අධෝරක්ත තරංග

අධෝරක්ත (IR) ආලෝකය යනු,  මයික්‍රෝමීටර් (µm) 0.74 හි පවතින දෘෂ්‍ය වර්ණාවලියෙහි නාමික රතු ගැටිත්තෙහි සිට 0.3 මිමී දක්වා පරාසයක විහිදෙන, දෘශ්‍ය අලෝකයට වැඩි තරංග ආයාමයන් සහිත විදයුත්චුම්බක විකිරණය වෙයි.

Ir girl
මධ්‍ය-අධෝරක්ත ("තාපජ") ආලෝකය භාවිතයෙන් ගන්නා ලද පුද්ගලයන් දෙදෙනෙකුගේ ව්‍යාජ වර්ණ ප්‍රතිබිම්බයක්.
Wide-field Infrared Survey Explorer first-light image
මෙම අධෝරක්ත අභ්‍යාවකාශ දුරේක්ෂ ප්‍රතිබිම්බයෙහි, රතු, කොළ සහ නිල් දැක්වෙන්නේ, පිළිවෙලින්, මයික්‍රෝන 3.4, 4.6, සහ12 තරංගආයාමයන්ට අනුරූපණය වන පරිදී වෙයි.
අධෝරක්ත කිරණ

Infrared radiation

දෘශ්‍ය ආලෝක පරාසයේ රතු වර්ණයට පහළ සංඛ්‍යාත සහිත, අපගේ ඇසට නොපෙනෙන තරංග පරාසය අධෝරක්ත කිරණ ලෙස හැඳින්වේ. රත් වූ වස්තු මගින් අධෝරක්ත කිරණ නිකුත් වන නිසාත්, එම කිරණ අපගේ සම මත වැටුණු විට උණුසුම් බවක් දැනෙන නිසාත් අධෝරක්ත කිරණ බොහෝ විට තාප විකිරණ ලෙස ද හැඳින්වෙයි.අපගේ ශරීරවලින් ද අධෝරක්ත තරංග පිට කෙරේ. ශරීර අවයවවලින් පිට කෙරෙන තාපජ තරංග ඇසුරින් තාපජ ඡායාරූප ලබා ගැනේ. එමගින් යම් යම් රෝග හඳුනාගත හැකි වේ. තවද, අධෝරක්ත දෙනෙති සහ කැමරා භාවිත කිරීමෙන්, රාතී්‍ර කාලයේ දී සිදු කෙරෙන මිනිසුන් හෝ සතුන්ගේ කි්‍රයාකාරකම් නිරීක්ෂණය කර ගත හැකි වේ.

දුරස්ථ පාලකවල සිට රූපවාහිනී යන්ත්‍ර දක්වා සංඥා යැවීමට භාවිත වන්නේ අධෝරක්ත කිරණ යි. ජංගම දුරකථනවල සහ පරිගණකවල අඩංගු කැමරා බොහොමයක් අධෝරක්ත කිරණවලට සංවේදී වෙයි. භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහා ද අධෝරක්ත කිරණ භාවිත වේ.

ක්ෂීර පථය

ක්‍ෂීරපථය යනු අප සූර්යග්‍රහ මණ්ඩලය අඩංගු මන්දාකිණිය හෙවත් චක්‍රාවාටයයි;මෙම නම සෑදී ඇත්තේ එය අඳුරු, අවිනිශ්චිත, කිරි වැනි දිලිසෙන පටියක් ආකාරයට රාත්‍රී අහසේ වක්‍රව දිස් වන නිසා ය. 'Milky Way' යන පදය ලතින් බසින් 'milky road' (ක්ෂීර මාවත) යන තේරුමැති Via Lactea යන වචනයෙන් සෑදී ඇති අතර එම වචනයට ග්‍රීක බසින් 'milky circle'(ක්ෂීර මණ්ඩලය) තේරුමැති "kyklos galaktikos " යන්න මුල් වී ඇත. 'Milk' (කිරි, ක්ෂීර) යන වචනය, ග්‍රීක බසෙහි 'galaxy' (චක්‍රාවාට), γαλαξίας ("galaxias") යන වචනය සෑදීමට මූලික වී ඇත.

මෙම චක්‍රාවාටය මෙයාකාරයෙන් දිස් වන්නේ, මන්දාකිණි තලය තුල, මන්දාකිණි කේන්ද්‍රයේ සිට 2/3 ක් ඈතින්, "Orion–Cygnus Arm" හි අභ්‍යන්තර මායිමෙහි, චක්‍රාවාටයෙන් වැඩි ප්‍රමාණයක් කෙලවරින් පෙනෙන පරිදි, පෘථිවියෙහි ස්ථාන ගත වීම නිසා යි. මෙම දුර්වල අලෝක පටිය තරු වලින් නිමැ වී ඇති ය, යන සංකල්පය, 1610 දී ගැලීලියෝ ගැලිලි (Galileo Galilei) ඔහුගේ දුරේක්ෂය භාවිතා කරමින් වෙන වෙන ම තාරුකා වෙන් කර ගැනීමේ දී තහවුරු වුණි. 1920 දශකයේ සිදුකළ නිරීක්ෂණයන්හි දී තාරකා විද්‍යාඥ එඩ්වින් හබ්ල් (Edwin Hubble) පෙන්වා දුන්නේ, ක්ශීරපථය, නිරීක්ෂණය කළ හැකි විශ්වයේ ඇති බිලියන 200ක් පමණ වූ මන්දාකිණි වලින් තවත් එක මන්දාකිණියක් පමනක් බව ය.

ක්ශීරපථය, විශ්කම්භය ආලෝක වර්ෂ 100,000 - 200,000 ක් වූ, තරු බිලියන 200 - 600 ක් අඩංගු තීරු ආකාර සර්පිලාකාර චක්‍රාවාටයකි. නිමානයන්ට අනුව ක්ෂීරපථය ග්‍රහලෝක බිලියන 50 කින් පමණ සමන්විත අතර ඉන් මිලියන 500ක් පමණ පවතින්නේ එහි සූර්යයාගේ සිට වාසයට සුදුසු කලාපයකයි. ක්ෂීරපථයෙහි ව්‍යූහයට අනුව සමස්ත චක්‍රාවාටයට එක් භ්‍රමණයක් (එක් වටයක් කැරකවීම) සඳහා වර්ෂ මිලියන 15 - 50 ක පමණ කාලයක් ගත වේ. මන්දාකිණිය තත්පරයට කිලෝමීටර 552 - 630 ක වේගයකින් ගමන් චලනය වන මුත් එය සබැඳි රාමුව මත රඳා පවතී. ක්ෂීරපථය අවුරුදු බිලියන 13.2ක් පමණ වයස බව, එනම් ආසන්න වශයෙන් විශ්වය තරම් ම පරණ බව නිමානය කර ඇත.

වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර්

වයිඩ්-ෆීල්ඩ් ඉන්ෆ්රාරෙඩ් සර්වේ එක්ස්ප්ලෝරර් (වයිස්) යනු, 2009 දෙසැම්බරයෙහිදී අභ්‍යාවකාශගත කෙරුනු, නාසා අධෝරක්ත තරංග ආයාම තාරකා විද්‍යාත්මක අභ්‍යාවකාශ දුරේක්ෂකයක් වන අතර, 2011 පෙබරවාරියේදී ශිශිර තරණයෙහි යොදවන ලද්දේ එහි සම්ප්‍රේෂකය ක්‍රියා විරහිත වූ විටය. 2013 දී එය යළි-ක්‍රියාත්මක කෙරිණි. මෙහි නිරීක්ෂණ මත, පළමු වයි ඩ්වාෆ් තාරකාව සහ පෘථිවි ට්‍රෝජන් ක්ෂුද්‍රග්‍රහයා, නව ක්ෂුද්‍රග්‍රහයන් දස දහස් ගණනක් සහ, පෙරදී සොයා නොගත් බොහෝ තරු පොකුරු යන දේ සොයා ගැනීම පදනම් විය.මාස දහයකට වඩා වැඩි කාලයක් තුල, පෘථිවි කක්ෂයෙහි පැවැති 40 සෙමී (16 අඟ) විෂ්කම්භයැති අධෝරක්ත දුරේක්ෂයක් භාවිතා කල වයිස් විසින්, 3.4, 4.6, 12 සහ 22 මයික්‍රොමීටර තරංගආයාම පරාස කලාප රූප තුලින්, සමස්ත-අහසෙහි තාරකාවිද්‍යාත්මක ගවේෂණයක් සිදු කරන ලදි . එය සතු හයිඩ්‍රජන් සිසිල්කාරකය හිස් වූ විට, එහි ඉතිරි හැකියාවන් භාවිතා කරමින්, නියෝවයිස් නම් මාස-සතරක මෙහෙයුම් දිගුවක් දියත් කෙරුනේ, පෘථිවි කක්ෂයකට සමීප කුඩා සෞර ග්‍රහ මණ්ඩල වස්තූන් (නිද. උපද්‍රවකාරී ධූමකේතු සහ ක්ෂුද්‍රග්‍රහයන්) ගවේෂණය කිරීම සඳහාය.

විද්‍යුත් චුම්බක තරංග

විද්‍යුත් චුම්බක තරංග යනු තරංගාකාර ලක්ෂණ දක්වමින් අවකාශය හරහා ශක්තිය ගලා යන ක්‍රමයකි. විද්‍යුත් චුම්බක තරංගය විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ චුම්බක ක්ෂේත්‍රයක් එකිනෙකට ලම්බකව කම්පණය වීමෙන් ඇති වේ. විකිරණයේ ප්‍රගමන දිශාව ක්ෂේත්‍ර දෙකට ම ලම්බක වේ.

සියලූ විද්‍යුත් චුම්බක තරංග රික්තයක දී ගමන් කරන වේගය, ආලෝකයේ ප්‍රවේගයට සමාන වේ. (3.00 x108 ms-1)

තරංග ආයමය λ හා සංඛ්‍යාතය f වන විට විද්‍යුත් චුම්බක තරංගයක ප්‍රවේගය, C = fλ

විද්‍යුත් චුම්බක තරංගයක ශක්තිය E = hf (E යනු එක් ෆෝටෝනයක ශක්තියයි). මෙහි h යනු නියතයකි. එය ප්ලාන්ක් නියතය නම් වේ. (ප්ලාන්ක් නියතය 6.624 × 10-34 Js)

හරිතාගාර ආචරණය

හරිතාගාර ආචරණය යනු යම් ග්‍රහලොවක හෝ උපග්‍රහලොවක වායුගෝලයේ අධෝරක්ත කිරණ රඳවා තබා ගැනීම නිසා සිදුවන තාප සමතුලිතතාවයේ වෙනස් වීමයි. පෘථිවි පෘෂ්ඨයෙන් හා වායුගෝලයෙන් විමෝචනය වන අධෝරක්ත විකිරණ උරාගන්නා හරිතාගාර වායුන් වායුගෝලය උණුසුම් කිරීම සිදු කරයි. වායු ගෝලය රත් වීමේ ප්‍රථිඵලයක් ලෙස පෘථිවිය මතු පිටට ඇතුළු සෑම දිශාවකටම අධෝරක්ත කිරණ විහිදුවයි. මෙමගින් නිපදවන තාපය පරිවර්තිගෝලයේ පවතින හරිතාගාර වායුන් විසින් රඳවා ගැනෙයි.

සාමාන්‍ය හරිතාගාරයකදි සිදුවනුයේ කුටීරයක සිරිකරන ලද වාතයෙහි පවතින තාපය සංවහනය හෝ සන්නයනය මගින් හානි වීම වැළැක්වීමයි.

හරිතාගාර ආචරණය ජෝසප් ෆූරියර් විසින් 1824 දී සොයාගන්නා ලද අතර පළමු සාර්ථක පරීක්ෂණය සිදු කරන ලද්දේ ජෝන් මිණ්ඩල් විසින් 1858 වසරෙහිය. මේ හා සබැඳුන පළමු ප්‍රමාණාත්මක වාර්ථාව වන්නේ 1896 දී ස්ටන්ටේ ආහිනියස් ගේ වාර්ථාවයි.

හරිතාගාර ආවරණය නොවන්නට පෘථිවිය මත සාමාන්‍ය උෂ්නත්වය - 18oC පවා වන්නට ඉඩ තිබුණි. (මෙම උෂ්ණත්වය පෘථිවියේ කෘෂ්ණ වස්තු උෂ්ණත්වයයි) නමුත් පෘථිවියේ පහල වායුගෝලයේ සිදුවන අසාමාන්‍ය උෂ්නත්ව වෙනස් වීම් වලට හේතුව වන්නේ මූලික වශයෙන්ම මිනිස් ක්‍රියාකාරකම්ය. වායුගෝලයට හරිතාගාර වායුන් මුදා හැරීම , භුමිය යොදාගන්න‍ා පිළිවෙලිහි පවතින අක්‍රමිකතා වැනි ක්‍රියාවන් නිසා සිදුවන මෙය , මානව ක්‍රියාකාරකම් නිසා සිදු වන හරිතාගාර ආචරණය, ලෙස හැඳින්වෙයි.

හරිතාගාර ආචරණය පෘථිවියේ උෂ්ණත්වය සදහා බලපාන එක් සාධකයක් පමණි. ධන හෝ සෘණ උත්ප්‍රේරක මගින් මෙහි ක්‍රියාකාරිත්වය වැඩි අඩු කිරීම සිදුකරයි.

සෞරග්‍රහ මණ්ඩලයේ ඇති අගහරු, සිකුරු සහ ටයිටන් චන්ද්‍රයා මත හරිතාගාර ආචරණය දක්නට ලැබෙයි.

වෙන භාෂාවලින්

This page is based on a Wikipedia article written by authors (here).
Text is available under the CC BY-SA 3.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.