අප්‍රේල් 18

අප්‍රේල් 18, ග්‍රෙගරි දින දසුනට අනුව අවුරුද්දේ 108 වන දිනය වේ (අධික අවුරුද්දක නම් 109 වන දිනය). අවුරුද්ද අවසන් වීමට තවත් දින 257 ඉතිරිව තිබේ .

2014 එවරස්ට් කන්ද හිමධාවය

2014 අප්‍රේල් 18 දිනදී, එවරස්ට් පර්යන්ත කඳවුර අසලදී එවරස්ට් කන්දේ ඇතිවූ හිමධාවයක් නිසා, නේපාල ජාතික මාර්ගෝපදේශකයෝ දහසය දෙනෙක් මිය ගියහ. අප්‍රේල් 20 වන දින වන විට, සිරුරු දහතුනක් සොයා ගෙන තිබුණි. ඒවා සොයා යෑමේ දුෂ්කරතාවය හා ඇතිවන අවදානම නිසා, ඉතිරි සිරුරු තුන සෙවීම අත්හැරදමා ඇත. මෙම අනතුරට ගොදුරු වූවන්ගේ පවුල් වලට රජය විසින් පිරිනමා ඇති ඉතා මඳ වන්දිය පිළිබඳ කෝප වී ඇති සමහර ෂර්පා මාර්ගෝපදේශකවරු තර්ජනය කර සිටිනුයේ "දැඩි විරෝධයක්" හෝ වර්ජනයක් වෙත එළඹෙන බවයි. අප්‍රේල් 22 දිනදී, ෂර්පාවරු ප්‍රකාශ කර සිටියේ, අනතුරට ලක්වූවනට උපහාරයක් ලෙසින්, 2014 කාල සීමාව තුල ඔවුන් කන්ද තරණය කොකරන බවයි.

අකිහිතෝ

අකිහිතෝ (明仁) (උපත 1933 දෙසැම්බර් 23) ( උච්චාරණය ) යනු ජපානයේ සාම්ප්‍රදායික අනුප්‍රාප්ත වීමේ පිළිවෙල අනුව ඔහු ජපානයේ 125 වැනි අධිරාජ්‍යයා වේ. 1989 ජනවාරි 7 සිට 2019 අප්‍රේල් 30 දින සිහසුන අත් හරින තෙක් ඔහුට ක්‍රයිසැන්තියම් සිහසුන හිමිවිය.

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ලැයිස්තුව

අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදී, එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා යනු එක්සත් ජනපද රාජ්‍ය නායකයා සහ එහි ෆෙඩරල් ආණ්ඩුවේ ප්‍රධානියා වෙයි. විධායක ශාඛාවෙහි ප්‍රධානියා සහ සමස්තයක් ලෙසින් ෆෙඩරල් රජයේ ප්‍රධානියා ලෙසින්, ජනාධිපතිධූරය යනු බලපුළුවන්කම හා පිළිගැනුම අතින් එක්සත් ජනපදයෙහි උසස්තම දේශපාලන තනතුර වෙයි. සිව්-වසරක ධූර කාලසීමාවකට මැතිවරණමය පර්ෂදයක් මගින් (හෝ එක් පුද්ගලයෙකුට ඡන්ද අතුරින් පරම බහුතරයක් ලබා දීමට මැතිවරණ පර්ෂදය අසමත්වූ අවස්ථාවකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්) වක්‍රාකාර ලෙසින් ජනාධිපතිවරයා තෝරා පත් කර ගනු ලැබේ. 1951දී එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-දෙවන සංශෝධනය අපරානුමත කිරීමෙන් පසුව, කිසිම පුද්ගලයෙක් ජනාධිපති වශයෙන් දෙවතාවකට වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැකි අතර, වෙන යම් අයෙකු තේරී පත්වූ ධූර කාලයක වැඩ බැලීම වසර දෙකකට වඩා වැඩි කාලයක් සිදු කල පුද්ගලයෙක් එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් තේරී පත්විය නොහැක. . ධූරන්ධර ජනාධිපතිවරයා මියයෑම, ඉල්ලා අස් වීම හෝ, තනතුරෙන් බැහැර කිරීම යන අවස්ථා වලදී, උප ජනාධිපතිවරයා තනතුරට පත් වෙයි. ජනාධිපතිවරයා අඩුම වශයෙන් වසර 35 ක වයසින් යුතු විය යුතු අතර එක්සත් ජනපදයෙහි "උපතින්ම රටවැසිභාවය" ලැබූවකු විය යුතුයි.

මෙම ලැයිස්තුවෙහි අඩංගු වන්නේ, 1789 මාර්තු 4 වන දින බලාත්මකවූ එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපරානුමත කිරීමෙන් පසුව, ජනාධිපති ධූරයේ දිවුරුම් දුන් පුද්ගලයන් පමණි . මෙම අපරානුමත කිරීමට පෙර සිටි ඇමරිකානු නායකයන් සඳහා කොන්ටිනෙන්ට්ල් කොංග්‍රසයේ ජනාධිපතිවරු බලන්න. එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා විසි-පස් වන සංශෝධනය පරිදී පත් කෙරුණු වැඩබලන ජනාධිපතිවරුන් අතුරින් කිසිවකු මෙම ලැයිස්තුවෙහි අඩංගු නොවෙති.

ධූර ප්‍රපාප්තව දිවුරුම් දුන් පුද්ගලයන් 43 දෙනෙකු සිටි අතර, ජනාධිපති ධූර 44 ක් තිබුණේ, ග්‍රෝවර් ක්ලීව්ලන්ඩ් විසින් අනුගාමී-නොවන ධූර වාර දෙකක් හෙබවූ බැවින් 22වන හා 24වන ජනාධිපති ලෙසින් කාලානුරූපව සැලකෙන බැවිනි. ජනාධිපති වශයෙන් තේරී පත්වූ පුද්ගලයන් අතුරින්, සතරදෙනෙකු ධුරය හොබවද්දී ස්වභාවික හේතු නිසාවෙන් මිය ගිය අතර (විලියම් හෙන්රි හැරිසන්, සැකරි ටේලර්, වොරන් ජී. හාඩිං, සහ ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල්), සතරදෙනෙක් ඝාතනය කෙරුණු අතර (ඒබ්‍රහැම් ලින්කන්, ජේම්ස් ඒ. ගාෆීල්ඩ්, විලියම් මැක්කින්ලි, සහ ජෝන් එෆ්. කෙනඩි) එක් අයෙකු ඉල්ලා අස්විය (රිචඩ් නික්සන්). මැතිවරණමය පර්ෂදයෙහි ඒකඡන්ද අනුමැතිය අනුව, ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් 1789 දී ධූර සම්ප්‍රාප්තක විය. විලියම් හෙන්රි හැරිසන් 1841දී කෙටිම ධූර කාලයවූ දින 32 ක් හෙබවූ අතර, ෆ්‍රැන්ක්ලින් ඩී. රෝසවෙල් වසර දොළොසකට වඩා වැඩිවූ දීර්ඝතම ධූර කාලය හෙබවූ මුත් 1945දී ඔහුගේ සතරවන ධූර කාලය ඇරඹී කෙටි කලකින් මිය ගියේය. ධූර වාර දෙකකට වඩා සේවය කල එකම ජනාධිපතිවරයා වූයේ ඔහු වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගනු ලැබුවේ මෙය නැවත සිදු වීම වලක්වා ලීම සඳහාය. ඉඩම්-හිමි-නොවන්නන් ඡන්දය දීමෙන් වලකන බොහෝ නීති 1828 දී අවලංගු කිරීමෙන් පසුව සියළු පංති වල පුරුෂයන් විසින් තෝරා පත් කර ගන්නා ලද පළමුවැන්නා, සත්වන ජනාධිපති ඇන්ඩෲ ජැක්සන් විය. 1920දී කාන්තාවන් ඡන්ද ප්‍රකාශ කිරීමේ හිමිකම් ලැබීමෙන් පසු තේරී පත්වූ පළමු වැන්නා වොරන් හාඩිං විය. සිවිල් අයිතිවාසිකම් යුග ප්‍රතිසංසකරණ තුලින් සුළුතර ඡන්ද මර්දනය කල නීති ඉවත් කිරීමෙන් පසුව 1964දී තේරී පත්වූ පළමුවැන්නා ලින්ඩන් ජොන්සන් විය. ජනවරම නොලැබුනද මැතිවරණමය පර්ෂදය තුල ලද ජයග්‍රහණය නිසා පදවි ප්‍රාප්ත වූ ජනාධිපතිවරුන් සතරදෙනෙක් - ජෝන් කිවු. ඇඩම්ස්, රදර්ෆර්ඩ් බී. හේස්, බෙන්ජමින් හැරිසන් සහ ජෝර්ජ් එච්. ඩබ්. බුෂ් - පිළිබඳ ඉතිහාසයේ සඳහන් වෙයි. රෝමානු කතෝලික ලම්ධිකයෙක්වූ එකම ජනාධිපතිවරයා ජෝන් එෆ්. කෙනඩි වූ අතර, වර්තමාන ජනාධිපති, බැරක් ඔබාමා, අප්‍රිකානු ඇමරිකානුවකු වන පළමු ජනාධිපති වෙයි.

ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්

ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන් (හංගුල්: 인현왕후의 남자; RR: ඉන් හ්යොන්-වංහු-උයි නම්ජා) යනු 2012දී විකාශය වූ දකුණු කොරියානු ෆැන්ටසි-ප්‍රේමකථා-ක්‍රියාදාම-ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජි හ්යුන්-වූ සහ යූ ඉන්-නා විසිනි. මෙම කතාමාලාව සඳහා තේමා වී ඇත්තේ අප්‍රකට නිළියක වන චෝයි හී-ජින් (යූ ඉන්-නා විසින් නිරූපණය කරයි, ඇගේ පළමු ප්‍රධාන චරිතයයි) සහ කිම් බුං-දෝ (ජි හ්‍යුන්-වූ විසින් නිරූපණය කරයි) නැමැති ජොසොන් රාජවංශයේ (1392-1910) කාලතරණය කරන ශිෂ්‍යයකු අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයයි. කිම් බුං-දෝ වසර 300ක් අනාගතයට ගමන් කොට 21වන සියවසට පැමිණෙයි.කේබල් රූපවාහිනී නාළිකාවක් වූ tvN නාළිකාව ඔස්සේ 2012 අප්‍රේල් 18 සිට ජූනි 7 වනදා දක්වා විකාශය වූ ‍මෙම කතාමාලාව බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 23:00ට විකාශය වූ අතර, එය කථාංග 16කින් සමන්විත විය.

මෙම කතාමාලාව Mnet සහ චැනල් එම් යන රූපවාහිනී නාළිකාවන් ඔස්සේ යළි විකාශය කෙරිණි.

ජාතික නිදහස් දින ලැයිස්තුව

නිදහස් දිනය යනු, ජාතියක නිදහස් රාජ්‍යත්වය සලසා ගැනීමේ සංවත්සරය සැමරෙන වාර්ෂික සිදුවීමක් වන අතර, සාමාන්‍යයෙන් එය, වෙනත් ජාතියක හෝ රාජ්‍යයක හෝ කණ්ඩායමක් හෝ කොටසක් හෝ වී සිටීමෙන් වියුක්ත වීම; නැතහොත් බොහෝ විරල වශයෙන් හමුදාමය අධිවාසයක් කෙළවර වීම සැමරීමක් වෙයි. බොහෝ රටවල් ඔවුන්ගේ නිදහස් දිනයන් a ජාතික නිවාඩු දිනයක් ලෙසින් සමරන අතර, සමහර අවස්ථාවන්හී සැමරුම් දිනය විවාදාත්මක හෝ වාදයට පාත්‍ර වන්නක් වෙයි.

ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් (චිත්‍රපටිය)

TMNT (සමහරක් විටෙක ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් ලෙස හැඳින්වෙන) යනු ටීනේජ් මියුටන්ට් නින්ජා ටර්ටල්ස් අධිකාරිය මත පදනම් වූ 2007 චිත්‍රපටියකි. එම චිත්‍රපටිය මඟින් ෂ්රෙඩර් ඉදිරියේ ඔවුන්ගේ පරාජයෙන් පසු මෙම සූර වීර ඉබ්බන් වෙන් වෙන්ව ජීවත් වන ආකාරය පෙන්නුම් කරයි. මේ අතරතුර නිව් යෝර්ක් නගරයේ යම් අසාමාන්‍ය දෙයක් සිදු වෙයි. පුරාතන සත්වයින්ගෙන් යුත් හමුදාවක් විසින් ලෝකය ආක්‍රමණය කිරීමට සැරසෙන අතර එය බේරා ගැනීම සඳහා මෙම සූර වීර ඉබ්බන් නැවත එකතු විය යුතුය.

මෙය පරිගණකය මඟින් නිෂ්පාදනය කරන ලද රූපවලින් යුත් (Imagi සජීවීකරණ ස්ටුඩියෝව මඟින්) ප්‍රථම Teenage Mutant Ninja Turtles චිත්‍රපටිය විය. මීට පෙර චිත්‍රපටි සජීවී ක්රියාදාම්වලින් යුක්ත විය. මෙය මෙම කාණ්ඩයේ 4 වන චිත්‍රපටිය වූ අතර වසර 14 කට පසු ආ පළමුවැන්න විය. මීට පෙර චිත්‍රපටිය නිදහස් වූයේ 1993 දීය. කාලානුක්රමිකව චිත්‍රපටිය ප්රදර්ශනය වූයේ මුල් චිත්‍රපටිවලට පසුවය. මෙම චිත්‍රපටිය 2007 මාර්තු 23 වනදා නැඟෙනහිර යුරෝපානු රටවල් ගණනක හා ආසියානු රටවල්වල, 2007 මාර්තු 23 වනදා එක්සත් ජනපදයේ, කැනඩාවේ හා එක්සත් රාජධානියේ හා 2007 අප්රේල් 5 වනදා ඔස්ට්‍රලියාවේ දී නිකුත් කරන ලද අතර ඉන් පසුව අනෙකුත් රටවල් විශාල ප්රමාණයක ද නිකුත් කිරීම ද සිදු විය. එහි විවෘත කිරීමේ දී සති අන්තයේ දී එය එක්සත් ජනපදයේ #1 චිත්රපටිය විය. එමඟින් ගෙන එන ලද ආදායම ඩොලර් මිලියන 25.45ක් විය.

එම චිත්‍රපටියේ ඉබ්බන් 4 දෙනා (ලියනාඩෝ, ඩොනටෙලෝ, රෆායෙල් හා මයිකල් ඇන්ජෙලෝ මෙන්ම ස්ප්ලිටර්, සැසී ජෝන්ස් හා ඒප්රිල් ඕනීල් පෙනී සිටී) එහි ප්‍රධාන දුෂ්ටයන් වන්නේ මැක්ස් වින්ටර්ස්, කරයි හා ෆුට් ක්ලෑන්ය. මෙහි කටහඬවල් ක්රිස් ඉවාන්ස්, සාරා මිචෙල් ජෙලර්, ෆ්රැට්රික් ස්ටූවර්ට් හා සිං ෂියි විසින් සපයනු ලැබේ. මෙය මාර්කෝ ඉවමට්සුගේ අවසාන චිත්රපටිය ද විය.

තිනකරන්

තිනකරන් යනු, ශ්‍රී ලංකාවේ දෙමළ දිනපතා පුවත්පතකි. එය ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙයි. එහි සොහායුරු පුවත්පත් වන්නේ, සන්ඩේ ඔබ්සවර්, සිළුමිණ, දිනමිණ සහ ඩේලි නිවුස් වෙති. දිනපතා පුවත්පතෙහි අළෙවිය 50,000 වන අතර එහි ඉරිදා අනුවාදය, තිනකරන් වාරමන්ජරී සඳහා, නිකුතුවකට 70,000 ක් අළෙවියක් වෙයි.

දි අයිලන්ඩ් (ශ්‍රී ලංකාව)

දි අයිලන්ඩ් යනු, ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කෙරෙන දිනපතා ඉංග්‍රීසි භාෂා පුවත්පතකි. එය ප්‍රකාශයට පත් කෙරෙණුයේ උපාලි පුවත්පත් සමාගම විසිනි. දිවයින පුවත්පතෙහි බුහුනණිය පුවත්පතක් වන, දි අයිලන්ඩ් පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය. එහි ඉරිදා සංස්කරණය වන, සන්ඩේ අයිලන්ඩ් විසින්, ප්‍රකාශය ආරම්භ කෙරුණේ 1991 වසරෙහිදීය. දිනපතා පුවත්පත සතුව දැනට 70,000 ප්‍රමාණයක සංසරණයක් ඇති අතර, එහි ඉරිදා සංස්කරණය සතුව, එක් නිකුතුවක් සඳහා, 103,000 ප්‍රමාණයක සංසරණයක් ඇත. එහි ආරම්භකයා උපාලි විජේවර්ධන මහතා විය.

දිවයින (පුවත්පත)

දිවයින යනු, ශ්‍රී ලංකාවේ උපාලි පුවත්පත් සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන සිංහල භාෂා දිනපතා පුවත්පතකි. දි අයිලන්ඩ් පුවත්පතෙහි බුහුනණි පුවත්පතක් වන දිවයින පුවත්පත සංස්ථාපනය කෙරුණේ 1981 වසරෙහිදීය. එහි ඉරිදා සංස්කරණය වන්නේ ඉරිදා දිවයින පුවත්පතයි. දිනපතා පුවත්පත, වර්තමානයේදී 156,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියන අතර, එහි ඉරිදා සංස්කරණය, නිකුතුවකට 340,000 ප්‍රමාණයක සංසරණයකට හිමිකම් කියයි. එහි ආරම්භකයා වූයේ උපාලි විජේවර්ධන මහතාය.

නිව්සියම්

නිව්සියම් යනු වොෂිංටනයේ පිහිටා ඇති පුවත් හා පත්‍රකලාවේදය පිළිබද අන්තර් ක්‍රියාකාරී කෞතුකාගාරයයි. මෙය ප්‍රථමයෙන් 1997 අප්‍රේල් 18 වර්ජීනියාහි රොස්ලින්හි ඇරඹුණු අතර නැරඹීමට අය කිරීමක් නොකෙරිණි. එහි අරමුණ වන්නේ මහජනයාට සහ පුවත්පත් මාධ්‍යයට එකිනෙකා හඳුනා ගැනීම පහසු කිරීමයි. වසර පහක් තුළ මිලියන 2 - 25 කට වැඩි ප්‍රේක්ෂකයන් ගණනක් මෙයට ආකර්ශණය විය. “ ප්‍රීඩම් ෆෝරම් ” නම් නිදහස් මාධ්‍ය භාෂණය හා හැඟීම සඳහා කැපවුණු අපක්ෂපාතී පදනමක් මේ සඳහා මූල්‍ය දායකත්වය සපයයි.

රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තිය

ස්වාධීන රටවල් අතර රාජ්‍ය දූත සබඳතා සඳහා පාදක ව්‍යුහය නියමකරනලද අන්තර්ජාතික ගිවිසුම ක්‍රි.ව.1961 රාජ්‍ය දූත සබඳතා පිලිබඳ වියානා ප්‍රඥප්තිය වේ.

ලංකාදීප (පුවත්පත)

ලංකාදීප යනු, විජය පුවත්පත් සමාගමට අයත් දිනපතා ශ්‍රී ලාංකික සිංහල භාෂා පුවත්පතකි. මෙම සංවිධානයෙහි සභාපතිවරයා වන්නේ රංජිත් විජේවර්ධන මහතා වන අතර, ඔහු ඩී. ආර්. විජේවර්ධන මහතාගේ පුත්‍රයා වෙයි. ඉරිදා දිනවලදී, ඉරිදා ලංකාදීප නම්වූ සතිඅන්ත පුවත්පත ප්‍රකාශයට පත් කෙරෙයි. මේවා සංස්ථාපනය කෙරුණේ 1991 වසරෙහිදීය. පුවත්පත විසින් ආවරණය කරන ක්ෂේත්‍ර අතරට දේශපාලනය, ක්‍රීඩාව, විනෝදය සහ හමුදාමය කටයුතු අඩංගු වෙයි.

ඉරිදා ලංකාදීප පුවත්පත 2006-2007 සහ 2008-2010 වසර සඳහා ස්ලිම් නීල්සන් ජනතා ප්‍රදානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ මහත් ජනප්‍රිය සතිඅන්ත පුවත්පත ලෙසිනි. එහි බුහුනණි පුවත්පත් වන්නේ ද සන්ඩේ ටයිම්ස්, ද ඩේලි මිරර් සහ ටැමිල් මිරර් වෙති. දිනපතා ලංකාදීප සතුව 150,000 ප්‍රමාණයක සාමාන්‍ය සංසරණයක් සතු වන අතර එමි ඉරිදා සංස්කරණය සතුව 350,000 ප්‍රමාණයක සංසරණයක් වෙයි.

ලියෝ රාජේන්ද්‍රම් ඇන්ටනී

ලියෝ රාජේන්ද්‍රම් ඇන්ටනී (අප්‍රේල් 18, 1927 – දෙසැම්බර් 3, 2012) යනු ශ්‍රී ලංකාවේ, ත්‍රිකුණාමලය-මඩකලපුව රෝමානු කතෝලික දියෝකීසියෙහි රෝමානු කතෝලික රදගුරු වරයෙකි.

1954 දී පුජකවර අභිෂේකය ලත් උන්වහන්සේ, 1968දී රදගුරු වරයෙකු ලෙසින් නම් කරනු ලැබ 1983දී ඉල්ලා අස්විය.

ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර්

ලූනා ඇට්මොස්ෆියර් ඇන්ඩ් ඩස්ට් එන්වයිරන්මන්ට් එක්ස්ප්ලෝරර් (LADEE}) යනු, නාසා චන්ද්‍ර ගවේෂණ සහ තාක්ෂණ ප්‍රදර්ශන මෙහෙයුමකි. මිනටාර් V රොකට්ටුව භාවිතයෙන් 2013 සැප්තැම්බර් 7 දිනදී එය මධ්‍ය-අත්ලාන්තික් ප්‍රාදේශීය අභ්‍යාවකාශ තොටුපොළ වෙතින් අභ්‍යාවකාශ ගත කෙරිණි.

ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන්

ලෙක්සින්ග්ටන් හා කොන්කෝර්ඩ් සටන් යනු ඇමෙරිකන් විප්ලවීය යුද්ධයේ පළමු හමුදාමය සටන් වූහ . 1775 අප්‍රේල් 19 වැනිදා බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ ප්‍රාන්ත 13 විසින් මහා බ්‍රිතාන්‍ය හමුදාවේ 700 කට පමණ එරෙහිව (නූතන මැසචූසෙට්ස් ප්‍රාන්තයේ දී) සිද්ධ වූවකි. බ්‍රිතාන්‍ය හමුදාපති තෝමස් ගේජ්ට රහස් ඔත්තුකරුවන් වෙතින් කොන්කෝර්ඩ් නැමති ගමේ මැසචූසෙට්ස් මිලීෂියාවගේ අවි ආයුධ ගබඩාවක් ඇති බව දැනගන්නට ලැබේ. තමනට පහර වැදෙන්නට පෙර රහසින් ගිහින් එය වටලා අවි ආයුධ බ්‍රිතාන්‍ය යටතට ගැනීමට ඔහු අපේක්ෂා කළේය. එහෙත් බ්‍රිතාන්‍ය හමුදාවේ රතු කෝට් සොල්දාදුවන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන්නට කොන්කෝර්ඩ් වලට නුදුරින් වූ බොස්ටන් නගරයේ දේශප්‍රේමී යටත්විජිත වැසියන් වූහ. රිදී කර්මාන්තයේ නියැළි පෝල් රිවියෙර් නැමැත්තා එවක දේශප්‍රේමී ව්‍යාපාරය සහ නිදහස් පුත්‍රයන් යැයි හැඳින්වූ සංවිධාන වල සාමාජිකයෙකි. රහසින් ගමන් අරඹන්නට සූදානම් වන බ්‍රිතාන්‍ය හමුදාවේ හැසිරීම දැකි පෝල් රිවියෙර් මැදියම් රැයේ බොස්ටන් සිට ලෙක්සින්ග්ටන් වෙත අසු පිටින් ගොස් අවදානම ගැන අනතුරු ඇඟවූයේය. බ්‍රිතාන්‍ය හමුදාව පැමිණෙද්දී ඔවුන්ව පරාජයට සූදානම් වී සිටීමට යටත්විජිත අරගලකරුවන්ට හැකිවුණි.

වේළුපිල්ලේ ප‍්‍රභාකරන්

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් දෙමළ ඊළාම් විමුක්ති කොටි නම් ත්‍රස්තවාදී සංවිධානයේ ආරම්භක නායකයාය. (Tamil: வேலுப்பிள்ளை பிரபாகரன், November 26, 1954)

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.