එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජනපද ජනාධිපති ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්ට් යෝජනා කළ එක්සත් ජාතින් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවන ලෝක යුධ සමයේ 1942 ජනවාරි 1 වනදා කල එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයෙහි මුල්වරට භාවිතා කරනු ලැබීය.

අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැලැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර් ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර්ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය.

එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමයයි. ප්‍රථම ලෝක යුද්ධය වලක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් ‍කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ‍ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර්ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනිදා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංකේතය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලාංඡනය
එක්සත් ජාතීන්ගේ සමුළුවක්
එක්සත් ජාතීන්ගේ සමුළුව

චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන්කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝඹර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය.සෑම වසරකම ඔක්තෝම්බර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ.

Flag of එක්සත් ජාතීන්ගේ සංවිධානය හී ධජය
Flag
එජා සාමාජීක රාජ්‍යයන් සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
එජා සාමාජීක රාජ්‍යයන්
සහ (එජා අනුව) ඒවායේ එජා-පිළිගත් පරායත්ත-රාජ්‍යයන් දක්වන සිතියම
මූලස්ථානයනිව්යෝක් නගරය, මැන්හැටන් හි, ජාත්‍යන්තර භූමිප්‍රදේශය
නිල භාෂාවන්අරාබි , චීන , ඉංග්‍රීසි , ප්‍රංශ , රුසියානු , ස්පාඤ්ඤ
සාමාජිකත්වය193 සාමාජීක රාජ්‍යයන්
නායකයෝ
• මහ-ලේකම්
Antonio Guterres
Establishment
• එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය
1945 ජූනි 26
• ප්‍රඥප්තිය අපරානුමත කිරීම
1945 ඔක්තෝබර 24
වෙබ් අඩවිය
http://www.un.org/

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය

සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිශ්චය කරන්නාවූත් එක්සත් ජාතීන්ගේ අයවැය හා ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කරන්නාවූත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි. අන්තර්ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර්ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන අන්තර්ජාතික සබඳතා පිළිබඳ ප්‍රධාන මූලධර්ම සංග්‍රහ කරයි.

අරමුණු

ප්‍රඥප්තියේ සඳහන් අන්දමට එක්සත් ජාතීන්ගේ අරමුණු මෙසේ ය.

  1. ජාත්‍යන්තර වශයෙන් සාමය හා ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය ක්‍රියාකාරීත්වය සහතික කිරීමේ පියවර ගැනීම හා සාමයට ඇති තර්ජන ඉවත් කිරීම.
  2. ජාත්‍යන්තර වශයෙන් පවතින ආර්ථික , සාමාජීය, සංස්කෘතික, මානුෂීය ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම.
  3. පොදු අයිතිවාසිකම් පදනම් කරගෙන ජාතීන් අතර හොඳ හිත වර්ධනය කර ගැනීම.
  4. ඉහත සඳහන් අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සංයෝජනය කර ගැනීමේ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කිරීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලධර්ම

  1. සියළුම සාමාජික ජාතීන්ගේ ස්වාධිපති අයිතිය මත මේ සංවිධානය බිහි වී ඇත.
  2. සාමාජික රටවල් සියල්ල ප්‍රඥප්තියෙන් තමා වෙත පැවරී ඇති වගකීම් ඉටු කළ යුතුය.
  3. එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී නැති රටවල් පවා මෙම සංවිධානයේ මූලධර්මවලට අනුකූලව කටයුතු කරවා ගැනීම.
  4. සාමාජික රටවල් අන්‍යෝන්‍ය වශයෙන් තමන් අතර වන ගැටළු සාමකාමීව විසඳාගත යුතුය.
  5. සාමාජික රටවල් තමන්ගේ ජාත්‍යන්තර ක්‍රියාවලිය තුළ යම් රටක භෞමික අඛණ්ඩතාවයට එරෙහිව තර්ජනයක්ව කටයුතු කිරීමෙන් වැලකී සිටීම.
  6. සියළුම සාමාජිකයින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රඥප්තියට අනුකූලව ගන්නා තීරණවලට සහයෝගය දිය යුතුය.
  7. එක්සත් ජාතීන්ගේ සංවිධානය රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලකී සිටීම.

භාෂාව

ප්‍රඥප්තියෙන් පිළිගෙන ඇති පරිදි චීන, ඉංග්‍රීසි, ප්‍රංශ, රුසියානු හා ස්පාඤ්ඤ භාෂා එක්සත් ජාතීන්ගේ නිළ භාෂාවෝ වෙති. මහා මණ්ඩලයේ, ආරක්‍ෂක මණ්ඩලයේ සහ ආර්ථික හා සාමාජීය මණ්ඩලයේ නිළ භාෂාවක් ලෙස අරාබි බස ද එක් කරනු ලැබී ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංග

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 6 ක් ප්‍රඥප්තියෙන් ස්ථාපනය කෙරිණ.

  1. මහා මණ්ඩලය (මහා මන්ත්‍රණ සභාව)
  2. ආරක්‍ෂක මණ්ඩලය
  3. ආර්ථික හා සමාජීය මණ්ඩලය
  4. භාරකාරත්ව මණ්ඩලය (ආහෝසිකරනු ලැබීය)
  5. අන්තර්ජාතික අධිකරණය
  6. ලේකම් කාර්යාලය

නියෝජිත ආයතන 15 කින් වැඩසටහන් සහ මණ්ඩල ගණනාවකින් සැදුම් ලත් එක්සත් ජාතීන්ගේ පවුල (The United Nation System ) මීට බොහෝ සෙයින් විශාල වූවකි. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ වැඩසටහන් සහ අරමුදල් (UNICEF සහ UNDP )සහ විශේෂිත ආයතන එක් වීමෙන් නිර්මාණය වී තිබේ.

අරමුදල් ලබාදීම

Top 10 donators to the UN budget, 2011[1]
සාමාජික රටවල් දායකත්වය
(% of UN budget)
 ඇමරිකානු එක්සත් ජනපද 22.000%
 ජපානය 12.530%
 ජර්මනිය 8.018%
 එක්සත් රාජධානිය 6.604%
 ප්‍රංශය 6.123%
 ඉතාලිය 4.999%
 කැනඩාව 3.207%
 චීන මහජන සමූහාණ්ඩුව 3.189%
 ස්පාඤ්ඤය 3.177%
 මෙක්සිකෝව 2.356%
අනෙකුත් සාමාජික රටවල් 27.797%

මේවාද බලන්න

ආශ්‍රිත ග්‍රන්ථ

  • එක්සත් ජාතීන්ගේ පවුල
  • එක්සත් ජාතීන් (අන්තර් ජාතික සාමය හා ආරක්‍ෂාව)

මූලාශ්‍ර

  1. "Assessment of Member States' contributions to the United Nations regular budget for the year 2011" (PDF). UN Secretariat. 28 December 2010. Retrieved 2012-02-16.
2017

ක්‍රිස්තු වර්ෂ 2017 (MMXVII)

නම්

ග්‍රෙගෝරියානු දින දසුනේ, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත), පොදු යුගයෙහි (CE) සහ ක්‍රිස්තු වර්ෂ (AD) නාමකරණයන්හී 2017 වන වසර, 3 වන සහශ්‍රවර්ෂය තුල 17 වන වසර, 21 වන සියවස තුල 17 වන වසර, සහ 2010ගණන් දශකයෙහි 8 වන වසර ලෙසිනි. .

2017 වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර ඇත්තේ :

සංවර්ධනය සඳහා තිරසාර සංචාරක ජාත්‍යන්තර වර්ෂය ලෙසය.

ආර්මේනියාව

ආර්මේනියා නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ තෝතසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ ‍සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ.

එක්සත් ජාතින්ගේ මෙහෙවර

මානව ඉතිහාසහයේ වඩාත්ම විනාශකාරි යුද්ධය වු දෙවන ලෝක සංග්‍රාමය පදනම් කරගෙන එක්සත් ජාතීන්බිහිවුයේ සියලු දෙනා සඳහා වඩා යහපත් ලෝකයක් ගොඩ නැගිමටයි අන්තර් ජාතික සාමය හා ආරක්ෂාව තහවුරු කිරිමේ සිට මිනිස් වර්ගයා මුහුණ දෙන දරිද්‍රතාව පරිසරික විනාශය ජල අර්බුදය ඒඩ්ස් ත්‍රස්තවාදය හා අපරාධ වැනි සියලු දෙනාට පොදු අභියෝග ජය ගැනිමේ අභිලාෂාය මෙහි අරමුණු අතර වේ . එබැවින් සෑම මනුෂ්‍යයකුගේම දෛනික ජිවිතය හා එක්සත් ජාතීන් අතර කිසියම් හෝ සබඳතාවක් තිබෙන තරමට එය අද අපට අත්‍යාවශ්‍ය සංවිධානහක් බවට පත්ව ති‍බේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල 109වන යෝජනාව

ඇල්බේනියාව, ඕස්ට්‍රේලියාව, බල්ගේරියාව, කාම්බෝජය, ලංකාව, ෆින්ලන්තය, හන්ගේරියාව, අයර්ලන්තය, ඉතාලිය, ජෝර්දානය, ලාඕසය, ලිබියාව, නේපාලය, පෘතුගාලය, රුමේනියාව, සහ ස්පාඤ්ඤය යන රටවල් විසින් සාමාජිකත්වය සඳහා කරන ලද ඉල්ලීම් සලකාබලන ලෙස මහා මණ්ඩලය විසින් උපදෙස් දෙනු ලැබීම ප්‍රකාර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා අංක 109, වර්ෂ 1955, දෙසැම්බර් 14 දිනදී සම්මත කරන ලද අතර ඉහත නම් කරන ලද සියළු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගන්නා ලෙස ආරක්ෂක මණ්ඩලය විසින් නිර්දේශ කරන ලදි.

යෝජනාව ඡන්ද අටක බහුතරයකින් සම්මත විය; බෙල්ජියම, චීන සමුහාණ්ඩුව සහ එක්සත් ජනපදය ඡන්දය දීමෙන් වැලකී සිටියහ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය (එජආම) යනු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන අංග 5න් එකක් වන අතර එයට පැවරී ඇත්තේ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගෙන යෑමය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සටහන් කොට දක්වා ඇති පරිදී , එහි බලතල අතර සාමය පවත්වා ගෙන යෑමෙහි ක්‍රියාන්විතයන් සංස්ථාපනය කිරීම, ජාත්‍යන්තර සම්බාධක පැනවීම, සහ හමුදාමය ක්‍රියාමාර්ග සඳහා බලය ලබා දීම යන දේ වෙයි. එහි බලතල ක්‍රියාත්මක කෙරෙන්නේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ඔස්සේය.

ආරක්ෂක මණ්ඩලයෙහි සාමාජීකයන් 15 දෙනෙකු සිටිති. දෙවන ලෝක යුද්ධයෙහි ජයග්‍රාහකයන්වී මහා බලවතුන් වීම මත පදනම්ව නිෂේධ-බලය-හිමි ස්ථීර සාමාජිකයන් පස් දෙනෙකුද —චීනය, ප්‍රංශය, රුසියාව, එක්සත් රාජධානිය, සහ එක්සත් ජනපද— මෙයට ඇතුලත් වෙති. ස්ථීර-නොවන සාමාජීකයෝ 10 දෙනෙකුද සිටින අතර, සැම වසරකදීම ඔවුන්ගෙන් පස්දෙනෙකු තෝරාපත් කර ගනු ගබන්නේ වසර දෙකක සේවා කාලයකටය. මෙම මූලික ව්‍යුහය එජා ප්‍රඥප්තියෙහි පස් වන පරිච්ඡේදයෙහි දක්වා ඇත. වර්තමාන ස්ථීර -නොවන සාමාජීකයන් වන්නේ ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, චෑඩ්, චිලි, ලක්සම්බර්ග්, ජෝර්දානය, ලිතුවේනියාව, රුවන්ඩා, දකුණු කොරියාව, සහ නයිජීරියාව යන රටවල් වෙති.

එක්සත් ජාතීන්ගේ දිනය

1947දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි සංවත්සරය ලෙසින්, ඔත්තොම්බර් 24 නම් කරන ලද අතර, "එක්සත් ජාතීන්ගේ අපේක්ෂාවන් සහ මස්තකප්‍රාප්තීන් පිළිබඳ ලොව ජනයා දැනුවත් කිරීමටද එහි කාර්යයන් සඳහා ඔවුන්ගේ සහයෝගය දිනාගැනුමටද" එදින භාවිතා කරතැයි බලාපොරොත්තු වෙයි. 1971දී, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් තවත් යෝජනාවක් සම්මත කර ගනිමින් (එක්සත් ජාතීන්ගේ යෝජනාව 2782) ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් විය යුතු බවත්, සියළු එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් එය රජයේ නිවාඩු දිනයක් ලෙසින් එය සැමරිය යුතු බවත්ය. එක්සත් ජාතීන්ගේ දිනය කැප කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අපේක්ෂාවන් හා මස්තකප්‍රාප්තීන් පිළිබඳව ලොව ජනයා දැනුවත් කිරීම සඳහාය. එක්සත් ජාතීන්ගේ දිනය, ඔක්තොම්බර් 20 දින සිට 26 දා දක්වා පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සතියෙහි කොටසකි.

එක්සත් ජාතීන්ගේ ධජය

https://en.wikipedia.org/wiki/Flag_of_the_United_Nations[[1]]

එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය

එක්සත් ජාතීන්ගේ භූපරික්‍රමය යනු, එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාන අංශය විසින්, M49 කේතන වර්ගීකරණය පදනම් කරමින් සකස් කර ඇති පරික්‍රමයක් වන අතර, එය විසින් ලෝකය සාර්ව-භූගෝලීය ප්‍රදේශ සහ උපප්‍රදේශ වලට බෙදයි.මෙම පරික්‍රමය සකස් කොට ඇත්තේ සංඛ්‍යාන කටයුතු සඳහා වන අතර සංඛළුාන විශ්ලේෂණය සිදු කිරීම සඳහා භාවිතා වෙයි. සාර්ව-භූගෝලීය ප්‍රදේශ සකස් කොට ඇත්තේ හැකි අයුරින් මහාද්වීප හා සමපාත වන අයුරිනි. මෙම කාණ්ඩ තුල, කුඩා, භූගෝලිය උපප්‍රදේශ සහ තෝරාගත් ආර්ථික සහ අනෙකුත් කාණ්ඩ වෙතින් සවිස්තර විශ්ලේෂණය හැකි කරවයි.

එක්සත් ජාතීන් පවසන පරිදී, විශේෂිත කාණ්ඩ වලට රටවල් හෝ ප්‍රදේශ හෝ ‍නියම කිරීම හුදෙක් සංඛ්‍යානමය පහසුව තකා කරන්නක් පමණක් වන අතර, රටවල හෝ භූමි ප්‍රදේශ වල හෝ දේශපාලනමය හෝ අනෙකුත් හෝ අනුබැඳියක් අදහස් නොකරයි.

එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්

එක්සත් ජාතීන්ගේ (එජ) සාමාජීක රාජ්‍යයන් 192 ක් ඇති අතර, එයින් එක් එක් රාජ්‍යයන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙහි සාමාජීකත්වය දරති.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියෙහි, දෙවන පරිච්ඡේදයෙහි, 4 වගන්තිය අනුව:

වර්තමාන ප්‍රඥප්තියෙහි සඳහන් බැඳීම් පිළිගන්නා සහ එම බැඳීම් නිසියාකාරව දැරීමට හා ගරුකිරීමට හැකියාව ඇතිබවට සංවිධානයෙහි විචාරයානුකූල නිශ්චයට ලක් වන්නාවූ, සාම-ගරුක වෙනත් ඕනෑම රාජ්‍යයකට එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වය විවෘත වෙයි.

ආරක්ෂක මණ්ඩලයෙහි නිර්දේශය මත මහා මණ්ඩලය විසින් ගනු ලබන තීරණයක් විසින් එවන් රාජ්‍යයක් එක්සත් ජාතීන්ගේ සාමාජීකත්වයට එක් කරගනු ගැබේ.

ප්‍රතිපත්තියානුකූලව, ස්වෛරී රාජ්‍යයන් පමණක් එජ සාමාජීකත්වය ලබන අතර, වර්තමානයේදී සියළු එජ සාමාජීකයන් ස්වෛරී රාජ්‍යයන් වෙත් (ඔවුන් එජ ට බැ‍ෙඳන විට සාමාජීකයන් ස්වල්ප දෙනෙක් ස්වෛරී නොවූහ). සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනුම සහිත ස්වෛරී රාජ්‍යයන් අතුරින් එජ සාමාජීකයෙකු නොවන එකම රාජ්‍යය වතිකානු පුරය වෙයි (වතිකානු පුර රාජ්‍යය මත ස්වෛරීත්වය පතුරවන සහ අනෙකුත් රාජ්‍යයන් හා සමග තානාපති සබඳතා පවත්වන ශුද්ධාසනය, එජ ස්ථීර නිරික්ෂකයෙකි). රාජ්‍යයක් එජ වෙත ඇතුළු කර ගත හැක්කේ ආරක්ෂක මණ්ඩලය හා මහා මණ්ඩලයෙහි අනුමැතිය සහිතව පමණක් බැවින්, මොන්ටෙවීඩියෝ සම්මුතියෙහි උපමානයන් ප්‍රකාර ස්වෛරී රාජ්‍ය ගණයට අයත් ලෙස සැලකිය හැකි රාජ්‍යයන් කිහිපයක් සාමාජීකයන් නොවන්නේ, ප්‍රධාන වශයෙන් ජාත්‍යන්තර පිළිගැනුම රහිත වීම නිසාවෙන් හෝ සමහරක් සාමාජීකයන්ගේ විරෝධය නිසාවෙන් හෝ ඒවා සතුව ස්වෛරීත්වය, නොමැති බව එජ සලකන නිසාවෙනි.

සාමාජීක රාජ්‍යයන්ට අමතරව, සාමාජීකයන් නොවන රාජ්‍යයන්, අන්තර්රාජ්‍ය සංවිධාන, හා රාජ්‍යත්වය හෝ ස්වෛරීත්වය හෝ නිවැරැදිව අර්ථනිරූපණය කොට නොමැති ජාත්‍යන්තර සංවිධාන සහ ස්ථිතීන් වෙත එජ ආරාධනා කරන්නේ, මහා මණ්ඩලයෙහි නිරීක්ෂකයන් බවට පත්වීමෙන්, මහා මණ්ඩල රැස්වීම් වලදී ඡන්දය භාවිතා කිරීමට අවසරය නොලැබුනද එයට සහභාගී වීමට කථා පැවැත්වීමට අවසරය ලැබීමටය.

ග්‍රීසිය

ග්‍රීසිය, 'හෙලස්' යන නාමයෙන් ද හඳුන්වනු ලැ‍බේ. නිල නාමය වනුයේ 'එළිනික් ජනරජය' යන්නයි. බෝල්කන් අර්ධද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති ග්‍රීසිය ගිණිකොන දිග යුරෝපයේ පිහිටි රටකි. මෙරටෙහි ගොඩබිම් දේශසීමා වනුයේ උතුරට ඇල්බේනියාව, මැසඩෝනියා ජනරජය, සහ බල්ගේරියාව ද, නැගෙනහිරට තුර්කිය ද, වශයෙනි. ඒජියන් මුහුද (Aegean Sea) ග්‍රීසියේ ප්‍රධාන දේශයෙන් නැගෙනහිරට ද, ලෝනියන් මුහුද බස්නාහිරට ද, සහ මධ්‍යධරණී මුහුද දකුණු දිශාවටද පිහිටා තිබෙයි. දිගින් ලොවෙහි දසවන ස්ථානය ගන්නා වෙරළ තීරය ග්‍රීසිය සතුවේ. එහි දිග කි.මී. 14880 කි (සැතපුම් 9246 කි). මෙම වෙරළ තීරයෙහි විදහා දැක්වෙන අංගෝපාංග අතර (1,400,227 ක් පමණ ජනතාවක් වෙසෙන) දූපත් විශාල සංඛ්‍යාවක් වෙයි. අනෙකුත් දූපත් අතර, ක්‍රීට් (Crete), ඩොඩකැනිස් (Dodcanese), සයික්ලඩස් (Cyclades), යනාදි දූපත් ද වෙයි. ග්‍රීසියේ භූමි භාගයෙන් සියයට 80 ක් ම සමන්විත වනුයේ මීටර් 2917 ක (අඩි 9570.21) උසින් යුත් ඔලිම්පස් කන්දය. [තහවුරු කරන්න]පෞරාණික ග්‍රීසියේ සභ්‍යත්වය පිළිබඳව නූතන ග්‍රීසිය සාක්ෂි දරන්නීය. සාමාන්‍යයෙන් මෙය හඳුන්වනුයේ බටහිර සභ්‍යත්වයේ සමාරම්භ ස්ථානය ලෙසය. නිදසුනක් දක්ව‍තොත්, ප්‍රජාතන්ත්‍රවාදයෙහි උපත සිදුවන්නේත් ග්‍රීසියෙයි. එමෙන්ම බටහිර දර්ශන විද්‍යාව, ඔලිම්පික් ක්‍රීඩා, බටහිර සාහිත්‍යය සහ ඉතිහාසය ලේඛනගත කිරීම, දේශපාලන විද්‍යාව, විද්‍යාත්මක හා ජ්‍යාමිතික වැදගත් මුලධර්ම, ඛේදවාචක හා ප්‍රහසනද ඇතුළු බටහිර දෘෂ්‍යකාව්‍යයේ උපත සිදුවන්නේද ග්‍රීසියෙයි. මේවායින් කොටසක් 17 වන යුනෙස්කෝ ලෝක උරුමයන්ට අදාළව සැකසී ඇති ලේඛනයේද පිළිබිඹු කර තිබේ.

මානව සංවර්ධන දර්ශකයේ ඉතා ඉහල ස්ථානයක සිටින සංවර්ධිත රටක් වූ ග්‍රීසිය, වර්ෂ 1981 පටන්ම යුරෝපා හවුලේ එනම් වත්මන් යුරෝපා සංගමයේ සාමාජික රටක් වෙයි. එමතුද නොව එහි 'ආර්ථික හා මුල්‍ය සංගමයේ' සාමාජිකත්වය වර්ෂ 2001 සිට උසුලයි. වර්ෂ 1952 සිට නේටෝ සංවිධානයේ ද, යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සියේ 2005 සිට ද, සාමාජික රටක්ව සිටී. එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආර්ථික සහයෝගීතාවය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (OECD), කලු මුහුදු කලාපයේ ආර්ථික සහයෝගීතා පිළිබඳ සංවිධානය ආදියෙහි ද ආරම්භක රටක් වන්නේය. ග්‍රීසියේ අගනගරය වනුයේ ඇතන්ස්ය. අනෙක් ප්‍රධාන නගර අතර තෙසලොනිකි (Thessaloniki), 'හෙරක්ලියොන්' (Heraklion), සහ 'ලැරිසා' (Larissa) යන නගර වෙයි.

ගාලු කොටුව

ගාලු කොටුව යනු ශ්‍රී ලංකාවේ ගාල්ල ප්‍රදේශයේ පිහිටි පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. පසුව එය 17 වන සියවසේදී ලන්දේසීන් විසින් නවීකරණය කරන ලද අතර මේ වන විට එය අවුරුදු 400 ක අතීතයකට හිමිකම් කියයි. වර්තමානයේ කොටුවට පිවිසීම සඳහා දොරටු දෙකක් භාවිතා කෙරේ. රජයේ කාර්යාල ගොඩනැගිලි රැසක්ම කොටු පවුර ආශ්‍රිතව වර්තමානය දක්වා ම පවත්වගෙන යන ලදි. නමුදු මේ වන විට ඒවා ටිකින් ටික ඉවත් කරමින් පවතී. ලොක උරුමයක් ලෙස නම් කරන ලද ගාලු කොටුව සුන්දර මෙන්ම ඉපැරණි වස්තුවකි. ගාලු කොටුව පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ මුහුදු තීරයේ ය .එය 1588 දී පෘතුගීසින් විසින් නිමවූවකි.පසුව ලන්දේසීන් විසින් එය 17 වන ශත වර්ෂයේදී පුළුල් ලෙස නවීකරණය කරන ලදී.එය පෘතුගීසින් විසින් ලොවට දායාද කල ආශ්චර්යමත් නිමැවුමකි.ගාලු කොටුව පෞරාණික වටිනාකමකින් උක්ත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇත.එහි ලන්දේසි ගෘහ නිර්මන ශිල්පය පිලිබඳ කදිම නිද්සුනකි. ලන්දේසි කොටුව හෝ ගාල්ලේ පවුර ලෙස හදුන්වයි.ලන්දේසි කොටුව ප්‍රතිසංස්කරණය කරන ලද්දකි.ගාලු කොටුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයකට හිමිකම් කියන ප්‍රදේශයකි. එය ශ්‍රී ලංකාවට ඇති වාස්තුවිද්‍යාත්මක සහ පුරාවිද්‍යාත්මක දායාදයකි.

ජර්මනිය

ජර්මනියේ නිල නාමය වනුයේ ජර්මන් ෆෙඩරල් සමුහාණ්ඩුව යන්නයි. මෙය මධ්‍යම යුරෝපයේ පිහිටා ඇති රටකි. උතුරින් උතුරු මුහුද, ඩෙන්මාර්කය හා බෝල්ටික් මුහුද, නැගෙනහිරින් ‍පෝලන්තය සහ චෙක් සමූහාණ්ඩුවද, දකුණින් ඕස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තයද, බස්නාහිරින් ප්‍රංශය, ලක්සමිබර්ග්, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන දේශ සීමාවන්ගෙන්ද ජර්මනිය වට වී තිබේ. ජර්මනිය සන්තක ප්‍රදේශ වර්ග කිලෝමීටර් 35,7021 ක් (වර්ග සැතපුම් 137,847 ක් ) පුරා පැතිර පවතී. මෙරට සමශිකෝෂ්ණ සෘතුමය දේශගුණයෙන් බලපෑමක් ලබයි. 2010 ජනවාරි මස දී ජනගහනය මිලියන 81.8 ක් වාර්තා වී ඇත. යුරෝපා සංගමයේ සාමාජික රටවල් අතරින් වැඩිම ජනගහනයක් සහිත සාමාජික රට වන්නේ ජර්මනියයි. ලොව නන්දෙසින් එන අන්තර් ජාතික සංක්‍රමණිකයන් වැඩිම සංඛ්‍යාවකට නිවහන සපයන රටවල් අතුරින් තෙවනි තැන ලැබෙන්නේ ජර්මනියටයි.

ක්‍රි.ව. 100 පෙරාතුව ජර්මේනියාව නම් වූ ප්‍රදේශයෙහි ජර්මානු ගති ලක්ෂණ ඇති ‍බොහෝ ජනයා වාසය කර ඇති බැව් දැනගන්නට ලැබී ඇතිවා පමණක් නොව, ලේඛනවලින් ඒ බව ඔප්පු කර ද තිබේ. 10 වන ශත වර්ෂය ආරම්භයේ දී, ජර්මන් සන්තක ප්‍ර‍දේශ සියල්ලෙන් ශුද්ධ රෝමන් අධිරාජ්‍යයේ මධ්‍ය‍ කොට්ඨාශය සැකසිණි. මෙය වර්ෂ 1806 දක්වා වූ දිගු කාලයක් පුරා පැවති‍යේ ය. 16 වන ශතවර්ෂය තුළදී උතුරු ජර්මනිය 'ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණවාදී’ නිකායේ මධ්‍යස්ථානය බවට පත් විය. 1871 පැවති ප්‍රංශ - ප්‍රසියන් යුද්ධය මධ්‍යයේ ජර්මනිය නූතන ජාතික රාජ්‍යයක් වශයෙන් එක්සත් කරන ලදි. 1949 දී දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව, ජර්මනිය වෙනම රාජ්‍ය දෙකක් ලෙස, එනම් නැගෙනහිර ජර්මනිය හා බටහිර ජර්මනිය යනුවෙන් බෙදා වෙන් කරන ලදි. බර්ලින් සහ සාර් යනුවෙන් තවදුරටත් මිත්‍ර පාක්ෂික රටවල් රුදී සිටි ආකාරය මත දේශපාලනමය විශේෂ තත්ත්වයන් සහිත කොටස් දෙකකට බෙදන ලදි.

වර්ෂ 1990 දී ජර්මනි‍ය නැවත ඒකාබද්ධ කරන ලදි. 1957 දී පිහිටුවන ලද 'යුරෝපීය ප්‍රජාව' නමින් වූ සංවිධානයේ ජර්මනිය ද ආරම්භක සාමාජිකයෙක් වුයේය. මෙම සංවිධානය 1993 දී 'යුරෝපා සංගමය ' බවට පත්විය. ජර්මනිය 'ෂෙනගන්' කලාපයේ කොටස්කරුවකු වන අතර, 1999 දී යුරෝ (euro) නමින් හඳුන්වන යුරෝපා මුදල් භාවිතය පිළිගත්තේය.

ජර්මනිය ජනපද දහසකින් සෑදුනු ෆෙඩරල් පාර්ලිමේන්තු සමූහාණ්ඩුවකි. මෙහි අගනුවර ද, විශාලතම නගරයද බර්ලින් පුරවරය වන්නේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය, නේටෝ 8 කණ්ඩායම (G8), කණ්ඩායම (G20), ආර්ථික සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (O E C D) සහ ලෝක වෙළඳ සංවිධානය යන(W TO) ජාත්‍යන්තර සංවිධානයන් හි ජර්මනිය ද සාමාජිකත්වය උසුලයි. ජර්මනියේ දළ දේශිය නිෂ්පාදිතයේ නාමික අගය සලකා බැලූ විට එරට සතුව ඇත්තේ ලොව සිව්වන ස්ථානය ‍ගන්නා ප්‍රබල ආර්ථිකයක් බැව් පෙනි යයි. ඒ හැර එරට සතු 'මිලදී ගැනීමේ හැකියාවේ අනුපාතය' ( Parchasing Power Parity) අනුව බැලූ විට එය පස්වන ස්ථානයේ පසුවේ. ජර්මනිය දෙවන විශාලතම භාණ්ඩ අපනයනකරුවා ද, තුන්වන විශාලතම ආනයනකරුවා ද වන්නේය. සංවර්ධන ආධාර සඳහා මුදල් පිරිනමන ලෝකයේ රටවල් අතුරින් ස්වකීය වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන්කරන අරමුදල ලෝකයේ දෙවන විශාලතම අරමුදල් ප්‍රමාණය වේ.එමෙන්ම ජර්මනියේ යුධ හමුදාව සඳහා කෙරෙන වියදම අනෙක් රටවල් අතර හයවන ස්ථානය ගනී.

ජර්මනිය උසස් ජීවන මට්ටමක් වර්ධනය කරගෙන තිබේ. තවද පරිපූර්ණ සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් ස්ථාපිත කර ඇත. යුරෝපිය කටයුතු පිළිබඳව ප්‍රධාන තැනක් හිමිව සිටින ජර්මනිය, ගෝලීය මට්ටමින් සමීප සබඳතා රාශියක් පවත්වාගෙන යයි. ජර්මනිය පිළිගනු ලබන්නේ විවිධ කේෂේත්‍රයන්හිලා විද්‍යාත්මක හා තාක්ෂණික නායකයා ලෙසය.

දකුණු කොරියාව

දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය ‍කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ‍ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි.

නැමීබියාව

නැමිබියා සමූහාණ්ඩුව දකුණු අප්‍රිකාවේ පිහිටි රටකි. මායිම් වන්නේ අත්ලාන්තික් සාගරය‍‍ටයි. එහි මායිම් උතුරින් ඇන්ගෝලා හා සැම්බියාව, බටහිරින් ‍බොට්ස්වානා හා සිමිබාබ්වේ, දකුණින් හා නැගෙනහිරින් දකුණු අප්‍රිකාව වේ.1990 මාර්තු 21 දා දකුණු අප්‍රිකාවෙන් නිදහස ලැබිය. අගනුවර වන්නේ වින්ඩ්හොයින් ය. නැම්බිව්යාව එක්සත් ජාතින්ගේ සංවිධානය දකුණු අප්‍රිකානු සංවර්ධන පදනම අප්‍රිකානු සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලය හා බොහෝ ජාත්‍යන්තර සංවිධාන වල සාමාජිකයෙකි.මෙම රටේ වියළි බිම් බුෂ්මෙන් දමාරා නමතුවා ජාතීන් විසින් අත්පත්කර ගෙන සිට ඇත. 14 ශතවර්ෂයේ දී බන්ධු ජාතීන් මෙහි විකාශනය සිදු කළහ. 1883 දී එය ජර්මානු පාලනයට අයිති විය. 1966 අප්‍රිකානු නායකයන්ගේ ඉල්ලීම මත එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙහි පාලනයට මැදිහත් විය. 1973 නැමිබියා ජනයාගේ නියෝජිතයා ලෙස SWAPO සංවිධානය පිළිගන්නා ලදී. 1990 වසරේ මෙම රට සම්පූර්ණ නිදහස ලැබීය. මේ සමඟම රටේ නම නිරිත අප්‍රිකානු නැම්බියා ලෙස ස්ථාපිත විය. ජනගහනය මිලියන 2.1 .කෘෂිකර්මය, ගව පාලනය, සංචාරක ව්‍යාපාරය, පතල් හා වටිනා ගල් හා ලෝකඩ කර්මාන්ත මෙහි ආර්ථිකයේ කොදු නාරටිය වේ. ජනගහනයෙන් භාගයක් පමණ ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින අතර, 2007 වසරට අනුව ජනගහනයෙන් 15% ක් පමණ HIV වෛරසය ආසාදිතයන්ය.

ප්‍රංශය

ප්‍රංශයේ නිල නාමය ප්‍රංශ ජනරජය යන්නය. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්‍රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්‍යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි ‍දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.

භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්‍රංශයයි. එසේම, රුසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්‍රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්‍රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතු‍‍කොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරැ ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින.

ප්‍රංශය, අධි සංවර්ධිත රටවලින් එකකි. නාමික දළ ජාතික නිෂ්පාදිතය අනුව, පස්වන තැන ගන්නා ප්‍රබල ආර්ථික ප්‍රංශය සතු වේ. මිලදී ගැනිමේ හැකියාවේ සමානතාවය සලකා බැලූ විට ඊට සතවන ස්ථානය අයත් වේ. ප්‍රංශය, උසස් ජිවන තත්ත්වයන් ද ඉහල මට්ටමක පවතින පොදු අධ්‍යාපන ක්‍රමයන් ද භුක්ති විඳී. එය ඉතා පුළුල් ලෙස ගෝලීයකරණය වූ ජාතීන් ගෙන් එකකි. 2009 වසරේ දී විශිෂ්ට ජාත්‍යන්තර කීර්තිය ලබාගත් රටවල් අතුරින් දෙවන ස්ථානය ප්‍රංශය සතුකරගෙන තිබේ. ලොව හොදම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමය ලෙස, ප්‍රංශ සෞඛ්‍ය සේවය වර්ගිකරණය කර ඇති අතර, වැඩිම ජිව්‍ය කාලය භුක්ති විදින රටවල් අතරින් ප්‍රංශය එකක් වේ.

ඉතා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණෙන ලොව එකම රට ප්‍රංශයයි. වාර්ෂික විදේශ සංචාරක සම්ප්‍රාප්තිය මිලියන 82 ක් වෙයි. ප්‍රංශය යුරෝපා සංගමය ආරම්භ කළ සාමාජික රටවලින් එකක් වේ. එය එක්සත් ජාතීන්ගේ රටවලින් එකක් වේ. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමෙන් ද ආරම්භක සාමාජිකයෙක් වන්නේ ය. තවද ප්‍රංශ කථා කරන්නන්ගේ හවුල (Francophonie) 8 කණ්ඩායම (G 8) 20 කණ්ඩායම ( G 20), නේටෝ (NATO), ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය සදහා වූ සංවිධානය (OECD), ජාත්‍යන්තර වෙළද සංවිධානය (WTO), සහ ලතින් සංගමය (Latin Union), යනාදී සංවිධානයන් හි සාමාජිකත්වය දරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය නිත්‍ය නියෝජිතයින් පස් දෙනාගෙන් ප්‍රංශය කෙනෙකි. ලොව සතුව පවතින න්‍යෂ්ටික අවි සංඛ්‍යාව සලකා බැලීමේ දී තෙවන විශාලතම අවි සංඛ්‍යාව හිමිව තිබෙන්නේ ‍ ප්‍රංශ රජ්‍යයටයි. තවද, න්‍යෂ්ටික බලාගාර වැඩිම ප්‍රමාණය ඇත්තේ ද ප්‍රංශයේය.

පාකිස්ථානය

පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් ඉන්දියාවෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්‍රමණවලට මුහුණ දී ඇත.

ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය.

පළාත් හතරකින් සහ ෆෙඩරල් ප්‍රාන්ත හතරකින් සමන්විත පාකිස්ථානය ෆෙඩරල් පාර්ලිමේන්තු ජනරජයකි. එහි ඉතිහාසය පුරා හමුදා පාලනය, දේශපාලන අස්ථාවරත්වය සහ අසල්වැසි ඉන්දියාව සමග අරගල දැකිය හැකිවෙයි. එය ලොව සය වැනියට වැඩිම ජනගහණය සහිත රටවන අතර ඉන්දුනීසියාවට පසුව වැඩිම මුස්ලිම් ජනගහණයක් ජීවත් වන රට ද වෙයි. ෂියා මුස්ලිම් ජනගහණය අතින් ද ලොව දෙවැනි තැන පාකිස්ථානයට හිමිවෙයි. එය මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් අතරින් එකම න්‍යෂ්ටික අවි බලය සහිත රට වන අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම මිත්‍ර රටක් ලෙස නම් දරයි.පකිස්ථානය ඉස්ලාම් සමුළු සංගමයේ නිර්මාතෘ වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩලය, නෙන්ස් ඉලෙවන් G 20 සංවර්ධනය වන රාජ්‍යයන්හි සාමාජිකයෙකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය

ලෝක සෞඛ්‍ය සංවිධානය යනු එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජනයක් වන අතර එය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය ගැටළු පිළිබඳව සම්බන්ධීකරණ කටයුතු කරන අධිකාරිය ලෙසට ක්‍රියා කරයි. 1948 අප්‍රේල් 07 වන දා ස්ථාපිත, මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයෙහි ජිනීවා අගනුවර පිහිටා ඇති අතර, එහි පූර්වගාමී හා ජාතීන්ගේ සංගමයෙහි නියෝජනයක් වූ, සෞඛ්‍ය සංවිධානයෙහි, විධිනියෝගය සහ සම්පත් උරුම කොට ගෙන ඇත.

1948 ජුලි 24 දින අවසන් වූ ලෝක සෞඛ්ය කමිටුවේ පළමු රැස්වීමට සමගාමීව 1946 ජුලි 22 වන දින ලෝකය පුරා රටවල් 61ක් ලෝක සෞඛ්ය සංවිධානයේ ව්යවස්ථාව අත්සන් කර ඇත. ඒ හරහා මහජන සෞඛ්ය පිළිබඳ ජාත්යන්තර කාර්යාලය සහ ජාතීන්ගේ සෞඛ්ය සංවිධානය සංස්ථාපනය විය. එය නිර්මාණය වීමේ සිට, වසූරිය මුලිනුපුටා දැමීමේදී ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. එහි වර්තමාන ප්රමුඛතාවයන් අතරට බෝවෙන රෝග, (විශේෂයෙන්ම එච්.අයි.වී. ඒඩ්ස්, ඉබෝලා, මැලේරියා සහ ක්ෂය රෝගය) සහ බෝ නොවන රෝගවලින් සිදුවන බලපෑම අවම කිරීම; ලිංගික සහ ප්‍රජනක සෞඛ්ය සංවර්ධනය සහ වයෝවෘද්ධ වීම; පෝෂණය, ආහාර සුරක්ෂිතතාව සහ සෞඛ්ය සම්පන්න ආහාර වේල අනුභවය; වෘත්තීය සෞඛ්යය මත් ද්‍රව්‍ය පිළිබඳ වාර්තා කිරීම, ප්රකාශනය සහ ජාලකරණය වර්ධනය කිරීම ඇතුළත් වේ.

ලෝක සෞඛ්ය වාර්තාව, ලෝක සෞඛ්ය සමීක්ෂණය හා ලෝක සෞඛ්ය දිනය සඳහා ලෝක සෞඛ්ය සංවිධානය වගකිව යුතු ය. ලෝක සෞඛ්ය සංවිධානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් ස්වකීය පස් අවුරුදු නිළ කාලය 2017 ජූලි 01 වනදායින් ආරම්භ කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා

ශ්‍රී ලංකාවේ විදේශ සබඳතා යනු ශ්‍රී ලංකාව, ලෝකයේ අනෙකුත් රටවල් සමග රාජ්‍ය තාන්ත්‍රික වශයෙන්, වාණිජ වශයෙන් සහ සංස්කෘතිකමය වශයෙන් ඇතිකර ගන්නා සම්බන්ධතා හඳුන්වන නාමය වේ. වර්ථමාන ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ, නොබැදි විදේශ ප්‍රතිපත්තියයි.

සීතල යුද්ධය අවසාන වීමත් සමග, ලෝකයේ බලවත් රටවල් සහ අනෙකුත් රාජ්‍යයන් සමග, සිය ආර්ථික සහ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන්, සමීප සහ ශක්තිමත් සබඳතා ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව පෙළඹුණි. ඒ අනූව ඉන්දියාව, බංග්ලාදේශය, රුසියාව, එක්සත් ජනපදය, චීනය, පාකිස්තානය, ජපානය, මලයාසියාව, දකුණු කොරියාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් සමග වර්ථමාන ශ්‍රී ලංකාව සමීපව කටයුතු කරයි. මීට අමතරව ආසියාන් (ASEAN), අප්‍රිකානු සංගමය සහ අරාබි ලීගය වැනි සංවිධාන සමගද කිට්ටු සහයෝගීතාවයක්, ශ්‍රී ලංකාව පවත්වා ගෙන යයි.

වර්ථමානයේ ශ්‍රී ලංකාව ලෝකයේ විවිධ සංවිධාන සමගද, බහුපාර්ශ්වීය සම්බන්ධතා ගොඩනගා ගෙන තිබේ. උදාහරණ ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ නොබැඳි ජාතීන්ගේ සංවිධානය (NAM) සමග ශ්‍රී ලංකාව ගණුදෙණු කිරීම දැක්විය හැක. මීට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලය, දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානය (සාර්ක්), ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ කොළඹ ක්‍රමය යන ලෝකයේ විවිධ සංවිධාන සහ සංගමයන් තුලද, ශ්‍රී ලංකාව සාමාජිකයෙකු වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.