අයිබීරියානු අර්ධද්වීපය

අයිබීරියානු අර්ධද්වීපය (අයිබීරියාව ලෙසද හැදින් වෙන) යුරෝපයේ නිරිත දෙසින් පිහිටා ඇති අර්ධද්වීපයකි. එම අර්ධද්වීපයට අයත් භූමිය ප්‍රධාන වශයෙන් ස්පාඤ්ඤය හා පෘතුගාලය අතර බෙදී ඇත. ඇන්ඩෝරාව, ප්‍රංශයට අයත් කුඩා ප්‍රදේශයන් කිහිපයක් සහ බ්‍රිතාන්‍යට අයත් ප්‍රදේශයක් වන ජිබ්‍රෝල්ටාව ද එයට ඇතුළත් වේ. වර්ග කිලෝමීටර් 596,740 ක (වර්ග සැතපුම් 230,400 ක්) වන මෙම අර්ධද්වීපය ජනගහනය අනුව ගත් කල දෙවන විශාලතම යුරෝපීය අර්ධද්වීපය ද වේ(ස්කැන්ඩිනේවියානු අර්ධද්වීපය හා බෝල්කන් අර්ධද්වීපයෙන් පසුව).

පිරනීස් කඳුවැටිය

පිරනීස් (/ˈpɪrᵻniːz/; ස්පාඤ්ඤ: පිරිනෙයොස් [piɾiˈneos], ප්‍රංශ: පිරනි [piʁene], ඇරගොනීස: පිරිනෙයුස් , කැටලාන්: පිරිනවුස් [piɾiˈnɛus], ඔක්ෂිටන්: පිරිනෙවුස් , බාස්ක්: පිරිනියෝක් [piˈɾinioˌak] හෝ අවුනමෙන්ඩියැක් [auˈɲamendiˌak]) යනු නිරිතදිග යුරෝපයෙහි පිහිටි කඳු වැටියක් වන අතර, එය විසින් ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර ස්වභාවික දේශසීමාවක් තනයි. ඇනෙතෝ ශිඛරයෙහිදී 3,404 මීටර (11,168 අඩි) තරම් උස උන්නතාංශයක් දක්වා සම්ප්‍රාප්ත වන මෙම කඳු වැටිය විසින්, ඉතිරි මහාද්වීපික යුරෝපය වෙතින් අයිබීරියානු අර්ධද්වීපය වෙන් කරන අතර, බිස්කේ බොක්ක (හිගර් තුඩුව) සිට මධ්‍යධරණී මුහුද (ද ක්‍රෙවුස් තුඩුව) දක්වා 491 කිමී (305 සැත) පමණ පරාසයක් තුල විහිදෙයි.

හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය

ක්‍රිපූ 218 දී සිදුවූ හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය දෙවන පියුනික් යුද්ධයෙහි සිදුවූ ප්‍රධාන සිද්ධීන් අතරින් එකක් වන අතර, ඕනෑම කිසියම් හමුදාමය බලකායක් විසින් පුරාතන යුධකරණයෙහිදි සාක්ෂාත් කල මහත් කීර්තිමත් මස්තකප්‍රාප්තීන් අතරින් එකක් ලෙසින් සැලකෙයි. රෝමානු සහ මිත්‍ර පාක්ෂික භූමි හමුදා ඛණ්ඩ ස්ථාපිතයන් මෙන්ම රෝමානු නාවික ආධිපත්‍යයද පසුකර ඉදිරියට පැමිණි හැනිබල් විසින්, ඔහුගේ කාර්තජේනියානු හමුදාව ඇල්ෆ්ස් මතින් ඉතාලිය වෙතට තරණය කරවා රෝමානු ජනරජය අබියසට යුද්ධය ගෙන ඒමට සමත් විය.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.