපි කාලයක හිටන්ම. එයින් පළමුවැන්න තමයි දවසේ වරුවක් ඒ කියන්නේ උදේ වරුව වැඩ කරන්න ඕන කරන ශක්තිය හයිය ලබා ගන්න එක. අපිට සෞඛ්‍ය පාඩමට ඉස්කෝලේ උගන්නපු විදියට පිෂ්ටධාතු වැඩිපුර අඩංගු ආහාරයක් තමයි ඒක. අනික් අරමුණ තමයි ඇඟේ ඇති වී තිබෙන ගිලන් බවක් තිබෙනවා නම් ඒකට ගැලපෙන බෙහෙතක් ගැනීම. කොහොමද ඒක කරන්නේ. ඒක කරන්නේ දොස්තරලා දෙන්නෙක් එකතු වෙලා. ඒ අම්මයි තාත්තයි. ඊයේ රෑ පවුලේ අය එකට එකතු වෙලා කතා කරන වෙලාවේ නැත්නම් විශේෂයෙන්ම අම්මාට වාර්තා වුණු පුංචි පුංචි “රෝග ලක්ෂණ” සලකා බලලා තමයි මේ තීරණයට දෙදෙනොගේ අනුමැතිය එකඟතාව ඇති වෙන්නේ. ඒ විතරක් නෙවෙයි අද දවසේ ඊළඟ වේල වෙනකම් කොච්චර වෙලාවක් පවුලේ එක් එක් සාමාජිකයාට ඉන්න වෙනවද කියලත් බලනවා. පවුලේ ආර්ථිකය අනුව සමහර වෙලාවට ලොකු වෙනසක් කරන්න අමාරු වෙන්න පුළුවන්. තුන් වේලටම බත්, නැත්නම් කුරක්කන් වලින් යැපෙන්න වෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට අවශ්‍ය වෙනස කෙරෙන්නේ හදන මාළු පිනි වලින්.

හීල් බත වුනත්, නැත්නම් උදේට බතක් ඉව්වත්, සමහර විට කිරිබතක් ඒත් නැත්නම් පාන්, ඉඳි ආප්ප, ආප්ප, කුරහන් රොටි, තලප වැනි ආහාරයක් වුනත් ඒ සමග ගත යුතු වන්නේ ඇඹුලකි. ඇඹුල කියන්නේ පොල් කිරි මුසු නොකර ගොරකා, සියඹලා, තක්කාලි වැනි ඇඹුල් වර්ගයක් යහමින් දමා හදන මාළුවකි. බොහෝ පෝෂණීය මාළු වර්ග, පොලොස්, අඹ, ඇඹරැල්ලා, කරවල වර්ග, ඇඹුලට හදා ගත හැකිය. එය ඇඹුලේ අඩංගු ඇඟ වඩවන පෝෂක සහ බත හෝ කොමු ආහාරය පහසුවෙන් දිරවීමට සලස්වයි. උදේ වරුවේ වැය කිරීමට අවශ්‍ය ශක්තිය ඉක්මනින් මුදා හැරෙන්නේ ඒ ලෙසය. ඇඹුල් අධික ආහාර පිත යහමින් වඩයි. ඇඹුලට පිසෙන ආහාර වැඩි හරියක් ගිනියමින් අධිකය. වැඩි ශක්තියක් ලබා දෙයි. ඇඟ වඩයි. එහෙත් වැඩි වන ගිනියම් ගතිය සහ පිත යළිත් සම තත්ත්වයට ගැනීමට ඊළඟ වේලට නියඹලාවක් අඩංගු විය යුතු වේ. හාල් (බැද හෝ නොබැද), පොල් (බැද හෝ නොබැද), තුනපහ (බැද හෝ නොබැද), සුලු ලූණු, අමු මිරිස්, කුරුඳු ආදිය ගෙන තුනී වන විදියට අඹරා හොද්දට දමා කිරි ද එකතු කර උකුවට උයන මාළුව නියඹලාවයි. ඒ විදියට පිපිඤ්ඤා, කැකිරි, තියඹරා, අළු කෙහෙල්, වට්ටක්කා, වට්ටක්කා දළු, කෙසෙල් බඩ, කොහිල අල, කොස් ඇට කළුපොල් වැනි ඇඟ නිවන ආමාශය, බඩවැල් පවිත්‍ර කරන කෑමක් හදා ගත හැකිය. වැඩිවන උෂ්ණ ගතිය පාලනය කළත් එයින් එතරම් ඇඟ වඩවන පෝෂණ ගුණයක් සැපයෙන්නේ නැති නිසා කොළ මැල්ලුමක්, හොද්දට හැදූ මාළු හෝ ධාන්‍ය වර්ගයක් එක් කරගත හැකිය. මැල්ලුමට කොළ වර්ග මෙන්ම මුංඇට, පැහී ගෙන එන කොස්, පැපොල් ගැට, තිබ්බටු ආදී ඔසුවක් එකතු කරන්නට වුනත් පුළුවනි. එයින් ශරීරය ඇතුලේ වැඩට යෙදී වියදම් වන හිතකර ලෝහ වර්ග සහ “විටමින්” වගේම ලෙඩරෝග වලට ඔරොත්තුව, රෝග ඇති කරන විසම ගති, නිවාලන ඔසු ගුණ “සංචිතය” ආපසු යතා තත්ත්වයට ගන්නට උදව් කරයි. වටපිටාවේ රස්නය වැඩි දවල් දවසේ තෙල් අඩංගු කෑම සුදුසු නැති වුවත් සීත පෙදෙස්වල ජීවත් වන විට හෝ අනෙක් පළාත්වල සීත කාලයට නැත්නම් හීතල ඇති රෑ කාලයට තෙල් සහිත ආනමක් බැදුමක් එකතු කර ගැනීමයි හොඳ. වතුරේ දිය නොවන බොහෝ ඔසු ගුණ තෙලේ දියවේ. ඇරත් ඇඟට තෙල් ද අවශ්‍ය වේ. ඒ වුවමනාව අම්මා පිරිමහින්නේ ආනමක් බැදුමක් හැදීමෙනි. දිය කිරෙන් හෝ වතුරෙන් තම්බා ගන්නා එළවළුව හෝ ධාන්‍ය වර්ගය පසුව තෙම්පරාදු කර හදන මාළුව ආනමයි. එළවළු කීපයක් මිශ්‍ර ආනම අම්මා තෝරා ගන්නේ සරු කාලවලදීය. කොල්ලු, මුංඇට, කව්පි, කඩල, කෙකටිය, දිය හබරල, කැරැන් කොකු, මියනදළු, ගෝවා මල්, ආදී කෑම සුදුසු වන්නේ ආනමටයි. තෙල් ආහාරයට එකතු කර ගැනීමේ අයහපත් ආනිසංස අම්මා සමනයට පත් කරන්නේ පහුවෙනිදා උදේට ඇඹුලක් හැදීමෙනි. ඒ විතරක් නොවේ. පවුලේ කෙනෙකුට සෙම වැඩි වුණත්, අම්මා නියඹලාවට තාවකාලිකව සමුදෙයි. හොද්දට බසී. හොද්දට හදන එළවළු සහ මාළු වර්ග කොයිකටත් ඔට්ටු ඒවාය. හොද්ද දිය කිරි සහ මිටි කිරි දමා පිසින මාළුවයි. පස්මාළුවම (ඇඹුල, ආනම, නියඹලාව, හොද්ද, මැල්ලුම) බැදුමක් ද ඇතුව තව තැම්බුමක් (අල වර්ගයක්, කොස් දෙල් ආදිය) සමග පිසෙන්නේ අමුතු බතයි. අමුතු යන ආගන්තුක යන තේරුමයි. නිවසට ආගන්තුකයෙකු පැමිණි විට මේ වෙනස කරන්නේ ඇත්තටම වෙනසකටය. එදාට වැඩ කරන ශ්‍රම බලකායට නිවාඩු දවසක් ද වේ. මේ ඇරුණාම විශේෂ “කසාය සීට්ටු” කීපයක්ද වේ. මිරිස් හොද්ද, කායම් හොද්ද, තැම්බුම් හොද්ද, දිය බත, අමු හොද්ද ආදී ලෙසින් කලාතුරකින් පිසෙන කෑම වර්ග ඒ ගණයට අයත් වේ. කෙනෙකුට ආහාර අරුචියක්, ඕනෑවට වඩා පුරවා දැමීමක්, අජීර්ණයක් හැදුණා නම් තැම්බුම් හොද්ද බහුකාර්ය විසඳුමක් ලබා දෙයි.

අපි මේ කෑම වේලේ අඩු පාඩු මෙන්ම වැඩි පාඩු ඊළඟ වේලෙන් පිරිමහින සිංහල ක්‍රමය ඉගෙන ගෙන “තුන් වේලටම පෝෂක ද්‍රව්‍ය හයක් සමබරව ගන්න, එහෙම අරගෙන ඉස්පිරිතාලෙට එන්න” කියන බටහිර ක්‍රමයට සමුදෙමු.

පරාතා

පරාතා (හෝ පරාන්තා) යනු ඉන්දියානු අර්ධද්වීපය තුල සම්භූත වූ පැතලිපාන් වර්ගයකි. එය සාමාන්‍යයෙන් නිවුඩු-තිරිඟු පිටි වලින් සාදා, ගිතෙල් හෝ පිසුම් තෙල් තුල තැටියක බැද, බොහෝවිට තැම්බූ අර්තාපල්, රාබු හෝ මල්ගෝවා වැනි විශේෂිත එළවළුවර්ග හා/හෝ පානීර් (ඉන්දියානු චීස්) වලින් පුරවා පිළිගැන්වේ. පරාතාවක් (විශේෂයෙන් පුරවා සැදූ වර්ගයෙහි) බටර් බිඳක් එය මත තවරා කෙලින්ම ආහාරයට ගත හැකි වුවද, අච්චාරු හා යෝගට් සමග හෝ තුනපහ හොඳින් ‍යෙදූ, රසවත් හා උකු, මස් හා එළවළු හොදි සමග හෝ පිළිගැන්වූ විට ඉතා අනර්ඝ වේ. සමහර අයෙක් පරාතාව "නලය"ක ආකාරයට රෝල් කර, තේ සමග, විටෙක පරාතාව තේ වල ඔබමින්, කෑමට රුචියක් දක්වති.

පරාතාව රවුම්, හතරැස් හෝ ත්‍රිකෝණාකාර හැඩ ගත හැකිය. පළමු වර්ගයෙහිදී, පුරවන ද්‍රව්‍ය ඇනූ පිටි සමග මිශ්‍ර කර පරාතාව රොටියක ආකාරයට පිළියෙල කරන මුත්, දෙවන වර්ග දෙකෙහිදී, පෙඩා (ඇනූ පිටි ගුලිය) පැතලි හැඩයකට පැතලි කර, පුරවන ද්‍රව්‍ය මැද තබා එය වට කරමින් පැතලි පිටි හැඩය කොපුවක ආකාරයෙන් වසා දැමේ. මෙම ප්‍රභේද දෙක වෙනස් වන්නේ, පළමුවැන්න ඇතුලත පුරවන ද්‍රව්‍ය සහිත විශාල (ඝනකම අතින්) රොටි වර්ගයක් ලෙසින් දිස්වන අතර; අනෙකුත් වර්ග දෙකෙහිදී, යමෙකු කර කරගා හැපෙන පිට-පොතු-ස්තරය " විවෘත කළොත්", පැහැදිලි මොළොක් ස්තරයන් නිරාවරණය කර ගත හැකි වීමයි.

පරාතාව සමාජීය ලක්ෂණාර්ථයක්ද සහිත වෙයි. පරාතාව පිළියෙල කිරීමේදී, දෛනික රොටියට වඩා එයට යොදන ඉමහත් වියදම හා වෙහෙස සලකා බලන කල, එය වැදගත් අමුත්තන් සඳහා පිළියෙල වන්නාවූ විශේෂිත ආහාරයක් ලෙස සැලකිය හැක.

පරාතාව පිළිබඳ අදහස ජනිත වූයේ පුරාතන උතුරු ඉන්දියාවේ විශේෂයෙන් පන්ජාබ් ප්‍රදේශයෙහිදීය. සම්භවයන් කෙසේ වුවද, එය ඉතා වේගයෙන් සමස්ත ඉන්දියාව පුරා ජනප්‍රිය වූ අතර, වර්තමානයේ දකුණු ආසියාවේ සැමතැනකදීම රසවිඳීමට හැක . මෙම සාර්වත්‍රික පරාතාව, දකුණු ඉන්දියානු ප්‍රාන්තයන්හීද ඔවුන්ගේම ආවේණික වර්ග ලෙස පවතින අතර, එයින් වඩාත් ජනප්‍රිය වර්ගය වනුයේ කේරල පොරොට්ටා ලෙසද හැඳින්වෙන "කේරල පරාතා" වේ .

ඉන්දියානු සංක්‍රමණිකයන් මෙම රස බොජුන මලයාසියාවට, මුරුසියට(මෙහි මෙය හැඳින්වෙන්නේ ෆරාටා නමිනි) හා සිංගප්පූරුවට ගෙන ගිය අතර, මෙහි සෘජු ප්‍රතිඵලයක් ලෙස, රොටි කානායි හා රොටි ප්‍රාටා වැනි ප්‍රභේදන ජනිත කරලීමට සමත් වී ඇත. මෙය පලාටා ලෙස වැහැරෙන මියන්මාරයෙහි (බුරුමයෙහි), මෙය අනුභවයට ගන්නේ බිත්තර හෝ එළු මස් උයා පිළියෙල කරගත් හොදි සමග හෝ, සුදු සීනි සමග අතුරුපසක් ලෙසිනි. හ්ටාට් ටා යා, යන්න අරුත් දනවනුයේ 'ස්තර සියයක්' වන අතර, එය පුලුස්සන ලද්දාවූ, පොතු සහිත, ස්තර බොහෝ ඇති පරාතාවක් වන අතර සීනි හෝ තැම්බූ රට මෑ හෙවත් පීස් (පෙ බියොක්) සමග වළඳනු ලැබේ. ට්‍රිනිඩෑඩ් හා ටොබෑගෝහි පරාතා දකුණු ආසියානු පරාතා වලින් වෙනස් වනුයේ ඒවා සාමාන්‍යයෙන් තුනී හා විශාල නිසාය. ට්‍රිනිඩෑඩි හා ටොබෑගෝ හිදී, විශේෂයෙන් ඉන්දු-ට්‍රිනිඩෑඩ්වරුන්-නොවනන් විසින්, මෙය සාමන්‍යයෙන් ව්‍යවහාර කරනුයේ "බස් අප් ෂට්" ("පැලී-ගිය කමිසය") ලෙසය.

විධාන් සභා

විධාන් සභා (හින්දි: विधान सभा) හෝ, ව්‍යවස්ථාදායක සභාව යනු, ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්හී පළාත් (ප්‍රාන්ත) ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩලය (ද්වි මණ්ඩල සහිත ප්‍රාන්තයන්හී) හෝ එකම මන්ත්‍රී මණ්ඩලය (ඒක මණ්ඩල ප්‍රාන්තයන්හී) වෙයි. දිල්ලිය සහ පුදුචෙරි සංගම බලප්‍රදේශයන් දෙකෙහී, ව්‍යවස්ථාදායකයන්හී පහළ මන්ත්‍රී මණ්ඩල සඳහාද, මෙම නාමයම භාවිතා කෙරෙයි. ද්වි මණ්ඩල ව්‍යවස්ථාදායකයක් සහිත ප්‍රාන්ත සයෙහි උත්තර මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ, ව්‍යවස්ථාදායක සභාව හෝ, විධාන් පරිෂාද් ලෙසිනි. විධාන් සභාවක මන්ත්‍රීවරුන්, කිසියම් ප්‍රාන්තයක ජනතාවගේ සෘජු නියෝජිතයන් වන්නේ, එම ප්‍රාන්තයෙහි වයස අවුරුදු 18 ඉක්මවන සියළු පුරවැසියන් වෙතින් සමන්විත ඡන්දදායක කොට්ඨාශයක් විසින්, ඔවුන් සෘජු ලෙසින් තෝරා පක් කරගනු ලබන හෙයිනි. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සටහන් කර දක්වන පරිදී, එහි උපරිම ප්‍රමාණය මන්ත්‍රීවරුන් 500 කට නොවැඩි විය යුතු අතර මන්ත්‍රීවරුන් 60 කට නොඅඩු විය යුතුයි. කෙසේවෙතත්, ගෝවා, සික්කිම්, මිසෝරම් යන ප්‍රාන්තයන්හී මෙන්ම පුදුචෙරි සංගම බලප්‍රදේශයෙහිද, විධාන් සභා විශාලත්වය මන්ත්‍රීවරුන් 60 කට අඩු ප්‍රමාණයක් විය හැක්කේ, පාර්ලිමේන්තු පණතක් අනුසාරයෙනි. නිදසුන් වශයෙන් ඉංග්‍රීසි-ඉන්දියානු ප්‍රජාව දැක්විය හැකි සුළුතරයන්, ප්‍රමාණවත් අයුරින් සභාව තුල නියෝජනය නොවන බවක් ඔහුට පෙනී යයි නම්, ඒවා නියෝජනය වන පරිදී එක් මන්ත්‍රීවරයෙකු පත් කිරීමේ බලය, ආණ්ඩුකාරවරයා සතු වෙයි. විධාන් සභා වෙතට, තෝරා පත් කර ගනු ලැබුනු හෝ (ආණ්ඩුකාරවරුන් විසින්) පත් කරනු ලැබුනු හෝ පුද්ගලයින්, ව්‍යවස්ථාදායක සභාවෙහි මන්ත්‍රීවරුන් ලෙසින් හැඳින්වෙති.

එක් එක් විධාන් සභාව වසර-පහක කාලසීමාවක ක්‍රියාත්මක වීම බලාපොරොත්තු වන අතර, ඉන්පසුව එය මැතිවරණයකට මුහුණදිය යුතුව ඇත. හදිසි නීතියක් පවතින අවස්ථාවක් තුලදී, එහි ධුර කාලසීමාව, වසර පහකින් ඔබ්බට දීර්ඝ කිරීම හෝ එය විසුරුවාහැරීම හෝ සිදු කල හැකි වෙයි. ව්‍යවස්ථාදායක සභාවක ධුර කාලසීමාව වසර පහක් වෙයි. එනමුදු, මහ ඇමතිගේ ඉල්ලීම පරිදී, ආණ්ඩුකාරවරයා විසින් එය වසර පහකට පෙර විසුරුවාහැරිය හැක. හදිසි නීතියක් පවතින අවස්ථාවකදී, ව්‍යවස්ථාදායක සභාවක ධූර කාලසීමාව දීර්ඝ කල හැකි වුවද, එක් වරකට මාස හයක උපරිමයකට යටත් වෙයි. බහුතර පක්ෂය හෝ සන්ධානයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් එය තුල සම්මත වුවහොත් එය විසුරුවාහැරිය හැක.

විමුක්ති දිනය

බොහෝ විට රජයේ නිවාඩු දිනයක් වන විමුක්ති දිනය යනු, නිදහස් දිනයකට සමානකම් දක්වමින්, කිසියම් ස්ථානයක විමුක්තිය සිහි කෙරෙන දිනයකි. විමුක්තිය යන්නෙන් සනිටුහන් වන්නේ, කියුබාව අරභයා වැනි විප්ලවයක් සිදුවූ දිනයක් හෝ, පෘතුගාලය අරභයා වැනි පීඩාකාරී රාජ්‍ය තන්ත්‍රයක නිමාව හෝ, නෙදර්ලන්තය අරභයා වැනි වෙනත් රාජ්‍යයක් වෙතින් වූ හමුදාමය අධිවසනත්වයේ කෙළවර හෝ වන අතර, වෙනත් රටක් විසින් ඉවත්වයෑම වන්නාවූ නිදහස යන්නෙන් වෙනස් වෙයි.

ශ්‍රී ලංකාව් වී ගොවිතැනේ වල් පැලෑටි

ශ්‍රී ලංකාවේ වගාකර තිඛෙන බිම් ප්‍රමාණයෙන් වැඩි කොටසක ඇත්තේ වී ය. එය අප රට ප්‍රධාන ආහාර භෝගයද වේ ජලාශ්‍රිත තැනිතලා බිමි හා දියළු පසක් ද පැළ වැඩෙන කාලයේ අඟල් 60ක පමණ වාර්ෂික වර්ෂාපතනයක් ද කරල් පැසෙන කාලයේ පැරන්හයිට් 80ක සාමාන්‍ය උෂ්ණත්වයක් ද තිබිම වී වගාවට අවශ්‍ය ප්‍රධාන භූගෝලීය සාධක ෙවි. මෙයින් ද වී පැළයේ වැඩිමට අවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ හොදින් පැතුරුණු වර්ෂාපතනයයි. වර්ෂාපතනය අඩු ඇතැමි ප්‍රදේශයන්හි වී වගාව සඳහා නෙයෙක් ජල සම්පාදන ක්‍රම උපයෝගි කරගෙන ඇත්තේ මේ නිසාම වේ.

ශ්‍රී ලංකාවේ වී ගොවිතැනේ වල් පැලෑටි

ශ්‍රී ලංකාවේ වගාකර තිඛෙන බිම් ප්‍රමාණයෙන් වැඩි කොටසක ඇත්තේ වී ය. එය අප රට ප්‍රධාන ආහාර භෝගයද වේ ජලාශ්‍රිත තැනිතලා බිමි හා දියළු පසක් ද පැළ වැඩෙන කාලයේ අඟල් 60ක පමණ වාර්ෂික වාර්ෂික වර්ෂාපතනයක් ද කරල් පැසෙන කාලයේ පැරන්හයිට් 80ක සාමාන්‍ය උෂ්ණත්වයක් ද තිබිම වී වගාවට අවශ්‍ය ප්‍රධාන භූගෝලීය සාධක ෙවි. මෙයින් ද වී පැළයේ වැඩිමට අවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ හොදින් පැතුරුණු වර්ෂාපතනයයි. වර්ෂාපතනය අඩු ඇතැමි ප්‍රදේශයන්හි වී වගාව සඳහා නෙයෙක් ජල සම්පාදන ක්‍රම උපයෝගි කරගෙන ඇත්තේ මේ නිසාම වේ.

වී වගාවට අවශ්‍ය ඉහත කී භූගෝලිය සාධකයන් අඩු වැඩි වී පැවතුන ද මෙරට ප්‍රධාන ආහාරමය භෝගය වන බැවින් අප රට සෑම දිස්ත්‍රික්කයකම වාගේ වී වගාව පැතිරී ඇත. මෙයින්ද වැඩිම අක්කර ප්‍රමාණයක් වී වගාවට යෙදවී ඇත්තේ කුරුණැගල, පොළොන්නරුව, හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කයන්හිය. නුවර එළිය හා මෙණරාගල දිස්ත්‍රික්කයන්හි වී වගාවට යොදවා ඇති බිම් ප්‍රමාණය මෙයට වඩා ඛෙහෙවින් අඩුය. දේශගුණය අනුව සළකා බලන කල ලංකාෙවි වී වගාව යෝග්‍ය ප්‍රධාන ප්‍රදේශය වියළි කලාපයයි. වර්ෂාපතනය මඳකම මෙහි වී වගාව කෙරෙහි බලපා ඇති ප්‍රධාන බාදකයන් වේ. මෙහි මහ කන්නයේ වී වාගව කෙරෙන්නේ ඊසාන දිග මෝසම් සුළගින් ලැඛෙන වැසි ජලයෙනි. යල කන්නයේ වී වගාව වැවි හාඇල මාර්ගවලින් සපයන ජලයේ ආධාරයෙන් කරගෙන යයි. මේ නිසා මෙම කන්නයේ වී වගාවෙන් එතරම් අධික අස්වැන්නක් ලබාගැනිමට වියළි කලාපයේ ගොවියාට නුපුළුවන් වේ. එහෙත් මෑතක සිට මෙයට පිළියම් වශයෙන් රජය විසින් ලංකාෙවි වියැළි කලාපය පුරා පිහිටි පැරණි වැවි හා වාරි මාර්ග ප්‍රතිසංස්කරණය කොට නව වාරිමාර්ග ව්‍යාපාර රාශියක් ම ආරම්භ කර ඇත.

වරින්වර ඇතිවන ගංවතුර, කෘමි රෝග හා කෘමි වසංගත යනාදිය තෙත් කලාපයේ වී ගොවිතැන කෙරෙහි බලපා ඇති ප්‍රධාන බාධකය වේ. එහෙත් අවුරුද්ද මුළුල්ලේ අධික වර්ෂාපතනයක් ලැඛෙන හෙයින් මෙහි ඉහත කී කන්න දෙකම වැඩ කරන්නේ වැසි ජලයෙනි. කෙසේ වුවද දේශගුණික අයෝග්‍යතාවන් නිසා මෙහි වී ගොවිතැනින් ලැඛෙන අස්වැන්න වියළි කලාපයේ වී අස්වැන්නට වඩා සාපේක්ෂ වශයෙන් අඩුව ඇත.

ශ්‍රී ලංකාවේ පහත රට තෙත් කලාපය හා වියළි කලාපය හැරුණු විට මහත් පරිශ්‍රමයක් යොදා වී වගාව කරගෙන යනු ලබන අනෙක් ප්‍රදේශය නම් මෙරට කදු රටයි. මෙහි වී වගාව කරගෙන යනුයේ කදු බෑවුම් කපා සාදාගන්නා ලද හෙල්මලූ නැතහෙත් පඩි පෙළක ආකාරයේ ලියදිවලය. ජල හිගය පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් ඇතිනොවන මෙහි වී වගාෙවි සාර්ථකත්වය කරා වර්ෂා ජලය හා උල්පත් ජලය මහත්පිටුවහලක්ව පවති.

මේ සමග ශ්‍රී ලංකාවේ වී වගාකරන ප්‍රදේශ දැක්වෙන සිතියමක් දක්වා ඇත. ගංගා පිටාර තැනි හා වැවි ආශ්‍රීත ප්‍රදේශ වී ගොවි තැන සඳහා වැඩියෙන් යොදා ගෙන ඇති බව ඉන් පැහැදිලි වේ. එයට හේතුව අවුරුදුපතා ගංගා පිටාර ගැලීමෙන් පස සාරවත් වීමත් ජල පහසුව සැලසීමත්ය.

වී වගාව කෙරෙහි බලපෑම් ඇති කරන වල් පැළෑටි

වී වගාවේ දී ගොයම් පැළයට අමතරව කුඹුරෙහි දක්නට ලැඛෙන ඕනෑම පැළෑටියක් වල් පැළෑටියක් ලෙස හඳුන්වනු ලැබේ . වල් පැළ පාලනය සිදු කිරීම පිළිබඳ සැලකිලිමත් විය යුත්තේ වී වගාව ආරම්භක අවස්ථාවේ සිටමය. එබැවින් වගා ආරම්භයට පෙර සිටම සාර්ථක වල් පැළ පාලනයක් සිදු කර ගැනීමට නම් කුඹුරෙහි ඇති විවිධ වල් වර්ග කුමන ප්‍රමාණයකින් තිබේද යන්න පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුය.

වී වගාවේ බලපෑම් ඇති කරන වල් පැළෑටි ද ප්‍රධාන කාණ්ඩ 03 ක් හඳුනා ගත හැක. එනම් ,

තෘණ වර්ගයේ වල් පැළෑටි

පන් වර්ගයේ වල් පැළෑටි

පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටි

ශාන්ත ජුසේ වාස් තුමා

වර්තමානයේ සාන්තුවර භාවය ලබාදී ඇති ශාන්ත ජුසේ වාස් මුනිතුමා ජීවතුන් අතර සිටියදී ජුසේ වාස් නම් පියතුමෙකි. CO, (කොංකනී: භොක්තිවොන්ත් ජුසේ වාස්), යනු ගෝවේ ඔරතෝරියානු පූජාප්‍රසාදි වහන්සේ වරයෙකු සහ ලංකාවේ (වර්තමානයේ ශ්‍රී ලංකාව) ධර්මදූතයාණන් වහන්සේ වරයෙකු විය.

වාස් පියතුමා ලක්දිව පැමිණියේ එම දිවයිනේ කොටසක ලන්දේසි යටත්විජිතයක් තිබූ යුගයේදී වන අතර, එම කාලය තුලදී කැල්වින්වාදය යටත් විජිතයේ නිල ආගම ලෙසින් ප්‍රකාශයට පත් කර තිබුණි. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සහ සක්‍රමේන්තුද රැගෙන යමින් සෙයිලාන් ලන්දේසි යටත්විජිතයේ රහසිගතව සිටි කතෝලිකයන් සමූහ වෙත එතුමා ගමන් කලේය. එතුමාගේ ධර්මදූත මෙහෙයයෙහිදී පසුකාලීනව මහනුවර රාජධානියෙහි වාසස්ථානය ලැබීමට එතුමාට හැකිවූ අතර, නිදහස් ලෙස කටයුතු කිරීමට එතුමාට එහිදී හැකි විය. එතුමාගේ මරණය සිදු වන විට, දිවයිනෙහි කතෝලික සභාව ප්‍රතිසංස්කරණය කිරීමට වාස් පියතුමාට හැකිව තිබුණි.

අධික මහන්සියෙන් එතුමා විසින් කල මෙම සේවය නිසා, ලංකාවේ අපෝස්තුළුවරයා ලෙසින් වාස් පියතුමා හැඳින්වෙයි. 1995 ජනවාරි 21 දිනදී, දෙවන ජුවාම් පාවුළු පාප්වහන්සේ විසින් කොළඹදී එතුමා භාග්‍යවන්ත ධූරයට ඔසවන ලදි.

2015 වසරේ ජනවාරි 14 දින ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් ශ්‍රී ලංකාවේදී එතුමා ශුද්ධවරභාවයට ඔසවනු ලැබීය.

හැටන්

හැටන් නගරය (කඳුකරයේ සාම නගරය) ශ්‍රී ලංකාවේ අයත්වන්නේ මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක 3න් සුන්දරතම දිස්ත්‍රික්කයක් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. එහි නුවරඑළිය නගරය හැරුණු විට දෙවන ප්‍රධානතම නගරය වන්නේ හැටන් නගරයයි. සුන්දර කඳුකර පෙදෙසක පිහිටා ඇති ‍‍මෙම ප්‍රදේශය, සානුවක පිහිටා ඇති අතර, එය හැටන් සානුව ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම නුවරඑළිය-මස්කෙලිය ඡන්ද කොට්ඨාශයටත් අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, හැටන් දික්ඔය නගර සභා පාලන සීමාවටත් අයත්වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.