ආවේණික

ආවේණික (Endemic) යනු යම් සත්ව හෝ ශාක විශේෂයක් මුලු ලෝකයෙන් ම එක රටක හෝ ප්‍රදේශයක පමණක් දක්නට ලැබෙන බවයි. ආවේණික ජීවී විශේෂ වල ඇති වැදගත් කම වන්නේ එම රටෙන් හෝ ප්‍රදේශයෙන් තුරන් වී ගියහොත් මුලු ලෝකයටම එම ජාන සම්පත අහිමි වී යාමයි. මේ හේතුවෙන්ම ආවේනික ජීවී විශේෂ ඇති රටවල් හා ප්‍රදේශ කෙරෙහි මුලු ලෝකයේම අවධානය යොමු වේ.

මෙහිදී මෙම ප්‍රදේශය යන්න නිශ්චිතව අර්ථ දැක්විය යුතුය.

SinharajaGientFern
සිංහරාජයට ආවේනික වූ යෝධ මීවන
අධි-විභේදන රූපවාහිනිය

නිවසේ රැගුම්හලහි ඇති ප්‍රක්ෂේපණ තිරය මගින් අධි - සුපැහැදිලි රෑපවාහිනි ප්‍රතිබිම්බයක් ප්‍රදර්ශනය කරනු ලැබේ.

අධි පැහැදිලි රෑපවාහිනිය (HDTV) සම්ප්‍රදායික රපෑවාහිනි පද්ධති (NTSC, SECAM, PAL) වලට වඩා වැඩි විභේදනයක් ඇති සංඛ්‍යාත රූපවාහිනි විකාශනය පද්ධතියක් වේ. HDTV සංඛ්‍යාත විකාශනය වේ. එයට හේතුව ප්‍රමාණවත් විඩියෝ සම්පිඩනය භාවිතා වුවන් සංඛ්‍යාක රෑපවාහිනියට අඩු සංඛ්‍යාත පරායස් අවශ්‍ය විමයි.

අයෝ

අයෝ යනු බ්‍රහස්පතිගේ ගැලීලියානු චන්ද්‍රයින් අතුරින් ඇතුළතින් ම (එනම් ග්‍රහ ලෝකයට කිට්ටුවෙන්ම) පිහිටි චන්ද්‍රයා වන අතර එහි විෂ්කම්භය කිමී 3,642 වේ. එය සෞරග්‍රහ මණ්ඩලයේ චන්ද්‍රයින් අතුරින් හතරවන විශාලතම චන්ද්‍රයා ද වේ. එය හේරා දේවතාවියගේ පූජකවරිය මෙන්ම සියුස් මහ දෙවියා‍ගේ ආදරවන්තියද වූ අයෝ වෙනුවෙන් අයෝ ලෙස නම් කරන ලදී.

සක්‍රීය ගිණි කඳු 400කට අධික ප්‍රමාණයක් සහිත අයෝ චන්ද්‍රයා භූ විද්‍යාත්මකව සෞරග්‍රහ මණ්ඩලයේ ඇති සක්‍රීයම වස්තුව වේ. මෙම අධික භූ ගෝලීය සක්‍රීයතාවයට ‍හේතු වන්නේ බ්‍රහස්පති විසින් ඇති කරන වෙනස්වන ආකර්ෂණය නිසා අයෝ චන්ද්‍රයාගේ අභ්‍යන්තරයේ ඝර්ෂණය තුළින් හටගන්නා උදම් උෂ්ණත්වයයි. මෙහි ඇති ඇතැම් ගිණි කඳු මගින් පිට කරන සල්ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් දුම් රොටු කිලෝමීටර 500 (සැතපුම් 310) පමණ උසකට ඉහළ යයි. තවද අයෝ ග්‍රහයාගේ පෘෂ්ඨය කඳු 100කින් පමණ සමන්විත වේ. ඒවා අයෝහි පාදමේ වූ සිලිකේට කබොල්ලෙහි වූ අධික තෙරපුම පාදක කරගෙන ඉහළට සෑදුණු කඳු වේ. එහි ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උස් වේ. බාහිර සෞරග්‍රහ මණ්ඩලයේ ඇති (ඝන අයිස් තට්ටු ඇති) අනෙක් බොහෝ උපග්‍රහයන් මෙන් නොව අයෝ චන්ද්‍රයා ද්‍රව යකඩ හෝ අයන් සල්ෆයිඩ් හරයක් වටා ඇති සිලිකේට් පාෂාණවලින් මූලිකව සමන්විත වේ. තවද, අයෝ ග්‍රහ‍යාගේ පෘෂ්ඨයේ වැඩි ප්‍රමාණයක් සල්‍ෆර් හා සල්ෆර් ඩයොක්සයිඩ් තුහිනවලින් වැසී පවතී.

අයෝ ග්‍රහයා තුළ ඇති ගිණි කඳු ක්‍රියාකාරිත්වය එයටම ආවේණික වූ බොහෝ ගති ලක්ෂණවලට පාදක වී ඇත. එහි ගිණි කඳු හා ලාවා ගැලීම් විශාල පෘෂ්ඨ වෙනස්වීම් ඇතිකර පෘෂ්ඨය රතු , කහ, සුදු, කළු හා කොළ පැහැති විවිධ වූ වර්ණවලින් වර්ණ ගන්වයි. එයට හේතුව වන්නේ සල්ෆර් සහිත සංයෝගයන්ය. තවද කිලෝමීටර් 500 (සැතපුම් 311) තරම් දික් වූ ලාවා ගැලීම මගින් ද එහි පෘෂ්ඨයේ සලකුණු තබයි. මෙවැනි ගිණි කඳු ක්‍රියාවලි නිසා අයෝ චන්ද්‍රයාගේ මතුපිට පෙනුම පිසා (pizza) එකකට සමාන කළ හැකි බවට පත්ව තිබේ. අයෝ මත ඇති ගිණි කඳු විසින් අයෝගේ ඇති තුනී හිඩැසි සහිත වායුගෝලය නිර්මාණයට මෙන්ම බ්‍රහස්පතීගේ චුම්භක ගෝලයට ද අවශ්‍ය ද්‍රව්‍ය සපයයි.

අයෝ චන්ද්‍රයා සොයාගැනීම 17 හා 18 වැනි ශත වර්ෂවලදී අභ්‍යවකාශ විද්‍යාවේ දියුණුවට විශාල ලෙස උපකාරී විය. එය 1610 දී ගැලීලියෝ ගැලීලි විසින් අනෙකුත් ගැලීලියානු උපග්‍රහයන් සමඟ සොයාගන්නා ලදී මෙම සොයාගැනීම සෞරග්‍රහ මණ්ඩලයේ කොපර්නිකන් ආකෘතිය (Copernican model) පිළි ගැනීමට, කෙප්ලර්ගේ චලිතය පිළිබඳ නියමයන්වල දියුණුවට හා මුල් වරට ආලෝකයේ ප්‍රවේගය මැනීමට ද එය උපකාරී විය. 19 හා 20වන සියවස් ‍දක්වාම පෘථිවියට අයෝ චන්ද්‍රයා ආලෝක ලපයක්ම පමණක් විය. ඉන් පසු එහි අඳුරු රතු ධ්‍රැව හා දීප්තිමත් සමක ප්‍රදේශ වැනි මහා පරිමාණ පෘෂ්ඨ ලක්ෂණ හැදෑරීමට හැකි විය. 1979 දී වොයේජර් අභ්‍යවකාශ යානා දෙක අයෝ ,ගිනිකඳු , විශාල කඳු හා නැවුම් පෘෂ්‍ඨයකින් යුත් හා ගැටුම් ආවාටවලින් තොර භූවිද්‍යාත්මක සක්‍රීය ග්‍රහලොවක් බව හෙළි කෙරිණි.ගැලීලියෝ අභ්‍යවකාශ යානය 1990 ගණන්වලදී හා 2000 දී එය අසලින් ගමන් කරමින් එහි අභ්‍යන්තර ව්‍යුහය හා පෘෂ්‍ඨයේ සංයුතිය සොයා බලන ලදී. තවද මෙම යානා විසින් බ්‍රහස්පතිගේ චුම්භක ගෝලය හා උපග්‍රහයා අතර ඇති සබැඳියාව ද අයෝ ග්‍රහයාගේ කක්ෂයේ කේන්ද්‍රගත වී ඇති විකිරණ තීරුව පිළිබඳව ද සොයා බැලීය. මෙම පර්යේෂණ 2007 මුල් මාස කිහිපය තුළදී නැවත සක්‍රීය වුණු අතර ඒ ප්ලූටෝ‍ වෙත යැවූ නිවු හොරයිසන් (New horizons) හි දුරස්ත පියැඹීම තුලිනි.

ඉක්වදෝරය

නිල වශයෙන් රෙපුබ්ලිකා ඩෙල් ඉක්වදෝර් යනුවෙන් හැඳින්වෙන ජනරජය (/ˈɛkwədɔr/ E-kwə-dawr) දකුණු ඇමරිකාව තුළ පිහිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයකි. මෙහි මායිම් වන්නේ උතුරින් කොලොම්බියාව, නැගෙනහිරින් හා දකුණට පේරු රාජ්‍යය, බටහිරට ශාන්තිකර සාගරයයි. එය දකුණු ඇමරිකාව තුළ චිලී ද ඇතුළත්ව බ්‍රසීලයට මායිම් නොපිහිටන එකම රටයි. මෙහි පැසිෆික් ප්‍රදේශයේ ගැලපගෝස් දූපත් (කි.මී. 1000, සැතපුම් 620) ප්‍රධාන බිමෙහි බටහිරට වන්නට ඇත. ඉක්වදෝර් නම සෑදී ඇත්තේ එය නිරක්ෂය මැදට වන්නට පිහිටි බිම් ප්‍රමාණය වර්ග කි.මී. 256,370 (වර්ග සැතැප්ම 98,990) රටකි. අගනුවර වන්නේ ක්විටෝය. එය 1970 වර්ෂයේ යුනෙස්කෝව විසින් ලතින් ඇමරිකාව තුළ සුරක්ෂිතව හා නොවෙනස්ව පවතින පෞරාණික ප්‍රදේශයක් ලෙස හා ලෝක උරුමයක් ලෙසට නම් කරනු ලැබ ඇත. රටෙහි විශාලම නගරය වන්නේ ගවයාකුල්ය. ‍‍ ඓතිහාසික කේන්ද්‍රයක් වන ‍න්වෙන්කා, රටෙහි පවතින තුන්වැනි තැනට විශාලම නගරයයි. 1999 ලෝක උරුමයක් ලෙස ඇමරිකාව තුළ පවතින ස්පාඤ්ඤ ජනපදයක් ලෙස මෙම නගරය නම් කර ඇත. ඉක්වදෝරය එහි ප්‍රමාණයට හා සසඳා බලන කල විවිධ සතුන් හා ආවේණික ශාක වර්ග (ගැලපගෝස් දූපත් වල සිටිනා)සහිත වාස භූමියකි. මෙහි ඉහළ ජෛව විවිධත්වයක් පවතී. සෝබාදහමේ නීති හා ජෛව විවිධත්වයට අදාල නීති පද්ධතියන්, නීතියෙන් පිළිගත් (2008 වැනි ව්‍යවස්ථාව) ලෝකයේ එකම රට ඉක්වදෝරයයි.

ජපානය

හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරයෙන් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි.

ජපානය හො‍න්ෂු, හොකයිදො, ක්‍යුෂු, ෂිකොකු යන ප්‍රධාන දූපත් 4 ක් හා තවත් කුඩා අව‍ශේෂ දූපත් රාශියකින් සමන්විතය. මෙම ප්‍රධාන දූපත් සතරේ විශාලත්වය වර්ග කි. මී. 362,000 කි. උස් කදු ගැඹුරු මිටියාවත් සහ කුඩා තැනිතලාවලින් යුතු ජපන් භූමිය ගංගා සහ විල් මගින් තවත් සුන්දර වී ඇත.

ජෛවවිවිධත්වය

ජෛව විවිධත්වය යනු පෘථිවිය මත දක්නට ලැබෙන ජීව වස්තූන්ගේ එනම්,ශාක හා සතුන්ගේ විවිධත්වයයි.

එක්සත් ජාතීන්ගේ පරිසරය හා සංවර්ධනය පිළිබඳ සම්මේලනය හෙවත් මිහිතල සමුළුව සම්මුතිය මඟින් දී ඇති නිර්වචනය වඩාත් පැහැදිලි එකකි.එනම්, ජෛව විවිධත්වය යනු 'භෞමික සමුද්‍රික සහ අනෙකුත් පරිසර පද්ධතීන් සහ පාරිසරික සංකීර්ණ ඇතුළු සියළුම මූලාශ්‍රයන්හි අඩංගු සහ ඒවායේ කොටසක් වන ජීව වස්තූන් අතර ඇති වෙනස් වීමේ හැකියාවයි'. තව ද, 'ඒ ඒ ජීවී (ශාක හා සත්ත්ව) විශේෂයන් තුළ ඇති විවිධත්වය වේ'.

තවත් ලෙසකින් කිවහොත්, ජීවීන් සතුව ඇති අපරිමිත විවිධාත්මකභාවය ජෛව විවිධත්වය ලෙසින් හඳුන්වයි.නමුත් විද්‍යාත්මක ලෙස ජෛව විවිධත්වය අර්ථ දක්වන්නේ නම්, ප්‍රවේණිවල විවිධත්වය, අන්තර් සබඳතා, විශේෂවල විවිධත්වය,පරිසර පද්ධතිවල විවිධත්වය, වාසභූමි ආදී සියල්ලෙහිම පවතින්නාවූ විවිධත්වය ජෛව විවිධත්වය ලෙසයි.

නේපාලය

නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.

නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත.

හින්දු ආගම නේපාලයේ වැඩිම දෙනෙක් අදහන ආගමයි. රටේ ජනගහණයෙන් භාගයක් පමණ ඇමෙරිකානු ඩොලර් 1.25ක් වන අන්තර්ජාතික දිළිඳු රේඛාවෙන් පහළ ජීවත් වෙති.

පපුවා නවගිනිය

පැපුවා නිව් ගිනියා නිදහස් රාජ්‍ය ඕශනියාහි පිහිටි රටක් වන අතර එය නැගෙනහිර නිව් ගිනියා හා දියඹේ පිහිටි විවිධ දුපත් ද අන්තර්ගතව පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ නිරිත දිග පැසිෆික් සාගරයේ, 19 ශතවර්ෂ‍‍යේ සිට රාජ්‍යයන් ලෙස සැලකූ මෙලනීසියාවය. අගනුවර වන්නේ ජෝර්ට් මොරෙස්බිය. මෙම රට ලෝකයේ විවිධත්වය අතින් ඉහළින් ඇති රටවල්වලින් එකකි. එහි ආවේණික භාෂාවන් 850 පමණ මුළු ජනගහනය වන මිලියන 7 අතරේ භාවිතා වේ. එහි වඩා වැඩි ගම්බදව ජීවත්වන පිරිසක් සිටින අතර නාගරිකව වෙසෙන්නේ 18% ක් පමණි. එරට ලෝකයේ අඩුවෙන්ම ගවේෂණය කල රට වන අතර එය සංස්කෘතිකමය හා භුගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක් ගනී. බොහෝ සොයා නොගත් සතුන් හා ශාක මේ අතර විශේෂ වේ. ජනයා දේශීය සමාජයක් තුල ජිවත් වන අතර ‍කෘෂිකර්මය මුලික කොටගත් සමාජයක ජීවත් වේ. ජනතාව තුල රජයේ ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිළි පිළිගැනීමක් ඇත. රටේ ව්‍යවස්ථාව ස්ථිරවම පිළිගත් චාරිත්‍රානුකූල ඉඩම් පනත් මඟින් විවිධ නීති ක්‍රියාත්මක කර ඇත. මෙයින් රටේ ආවේණික ජනතාවට නීතිමය අයිතියක් ලැබි ඇත. මෙම චාරිත්‍රානුකූල භූමි සඳහා රටේ බොහෝ වගා කළ හැකි බිම් අයත්ය. නිදහසේ බුක්ති විදිය හැකි දේපල අයිතිය ඇත්තේ පැපුවා නිව් ගිනියා ජනතාවට පමණි. විදේශිය බලවේග 3 ක් 1884 සිට මෙරට පාලනයෙන් පසු 1975 වර්ෂයේ දී ඔස්ට්‍රේලියාවෙන් නිදහස ලැබිය. එය 2 වන ‍එලි‍සබෙත් රැජිනගේ රාජධානියක් ලෙස පවතී. බොහෝ ජනයා ඉතා දිළිඳුව ජිවත් වන අතර ජනගහනයෙන් 1/3 ක්, දිනකට ඇ.ඩො. 1.25 ට වඩා අඩුවෙන් උපයයි.

යෝධ ඇළ

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ඇලවල් වර්ගයකි.

ලංකා දිවයිනේ මිරිදිය මාළුවෝ

ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවති.වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත.එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර ,දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී.මේ අනුව පැහැදිළි වන්නේ ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය.එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත.ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත.ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.

ශ්‍රි ලංකාවේ මිරිදිය මසුන් අපට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය.

01)දේශීය විශේෂ (Indigenous)

02) හදුන්වාදෙන ලද විශේෂ (Introduce)

දේශීය විශේෂ ගොනුව:තල් කොස්සා.jpg

ශ්‍රිලංකාවේ මිරිදිය පරිසරයේ ජීවත් වේ.

ස්වභාව්කව ජීවත් වෙමින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගනී.

ලංකාවේ ආවේණික මිරිදිය මසුන් මෙම ගණයට අයත් වේ.

වසර ගණනක් හුදකලාවීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් පරිණාමණයවී ඇත.

හදුන්වාදෙන ලද විශේෂ

මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ මදුරැ කීටයන් ගිල දැමීමට හදුන්වා දුන් මසුන් ද මීට අයත් වේ. උදා:- ගප්පි (pocecilia reticulata)

ජලජ ජීවී වගාව සඳහා ප්‍රෝටීනමය අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් හදුන්වා දුන් මසුන් වි‍‍ශේෂ වේ. උදා:-අප්‍රිකාණු තිලාපියන්

ඉන්දියාණු කාපයන්

විසිතුරු මත්සයන් ඇති කරන්නන් විසින් මිරිදිය ජලාශ වල‍ට මුදා හරිනු ලැබූ මත්ස්‍ය විශේෂ වේ. උදා:-මන්නයා(Notopterus chitala)

වර්තමානයේ ලංකාවේ දේශීය මිරිදිය මසුන් විශේෂ 74 ක් හදුනාගෙන ඇති අතර ඉන් 33 ක් ලංකාවට ආවේණික වේ. ඔවුන් ගෝත්‍ර 8 කට හා කුල 19 කට අයත් වේ. මින් කුල දෙකක මසුන් 100% ලංකාවට ආවේනික වේ.ලංකාවට හදුන්වා දෙන මසුන් ගෝත්‍ර 6 කට හා කුල 9 කට අයත් වේ.

ශ්‍රී ලංකා‍වේ මිරිදිය මසුන්ගේ සංයුතිය

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාව (ඉංග්‍රීසි: Sri Lanka /sriːˈlɑːŋkə,_ʔˈlæŋkə/ or /ʃriːʔ/;, දෙමළ: இலங்கை ඉලං(ඞ්)ගෛ), නිල නාමය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (පැරණි නාමය ලංකාව), යනු දකුණු ආසියාවට අයත්, ඉන්දියාවේ අග්නිදිග ප්‍රදේශයට සමීපව පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වේ. ශ්‍රී ලංකාව සතුව පවතින සමුද්‍රීය සීමාව වයඹ දෙසින් ඉන්දියාව සමගත් සහ නිරිත දෙසින් මාලදිවයින සමගත් මායිම්ව පවතී.

ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසය වසර 3000ක් පමණ අතීතයට විහිදෙන අතර සහ සාක්ෂ්‍ය සහිත ප්‍රාග්-එෙතිහාසික මානව ජනාවාසයන්ගේ ඉතිහාසය අවම වශයෙන් වසර 125,000 ක් දක්වා විහිදේ. දිවයිනෙහි භූගෝලීය පිහිටුම සහ ඒ සබැඳි වරාය පිහිටීම්, පුරාණ සේද මාවත ක්‍රියාත්මකවූ සමයේ පටන් දෙවන ලෝක යුද්ධය දක්වාද ශ්‍රී ලංකාවට උපායමාර්ගික වැදගත්කමක් ඇතිකරවා තිබිණි. පසුකාලීනව ඇරඹුණු බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය සමයේ සිට වර්ෂ 1972 දක්වා කාලසීමාවේදී ශ්‍රී ලංකාව, ලංකාව (ඉංග්‍රීසී: Ceylon /sɪˈlɒnˌ seɪʔˌ siːʔ/) ලෙස හඳුන්වනු ලැබිණි. කෙසේනමුදු ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසය, 2009 වසරේදී ශ්‍රී ලංකා හමුදා විසින් දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමත් සමග තීරණාත්මක අයුරින් නිමාවට පත්වූ තිස් අවුරුදු සිවිල් යුද්ධය හේතුවෙන් පලුදුවීමට ලක්විය.බහුවිධ හා බහුසංස්කෘතික රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, බොහෝ ආගම්, ජන වර්ග සහ භාෂා රැසකට නිවහන වේ. දිවයිනෙහි බහුතරය වූ සිංහල ජනතාවට අමතරව, එහි අනෙකුත් සුළු වාර්ගික කණ්ඩායම් ලෙස ශ්‍රී ලාංකික සහ ඉන්දියානු දෙමළ, මරක්කල, බර්ගර්, මැලේ, කාපිරි සහ ස්වදේශීය වැදි ජනතාව වාසය කරනු ලබයි. ඉතා පොහොසත් බෞද්ධ උරුමයක් සතු ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉතිහාසමය බෞද්ධ ලේඛනගත කෙරුම වන පාලි ත්‍රිපිටකය, ක්‍රි.පූ. 29 සිව්වන ධර්ම සංගායනා සමය තෙක් දිවයයි.ශ්‍රී ලංකාව අර්ධ-ජනාධිපතිමය ක්‍රමය යටතේ පාලනය වන ඒකීය හා ජනරජ රාජ්‍යයක් වේ. එහි පරිපාලන අගනගරය, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, දිවයිනේ විශාලතම සහ වාණිජ අගනගරය වන කොළඹ නගරයේ නගරෝපාන්තයකි.

ශ්‍රී ලංකාව සතු විදේශ සබඳතා දිගු ඉතිහාසයකින් සමන්විතය. ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (සාර්ක් සංවිධානය) ආරම්භක සාමාජිකයෙකු වන අතර, එක්සත් ජාතීන්, පොදු රාජ්‍ය මණ්ඩලය, ජී77, සහ නොබැඳි ජාතීන් යන සංවිධානවලද වත්මන් සාමාජිකයෙකු වේ. ශ්‍රී ලංකාව වර්ථමානයේ දකුණු ආසියානු කලාපය තුල ඉහලම මානව සංවර්ධන දර්ශක අනුස්ථිතියක් පෙන්නුම් කරන රටවල් ද්විත්වය (මාලදිවයින සමග) අතුරින් එකක්ද වේ.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් ලැයිස්තුව

ශ්‍රී ලංකාව ආවේණික පක්ෂි විශේෂ 26කට සහ යෝජිත ආවේණික විශේෂ හතකට නිවහන වේ. දිවයිනෙන් වාර්තාවන සම්පූර්ණ පක්ෂි විශේෂ සංඛ්‍යාව 492ක් වන අතර, ඉන් විශේස 219ක් අභිජනන නේවාසිකයින් වේ. BirdLife International ආයතනය විසින් ශ්‍රී ලංකාව ලෝකයේ ආවේණික පක්ෂි කලාප (EBA) අතුරින් එකක් ලෙස හඳුනාගෙන ඇත. වසර ගණනාවක් තිස්සේ මෙරටට ආවේණික විශේෂ සංඛ්‍යාව බොහෝ වරක් සංශෝධනයට ලක්වී ඇත. මෙය බොහෝදුරට "සමීප වර්ගීකරණ ප්‍රතිශෝධනයන්" නිසා සිදු විය. ආවේණික පක්ෂි විශේෂ සංඛ්‍යාව 20ක් අවමයේ සිට 47ක උපරිමයක් දක්වා වරින්වර උච්චාවචනය වී ඇත. 1977 සිට මෙම අගය 21 අවට විචලනය විය. 1990දී නව විශේෂ දෙකක් එකතු කිරීමත් සමග එම අගය 23 තෙක් ඉහළ ගියේ ය. එතැන් සිට විවිධ අධිකාරීන් විසින් මෙම සංඛ්‍යාව අනුමත කොට ඇත. 1994දී විජේසිංහ විසින් ප්‍රකාශයට පත්කළ A checklist of the birds of Sri Lanka තුළින් අමතර විශේෂ තුනක් ඇතුළත් කෙරිණි. නමුත් මෙම සංශෝධනය පුළුල් පිළිගැනීමකට ලක්නොවූ‍යේ එහි තාර්කිකභාවය දැඩි වර්ගීකරණ පිළිවෙත සමග නොසැසඳීම හේතුවෙනි. නමුත් අනුතරුව ප්‍රකාශිත ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කලාපයේ පක්ෂි සංහතිය පිළිබඳ වාර්තාවල මෙම පක්ෂීන් තිදෙනා ආවේණිකයන් ලෙස ඇතුළත් කොට නොමැත. කෙසේනමුත්, ශ්‍රී ලංකාවේ ඇතැම් කවයන් විසින් විජේසිංහගේ යෝජිත ආවේණිකයන් අනුමත කළ හැකි බව පවසා ඇත. මේ ඇතැම් විට රටේ ආවේණිකයින් සංඛ්‍යාව ඉහළ යාම නිසා ඇතිවන සතුට හෝ වානිජමය පක්ෂීන් නැරඹීම කෙරෙහි වාසිදායක හෙයින් පිළිගන්නට ඇත.2001දී, වරකාගොඩ සහ රැස්මුසන් විසින් පඬුවන් කන්බස්සා Otus thilohofmanni නැමැති නව ආවේණික පක්ෂි විශේෂයක් සොයාගන්නා ලදී. 1868දී ශ්‍රී ලංකා උරුවන්-තිරාසිකයා (Myophonus blighi) හඳනාගෙන ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශී ලංකාවෙන් සොයාගැනුණු පළමු නව පක්ෂි විශේෂයයි. විශේෂයන්ගේ මට්ටමේ වර්ගීකරණ ප්‍රතිශෝධන සඳහා ඇතැම් යෝජනා පවතියි. මෙය ශ්‍රී ලංකාවේ ආවේණික පක්ෂීන්ගේ තත්ත්වය කෙරෙහි ද බලපානු ඇත. රටේ උපසර්ගයක් වන "ශ්‍රී ලංකා" යන්න පොදු නම් තුළට ඇතුළත් කිරීම සාමාන්‍යයෙන් ආවේණික විශේෂවල පමණක් සිදු කෙරේ. කෙසේනමුත්, කොටගම සහ පිරිස (2006), සිබ්ලි සහ මොන්රෝ (1990) විසින් විශේෂවල පොදු නම් සඳහා "Ceylon" යන්න භාවිතා කර තිබීම සම්බන්ධයෙන් එකඟ නොවේ. ඔවුන් යෝජනා කරන්නේ දිවයිනේ නිල ඉංග්‍රීසි නාමය සිලෝන් සිට ශ්‍රී ලංකා සිට වෙනස්වීම එයින් ද නිරූපණය විය යුතු බවයි. සිබ්ලි සහ මොන්රෝගේ තර්කය වන්නේ "සිලෝන්" යන භූගෝල විදයාත්මක ඒකකය බවත්, "ශ්‍රී ලංකා" යනු එම දිවයින අයත් රාජ්‍යය බවත් ය. පක්ෂීන්ගේ ව්‍යාප්තිය සඳහා සාමාන්‍යයෙන් භූගෝලීය නාමය යොදා ගැනේ. උදාහරණයක් වශයෙන් මැඩගස්කර් යන්න එහි ජාතික නාමය වන මැලගසි ජනරජය වෙනුවට භාවිතා කිරීම දැක්විය හැක.

ශ්‍රී ලංකාවට පමණක් ආවේණික ක්‍ෂීරපායී නාමාවලිය

අශෝක පෙතියා

ශ්‍රී ලංකාවේ උභයජීවී නාමාවලිය

ශ්‍රී ලංකාව උභයජීවී විශේෂ 110කට අධික සංඛ්‍යාවක් සඳහා වාසභවන වන අතර, ඉන් විශේෂ 90කට අධික සංඛ්‍යාවක් මෙරටට ආවේණික වේ. මෙලෙසින් 85%ක පමණ ආවේණිකතා ප්‍රතිශතය හේතුවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී ආවේණිකතාව සහිත රට බවට පත්ව ඇත. පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාවෙන් සොයාගැනුණු නව උභයජීවී විශේෂ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. 1957 ශ්‍රී ලංකාවේ පළමු උභයජීවී විමර්ශනය මගින් විශේෂ 35ක් හඳුනාගන්නා ලදී. 1996දී උභයජීවී විශේෂ සංඛ්‍යාව 53දක්වා ඉහළ ගියේ, කෞතුකාගාර එකතු පර්යේෂණ සහ ක්ෂේත්‍ර සමීක්ෂණ පාදක කරගනිමිනි. 1998දී පෙතියාගොඩ සහ මනමේන්ද්‍ර-ආරච්චි විසින් මෙම ක්ෂේත්‍ර සමීක්ෂණය මත පදනම්ව විශේෂ 250කට අධික සංඛ්‍යාවක් යෝජනා කෙරිණි. කෙසේනමුත් මීගස්කුඹුර සහ පිරිස විසින් එම සංඛ්‍යාව විශේෂ 140ක් අවට සංඛ්‍යාවක් දක්වා ප්‍රතිශෝධනය කරන ලදී. මෙහි දී "නව" විශේෂ 100කට අධික සංඛ්‍යාවක් සොයාගැනුණු බවට වූ වාර්තාව විවේචනයට ලක් විය. 2016 වන විට, උභයජීවී විශේෂ 120ක් පිළිබඳ තොරතුරු පකාශයට පත්කෙරිණි. මෙයට ආවේණිකයින් 110ක් ඇතුළත් විය. හිරිදණ්ඩන් විශේෂ තුනක් හඳුනාගෙන ඇති අතර, තවත් එක් විශේෂයක් විස්තර කළ යුතුව ඇත.

Adenomus, Nannophrys සහ Lankanectes යන උභයජීවී ගණ තුනම ශ්‍රී ලංකාවට ආවේණික වේ. නව විශේෂවලින් බහුතරයක් Philautus ගණයට අයත් අතර, මෑතක දී එම ගණයට අයත් විශේෂ Pseudophilautus ගණය යටතට ඇතුළත් කෙරිණි. මේ නිසා ශ්‍රී ලංකාවෙන් Philautus ගණයට අයත් කිසිදු උභයජීවී වශේෂයක් හමු නො‍වේ. Pseudophilautus pardus සහ P. maia යන විශේෂ හමුවන්නේ 1876ට පෙර සිදුකළ එකතුවලින් පමණක් වන අතර, 2007දී එම විශේෂ නව විශේෂ ලෙස විස්තර කෙරිණි. නමුත් මෙම විශේෂ දෙකම වර්තමානය වන විට නෂ්ට වූ විශේෂ යැයි සැලකේ. මීට අමතරව ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම උභයජීවී නෂ්ට වීම් සහ තර්ජිත ප්‍රතිශතය සහිත රට වශයෙන් නම්කොට ඇත. 20වන සියවසේ දී, මෙරට උභයජීවී විශේෂ අතුරින් 20%ක් පමණම නෂ්ට වී ගිය අතර, සෙසු උභයජීවී විශේෂවලින් අඩක් පමණම නෂ්ට වීමේ තර්ජනය අභිමුව සිටියි. පසුගිය වසර 500 තුළ ලෝකයෙන් නෂ්ට වී ගිය උභයජීවී විශේෂ 34 අතුරින් 19ක්ම ශ්‍රී ලංකාවට අයත් වූ විශේෂ වේ. වාසස්ථාන අහිමි වීම මෙම තර්ජනවලට ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇති අතර, වාසස්ථාන කැබලි වීම, පලිබෝධනාශක භාවිතය සහ වායු දූෂණය ද උභයජීවීන්ට තර්ජන එල්ල කරයි. 2015 අප්‍රේල් මස මෙන්ඩිස් වික්‍රමසිංහ සහ පිරිස විසින් Pseudophilautus ගණයට අයත් තවත් ආවේණික විශේෂයක් හඳුනාගන්නා ලදී. මෙම විශේෂය P.dilmah නම් විය.

ශ්‍රී ලංකාවේ කුරුළු නාමාවලිය

ශ්‍රී ලංකාවෙන් පක්ෂීන් විශේෂ 482ක් වාර්ථා වී ඇති අතර ඉන් විශේෂ 210ක් අභිජනන නේවාසිකයන් වෙති.

සංස්කෘතිය

සංස්කෘතිය

සංස්කෘතිය යන පදය නිර්මාණය වී ඇත්තේ ඉංග්‍රීසියේ යෙදෙන [Culture] නමැති වදනට අනුරුපීවය. මානව චර්යාව එනම් වාචික හා වාචික ‍නොවන නිෂ්පාදන ඇතුළත් ‍‍භෞතික නොවන සංස්කෘතිය අදාළ කරගත් සියල්ල පොදු‍වේ සංස්කෘතිය ලෙස සැලකේ. එහෙත් සංස්කෘතිය යන පදය විවිධ අවස්ථාවල නොයෙකුත් අර්ථ නිරූපණය කරයි. එසේම සාමාන්‍ය ව්‍යවහාරයේ ගත්කළ සංස්කෘතිය යන අර්ථයේ උසස් පහත් බවක් යනුවෙන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් බෙදීමක් දක්නට ඇත. උදා: ශිෂ්ට සංස්කෘතිය යැයි කී විට එයින් අදහස් වන්නේ ඉහළ පන්ති නි‍යෝජනය කරන සමාජය සම්බන්ධ කර ගත් චර්යාවයි. අශිෂ්ට යයි කී විට ම්ලේච්ඡ සමාජවල සංස්කෘතිය ගැන කියවේ. ඒ කෙසේ සංස්කෘතිය සමාජ සංවර්ධනයේ අනන්‍යතාවය පිළිබිඹු කරන සංකල්පයක් ලෙසද හදුන්වා දීමට පුළුවන. මානව විද්‍යාත්මක අර්ථයෙන් බලන කළ සංස්කෘතිය පිළිබද සංකල්පය සවිස්තරාත්මක ලෙස විග්‍රහ වෙයි. එසේම එමගින් විද්‍යාත්මක පදනමක්ද දැක ගත හැකිය.මානව පැවැත්මේ සෑම ක්‍රියාකාරකමක්ම සංස්කෘතියට සම්බන්ධවේ. එදිනෙදා භාවිතයට ගනු ලබන උපකරණ, අවි අවි ආයුධ,ඇඳුම් පැළඳුම්,සිරිත් විරිත්,විශ්වාස, සංස්ථා,පුදපූජා යනාදී සියල්ලම සංස්කෘතියට අයත්වේ. මෙහිදී ජීවන රටාව මෙහෙයවන ආර්ථික චර්යාව, සමාජ චර්යාව, දේශපාලන හා ආගමික චර්යාව, විනෝද කටයුතු ආදී මේ සියල්ලම සංස්කෘතිය තුළින් විද්‍යමාන වේ. ඇත්තවශයෙන්ම සංස්කෘතිය මිනිසාගේ සමාජ අවශ්‍යතා තෘප්තිමත් කරන ක්‍රියාවලියක් පමණක් නොව පරිසරයේ උචිත ආකාරයෙන් ජීවත් වීමට උගන්වන ක්රිරයාදාමයක් ලෙසද හැදින්විය හැකිය. මනසේ හා ශරීරයේ නිර්මාණයක් ලෙස සංස්කෘතිය මිනිසාටම ආවේණික සංසිද්ධියක් ලෙසද අපට හදුන්වා දීමට පුළුවන.සංස්කෘතිය ගතිකය.එය ගතික ක්‍රියවලියක ප්‍රතිඵලයකි.සංස්කෘතිය නොකඩවා වෙනස්වෙමින් පවති.සංස්කෘතිය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන පරම්පරාගත නිපදවීමකි.සංස්කෘතිය සමාජයට බද්ධය.සමජයෙන් වෙන් කොට අධ්‍යයනය කළ හැකි පද්ධතියක් නොවේ.පුද්ගලයකු සංස්කෘතිය ඉගෙන ගන්නේ සමාජයෙනි.සංස්කෘතිය සමාජ උරුමයකි.සංස්කෘතිය සැම ක්ෂේත්‍රයක් පුරාම ව්හිදුණු පද්ධතියකි.

සිංහරාජ වනාන්තරය

සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ‍ලෙසට නම් කොට ඇත.

ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාප‌‍යේ ‌‍කොටසක් වන ‌‍මෙම ‍නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය 1978 වස‌‍රේ දී ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, 1988 වස‌‍රේ දී ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌රක්ෂිත‌‍යේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් ‍දේ.

රක්ෂිතයේ නැගෙනහිර දෙස සි‍ට බටහිර දෙසට දුර කි.මි. 21ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අවසන් තෙත් කලාපීය අලි දෙදෙනා දැකගත හැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ (කොටියකුගේ) මරනයක්බ වර්තා වූ අතර බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.මෙහි විවිධ පක්ශීන් දැක ගත හැකිය.

සිංහල ජනයා

සිංහල යනු ශ්‍රී ලංකා දූපතට ආවේණික වූ ඉන්දු-ආර්ය භාෂාව කතා කරන ජනවාර්ගික කණ්ඩායමකි. ඔවුන් ශ්‍රී ලාංකික ජනගහනයෙන් 75% ක් පමණ වන අතර එය ප්‍රමාණයෙන් මිලියන 16.2 ට වඩා වැඩිය. සිංහල අනන්‍යතාවය භාෂාව, ඓතිහාසික උරුමය සහ ආගම මත පදනම් වේ. සිංහල ජනයා ඉන්දු-ආර්ය භාෂාවක් වන සිංහල කථා කරන අතර ප්‍රධාන වශයෙන් ථේරවාදී බෞද්ධයෝ වෙති.

සිංහල භාෂාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතිය වන සිංහල ජනයාගේ මව් බස සිංහල වෙයි. අද වන විට මිලියන 20 කට අධික සිංහල සහ මිලියන 3කට අධික සිංහල නොවන ජනගහනයක් සිංහල භාෂාව භාවිත කරති. සිංහල‍ ඉන්දු-යුරෝපීය භාෂාවල උප ගණයක් වන ඉන්දු-ආර්ය භාෂා ගණයට අයිති වන අතර මාල දිවයින භාවිත කරන දිවෙහි භාෂාව සිංහලයෙන් පැවත එන්නකි. සිංහල ශ්‍රී ලංකාවේ නිල භාෂාවයි .

ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් පැවති හෙළබස ඈත අතීතයේ ඉන්දියානු භාෂා හා යටත් විජිත සමයේ බටහිර භාෂා සමග සම්මිශ්‍රණයෙන් වත්මන් සිංහල භාෂාව බිහිවී ඇත.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.