උතුර

පෘථිවයට අදාලව සම්මත ප්‍රධාන දිශා හතරෙන් එකකි. දකුණට විරුද්ධ දිශාව වේ.

චුම්භක ධ්‍රැව වලදී හැර පෘථිවය මත අනෙක් ස්ථානවලදී මාලිමාවන් උතුර වෙත යොමුවේ.

Compass Rose English North
Compass rose with north highlighted and at top
උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම්

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පලාත් දෙකෙහි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුව සිටි ජනතාව සහ ප්‍රදේශ මුදාගැනීම පිණිස 2006 සිට 2009 දක්වා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා විසින් සිදුකල මානුෂීය මෙහෙයුමයි.

කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

කෝරළේ පත්තු උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

දුපත උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

දුපත උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

පුත්තලම

පුත්තලම (English: පුත්තලම; Tamil: புத்தளம்) යනු ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇති විශාලතම නගරයයි. මෙම නගරය පුත්තලම නගර සභාව මගින් පාලනය වේ. කොළඹ සිට කිලෝමීටර 130 (සැතපුම් 81) ක දුරකින් පිහිටි මෙම නගරය වෙනත් නගර සදහා ප්‍රධාන මාර්ගවල සන්ධිස්ථානයක් වේ. සුළං ශක්තියෙන් විදුලිය නිපදවීම, ලුණු, පොල් හා ධීවර යන අංශ සදහා මෙම නගරය ප්‍රසිද්ධ ය.

පේදුරු තුඩුව

පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.

පේදුරු තුඩුවේ සම්පූර්ණ ජනගහනය ( වසර 2011 දි ) 31,351 විය.

බ්‍රසීලය

බ්‍රසීලය නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බ්‍රසිල සමුහාණ්ඩු සංවිධානය නමිනි. දකුණු ඇමෙරිකාවේ පිහිටි විශාලතම රට මෙය වන අතර ඇමෙරිකාව තුළ පෘතුගිසි භාෂාව කථාකරන එකම රටද වෙයි. වර්ගඵලය වර්ග කිලෝමීටර් මිලියන 8.5 (වර්ග සැතපුම් මිලියන 3.2)ක් වන එය ලෝකයේ භූගෝලීය වශයෙන් 5 වැනි තැනට විශාලතම රට හා 6 වන විශාලතම ජනගහණය සහිත රට වේ. ජනගහණය මිලියන 208 ඉක්මවයි. අගනගරය බ්‍රසීලියා වේ. නැගෙනහිරින් අත්ලාන්තික් සාගරයට සීමාවන බ්‍රසීලයට කි.මී 7491 (සැතැප්ම 4655) දිගකින් යුතු වෙරල තීරයක්ද අයත් වේ. එය මායිම්වන්නේ උතුරින් වෙනුසුවේලා, ගුවානා, සුරිනේම්, ප්‍රංශ ගුආනා, වයඹ දිගින් කොලොම්බියාව, බටහිරින් බොලිවියාව හා පේරු, නිරිත දිගින් ආජෙන්ටිනාව හා පැරගුවේ සහ උතුර උරුගුවායි වලටය. බ්‍රසීල මායිමට වන්නට නොයෙක් දුපත් පිහිටා ඇති අතර එම දුපත් ෆඅන්ඩෝ ඩීතනාරොන්, රොකාස් ඇටොල්, ශාන්ත දඹර හා පොල් රෝක්ස් සහ ප්‍රින්ඩෑඩ් හා මාටිට් වාස් වේ.

1500 දී පෘතුගීසි ජාතික දේශ ගවේෂක පෙඩ්රෝ අල්වාරේස් කබ්රාල් බ්‍රසීලය සොයා ගැනීමට පෙර එය විවිධ ගෝත්‍රික ජන කණ්ඩායම් වලින් ජනාවාස වී තිබුණි. 1500 සිට 1808 දක්වා එය පෘතුගීසි අධිරාජ්‍යයේ යටත් විජිතයක් විය. 1808 දී අධිරාජ්‍යයේ අගනගරය ලිස්බන් සිට රියෝ ද ජැනයිරෝ දක්වා මාරු කරන ලදී. 1815 දී 'පෘතුගාල බ්‍රසීල සහ අල්ගාවෙස් එක්සත් රාජධානිය' ඇතිකිරීම නිසා බ්‍රසීලයට යටත් විජිත තත්ත්වයේ සිට රාජධානි තත්ත්වය ලැබුණි.

බිජිං

බිජිං නොහොත් පිකිං යනු උතුරු චීනය හා මහජන චීන සමුහාණ්ඩුවේ අග නගරයයි. මෙම නගරයේ නාගරික කටයුතු පාලනය වන්නේ මධ්‍යම රජය මඟිනි. බිජිං නගරයේ සිමාවන් ලෙස හෙබයි පලාතේ උතුර. බටහිර, දකුණු හා නැගනෙහිරින් සුලු ප්‍රමාණයක් හා ටියාන්ජින් නගරයේ ගිණිකොණත් සිමා වේ. බිජිං යනු චීනයේ ඇති පැරණිතම නගර හතරෙන් එක් නගරයකි.

බිජිං යනු මහජන චින සමුහාණ්ඩුවේ ප්‍රධාන පාලන නගර හතරෙන් දෙවන විශාලතම නගරයයි. එය ප්‍රධාන නගරය හා උප නගරය 16 කින් හා ග්‍රාමිය ප්‍රදේශ දෙකකින් ද යුක්ත වේ. බිජිං යනු ගමනා ගමනයේ කේන්ද්‍රස්ථානයකි. දහස් ගණන් දුම්රිය මාර්ග හා මහාමාර්ග බිජිං නගරය පුරා විහිදි පවති. ජාත්‍යන්තර ගුවන් ගමන් සදහා ද කේන්ද්‍රස්ථානය වන්නේ බිජිං නගරයයි. මහජන චින සමුහාණ්ඩුවේ අධ්‍යාපනික, දේශපාලනික හා සංස්කෘතික මධ්‍යස්ථානය වන්නේ ද බිජිං නගරයයි. ඒ අතරට ෂැංහයි හා හොංකොං ආර්ථික ක්ෂේත්‍රයන් ප්‍රධාන තැනක් ගනි. 2008 වසරේ ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරක නගරය වුයේද බිජිං නගරයයි.

මාන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

මාන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වඩමාරච්චි උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වලිකාමම් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.

ශ්‍රී ලංකාවට අයත් දූපත් නාමාවලිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යටතේ වර්ථමානයේ පවතින භූමි කලාප මෙහි දැක්වේ.

බස්නාහිර සහ වයඹ කලාපයේ දූපත්

මන්නාරම දූපත

බත්තලංගුන්ඩුව

නැගෙනහිර කලාපයේ දූපත්

ගිණිකොන, දකුණ සහ නිරිතදිග කලාපයේ දූපත්

සීනිගම දූපත

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය

දෙමළ ඊළාම් විමුක්ති කොටි නමැති ත්‍රස්තවාදී සංවිධානය විසින් මෙහෙයවන ලද ශි‍්‍ර ලංකාවේ පැවති ත්‍රස්තවාදය දශක තුනකට ආසන්න කාලයක් පැවති දික්ගැස්සුණු ගැටුමක් ලෙස සැලකිය හැකිය., ,ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ගොන්නට ජනතා විමුක්ති පෙරමුණ ද අයත්වෙති. 1971 රාජ්‍ය විරෝධි කරැල්ල මෙන්ම 1988-1989 කාලයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ඔස්සේ ඔවුන් ජන ජීවිතයට කල බලපෑම් ත්‍රස්තවාදයම වෙයි.

සනත් ගුණතිලක

සොමසිරි සනත් ජුලියන් ගුණතිලක (கோமசிரி சளத் ஐஊலியள் குணதிலக)ලාංකීය නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකුද, නිෂ්පාදකවරයෙකු ද වෙයි. ඔහු 1978 දී විජය ධර්ම ශ්‍රී ගේ සිටු කුමරියෝ සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිට, එම චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූවා. ඔහු නළුවෙකු ලෙස පෙනීසිටියේ ගඟ අද්දර චිත්‍රපටයෙන්, එහි අධ්‍යක්ෂණය සුමිත්‍රා පීරිස්ගෙයි.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.