ආර්ථික විද්‍යාව

නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවෙහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායාවකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදාරනු ලබයි.

ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක.

1.ක්ෂද්‍ර හා සාර්ව ආර්ථික විද්‍යාව
2.ධනාත්මක ආර්ථිකය හා ප්‍රමාණික ආර්ථික විද්‍යාව
3.ප්‍රධාන හා ප්‍රවාහ ආර්ථිකය හ වෛතුල්‍ය ආර්ථිකය
4.ආර්ථිකයේ ක්ෂේත්‍ර හා සීමා

ආර්ථික විද්‍යාවේ එක් වැදගත් ලක්ෂණයක් නම් ආර්ථික ක්‍රම‍යේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි කරනු ලබන හැදැරිමයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ යුද්ධ සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්‍රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය. විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්‍රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී.

ආර්ථික විද්‍යාව මගින් සමාඡීය වශ‍යෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා තියුණු අධ්‍යයනයක් කෙරෙන අතර එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් අතර හේතුඑල සම්බන්දතාවය දැක්වෙන , විද්ධ්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් එය සමන්විත වේ. පාරිභෝගික හැසිරිම,ව්‍යාපාර චර්යාවන්,ආදායම් ව්‍යාප්තිය,ආර්ථික වර්ධනය,රාජ්‍ය මුලික කටයුතු,විදේශ වෙළදාම ආදිය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.මෙයට අමතරව ආර්ථික විද්‍යවේ සමහරක් නීති සවාභාවික විද්‍යාවන්ගේ නීති තරම්ම යතාර්ථය දැක්වීමට සමත්ය.ආන්තික එලදා න්‍යාය,ආන්තික උපයෝගීතා න්‍යාය,ඉල්ලුම් න්‍යාය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.

ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි.

මුල් ආර්ථික සංකල්ප

පෞරාණික ආර්ථික සංකල්පය මෙසපොතේමියානු ,ග්‍රීක,රෝමානු ,ඉන්දියානු ,චීන ,පර්සියන් සහ අරාබි යන ශිෂ්ටාචාරයන්හි ආරම්භයේ සිට පැවත ඒ.ඇරිස්ටෝටල්,චානක්ය,ක්වීන්ෂි හුඇන්ග්,තෝමස් ඇක්විනාස් සහ ඉබ්න් කල්ඩන් යන සැළකිය යුතු ලේඛකයන් 14 වන ශත වර්ෂය මුළුල්ලේම හඳුනාගත හැකිය.ජෝෂප් චම්පීටර් මුලිකවම 14 වන හා 17 වන ශත වර්ෂවල අගභාගයෙහි වූ ශාස්ත්‍රීයෙක් ලෙස හඳුනාගත්තේ ස්වභාවික නීති පැතිකඩ තුළ වූ වටිනාකම් න්‍යාය පොළිය සහ මුදල් විද්‍යාත්මක ආර්ථික විද්‍යාවේ ආරම්භකයන් වීම සඳහා අනෙක් කණෟඩායම් වලට වඩා ආසන්නටය ලඟා වීම හේතුවෙනි.ඉබන් කල්ඩන්ගේ මියුකඩිම් (Ibn Khaidun’s Muqaddimah) සොයා ගැනීමෙන් පසු චම්පීටර්(Schupetr)පසුව නවීන ආර්ථික විද්‍යාවේ සමීප පුරෝගාමියෙකු ලෙස ඉබන් කල්ඩම්ව දැක්වීමට හේතු වුයේ ඔහුගේ ‍බොහෝ ආර්ථික විද්‍යා න්‍යායන් නූතනය වන තුරු යුරෝපය විසින් නොදැන සිටීමය.

සෘජු ලෙසම පසුව විෂයෙහි සංවර්ධනයට බල පෑ තවත් තවත් කණ්ඩායම් දෙකක් වන්නේ වානිජවාදීන්(Mercantilists)සහ පිසියොකැට් නිකායිකයින්ය. (Physiocrats). මෙම කණ්ඩායම් දෙකම යුරෝපයේ ආර්ථික ජාතිවාදය නූතන ධන වාදය ඇති වීම සඳහා හවුල් විය.වෙළෙඳ හෝ රාජ්‍ය කටයුතු වල ප්‍රවීනයෙකුත් වුවත් 16 ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා විශාල ලෙස පුස්තිකා සාහිත්‍යයෙහි වැජඹුණු ආර්ථීක මතයකි.වානිජ වාදය රත්රන් හා රිදී ආනයන හැර ‍අනෙකුත් ආනයන සඳහා බාධක පැනවීමෙන් පතල් කැනීම සිදු නොකරන රටවල් රත්රන් හා රිදී ලබා ගනී.අපනයන කළ හැකි භාණෟඩ නිපදවීම සඳහා ලාභදායි අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ සංකල්පය සහ විදේශයන්හි නිපද වූ භාණ්ඩ මත රජය විසින් ආරක්ෂාකාරී බදු අය කිරීම මෙන්ම කොලනි වල නිෂ්පාදනයන් සිදු කිරීම තහනම් කිරීමද මෙයට අදාල වේ.

18 වන ශත වර්ෂයේ ප්‍රංශ චින්තකයන්ගේ හා ලේඛකයන්ගේ කණ්ඩායමක් වූ පිසියොකැට් නිකායිකයින් (Physiocrats) විසින් ආර්ථිකය ආදායම් හා නිමැයුමේ චක්‍රීය ප්‍රවාහයක් යන අදහස සංවර්ධනය කරන ලදී. සියළුම අපූර්ණතාවයන් සමඟ දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති ඉතා ආසන්න සත්‍යය ලෙස ඇඩම් ස්මිත් විසින් ඔවුන්ගේ පද්ධතිය පැහැදිලි කරන ලදී. පිසියොක්‍රැට් නිකායිකයින් පිරිවැයට වඩා පැහැදිලි අතිරික්තයක් කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් උපදවන බව විශ්වාස කළේය. එම නිසා සෑම ධනයකම පදනම වූයේ කෘෂිකර්මාන්තයයි.මෙනයින්,ආනයන බදුද අන්තර්ගතව කෘෂීකර්මාන්තයටද බලපෑමක් සිදු කරනු ලබන නිෂ්පාදනය සහ විකුණුම් සංවර්ධනය කරන වානිජවාදී ප්‍රත්පත්තියට ඔවුන් විරුද්ධ විය.පර්පාලනය සඳහා පිරිවැයක් දැරීමට සිදු වන බදු එකතු කිරීම් වෙනුවට ඉඩම් හිමියන්ගේ ආදායම මත තනි බද්දක් අය කිරීමට පක්ෂව පිසියොක්‍රැට් නිකායිකයින් කටයුතු කරන ලදී සාපේක්ෂව විකෘති කිරීම් සිදු නොවන බදු ආදායම් මූලාශ්‍රයක් ලෙස පසුව බිහිවූ ආර්ථික විද්‍යාඥයින් (ශත වර්ෂයකට පසුව හෙන්රි ජෝර්ජ් ද ඇතුළුව )එවැනි ඉඩම් බදු වල සිදු වූ වෙනස්කම් සැළකිල්ලට ගන්නා ලදී.බහුල වානිජ වෙළඳ රෙගුලාසි වලට එරෙහිව ආර්ථිකයට අවම රාජ්‍ය මැදිහත් වීම ඇති රාජ්‍ය නිර්බාධක ප්‍රතිපත්තියක් පිසියොක්‍රැට් නිකායිකයින් විසින් අනුගමනය කරන ලදී.

ආචාර ධර්ම

ආර්ථික විද්‍යාව හා ආචාර ධර්ම අතර පවතින සම්බන්ධය තරමක් දුරට සංකීර්ණ වේ.බොහෝ ආර්ථික විද්‍යාඥයින් අවශ්‍යතා හා වුවමනා වල ප්‍රමාණය හෝ වටිනාකම තීරණය කිරීම හෝ සමාජයට වඩාත් සුදුසු කුමක්ද යන්න දේශපාලන හා පෞද්ගලික වශයෙන් තීරණය වන ආර්ථික විද්‍යා මතය විෂය පතයෙන් පිටස්තර දෙයක් ලෙස සලකන ලදී.රජයේ පුද්ගල‍යෙකු විසින් ඉලක්ක කිහිපයක් ඉදිරිපත් කර ඇති විටකදී ඒක සාර්ථක කර ගැනිමට අවශ්‍ය දර්ශනය ආර්ථික විද්‍යාව මගින් සපයනු ලබයි.

නූතන ධනේෂ්වර ආර්ථිකයන්වල වටිනාකම් පද්ධතියක් ඇති කිරීම සඳහා ආර්ථීකමය සංකල්ප වල බලපෑම අවශ්‍ය බවට මතයකත් පවතී.සදාචාර තර්කනය වශයෙන් හැඳින්වේ. මිළදී ගැනීම් සිදු කිරීමේදී පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම පරිසරය පිළිබඳ අවධානය වැනි ආචාර ධර්ම අනුගමනය කළයුතු බව සාම්ප්‍රධායික ආර්ථීක විද්‍යා සලකා බැලීම් වල සඳහන් වේ.අනික් අතින් මහජන සුභසාධනය හා ආරක්ෂාව සැලසෙන පරිදි සිදුකරන සම්පත් බෙදා වෙන් කිරීම ආර්ථීක විද්‍යාවේ කොටසක් ලෙස සැළකිය හැකිය.සෞඛ්‍ය හා ආරක්ෂණය,පරිසරය,සමාජ සාධාරණය හා විපත් ආධාර වැනි අරමුණු ඉටු නොවන පරිදි සම්පත් බෙදා වෙන් කිරීම අඩු සමාජ සුභසාධනයේ ප්‍රතිඵලයකි.එබැවින් එවැනි ආර්ථික විද්‍යා ප්‍රශෟන අනුගමනය නොකිරීම ආචාර සම්පන්න නොවේ. ඇත්තෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සමූහික නියෝජිතයින් නිතිපතා මේ පිළිබඳව ආර්ථික විශලේෂණ පවත්වයි.

සමාජය මත බලපෑම

ආර්ථික විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද වෙළඳපොළ ආකෘති දුර්ලභ භාණ්ඩ බෙදා හැරීම් අනිකුත් මාර්ග ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා මතට පදනම් නොවී ඔවුන්ගේ අවශ්‍යතා හා පුරුදු මත තීරණය වන බව යමෙකුම පැවසිය හැකිය. එක් ආර්ථික තෝරා ගැනීම් වලින් බොහොමයක් සමාජය විසින් ඉබේම සිදු කරන ලද ඒවායි.එයට හේතුව මිනිසුන් උසස් ජීවන තත්වයක් අපේක්ෂා කිරීමයි. මෙය ආර්ථික ප්‍රතිපත්ති සම්භවයේදී ඉතා දැඩි ‍ලෙස විවේචනයට තුඩු දුන් කරැණකි.මෙහිදී සුභසාධන ප්‍රතිපත්ති වල බලපෑම් හා සඵලන්‍යායන් අවධානයට යොමු කරන ලදී.ස්වාධීන දාර්ශනිකයින් (Libertarians)මෙය ආර්ථීක තර්කයට සිදුකරන අගෞරවයක් ලෙස සලකයි.ධනය ප්‍රති ව්‍යාප්ත කිරීම සදාචාරාත්මකව හා ආර්ථික විද්‍යාත්මකව වැරදි බව ඔවුන්ගේ මතයයි.සමාජවාදී දර්ශනයට අනුව මෙය ආර්ථික විසින් සමාජයට කරන අගෞරවයකි.ඔවුන‍්ගේ මතය වන්නේ ධන විෂමතා පළමුව නොවිසඳිය කළ යුතු බවයි.මෙය 19 වන සියවසේදී කම්කරැ ආර්ථික විද්‍යාවත් 20 වන සියවසේදී සුභ සාධන ආර්ථික විද්‍යාවත් උදාහරණයක් වන ලදී.

ආර්ථික විද්‍යාව හා දේශපාලනය

Johin Stuort හා Mill Leon Welree වැනි ආර්ථික විශේෂඥයින් විසින් නිෂ්පාදනයෙන් උපයන ධනය බෙදා දීමට වෙන් නොකල යුතු බව පෙන්වා දුනි. මෙය "ප්‍රායෝගික ආර්ථිකයත්" දේශපාලනිය හා බලය පිළිබඳව පෙන්වා දෙන "සමාජ ආර්ථික ක්‍රමයේත්" එකතුවකි.

ආර්ථික විද්‍යාවේ සමාජීය කෝණයකින් බලන විට ආණ්ඩුවෙන් හෝ පරිපාලන ආයතනයකින් වන දේශපාලනික තීරණ එයට බලපායි. එනමුත් ප්‍රතිපත්ති සම්පාදකයෝ හා ඉහළ පෙල නිලධාරින් තමන්ගේ අභිමතය පරිදි ආර්ථික ක්‍රමය වෙනස් කරයි. මෙහිදි ආර්ථික සංකල්ප මගින් ඔවුන්ගේ වගකිම් සීමා නොකරන න්‍යාය පත්‍ර හා ආචාර ධර්ම මාලා හඳූන්වා දෙයි. ආර්ථික සංකල්ප හා දේශපාලනයට ආදාළ ආර්ථික ක්‍රමයේ සමානාතාවයක් ලෙස අව්‍යාජ ආර්ථික ප්‍රතිපත්තිවල විකෘතිව ඇති හෝ නොපෙනන කොටස් වලට අවදානය යොමු කිරීමට මෙම විකෘති වු න්‍යායාන් නිසා සමාජීය වැඩ මුළු හා ආචාරධර්මයන් සැකසීමේදි පැටලැවිලි සහගත බවත් ඇති කරයි.

මහ බැංකුවේ ස්වාධීන බව මගින් එහි ප්‍රතිපත්ති සාර්ව ආර්ථිකය පාලනය කරනු ලබයි. එමෙන්ම වැරදි ආර්ථිකයේ අඩංගු කරුණු හා විවේචනයන් පිලිබඳ අවධානය යොමු වේ.

සංකල්ප දක්වන්නා හ ආර්ථිකය

උදාහරණයක් ලෙස කාල් මාක්ස්ගේ (Karl Marx) 19 වැනි සියවසේ කටයුතු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සියවසේ අනුබල දිමට සිදුකළ කටයුතුත් සීත යුද්ධ කාලයේ ධනේෂ්වර වාදය හා සමාජවාදය අතර වාදයන් , ආර්ථික විද්‍යවේ ප්‍රතිඵලය ලෙස ගත හැකිය. කල්පිතයන් පරිකෂාවට ආර්ථික විද්‍යාව දායක කර නොගැනීමට මෙය හේතුවක් විය හැකිය. ආර්ථික ක්‍රමයන්ගේ ක්‍රියාකාරිත්වය හා ඵලවිපාකයන් පිළිබඳ ආර්ථික විද්‍යාවේදි හැදෑරුවත් ඒ ඒ ක්‍රමයන් මගින් ඒ පිළිබඳ මතයක් ඵල නොකරයි.

උදා. ආර්ථික අධිකාරිත්ව ක්‍රමයක් පරික්ෂාව‍, සමාන ක්‍රමවේදයන් පරික්ෂා කිරීම මෙන්ම ග්‍රෝත්‍ර ක්‍රමයෙන් පරික්ෂාවද ගත හැකිය.

මතවාද හා ආර්ථික විද්‍යාව

උදාහරණයක් ලෙස 21වන ශත වර්ෂයේ බලත්කාරයෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රවර්ධනයන්ට සහාය වීම කලහැකිවීම සහ කාල් මාක්ස්ගේ 19 වන ශත වර්ෂයේ ක්‍රියාකාරකම් හෝ ආර්ථිකයේ ගැටළු ලෙස ධනවාදය හා කොමියුනිට්ස් වාදය පිළිබඳ ශීත යුද්ධ යුගයේ වාදය දැක්විය හැක.

ආර්ථිකය මෙවැනි සාරධර්ම/අගයන් පිළිබඳ හිමිකම් පෑම නොකලත්, අනුභාවික නිරීක්ෂණය (empirical observation) සහ කල්පයන් පරීක්ෂා කිරීම මත පදනම් නොවී ආර්ථිකය සංජානනය වීමට මෙය එක් හේතුවක් වියහැක. සමාජ විද්‍යාවක් වශයෙන් ආර්ථික විද්‍යාවෙන් අරමුණු කිරීමට උත්සාහ කරනුයේ නිරීක්ෂණය කලහැකි ප්‍රතිවිපාකයන් හා සාරධර්ම පද්ධතිය පිළිබඳ යම් විනිශ්චයක් නැති එහෙත් විවිධ ආර්ථික පද්ධතින්හි කාර්යක්ෂමතාවයයි. උදාහරණයක් ලෙස සාධාරණාත්මකභාවය පිළිබඳ කිසිදු විනිශ්චයක් නොකරන අධිකාරිත්ව පද්ධතිය, සමානාත්මතා පද්ධතිය හෝ කුල පද්ධතිය ගැන පරීක්ෂා කිරීම පෙන්වා දියහැක.

විශේෂීකරණය සහ ශ්‍රමවිභජනය

භාණ්ඩ නිෂ්පාදනයේදී දක්නට ලැබෙන විශේෂීකරණය ආර්ථික සංවිධානයන්හි සෑම තැනකම දක්නට ලැබෙන ලක්ෂණයකි. ආර්ථික කාර්යක්ෂමතාවයට හා තාක්ෂණයේ වර්ධනය සඳහා එහි ඇති දායකත්වය බොහෝ කලෙක සිට පෙනෙන්නට තිබූ දෙයකි.ගොවිපොලවල නෂ්පාදන ආයතනවල සේවා සපයන්නන් තුළ හා ආර්ථික රටාවන් ආදියෙහි ඇති විවිධාකාර නිමැවුම් මෙයට ඇතුළත් වේ. මේ සෑම නිෂ්පාදන ක්රමයක්ම

• නිෂ්පාදන ප්රේයත්නයේ කොටසක් ලෙස සෑම සේවකයකුටම වෙන් වු කාර්යභාරයක් හෝ විශේෂිත කාර්යක් සමග අනුරූපී ශ්රම විභජනයක්

• අනුරූපීව වෙනත් ආකාරයේ ප්රාග්ධන උපකරණ සහ එකිනෙකට වෙනස් භූමි භාවිතයන් දක්නට ලැබේ.

ඇඩම් ස්මිත් ගේ ජාතීන්ගේ ධනය (1776) කෘතිය ශ්රිම විභජනයේ ප්රතිලාභයන් පිළිබඳව කථා කරයි. මෙම පොත් පෙලෙහි මුල් පොතේ ඇති ප්රධාන විෂයකි. යම් පුද්ගලයකුට සිය ශ්රමය හෝ වෙනත් සම්පත් ඉතාම හොඳින් භාවිතා කළ හැක්කේ කෙසේද යන කරුණ යමෙකු යම් සම්පතක් ආයෝජනය කිරීමේදී උදාහරණයක් ලෙස භූමිය හෝ ශ්රමය, එය කළ යුත්තේ එහි උපරිම ප්රතිලාභ අයුරින් යැයි ස්මිත් අවධාරණය කරයි. එහි ප්රතිඵලයක් ලෙස යම් සම්පතක් කුමන ආකාරයකින් භාවිතා කළද ලැබෙන ප්රිතිලාභ සමාන අනුපාතයක් විය යුතුය. (ඒ ඒ ව්යවසායයන්හි ඇති අවදානමට සාපේක්ෂව වෙනස් විය හැක.) එසේ නැතිනම් එම සම්පත් වෙනත් දෙයක් සඳහා යෙදවීමට සිදුවනු ඇත. මෙම අදහස ආර්ථික න්යානයේ කේන්ද්රිතය ප්රස්තුතය ලෙස ජොර්ජ් ස්ටිග්ලර් ලියුවේය. 1766 දී ප්රංපශ ජාතික ආර්ථික විද්යාඥයකු වූ ‘ටර්හොට්’ ද මෙම අදහස පලකොට ඇත.

වඩාත් සාමාන්ය වචන වලින් ප්ර කාශ කරන්නේ නම්, නිමැවුම්වල මිල සහ ඵලදායීතා යෙදවුම් ඇතුළු වෙළඳපොල දිරි ගැන්වීම්, නිෂ්පාදන සාධකයන් කුමක් සඳහා යොදවන්නේ දැයි තෝරනු ලබන්නේ සංසන්දනාත්මක වාසියක් මගින් බව සිද්ධාන්තයක් ලෙස සටහන්ව ඇත. එහෙයින් (සාපේක්ෂව) යම් නිමැවුමක ආවස්ථික පිරිවැය අඩුවෙන් ගැනීමට අඩු පිරිවැය යෙදවුම් යොදා ගනු ලැබේ. නිෂ්පාදන ක්රිදයාදාමයේ දී අඟුරු නිෂ්පාදනයක් හෝ අඟුරු නිර්මාණයක් ලෙස සමස්ත නිමැවුම් ප්රමාණය ඉහළ යයි. වඩා ඉහළ අගයක් ඇති නිමැවුමක් තවත් නිමැවුම් වෙනුවට අලෙවි කිරීමෙන් වෙළඳ ප්රථිලාභ ලබා ගැනීමට සම්පත් හිමියන්ට අවස්ථාව සැලසේ. මෙවැනි නිෂ්පාදන විශේෂීකරණයක් වෙළඳ ප්රථිලාභ අවස්ථා ජනනය කරනු ලබයි.

ආචීර්ණ කල්පිත ආර්ථික විද්‍යාව (Classican Economics)

1776 දී ප්‍රකාශයට පත් වූ ඇඩම් ස්මිත්ගේ ජාතීනගේ ධනය කෘතියේ ආර්ථික විද්‍යාවේ මූලාරම්භය වෙන් වූ පුහුණුවක් ලෙස විස්තර කර ඇත.මෙම පොතෙහි භූමිය ,ශ්‍රමය හා ප්‍රාග්ධනය යන ප්‍රධාන නිෂ්පාදන සාධක තුන හඳුනාගෙන ඇත. ස්මිත්ගේ විග්‍රයට අනුව‍ පොදු ජනයාගේ ආර්ථික අව්‍යතා ස්වයංක්‍රීයව සපුරාලන ස්වයංපාලිත වෙළඳපොළ කුමයක් වඩා හොඳ ආර්ථිකයක් ලෙස හඳන්වා ඇත ඔහු වෙළඳපොළ යාන්ත්‍රණය අදෘෂ්‍යමාන තත්වයක් වශයෙන් හඳුන්වා ඇති අතර එය පුද්ගලයන්ට ඔවුනගේ අවශ්‍යතා ලුහු බැඳයාමට මඟ පෙන්වීමක් සිදු කරයි. සමස්ථයක් වශයෙන් මෙසේ සමාජයට විශාල වාසියක් සිදු කරනු ලබයි. ස්මිත් රාජ්‍ය නිර්බාධකරණය ඇතුළු පිසියෝක්‍රැට් (Physiocrats) අදහස් ඔහුගේ ආර්ථික න්‍යායන් සමඟ ඒකාබද්ධ කරනු ලදී. නමුත් කෘෂිකර්මය පමණක් ඵලදායි යන අදහස ප්‍රතික්ෂේප කරන ලදී.

ඔහුගේ ප්‍රසිද්ධ අදෘෂ්‍යමාන හස්ත න්‍යායේදී ඔහු පටු අවශ්‍යතා මගින් මෙහෙය වනු ලැබුවත් තරඟකාරී වෙළඳපොළවල් පුළුල් වූ සමජ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කරන ලද වැනි පරස්පර විරෝධි සංකල්ප සමඟ තර්ක කරන ලදී. ස්මිත් විසින් ආරම්භ කරන ලද මෙම සාමාන්‍ය ලගා වීම මුලදී දේශපාලන ආරථික විද්‍යාව ලෙසත් පසු කාලයේදී ආචීර්ණ කල්පික ආර්ථික විද්‍යාව ලෙසත් හඳුන්වන ලදී. එහි 1770 සිට 1870 දක්වා Thomas Maithus, Davit Ricardo සහ John Stuart Mill වැනි අය විසින් ලියන ලද සැළකිය යුතු දෑ අන්තර්ගත විය.

ඇඩම් ස්මිත් නිෂ්පාදන ආදායම කෙරෙහි අවධානය යොමු කරන අතරතුරදී ඩේවිඩ් රිකාඩෝ ඉඩම් හිමියන්, ශ්‍රමිකයින් හා ප්‍රාග්ධන හිමියන් අතර ආදායම බෙදී යන ආකාරය සලකා බලන ලදී. මෙහිදී ඔහු ඉඩම් හිමියන් හා ශ්‍රමිකයින් ඇතුළු ප්‍රාග්ධන හිමියන් අතර පවතින ආවේනික ගැටුමක් අවබෝධ කර ගන්නා ලදී ඔහුගේ මතය වූයේ වැඩිවන ජනගහනය හා ප්‍රාග්ධනය නිසා ස්ථාවර සැපයුමක් සහිත භූමියේ ඉල්ලුම වැඩිවන බවයි. මේ තුළින් බදු කුලිය ඉහළට තල්ලු කිරීමක් හා ලාභ සහ වැටුප් පහතට තල්ලු කිරීමක් සුදු වේ. Thomas Robert Malthus විසින් හීනවන ඵල න්‍යාය පහළ ජීවන තත්වය පැහැදිළි කිරීම සඳහා භාවිත කරන ලදී. ජනගහණය වැඩි වීමේදී ඊට සමගාමීව ආහාර නිෂ්පාදනය වැඩි කළ යුතු බව ඔහුගේ අදහස විය. සීමාසහිත භූමි ප්‍රමාණයක් තුළ ඉක්මනින් සිදු වන ජනගහණ වර්ධනය ශ්‍රමිකයන්ට හීනවන ඵල ඇති කිරීමට හේතු වේ. මේ තුළින් කල් යෑමේදී ශ්‍රමිකයන්ගේ වැටුප් පහල ගොස් ජීවන තත්වය පහල වැටීමට හේතු වේ. Malthus විසින් වෙළඳපොළ ආර්ථිකයක් තුළ සිදු වන ස්වයංක්‍රීය නැමියාව (Automatic Tendency) පූර්ණ සේවා නියුක්තිකයක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව ප්‍රශ්න කරන ලදී. ඔහු ආරථික නැමියාවක් තුළ පවතින විරැකියාවට දැඩිලෙස දෝෂාරෝපණය කරන ලදී. John Maynard Keynes එම න්‍යාය යළි නඟා සිටු වන තෙක් එය සමාජයෙන් තුරන් වි තිබේය. ආචීර්ණ කල්පික සම්ප්‍රදායේ අවසානයට පැමිණීමේදී John Stuart Mill විසින් අතීත ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද වෙළඳපොළ ක්‍රමය තුළ සිදුවන වැළැක්විය නොහැකි ආදායම් ව්‍යාපෘතිය සමඟ මඳ වශයෙන් එකඟ විය. Mill විසින් වෙළඳපොළ මගින් සිදු කරන ප්‍රධාන කාර්යයන් දෙක හඳුනා ගන්නා ලදී.එවා නම් සම්පත් බෙදා වෙන් කිරීම හා ආදායම ව්‍යාප්ත කිරීම මෙහිදී වෙළඳ සම්පත් බෙදා වෙන් කිරීම කාර්යක්ෂමව සිදු කරති. ආදායම් බෙදා හැරිම කාර්යක්ෂමව සිදු නොකරන බව ඔහුගේ මතය විය.

ආර්ථික විද්‍යාවේ අනෙකුත් ගුරුකුලයන් හා ප්‍රවේශයන්

ලෝකය පුරාම හඳුනාගැනීමට ලක්වූ ආර්ථික විද්‍යාවේ සුවිශේෂී රටාවන් කෙරෙහි අවධානය යොමු කල අනෙකුත් ව්‍යාපාරික ගුරුකුලයන් නොඑසේනම් නව චින්තන ප්‍රවනතාවයන් බිහි කල විද්වතුන්/ශාස්ත්‍රඥයින් ලෙස ඕස්ට්‍රියානු ගුරුකුලය (Austrian School) චිකාගේ ගුරුකුලය (Chichago School) ෆේරේබර්ග් ගුරුකුලය (Freiburg School), ලෝසෑන් ගුරුකුලය (School of Lausanne) සහ ස්ටොක්හොල්ම් ගුරුකුලය (Stockholm School) යනාදිය හඳුන්වාදිය හැක.

සාර්ව ආර්ථික විද්‍යාව තුළ, සාහිත්‍යයේ නිරූපණය වන ආකාරයට පොදු අනුපිළිවෙළක් පවතී. සාම්ප්‍රදායක ආර්ථික විද්‍යාව, කේන්සියානු ආර්ථික විද්‍යාව, නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව, සැපයුම් අංශයේ ආර්ථික විද්‍යාව, නව විකල්ප සංවර්ධනයන් වලට අන්තර්ගත වන්නේ පාරිසරික ආර්ථික විද්‍යාව, පරිණාමවාදී ආර්ථික විද්‍යාව, පරායත්ත න්‍යාය, ව්‍යුහවාදී ආර්ථික විද්‍යාව සහ ලෝක පද්ධති න්‍යාය.

ආර්ථික විද්‍යාවේ (ආර්ථික විද්‍යාව පිළිබඳ) ඵෙතිහාසික නිර්වචනයන්

දේශපාලන ආර්ථිකය පිළිබඳ අතීත සාකච්ඡාවන් සම්බන්ධවූයේ “ධනය” සමඟිනි. මේ සම්බන්ධයෙන් විමසා බලන කළ David Hume (ඩේවිඩ් හියුම්) සහ Adam Smith (ඇඩම් ස්මිත්) වැදගත් වේ. හියුම් තර්ක කළේ වැඩිවූ නිෂ්පාදකයකින් තොර අතිරික්ත තේ මිල ගණන් ඉහළ නැංවීමට පමණක් දායක වන බවයි. ස්මිත් සත්‍ය ධනය විස්තර කළේ ”රත්රන් සහ රිදී” යන අතීත පද භාවිතා කරමින් නොව, සමාජයේ භූමිය හා ශ්‍රමය යන ඒවායේ වාර්ෂික නිෂ්පාදන යනාදී වශයෙනි.

John Stuart Mill (ජෝන් ස්ටුවර්ට් මිල්) ආර්ථීක විද්‍යාව නිර්වචනය කළේ ධනය නිපදවීමේ (නිර්මාණය කිරීමේ) හා බෙදා හැරීමේ ප්‍රායෝගික විද්‍යාව ලෙසයි. මෙම නිර්වචනය Concise oxford ඉංග්‍රීසි ශබ්දකෝෂයෙන් උපුටාගන්නා ලදී. එසේ වුවත්, පරිභෝජනයේ ඉතා වැදගත් හා අත්‍යාවශ්‍ය භූමිකාව එහි ඇතුලත් නොවේ. ඔහුට (Mill) ධනය යන්නෙන් අදහස් වූයේ වැදගත් දේවල් වල තොගයක් ලෙසයි.

”ධනය” යනාදී වශයෙන් නිර්වචනය වන්නා වූ මෙම විෂයේ නිර්වචනය මඟින් අවධාරණය කරන්නේ නිෂ්පාදනය සහ පරිභෝජනයයි. විවේචනයන් මඟින් මෙම අවධාරණය, ඉතා පටු බවට චෝදනා එල්ල කරන ලදී. උදාහරණයක් ලෙස John Ruskin (ජෝන් රස්කින්) දේශපාලන ආර්ථිකය හැදින්වූයේ ”ධනවත්” වීමේ විද්‍යාව ලෙසයි.

පසුකාලීන පුළුල් නිර්වචනයන් වලට ධනය නොව, පුද්ගලයා, පුද්ගල ක්‍රියාකාරකම්, පුද්ගල සුභසාධනය යනාදිය අන්තර්ගත විය. 1980දී ඇල්ෆ්‍රඩ් මාෂල් (Alfred Marshall) විසින් ඔහුගේ ”ආර්ථික විද්‍යාවේ මූලධර්ම” ග්‍රන්ථයේ සඳහන් කළේ, ”දේශපාලන ආර්ථික විද්‍යාව යනු, ජීවිතයේ සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලදී පුද්ගල වර්ගයා පිළිබඳ කරන අධ්‍යයනයක් ලෙසයි. එසේම එමඟින් පරීක්ෂා කරනු ලබන්නේ පුද්ගලයාගේ අංශයන් සහ ඔහුගේ අත්පත් කරගැනීමේ/ළඟාකර ගැනීමේ සමඟ සමීප සම්බන්ධ වන සමාජ ක්‍රියාකාරකම් හා මනා යහපැවැත්මක් සඳහා වන ද්‍රව්‍යාත්මක අවශ්‍යතාවයන්ගේ භාවිතයයි.]]

ආර්ථික විද්‍යාවේ තර්ක ශාස්ත්‍රය

ආර්ථික විද්‍යාව සමකාලීන ක්ෂේත්‍රයක් ලෙස බරපතල තර්ක විලාසයක් මත රඳා පවතී. අනෙක් න්‍යායන්ට වඩා විස්තර කිරීමේ හැකියාව අතින් වඩාත් සරල, ඵලදායී හා විශ්වසනීය වන න්‍යායන් ක්‍රමවත්ව සකස් කිරීම මෙහි අරමුණුවලට ඇතුළත් වේ. මෙහිදී පැහැදිලි කිරීමට ඇති විචල්‍යයේ සම්බන්ධතාවයන් වෙන්කර ගැනීම සඳහා විශ්ලේෂණය සැමවිටම සරල ආකෘතියකින් ආරම්භ කරනු ලබයි. එසේම, "අනෙකුත් දෑ ස්ථාවරයි" යන උපකල්පනය මගින් විශ්ලේෂණයේ සංකීර්ණ බව අඩු කළ හැකිය. උදාහරණ ලෙස, මුදල් ප්‍රමාණවාදී න්‍යාය මගින්, අනෙකුත් දෑ ස්ථාවරව පවතින විට මිල මට්ටම හා මුදල් සැපයුම අතර සම්බන්ධතාවයක් ඇතැයි උපකල්පනය කරයි. දළ දේශීය නිෂ්පාදිතය සඳහා වන මිල දර්ශකය හා මුදල් සැපයුමේ මිණුමක් වැනි ආර්ථික තොරතුරු භාවිතා කර ගොඩ නගන ලද මෙම න්‍යාය පරීක්ෂාවට ලක් කළ හැකිය. පාලිත පරීක්ෂණයක් නොකරනවිට, වෙනත් ආකාරයේ පැහැදිලි කිරීම්වලටද ඉඩහැර අනෙකුත් විචල්‍යවල බලපෑම සඳහා ගැලපීමට ආර්ථික මිථික ක්‍රම මගින් ඉඩ සලසාදෙයි. ඉතාම මෑතකදී ආර්ථික විද්‍යාවේ පර්යේෂණ ක්‍රම භාවිතය‚ ආර්ථික විද්‍යාවේ සමහර ස්වභාවික විද්‍යාවල පෞරාණිකව සටහන් වු මුහුණුවරට අභියෝග කරමින්‚ විශාල ලෙස පුළුල් විය.

සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා ආකෘතිවල තර්කනයේ විවරණයන් මගින්, න්‍යාය සම්බන්ධතා නිරූපනය කිරීම සඳහා ද්විමාණ ප්‍රස්තාර භාවිතා කරනු ලබයි. සාමාන්‍යකරණයේ ඉහළ තලයකදී පෝල් සැමුවෙල්සන්ගේ ආර්ථික විශ්ලේෂණයේ පදනම (1947) ප්‍රත්‍යක්ෂ මූල දත්ත මගින් නිශ්ප්‍රභා කළ හැකි‚ අර්තවත් ආර්ථික විද්‍යා සිද්ධාන්ත පරීක්ෂා කිරීමට‚ ගණිතමය ක්‍රම යොදාගන්නේ කෙසේදැයි පෙන්වා දෙයි. එවැනි අදහස් න්‍යාය පරීක්ෂා කිරීම සඳහා අවකාශ ලබාදෙයි.

ඇතැම් පුද්ගලයන් ගණිතමය ආර්ථික විද්‍යාව ප්‍රතික්ෂේප කරයි. සරල තර්කයකට ඔබ්බෙන් වන ඕනෑම දෙයක් ආර්ථීක විශ්ලේෂණයට අනවශ්‍යය හා නුසුදුසු වේ යයි ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යා ගුරුකුලය තර්ක කරයි. සැබෑ ලෝකයේ සංසිද්ධීන් විස්තර කිරීමේ කල්පිත නිගාමී ක්‍රමය ඇතුළත්ව තවමත් ආර්ථික විද්‍යාව විශිෂ්ඨ සමුච්චිත සූත්‍රකරණ සංකල්ප හා ක්‍රම යොදා ගනී. දෙවැන්නට උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යා අන්තරාය ලෙස ඇතැම්විට හඳුන්වන ආර්ථික විද්‍යා නොවන ක්ෂේත්‍ර කරා සූක්ෂම ආකාරයෙන් ආර්ථික විද්‍යාව විස්තාරණය කිරීම දැක්විය හැකිය.

ශීර්ෂ පෙළ

සැපයුම සහ ඉල්ලුම

සැපයුම් සහ ඉල්ලුම ආකෘතිය, භාණ්ඩ සුලබතාවය හා ඉල්ලුම අතර පවතින තුල්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස මිළ වෙනස්වන්නේ කෙසේදැයි විස්තර කරයි. D1 සිට D2 දක්වා වූ ඉල්ලුමෙහි වර්ධනයක් ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. (දකුණට විතැන්වීමක්) ඒ සමඟම ප්‍රතිඵලයක් ලෙස, සැපයුම් වක්‍රය නව සමතුලිත ලක්ෂ්‍යයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයෙන් සහ මිලෙහි වැඩි වීමක් ද පෙන්නුම් කරයි. / වෙළඳපොළ ආර්ථිකය තුළ විකුණු භාණ්ඩවල මිළ හා විකුණුම් ප්‍රමාණයන් වෙනස් වීම විස්තර කිරීමට උපයෝගී කරගන්නා සංවිධිත මූලධර්මයන් ඉල්ලුම් - සැපයුම් සිද්ධාන්තය. ක්ෂුද්‍ර ආර්ථිකයේ දී එය, පූර්ණ තරඟකාරී වෙළඳ පොළක මිළ සහ නිමැවුම් ප්‍රමාණය නිර්ණය කිරීම හා බැ‍ඳේ. මෙය අනෙකුත් වෙළඳපොළ ව්‍යුහයන් ගේ ආකෘතීන් හා වෙනත් සෛද්ධාන්තික ප්‍රවේශයන් සඳහා අච්චුවක් සේ සේවය කොට ඇත.

මිළදී ගැනීමට සූදානම් සියළු අපේක්ෂිත ගැනුම්කරුවන්ගේ ප්‍රමාණය පෙන්නුම් කරයි. ඉල්ලුම සෑමවිටම මිළ හා ඉල්ලුම් ප්‍රමාණය සම්බන්ධ කොටගත් ප්‍රස්ථාරයක් හෝ වගුවක් මඟින් පෙන්නුම් කරයි. (කොටු තුළ රූප සටහන බලන්න). ඉල්ලුම් සිද්ධාන්තය එක් එක් පාරිභෝගිකයා විස්තර කරයි. මෙහි දී අහඹු‍ලෙස තෝරාගන්නා, එක් එක් භාණ්ඩයකින් මිළදී ගැනීම වඩාත් කැමති ප්‍රමාණය, ආදායම, මිළ පාරිභෝගික කැමැත්ත ආදිය සලකා බලනු ලැබේ. පෙළඹවීමෙන් ඇති කළ උපයෝගීතා උපරිමයනය මේ සඳහා යොදා ගත හැකි යෙදුමකි. (ඉල්ලුම සිමා කිරීම ලෙස ආදායම ගනිමින්) මෙහි දි උපයෝගීතාවය(කල්පිත)එක් එක් පාරිභෝගිකයාගේ කැමැත්ත ලෙස සැලකේ. එයින් පසු ඉල්ලුම් ප්‍රමාණය මත මිළෙහි වනස්වීම සඳහා බලපාන “ආකෘතික කල්පිත ලක්ෂණයන්” ලෙස උ‍පයෝගීතාවය හා ආදායම ප්‍රයේජනයට ගනු ලැබේ. යම් වෙළඳ පොළක පොදු වශයෙන් ඉල්ලුම් ප්‍රමාණය හා මිළ ප්‍රතිලෝමව බැඳී ඇති බව ඉල්ලුම් නියාමයෙන් ප්‍රකාශ කරයි. නෙත් වචනවලින් පවසන්නේ නම්, භාණ්ඩය මිළ ඉහල යන්න යන්න මිනිසුන් එම භාණ්ඩය මිලදී ගන්නට දක්වන කැමැත්ත හා මිළ දී ගැනීමේ හැකියාව අඩු වෙයි(අනෙක් සාධක නොවෙනස්ව තිබියදී). භාණ්ඩයක මිල ඉහල යනවිට සමස්ථ මිලදි ගැනීමේ හැකියාව අඩු වෙයි.(ආදායම් ආචරණය) එමෙන්ම පාරිභෝකයින් අඩු මිළ භාණ්ඩ වෙතට යොමු වෙයි. (විකල්ප භාණ්ඩ ආචරණය) වෙනත් සාධක ද ඉල්ලුම කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය. උදාහරණ ලෙස රූපයේ දැක්වෙන පරිදි, ආදායම් වැඩිවීමක දී ඉල්ලුම් චක්‍රය මුල් පිහිටීමේ සිට බැහැරට විතැන් විය හැක. භාණ්ඩයක මිළ සහ එම මිළේ දී සැපයුම්කරුවන් (නිෂ්පාදකයන් වැනි) ලබාගත හැකි භාණ්ඩ ප්‍රමාණය අතර සබඳතාවය ඉල්ලුමයි. දෙනු ලබන භාණ්ඩ ප්‍රමාණයක් සහ මිළ අතර සබඳතාවය දැක්වෙන ප්‍රස්ථාරයක් හෝ වගුවක් ප්‍රයෝජනයට ගනිමින් ඉල්ලුම සැමවිට පෙන්නුම් කරයි. නිෂ්පාදකයෝ ලාභ උපරිම කරන්නන් ලෙස උපකල්පනය කරනු ලැබේ. එහි තේරුම නිෂ්පාදකයෝ ඔවුන්ගේ ලාභය උපරිම කරන ප්‍රමාණය නිපදවීමට සැමවිට පෙළඹෙන බවයි. සම්ප්‍රදායක්‍ලෙස සැපයුම, ලබාදෙනු ලබන භාණ්ඩ ප්‍රමාණය සහ මිළ අතර සෘජුව සමානුපාතික සබඳතාවයක් ලෙස දක්වනු ලැබේ. (අනෙක් සාධක නොවෙනස්ව ඇත) ඉහල මිළකදී නිෂ්පාදනය වැඩි කිරීම ලාභදායී වේ. සමතුලිත ලක්ෂ්‍යයට පහල මිළක දී , ඉල්ලුම්කරණ ප්‍රමාණය සමඟ සැසදීමේ දී සපයනු ලබන ප්‍රමාණයේ හිඟයක් පවතී. මෙය මිළ ඉහල නංවයි. සමතුලිත ලක්ෂ්‍යයට ඉහල මිළ දී ඉල්ලුම් කරන ප්‍රමාණයට සාපේක්ෂව සැපයුම් ප්‍රමාණයේ අතිරික්තයක් ඇත. මෙය මිළ පහලට ඇද දමයි. ඉල්ලුම් ප්‍රමාණය හා සැපයුම් ප්‍රමාණය සමාන වන අවස්ථාවේ දී මිළ හා ප්‍රමාණය ස්ථායීන වන බව දෙන ලද ඉල්ලුම් සැපයුම් වක්‍රයක් ආකෘතිය පුරෝකථනය කරයි. ඉහත ප්‍රස්ථාරයේ මෙය වක්‍ර දෙක ඡේදනය වන ස්ථානයේ පිහිටා ඇත. එය වෙළඳපොළ සමතුලිත ලක්ෂ්‍යයයි.

සපයන ලද භාණ්ඩ ප්‍රමාණයක ඉල්ලුම් වක්‍රයේ මිළ ලක්ෂ්‍යය, සෑම නිමැවුම් ඒකකයේ පාරිභෝගිකයාට ඇති ආන්තික උපයෝගීතාවය සහ වටිනාකම පෙන්නුම් කරයි. එය අදාල භාණඩ ඒකකය සඳහා පාරිභෝගිකයා ගෙවීමට සූදානම් කුමක්දැයි මැනීම සිදු කරයි. ඉල්ලුම් වක්‍රය මත මිළ ලක්ෂ්‍යය අදාල භාණ්ඩ ඒකකය සඳහා සැපයුම්කරුට දැරීමට සිදුවන මුළු පිරිවැය වැඩිවීම හෙවත් ආන්තික පිරිවැය මනිනු ලබයි. සමතුලිත ලක්ෂ්‍යයේ දී මිළ, ඉල්ලුම හා සැපයුම විසින් තීරණය කරනු ලැබේ. පූර්ණ තරඟකාරී වෙළඳ‍පොළක දී ඉල්ලුම සහ සැපයුම විසින් සමතුලිත ලක්ෂ්‍යයේ දී පිරිවැය සහ අගය සමාන කරයි. / සාධක වෙළඳපොළ හරහා ශ්‍රමය සහ ප්‍රාග්ධනය ඇතුළු නිෂ්පාදන සාධක වෙත ආදායම් බෙදීයාම පිළිබඳ ආකෘතියක් නිර්මාණය කිරීමට ඉල්ලුම සහ සැපයුම ප්‍රයෝජනයට ගත හැකිය. උදාහරණයක් ලෙස ශ්‍රම වෙළඳපොලේ රැකියා නියුක්ත ශ්‍රමික ප්‍රමාණය හා ශ්‍රමයේ මිළ (වැඩුප් පරිමාව) ශ්‍රමය සඳහා ඇති ඉල්ලුම (ව්‍යාපාරික ස්ථාන ආදියෙන් නිෂ්පාදනය සඳහා) සහ ශ්‍රම සැපයුම (ශ්‍රමිකයන්ගෙන්) විසින් සකසා ඇති පිළිඹිබු වේ.

පූර්ණ තරඟකාරී වෙළඳ පොළ හැසිරීම විස්තර කිරීමට ඉල්ලුම සහ සැපයුම ප්‍රයෝජනයට ගනී. නමුත් ඒවායේ ක්‍රියාකාරීත්ව‍ෙය් ප්‍රමිතියක් ලෙස ඇති ප්‍රයෝජනය ඕනෑම ආකාරයේ වෙළඳපොළක් දක්වා පුළුල් වේ. ඉල්ලුම සහ සැපයුම සමස්ත ආර්ථිකයේම යෙදවෙන විචල්‍යයන් පැහැදිලි කිරීමට ද සාමාන්‍යකරණය කළ හැකිය. උදාහරණයක් ලෙස සාර්ව ආර්ථිකයේ අධ්‍යයනය කෙරෙන සමස්ත නිමැවුම් ප්‍රමාණය සහ සාමාන්‍ය මිළ මට්ටම ගත හැකිය.

උපකල්පනයන් විවේචනය

ආර්ථිකය පිළිබඳ ආර්ථික විද්‍යාඥයින් මඟින් යොදා ගන්නා සමහර ආකෘතින් විවේචනය වෙමින් පවතින අතර, සමහර විට එය අනෙකුත් ආර්ථික විද්‍යාඥයින් විසින් ඔවුනගේ අතාත්වික විශ්වාසය, නිරීක්ෂණය කළ නොහැකි, නිවැරදි කළ නොහැකි උපකල්පනයක් නිසා සිදුවන දෙය විය හැක. මෙවැනි විවේචනයන් සඳහා එක් ප්‍රතිචාරයක් වනුයේ වැදගත් නොවන තොරතුරු තුළින් ගත් වියුක්ති අදහස් මඟින් අතාත්වික උපකල්පන ප්‍රතිඵල නිසා සහ එවැනි වියුක්ති අදහස් සංකීර්ණ ලෝකයට අවශ්‍ය වන අතර එමඟින් අදහස් කෙරෙනුයේ අතාත්වික උපකල්පනයන්ට වඩා එකඟ විය හැකි ආර්ථික විද්‍යා දැණුමෙහි වටිනාකමයි. එවැනි උපකල්පන ආර්ථික විද්‍යා දැනුම සඳහා අත්‍යවශ්‍ය වේ. එක් අධ්‍යනයක්, මෙම විස්තර කිරීම “වියුක්ති අදහස් සාධාරණීකරණය ("abstractionist defense") නිගමනය කළේය. මෙහි “වියුක්ති අදහස් සාධාරණීකරණයන් අතාත්වික උපකල්පනයන් විවේචනයන්ට වලංගු නොවේ. කෙසේ වුවත් සටහන් කිරීමට වැදගත් දේ නම් පාසල්වල බහුතරයක් මෙම ක්ෂේත්‍රයේ සිටින අතර ආර්ථික විද්‍යා කරුණුවල පොදු එකඟතාවට එහා ගිය සහ විවිධ විකල්ප ක්ෂේත්‍ර කියා සිටින්නේථ මෙහි වඩාත් නිරීක්ෂණයන්ගේ පරීක්ෂණයක් පාදක කොට ගත් සාධාරණීකරණය කළ ඇතුළාන්තයක් ඇති බවයි.

විසංවාදී විවේචකයන්

ආර්ථික විද්‍යාව යනු වෙනස් වූ අධ්‍යාපන අංශ හා කාලීන අදහස්වලින් සමන්විත වූ අධ්‍යයන ක්ෂේත්‍රයකි. එහි ප්‍රතිඵලයක් ‍වශයෙන් අදහස්වල ව්‍යාප්තිය, විවිධ න්‍යායන් හා ප්‍රවේශයන් පවතී. සමහර විට එළඹී ඇති ප්‍රතිවිරුද්ධ අවසානයන් හෝ මෙම මතයන්ට ගැබ් වූ උපකල්පනයන්හි වෙනස්කම් හේතුවෙන් මේවා එකිනෙකට පරස්පර විරෝධී වේ.

සුභ සාධන හා හිඟකම පිළිබඳ ආර්ථික විද්‍යාවේ නිර්වචනයන්හි විවේචනයන්‍

ආර්ථික විද්‍යාවේ නිර්වචනයේ දී ද්‍රව්‍යමය භාෂිතය විවේචනය කරමින් පවතී. මෙයට හේතුව එය මුදල් හා ද්‍රව්‍යයන් පමණක් සීමා වීමයි. උදාහරණයක් වශයෙන් එමඟින් ද්‍රව්‍යමය නොවන ගුණාංග, එනම් වෛද්‍යවරයෙකුගේ සේවාව හෝ නැටුම්කාරයෙකුගේ සේවාව නොසලකා හැර තිබේ. සියලු භෞතික නොවන සේවාවන් සඳහා කෙරෙන ගෙවීම් නොසලකා හරිත වැටුප් න්‍යාය අසම්පූර්ණ වේ. සුභ සාධන කටයුතු ප්‍රමාණාත්මකව මිනිය නොහැකිය. එයට හේතුව මුදල්හි ආන්තික වැදගත්කම ධනවතුන්ගේ සිට දුප්පතුන්ට වෙනස් වීමයි. (සන්සන්දනාත්මක ලෙස සලකා බැලූ විට ඩොලර් 100 පොහොසත් පුද්ගලයෙකුට වඩා දුප්පත් පුද්ගලයෙකුගේ සුභ සාධනය සඳහා ඉතා වැදගත් වේ. මීට අමතරව මත්පැන්, දුම්කොළ වැනි භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම වැනි ක්‍රියාවන් මිනිසුන්ගේ සුභ සාධනය සඳහා යෝග්‍ය නොවේ. නමුත් මේ භාණ්ඩ මඟින් මිනිස් ස්භාවයන් වන මිනිස් අවශ්‍යතා සහ අශාවන් තෘප්තිමත් කළ හැකිය.

මාක්ස් ආර්ථිකයන් තවමත් කේන්ද්‍රීය කරනුයේ සුභසාධන අර්ථකථනයටයි. මීට අමතරව සමහර ආර්ථික විද්‍යාවේ ප්‍රචලිත විවේචනයන් කාලීන/ වර්තමාන ආර්ථික ක්‍රියාවන් මඟින් ප්‍රමාණවල් ලෙස සුභ සාධන මිනුම් කරන්නේ නැතැයි, තර්ක කිරීමට පටන් ගැණුනු අතර ඔවුන් පැවසුවේ එය සුභ සාධනයේ ප්‍රමාණවත් නොවූ ළඟා වීමක් මුදල් භාවිතයට ගෙන කෙරෙන කටයුත්තකට පමණක් කළ හැකි බවයි.

හිඟකම කේන්ද්‍රීය කරගත් නව සම්ප්‍රදායික ආර්ථික විද්‍යාව පාලනය කිරීමට ආරම්භ කරමින් පවතී. පිළිවෙලින් බොහෝ අධ්‍යයන ආර්ථික විද්‍යාව දෙපාර්තමේන්තු මඟින් මෙය බල පැවැත්වේ. එය මෑත අවුරුදුවල සිට සංස්ථායිත ආර්ථික විද්‍යාව සහ විප්ලවීය ආර්ථික විද්‍යා සහ අධික ග අතිරික්ත ආර්ථික විද්‍යාව ඇතුළු විවිධ වූ කොටස් මඟින් විවේචනය කරමින් පවතී.

ශ්‍රම වෙළඳපොල පිළිබඳ සාර්ව ආර්ථික විද්‍යාව

ශ්‍රම හමුදාව අර්ථදක්වා ඇත්තේ රැකියාවක් නොකරන එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින පිරිසේ එකතුවක් වශයෙනි. සහභාගීත්ව අනුපාත යන්නේ අදහස් වන්නේ වැඩකලහැකි වයසේ ජනගහනයේ ප්‍රතිශතයක්‍ ලෙස ශ්‍රම බලකායයි. ශ්‍රම බලකායට අයත් නොවන්නේ, රැකියා අපේක්ෂා නොකරන අය, සිරකරුවන්, මානසික රෝගීන්, ළමයින් තමාගේම නිවසේ සේවය කරන්නන් හා ආබාධිතයන් යන අයයි. විරැකියා මට්ටම අර්ථදක්වා ඇත්තේ සේවා නියුක්තිකයින් රහිතව ශ්‍රම බලකාය ලෙසයි. විරැකියා අනුපාතය අර්ථ දක්වා ඇත්තේ ශ්‍රම බලකාය ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයි‍න්ගේ ප්‍රමාණය ලෙසයි. සේවා නියුක්ත අනුපාතය අර්ථ දක්වා ඇත්තේ වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයිනගේ ප්‍රමාණය ලෙසයි. මෙම ගණනය කිරීම් වලදී ස්වයං රැකියාවල නිරතවූවන් ගණනය කර ඇත්තේ සේවා නියුක්තිකයින් ලෙසයි.

සේවා නියුක්ති මට්ටම, ශ්‍රම හමුදාව සහ නොපිරවුණු පුරප්පාඩු වැනි විචල්‍ය තොග විචල්‍ය යනුවෙන් හඳුන්වයි. එයට හේතුව එය නිශ්චිත කාලයකදී එයට අදාල ප්‍රමාණය මනින බැවිනි. මෙම තොග විචල්‍ය ප්‍රමාණ විචල්‍යයන්ගෙන් වෙනස්වේ. ප්‍රමාණ විචල්‍යයන් යනු නිෂ්චිත කාල පරිච්ජේදයක් තුලදී එයට අදාල ප්‍රමාණයන් මැනීමයි. ශ්‍රම හමුදාවේ සිදු වන වෙනස්වීම් වලට ස්වභාවික මර්ධන අනුපාතය, ශුද්ධ සංක්‍රමණ, ශ්‍රම හමුදාවේ සිදු වන බදවාගැනීම් හා විශ්‍රාම ගැනීම් ආදී ප්‍රමාණ විචල්‍ය හේතුවේ. විරැකියාවේ සිදුවන වෙනස්වීම් තීරණය වන්නේ විරැකියාවෙන් සිටින පුද්ගලයින් තම රැකියා අවස්ථා සොයා යාමත්, සේවා නියුක්තිකයින්ට ඔවුන්ගේ රැකියා අහිමිවී යාමත් වැනි කුළු ගැන්වීම් සහ රැකියා ලැබුණු පුද්ගලයින් හා රැකියා සෙවීම අත්හැරි පුද්ගලයින් වැනි පිටතට යාලායෑම් මතයි. සමස්ථ වශයෙන් සර්ව ආර්ථිකය දෙස බලන විට විවිධාකාරයේ විරැකියා තත්වයන් හඳුනාගත හැකිය.

  • ගැණුම් සේවා වියුක්තිය - මින් අදහස් වන්නේ මිනිසුන්ට නව රැකියා සොයා ගැනීමට හා ඒවායේ ස්ථාවර වීමට ගතවන කාලයයි. පුද්ගලයින් 12 දෙනෙකුගෙන් සෑම කෙනෙකුටම නව රැකියාවක් කිරීමට පෙර මාසයක කාලයක් සිටීමට සිදුවේනම් සමස්ථ විරැකියාව ගණනය කිරීමේදී මෙය සටහන් කරනුයේ එක් පුද්ගලයෙකු විරැකිය‍ාවේ සිටින ලෙසටයි. තාක්ෂණයේ සිදුවන වෙනස්වීම් නිතරම ගැටුම්සේවා වියුක්තිය අඩු කරයි. නිදසුනක් ලෙස අන්තර්ජාලය හරහා රැකියා සොයන්නන්ට පහසුකම් සලසා තිබීම දක්නට හැකිය.
  • ව්‍යුහාත්මක සේවා වියුක්තිය - මින් අදහස් වන්නේ ශ්‍රමිකයින්ගෙන් අපේක්ෂා කරන දේ සහ ඔවුන් සතුව පවතින කුසලතා හා උප ලක්ෂණ වල නොගැලපීමයි. සේවකයින් 4 දෙනෙකුට රැකියාව ආරම්භ කිරීමට පෙර නැවත පුහුණු වීමට මාස 6ක් ගතවේ නම් සමස්ථ විරැකියාව ගණනය කරන්නේ සේවා වියුක්තිකයින් දෙදෙනෙකු ලෙසයි. ක්ෂණික වෙනස්වීම් නිතරම ව්‍යුහාත්මක සේවා වියුක්තිය වැඩි කිරීමට හේතු වේ. නිදසුනක් ලෙස දෛනික වෙනස්කම් නිසා සේවකයන්ට නැවත පුහුණු වීමට සිදුවීම දැක්විය හැකිය.
  • ස්වාභාවික විරැකියා අනුපාතය - මෙය ගැණුම් සේවා වියුක්තිකයන් හා ව්‍යුහාත්මක සේවා ව්‍යුක්තියේ එකතුවකි. ස්ථායී ආර්ථිකයකට ළඟාවිය හැකි අඩුම විරැකියා අනුපාතය මෙයයි. ගැනුම්සේවා ව්‍යුක්තිකයින් හා ‍ව්‍යුහාත්මක සේවා ව්‍යුක්තිය අනිවාර්යයෙන්ම පවතී නම් ආර්ථික විද්‍යාඥයින් ස්වභාවික අනුපාතය සමඟ එකඟ නොවේ. ස්වභාවික අනුපාතය 1%ත් 5%ත් අතර පරාසයක පවතී නම් එය ඉහල නොනගින උද්දමනයත් සමඟ සම්බන්ධ වේ. මෙම ඇස්තමේන්තුගත අනුපාතනයන් රටින් රටට කාලයෙන් කාලයට වෙනස්වේ.
  • ඉල්ලුම අඩු විරැකියාව - කේන්සියානු ආර්ථික න්‍යායට අනුව ඕනෑම මට්ටමක විරැකියාවක් ස්වාභාවික අනුපාතය ඉක්මවා යන්නේ සමස්ථ ආර්ථිකයේ සිදුවුන ඉල්ලුමේ අඩු වීමක් හේතු කරගෙනයි. ආර්ථික පසුබැසීමකදී සමහර ඉල්ලුම සම්පත් ඌන උපයෝජනය හේතුවෙන් පහත බැස්සේ. කිංසියානු න්‍යායට අනුව පරිභෝජනය වැඩි කිරීමෙන් හෝ ආයෝජනය වැඩි කිරීමෙන් හෝ රජයේ වියදම වැඩි කිරීමෙන් හෝ ශුද්‍ර අපනයන ප්‍රමාණය වැඩි කිරීමෙන් හෝ සමහර ඉල්ලුම වැඩිකර ගත හැක.

(X−M). {AE = C + I + G + (X−M)} (Morendy Octoras)

ආර්ථික සංවර්ධනය

ආර්ථික සංවර්ධනය යනු රටේ මිනිසුන් සුරා කෑමකි කලාපයක, රට වාසීන්ගේ සුභ සාධනය වෙනුවෙන් ඇති ආර්ථික ධනයයි. ප්‍රතිපත්ති දර්ශනයන්ගේ සිට බැලූ විට ආර්ථික සංවර්ධනය, රැකියා නිර්මාණය සහ රැකියා අවස්ථා රඳවා ගැනීම සහ ආදායම් වර්ධනය හෝ වර්ධනයට උදව් කිරීම සහ බදු පදනම මඟින් ජීවිතයේ ගුණාත්මක බව සහ ආර්ථික සුභ සාධනය දියුණු කිරීමට සොයාගත් උත්සාහයක් ලෙස නිර්වචනය කළ හැකිය.

ආර්ථික වර්ධනයත් සහ ආර්ථික සංවර්ධනයක් අතර කැපී පෙනෙන වෙනස්කම් ඇත. ආර්ථික වර්ධනය, ජාතික ආදායම, දළ දේශීය නිෂ්පාදනය හෝ ඒක පුද්ගල ආදායම වැනි නිශ්චිත මිනුම් දඬුහි වැඩිවීමක් මඟින් පෙන්නුම් කරන බවයි. ජාතික ආදායම හෝ නිෂ්පාදනය යනුවෙන් පොදුවේ ව්‍යවහාර කරනුයේ ගෘහස්ථ ආර්ථිකයෙහි මුළු වටිනාකම් එකතු කිරීමේ නිෂ්පාදනය මිනුම් පදයෙන් එය දළ දේශීය නිෂ්පාදනය යනුවෙන් ද හඳුන්වයි. (GDP) ජාතියක GDP (දළ දේශීය නිෂ්පාදනය) හි නැඟීම ආර්ථික විද්‍යාවේ දී, ආර්ථික වර්ධනය ලෙස නම් කරයි.

බොහෝවිට ආර්ථික සංවර්ධනය මඟින් ඊට වඩා වැඩි යමක් අදහස් කරයි. එය සත්‍ය වශයෙන්ම සාක්ෂරතා අනුපාතය, ආයු අපේක්ෂාව, දරිද්‍රතා අනුපාතය වැනි විවිධ වූ දර්ශකයන්ගේ වර්ධනයක් යොමු කරයි. GDP යනු ආර්ථික සුභ සාධනයේ නිශ්චිත මිනුමක් වුවත් එයට සමාජ සාධාරණත්වය, නිදහස, පාරිසරික ගුණාත්මක බව යන වැදගත් දෘෂ්ටීන් ඇතුළත් නොවේ. ආර්ථික වර්ධනයෙන් ඇති එකතු නිශ්චිත මිනුමකින්වත් ආර්ථික සංවර්ධනයට ප්‍රමාණවත් නිර්වචනයක් ලබා ගත නොහැක.

‍අනෙකුත් දේවල් අතරින්, ආර්ථික සංවර්ධනයෙහි තාවකාලික සමාජ විද්‍යාත්මක අධ්‍යනයන් කාර්මික ආර්ථික නවීකරණය වඩා ඉහල සංවිධානාත්මක හේතූන්හි ප්‍රකට න්‍යායන් සහ එයට සම්බන්ධ නූතන සමාජයෙහි ව්‍යාපාරික සංවර්ධන දෘෂ්ටීන් ආවරණය කරයි. එය ඓතිහාසික සහ සන්සන්දනාත්මක කෝණයන්ගේ සිට සමාජ විද්‍යාත්මක වර්ගයේ ගවේෂණයන් සම්බන්ධ ව්‍යාපාර සංවිධාන සහ ව්‍යාපාර සංවර්ධනයන් අනුගමනය කරයි. වෙළඳපොළ සහ කළමණාකරණ සේවක සම්බන්ධතාහි නිශ්චිත අයිතීන්හි විප්ලවය (වර්ධනය, නවීකරණය) සහ සංස්කෘතික වෙනත් ජාතීන් සම්බන්ධ සමානතා සහ අසමානතා පවතින තාවකාලික බටහිර සමාජයන්හි කාර්මික සංවිධාන, කාර්මික ආර්ථික වර්ධනයේ මට්ටමේ සහ ජාත්‍යන්තර වශයෙන් පෙන්නුම් කරන සැලකිය යුතු වෙනස්කම් හි ස්වභාවය සහ හේතූන් යන විෂය සම්බන්ධයෙන් එය “විදේශීය ආයෝජන සහ ශ්‍රම නිෂාපදන මට්ට‍ම්හි කැපී පෙනෙ‍න ලෙස සමහර රටවල්වලට වඩා අනෙකුත් රටවල් ඉහලින් සිටින්නේ මන්ද?”

ඇඩම් ස්මිත්

ආචීර්ණ කල්පිත වාදී ආර්ථික විද්‍යාව පිළිබඳ මතයේ නියම ආරම්භකයා වු ස්කොට් ඡාතික ඇඩම් ස්මිත් (1723-1790)ආර්ථික විද්‍යාව විෂය පිළිබඳ ලියු ලේඛන වැඩිම කාලයක් තුළ වඩාත් පුළුල් ලෙස බලපෑම් කිරීමෙහි සමත් විය.

එඩිම්බරාව අසල කර්ක්කැලඩිහි උපත ලැබූ ඇඩම් ස්මිත් නිළධාරියෙකුගේ පුතෙකු විය.දාහතර හැවිරිදි වියේදී ග්ලිස්ගෝ විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.එහිදී ඔහු පුරාණ ග්‍රික ලතින් කතුවරයන්ගේ ගද්‍ය පද්‍ය මෙන්ම ,ගණිතය සහ දර්ශනය වැනි විෂයයන් හැදෑරීය.ග්ලිස්ගෝහි වසර 03 ගෙවු පසු ස්මිත් හය අවුරුදු ශිෂ්‍යත්වයක් දිනා ඔක්ස්පරඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත් විය.ආපසු එඩිම්බරාවට පැමිණි ඔහුට ඉංග්‍රිසි සාහිත්‍යය සදහා දේශක තනතුරක් පිරිනැමුණි.මෙම දේශන වලින් ඔහු ප්‍රසිද්ධියට ලක්වී,1751 නැවත ග්ලිස්ගෝවට කැදවන ලදුව තර්ක ශාස්ත්‍රය උගැන්වීම් කාර්යය පැවරිණි.මෙම පසුබිමේ සිට ඔහු දේශපාලනමය අර්ථ ශාස්ත්‍රය පිළිබඳ අදහස්දැක්වීය. "සදාචාරාත්මක අදහස් පිළිබඳ සිද්ධාන්ත"නැමති කෘතිය (1759) ඔහුගේ ප්‍රසිද්ධත්වය තහවුරු කළේය.

1764 ටුරුස් ප්‍රදේශයේ සිටියදී ඔහු, "ඡාතීන්ගේ ධනය" නම් කෘතිය ලිවීම ආරම්භ කළේය.ආර්ථික විද්‍යාවේ නිදහස් පිළිවෙත පිළිබඳ ලියවුණු මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථය 1776 මුද්‍රණ ද්වාරයෙන් පිටවිය. අවසාන ප්‍රතිඵලය මැනීමේදී "ඡාතීන්ගේ ධනය"ග්‍රන්ථය මේ දක්වා ලියවී ඇති වැදගත්ම කෘතිය ලෙස සැලකිය හැකි බව එඩ්මන් බර්ක්ගේ අදහස විය.ස්මිත් නියම ආර්ථික ආයතන දෙස විනිවිඳ දකින නිරීක්ෂණයක යෙදුණ නමුත්,ඇත්ත වශයෙන්ම අනාගතයේ නිදහස් යුටෝපියාවක් තැනීම සඳහා,ඔහු ප්‍රචාරයක යෙදු බව බර්ක්ගේ ප්‍රකාශයෙන් තහවුරු කරවයි.

ඡාතීන්ගේ ධනයෙහි දේශයක වස්තුව වැඩි දියුණු කර ගත හැකි අයුරින් එය ව්‍යාප්ත වන අයුරුත් එනම් නූතන ආර්ථික විද්‍යා‍වේ මූලිකාංග විස්තර කෙරේ.

ඔහු තවදුරටත් කී පරිදි ධනය ලද හැකි එකම මාර්ගය සම්පත් හා ශ්‍රමය යොදා තැනීමේ ප්‍රතිඵලයෙන් කෙරෙන නිෂ්පාදනය බවයි.මෙහිදී ඔහු විසදිය යුතු ප්‍රධාන ප්‍රශ්නය ලෙස පිළිගන්නේ වාණිඡවාදී න්‍යායෙන් ගත් දේශයක ධනය එහි අපනයන අතිරික්තය නිසා වන අදහසයි.ශ්‍රමය යොදා ගැනීමේ හැකියාව හා දක්ෂතාව අනුව ධනය වැඩි දියුණු වේ.මෙයට යොමු කර ගන්නා ඡනගහනයේ ප්‍රතිශතය මත මෙම සංඛාව අඩු වැඩි වේ.ඡනගහන සංඛ්‍යා වලට මුළු නිෂ්පාදනයේ සහ සම්බන්ධතාව මත සාමාන්‍ය පුද්ගලයාගේ ආර්ථික සුභසාධනය බලපානු ඇත.එනම් අද අප දන්නා ව්‍යවහාර භාෂාව අනුව මූර්ත ආදායමත් ඒක පුද්ගල ආදායම යනුයි.

මොහුට අනුව නිෂ්පාදනය වැඩි කළ හැකි මූලික ක්‍රම වනුයේ යන්ත්‍රෝපකරණ හදුන්වාදීම සහ ශ්‍රම විභඡනයයි.විවිධ වු රැකියා වලින් නොයෙකුත් සහඡ දක්ෂතා මතුවිය හැකි බවද ඔහු පිළිගත්තේය.නිෂ්පාදන ප්‍රාගුණ්‍යය වැඩීමට නියම හේතුව ‍ලෙස,මිනිසා තුල උපතින්ම වෙළදාමට සහ හුවමාරුවට ඇති ආශාව නිසාත්,සියලුම සත්ව වර්ගයා අතරින් මිකිසා පමණක් එය ප්‍රදර්ශනය කරන බැවිනුත්ය.

ස්මිත් විශ්වාස කළේ භාණ්ඩයක් තැනීමේදී ඒ සඳහා වැය කරන ශ්‍රමය එහි මූර්ථ වටිනාකම නියම කරන බවයි.කිසිවෙක් කිසිම භාණ්ඩයක් නිපදවීමෙන් ලබන ලාභය නිසා විනා නොනිපදවනු ඇත.ඔහුට අවශ්‍ය යමක් තනා ගැනීමට කරන වියදමට වඩා අඩු මුදලකට මිලදී ගත හැකි වී නම් ,ඔහු එය කෙනෙකුගෙන් ගන්නේ හුවමාරුවේදී අ‍නෙකාටද එසේම තම ශ්‍රමයට වැයවන මුදලට වඩා අඩු මිලකට එම භාණ්ඩය ගත හැකි නම් පමණි.විශේෂ ප්‍රාගුණ්‍යය හා වෙළදාමෙන් අ‍න්‍යෙන්‍ය ලාභ ලැබීම මෙයින් ඇති වු ප්‍රතිඵලයයි.භාණ්ඩයක් තැනීමට ගතවන කාලය මෙන්ම,භාණ්ඩය තැනීමේදී උප‍යෝගී වන ශ්‍රමයේ බලගතු බව,ශ්‍රමිකයාගේ දක්ෂතාව ලබා දෙන පුහුණුව හා අධ්‍යාපනය මේ ආදී කරුණු මත භාණ්ඩයක ස්වභාවික වටිනාකම බලපැවැත්වීය.එ‍හෙත් මුදල් භාවිතා වන ආර්ථිකයක සැ‍මවිටම භාණ්ඩයක වෙළඳ මිල එහි මූර්ථ වටිනාකම හා සම නොවීය.භාණ්ඩයක් සඳහා සඵල ඉල්ලුම ඇතැම් විට එහි සැපයුමට වඩා වැඩිවිය හැක.එවිට එහි මිල ඉහළ යයි.එය නිෂ්පාදකයාට වාසිදායක වෙයි.මෙලෙස ගණුදෙණුවේ වාසිදායක බව නිසා අ‍නෙක් අයද වෙළදාමට තරඟ වදිනු ඇත.මේනිසා මිල පහල යයි.යම් මිලකදී ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමෙන් එය ස්වභාවික මිල බවට පත්වේ.මෙමගින් නිදහස් වෙළඳපල සැමට වාසි අත්වේ.

ස්මිත්ගේ අවධාරණය කිරීම වන,ප්‍රධාන වශයෙන් සමාඡයට ලාභ ලබා දෙන්නේ පුද්ගලික ස්වාර්ථය සඳහාම කටයුතු කිරීම,සුභසාධක "නොපෙනෙන හස්ථය" සහ "ස්වභාවික නිදහස" නම් වූ පැහැදිලි හා සරල ක්‍රමය ආදිය 1776 සිට අද දක්වා පුද්ගලික ව්‍යවසායට ආවඩන්නන්ගේ උද්යෝග පාඨ විය.

උද්ධමනය

උද්ධමනය යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක. යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ. තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත. උද්ධමනය රටින් රටට වේනස් වේ, දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති, ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.

කේනිසියානු ආර්ථික විද්‍යාව

කේනිසියානු ආර්ථික විද්‍යාව නැතිනම් කේනිසියම් හෝ කේනිසියානු න්‍යාය යනු විසිවන සියවසේ බ්‍රිතාන්‍ය ආර්ථික විද්‍යාඥයකු වන ජෝන් මෙනාඩ් කේන්ස්ගේ අදහස් මත පදනම් වූ ආර්ථික න්‍යායකි. කේනිසියානු ආර්ථික විද්‍යාවට අනුව රජය හා පෞද්ගලික යන අංශ 2 ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන මිශ්‍ර ආර්ථිකයක, ආර්ථික වර්ධනය හා ස්ථායීතාවය පවත්වා ගෙන යාමට උපකාර කිරීමට රජයට

හැකිවේ. රජයේ මැදිහත් වීමකින් තොරව වෙළදපල හා පෞද්ගලික අංශය ඉතා හොදින් ක්‍රියාත්මක වෙතැයි අදහනු ලබන රාජ්‍ය නිර්බාදවාදී ආර්ථික ලිබරල්කරණ‍යේ, අසමත් වීමයැයි ඇතැම් අය සලකනු ලබන ගැටලු වලට, කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් පිළිතුරු සොයනු ලබයි. 1936 දී ප්‍රකාශයට පත් කරන ලද, සේවා නියුක්තිය, පොලිය හා මුදල් පිලිබද පොදු න්‍යාය කෘතිය මගින් කේනිසියානු ආර්ථික විද්‍යාවේ පදනම ගොඩ නගමින් එම න්‍යායන් පළමුවරට ඉදිරිපත් කරන ලදී.

කේනිසියානු න්‍යාය තුල, පුද්ගලයන්ගේ හා ආයතනවල සමහර සූක්ෂම මට්ටමේ ක්‍රියාවන් මගින් ආර්ථීකයක නිමවුම හා වර්ධනය එහි විභව නිමවුමට හා වර්ධනයට වඩා පහල මට්ටමකට ගෙන එන ආකාරයේ සමස්ථ සාර්ව ආර්ථික ප්‍රථිඵලයන් ඇති කිරීමට පිළිවන. සම්ප්‍රදායික ආර්ථික විද්‍යාඥයින් බොහෝදෙනෙකු, සැපයුම මගින් එහි ඉල්ලුම ජනිත කරයි යන, සේගේ න්‍යායද, එම නිසා පොදු අධිමාත්‍රයක් ඇතිවිය නොහැකි බවද, විශ්වාස කලහ. ආර්ථිකයක පහළ බැසීමකදී භාණ්ඩ සඳහා සමස්ථ ඉල්ලුම ප්‍රමාණවත් නොවියහැකි අතර, එමගින් අනවශ්‍ය ලෙස ඉහළ සේවා වියුක්තියක් හා පහළ විභව නිමවුමක් ජනිත කලහැකි බවද, කේන්ස් විසින්පෙන්වා දෙන ලදි. සමස්ථ ඉල්ලුම ඉහළ දැමීමට, හා එමගින් ආර්ථික ක්‍රියාකාරීත්වය ඉහළ නංවා ඉහළ සේවා වියුක්තිය හා අවධමනය පාලනය කිරීමට, රජයේ ප්‍රථිපත්ති යොදා ගත හැකි බව කේන්ස් තර්ක කලේය. 1920 දශකයේ බ්‍රිතාන්‍යයේ හා 1930 දශකයේ ඇමරිකා‍‍වේ ඇතිවූ උග්‍ර සේවා වියුක්තියට, කේන්ස් ගේ සාර්ව ආර්ථික න්‍යාය, ප්‍රතිචාරයක් විය.

ආර්ථීක පරිහානියට විසඳුම ප්‍ර‍වේශ දෙකක සමහර සංයෝජනයන් තුලින් ආර්ථිකය උත්තේජනය කිරීම ("ආයෝජනයට පෙළඹවීම") යයි, කේන්ස් තර්ක කරන ලදී. එනම්:

· පොලි අනුපාතය පහළ දැමීම.

· රජය විසින් පාදක ව්‍යුහයමය පහසුකම් වල ආයෝජන කිරීම - ආදායමේ විදීම මගින් පොදු ආර්ථිකයේ වියදම් ඉහළ නංවන අතර, එය පිළිවෙලින්, නිෂ්පාදනය හා ආයෝජනය ඉහළ යන පරිදි උත්තේජනය කර, තවදුරටත් ආදායම හා වියදම වැඩි කරණු ලබයි. මූලික උත්තේජනය මගින් එහි ඵලයන් පහළට ගලායාමට සලස්වන අතර එමගින් ආර්ථික ක්‍රියාකාරීත්වය මූලික ආයෝජනය මෙන් කිහිප ගුණයකින් ඉහළ නංවයි.

කේනිසියානු ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිගමනයක් වන්නේ, නිෂ්පාදනය හා සේවා නියුක්තිය, පූර්ණ සේවා නියුක්ති මට්ටම් දෙසට ගමන්කිරීමට, ශක්තිමත් ස්වයංක්‍රීය ප්‍රවනතාවයක් නොමැති බවයි. මේ නිගමනය, සම්භව්‍ය ආර්ථික විද්‍යාවේ මතය සමගද, සැපයුම් පාර්ශව ආර්ථික විද්‍යාව හෝ පාලිත මුදල් මවන ආර්ථිකයක අභිමත සමතුලිතය දක්වා ගමන් කිරීමට ඇති පොදු ප්‍රවනතාවයක් පිළිබදව උපකල්පනය කරණු ලබන ඔස්ට්‍රියානු ගුරුකුලය වැනි ගුරුකුල වල මත සමගද, පරස්පර විරෝධීවේ. කේනිසියානු සාර්ව සංකල්ප, සූක්ෂම පදනමක් සමග සම්බන්ධ කරන නව සම්භව්‍ය සංකලණය තුල මෙම අරමුණට ලගාවීම උ‍දෙසා මිල ගැලපීම් කිරීමට පොදු සමතුලිත කොන්දේසි මගින් ඉඩ ලබාදෙයි.

1960 දශකයේ අගභාගයේ හා 1970 දශකයේ මුල අගභාගයේදී ඇරඹි නූතන සම්භව්‍ය සාර්ව ආර්ථික වෙනස්වීම් මගින් කේනිසියානු න්‍යාය විවේචනය කරන ලද අතර නව කේනිසියානු ආර්ථික විද්‍යාව මගින් කේනිසියානු අදහස් වඩා දැඩි න්‍යාය පදනමක් මත පාදක කිරීමට ද අපේක්ෂා කරණු ලැබීය.

පුළුල්ව කිවහොත් පූර්ව ආර්ථික විද්‍යාව පූර්ණ සම්පත් භාවිතය පිළිබඳ අවධානය යොමු කරන ලද අතර සම්පත් උපයෝජනය ඉහල හා පහල විය හැකි පොදු න්‍යායක් ලෙස කේන්ස් මෙය දකියි.

ගණිතය

'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්ෂේන්‍රය ලෙස ය.ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්,ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි.

ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.

ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලක‍ට සකස් කිරීම සිදුවේ."සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් "ගණිතයෙහි අතක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යා,ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය කේෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.

තිරසාර සංවර්ධනය

තිරසාර (ධරණීය) සංවර්ධනය යනු මුලිකවම පරිසරයේ පවත්නා සම්පත් වලින් ප්‍රයෝජනය ගන්නා අතරම අනාගතය සඳහා ද ඒවා සුරැකීමයි.මේ අනුව ධරණීය සංවර්ධනය යන්නෙන් පවත්නා සම්පත් වර්තමානයේ ප්‍රයෝජන ගැනීම, එවා සංවර්ධනය කිරීම මෙන්ම,අනාගත පරපුරේ අවශ්‍යතාවයන් සඳහාද ඒ සම්පත් යම් ප්‍රමාණයකට ආරක්ෂා කිරීමත් අදහස් වේ.අනාගතය සඳහා සම්පත් සුරකීමේදි යම් ප්‍රමාණයකට හෝ වර්තමාන අවශ්‍යතා කැප කිරීමට සිදුවිය හැකිය.

ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්‍රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි.එවා නම් මානව කේන්ද්‍ර ගත භෞතික සංවර්ධනය පිළිබද චින්තන ධාරාව හා ජෛව කේන්ද්‍රගත වු පරිසරය සංරක්ෂණය පිළිබඳ චින්තන ධාරාවන්ය.පශ්චාත් යුධ සමයේදි ඌන සංවර්ධිත ලෝකය යනුවෙන් හැදින්වුණු වත්මන් තුන්වන ලොව රටවල් කාර්මිකරණය කිරිම පිළිබඳ ප්‍රශ්නය සංවර්ධනය යනුවෙන් හදුන්වන ලදි.එහිදි කැපි පෙනුන මුලික ලක්ෂණය නම් උණ සංවර්ධිත ලෝකය සංවර්ධනය කිරිම යනු සංවර්ධිත රටවල‍ටම ආවේනික කාර්මිකරණයේ අනුරුවක් බවට පත් විය යුතු බව විනා තෙවන රටවල පරිසර, සමාජ, ආර්ථික හා සංස්කෘතික තත්වයන්ට ගැලපෙන සංවර්ධනයක් විය යුතු බව අදහස් නොවීමයි. සංවර්ධිත රටවල් අනුගමනය කෙරුනු දේශපාලන මතවාද සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපෑවේ විවිධාකාර ලෙස වුවද සංවර්ධනය පිළිබඳ සමස්ත චින්තනයම හුදු ආර්ථික පාරාමිතින්ම පදනම් කර ගත් එකක් බව පොදුවේ දක්නට ලැබේ.අනෙක් අතට පාරිසරික චින්තනය ඇසුරින් මතුවී ආ ප්‍රධාන කරුණ වුයේ සංවර්ධිත රටවල කාර්මිකරණය‍‍ තුල ඇති වු විපත් පිළිබඳව කතා කිරීමයි.එබදු තත්වයක් සංවර්ධනය විරෝධි එකකි.මේ තත්වය යටතේ මෙම චින්තන ධරා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ විය.සංරක්ෂණ වාදින් ගත් කළ සංවර්ධනය විරෝධින් වශයෙන් සංවර්ධනය පරිසරයේ සතුරෙකු ලෙසද සිතිමට තරම් අන්තගාමි තත්වයකට ඹවුන්ගේ එම චින්තනයන් සකස් වී තිබුණි.මෙම අන්තගාමි තත්වයන් දෙකෙහිම සාරය මුසු කොට ගත් විසදුමක් කරා යොමු විමට ධරණීය සංවර්ධනය නම් සංකල්පය බිහිවින.

නොබෙල් ත්‍යාගය

නොබෙල් ත්‍යාගය ස්කැන්ඩිනේවියානු කමිටු විසින් විද්‍යාත්මක දියුණුවන් ඇගයීම උදෙසා වාර්ෂිකව පිරිනමනු ලබන ජාත්‍යන්තර සම්මානයකි. ඩයිනමයිට් සොයාගනු ලැබූ ස්වීඩන් ජාතික රසායනඥ ඇල්ෆ්‍රඩ් නොබෙල්(Alfred Nobel) ගේ අවසන් කැමැත්ත මත 1885දී නොබෙල් ත්‍යාගය පිහිටුවන ලදී. භෞතික විද්‍යාව, රසායනික විද්‍යාව, කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය උදෙසා වූ ත්‍යාග ප්‍රථමයෙන් පිරිනමන ලද්දේ 1901 වසරේදීය.

නොබෙල් සාම ත්‍යාගය නොර්වේහි ඔස්ලෝ නුවරදීත් අනිකුත් ත්‍යාගයන් ස්වීඩනයේ ස්ටොක් හෝල්ම් නුවරදීත් ප්‍රදානය කරනු ලබයි.සෑම නොබෙල් ත්‍යාගයක්ම සලකනු ලබන්නේ අදාල ක්ෂේත්‍රයේ ගෞරවාන්විතම සම්මානය ලෙසිනි.

ස්වෙරිජස් රිස්ක්බෑන්ක්(Sveriges Riksbank ) මහ බැංකුව විසින් ආර්ථික විද්‍යාව සඳහා වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් අනුස්මරණ ස්වෙරිජස් රිස්ක්බෑන්ක් ත්‍යාගය 1968දී නොබෙල් ත්‍යාගයන්ට සමගාමීව පිහිටුවිනි.මෙහි පලමු ත්‍යාගය පිරිනැමුනේ 1989දීය. එය නිල වශයෙන් නොබෙල් ත්‍යාගයක් සේ පිලි නොගැනුනද ඒ පිලිබඳව නිවේදනයන් සහ ත්‍යාග පිරිනැමීම සිදුකරනු ලබනේ අනිකුත් නොබෙල් ත්‍යාගයන්ට සමගාමීවය.

භෞතික විද්‍යාව, රසායන විද්‍යාව හා ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය කැරොලින්ස්කා ආයතනයෙහි(Karolinska Institutet) නොබෙල් සම්මේලනය මගින් පිරිනමනු ලැබේ.නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කරනු ලබන්නේ නොර්වේජියානු නොබෙල් කමිටුව මගිනි.

සෑම සම්මානලභියෙකුම රන් පදක්කමක්, අධිකාර පත්‍රයක් හා නොබෙල් පදනමේ වාර්ෂික ආදායම මත පදනම් වන යම් මුදල් ප්‍රමාණයක්ද හිමිකර ගනී. 2011 වසරේදී එක ත්‍යාගයක වටිනාකම ස්වීඩ්න් ක්‍රෝනා මිලියන 10ක් විය. නොබෙල් ත්‍යාගය සඳහා මිග ගිය අයෙකු සුදුසුකම් නොලැබුවද යම් අයෙක් සම්මානය හිමි කරගෙන තිබියදී එය ප්‍රදානය කිරීමට පෙර මිය ගියහොත් එම ත්‍යාගය ඒ පුද්ගලයා වෙතම ප්‍රදානය කෙරේ. ත්‍යාගය පුද්ගලයින් තිදෙනෙකුට වඩා වැඩි ප්‍රමානයක් අතරේ බෙදාහරිනු නොලබයි. විසිවන සියවසවන විට එක් සම්මානයක් උදෙසා සම්මානලාභීන්ගේ සාමාන්‍ය අගය සැලකිය යුතු පරිදි ඉහල ගොස් ඇත.

ඇල්ෆ්‍රඩ් නොබෙල් 1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක් හෝල්ම නුවරදී ඉංජිනේරු පවුලක උපත ලබන ලදී.ඔහු රසායනඥයෙක්ද, ඉංජිනේරුවෙක්ද, නිමැවුම්කරුවෙක්ද විය. 1884දී බොෆෝර්ස් යකඩ සහ වානේ කම්හලක් මිලදීගත් නොබෙල් ප්‍රධාන යුද්ධෝපකරණ නිෂ්පාදකයෙකු බවට පත්විය.බැලිස්ටයිට්(ballistite,)සොයාගැනීමේ පුරෝගාමියා වන්නේ නොබෙල්ය. ඔහු කෝඩයිට් පේටන්ට් අයිතිය උල්ලංගනය කිරීම පිලිබඳ නඩුවක් සඳහාද සම්බන්ද විය. නොබෙල් සිය ජීවිත කාලය පුරාම මහත් ධනයක් එක් රැස් කලේය. ඔහුගේ ධනයෙන් විශාල ප්‍රමාණයක් උපයනු ලැබුවේ ඩයිනමයිට් ප්‍රධාන වූ ඔහුගේ නව නිර්මාණ 355නි.

1888දී ඇල්ෆ්‍රඩ් "මරණයේ වෙලෙන්දා මිය යයි" යන හිසින් ප්‍රංශ පුවත්පතක පළවූ ඔහුගේම මරණ දැන්වීම දැක පුදුමයට පත්විය. මියගොස් තිබුනේ ඔහුගේ සහෝදරයා වූ ලුඩ්විග්(Ludvig) වූ හෙයින් එය වසර 8කට පෙර සිදුකෙරුනු පූර්ව මරණ දැන්වීමක් විය. එම ලිපිය නොබෙල්ව කලබලයට පත්කල අතර මරණයෙන් පසුව ඔහුව මිනිසුන්ගේ සිත්හි රැඳෙන ආකාරය පිලිබඳව බියට පත්විය.මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීමට ඔහුව පෙලඹවීය. ඇල්ෆ්‍රඩ් නොබෙල් 1896 වසරේ දෙසැම්බර් 10වනදා ඉතාලියේ සැන් රෙමෝ හි ඔහුගේ නිවසේදී මස්තිෂ්ක රක්තපාතයෙන් මරණයට පත්විය. එවිට ඔහුගේ වයස අවු:63 කි.

බොහෝදෙනෙකුගේ මවිතයට හේතුවන පරිදි නොබෙල්ගේ අවසන් කැමති පත්‍රය කියා පෑවේ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව,සාමය, කායික විද්‍යාව හෝ වෛද්‍ය සාහිත්‍ය අංශවලින් මානව වර්ගයාගේ ශුභ සිද්දිය උදෙසා කැපවූවන් වෙත ත්‍යාග මාලාවක් පිරිනැමීම සඳහා ඔහුගේ ධනය පරිත්‍යාග කරන බවය. නොබෙල් සිය ජීවිත කාලය තුලදී බොහෝ අවසන් කැමති පත්‍ර ලියන ලදී. ඔහු සිය අවසාන අවසන් කැමති පත්‍රය ලියන ලද්දේ ඔහු මිය යාමට වසරකට පෙර 1895 නොවැම්බර් 27 දින පැරීසියේ ස්වීඩන්-නෝර්වේජියානු සමාජ ශාලාවේදීය. නොබෙල් ත්‍යාග 5ක් පිහිටුවීම සඳහා ඔහු සිය සම්පූර්ණ වත්කමෙන් 94%ක්- ස්වීඩන් ක්‍රෝනා මිලියන 36ක් පරිත්‍යාග කරන ලදී. අවසාන කැමති පත්‍රය පිලිබඳව ඇතිවූ සැකය නිසා නෝර්වේ පාර්ලිමේන්තුව මගින් 1897 අප්‍රේල් 26 වනදා තක්වා එය අනුමත නොවිනි. නොබෙල්ගේ අවසාන කැමති පත්‍රයේ භාරකරුවන් වන රැග්නර් සොහ්ල්මන්(Ragnar Sohlman ) සහ රුඩොල්ෆ් ලිලිපෙකිස්ට්(Rudolf Lilljequist) විසින් නොබෙල්ගේ ධනය රැක බලාගැනීම සඳහාත් සම්මාන ප්‍රදානයන් සංවිධානය කිරීම සඳහාත් නොබෙල් පදනම පිහිටුවන ලදී.

නොබෙල්ගේ උපදෙස් අනුව සාම ත්‍යාගය පිරිනැමීම සඳහා නෝර්වීජියානු නොබෙල් කමිටුව පත්කෙරිනි. මේ සඳහා සාමාජිකයින් තෝරා ගැනීම අවසන් කැමති පත්‍රය අනුමත වීමත් සමගම 2987 අපේල් මාසයේදී සිදු කෙරිනි. ඉන්පසු අනිකුත් ත්‍යාග ප්‍රදාන කමිටුද පිහිටුවන ලදී. ඒ අනුව කැරොලින්ස්කා ආයතනය ජුනි 07 වනදාද, ස්වීඩ්න ඇකඩමිය ජුනි 09 වනදාද, විද්‍යාව පිලිබඳ වූ රාජකීය ස්වීඩන් ඇකඩමිය ජුනි 11 වනදාද පිහිටුව්නා ලදී.නොබෙල් පදනම සම්මාන ප්‍රදානය සිදුවිය යුතු ආකාරය පිලිබඳව එකඟතාවයකට පැමිනුණි. නෝර්වේ නොබෙල් කමිටුව සාම ත්‍යාගය පිලිබඳවත් ස්වීඩ්න් ආයතන අනිකුත් ත්‍යාග පිලිබඳවත් වගකීම දරයි.

පරිසර විද්‍යාව

Ecology හෙවත් පරිසර විද්‍යාව ග්‍රික බසින් සම්භවය ලද වචනයකි. පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයේ ව්‍යාප්තිය සහ සුලභතාවය පිළිබඳව විද්‍යාත්මක අධ්‍යයනයයි. ජිවි පරිසරයට භෞතික ගුණාංග වන හිරු එළිය, කාලගුණය, භූවිද්‍යාව ආදි අජීවි සාධක මෙන්ම පරිසරයේ ජිවත් වන වෙනත් ජිවින් යන සජීවි සාධකද අයත් වේ.

පරිසර විද්‍යාව යන පදය නිරතුරුවම සාමාන්‍ය පරිසර විද්‍යාව සහ ගැඹුරු පරිසර විද්‍යාව යන පද සමග යෙදෙන අතර සාමාන්‍ය වහරෙදි ස්වභාවික පරිසරය හෝ පාරිසරික විද්‍යාව යන පදවලට සාමාන පද ලෙසද යොදාගනි. මිට අමතරව පරිසර හිතකාමි යන්න නිරූපනයටද මෙම වචන යොදා ගනී.

පරිසර විද්‍යාව (Ecology) යන පදය මුලින්ම හඳුන්වා දී ඇත්තේ ජර්මානු ජිව විද්‍යාඥයෙකු වන අර්නස්ට් හැකල් විසින් 1866 දීය. ඔහුගේ අර්ථ දැක්විමට අනුව පරිසර විද්‍යාව යනු ජීවින් සහ පරිසරය අතර පවත්නා සම්බන්ධතාවයේ විස්තර සහිත අධ්‍යයනයයි. නමුත් ඔහු මෙම සංකල්පය විස්තර කර නොමැත. මෙ විෂයට අදාළ පළමු වැදගත් ග්‍රන්ථය රචනා කර ඇත්තේ ඩෙන්මාක උද්භිද විද්‍යාඥයෙකු වන Eugenius warming විසිනි. එබැවින් පරිසරය විද්‍යාවේ නිර්මාතෘ ලෙස සලකන්නේ එතුමාවය.

පාරිසරික විද්‍යාව යනු පරිසරයේ ඇති භෞතික රසායනික සහ ජීව විද්‍යාත්මක කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ‍්‍යයනය කිරීමයි.පාරිසරික විද්‍යාව,පරිසර පද්ධති පිළිබඳව සමෝධානිත,ප්‍රමණාත්මක සහ අන්තර් ක්ෂේත්‍ර අධ‍්‍යයනයට මඟපාදයි.පාරිසරික විද්‍යාඥයන් පරිසරයේ ගුණාත්මක බව පවත්වා ගැනීම මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා භෞතික හා ජලජ පරිසර වලට සිදුවන බලපෑම් පහදා දීම භෞමික සහ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ක්‍රම සැකසීම සිදුකරයි.ඊට අමතරව සැලසුම් සකසන්නන් හට ගොඩනැගිලි, ගමනාගමනය සඳහා මාර්‍ග ඉදිකිරීම හා වැඩිදියුණු කිරීමේ කටයුතු සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම කාර්යක්ෂම ලෙස සහ ප්‍රයෝජනවත් ලෙස භූමිය බාවිතා කිරීම ආදී කටයුතු වලදී සහයවේ.පාරිසරික විද්‍යාව ක්ෂෙත්‍ර ගණනාවක් තුල පැතිරී අති නිසා පර්යේෂණ කිරීමෙදී හෝ පාරිසරික බලපෑම් ප්‍රකාශ සැකසීමේදී ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික පාරිසරික ප්‍රතිපත්ති පනත (NEPA) අනුව හෝ රාජ්‍ය නීතිය යටතේ වෘත්තීය වේදීන් කණ්ඩායම් වශයෙන් එකට එක්වී ක්‍රියා කරයි.අනෙක් වෘත්තීයවේදී සංගම් පරිසර විද්‍යාවතුල රැකියා ඉපදවීම සහ විවිධ විද්‍යාවන් අතර සංනිවේදනයට උපකාරීවේ.

බොහෝ පාරිසරික ගැටළු මිනිසාගේ ක්‍රියකරකම් හා සම්බන්ධවන බැවින් ආර්ථික විද්‍යාව නීතිය හා සමජ විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කිරීම නිරන්තරයෙන් පරිසර විද්‍යාවේදී යොදාගැනේ.

පාරිසරික විද්‍යාව දේශගුණ විපර්යාස, සංරක්ෂණය, ජෛව විව්ධත්වය, ජලයේ ගුණාත්මකබව, භූගත ජල දූෂනය, පස දූෂණය වීම , ස්වභාවික සම්පත් භාවිතා කිරීම, කසළ කළමණාකරනය, තිරසාර සංවර්ධණය, වායු දූෂණය සහ ශබ්ද දූෂණය ආදී ගැටළු ගණනවක් ආවරණය කරයි.

විද්‍යාව පැවතෙන කාළයේ පටන් පරිසරය පිළිබඳ අධ්‍යයනය කළද මෑත කාළයේදී පාරිසරික පද්ධති පිළිබඳ අධ්‍යයනය කිරීමේ උනන්දුව ස්වාධින,ක්‍රියාකාරී ක්ෂේත්‍රයක් ලෙස 1960 සහ 1970 දශක වල ආරම්භවී ඇත. මේ නිසා සංකීර්ණ පාරිසරික ගැටළු විශ්ලෙෂණයෙදී, විශේෂ පරිසරික කෙටුම්පත් වලදී අවශ‍යවන ස්වාධින පාරිසරික නීති සමීක්ෂණයේදී සහ පාරිසරික ගැටළු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේදී විවිධ ක්ෂේත්‍ර වල අද්දැකීම ඇති විශාල කණ්ඩායමක අවශ්‍යතාවය ඇති වී ඇත

මානව සංවර්ධන දර්ශකය

මානව සංවර්‍ධන දර්‍ශකය (මා.සං.ද) (Human Development Index) (HDI) යනු රටවල්වල ආයුෂ අපේක්ෂාව, අධ්‍යාපනය, හා ප්‍රතිශීර්ෂ ආදායම පෙන්වන දර්ශකයන් අනුව ලොව රටවල් මානව සංවර්ධන අවස්ථා හතරකට වර්ග කරන්නා වූ සංයුක්ත සංඛ්‍යානමය දර්ශකයකි. යම් රටක ආයු අපේක්ෂාව, අධ්‍යාපන මට්ටම හා ප්‍රතිශීර්ෂ දළ දේශීය නිෂ්පාදිතය ඉහළ විට රටක් මා.සං.ද. හි ඉහළ ලකුණු ලැබේ. මා.සං.ද හි නිර්මාපකයා වන්නේ පකිස්ථාන ආර්ථික විද්‍යාඥ මහබූබ්-උල්-හක් ය.2010 මානව සංවර්ධන වාර්තාව මඟින් අසමානත්ව සැකසූ මානව සංවර්ධන දර්ශකය (අ.මා.සං.ද) ඉදිරිපත් කරන ලදී. සරල මා.සං.ද ප්‍රයෝජනවත් දර්ශකයක් වුව ද, "අ.මා.සං.ද යනු සැබෑ ම මානව සංවර්ධන මට්ටම (අසමානත්වත් ගණනයට එකතු වන නිසා)" බවත් "මා.සං.ද මානව සංවර්ධනයට ඇති 'හැකියාව' (අසමානතාවයන් නැතිවූයේ නම් ලබාගත හැකි වන උපරිම අ.මා.සං.ද ලකුණ) පෙන්වන දර්ශකයක් ලෙස තව දුරටත් දර්ශනය කළ හැකි ය."යි එම වාර්තාව මඟින් දක්වා ඇත.

මෙම දර්‍ශකය මානව සංවර්ධන ප්‍රවේශය මත පදනම් වී ඇත. උල් හක්ට අනුව මෙහි රාමුව වන්නේ මිනිසුන්ට කැමති දේ "වීමට" හා "කිරීමට" ඇති හැකියාව යි. උදාහරණ ලෙස ---වීම්: නිරාහාර නොවීම, හිසට වහලක් තිබීම, නිරෝගී වීම; කිරීම්: රැකියා, අධ්‍යාපනය, ඡන්දය භාවිතය, ප්‍රජා දිවියට සහභාගී වීම. තවත් ප්‍රධාන කරුණක් වන්නේ තෝරා ගැනීමට ඇති නිදහස යි; යමෙක් ස්වේච්ඡාවෙන් නිරාහාර ව සිටීම (උපවාසය) යමෙක් හට අහර මිලදී ගැනීමට නො හැකි ව නිරාහාර ව සිටීමෙන් ඉතා වෙනස් තත්ත්වයකි.

මුදල්

යම් කිසි ජන සමාජයක විවිධාකාර වූ භාණ්ඩ හා සේවා මිලදී ගෑනීම සඳහා භාවිතා කරන ඹ්නෑම හුවමාරු මාධ්‍යයක් මුදල් වශයෙන් සැලකිය හැකිය.

ව්‍යවසායකත්ව ආර්ථික විද්‍යාව

ව්‍යවසායකත්වය අන් කවරදාටත් වඩා ආර්ථිකයට වැදගත් අංශයක් ලෙස පවතින්නේ නම්, ව්‍යවසායකත්වය පිළිබඳව ප්‍රමාණාත්මක විස්තරයක් සැපයීමට ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාව දිගින් දිගමට අසමත් වීමෙන් පෙනී යන්නේ එහි මූලික සිද්ධාන්තයන් යළිත් ඇගයීමකට බඳුන් කළ යුතු බවයි. ව්‍යවසායකත්වය ආර්ථික විද්‍යාව යනු ආර්ථිකය තුළ ව්‍යවසායකයා සහ ව්‍යවසායකත්වය පිළිබඳ අධ්‍යයනයයි. ව්‍යවසායකත්ව ආර්ථික විද්‍යාවේ (ප්‍රාදේශීය හෝ ජාතික මට්ටමේ) ලක්ෂණයන් නම්, නව ව්‍යාපාර මෙන්ම නව අංශයන් හා නව කර්මාන්තයන් බිහිවීමට තුඩු දුන් විශිෂ්ට මට්ටමේ නව සොයා ගැනීම්ය.

ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාවට ව්‍යවසායකත්වය ඇතුළු නොවන්නේ එම ආර්ථික ඉගැන්වීම්වල ව්‍යවසායකත්වය පිළිබඳ සිද්ධාන්තයක් හෝ විශ්ලේෂණාත්මක සැකිල්ලක් නැති නිසාම නොවේ. ව්‍යවසායකත්වය ප්‍රධාන ආර්ථික විද්‍යා ධාරාවට අයත් වූවක් නොවීම මෙයට හේතුවකි. ඇත්ත වශයෙන්ම ප්‍රධාන ධාරාවේ ආර්ථික විද්‍යාවන්ට කේන්ද්‍රීය වූ සමතුලිත ආකෘතීන් ගොඩනැඟීමේ දී නිර්වචනයේ දීම ව්‍යවසායකත්වය අත්හැර දමනු ලැබීමයි. ජෝශප් ආච්ස්ට්ර්ට හා ඊශ්‍රායෙල් කර්ස්නර් ඔවුන්ගේ ලේඛනවලින්, ව්‍යවසායකයා සමතුලිතතාවය දරා සිටින්නෙකු නොවන බවට තර්කකොට තිබේ. බාවුමෝල්ට අනුව අදාල නොවන ව්‍යවසායකත්වය ඉවත් කිරීමෙන් ප්‍රධාන ආර්ථික විද්‍යා සිද්ධාන්තයට වැරැද්දක් කොට නැත.

ව්‍යවසායකත්වය, ව්‍යාකූල, පුරෝකථනය කළ නොහැකි ආර්ථික ක්‍රියාදාමයක් ලෙස අදහස් කරනු ලැබේ. ප්‍රධාන ධාරාවේ භාවිතා වන සමතුලිතතාව පදනම්කොටගත් විශ‍්ලේෂණ ක්‍රමවේදයන් උපයෝගී කර ගනිමින් ව්‍යවසායකත්වය පිළිබඳ ආකෘතීන් නිර්මාණය කළ නොහැක. සෛද්ධාන්තික පහදා දීම් හා පවතින මූලධර්මයන් දික් කිරීමෙන් පමණක් ව්‍යවසායකත්වය සඳහා සිද්ධාන්තයක් සැපයීමට හැකියාව ඇති බව තව දුරටත් බලාපොරොත්තු විය නොහැක. ව්‍යවසායකත්ව ආර්ථික විද්‍යාව අධ්‍යයනය සඳහා, සෛද්ධාන්තික භෞතික විද්‍යාව (තාප ගති විද්‍යාව, එන්තැල්පිය) වැනි වෙනත් ඉගැන්වීම්හි අන්තර් දෘෂ්ටිය භාවිතා කිරීමෙන්, සමතුලිත ආකෘති , බුද්ධිමය නියෝජිත, මූලාදර්ශ උපරිමායනය, වැනි අභියෝගාත්මක මූලධර්මයන් හරහා මාවතක් විවිර කර ගත හැකිය. ගැටළු මත නිගමනයන් ප්‍රමුඛතාවය අයත් කර ගන්නා මූලධර්මයක් බවට පත්ව ඇති සිද්ධාන්ත විසින් මෙහෙයවන විෂයක් බවට ආර්ථික විද්‍යාව පත්ව ඇතැයි ආර්ථික විද්‍යා, ක්ෂේත්‍රයේ සමීක්ෂණයක් කිරීමෙන් පසු “ කොඅස්” විශ්වාස කරයි. ඔබ “නේචර්” වැනි විද්‍යාත්මක සඟරාවක පිටුවක් දෙස බැලුවොත්, සෑම සතියකම “අපට ඒ ගැන යළි සිතා බලන්නට සිදුව තිබෙනවා. මෙම ප්‍රතිඵල අප බලාපොරොත්තු වූ ආකාරයේ ඒවා නොවේ” යනුවෙන් කළ ප්‍රකාශයන් ඔබට හමුවේ. එහෙත් ආර්ථික විද්‍යාවේ දී සැම විටම අප සිතු අයුරින්ම සිදුවේ. ඒ මන්දයත්, අපි ප්‍රශ්න කිහිපයක් පමණක් අසමින් ගැටළුව වෙත එකම ස්වරූපයෙන් ප්‍රවේශ වන නිසාය. ස්වාභාවික විද්‍යාවන්හි ආකෘතීන් හා සිද්ධාන්තයන්හි අන්තර්දෘෂ්ටිය ප්‍රයෝජනයට ගනිමින් ව්‍යවසායකත්වය ආර්ථික විද්‍යා මූලික සිද්ධාන්තයන් අභියෝගයට ලක් කරයි. යනුවෙන් ඔහු පැවසුවේය.

වෙළෙඳාම

භාණ්ඩයක හෝ සේවාවක අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ. මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ.

සජිත් ප්‍රේමදාස

සජිත් ප්‍රේමදාස යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ හිටපු සෞඛ්‍යය නියෝජ්‍ය අමාත්‍යවරයාද වෙයි. ඔහු, හිටපු ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ගේ පුත්‍රයා වන අතර අධ්‍යාපනය ලබා ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ආර්ථික විද්‍යාව හා දේශපාලන විද්‍යාව පිළිබඳ ලන්ඩන් ශාස්ත්‍රාලයය වෙතිනි.

සාර්ව ආර්ථික විද්‍යාව

සාර්ව ආර්ථික විද්‍යාව (ග්‍රීක උපසර්ඝයේ සිට" සාර්ව "-"විශාල"+"ආර්ථික") කාර්ය සාධනය, ආකෘතිය , හැසිරීම හා සාර්ව ආර්ථිකය පිළිබඳ තීරණ ගැනීම හා බැඳෙන ආර්ථිකයේ ශාඛාවකි. එය ජාතික ,කලාපීය ,හෝ ගෝලීය ආර්ථිකය විය හැක.ක්ෂුද්‍ර ආර්ථිකය සමඟ සාර්ව ආර්ථිකය ද ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍රයකි. සමස්ථ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය අවබෝධ කරගැනීම සඳහා සාර්ව ආර්ථික විද්‍යාඥයෝ දළ ජාතික නිෂ්පාදිතය, සේවා වියුක්ති අනුපාතය, හා මිල දර්ශක යන සමස්ථ දර්ශකයන් අධ්‍යයනය කරති. ආර්ථික විද්‍යාඥයෝ ජාතික ආදායම, නිෂ්පාදනය, පරිභෝජනය, සේවා වියුක්තිය, උද්ධමනය, ඉතුරුම්, ආයෝජන, ජාත්‍යන්තර වෙළඳාම හා ජාත්‍යන්තර මූල්‍ය යන ඒකකයන්හි සම්බන්ධතාවය වැඩිදියුණු කරති.

මෙයින් වෙන්ව, ක්ෂුද්‍ර ආර්ථිකය මූලික වශයෙන් යොමු වනුයේ යම් නිශ්චිත වෙළඳපොළවන්හි මිල ගණන් හා ප්‍රමාණයන් නිශ්චය කිරීම කෙරෙහි ව්‍යාපාරයන්හි හැසිරීම හා පාරිභෝගිකයන්ගේ හැසිරීම වැනි තනි කාරකයන්ගේ හැසිරීම පිළිබඳව ය.

සාර්ව ආර්ථිකය යනු පුළුල් විෂය පථයකි.ශික්ෂණය පිළිබඳ දුෂ්ටාන්ත සපයන ගවේෂණ අංශ දෙක ලෙස , ජාතික ආදායමේ කෙටිකාලීන බිඳවැටීම්(ව්‍යාපාර චක්‍ර), හි ප්‍රතිවිපාක හා එයට බලපාන සාධකයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම හා දිගුකාලින ආර්ථික වර්ධනයපිළිබඳ නිර්ණායකයන් (ජාතික ආදායමේ වර්ධනයන්) අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීම වේ.

සාර්ව ආර්ථික ආකෘති හා ඒවායේ පුරෝකථනයන් රජය හා විශාල සමාගම් විසින් ඒවායෙහි වර්ධනය හා ආර්ථික ප්‍රතිපත්ති සහ ව්‍යාපාර මූලෝපායන් ඇඟයිමට යොදා ගනු ලැබේ.

සෞඛ්‍ය ආර්ථිකවේදය

සෞඛ්‍යය සහ සෞඛ්‍ය සේවා සැපයීම සහ පරිභෝජනය පිලිබඳ ආර්ථිකමය දෘෂ්ඨියකින් අධ්‍යය්‍යනය කිරීම සෞඛ්‍ය ආර්ථිකවේදය නම්වේ.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.